.

.
Showing posts with label Nandalal Weerasinghe. Show all posts
Showing posts with label Nandalal Weerasinghe. Show all posts

Sep 3, 2023

මහ බැංකු අධිපති වැඩ්ඩෙක්ද?

 


මහ බැංකු අධිපති වැඩ්ඩෙක්ද?

➖➖➖➖➖➖➖➖➖➖⭕


එයා ගත්ත ඔක්කොම තීරණ හරි කියන්නේ නෑ..


නමුත්... IMF එකේ යෝජනා අපිට ගැලපෙන විදියට ක්‍රියාත්මක කිරීමේදී ඔහු ගත් තීරණ හේතුවෙන්... 

උද්ධමනය අඩු වීම වගේම... 

දේශීය ව්‍යාපාරික ප්‍රජාව හා බැංකු පද්දතිය ආරක්ෂා කර ගනිමින්... 

දේශීය ණය ප්‍රසස්තිකරණය තුල ඔහු ගත් තීන්දූ තීරණ.. 

විපක්ෂයේ හාල්පාරුවන් මෙන්ම ළිං මැඩි ආර්ථික උස්තාද්ලාත් කොර වෙන්නම ගත්තු තීරණ..


මෙහිදි ... බය නැතිව රජයේ සේවකයින්ද බදු ගෙවීමට යටත් කිරීමෙන් ආදායම වැඩි කර ගැන්ම මෙන්ම... 

ජනතාවට එතරම් නොදැනෙන ආකාරයට සේවක අර්ථසාධකේ පොලිය ඉතා සුළු ප්‍රමාණයකින් අඩු කිරීම හා.... 

කොටස් වෙළඳපොල මෙන්ම බාන්ඩාගාර හා බැඳුම්කර ව්‍යාපාරයට බලපෑම් එල්ල නොකිරීමත් අගය කළ යුතුමයි. 


මොකෝ මේ රට මෙහෙම හරි දුවන්නේ සේවා ආර්ථිකයකින් නිසා...


▪️ඒකෙන් සල්ලි අච්චු ගහන වැඩේ අඩු වෙලා ගියා. 

▪️ඒ වගේම බංගලාදේශයෙන් ගත් ණයත් ගෙවනවා..

▪️සංචිතවල වැඩි වීමකුත් තියෙනවා...

▪️රාජ්‍ය වියදමෙන්, වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීමේ ප්‍රතිශතය 20% කින් වගේ අඩු වෙලා තියෙනවා...

▪️ඉන්ධන සලාකේ අහෝසි වෙලා තියෙනවා..

▪️උද්ධමනය තනි ඉලක්කමකට ගෙනත් තියෙනවා...


අනික විල්බැරෝවල සල්ලි ගෙනියන්න වෙයි කිව්ව ආර්ථික උස්තාද්ලා හිටපු රටක්.. 

තෙල් ටික බාගන්න සල්ලි නැතිව හාබර් එක වටේ කැරකි කැරලි තිබ්බ නැව් වලට දඩත් එක්කම ගෙවපු රටක්...

උද්ධමනය 75% කින් ඉහළ ගිය රටක්...

මේ තරමින් හෝ ගොඩ ගැන්ම අගය කළ යුතුමයි..


එමෙන්ම කළ වැරදි අවබෝධ කරගෙන මේ තීන්දූ තීරණ ක්‍රියාත්මක කරන්න පුලුවන්... ඊට උපරිම සහාය ලබා දෙන... ආර්ථිකය ගැන යම් හෝ අවබෝධයක් සහිත නායකයකු රටේ සිටීමත් ජනතාවගේ වාසනාවක්.


මොකෝ ... එයාට මෙන්ම මහ බැංකු අධිපතිටත් අභියෝග කරන දේශපාලන නායකයෝ ආර්ථිකය ගැන අබ මල් රේණුවක මොළයක් නැති ළිං මැඩි ගෝත්‍රික හාල්පාරුවෝ නිසා...


උන් ඇවිත් කරයි ලබ්බ...


.

Apr 10, 2023

නන්දලාල් IMF පිල්ලියක්ද?


 නන්දලාල් IMF පිල්ලියක්ද?

➖➖➖➖➖➖➖➖🔴➖

.

නන්දලාල්ගේ කල්ක්‍රියාවන් පිළිබඳව මෙතෙක් කලක් කටේ කෙල බිදක් නොහෙලූ අනුර කුමාර දිසානායක, දැන් නන්දලාල්ට කොක්ක ඇඳිම ආරම්බ කරලා තියෙනවාය. එයා කියන්නේ නන්දේ IMF ගේම් කාරයෙක්‍ය කියලාය. අපි නම් ඕවා කිව්වේ නන්දේ ආපු දාමය.


අන්‍රයියා මෙසේ කීමට හේතු වූයේ ඇයි?


මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳ අබ මල් රේණුවක දැණීමක් නැති පුංචි මොළයක් සහිත පුංචිහේවා උන්නැහේ, තම තනි මතයට පලාත් පාලන චන්දය ප්‍රකාෂයට පත් කලේ, IMF සහනය අපට ලැබේදෝ නොලැබේදෝ යන අන්ව්ස්වාසබල් සමයකය.


ඒ සමයේ රටේ සමාන්‍ය ජනතාව තබා බිස්නස් කොමියුනිටි එකටවත් කිසිඳු බලාපොරොත්තුවක් තිබ්බේ නැතිය. චීනා එකඟ කර ගැනිම කිසිසේත් කළ නොහැකි බව සියල්ලෝම මෙන්ම නන්දලාල්ද විශ්වාස කළේය. බොහෝ විට මේ පිටුපස චීනයද ඉන්නට ඇත්තේය. 


ඒ කාලයේ නන්දලාල්ද උන්නේ ජේවීපී රැල්ලේ පිහිනමින්‍ය. ඒ ජේවීපී ආන්ඩුවක් ආවත් තමන්ගේ තනතුර රැක ගන්නටය.  නන්දලාල් නොව බිස්නස් කොමියුනිටි එක නොව, ආර්ථික උස්තාද්ලා කියන අඩ්වකාටාලත් උන්නේ ඒ රැල්ලේය. 


පෙතිසතේ 3% සිට 80% ටම නැගලා තිබ්බේය. ආර්ථිකය ගැන මෙලෝ අලබෝලයක් නොදන්නා ජෙප්පන්ටද, නන්දලාල් කෙරේ තිබුනේ මාර ලව් එකක්‍ය. ඒ කාළේ එයාලා හිතුවේ නන්දලාලුත් චීනාගේ ප්ලාන්ට් එකක් කියලා නිසාය.


එහෙත් ඉන්දියාව හා රනිල් ගැසූ ගේමෙන් නන්දලාල් ඉතරක් නොව ඇමරිකාව හා චීනයද  කොර වෙලාම ගියේය. ඒ මුදල් ඒකකය එකම මුදල් ඒකකයක් බවට පත් කිරීමේ යෝජනාවය. සියල්ලෝම නැටි පුපේ ගසා ගත්තේ ඉන් පසුවය. පහුවදාම චීනා කිව්වේ ණය ප්‍රතිව්‍යූහගතකිරීමට තම පූර්ණ සහාය ලබා දෙන බවය. ඒ බව ඔවුන් ලිඛිතවම IMF වෙත ඉදිරිපත් කළේ පැය 48 ක් ගතවීමටත් පෙරය.


මේ සියල්ල දේශපාලනයේ පරිනත ගේම් කාරයෙක් වූ රනිල්ගේ වැඩ මිස, වෙන කවුරුන් හෝ සිහිනයෙන්වත් සිතූ දේ නොවේය. 


ජේවීපී නන්දලාල් ප්‍රේමය ඉතා අවාසනාවන්ත ලෙස දෙදරා ගියේ IMF සහනය දින කීපයක් තුල ලැබීම පමණක් නිසා නොවේය. IMF සුද්දන්ගෙන් ප්‍රශ්ණ අහපු රැල්ලේ පිහිනමින් සිටී ජඩමාජ්ජවේදින්ට IMF සුද්දෝ කිව්වේ, පලාත් පාලන චන්ද තියන එක තමුසෙලාගේ වැඩක් මිස අපේ වැඩක් නෙමේ කියලාය.


රනිල් හා ගේමෙන් සිටි නන්දලාල් උන්නැහේද අලියා පිටේ නඟින්නේ ඉන් අනතුරුවය. වෙනදා ආන්ඩුවට එගේන්ස්ට් එකට, තවුසන් ටෝක්ස් ඉෂූ කරපු උන්නැහේ, දැන් තනිකරම ඉන්නේ රනිල්ගේ සාක්කුවේය. ඒත් ගවනර් කෝට්ටෙක බේරාගන්නටය. ඒ අස්සේ IMF දේශීය නියෝජිතයාත් ඊයේ නොකියා කිව්වේ සියල්ලන්ටම දැන් තියෙන එකම සරණ රනිල් හා එක්වීම පමණමයි කියලාය.


ඉතින්...  ප්‍රේම සබඳතා බිඳ වැටුනාම ඔහොම වෙනවාය. දැන් අන්‍රයියාගේ ලව් එකට නන්දේ බූට්ටෙක තියලා අහවරය. ඉතින් මෙහෙම වියෝ ගී ගැයෙනා එක විශේෂයක් නොවේය.


වත්මනේ නම් මෙවන් ශෝකාන්තයන්, සප්‍රයිස් කරන්න ඇස් පියා ගන්නෙයි කියා, පිහිගෙන් බෙල්ලට කෙලලා අරින සයිස් එකට ඇවිල්ලා තියෙනවාය.


පෙරදා මහ රෑ මා සිහිළැල් උර මඬලේ

මුහුණ හොවා ගෙන ළසොවින් වැළපුන

ඔබේ විඩාපත් නෙතින් ගලා ගිය

කදුළක කැළලක් ඉතිරි වෙලා

පෙරදා මහ රෑ මා සිහිළැල් උර මඩලේ


ඔබහට පෙම් කළ යුගය නිමා කර

වෙන් වී යන්නට දවස පැමිණ ඇත

සමාව දෙන් මට සෙනෙහෙ සිතින්.....


කියා .... සුනිල් සඕදරයා ලියා

නන්දා සඕදරී කිව්වේ ඒ නිසාමය....


දන් ඒක කියන්නේ අන්‍රයියාය.....


ඒ වගත් මෙසේය......


.

Mar 4, 2023

ඩොලරය සීඝ්‍රයෙන් පහළ යාම පාලනයට මහ බැංකුව මැදිහත් වූයේ ඇයි?

 


ඩොලරය සීඝ්‍රයෙන් පහළ යාම පාලනයට

මහ බැංකුව මැදිහත් වූයේ ඇයි?

➖➖➖➖➖➖➖➖➖➖⭕➖


(මාතලන්ගෙන් අති සරළ ඉකොනමික්ස්)

.

දැන් නන්දලාල් වීරසිංහ කියනවා ඩොලර් එක තවත් පහළට යන්න දෙන්නේ නැතිව නවත්තනවලු..


ඇත්තටම මහ බැංකුව මේක නැවැත්තුවේ නැත්නම්, ඩොලර් එක අර ඝෝඨා කියන ටයිල් බාස් එනකොට තිබුන ගානටම යන්න ඉඩ තියෙනවා..


මේ රට බංකොලොත් වෙන්න ප්‍රධාන හේතුව වුනේ ආනයන අපනයන වෙළඳාම මත දුවපු රටක,එක අංශයක්, එනම් ආනයන.. ඒ කියන්නේ පිටරටින් බඩු ගෙන එක, එකපාරටම නවත්තලා දාපු එක.


එහෙන නැවැත්තුවේ.... ටයිල් බාස් එකපාරටම යනවා 1970 -77 සංවෘත ආර්ථික ක්‍රමයට. ඒ කියන්නේ කාර් එක පවා මෙහේ හදනවා, ඇපල් මෙහේ හදනවා, හැම් බේකන් චීස් බටර් මෙහේ හදනවා.. හැබයි මේ පන් ගොකයට ඒ සඳහා කිසි වැඩපිලිවෙලක් තිබ්බේ නෑ.


පාදෙනියයි, පීබීයයි, රතනයයි, දිලිතයයි, ගොඩහෑවයි දුන්න ළණුව අඹරගෙනම කෑවා. ඌ දන්න ඉකොනමියක් තියෙයිය. ඕකට හරියට වෙඩි තියන්නවත් පුලුවන්ද මන්දා.


මූ කෘෂිකර්මාන්තයෙන් රට ගොඩගන්න යන්නේ කාබනික පෝර දාලා. ඒවා හොඳ වැඩ. ඒ කියලා රසායනික පෝරයි කෘමිනාශකයි ගේනෙකත් එක පාරම නවත්තනවා. හැබයි වවන්න පෝරත් නෑ මැස්සන්ට ගහන්න බේතුත් නෑ. මූ රෙණ ගොම දාන්නත් බෑ.


එතකොට සමහර මිනිස්සු ස්වයං රැකියාවක් ලෙස කරලා හොඳට කාලා බීලා ජීවත් වෙච්චී..., වාහනයක් ගෙනත් විකුණන, දීපව්‍යාප්ත බිස්නස් එකක් වෙච්චි, කාර් සේල් එක සම්පූර්ණයෙන්ම නවත්තලා දානවා. මුන් දන්නේ නෑ ඒකත් එක්කයි සමස්ත බිස්නස් ජාලයම සම්බන්ධ වෙලා තිබ්බේ කියලා.


මූ මේවා පී බී කියන ආර්ථික ඝාතකයා එක්ක එකතුවෙලා කරන්නේ, ඒ මදිවට, උන් තීරණය කරණවා මින් පස්සේ ණය ගන්නේ නෑ කියලා.


මේ මූසලයෝ දෙන්නා දන්නේ නෑ, අද මුලු ලෝකයම දුවන්නේ රෝලෙන් කියලා. හැබයි උන්ට ඒ තීරණය ගන්න ඊට හේතුවකුත් තිබුනා. ඊට කලින් උන්න ආන්ඩුවේ ගොබ්බයෝ ණය අරගෙන මෙලෝ මඟුලක් නොකර, කරපු එකම දේ කන බොන එක විතරක් නිසා.


ඒක නිකං අර වඳුරෝ ගෙවල් හදන්නේ නෑ වගේ කේස් එකක්. උන් වැස්ස නැති කාළෙට කකා බිබි හැමිනිලා ආතල් අරන්, වැස්ස කාලෙට හාල්පාරුවෝ වගේ තෙමි තෙමී ඉන්නවා. දැක්කාම දුකේ බෑ.


එතන අමු ගොබ්බ තීරණ එකක් නෙමේ දෙකක්ම ගන්නවා. ඒ ආනයන වෙළදාම තහනම හා ණය නොගැනීමේ තීරණය. ඒකෙන් රටේ බිස්නස් ජාලය සම්පූර්ණයෙන්ම වැටෙනවා. ණය ගෙවන්න නෙමේ, ඉන්ධන, ගෑස්, බෙහෙත් ගේන්නවත් සල්ලි නැති වෙනවා. 


හේතුව ණයක් එන්නෙත් නෑ. වාහනවලට හා රටින් ගේන බඩුවලට ගහපු කන පැලෙන බදු ආදායම එන්නෙත් නෑ. භාන්ඩාගාරේ හිස් වෙනවා. ආන්ඩුවේ හිඟන්නන්ට පඩි ගෙවන්නවත් සල්ලි නෑ. ඒ පාර සල්ලි අලුතෙන් අච්චු ගහනවා. ඒකෙන් රුපියලේ වටිනාකමක් නැතුව ගිහින් රුපියල බාල්දු වෙනවා. 


ඒ කියන්නේ රුපියල හරියට ඔය ඩෙනිම් වගේ වෙනවා. ඉස්සර ඩෙනිමක් හොයා ගන්න තිබ්බේ නැතත්, දැන් බාල ඒවා හරි හිඟන්නොත් ගහනවා. ඉස්සර සුදු කෑල්ලක් දකින්න කොළඹ හෝ නුවර යන්න වුනාට, දැන් සිරිපුරත් සුදු කෑලී ඉන්නවා වගේ.


ඒ කරලා විදෙස් සංචිත රැස්කරන්න පෞද්ගලික බැංකුවල තියෙන ඩොලර් ටික ඔක්කොම මහ බැංකුවට ගන්නවා.


එතකොට මොකද වෙන්නේ. මිනිස්සුන්ට ගෙන්නන්න පුලුවන් බඩුවක් හරි රටින් ගෙන්නගන්න ප්‍රයිවට් බැන්කුවලත් ඩොලර් නෑ. "එල් සී" ඕපන් කරන්න බෑ. ඒ කියන්නේ ණයවර ලිපි. අජ්ජාපනේ සඳහා පිටරට ගිහින් ඉන්න දරුවෙකුට සල්ලි ටිකක් යවා ගන්න විදියක් නෑ.


ඔන්න දැන් මහ බැංකුවේ ගොබ්සන්ස්ලට තේරෙනවා මෙහෙම හිරකරගෙන උන්නොත් මැරෙන්නයි වෙන්නේ කියලා. පෞද්ගලික බැංකුවලට එන ඩොලර් ප්‍රමාණය බලෙන් ගත්තු කොටස කෙමෙන් කෙමෙන් අඩු කරනවා.


දැන් බිස්නස් කාරයන්ට බිස්නස් කරන්න බඩු ගෙන්න ගන්න ණයවර ලිපි ඕපන් කර ගන්න ඩොලර් තියෙනවා. දරුවන්ට රට යවන්න ඩොලර් තියෙනවා. පොඩි බිස්නස් එකක් කරන එකෙකුට රට අරගෙන යන්න ඩොලර් තියෙනවා. කොටින්ම ක්‍රෙඩ්ට් කාඩ් එකේ වියදම් කරන්න පුලුවන් ප්‍රමාණයත් වැඩි වෙලා. 


එතකොට දැන් ඒ ඩොලර් එක්ක ගණුදෙණු වෙන්නේ මිනිස්සු ගාව තිබුන මුදල්. ඒවා මිනිස්සු හරිහම්බ කරගත්ත මුදල් මිසක් අච්චු ගගපුවා නෙමෙයි. එතකොට දැන් නියම මුදල් සංසරණයක් සිද්ද වෙනවා. ආර්ථිකය සුපුරුදු පැවති තත්වයට කෙමෙන් කෙමෙන් එනවා.


දැන් මහබැංකුවේ ගොබ්සන්ලා මෙහෙම සල්ලි අච්චු ගහ ගහා ගත්ත ඩොලර් ගැනීමේ ප්‍රතිශතය 25% දක්වා අඩු කරලා තියෙනවා . ඒ කියන්නේ 75% නියම ගණුදෙණු වලට යොමු වෙනවා.


හරි නම් මහබැංකුව කරන්න ඕන බිස්නස් වලට කෙලින්නේ නැතිව පැත්තකට වෙලා ඉන්න එක.


මේ රට හිඟන රටක් නෙමෙයි. මිනිස්සු ජපනගෙ වාහනේ මෙහේ පාරට දැම්මේ 200% - 300% බදු ගෙවලා. ත්‍රී විලර් එක මෝටර් සයිකලේ ගත්තෙත්, භාන්ඩාගාරයට පත බදු ගෙවලා. ඇපල් ඉඳලා, හැම් බේකන් චීස් බටර් උඩින් පුඩින්,  කිරි පිටි, හාල්මැස්සගෙ ඉඳලා කෑවේ බිව්වේ හෙන ගහන බදු ගෙවලා.


මෙහේ ගල් බෝතලයක් බොන ගානෙන් වෙන රටක හොඳ ජොනි වෝකර් විස්කි එකක් ගහන්න පුලුවන්. ඒ තරම් සහගහන බදු ගහලත් තොපි මේ රට බංකොලොත් කරේ, පාඩු ලබන රාජ්‍ය ආයතනයි, ඒවයෙ කම්බා හොරුයි,  අරක්ගත් මාෆියාවලුයි මේන්ටේන් කරන්න ගිහිල්ලා.


දැන්වත් මිනිස්සුන්ට බිස්නස් කරන්න දීලා, පැත්තකට වෙලා හිටහල්ලා. උන් උඹලටත් කන්න දෙයි.


ඉස්ධූතී නන්ඩ්‍රෙයි ටෑන්ක්ස් හොඳේ ......!!!


.

Nov 18, 2022

රනිල්ගේ අවසානය ළඟදීම අධ්‍යක්ෂනය - නන්දලාල් වීරසිංහ නිශ්පාදනය - සැන්ට්‍රල් බෑන්ක්

 


රනිල්ගේ අවසානය ළඟදීම
අධ්‍යක්ෂනය - නන්දලාල් වීරසිංහ
නිශ්පාදනය - සැන්ට්‍රල් බෑන්ක්
➖➖➖➖➖➖➖➖➖💀▪️

වජිර අබේවර්ධන විසින් පාර්ලිමේන්තුවේදී,
බංකොලොත් ආරච්චිලාගේ නන්දලාල් වීරසිංහගේ රෙදි ගැලවීම, සුභවාදී ලකුණකි.

මූසලයා හා ඉහළ පුටුවල සියළුම නිළධාරින් ඉවත් කොට, 

IMF නියෝජිතයකු එම තනතුරට වහාම පත් කළ යුතුය. අනිවාර්‍යයෙන් ඔහු විදෙශිකයකු විය යුතුය. ඒ සඳහා නීතී අවශ්‍ය නම් පාර්ලිමේන්තුවෙන් ඒවා ගෙන ආ යුතුය.

එසේ නොමැතිනම්, මාලදිවයින් හිටපු ජනපති හා නෝර්වේ සෝල්හයිම් මෙන්, විදෙස් ආර්ථික පන්ඩිත් කෙනෙක් වහාම ජානාධිපති උපදේශකයකු ලෙස පත් කර ගත යුතුය.

රජයේ මුදල් ප්‍රතිපත්ති තීරණය කළ යුත්තේ පාර්ලිමේන්තුව මිස මහ බැංකුව නොවන බව පාර්ලිමේන්තුවේ ඉන්නා අම්බරුවන්ට කියා දිය යුතුය.

මේ ආකාරයට සල්ලි අච්චු ගසමින්, රාජ්‍ය සේවය පවත්වාගෙන යාමෙන්, රට සිම්බාබ්වේ වන දින වැඩි ඈතක නොවේ.

මෙය අවබෝධ කොටගෙන ඇත්තේ පාඨලී පමණි. 

අයවැයේ ආදායමට වඩා වියදම දෙගුණයකි.
එය ලබා ගැන්මට යන්නේ දේශීය කර්මාන්තකරුවන්ගේ හා සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරකයින්ගේ වෘෂණ කෝෂ දෙකද අල්ලා මිරිකීමෙනි.

රනිල් විනාශය ළඟාකරනු ඇත්තේ මහ බැංකුව විසිනි. එය සියුම් උත්ප්‍රාසයක් ගෙනෙනා දෛවපෝගත සිඳු වීමක්ද වනු ඇත.

මහ බැංකුවේ සිටින්නේ දේශපාලුවන්ටත් වඩා සොරකම් කළ කම්බා හොර නිළධාරීන් පිරිසකි.

ආර්ථිකය නිසි ලෙස නියාමනය කලේ නම්, මහ බැංකුවේ සිට පයින් යා හැකි දුරකින් පිහිටි කොටස් වෙළඳ පොළ පවතින ගොඩනැගිල්ලේ සිට, තිලිණි ප්‍රියමාලීලා කළු සල්ලි වලින් බූරුවා ගහන්නේ නැත. ෆිනෑන්ස් කොම්පැනි බංකොලොත් වන්නේද නැත.

කඩා වැටුනු ෆිනෑන්ස් කොම්පැණි ගරහා මහ බැංකුවේ උන් ගසා කෑ මුදල රුපියල් බිලියන ගනනක් බවද ඊයේ පාර්ලිමේන්තුවේදී හෙලි විය.

මේවා ගැන සොයන්නේ මොකාද?
කතා කරන්නේ මොකාද?
පරීක්ෂණ කරන්නේ මොකාද?
විගනනය කරන්නේ මොකාද?

සියල්ල රාජපක්ෂ ගිණුමට බැර කොට..
මහ බැංකුවේ උන් මහ දවාලේ හොරා කා රට බංකොලොත් කලේ එසේය.

විගනකාධිපති කෝප් කමිටුවේ
බයිලා ගසති.

අනේ තොපේ විගනනේ
ගහ ගනියව් රෝල් කරලා අධෝ මාර්ගය කොනේ....

.

Sep 3, 2022

පුතානෝගේ රාජකීය කුමන්ත්‍රණය.

 


රට බංකොලොත් කළ,

කාණු කටා පියානෝගේ,

පුතානෝගේ රාජකීය කුමන්ත්‍රණය.

➖➖➖➖➖➖➖➖➖➖➖➖▪️


මේ රට බංකොලොත් රාජ්‍යයක් බවට ප්‍රකාෂ කිරීම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් බව, එය ප්‍රකාෂ කළ දිනම මාතලන් සිටී මතයය. මේ ඒ පිලිබඳ මුල සිටම කෙරෙන විග්‍රහයකි.


ඝෝඨාගේ ජනපති සටන ටාගට් කළේ දේශීය සිංහළ බෞද්ධ බලවේගයයි. මේ රටේ බලය ඩැහැගැනීමට මාන බලන අනෙකුත් ආගම්වාදී, ජාතිවාදී, ත්‍රස්තවාදී, සියළුම බලවේගයන්වල සහාය හිමිවූයේ සජිත් ප්‍රේමදාසටය. 


එහෙත් ඒ බලවේගයන් සියල්ලම පරාජය කරමින් ලැබූ ජයග්‍රහණය, අර බලවේග සියල්ලේම සිහිණය පොලොවේ ගසා කුඩු කර දැමුවේය. (එය නැවත වරක් අරගලය හරහා ඩලස් මඟින් ඉදිරිපත් කර ගැනීමට ගියද, සිංහළ බෞද්ධ බලවේගය විසින් නැවතත් ඒ සිහිණය කුඩු පට්ටම් කර දැමුවේය. එය එසේ වූයේ නම්, රැට්ටා බැට්ටා, බෙට්ටා මොට්ටා පාර්ලිමේන්තුවේ ඉන්නා බවත්, පෝට්ටුවේ උන්ට ඉන්නට වෙන්නේ අඩි හයක් පොලොව යට බවත්, රෝහිත අබේගුණවර්ධන කිව්වේ හෙන ගහනා ඇත්තම කතාවය.)


එම බලවේග සියල්ලම එකතුව, මේ රජය පෙරලා දැමීමේ ජාත්‍යන්තර කුමන්ත්‍රණය රාජිත සේනාරත්න විසින් ආරම්බ කරන්නේ ආන්ඩුව බලයට පැමිණ දින කිහිපයක් ගතවීමටත් පෙරය. ඒ ගානියා බැරිස්ටර් රාජිත විසින් උස්සලාය. ඒ වැඩේ හත් පොලේ ගාගෙන චොර වුනා කියා කස්ටිය වැඩේ අත ඇරියේ නැත.


රට ආර්ථික වශයෙන් විනාශ කොට  බංකොලොත් රාජ්‍යයක් කිරීමේ දේශපාලන කුමන්ත්‍රණය ආරම්බ වන්නේ ඉන් අනතුරුවය. කෝවිඩ් වලට රට වසා දැමීම, 

ඉස්ලාම් බැතිමතුන්ගේ භූමදාන සඳහා අවසර නොදීම, 

සයිනොෆාම් එන්නත ගෙන ඒමට විරුද්ධව උසාවී යාම, 

මුදල් මුද්‍රණය කර ජනතාවට සහන දීම ආරම්බ කොට ඉන් අනතුරුව රුපියල් 5000/= මදි කියා, අප උන්නා නම් 20000/= දෙනවා කීම, 

ඉන් පසු මුදල් මුද්‍රණය කරනවා කියා මර හඬ දීම,

ගෑස් ලිප් පිපිරවීම, 

ගුරු වර්ජනය, 

උන්ගේ පඩි වැඩි කර ගැනීම, 

කොරෝනා කාලයේත් වැඩ වර්ජණය කිරීම, ඉන්ධන මාෆියාවක් නිර්මාණය කොට ඉන්ධන අර්බුදයක් මැවීම හා 

අවසානයේ අරගලයක් නිර්මාණය කිරීම 

යන මේ සියල්ල පසු පස උන්නේත් ඒවා උලුප්පමින් කතා කලේත් කව්ද යන්න විමසිලිමත්ව සොයා බැලීමෙන්, මේ පසුපස උන්නේ කව්ද යන්නත්, 


සජිත්ගේ පිරිස් විසින් අඹර අඹරා දුන් මේ ලණු සියල්ලම දේශපාලනය තබා කළමණාකරණය ගැනවත් මලපොතේ අකුරක් හෝ නොදන්නා ඝෝඨාභය විසින් සෝස් දමාගෙන කා ඩෙසර්ට් එකට පී. බී, ලක්ෂ්මන් හා අජිත් නෙවාඩ් කබ්‍රාල්ගේ ගුලි ගිල දමා, ජනාධිපති කමටත් කෙලගෙන යාමත්, අද ඇත්ත වී අවසානය.


මේ සියල්ල පිළිබඳ මාතලන් යකා  එදා සිටම ලියූ ලිපි ප්‍රමාණය අනන්තය අප්‍රමාණය. මේ ගුලි කාලා අවසානයේ වෙන්නේ හිතා ගන්න බැරි වැඩක් කියා, ඒවායේ දහස් වර ලියා තිබුනේය. එමෙන්ම විදෙස් මෙන්ම දේශීය කුමන්ත්‍රණ පිළිබඳ විශේෂඥයකු වන විමල් වීරවංශට මේවා නොපෙනුනේද, එසේත් නොමැති නම් ඔහුත් ඊට සම්බන්ධ වූයේද යන්නත් අබ මල් රේණුවක මොලයක් ඇති එකෙකුට දැන් වටහා ගත හැකිය. උන්නැහේ කරන්න යන්නේ කුමක්දැයි කියා ඒවා ක්‍රියාත්මක වන්නටත් පෙර අප ලියා ඇත්තෙමු.


කෙසේ හෝ විදෙස් තානාපති කාර්‍යාල කීපයක මුදල් හා දේශපාලන බලයෙන්, සිරස හා සියත මාධ්‍ය නාලිකාවල සාදර දායකත්වයෙන්, එරාන් හර්ෂ හරහා පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙමින් රටේ ආර්ථිකය විනාසයි, බැංකු විනාශයි කියමින්ද, 


ගම්මන්පිල හරහා බොරතෙල් ගෙන්වීම නවතා සපුගස්කන්දේ තෙල් පිරිපහදුව වසා දමා, අවසානයේ රට පාලනය කිරීම ඇමරිකානූ ඇම්බැඩිඩර් නෝනාට ලබා දී, ඒ හරහා මුදල් අමාත්‍යාංශය බැසිල්ගෙන් ගලවා අලී ෂබ්‍රීට ලබා දී, ඔහු මුරුංගා අත්තේ තබා,


 ණයත් ගෙවමින් IMF යාමට උන් වැඩපිලිවල නවතා දමා (මේ පිළිබඳවද මාතලන් විසින් කීප වරක්ම ලියා ඇති අතර එම වැඩ පිලිවල පිලිබඳ පැහැදිලි විස්තරයක් අද දිනද Mahinda Pathirana විසින් ලියා ඇත.) නන්දලාල් වීරසිංහ ගෙන්වා, ඔහු හරහා රට බංකොලොත් බව ප්‍රකාෂ කිරීම පසුපස උන් දේශපාලන නායකත්වය සජිත් ප්‍රේමදාස බවත්, ඒ කුමන්ත්‍රණයේ සාමාජිකයින් කවුරුන්ද යන්නත් ඊයේ පාර්ලිමේන්තුවේදී මනාව ඔප්පු විය. 


මේ කුමන්ත්‍රණ කරුවන්ට ඉටු කර ගැනීමට නොහැකි වූ එකම කාරණය සජිත් රටේ ජනාධිපති කර ගැනීම පමණය. 


ඊයේ නන්දලාල් වීරසිංහ ප්‍රශ්ණ කරා කියා ඌයියා වී ඇත්තේ එයාලාටය. සජිත්, එරාන්, හර්ෂ යන තිදෙනාම, අනේ ඔයාලා නන්දලාල් එලවන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරනවා... එහෙම කරන්න එපා අනේ... කියන්නේ උන්ගේ කුමන්ත්‍රණය හෙලි වී, රෙදි ගැලවී අමු හෙලුවැල්ලෙන් ඉන්නා නිසාය.


උන්ගේ ලණු කා හිරෝ වී සිටින, අලී ෂබ්‍රි නන්දලාල් වෙනුවෙන් ගෙදර යන්න හදන්නේ ඝෝඨා වගේම ඝෝඨාගේ අබ්බගාත් උන්නැහේත් දේශපාලන අබ්බගාතයෙක් නිසාය. දේශපාලන පොට්ටයෙක් නිසාමය.


කෙසේ හෝ වජිර අබේවර්ධනගේ දේශපාලන ක්‍රියාකාරකම් පසෙක තිබියේවා ඔහු  කියන්නා වාගේ, පාර්ලිමේන්තුව තබා කැබිනට් මණ්ඩලය හෝ දැණුම්වත් නොකර නන්දලාල් විසින් බංකොලොත් බව ප්‍රකාෂ කළේ කෙසේද යන්න ගැන අනිවාර්‍යයෙන් පරීක්ෂණයක් කළ යුතුමය. මන්ද මුදල් පිලිබඳ තීන්දූ තීරණ ගත හැක්කේ පාර්ලිමේන්තුවටම පමණක් බව සජිත් මෙන්ම ඔහුගේ ගෝලයද හැමදාම ඔය ගවගාලේ කියා ඇති බැවිනි.


ඒ කෙසේ වෙතත් නන්දලාල් වීරසිංහ මොන බයිලා ගැහුවත් මේ වැඩෙන් රට, රටේ බැංකු, රටේ ව්‍යාපාරිකයින් හා ජනතාව ජාත්‍යන්තරය හමුවේ නෝන්ඩි වී අවසාන අතර, මැද පන්තියේ ජනතාවද හිඟන්නන් බවට පත් වී අවසානය.


එහෙත් මෙතෙක් අප සියල්ලො ජීවත් වූයේ තනිකර බොරුවක බවත්, දැන් යතාර්ථයේ ජීවත් විය යුතු බවත්, සත්‍යය ලෝකයේ ඇත්තෙන් ජීවත් වීම අමාරු බවත්, බොරුවට හැමදා ජයගත නොහැකි බවත්, සියල්ලෝම අවබෝධ කර ගැනීමටත් හේතූ වූයේ මේ තීරණය නිසාම හෙයින් එහි සුභවාදී පැත්තක්ද ඇති බව අප අවබෝධ කරගත යුතුය. භූමිතෙල් වැඩි වූවා කියා ජනතාව දැන් පාරට එන්නේ නැතිය. රාජපක්ෂලා හා එහි ගෝලබාලයින් රට කරවූයේ සහනාධාර බොරුවෙන් බවත් ඇත්තය.


මේකේ පට්ටම ආතල්ලෙක කියන්නේ, අද කුමන්ත්‍රණ කරුවන්ගේ රෙදි ගලවන උන්ට හිත හොඳටෝම රිදිලා කාණුකටාලා කියා නම් පට බඳින්නේ, එදා දේශපාලන ලෝකයේ කෙසෙල්වත්තේ කාණුකටා නමින් ප්‍රසිද්ධව වුන් පියානෝගේ පුතානෝ වීමය.


දැන් එයාලාට ඌයියා වුනාට කරන්නට දෙයක් ඇත්තේ නැතිය. මේ ඔවුන් රටට දෙන්න ගිය පරිප්පුවය. ඒ ලැජ්ජාව නිසා දැන් චන්දේ දෙන්න තබා නොදෙන්නවත් එන්නේ නැතිය. රෙදි ඇඳගෙන එහෙම එන්නටත් බැරිය.


දැන් මේ වැඩේට විරුද්ධ පාර්ලිමේන්තුවේ ඉන්නා උන්ගෙන් 5 දෙනෙකු පමණි. එලියේ ඉන්න හාල්පාරු යූනියන් හොරිකඩයෝ අදාලම නැත. ඒ නිසා රනිල් කළ යුත්තේ IMF යෝජනා වහාම ක්‍රියාත්මක කිරීමය. මන්ද උන් මානව අයිතිවාසිකම් පයිසෙකටවත් මායිම් නොකරන නිසාය.


ඒ වගත් මෙසේය....

.

Aug 25, 2022

රටේ ව්‍යාපාරික ප්‍රජාවට කෙලින මහ බැංකුවේ ගොබ්බයෝ

 


රටේ ව්‍යාපාරික ප්‍රජාවට කෙලින

මහ බැංකුවේ ගොබ්බයෝ

➖➖➖➖➖➖➖➖➖▪️


ජේ ආර් මේ රටට විවෘත ආර්ථිකය හඳුන්වා දීමට පෙර මේ රටේ සිටියේ ඉතා සුළු වෙළඳ ප්‍රජාවකි. බොහෝ නඟරවල පවා තිබුනේ සිල්ලර කඩයක් දෙකක් පමණි. භූමිතෙල් ගඳ ගගන රෙදි, උම්බලකඩ, හාල්පොතට දෙන හාල් බොම්බිලි කරවල විකුණන්නට කඩයක් දාගෙන පරිප්පු කන්නට මිනිසුන්ට අමාරුවක් තිබ්බේ නැතිය. 


සියල්ල සපුරා ගත යුතුව තිබුනේ සම්පේ හෙවත් සමුපාකාරයෙනි. සම්පේ මැනේජර් යනු අද කැබිනට් ඇමති කෙනෙකුගේ තත්වයේ සිටී පොරක් වුනේය. ඒකෙත් තිබ්බේ අර මාතලන් කලින් සඳහන් කළ බඩු ටිකය. සමහර ගොබ්බයන් සිරිමගෙ කාළේ මාර ආර්ථිකයක් තිබ්බා කියන්නේ ඔය සමූපේ ගැනය.


රට මේ තරමට හෝ ජීවන තත්වයෙන් උසස් රටක් බවට පත් වූයේ, ජේ ආර් ගෙන ආ විවෘත ආර්ථිකයට පින්සිඳු වන්නටය. 


ඉන් පසු එදා පොලී සහිත පහසු ගෙවීමේ ක්‍රමයට මැද පන්තියේ මිනිසුන් ගෙදරට ගෙන ආ, විදුලි ඉස්තිරික්කය, විදුලි කේතලය, බ්ලෙන්ඩරය, කැසට් රේඩියෝව, තනි ලිපේ හා ලිප් දෙකේ ගෑස් කුකරය මෙන්ම ගමටම අණ බෙර ගසා උස ගසක් මුදුණේ ශ්‍රමදානයකින් ඇන්ටෙනාවක් බැඳ ෆිල්ම් බලන්නට ගෙනා අඟල් 12" කළු සුදු රූපවාහිනියද සාලයේ හා දුම් කුස්සියේ තිබූ ප්‍රදර්ශනාත්මක සුඛෝපභෝගී භාන්ඩයන් විය.


අවුරුදු දෙක තුනකින් මේවා ගෙවා ඉවරවෙන විට ඒ භාන්ඩයන් කුණු ගොඩේ තිබුනද, මිනිසුන්ගේ ආර්ථිකය ශක්තිමත් වී තිබූ නිසා, ඒවා මිළඳි ගැන්ම පහසු වූ අතර, ඉන්පසු ජනතාව පහසු මිළට මිළඳී ගත්තේ වර්ණ රූපවාහිනී, සවුන්ඩ් සෙටප්, වොෂින් මැෂින් හා දොර දෙකේ ශීතකරණ හා ෆෝ බර්නර් ගෑස් කුකර්ය.


මේවා පහසු ගෙවීමේ ක්‍රමයට ලබා දුන් ෆිනෑන්ස් කොම්පැණි අධික ලාබ ලබන දිවයින පුරා ශාඛා පිහිටි විශාල සමාගම් බවට පත් වූ අතර, මේ භාන්ඩ ආනයනට සම්බන්ධ වූ ව්‍යාපාරික පිරිස, ශක්තිමත් කිරීමට විදෙස් බැංකු මෙන්ම පෞද්ගලික බැංකු පද්දතියක් රට පුරා ගම් දනව්වල පවා බිහිවන්නේ ඒ අනුවය. බැංකුවකට ගොඩ වීමට පවා බිය වූ පුංචි සිඤ්ඤෝලා ටවුමේ ෂෝ රූම් පටන් ගන්නේ ඒ අනුවය.


ඉන්පසු ශක්තිමත් වෙළඳ ප්‍රජවක් බිහිවූ අතර, යුද්ධය පැවති කාළයේ පවා ආර්ථිකය අවුලක් නැතිව ගලාගෙන ගියේ, මේ වෙළඳ ප්‍රජාව හේතුවෙන් හා ආයොජකයින් පැමිණ ආරම්බ කළ නිශ්පාදන කර්මාන්ත නිසාවෙන්‍ ය. 


මේ බඩු භාන්ඩවලට ආශා කළ පිරිස් මෙරට රැකියා දුලබ වූ හෙයින් විදෙස් ගත වී හෝ තම ජීවිත උසස් මට්ටමකට ගෙන ඒමට තීරණය කරනාතර රටේ ප්‍රධානම ආදායම් මාර්ගය විදෙස් ප්‍රේෂණ වන්නේත් ඒ අනුවය.


කොල්ලුපිටියේ කෝනල්ස්ගෙන් පටන් ගෙන අද සිරිපුර ටවුමේන් සුපර් මාර්කට් ඉඳිවන්නේ ඒ අනුවය.


යුද්ධයෙන් පසුව ජනතාව බ්‍රෑන්ඩඩ් නිශ්පාදන වෙත යොමු වන්නේත්, ලීසින් හා ලෝන් පහසුකම් යටතේ ස්කූටියක්, ත්‍රී රෝද රථයක්, පොඩි වාහනයක් තමන් සතු කරගැන්මටත්, නිවසට දැලි කුස්සි වෙනුවට පෑන්ට්‍රියක්ද, වල කක්කුස්සි වෙනුවට ටයිල් ඇල්ලූ නාන කාමරයක්ද, සිමෙන්ති පොලව සහිත සාලය වෙනුවට ටයිල් දැමූ ලිවින් ඒරියා සාදන්නේ ඒ අනුවය.


කරුමය වන්නේ, මහ බැංකුවේ ගොබ්බයන් කියනා පරිදි ජනතාව තම දහඩිය මහන්සියෙන් හා ණය වෙමින් මෙවන් අවම අධි සුඛෝපභෝගි ජීවන රටාවකට හුරු වීම නොව, ආර්ථිකයට සත පහක දායකත්වයක් නොදක්වන, පාඩු ලබන රාජ්‍ය ආයතන හා අයිස් ගසනා ලක්ෂ 15 ක් පමණ වන රාජ්‍ය සේවකයින් පිරිසක්ද, එවන් ජීවන තත්වයක් ලබා දීම සඳහා ජනතාවගේ බදු මුදලින් නඩත්තු කිරීමය.


එපමණක් නොව, රාජ්‍ය ආයතන තුල සිඳුවන දැවැන්ත මුදල් වංචා, හොරකම්, දූෂණ හා නාස්තිය සිඳුකරනා විශාල නිළධාරීන් පිරිසක්ද එයින් නඩත්තු වන අතර, රටේ දියුණුවට එන ආයෝජකයින්, කොමිස් ඉල්ලීමෙන් හා කප්පරක් ලියකියවිලි හා අනුමැතීන් ඉල්ලා හරවා යවා රටේ ආර්ථික කාබාසීනියා කර දමන්නේද මෙම ගොබ්බයින් වීමය.


නයි ටී ඇන් එකට එන, ජපානයේ වෙසෙන පැල්පොල විපස්සි හිමියන් කියන්නේ මේ තිත්ත ඇත්තය. සුළු ව්‍යාපාරයක් ඇරඹීමට යන දේශීය සුළු ව්‍යාපාරිකයාත් මානසිකව වට්ටා, ඒ මිනිහා පිස්සෙක් කර අකර්මන්‍ය කර දමන්නේ මේ 1/4 කන්නි ගොබ්බයන්මය.


දැන් රටින් ගෙන එන භාන්ඩ සියල්ලම නවතා දමා ව්‍යාපාරයන් සියල්ල බුන්වත් කරමින් කරන්නේ අර අයිස් ගසනා රාජ්‍ය සේවකයින් පිරිස තව දුරටත් නඩත්තු කිරීමය. තව දුරටත් ටී වී ඉදිරියට පැමිණ 225 ක් වන දේශපාලුවන්ට බැන වදිමින් ආර්ථිකය ගැන මෙලෝ අලබෝලයක් නොදන්නා ගොබ්බ ජනතාව අම්බරුවන්ට අන්දමින් සිටින්නේත් එවන් තිරිසනුන්මය.


එපමණක් නොව අළුතෙන් සුළු නිශ්පාදන ව්‍යාපාරයක් හෝ පවතින ව්‍යපාර වැඩි දියුණු කරගැන්මට ඉවහල් වල යන්ත්‍ර සූත්‍ර හා උපාංග පවා ගෙන ඒම සපුරා තහනම් කරලාය. මෙවන් තත්වයක් යටතේ සුළු හා මධ්‍යම පරිමාණ නිශ්පාදන කර්මාන්ත වල යෙදෙන උන්ට වෙන්නේ වස කෑමටය. සමහර විට කෘමිනාශක නැවත ආනයනට අවසර දුන්නේ ඒකට වෙන්නැතිය.


මේ 1/4 කන්නි පිරිසක් නිසා රටේ ව්‍යාපාරික ප්‍රාජාව හිඟන්නන් බවට පත් වූ පසු ආර්ථිකයට වන විනාශය මේ පොල් බූරුවන්ට නොපෙනෙන්නේ, උන් දන්නේ පොතේ තියරය පනණක් නිසාත්, උන් කිසි දිනෙක බිස්නස් එකක් කරලාවත්, ලාබ ලබන ආයතනයක හෝ විදෙස් රැකියාවක නියුතු වූවන් නොවනා නිසාත්‍ය.


අද ලෝකයම එකම ගම්මානයකි. ආර්ථිකයක් පවතින්නේ අපනයන වෙළදාමෙන් පමණක් නොවේය. ආර්ථිකය දුවන්නේ ආනයන අපනයන වෙළදාමෙනි. ඒවා කරන්නේ මහ බැකුවේ ගොබ්බයන් නොව සමාගම් හා ව්‍යාපරිකයින් විසින්ය.


අප අපනයන් රැගෙන යන්නට හිස් කන්ටේනර් අරගෙන එන්නට නැව් සමාගම් වලට පුපේ අමාරුවක් ඇත්තේ නැතිය. තොපි, අපේ භාන්ඩ ගෙන ඒම නවත්තනවා නම්, තොපේ භාන්ඩ තොපිම තියාගනිව් කියා මේ ඒ මිනිසුන් මේ ඉන්ටර්නැෂනල් ආර්ථික ගොබ්බයන්ට කියනා දින වැඩි ඈතක නොවේය. ඒ වන විට බැංකු පද්දතියද කඩා වැටී රට මිහිපිට අපායක් වී තිබීම ඉර හඳ වාගේ විශ්වාසය.


කරුමය කියන්නේ, එවන් තත්වයකට රට පත්වන්නේ, මිනිසුන්ගේ ජීවන තත්වය මෙන්ම දැණුමද වැඩි දියුණු කළ ජේ ජයවර්ධනගේ බෑනා රාජ්‍ය පාලනය කරන සමයේම වීමය.


මේවා කරලා දැන් ආර්ථිකේ නම් හොඳ තත්වයක තියෙනවා යැයි කියනා උන් වහාම මොළය ඉස්කෑන් කිරීමකට ලක් කොට මුතුහෙට්ටි ඇමති තුමාට මොළේ පිළිබඳ සහතිකයක් දුන් දොස්තර මහත්තයා ළඟට යැවීමට IMF ණය පහසුකමක් මුලින්ම ඉල්ලා ගන්නවා නම් වඩා හොඳය.

.

.

ඒ වගත් මෙසේය...

.

Aug 22, 2022

IMF එනතෙක් බලා ඉන්නා, නන්දලාල් කියන්නේ, ලෝඩ් ඔෆ් ද බෙගර්ස්ද?

 


IMF එනතෙක් බලා ඉන්නා,

නන්දලාල් කියන්නේ,

ලෝඩ් ඔෆ් ද බෙගර්ස්ද?

➖➖➖➖➖➖➖➖▪️


ලංකාව කියන්නේ හිඟන්නන් ජීවත් වූ රටක් නොවේය. මෑතක් වන තෙක්ම, කන්න බොන්න නැතත් ආඩම්බරකාර අලි පුපෙන් ජීවත් වූ ජනතාවක් සිටී රාජ්‍යයක්ය. ආක්‍රමණයන් හමුවේ පසුබැස පලාගොස් සැඟව සිට, තුවක්කු බයිනෙත්තු සන්නද්ද හමුදාවලට පවා එරෙහිව සටන් කළ වීරයන් සිටී රාජ්‍යයක්ය. මුල්ලේරියා සටන්, මාතලේ කැරළි, වෙල්ලස්සේ ඉතිහාසය, දුටුගැමුණු වලගම්බා කතා ඊට නිදසුන්‍ය.


එය, විජය සමඟ පැමිණි ආක්‍රමනිකයන් පිරිසක් වූ, පසුව මහා ජාතිය බවට පත් වූ, සිංහළ බෞද්ධ ප්‍රජාවට උරුම වූ අභිමානයක් පමණක් නොව, දෙමළ ජනතාවටද, පසුව ලාංකිකයින් බවට පත් වූ ඉස්ලාම් දහම අදහන ප්‍රජාවටද උරුමව තිබූ ජීවන රටාවක්ය. ඒ උන්ගේ හැටිය.


තුටු පඬුරු, වරදාන වරප්‍රසාද හමුවේ, රට ජාතිය පාවා දුන් බවට අතේ ඇඟිලිවලටත් අඩු පිරිසකගේ නම් ඉතිහාසයේ ලියැවී ඇත්තේ එබැවින්‍ය. සුද්දන්ගේ වතු වල වැඩ කරන්නට ඉන්දියාවෙන් වහලුන් ගෙන එන්නේ ඒ නිසාය. පාරවල් සෑදීමට එන්නේ නැති උන්ට බදු ගසන්නට සිඳුවූයේ ඒ නිසාය.


එමෙන්ම සුද්දා රටෙන් පිටව යන විට ජීවන රටාවෙන්, අධ්‍යාපනයෙන් හා ආර්ථික වශයෙන් ශක්තිමත් ආඩම්බරකාර කළු සුද්දන් පිරිසක් බිහිකර තිබුනද, සමස්ත ජනතාවම ඒ තත්වයට පත් කිරීමට නොහැකි වූයේද ඒ ආඩම්බර කම නිසාමය.


අනාගතය ගැන අවබෝධයක් තිබූ ජනතාව සුද්දාට පාඩමක් ඉගැන්විය යුත්තේ සුද්දාගෙන් උගෙන, උගේ ක්‍රමයටම බව තේරුම් ගෙන තම දරුවන්ට බටහිර අධ්‍යාපනය හා ජීවන රටාව හුරු කළද, ඒ පිළිබඳ අවබෝධයක් නොමැති පිරිස ආඩම්බර කම සමඟම ජීවත් වූයේ කිසි අවුලක් නොමැතිවය. ස්වෝත්සාහයෙන්ය.


නිදහසෙන් පසුවත් ඔවුන් ගොවිතැන් බතක්, දඩයමක්, තම ජීවීකාව කරගෙන, ගමේ පන්සලත් නඩුත්තු කරගෙන, දරුවන්ට අධ්‍යාපනයද ලබා දෙමින්, කිසිවකුටත් අත නොපා ජීවත් වූයේය. ඩී එස් සේනානායකගේ සුප්‍රසිද්ද කතාවක කියන්නේත්, ඒ ආඩම්බර ජනතාව ගැනය.


එසේනම් මෙවන් ජන සමූහයක්, සමාජයක්, සස්කෘතියක්, සියල්ල නොමිළේ බලාපොරොත්තු වන හිඟන මානසිකත්වයක් සහිත පිරිසක් බවට පත්කොට සහනාධාර පිරි රාජ්‍යයක් බවට පත් කළේ කවුරුන්ද?


ඒ වෙන කිසිවකුත් නොව, බලය වෙනුවෙන් ජාතිවාදය වපුරුවමින් ඉදිරියට ආ SWRD බන්ඩාරනායකය. 56 විප්ලවයෙන් බිහි වූයේ හීනමානය කරමත පටවා ගත්, ඉන්ගිරිසිය නොදත්, උගත් ගිරවුන් පිරිසක් හා හිඟන මානසිකත්වයක් සහිත ගොබ්බ සමාජයක්ය.

අදටත් මහපාරේ කෑ ගසන්නේ උන්ගේ දරු මුණුබුරු මිණිබිරියන්මය.


ව්‍යාපාර ජනසතු කරමින්, කිසිම සුදුසුකම් නැති උන් තම පාක්ෂිකයන් වීම හේතුවෙන් රජයේ රැකියා සඳහා මන්ත්‍රී චිට් වලින් පුරවමින්, එතෙක්, ටයි කෝට් ටොප් හැට් ඇඳි වචනයේ පරිසමාතර්තයෙන්ම මහත්වරුන් වූ පිරිසකගෙන් පිරී තිබූ ගෞරවනීය රාජ්‍ය සේවය, රෙදි බැනියන් අමුඩය අඳින, බුලත් විඩ හපන, මහ දවාලේත් කසිප්පු බොන, මහත්හොරුන්ගෙන් පිරි අපත මජර හොර ගුහාවක් බවට පත්වීම ආරම්බ වන්නේ ඒ යුගයෙන් අනතුරුවය. 


එසේ රටට ජාතියට මෙන්ම මහා භාන්ඩාගාරයටද මහා බරක් වූ, ලක්ෂ 7 ක් පමණ වූ, නිකන්ම කන හිඟන්නන් පිරිසකගෙන් සමන්විතව තිබූ රාජ්‍ය සේවය, ලක්ෂ 15 ක් කළේ වෙනින් කවුරුවත්වත් නොව, ලෙනින්ලාගේ දහම වලව් පැලැන්තියෙන් පවත්වාගෙන ගිය, ඩෝප් මරගාතේ බන්ඩාරනායකගේ පිටිපස්සෙන් ආ ඩී ඒ රාජපක්ෂ උන්නැහේගේ නාහෙට නාහන කොලු ගැටයාය. 


පෝර නොමිළේ ලබා දී හා ගොවි ණය අහෝසි කරමින්, මඩ සෝදා ගත් කළ හවසට කටුකම්බි ෂොට් එකකින් සප්පායම් වී රජුන් වගේ උන් ගොවියෝ, අමුඩෙත් රජයෙන් ඉල්ලන හිඟන්නත් බවට පත්කලේත් උන්නැහේමය.


ඊළඟට සාමාන්‍ය ජනතාව හා ශිෂ්‍ය ප්‍රජාව හිඟන සමජයක් බවට පත් කරන්නේ, විවෘත ආර්ථිකයෙන් රටේ ආර්ථිකයේ විප්ලවයක්ද සිඳුකල ජේ ආර් උන්නැහේය. සල්ලි තියෙන එකාටත් පාසල් අච්චු පොත් නොමිළේ දෙන්නත්, එතෙක් රජයේ ඉස්පිරිතාලවල බෙහෙත් ගැනීමට අය කළ මුද්දර ගාස්තුව ඉවත් කිරීමත්, මහපොල ශිෂ්‍යත්ව‍යත්, පටන් ගත්තේ උන්නැහේය. 


සමස්ත ජනතාවම හිඟන මානසිකත්වයකට ඇද දැමූ ජනසවිය ව්‍යාපාරය (අද සමෘධි ව්‍යාපාරය..., ඇත්තටම මේක බොහෝ උන්ගේ ව්‍යාපාරයක් පමණක් නොව අන්ත දූෂිත මාෆියාවක් බවටද පත් වී අවසානය) අරඹන්නේ, ජේ ආර් උන්නැහේගේ අඩි පාරේම ගිය මහ ප්‍රේමේය. පොඩි ප්‍රේමේ බලේට ආවා නම් ගෑණුන්ට සනීපාරක්ෂක තුවායත් ආන්ඩුවෙන්‍ය. 


මේ රට විනාශයට පත් කළේ වෙන කිසිවකුත් නොව මෙවන් 1/4 කන්නි හිඟන සංකල්ප හඳුන්වා දී ක්‍රියාත්මක කළ 1/4 කන්නි දේශපාලුවෝය. මුන් මේවා කලේ තමන්ගේ තිරිසන් අශාවන් වන බලය ලබා ගැනීමේ හා බලය පවත්වා ගැනීමේ  තුච්ඡ පරමාර්තයෙන් කප්පම් ලෙස මිස, රට ආර්ථික වශයෙන්  දියුණු කිරීමට නොවේ.


අද මුන් තමන්ගේ චන්දය ලබා ගන්නේ, මේවා දිගටම ඕනෑ නම්, තමුන් බලයට පත් කරන ලෙසට තර්ජනය කරමිනි. 


මීට අමතරව ඇති හැකි පෞද්ගලික අංශයේ එකාත් ජීවත් වී ඇත්තේ සහනාධාර ලබමින් ආර්ථිකයට කෙලමින් බව, අද නියමිත මිළට නිශ්පාදන හා සේවා ලබා ගැන්මේදී නඟනා අඬෝවැඩියාවෙන් පැහැදිලිවම පෙනේ.


ඒ කියන්නේ සමස්ත රටවැසියාම 1956 සිට හුරු කොට ඇත්තේ හිඟන හා සහනාධාර මානසිකත්වයකටය. මේවා කරපු 1/4 කන්නියෝ  අද වන විට බලය නැතිව හෝ මියගොස් සිටිනාතර විඳවන්නේ අද ජීවත් වන අපය.


අද අපේ රටේ ඇති ආර්ථික අර්බුධයට ප්‍රධානම හේතුව වෙන කිසිවක්ම නොව, ආර්ථිකයට කිසිඳු දායකත්වයක් නොදක්වන රාජ්‍ය සේවය, රාජ්‍ය ආයතන හා මේ හිඟන්නන් පිරිස නඩත්තු කිරීමය. ජාතික ආදායමෙන් වැඩිම ප්‍රතිශතයක් වැය වන්නේ මේ හිඟන්නන් පිරිසගේ වැටුප් දීමනා හා සහනාධාර සඳහාය.


ඉන්දියාවෙන් ගත් බිලියන හතරෙන් කරපු ලබ්බක් නැතිය. එය කා බී පැට්‍රෝල් ගහලා රෝන්දේ ගිහිල්ලාම අහවරය. රාජ්‍ය අංශය ප්‍රතිව්‍යූහගතකිරීමකට ලක්කරනවා යැයි කීවත් තාම ඒ ගැන හිතලාවත් නැතිය. සහන මිළට පෝර දීම් පෙර පරිදිම ක්‍රියාත්මකය. තව දුරටත් රවටා ගන්නේත් රැවටෙන්නේත් අපමය.


දැන් මහ හිඟන්නා IMF එකෙන් බිලියන 3-4 ක් එනකන් දෙසැම්බර් වෙනකන් බලාගෙන ඉන්නෙයි කියනවාය. උන්නැහේටත් හිඟාකනවාම හැර, ආයොජකයෙක් ගෙන ඒමේ හෝ සංචාරකයෙක් ගෙන ඒමේ කිසිඳු වැඩපිලිවලක් මේ දක්වා ඇත්තේ නැතිය. එවන් දිරිගැන්වීම් වැඩසටහන් කිසිවක් ඇත්තේ නැතිය. තාමත් තිබෙන්නේ එන එකාත් එලවා දමනා චක්‍ර ලේඛන හා නිළධාරීන්මය.


රජයේ සංවර්ධන යෝජනා ක්‍රම සියල්ල නවතා දමලාය. ආනයන වෙළඳාම කරපු උන්ට නැතිවෙන්නම ඇරලා අහවරය. මේවායෙන් ජීවත් වූ උන්ට කන්න වෙන්නේ මයියොක්කා වවලාය. පුප මහලා බඩ යන්නම දෙනවාය කියන්නේ මෙහෙව් ක්‍රියාවන්ටය. 


රනිල්ට ගුහාවේ කෙලවර පෙනෙන ආලෝකය ඇත්තේ, ආලෝක වර්ෂ ගනනාවකින් එපිට ඇති කළු කුහරයක වෙන්නට ඇතිය. බොහෝ විට ඒ පේනවා ඇත්තේ පෘතිවියේ පිපිරීම වන්නටද පුලුවනය.

.

.

ඒ වගත් මෙසේය..

.

Aug 20, 2022

රාජ්‍යයක් අවශ්‍ය කුමටද?

 


රාජ්‍යයක් අවශ්‍ය කුමටද?
➖➖➖➖➖➖➖➖➖

ටික දිනකට පෙර රාජ්‍ය සේවය සම්පූර්ණයෙන්ම පෞද්ගලීකරණය කළ යුතුය කියා ලියූ වෙලේ, රාජ්‍යයෙන් පිනට කෑ වුන් මෙන්ම තාමත් කන බොහෝ පිරිසක් මා සමඟ උරණ වී අපේ අම්මා මතක් කළ අතර, සමහර උන් දුරකතන ඇමතුමක් දී ඒ පින අනුමෝදම් කළ බව කියන්නේ බොහෝ සතුටින්මය.

දියුණු සමාජයක රාජ්‍ය විසින් සිඳු කළ යුතු රාජකාරීන් බොහෝ සීමා වී ඇති අතර, එවන් දියුණු රාජ්‍යයන් පාලනය, තරුණ ප්‍රජාවට බාර වී ඇත්තේ, ආර්ථික සංවර්ධනයෙන් පමණක් නොව ආකල්පමය අතින්ද සංවර්ධනය වී ඇති නිසාය. 

ඇත්ත වශයෙන්ම මේ පිළිබඳව ඉතා සරළ බසින් අපට කියාදෙන අරුණි ශපිරෝ මහත්මියගේ ළිපි, ලෝකය ගැන දැනගැනීමේ පිපාසාවෙන්න් පෙලෙනා අප වැනි ළිං මැඩි ගෝත්‍රික ප්‍රජාවකට මහා රුකුලක් වන්නේමය.

සමහර මෝඩයන් එවේලේ කිව්වේ, පාර්ලිමේන්තුවද පෞද්ගලීකරණය කරනා ලෙසය. රාජ්‍යයක පැවැත්මට, ආරක්ෂාවට මෙන්ම, හදිසි හා ස්වභාවික විපත් වලදි උදව් උපකාර සහනාධාර ලබා දීමටත්, සියල්ල අධීක්ෂණයට හා නිරීක්ෂණයටත් (දත්ත පවත්වාගෙන යාමට), නීතිය හා සාමය සුරැකීමටත්, ආගමන විගමන ගටයුතු මෙන්ම විදෙස් සබඳතා සඳහාද යම් යම් ආයතන, රාජ්‍ය සතුව පැවතීම අනිවාර්‍යය. 

එහෙත් රාජ්‍යය බිස්නස් කරන්නට යාමෙන් අවසානයේ සිඳුවන්නේ කුමක්ද යන්නට හොඳම උදාහරණයක් අවශ්‍ය නම් ඒ වෙන කිසි රටක් නොව, මේ අපේ ධර්මද්වීපයමය.
මේ ගැන අනන්තවත් ලියා ඇති නිසා නැවත ලිවීම කියවන ඔහේලාටත්, ලියන මටත් පට්ට බෝරින් වැඩක් නිසා ඒ තැටිය නැවත වාදනය කරන්නේ නැතිය.

එසේ බිස්නස් වලට නොගියත්, පෞද්ගලික වෙළෙන්දා පාරිභෝගිකයා හූරාගෙන කෑමට එරෙහිව රාජ්‍යය අනිවාර්‍යයෙන් මැදිහත් විය යුතුමය. පාරිභෝගික අධිකාරියක්, පොලීසිය හා අධිකරණය තියෙන්නේ ඒකටය, ඒවායේ ඉන්නා උන්ට පඩි නඩි හා දීමනා ලබා දෙන්නේ ඒකටය. ඊට පිලියම නැවත ආන්ඩුව බිස්නස් කරන්නට යාම නොව, වෙළඳපොල විවෘත කිරීමය.

වෙළඳ ඇමතිවරයා කරන්නේ මේ වැඩේය. දැන් හාල් මාෆියාවට මෙන්ම වී ගොවි මාෆියාවටද කෙල වී හමාරය. බිස්කට් කාරයන්ට කෙලවෙලාම ගියේය. එමෙන්ම බිත්තර වලට පාලන මිළක් දැමීමද, බිත්තර ගොයියෝ ලෙඩේ ඇද්දොත් පිට රටින් ගෙනත් දෙන බව කී එකද ග්‍රේට් වැඩය. 

හැබයි මේවා කිව්වා වගේම කරන්න කංචනට වගේ හයිය පිට කොන්දක් තිබෙන්නටත් ඕනාය. බිත්තර මාෆියාවට බය වී, බය ඝෝඨා මෙන් ගහන ගහන ගැසට් අකුලා ගන්නා හාල්පාරු ගොබ්බ පාලකයන්ට අවසානයේ සිඳු වූයේ කුමක්ද යන්න, සහනාධාර උඩ දමන කොයි ගොබ්බ දේශපාලුවාටත් හොඳ පාඩම්මය.

දැන් නන්දසේන වෙනුවට ඇවිත් ඉන්නේ නන්දලාල්‍ උන්නැහේය. එයා රටෙ ආර්ථිකය යහපත් තත්වයකට ඇවිල්ලැයි කිව්වාට, ජනතාවගේ ආර්ථික තත්වය නම් තියෙන්නේ අම්මාට හැමිනිලාය.

එයා මේ කළුකඩ මාෆියාවට එරෙහිව අද වනතෙක් කටක් ඇරිලා නැතිය. එයාගේ තියරිය අනුව, රටේ සල්ලි පිටරට යන නිසා, එයා ඉන්නේ දේශීය ව්‍යවසායකයා, නිශ්පාදකයා හා ගොයියා මෙයින් වාසි ගන්නා කූට ව්‍යාපාරිකයින් මෙන්ම පන් ගොයියා කරන්නේ පාරිභෝගිකයා හූරාගෙන කෑමය.

නන්දලාල්ලාට නම් සල්ලි නැති වුවහොත්, සල්ලි අච්චු ගහලා එයාගේ පඩිය ගන්නට පුලුවන් උනාට, අපි සල්ලි අච්චු ගහන්න ගියෝතින් ඒක නීතී විරෝධියි කියා අච්චු කරන්නේත් එයාලාමය.

ඒ නිසා එක්කෝ අපිටත් මනී ප්‍රින්ටින් වලට අවසර දෙන්නට ඕනෑය. එහෙම නැත්නම්, කළු කඩ කාරයන් හා පන් ගොයියන් කෝටිපතියන් කරන්නේ නැතිව, සාධාරණ මිලකට අත්‍යාවශ්‍ය භාන්ඩ ටික ජනතාවට අවශ්‍ය ප්‍රෝටීන් ටික අපට ලබා දිය යුතුය.

රාජ්‍යයක් හා පාලකයෝ ඉන්නේ ඒවාට මිස, ප්‍රෙස් කොන්පරන්ස් තැබීමටවත්, බෝධි වන්දනාවලට හෝ අටමස්ථාන නමදින්නටත් නොවේය.

ජනතාව දැන් ඉන්නේ ඔය විගඩම් දැකලා ඇතිවෙලාය. දැන් උන්ට ඕවාට කේන්ති යන්නේ නැතිය. දැන් උන් ඒවා දැක්කාම කරන්නේ, හිකෙන් පුනාවෙන එකය.
.
.
ඒ වගත් මෙසේය.........

©® Priyantha Hewage Maathalan 
.

Apr 9, 2022

කලින් ලියූ දෙයක් නැවත ලියමි.

 


මේ අර්බුදයෙන් ගොඩ ඒමට නම්,

🔺 1. එක්කෝ විදෙශ් රාජ්‍යයක් රට පාලනය කළ යුතුය.

🔺 2. නැතිනම් විදෙස් ආයතනයක් රට පාලනය කළ යුතුය.

මෙය මාතලන් විසින් මීට පෙර කිහිප අවස්ථාවකම ලියා ඇත.

ඒ ඇයි?

මෙතෙක් රට පාලනය කළ දේශපාලුවන්ද, නිළධාරීන්ද සියල්ලෝම පට්ට ෆේල් ය. එය පිලිගැනීමට දෙසරයක් කල්පනා කළ යුතු නැත. 

එමෙන්ම විපක්ෂයේ ඉන්නා සියල්ලන්ටමත්, විසිල් ගහනා සිවිල් ක්‍රියාකාරින්ටත්, මේ රට ගොඩගැනීමේ කිසිඳු සැලැස්මක්, ක්‍රියාදාමයක්, වැඩපිලිවලක් හෝ අදහසක් ඇත්තේ නැති බවත් ඉතා පැහැදිලිය.

දැන් උන් සියල්ලෝ ඉන්නෙ අඥකොරොස් වී මොළේ කුරුවල් වී පිස්සු තද වෙලාය.

උන් සියල්ලෝම කරන්නේත් ටික් ටොක් කරපු පොඩි උන් හා රැලේ වැටී "ගෝ ඝෝඨා ගෝ" කියනා එකම විතරය.

බව්වෝ රැලේ වැටෙනා කාළයටත් මෙසේමය. එකෙක් උඩු බුරන්නට පටන් ගත් විට ගමේම ඉන්න බව්වෝ උඩු බුරනවාය. ඒකට ස්ට්‍රීඩ් ඩෝග්ස්ද පොෂ් ඩෝග්ස්ද කියා අවුලක් ඇත්තේම නැතිය.

ඝෝඨා ගියා කියා මේ අර්බුදය විසඳෙයි නම්, මාතලන්ටද පාරට බහින්නට කිසිම අවුලක් ඇත්තේ නැතිය.

එහෙත් එසේ පාරට බැස..., ගේන්නට කිසිවෙක් නැතිය. කලින් කිහිප වරක්ම කියා ඇති පරිදි, ඝෝඨා මේ රට හැදුවේ නැත්නම් හදන්නට එකෙක් ඇත්තේත් නැතිය. එට අද ඇස් පනාපිට ඔප්පු වී අවසානය.

▪️ බැසිල් යටතේ සිඳුවීමට ගියේ අංක එකයි.

එය එතරම් නීරස එකක් නොවූවත්, IMF යෝජනා ක්‍රියාත්මක නොකර, ඉන්දියාවේ උදව් උපකාර හා ආයෝජකයින්ට ඉඩ ප්‍රස්තාව ලබා දී, ගොඩ ඒමේ චෑන්ස්සෙකක් තිබිනි. (බැසිල්ට 10% ක් යාම වෙනම කතාවකි. 😁)

උදා - ඩුබායි, සිංගප්පූරුව විශේෂයෙන් මහතීර් මොහොමඩ් ගැහුවේ මෙහෙම ගේමකි.

▪️ මේ මොහොතේ සිඳුවෙමින් තිබෙන්න අංක දෙකයි. 

එය අධික මාත්‍රාවකින් භාවිතා කළ යුතු, අධික තිත්තෙන් යුතු බෙහෙතකි.

කැපකිරීම්, අහිමිවීම්, බොහෝ අධිකය.

නමුත් වසරකින් පමණ ගොඩ ඒමේ චෑන්ස් එකක් ඇතත්. එය තීරණය වන්නේ ලාංකිය දේශපාලන ස්ථාවරත්වය හා දේශපාලුවන්ගේ බුද්ධිය අනුවය. 

ඒ බව ඉතා පැහැදිලිව ජනතාවට තේරෙන වචනයෙන් කිව්වේ සැන්ට්‍රක් බැංකුවේ නිව් ගවනර් ආචාර්‍ය නන්දලාල් වීරසිංහ උන්නැහේය.

මාතලන් නම් කියන්නේ, IMF යෝජනා ක්‍රියාත්මක කිරීමට යාමේදී, ජේ ආර්ගේ ඉන්දු ලංකා ගිවිසුම ක්‍රියාත්මක කිරීමට ගොස් රටේ උද්ගතවූ භීෂණ යුගය නැවත ඇතිවීමේ ප්‍රවනතාවය ඉතා ඉහළ බවය.

උදා - ලෙබනන්

ඒ එසේ යැයි කියා අසුබවාදීම විය යුතු නැත්තේ, IMF යෝජනා ක්‍රියාත්මක කරමින් ගොඩ ආ රටවල්ද බොහෝ තිබෙනා නිසාය.

උදා - ඉතියෝපියාව, ඝානාව, මාලදිවයින 

එහෙත්, විධායක ජනාධිපති ධූරය ශක්තිමත්ව පවත්වාගෙන යා හැකි නම්, ඊට ජාත්‍යන්තරයේ සහාය ලැබේ නම්, රටට හොඳ කලක් උදාවනු ඇත. එය සිහිණයාක්ම පමණි. විය හැක්කේ ඊට ප්‍රතිවිරුද්ධ දෙයයි.

ඇත්තටම මේ රට මහා අවාසනාවන්ත රටකි.

උගත් යැයි කියනා උන්ටද මේ කිසිවක් නොතේරී, අමන මදන තරුණ කැළ හා වැටි පිස්සු කෙලීම පෙන්වන්නේ රටේ අධ්‍යාපනයේ හා සංස්කෘතියේ ගෝත්‍රිකත්වයම පමණි.

(තරුණ ප්‍රජාව පාරට බැස උද්ඝෝෂණ පෙලපාලී පැවැත්වීමට මාතලන් කිසිසේත් විරුද්ධ වන්නේ නැතිය. නැත්නම් උන් තරුණ තරුණියෝ නෙමේය. මාතලන් උන්ට කින්ඩිය දමන්නේ අත්දැකීම් ඇති වැඩිහිටියකු ලෙස උපදෙසක් දීමේ අටියෙන් පමණි. උඹලාගේ ආතල් එක උපරිමයෙන්ම ගත්තාට මගේ කිසිම අවුලක් ඇත්තේ නැතිය.)

මේ අවු අස්සේ, ආගමික අන්තවාදයද කිසිඳු හිරිකිතයකින් තොරව බොරදියේ මාළු බාමින් සිටි. එය ඇවිලෙන ගින්නට පිඳුරු දැමීමක් මිස නිවා දැමීමක් නොවේ. ඒවා දැක්කාම නම් බඩ දඟලා ඔක්කාරයටම එන බව නොකියා සිටිය නොහැකිය.

ඉදිරි වසර සුභ නව වසරක් වේවා කියා පතන්නේ මේ කිසිවක් නොදත් අඳබාලයෝය.


ඒ වගත් මෙසේය.


.