.

.
Showing posts with label Prison Brake. Show all posts
Showing posts with label Prison Brake. Show all posts

Sep 13, 2022

ජරා ගැහැණුන්, ඇතුලට දැමීම හා එලියට ගැනීම


ජරා ගැහැණුන්

ඇතුලට දැමීම හා එලියට ගැනීම

➖➖➖➖➖➖➖➖➖➖➖▪️


අරගලය චොර වී අවසානය. අරගල කාරයන්ට ආතල් දුන් සිස්ටම් එක කිසි අවුලක් නැතිව චේන්ජ් කර ගැනීමට වුන් පොර, අරගලකරුවන් විසින්ම එලවා දමා, දැන් පරිප්පුවේ හොඳ එකෙන්ම කමින් සිටින්නේය. මෙවන් නහයෙන් අඬන උන් එක්ක අරගලයක් කළේ කුමකටද කියා මේවා මෙහෙය වූවෝ හඩා වැටෙමින් සිටී. මොවුන්ගේ ගැලවුම් කරුවන් ලෙස පෙනී සිටී කළු කෝට් මාෆියා නායක නායිකාවෝ සොයා ගැන්මටත් නැත. දැන් උන් වෙනුවෙන් එන්නේ කොරිඩෝ ලෝයර්ලාය.


දේශපාලනය පසෙක තබා දමිතා අබේරත්න යන ගැහැණියගේ ප්‍රකාෂය හා අරගලයේ ඇයගේ ගරු රඟපෑම අප අගය කළ යුතුය. ඇගේ ප්‍රකාෂය පෙන්වන්නේ ඇයද අයත් වන කුලකයක කාන්තාවන් කෙරේ, එම කුලකයේ අයම දක්වන ප්‍රතිචාරයයි. 


පිටකොටුවේ ගණිකා වෘතියේ යෙදෙන කාන්තාවන්ද, තරු හෝටලයේ එම වෘතියේ යෙදෙන කාන්තාවන්ද, කෙහෙවලු පටලා ගන්නා විට, ඔවුනොවුන්ට ගරහා ගන්නේද තම වෘත්තියේ නාමයෙන්මය. වෙනස ඇත්තේ භාෂාවේ පමණය. ඒ අනුව දමිතාගේ ප්‍රකාෂය, අවංක ප්‍රකාෂයකි. 


නමුත් මෙහි ගැටලුව වන්නේ, සිස්ටම් චේන්ජ් එකක් ඉල්ලා සිටී විප්ලවවාදිනයකගේ කටින් මෙය එලියට පැනීමය. එය සාධාරණීකරණය කිරීමට දත කන්නෝ කරන්නේ ඇදගෙන නෑමකි. ඔවුන්ට මේ අවස්ථාවේ දමිතා හා හිරුණිකා යන ගැහැණුන් විහාර මහා දේවියන්  වුවද, හෙට අනිද්ද වෙනත් පිලකට ගිය කළ, නිතැතින්ම අනුලා දේවියන් බවට මඩ ගසන්නේද මොවුන්මය.


සමස්ත රටවැසියාම එසේය. ළඳුනේ ගීයට ප්‍රශස්ති ගයන වයන වනන උන්ම මොහොතින් වැරදිකාර ළඳුන්ගේ රෙදි ගලවා දමන්නේ තමන්ගේ වස්ත්‍රය ගැනද් මායිම් නොකරමිනි.


ඇත්තටම හිරුණිකාට දමිතලාට නිරූපා සේරසිංහලාට සිඳුවී ඇත්තේ කුමක්ද? 


මේ ඔවුන් අරගලය තුල ලබාගත් ප්‍රසිද්ධිය තව දුරටත් පවත්වාගෙන හා නඩුත්තු කරගෙන යාමේ අභියෝගයයි. දමිතා රනිල් වික්‍රමසිංහත් එලවා දමන්නට ගොස් බලෙන්ම ඇතුලට දාගන්නේත්, නැවතත් සජිත්ට කියා එලියට දාගන්නේත්, මම තාම ගේමේ කියා ටී වී හරහා රටට පෙන්වීමටය. 


හිරුණිකා දමිතා බැලීමට ඇතුලට ගොස්, එලියට ඇවිත්, ටී වී කැමරා ඉදිරියේ නැව් පච වගයක් ඇදබාන්නේ, නැත්නම් තමුසෙලාට මාව අමතක වෙනවා නේ ඕයි, ඒ නිසා මාත් තාමත් විප්ලවයේ කියා පෙන්වීමටය.


නිරූපා සේරසිංහ ආයෙත් ගෝල්පේස් ඇවිත්, රනිල්ගේ සංරුගලයක් උඩ යවා, මොන්ටිසෝරී ප්‍රසංගයක් ඉදිරිපත් කරන්නේත්, ඒවා රූප පෙට්ටියට කොහොම හරි ඔබා ගන්නේත්, අනේ ඕන් මාවත් අමතක කරන්න එපා හොඳේ, මාත් තාම ගේමේ කියා පෙන්වීමටය.


මේවා ඇත්තටම සිඟිති ආතල් වූවාට, රෝන්ග් ජෙනරේෂන් එකට මාරම වැඩය. ඔවුන් එයින් මයිල් කෙලින් කරගෙන, ඇතුලට දාන කොටත් හුරේ දමා, එලියට ගන්න කොටත් හුරේ දමා මාර ස්වයං වින්දනයක යෙදෙනවාය.


මේ අයුරින්ම 1971/72 විප්ලවයෙන් සිරගතව, ජීවිතය බේරා ගත්, පරාජය හේතුවෙන් ඉච්ඡාභංගත්වයට භංගත්වයට පත් වූවන් කල කී දෑ පිලිබඳව ලියු හරි අපූරූ විශ්ලේෂනාත්මක ලිපියක්, Mahesh Hapugoda ගේ වෝලයේ ඇති අතර, අවසානයේ දමිතලාට අත්වන ඉරණමද එයම බව, දේශපාලනය මෙන්ම සමාජය පිළිබඳ අවබෝධයක් ඇති බුද්ධිමතුන්ට පහසුවෙන් තේරුම් ගත හැකිය.


නිරූපා කුමන පක්ෂයකින් දේශපාලනයට ඒදැයි කිව නොහැකි මුත්, දමිතා හා හිරුණිකා සජිත් ජලනි බලවේගයෙන් මීළඟ මැතිවරණයකට තරඟ කිරීම අනිවාර්‍යය වනාතර, ඔවුන් ජයග්‍රහණය කිරීමේ සම්බාවිතාවයද ඉහළ අගයක පවති.


ඒ කෙසේ වෙතත් ලංකාවේ දේශපාලනය තුල කාන්තවන්ට හිමි තත්වය මේ වන තෙක්ම කිසිඳු වෙනසකට ලක් වී නොමැති නිසාත්, තමන්ගේ මුඛරි බව ආභරණයැකියි සිතා ඉල්ලාගෙනම කා සිටින විමල් වීරවංශ, එස් බී දිසානායක හා රන්ජන් රාමනායක යන නිර්ප්‍රභූ දේශපාලුවන්ට අත් වූ ඉරණමම, මොවුන්ටත් උරුම බව අනිවාර්‍යයෙන් ලියා තැබිය යුතුය.


ඒවා කඩාගෙන යාමට හැකි වූයේ රණසිංහ ප්‍රේමදාසට හා මහින්ද රාජපක්ෂට පමණක් වුවද, ඔවුන්ටද විරෝධය එල්ල වූයේ, තමන්ගේ සමාජ ස්ථරයෙන්ම බවත් අවබෝධ කරගෙන ඉදිරියට යාම, ඔවුන්ගේ යහපත සඳහාම වන්නේය.


එහෙත් බලය ලබා ගැන්මට නම් හිරුණිකාට හා දමිතාට තව දුරටත් දේශපාලනයේ ජරා ගැහුණුන්ගේ දේශපාලනයේ නිරත වීමද අනිවාර්‍යය. ඒ අනුව කෙසේ හෝ ඇතුලට දමා ගැන්ම ඔවුන්ගේ යහපත සඳහාම වනාතර, කෙඳිරි ගා හෝ මර හූ තබා එලියට ගැනීම හා ඉන්පසු එය වනා ස්වයං වින්දනයේ යෙදීම, ඔවුන්ගේ අනුගාමිකයින්ගේ යුතුකම වන්නේය.


ඒ වගත් මෙසේය ....


© මාතලන් යකා

 

Sep 18, 2021

එය ලොහාන්ගේ අන්තිම තීන්දුව නොව, ඝෝඨා, නාමල් හා පොහොට්ටුවේ, අන්තිම තීන්දුවද වන්නේය.


 එය ලොහාන්ගේ අන්තිම තීන්දුව නොව,

ඝෝඨා, නාමල් හා පොහොට්ටුවේ,

අන්තිම තීන්දුවද වන්නේය.

➖➖➖➖➖➖➖➖➖➖


ලොහාන් ගැන පොහොට්ටුවේ අවසාන තීන්දුව ගැනීම මහින්ද මහත්තයා පැමිණීමෙන් පසු ගන්නට යනවා කියා නෙළුම් මාවතෙන් වාර්තා වෙමින් තිබෙන්නේය.

එහි කිසිම වැරද්දක් ඇත්තේ නැතිය. මන්ද පොහොට්ටුව කියන්නේ රාජපක්ෂලා නොව මහින්දය. තවම ඒ පවුලේ කිසිවකුට ඒ සෙලබෙරටි තත්වය ගන්නට බැරි උනේය.

ලොහාන්ගේ පිස්සු කෙලීම යට ගැසීමේ වෑයමක් එක් අතකින් දියත්වන්නේ වුවද, ඔහු පිළිබඳව  වාර්ථා වූ කරුණු සියල්ලම වාගේ සත්‍ය බවට වාර්තා ලැබෙමින් පවති.

පරීක්ෂණ වලින් සුදනෙකු වූවද, මෙය ඝෝඨාගේ 2025 ඉරණමටද, නාමල්ගේ අනාගතයටද, පොහොට්ටුවේ අනාගතයටද විශාල හානියක් කරනා බව අනිවාර්‍යය.

මොන පක්ෂේ මොකා කලත් මේවා සාමාන්‍ය ජනතාව අනුමත කරන්නේ නැතිය. දැන් ඔහුගේ පෙර වැරදිද එලියට ඇවිත් අවසානය.

ආන්ඩුව හොදින් මතක තබා ගත යුත්තේ, 2009 යුද්ධය දිනූ විරයා 2015 ජනෙල් පොල්ලේ එල්ලුවේ මේ වගේ මදාවියන්ගේ පිස්සු කෙලීම් බවය.

සිරිසේන විසින් රජාට අන්දවා, සහේලි විසින් ප්‍රශස්ති ගායනා කිරීමෙන් අනුතුරුව සිහසුනේ අසුන්ගත් මහරජානෝ ඉන් අනතුරුව ප්‍රාදේශීය යුව රජවරුන්ටද පිස්සු කෙලීමේ අවසරය ලබා දුන්නේය..

ඉන් උද්දාමයට පත් මහින්දගේ මදාවියෝ පිස්සු කෙලියේ හිතේ හැටියටය, වැලි, ගල්, පස්, ගස්, කසියා, කුඩු, බඩු, පාතාල බිස්නස් වලින් නොනැවතී,

කුඩා දැරියන් රේප් කර රෙකෝඩ් තබා පාටි දමා,  අවසානයේ සංචාරක හෝටලයකට කඩා පැන, විදේශීය කාන්තාවක් තම පෙම්වතා ඉදිරියේ දූෂණය කොට පෙම්වතා අමානුෂික ලෙස ඝාතනය කර දැම්මේ මලයාලම් ෆිල්ම් ෂෝ සිරි ලංකාවේ රියැලටි ෂෝ කරමින්‍ ය.

ඇත්තටම මහින්දට මිනිස්සුන්ගේ අප්‍රසාදයක් තිබුනේ නැතිය, අදටත් ඇත්තේ නැතිය. කෙලවුනේ දරුවන්ගේ පිස්සු කෙලීම් හා මේ මදාවියන්ගේ මැරකම් හා ජඩකම් ය.

වහලුන් මේවා ඉවසුවාට මැදිහත් මිනිසුන් මේවා ඉවසන්නේ නැතිය. චන්දයකදි පාලකයා තීරණය කරන්නේ පාක්ෂික වහලුන් නොව මේ මැදිහත් පිරිසය.

ආන්ඩුව ජනතාව කෙසේ වෙතත් පාක්ෂිකයන් අතරේද සිටින්නේ ජනප්‍රිය තත්වයක නොවේ. එවන් තත්වයකදි මෙවන් පිස්සු කෙලින උන් කනෙන් අල්ලා පැත්තකින් තැබීම පොහොට්ටුවේද වගකීමය.

ජනාධිපති තුමා මෙන්ම අනාගත නායක නාමල් ඉන්නේද ජනතාවගේ මතය තුලය. එය යහපත් ලක්ෂණයකි. 

මහින්ද මහත්‍තයාටත් තියෙන්නේ ලොහාන් සමඟද කතබහ කොට ඔහු එලවන්නේ නැතිව ගෞරවාන්විතව පාර්ලිමේන්තුවෙන්ද ඉවත් වන ලෙසට ඉල්ලා සිටීමය.

එය, ඝෝඨාගේ, නාමල්ගේ මෙන්ම ලොහාන්ගේ අනාගතය වෙනුවෙන්ද ගන්නා නිවැරදිම තීරණය බවද ලියා ..

මේ පල් හෑල්ල මෙතකින් නවතා දමනවාය.


ඒ වගත් මෙසේය...

Nov 28, 2012

සිරකරුවෝද මනුෂ්‍යයෝය...!!! (16+) - Prison Break (16+)


මේ දවස්වල හිරකාරයෝ ගැන හෝ ගලා කතා යන නිසා, හිරකාරයෙක්ගේ ජෝක් එකක් මතක් උනා. පොර ඇවිල්ලා ස්ත්‍රී දූෂකයෙක් විදියට නමක් දිනාගෙන හිටිය පොරක් උනාට, කෙහෙල් ගහකට කොටන්න ගිහින් අන්තීමට මහ උළු ගෙදර නවතින්න උනා. පොර අවුරුදු 20 කට ඇතුලට ගියා. එදා අර ඇස් ටී එෆ් එකෙන් පැනලා මේ "මනුස්සයන්ට" පාඩුවේ ඉන්න දෙන්නෙ නැතුව එයාලගේ මල පන්නපු දවසේ. කසිලි බිසිලි අස්සේ, අවුරුදු 10 ක් විතර හිර දඬුවම් විඳපු අපේ මේ ස්ත්‍රී දූෂක "මනුස්සයත්" මොත්තෙ කස්ටියට පින්සිද්ද වෙන් හිරෙන් පැනගත්තා.

Nov 13, 2012

මොත්තෙට කෙළවීම - Prison Break

මොත්තෙට කෙළ වූ කළ
එළියේ ඉන්න එකට වඩා, ඇතුලේ ඉන්න එක ආතල් කියා කියන්නේ අපි නෙමේය. ඇතුලට ගියපු උන්ය. ඒත්.. එක්කො බලවත් විය යුතුය, නැතිනම් පොහොසත් විය යුතුය. ඒ පිළිබඳ ඇතුලේ හිටපු එකෙක් ළිපි මාලාවක් ලිවීමට යන නිසා, (මෙතනින් බලන්න) ඇතුලේ භාෂාව හා සංස්කෘතිය ගැන කතා කරන්නේ නැතිය. නමුත් පොළොවේ පය ගසා ජීවත් වන අයකු නම්, හිර ගෙදර සිඳුවන්නේ කුමක්ද යන්න ගැන අමුතුවෙන් කතා කල යුතු නැත. මෑතකම ඇතිවූ දේ පිළිබඳවද සමාජයේ විවිධ මතයන් පවති. දේවල් සිඳුවූ ආකාරය, වැරදි ලෙස දකින අය හා නිවැරදි යයි කියන පිරිසක් මෙන්ම මැද සිටින පිරිසක්ද සමාජයේ වේ.මෙහිදි මා ඉදිරිපත් කිරීමට උත්සාහ කරණුයේ එම මත ගැන මගේ දැක්මයි.