.

.

Dec 31, 2013

2014 වත් සුභ අනාගතේ එයිද ලොක්කා.... ? - Wish You a Very Happy New Year Sir,


උදේ පාන්දරම බාසා තුනෙන්ම විස් කොරලා, ඇස් ඇම් ඇස් එකක් ආවාම, "සෑම් ටූ යූ මයි ඩියර් සෑර්...!!!" කියලා රිප්ලයි කොරාට, එහෙම කොරන්න බැරියෙයි කියා, පෝන් එකේ මැසේජ් එකක් ආවේය. අද ඉඳලා ඇස් ඇම් ඇස් එකටත් කෙලලා ඇරියාට, ඔබ තුමාට එහෙම විස් කොරලා රිප්ලයි එකක් යැව්වාට, ඒක නිකන්, ඇඟෙන් ඇටයක් ගියා වගේ කේස් එකක් වෙන්නේ නැතිය. සීනී ඇටේටත් කෙලලා තියෙන එකේ, ඇස් ඇම් ඇස් එකට යන ගාන, නිකන්, මෝය කටෙන් පොල් ලෙල්ලක් ගියා වගේය.

Dec 20, 2013

අනර්කලී, ස්වර්ණමාලී හා හේමමාලී - Anarkali, Swarnamali & Hemamali


කුඩු කාරයෝ බඩු කාරයෝ රජ කරනා                     රටේ
මිනී මරුවෝ මැති ඇමතිලා වෙලා ඉන්න                 රටේ
අගමැතිඳා නැව් පුරවලා කුඩු ගේනා                          රටේ
ඇනකොන්ඩිලා ඇනකොන්ඩෝ ගිලිනා මේ             රටේ

Dec 10, 2013

පලා බබාව වත් දිනා ගනීද..? - Western Provincial Council Election


ලබන වසර මැතිවරණ වසරක් බව, සෑම අතින්ම ලැබෙන තොරතුරු වලින් පැහැදිලිය. එයිනුත් විශේෂ අවධානය යොමු වන්නේ, බස්නාහිර පලාත් සභාව වෙතය. මාතලන් සිටින්නේ, පලාත් සභා අහෝසි කළ යුතුය යන මතයේ නිසා, පලාත් සභා ඡන්දය අවලංගු කර දමනවා විනා, කිසිවකුටත් ඡන්දය ප්‍රකාෂ කිරීමට යොමුවන්නේ නැත.

Dec 9, 2013

බොරැල්ලේ වාහන තද බදය - Traffic Jam in Borella


වර්ථමානයේ නිවාඩු දිනයක වූවද, බොරැල්ල හංදිය හා ඒ අවට ඇත්තේ, අති විශාල වාහන තදබදයකි, විශේෂයෙන් බේස්ලයින් පාරේ වාහන තදබදය, සමහර විට නුවර පාර දක්වාද, මීගමු පාර දක්වාද විහිදෙන අවස්ථාවන් එමට ඇත. මේ තදබදය වඩත් වැඩි වූයේ. අභිනවයෙන් ඉඳිකල "හවුස් ඔෆ් ෆැෂන්" ප්‍රදර්ශණාගාරය හේතුවෙනි. (එම ආයතනයද, වාහනයක් පහසුවෙන් ඇතුල් කිරීම සඳහා නිමවා නොමැත.)

Dec 7, 2013

ටවල් මෙතඩ් (23+) - Towel Method (13+)



ඉන්ගිරිසියෙන් ටවල් කියන්නේ තුවායටය. අපේ තාත්තලයි පැත්තේ අය කියන්නේ, "සාළුව" කියාය. අපේ සීයා ළඟද, (ඔව් ඔව්.... අර තිරික්කලේ තිබුන සීයා තමා.) නිතරම සාළුවක් තිබුනේය. උදේ 4 ට විතර නැගිටින සීයා, ඉන්දියාවේ සීක් කාරයෝ වගේ, තුවාය කරකවා, ඔළුවේ ජටාවක් වගේ බැඳ ගන්නවාය. ඊට පස්සේ, උන්දෑ යන්නේ කොරටුවට හා කුඹුරටය. ආයෙත් එන්නේ, උදේ කෑම කන්නය. සීයා ඔය ජටාව බැන්දේ, පිනි බාන නිසාය. අද කාලේ නම්, සීයලාත් පින්නෙන් ආරස්සා වෙන්නේ කැප් එකක් දාලාය.

Dec 5, 2013

මිසිස් පෙරේරා (23+) - Mrs Perera (13+)


ට්ට සින්දුවක් එක සැරයක් කනට වැටුනම, කං කාළාඳුරු වාගේ සුද්ද කරලා අයින් කරලා දාන්න බැරිය. ඒක පීචං එකක්ද, ශාස්තිරියද, හින්ගලද, හින්දිද, දෙමළද, ගුජරාටිද, මරාටිද, යුනානිද, අරාබිද, චීන්ද, ජපන්ද, ඇමරිකන්ද, සුද්දගෙද කියා කියන්නට බැරිය. මහාචාර්ය මාතලන්ගේ තියරිය අනුව නම්, සින්දුවක් එහෙම බොක්කටම වඳින්නේ, තනුව හින්දාය. මියුසික් වත්, වචන නිසාවත් නෙමේය.

ඔය එහෙම බොක්කේ වැදුන සින්දු, බොක්කට රහ මෙර ටිකක් වැටෙන කොට එලියට එන්නේ, සංගීත භාන්ඩ නැතිවය. ගායනා කරන්නේත් සුරුතියෙන් පිටය. දේන වටයට යොමු කරන්න බැරිය. අනෙ තොගේ දේන වටය, යොමු කරන්න බැරිනම්, ඕන සෙද්දක් කොර ගනින් කියා, කියන එකා කියනවාමය. හැබයි කියනවායි, ගයනවායි අතරේ නම් සෑහෙන වෙනසක් ඇත්තේය.

Dec 4, 2013

ගාළු පාර හා නැන්දම්මා (2) - Galle Road & Mother In Law (2)


ගාළු පාර - පළවන කොටස 

නැන්දම්මා දෙපැත්තටම වැඳලා දනි පනියේ නැග්ගාට, හාමිනා නගින්නේ, ත්‍රිපිටකේම මුමුනලාද කොහේදය. සම් හරක් උන්ට මල පැනලා හෝන් එක උඩ නගින කොට, හාමිනා උන්ට ඔරවනවාය. ඒ උනාට, උන් ඔරවන්නේ හාමිනාට නොවෙයිය. උන් ඔරවන්නේ මටය. මම ඉතින් අහිංසක මිනිහා නිසා, පොඩ්ඩක් ඉස්සරහට ගන්නවාය. නැත්නම් අරුන් අපේ අම්මාට පින් දෙන්න පටන් ගන්නවාය. ඒ අපේ සේස්ට සිස්ටාචාරේ හැටිය.

අන් අයගේ අම්මලා සිහිකොට පින් අනුමෝදම් කිරිම, අපේ සඟිස්කුරුතේ ප්‍රධාන අංගයක්ය. නැත්තන් පොලොස් කොට්ටෝරුවෝ කෑ ගහනවාය. ඒත් ඉතින් එහෙම ඉස්සරහට ගත්තාම, වාහනෙට ගොඩ උන ගමන් නෝනා ධර්ම දේශනාවක් කරණවාය. මම ඉතින් සාවදානව අසා සිටිනවාය. පොඩි එකා හා නැන්දම්මා සිනාසෙනවාය.

Dec 3, 2013

මහා බ්ලොග් සම්මාන උළෙල - Mega Blog Awards


දිනය - ක්‍රිස්තු වර්ෂ 2015 ක් වූ දුරුතු මස 15 ලත් ශනිදා
ස්ථානය - හම්බන්තොට නාමල්පොකුණ සම්මන්ත්‍රණ ශාලාව
උත්සවය - 2014 මහා බ්ලොග් සම්මාන උළෙල
උත්සවය ආරම්භ වන වේලාව - උදෑසන 10.00
දැන් වේලාව - උදෑසන 9.45

Dec 2, 2013

ගාළු පාරේ තාර දාලා.. - Galle Road Tar is putting.....

ඩෙස්මන්ඩ් ද සිල්වා කියන්නේ මාතලන්ගේ ප්‍රියතම ගායකයන්ගෙන් මුලින්ම ඉන්නා එක්කෙනෙක්ය. ඩෙස්මන්ඩ් සිල්වාගේ ගම මාතරය. ඉන්නේ ලන්ඩන්වලය. මේ ළඟදිත් ඇවිල්ලා මාතර සෝ එකක් කෙරුවාය. පට්ට සෙනගය. ඔය ඩෙස්මන්ඩ් ද සිල්වා, මාතර යන්නේ ගාළු පාරේය. ඒ නිසාද මන්දා ඩෙස්මන්ඩ්ගේ "පොල් කටු හැන්දෙ මිට වගේ...." ගීතයේ "ගාළු පාරේ තාර දාලා බසුත් යනවා...." කියා කෑල්ලක් තියෙන්නේය. මේ ලියන්න යන්නේ පරණ ගාළු පාරේ ගාළු ගිය හැටිය.