.

.
Showing posts with label Helmet Killers. Show all posts
Showing posts with label Helmet Killers. Show all posts

Feb 16, 2023

තරුණ පරපුර වැරදි නැත. (රෝන්ග් ජැනරේසොන්ලාගේ පර්ෆෝමන්ස් ආර්ට් බයි මෝ බයික් හෙල්මට්ස්)

 


තරුණ පරපුර වැරදි නැත.
(රෝන්ග් ජැනරේසොන්ලාගේ 
පර්ෆෝමන්ස් ආර්ට් බයි මෝ බයික් හෙල්මට්ස්)
➖➖➖💀➖➖➖💀➖➖➖💀➖➖➖⭕

පඩත්තල මේස කොල්ලෝ පඩත්තල වැඩ කළ විට, ඒ කාළේ සිට භාවිතා වන අපූරූ කියමනක් ලෝකයේ විවිධ භාෂාවන් තුල මෙන්ම අප සමාජයේද ඇත. ඒවා අතරින් ප්‍රසිද්ධම එක වන්නේ "මදර් ෆකර්" කියනා එකය.. දෙමලෙන් කියන්නේ... "අම්මා ඕක.." කියලාය. 

අපි කියන්නේ නිවැරදිම ක්‍රමයටය.. එනම්... "මුගෙ අම්ම-ටෞකන්න දාලා කියලාය. දකුණේ මිනිසුන් වැදගත් අය නිසා, අපේ ගම්වල කියන්නේ ටිකක් වැදගත් ලෙස .. "මුගෙ අම්මට හැමිනෙන්න දාලා... කියලාය.

ඉස්සර ගමේ ගියාම මහ ගේ පැත්ත පලාතටවත් නොගන්නා, අහල පහළ කොල්ලෝ කුරුට්ටෝ සමඟ මඩොල්දූවේ ගිනිවැල්ලේලා හා ජින්නලාගේ ගේම් දෙනකොට, අපේ සීයා මට බැන්නාට, බැන්නේ මට නොව අපේ අම්මාටය. අම්මා හිනා වෙලා ඒවා විඳ දරා ගත්තා මිස, අපට කිසි දිනෙක බැන්නේ නැත්තේ, කොල්ලෝ වුනාම ඉන්න ඕනේ ඔහොම තමා කියලාය. 

මේ බැනිල්ල සර්ව සාධාරණය. දරුවෝ පිස්සු කෙලින්නේ නම් ඒවාට කෙලින්ම වග කියන්නට ඕනෑ දෙමව්පියන්මය. අද ඉන්නා වැඩිහිටි පරම්පරාවත් අමණ ඇරියස් කාරයෝය. මිලේච්ඡයෝය. අමු මානසික රෝගියෝය. අරගලයට ආ දරුවන්ට මාතලන් කිසි දොසක් නොකීවේ එනිසාමය.

කොල්ලෝ කෙල්ලෝ ඔය වයසට කරන්නේ උන්ගේ වීරයන් කරනා දේවල්‍ය. බොහෝවිට ඒ වීරයෝ දෙමාපියන්ගෙත් වීරයෝය. මේවා මා සමාජයේ සෑම තරාතිරකම උන් ආස්සරේ කොට සමාජයෙන්ම උගත් දේය. ක්ලැරන්ස්ගේ ජෙනරේෂන් එකේ සින්දු අදටත් රස විඳිනා උන්ගේ දරුවෝ ඉතා නිවුනු වැදගත් ද්වීභාෂා නිපුනත්වයෙන් හෙබි දරුවෝය. 

නන්දා මාලනිගේ කපුගේගේ ගී රස විඳි උන්ගේ දරුවෝ උන් වගේම මොලේ මඤ්ඤං විප්ලවවාදියෝය.

නිහාල් නෙල්සන් ජෝතී මිල්ටන් පෙරේරා රසවිඳි උන්ට රසවිදින්න ඒ වගේ උන් දැන් අඩු නිසා අහන්නේ මෙලෝ රහක් නැති වහන්තරා ගීත හා කුණුහබ්බ රැප්‍ සෝන්ග්ස්‍ය.

අපි වාගේ මේ සියල්ල රස විඳි උන්ගේ දරුවෝ අපි වාගේම ඕනෑම  දේකට ඔට්ටු පිස්සු ආතල් බුවාලා හා බුවීලාය.

මයිනා මැරෙනකන් බලා ඉන්නා. කංචනට තාත්තාට වූ දේම වෙවා කියා පතනා, අමරකීර්තී ඝාතනය එන්ජොයි කරනා වැඩිහිටි මිලේච්ඡයින්ගේ ශුක්‍රාණූ හා ඩිම්බ සංසේචනය වීමෙන් මිනිසුන් බිහිවෙතයි කෙනෙක් සිතන්නේ නම්, උනුත් අර වාගේම අමණයින් හා තිරිසනුන්ම පමණනමය. 

රජ ගෙදර පූල් එකේ කක්කා දමා එහි සින්දු කිව්වේ එවන් නරුමයෝය. ජනාධිපති ලේකම්  කාර්‍යාලයේ වැට ගලවාගෙන ගියේ එවන් පිස්සෝය. ඒවා ඝෝඨාගේ බූදල් නොව මින් මතු කුමාර් ගුණරත්නම්ගේ හෝ අනුර කුමාර දිසානායකගේ නිළ නිවස හා කාර්‍යාලය විය හැකි බවට සිහිණෙන් හෝ සිතීමට මෙ නරුමයින්ට නොහැකි වන්නේ, උපන්ගෙයි දෝෂ නිසාවෙන් මිස වෙන හේතුවකින් නොවේමය.

දැන් උන් දෙන්නේ ගිනිවැල්ලෙලාගේ, ජින්නලාගේ ගේම් නෙමේය.ජනප්‍රිය නලු නිළි සම්මාණවලින් පුද ලබන වහන්තරා බඩකඩුත්තු ටෙලි නාට්ටිවල පෙන්නන ගේම්‍ය. ඒ නළු නිළියෝ එසේ සම්මාණ ලබන්නේ උන් අර දරුවන්ගේ වීරයෝ නිසාමය. 

අපේ කාළයෙත්, ඩොමී ජයවර්ධනලා, රෙක්ස් කොඩිප්පිලිලා, රොබින් ෆර්නෑන්ඩුලා, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දුලා, වගේ දුෂ්ඨයෝ උන්නත් උන්ට කවුරුත් විසිල් ගැහුවේවත් අප්පුඩි ගැහුවේවත් සම්මාණ දුන්නේවත් නැතිය.  උන් සැමදා දුෂ්ඨයෝම වුයේය.

ගැලරියේ ගංජා ගගහා සෝ එක බලපු චොප්පෙලාත්, තුං මුල්ලේ පද්මෙලාත්, සොත්ති උපාලිලාත්, විසිල් ගසා චියර් එක දුන්නේ, ඩොමීට, රෙක්ස්ට හෝ රොබින්ට නොව, ඩිෂුම් ඩිෂුම්... ඉඳා කාලා වරෙන්... කියා අම්බානට නෙලූ ප්‍රෙඩී එක්ක ආ ගාමිනීට හෝ විජේටය. 

එහෙත් අද සිඳුවන්නේ කුමක්ද....

ඝෝඨාගේ ගේ ළඟ බස් ගිනි තියා රට ගිනි තියපු උන් උසාවිය ඇතුලේ විසිල් ගසා ඔල්වරසන් දී වීරයෝ කරන්නේ බාර් ඇසෝසේසන් එකේ මහ එකා හෙවත් සාලයා පීරිස්‍ ය.. ත්‍රස්තවාදින්ට කංජිපානිලාර ඇප දෙන්නේ යුක්තිය පසිදලන්නට තිබෙනා ඉහළම තැනින්මය. එයාලාට පොට්ට නව්ෆර් දුන් ගේම අමතක වෙලාය.

ජනතාවට ව්‍යවස්ථාව උල්ලංගනය කළ හැකි යැයි කියන්නේ නිර්මාල් දේවසිරි වැනි කැම්පස් මහාචාර්‍යවරුන්‍ය. මේ රටේ දැන් තියෙන්නේ අපේ නීතිය යැයි කියා පොලීසියට තග දාන්නේ පෙරටුගාමී එකේ ලෝයර් බෙට්ටාය. සල්ලි නැතිව චන්ද පත්‍රිකා ගහපිය කියා ගැහැණියකට තගරිය දාන්නේ රටේ මීළඟට නායකයන් වන්නට ඉන්නා පක්ෂ නායකයෝය.
උපයෝගිතා කොමිසමේ චාල්ස් නෝනාගේ රෙදි ගලවනවා කියන්නේ, මිනිස් අයිතිවාසිකම් ගැන රඹ ටෝක් දෙන පිම්පියෝය.

මිනිසුන් කපා කොටා වෙඩි තබා ඝාතනය කරණා හැටි මෙන්ම මියගිය උන්ගේ සිරුරු, පඩංගුවාහිනි වල නිව්ස් වල තරඟයට ප්‍රදර්ශණය කරන්නේ, හංදියේ මස් කඩේ වගේය. 

මස් සඳහා ගන්නා කුර හා අං සහිත ජීවීන් ඝාතනය වන ආකාරය කිසි දිනෙක නොපෙන්වන මේ ජඩමාධ්‍ය අධිපතියන් හා ජඩමාජ්ජවේදීන්, අරවා පෙන්වන්නේ රේටින්ග්ස් වැඩි කර ගන්නටය. උන්ගේ රේටින්ග්ස් වැඩි වන තරමටම, රටේ මෙවන් මිලේච්ඡයින් හා මිලේච්ඡ ඝාතන තව දුරටත් වැඩි වනවා මිස, කිසි දිනෙක අඩු වන්නේ නම් නැතිය.

අපේ වාසනාවට මේ ඝාතනයේ CCTV දර්ශණ නොමැති වීම නිසා සමාජ මාධ්‍ය තුල හා වෙබ් පඩංගුවල ඉන්නා උන්ගේ ආතල් ගැනීම නැති වී ගියාය. නැත්නම් අලුත්ම එක වන වීඩියෝ සහිතයි රැල්ලට අසු වී ජාත්‍යන්තරයටම යන්නට තිබුනේය.

මේවට වග කිව යුත්තේ තරුණයන් හෝ දරුවෝ නොව, මේ රට පාලනය කළ නායකයෝ, ජඩමාධ්‍ය ඇමතිවරු, ජඩමාධ්‍ය හිමිකරුවෝ, ජඩමාජ්ජවේදියෝ, වැඩිහිටියෝ හා දෙමව්පියෝය.  ඒවාට වැදගත් මිනිසුන් පත් වන තෙක් මේ රට මිලේච්ඡයින්ගේ අරාජික රටක් පමණමය.

ඒ වගත් මෙසේය.....
.