.

.
Showing posts with label Financial Crisis. Show all posts
Showing posts with label Financial Crisis. Show all posts

Jun 19, 2025

මහින්ද සිරිවර්ධන වැඩ්ඩෙක්ද?

 





මහින්ද සිරිවර්ධන වැඩ්ඩෙක්ද?

➖➖➖➖➖➖➖🔸🔶🔸➖


මුදල් අමාත්‍යංශයේ ලේකම් වෙන්න අනිවාර්‍යයෙන් ඉකෝන් ඇන්ඩ් එකවුන්ට්ස් වගේම ග්ලෝබල් ට්‍රේඩීන් ඇන්ඩ් ටැක්සේසොන් දැනගෙනත් ඉන්ටම එපාය...


එතෝට සිරිවර්ධන මහත්තයා ඔය ඔක්කෝගෙම ප්‍රවීනයෙක් වෙන්ට ඇති....


ඒත් එයාගේ කාළෙම තමා ගෝටා විදෙස් ණය ගැන්ම නැවැත්තුවේ... වාහන අපනයනය නැවැත්තුවේ... රට බංකොලොත් රාජ්‍යයක් වුනේ....


ඊට පස්සේ ගෝටා විසිවෙලා රනිල් ආවමත් සිරිවර්ධන මහත්තයාමයි වුන්නේ... හැබයි රනිල් බංකොලොත් වෙච්චි රටේ imf යෝජනා අනුව ජනප්‍රිය නොවන තීන්දූ තීරණ අරගෙන මහ බැංකුව ස්වාධීන ආයතනයක් කරනවා වගේම..  


2024 අංක 44 දරණ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත (Public Financial Management Act) ගෙනත් තවදුරටත් මුදල් අච්චු ගැසීම වගේම රාජ්‍ය මූල්‍ය කළමණාකරනයේ නව නීතී රීතී රෙගුලාසි විශාල ප්‍රමාණයක් හඳුන්වා දෙනවා පමනක් නොව....


(ඔය ජනාධිපති ලේකම් කාර්‍යාලයේ තිබූ උත්සවයකදි මේක විශාල ජයග්‍රහණයක් බව ඔය සිරිවර්ධන මහත්තයන පිලිගත්තා... හැබයි බුවා ඊයේ ඉමෝෂනක් වෙච්චි නිසා කතාවේ ඒ කෑල්ල කඳුළු වලින්  කවර් වෙන්නැති... අපේ අය මේවට ඕසෙට රැවටෙන්නේ 😁....  අනික මේ ජනපති ඉස්සරහා ඕක කියලා ... අර කිව්වා වගේ පොරට ජම්පරේ දායි කියලා බයත් හිතෙන්නැති)


76% තිබූ උද්ධමනය තනි ඉලක්කමකට ගේනවා වගේම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් දුන් සියලුම ඉලක්ක සපුරමින්.. ජාත්‍යන්තර බැඳුම්කර පවා ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථකව නිමා කරමින්.... 5% ආර්ථික වර්ධනයක්ද සමඟ කජු හා ඇල්ගීත් කමින් ඩොලර් බිලියන 6 ක විදේශ සංච්තත් ඉතුරු කරමින් ගිනි තිබ්බ ගෙදරට යනවා....


දැන් සීයා ගිහින්.... තබුත්තේගම මහේන්ද්‍ර ප්‍රසාධිනී කයිතන් උන්නැහේ ඇවිත් මාස 6 ක්... තාමත් ඊයේ වෙනකන් සිරිවර්ධන මහත්තයා ලේකම්.... හරි විදියට ඩොලර් සංචිතේ ඩොලර් බිලියන 7.5 ක් වෙන්ට ඕන... ආර්ථික වර්ධනේ 5% ට වැඩි වෙන්ට ඕන...


හැබයි එහෙම වුනේ නෑ.....


ඉතින් වැඩ්ඩා සිරිවර්ධන මහත්තයාද?

කජු කාපු සීයද?


සත්‍යයේ සටහන

බුද්ධියේ විමසුමට....

.

Mar 21, 2023

ඒකාධිපතියකු විය යුතුය.

 



ලංකාව දියුණු රටක් වන තෙක්

පාලකයා හැලපයෙක් නොව

ඒකාධිපතියකු විය යුතුය.

➖➖➖➖➖➖➖➖➖🔴


ලියන්න බලාපොරොත්තු වූ ආරම්බය මෙය නොවේය. වැඩේ පටන් ගන්නට ගියේ තරුණ කාළයේ අපේ බ්ලඩ් පෙසොර් එක වැඩි කළ ධර්මසිරි බණ්ඩාරනායක සඕදරයාගේ ඒකා අධිපති නාට්ටියෙන්ය. එහෙත් සුන්දර Geethika Dharmasinghe සඕදරිය මතුකල ප්‍රශ්ණයක් නිසා වැඩේ එතනින් පටන් ගැනීම හොඳ යැයි කියා සිතුනේය.


ගීතිකා සුදූ ඒ ප්‍රශ්ණය මතු කරන්නේ මා දැමූ පෝස්ටුවක් තුලය.. මාතලන් කීවේ... මේ රට පාලනය කල යුත්තේ ඝෝඨා මෙන් පැපොල් ඇට ලොන්තයෙක් නොව, ඒකාධිපතියෙක් බවය ... 


ගීතිකාගේ ප්‍රශ්ණය වන්නේ... උඹ අකමැති එකෙක් රටේ පාලකයා වී ... ඌ ඒකාධිපතියෙක් වුවහොත් උඹ කැමති වනවාද යන්නය. 


ඇත්තටම මේ ලිවිල්ල ගීතීකා සඕදරියට ලියන ලව් ලෙටර් එකක් ලෙස සැලකුවාත් අවුලක් ඇත්තේම නැතිය...


මාතලන් මතය වන්නේ, අපි හැම එකාම ඇතුලේ ඒකාධිපතියෙක්, ඊගෝ කාරයෙක්, රාක්ෂයෙක් ඉන්නා බවය, ස්වයං පාලනයකින් ඒ රාක්ෂයා අප දමනය කරගෙන සිටියද, ඒ ශිෂ්ඨත්වය වෙනුවෙන්ම මිස, වෙන හේතුවක් නිසා නොවේය යන්නය.


ජූන්ජක් ඌවා වූවත් කැමරා කාරයෝ සමඟ මානව හිමිකම් කොමිසමට දුවනා, මිනිසත්කම කම බණ දෙසනා අහිංසාවාදී මානව මානවිකාවන්ගෙන්  මැයි 9 වනදා බුකියේ දෝරේ ගලා ගියේ, ඒ රාක්ෂයාගේ ආදරයයි.


නැවතත් ප්‍රස්තුතයට එන්නේ නම්, වත්මන් දේශපාලන පරිසරය අනුව, රනිල්ගෙන් පසු රටේ නායකත්වයට පත් වීමට වැඩිම ප්‍රවනතාවය ඇත්තේ, අපේ අන්‍රයියාට බව සක්සුදක් සේ පැහැදිලිය. නැතිනම් සජිත් ප්‍රේමදාසය.


ඒත් සුදු ඔයා දැන ගත යුත්තේ, මේ දෙදෙනාම මම කැමති නායකයන් බවය. මේ දෙදෙනාම රටේ නායකයා වුවද මට අවුලක් නොවන්නේ, විවේචන තිබුනද දෙදෙනාම මා කැමති නායකත්ව ලක්ෂණ වලින් හෙබි නායකයන් බවය. දෙදෙනාම ඒකාධිපති ලක්ෂණ වලින් හෙබි නායකයෝය. වත්මනෙහිද දෙදෙනාම රඟන්නේ විධායක ජනාධිපති චරිතයය.


සජිත් පියානෝම විය හැකි අතර, අන්‍රයියා චීන ජනරජයේ දේශීය නියෝජිතයා වනු ඇත්තේය.


මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් පසු, ‍රටේ වාසනාවට දැන්  අපට නැවතත් ඒකාධිපතියකු ලැබී ඇත්තේය.


අප ඝෝඨා ගෙනාවේද දරුණු ඒකාධිපතියකු බලාපොරොත්තුවෙන් මිස වෙන කිසිඳු බලාපොරොත්තුවකින් නොවේ.


ජනාධිපතිවරණය පැවති සමයේ පිරිවර සමඟ ප්‍රෙස් කොන්ෆරන්ස් එකට පැමිණ අයියාගෙන් අහගන්න කියා හක හක ගෑ වෙලේ, මේ යකා මෙලෝ අල බෝලයක් නොදන්නා එකෙක් බව දැන ගත්තද, අප සිතුවේ යුද්ධයට බයේ පැන ගියත්, වැඩ්ඩන් ඉදිරියට ගෙන යුද්ධයට නායකත්වය දුන්නා සේ, රට ගොඩ දැමීමටත් නායකත්වයක් දෙයි කියලාය. 


එහෙත් සිදූ වූ සියල්ල දැන් හැම එකාම දන්නා නිසා නැවත ලිවිය යුතු නැත්තේමය.


වසරක් වැනි කෙටි කාළයක් තුල අපට IMF ලබා ගත හැකි වූයේ, රනිල් ඒකාධිපතියකු සේ ක්‍රියා කිරීමේ හේතුවෙන්ම මිස වෙන කිසිඳු හේතුවක් නිසාවෙන් නොවේය. (ඒ තිත්ත බෙහෙත් තව කාළයක් බීමට අපට සිඳුවනු ඇත) 


2005 - 2010 කාළයේ යුද්ධය නිමා කිරීමට ඇමරිකාවේ පවා සහාය ලැබුනේ මහින්ද රාජපක්ෂ  එකාධිපතියෙක් වූ නිසාමය.


එපමණක් නොව, මොකා මොන බයිලා ගැහුවත් 2010 - 2015 අතර කාළයේ චීනා බය නැතිව ණය දුන්නේද, ඒ අනුව රටේ ආර්ථිකයේ සියළු දර්ශක ඉහළ ගියේද, මහින්ද රාජපක්ෂගේ තීරණය අවසාන තීරණය වූ නිසාවෙන්මය. ආර්ථිකය ගැන සැලකීමේදී අග්‍රවිනිශ්චකාරිවරිය ගෙදර යැවිම ප්ලස් මාක් එකක් මිස, ඩිසැඩ්වාන්ටේජ් එකක් නොවන්නේමය.


ඉතා කෙටි කාළයක් තුල මේ විප්ලවය ජයගත හැකි වූයේ, පහළ නිලවල උන් වැඩ්ඩෝ ඉහළ නිලවලට ගෙන යුද්ධය ජයගත්තාක් මෙන්ම, රනිල් හා IMF වැඩේ සප් එකට උන්නේ අලී ෂබ්‍රි හා ෂෙහාන් සේමසිංහ යන ෆ්‍රෙෂර්ස්ලා දෙන්නා සමඟ සාර්ථක මෙහෙයුමක් සිඳු කළ නිසාවෙන්මය. 


එමෙන්ම අරගලයට එල්ල කල ප්‍රහාරය, පුතානෝට කෙහෙල්වත්තේදීම නෙලීම, අන්‍රයියාගේ පුප කසන්නට බේරෙන්ම ගෙන පිරිත් පැන් ඉසීම මෙන්ම අධිකරණය අභියෝග කිරීමද ඔවුන් සලකා බලන්නට ඇතිය.


ඒ සියල්ලටම වඩා චීනා නවා ගැනීමට යෙදූ උපායමාර්ගික ක්‍රියාදාමය සියල්ලටම ඉහළින් බලපෑවාට සැක නැතිය. ඒවා ලේසී පාසූ පුතෙකුට කළ නොගැකි සුපිරි ගේම්මය.


ජේ ආර් ගැහුවේ නීතියෙන්‍ ය.

ප්‍රේමේ ගැහුවේ තගෙන්‍ ය.

රනිල් ගහන්නේ මොළෙන් ය.


එය රාජකීය ගැහිල්ලකි..


Disce Out Discade

(උගනිව් බැරි නම් පිටවනු)


.

Sep 3, 2022

පුතානෝගේ රාජකීය කුමන්ත්‍රණය.

 


රට බංකොලොත් කළ,

කාණු කටා පියානෝගේ,

පුතානෝගේ රාජකීය කුමන්ත්‍රණය.

➖➖➖➖➖➖➖➖➖➖➖➖▪️


මේ රට බංකොලොත් රාජ්‍යයක් බවට ප්‍රකාෂ කිරීම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් බව, එය ප්‍රකාෂ කළ දිනම මාතලන් සිටී මතයය. මේ ඒ පිලිබඳ මුල සිටම කෙරෙන විග්‍රහයකි.


ඝෝඨාගේ ජනපති සටන ටාගට් කළේ දේශීය සිංහළ බෞද්ධ බලවේගයයි. මේ රටේ බලය ඩැහැගැනීමට මාන බලන අනෙකුත් ආගම්වාදී, ජාතිවාදී, ත්‍රස්තවාදී, සියළුම බලවේගයන්වල සහාය හිමිවූයේ සජිත් ප්‍රේමදාසටය. 


එහෙත් ඒ බලවේගයන් සියල්ලම පරාජය කරමින් ලැබූ ජයග්‍රහණය, අර බලවේග සියල්ලේම සිහිණය පොලොවේ ගසා කුඩු කර දැමුවේය. (එය නැවත වරක් අරගලය හරහා ඩලස් මඟින් ඉදිරිපත් කර ගැනීමට ගියද, සිංහළ බෞද්ධ බලවේගය විසින් නැවතත් ඒ සිහිණය කුඩු පට්ටම් කර දැමුවේය. එය එසේ වූයේ නම්, රැට්ටා බැට්ටා, බෙට්ටා මොට්ටා පාර්ලිමේන්තුවේ ඉන්නා බවත්, පෝට්ටුවේ උන්ට ඉන්නට වෙන්නේ අඩි හයක් පොලොව යට බවත්, රෝහිත අබේගුණවර්ධන කිව්වේ හෙන ගහනා ඇත්තම කතාවය.)


එම බලවේග සියල්ලම එකතුව, මේ රජය පෙරලා දැමීමේ ජාත්‍යන්තර කුමන්ත්‍රණය රාජිත සේනාරත්න විසින් ආරම්බ කරන්නේ ආන්ඩුව බලයට පැමිණ දින කිහිපයක් ගතවීමටත් පෙරය. ඒ ගානියා බැරිස්ටර් රාජිත විසින් උස්සලාය. ඒ වැඩේ හත් පොලේ ගාගෙන චොර වුනා කියා කස්ටිය වැඩේ අත ඇරියේ නැත.


රට ආර්ථික වශයෙන් විනාශ කොට  බංකොලොත් රාජ්‍යයක් කිරීමේ දේශපාලන කුමන්ත්‍රණය ආරම්බ වන්නේ ඉන් අනතුරුවය. කෝවිඩ් වලට රට වසා දැමීම, 

ඉස්ලාම් බැතිමතුන්ගේ භූමදාන සඳහා අවසර නොදීම, 

සයිනොෆාම් එන්නත ගෙන ඒමට විරුද්ධව උසාවී යාම, 

මුදල් මුද්‍රණය කර ජනතාවට සහන දීම ආරම්බ කොට ඉන් අනතුරුව රුපියල් 5000/= මදි කියා, අප උන්නා නම් 20000/= දෙනවා කීම, 

ඉන් පසු මුදල් මුද්‍රණය කරනවා කියා මර හඬ දීම,

ගෑස් ලිප් පිපිරවීම, 

ගුරු වර්ජනය, 

උන්ගේ පඩි වැඩි කර ගැනීම, 

කොරෝනා කාලයේත් වැඩ වර්ජණය කිරීම, ඉන්ධන මාෆියාවක් නිර්මාණය කොට ඉන්ධන අර්බුදයක් මැවීම හා 

අවසානයේ අරගලයක් නිර්මාණය කිරීම 

යන මේ සියල්ල පසු පස උන්නේත් ඒවා උලුප්පමින් කතා කලේත් කව්ද යන්න විමසිලිමත්ව සොයා බැලීමෙන්, මේ පසුපස උන්නේ කව්ද යන්නත්, 


සජිත්ගේ පිරිස් විසින් අඹර අඹරා දුන් මේ ලණු සියල්ලම දේශපාලනය තබා කළමණාකරණය ගැනවත් මලපොතේ අකුරක් හෝ නොදන්නා ඝෝඨාභය විසින් සෝස් දමාගෙන කා ඩෙසර්ට් එකට පී. බී, ලක්ෂ්මන් හා අජිත් නෙවාඩ් කබ්‍රාල්ගේ ගුලි ගිල දමා, ජනාධිපති කමටත් කෙලගෙන යාමත්, අද ඇත්ත වී අවසානය.


මේ සියල්ල පිළිබඳ මාතලන් යකා  එදා සිටම ලියූ ලිපි ප්‍රමාණය අනන්තය අප්‍රමාණය. මේ ගුලි කාලා අවසානයේ වෙන්නේ හිතා ගන්න බැරි වැඩක් කියා, ඒවායේ දහස් වර ලියා තිබුනේය. එමෙන්ම විදෙස් මෙන්ම දේශීය කුමන්ත්‍රණ පිළිබඳ විශේෂඥයකු වන විමල් වීරවංශට මේවා නොපෙනුනේද, එසේත් නොමැති නම් ඔහුත් ඊට සම්බන්ධ වූයේද යන්නත් අබ මල් රේණුවක මොලයක් ඇති එකෙකුට දැන් වටහා ගත හැකිය. උන්නැහේ කරන්න යන්නේ කුමක්දැයි කියා ඒවා ක්‍රියාත්මක වන්නටත් පෙර අප ලියා ඇත්තෙමු.


කෙසේ හෝ විදෙස් තානාපති කාර්‍යාල කීපයක මුදල් හා දේශපාලන බලයෙන්, සිරස හා සියත මාධ්‍ය නාලිකාවල සාදර දායකත්වයෙන්, එරාන් හර්ෂ හරහා පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙමින් රටේ ආර්ථිකය විනාසයි, බැංකු විනාශයි කියමින්ද, 


ගම්මන්පිල හරහා බොරතෙල් ගෙන්වීම නවතා සපුගස්කන්දේ තෙල් පිරිපහදුව වසා දමා, අවසානයේ රට පාලනය කිරීම ඇමරිකානූ ඇම්බැඩිඩර් නෝනාට ලබා දී, ඒ හරහා මුදල් අමාත්‍යාංශය බැසිල්ගෙන් ගලවා අලී ෂබ්‍රීට ලබා දී, ඔහු මුරුංගා අත්තේ තබා,


 ණයත් ගෙවමින් IMF යාමට උන් වැඩපිලිවල නවතා දමා (මේ පිළිබඳවද මාතලන් විසින් කීප වරක්ම ලියා ඇති අතර එම වැඩ පිලිවල පිලිබඳ පැහැදිලි විස්තරයක් අද දිනද Mahinda Pathirana විසින් ලියා ඇත.) නන්දලාල් වීරසිංහ ගෙන්වා, ඔහු හරහා රට බංකොලොත් බව ප්‍රකාෂ කිරීම පසුපස උන් දේශපාලන නායකත්වය සජිත් ප්‍රේමදාස බවත්, ඒ කුමන්ත්‍රණයේ සාමාජිකයින් කවුරුන්ද යන්නත් ඊයේ පාර්ලිමේන්තුවේදී මනාව ඔප්පු විය. 


මේ කුමන්ත්‍රණ කරුවන්ට ඉටු කර ගැනීමට නොහැකි වූ එකම කාරණය සජිත් රටේ ජනාධිපති කර ගැනීම පමණය. 


ඊයේ නන්දලාල් වීරසිංහ ප්‍රශ්ණ කරා කියා ඌයියා වී ඇත්තේ එයාලාටය. සජිත්, එරාන්, හර්ෂ යන තිදෙනාම, අනේ ඔයාලා නන්දලාල් එලවන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරනවා... එහෙම කරන්න එපා අනේ... කියන්නේ උන්ගේ කුමන්ත්‍රණය හෙලි වී, රෙදි ගැලවී අමු හෙලුවැල්ලෙන් ඉන්නා නිසාය.


උන්ගේ ලණු කා හිරෝ වී සිටින, අලී ෂබ්‍රි නන්දලාල් වෙනුවෙන් ගෙදර යන්න හදන්නේ ඝෝඨා වගේම ඝෝඨාගේ අබ්බගාත් උන්නැහේත් දේශපාලන අබ්බගාතයෙක් නිසාය. දේශපාලන පොට්ටයෙක් නිසාමය.


කෙසේ හෝ වජිර අබේවර්ධනගේ දේශපාලන ක්‍රියාකාරකම් පසෙක තිබියේවා ඔහු  කියන්නා වාගේ, පාර්ලිමේන්තුව තබා කැබිනට් මණ්ඩලය හෝ දැණුම්වත් නොකර නන්දලාල් විසින් බංකොලොත් බව ප්‍රකාෂ කළේ කෙසේද යන්න ගැන අනිවාර්‍යයෙන් පරීක්ෂණයක් කළ යුතුමය. මන්ද මුදල් පිලිබඳ තීන්දූ තීරණ ගත හැක්කේ පාර්ලිමේන්තුවටම පමණක් බව සජිත් මෙන්ම ඔහුගේ ගෝලයද හැමදාම ඔය ගවගාලේ කියා ඇති බැවිනි.


ඒ කෙසේ වෙතත් නන්දලාල් වීරසිංහ මොන බයිලා ගැහුවත් මේ වැඩෙන් රට, රටේ බැංකු, රටේ ව්‍යාපාරිකයින් හා ජනතාව ජාත්‍යන්තරය හමුවේ නෝන්ඩි වී අවසාන අතර, මැද පන්තියේ ජනතාවද හිඟන්නන් බවට පත් වී අවසානය.


එහෙත් මෙතෙක් අප සියල්ලො ජීවත් වූයේ තනිකර බොරුවක බවත්, දැන් යතාර්ථයේ ජීවත් විය යුතු බවත්, සත්‍යය ලෝකයේ ඇත්තෙන් ජීවත් වීම අමාරු බවත්, බොරුවට හැමදා ජයගත නොහැකි බවත්, සියල්ලෝම අවබෝධ කර ගැනීමටත් හේතූ වූයේ මේ තීරණය නිසාම හෙයින් එහි සුභවාදී පැත්තක්ද ඇති බව අප අවබෝධ කරගත යුතුය. භූමිතෙල් වැඩි වූවා කියා ජනතාව දැන් පාරට එන්නේ නැතිය. රාජපක්ෂලා හා එහි ගෝලබාලයින් රට කරවූයේ සහනාධාර බොරුවෙන් බවත් ඇත්තය.


මේකේ පට්ටම ආතල්ලෙක කියන්නේ, අද කුමන්ත්‍රණ කරුවන්ගේ රෙදි ගලවන උන්ට හිත හොඳටෝම රිදිලා කාණුකටාලා කියා නම් පට බඳින්නේ, එදා දේශපාලන ලෝකයේ කෙසෙල්වත්තේ කාණුකටා නමින් ප්‍රසිද්ධව වුන් පියානෝගේ පුතානෝ වීමය.


දැන් එයාලාට ඌයියා වුනාට කරන්නට දෙයක් ඇත්තේ නැතිය. මේ ඔවුන් රටට දෙන්න ගිය පරිප්පුවය. ඒ ලැජ්ජාව නිසා දැන් චන්දේ දෙන්න තබා නොදෙන්නවත් එන්නේ නැතිය. රෙදි ඇඳගෙන එහෙම එන්නටත් බැරිය.


දැන් මේ වැඩේට විරුද්ධ පාර්ලිමේන්තුවේ ඉන්නා උන්ගෙන් 5 දෙනෙකු පමණි. එලියේ ඉන්න හාල්පාරු යූනියන් හොරිකඩයෝ අදාලම නැත. ඒ නිසා රනිල් කළ යුත්තේ IMF යෝජනා වහාම ක්‍රියාත්මක කිරීමය. මන්ද උන් මානව අයිතිවාසිකම් පයිසෙකටවත් මායිම් නොකරන නිසාය.


ඒ වගත් මෙසේය....

.

Aug 17, 2022

රනිල්ගෙන් මැතිවරණ ඉල්ලන දේශපාලන හාල්පාරුවෝ..

 


රනිල්ගෙන් මැතිවරණ ඉල්ලන

දේශපාලන හාල්පාරුවෝ..

➖➖➖➖➖➖➖➖➖➖▪️


දේශපාලනය ගැන උනන්දුවක් දක්වන සියළු සත්වයන් කියන්නේ, රනිල් යනු තවත් වැඩ බැරි ටාසන් කෙනෙක් කියලාය. ඊට හේතුව වන්නේ, රනිල්ට මින් පෙර පූර්ණ බලය නොලැබුන නිසාය. එහෙත් මාතලන් නම් කියන්නේ අප අගමැති රනිල් දැකලා තිබුනාට, පූර්ණ බලතල සහිත විධායක ජනාධිපති දැකලා නැති නිසා, ඔහුට යම් කිසි කාළයක් ලබා දිය යුතු බවය.


රටේ වාසනාවට ඝෝඨා අගමැති ලෙස පත්කලේ, රනිල් වික්‍රමසිංහය. අදත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය රැකී තිබෙන්නේ, ඔහු ජනාධිපති පදවියට පත් වූ නිසාය. අගමැති ඇබෑර්තුව ඇති වූ වෙලේ, සජිත් හෝ සිරිසේන හෝ ෆොන්සේකා හෝ අගමැති ධුරයට පත් වූයේ නම්, අපේ රටට අත්වනුයේ සම්මා සම්බුදු සරණමය.


එමෙන්ම, පාර්ලිමේන්තුවේ ජනාධිපති තරඟයට ඉදිරිපත් වූ නොම්බර එකේ හාල්පාරුවන් දෙදෙනෙක් වන, ඩලස් හා අනුර කුමාර පත්වූයේ නම්, ලංකාවට හිමිවනුයේ අරගලයේ සරණ හෝ ප්‍රජාතන්ත්‍රවාදය මුලුමනින්ම අහෝසී වී, තම විරුද්ධවාදීන් සියල්ලම මරා දමා, ඔවුන්ගේ ධනය හා දේපල මංකොල්ල කා රට එකම ලේ විලක් කරනා සමාජවාදී මිලිටරි ජුන්ටා පාලනයකි.


මැයි 9 වනදා මුලු ලෝකයම දුටුවේ, ජනතා විමුක්ති පෙරමුණ විසින් දියත්කරන ලද එවන් පාලනයක පෙරහුරුවක් හෙවත් රිහසල් එකකි.


ඊට රැල්ලේ ගසාගෙන යන විකාර විපක්ෂ නායකයාගේ හා අනුගාමිකයින්ගේ පූර්ණ අනුග්‍රහය හා දායකත්වයද නොඅඩුව ලැබුන බව දැන් හෙලිවී අවසානය.


දැන් ඔවුන් රනිල්ට යන්න කියන්නේ, රනිල්ගේ පොහොට්ටු ආන්ඩුව හෙවත් පවතින රජය ලැබූ ජනවරම, අහෝසී වී ඇති ඇතැයි කියාය. නමුත් ඇත්ත මෙය නොවේ. මේ රටේ ඉන්නා බහුතර ජනතාව මෝඩයෝ නොවේ. ජවිපේට හා වාමවාදි පක්ෂවල 4% ක් පමණ වන වෛරක්කාරි මිනීමරු වහල් ජීවිත යනු, මේ රටේ බහුතරය නොවේ.


ඔවුනට කිසි දිනෙක ප්‍රජාතන්ත්‍රවාදී ජනමත විමසුමකින් හෙවත් සර්ව ජන චන්ද බලයෙන් බලය ලබාගත නොහැකි බවත්, කෙසේ හෝ බලය ලබා ගත්තද, රට පාලනය කිරීමට කිසිඳු වැඩ පිලිවලක් හො සැලසුම් නොමැති බවත්, ජාතික ජන බලවේගයේ හරිනි අමරසූරිය දැන් කරනා ප්‍රකාෂ වලින් ඉතා පැහැදිලිය.


එමෙන්ම ඝෝඨා එලවීමටත් පෙර ඇය ප්‍රකාෂ කළේ, රට ගොඩ ගැනීම ලෙහෙසි පහසු කාරියක් නොවනා බවත්, එය ගොඩගැන්මට අවම වශයෙන් වසර පහක් හෝ අවශ්‍ය බවය.


සත්‍යය එය නම්, රනිල් වික්‍රමසිංහ බලයට පත් වී මාසයක් ගතවීමටත් ප්‍රථම ජෙප්පන් චන්දයක් ඉල්ලන්නේත්, උන්ගේ ස්ලෝගන් හොරා කා ජනතාව හා ගොබ්බ ජඩමාජ්ජවේදීන් දුටු විගස කුලප්පු වී ඔවුන් චූන් කරමින් යන සජිත් ප්‍රේමදාස නම් චූන් පාන් කාරයාත් එයම උස්සාගෙන දඟලන්නේ ඇයි?


බහුතර ජනතාවට තිබුන ප්‍රධානම ප්‍රශ්ණ වලට පිළිතුරු ලැබී අවසානය. දැන් පැට්‍රල් පෝලිම් ගෑස් පෝලිම් නැත. කිරිපිටි ඇති තරම් වෙළඳ පොලේ ඇත. අත්‍යාවශ්‍ය භාන්ඩ රාශියක මිළ තරමක් පහළ ගොස් ඇත. අනවශ්‍ය විය හියදම් අඩු කිරීමට මිනිසුන් හුරූ වී ඇත. නැවතත් විනෝද චාරිකා හා වන්දනා ගමන් යමින්, මිනිසුන් සාමාන්‍ය ජන ජීවතය පවත්වාගෙන යන තත්වයට අවතීර්ණ වෙමින් ඇත.


තවත් ගැටළුවක්ව පැවති විදුලි බල සැපයුමද සාමාන්‍ය තත්වයට පත්වී තිබියදී, නොරොච්චෝලේ හදිසියේම කඩා වැටෙන්නේ ඇයි කියා විශේෂයෙන් පරික්ෂා කළ යුතුය. 


මාෆියා කාරයෝ ඝෝඨා එලවීමටද කලේ මෙවැනි ක්‍රියාවන්මය. ඉන්ධන අර්බුධය නිර්මාණය කළේ වෙනින් කවුරුවත් නොව, විමල්ගේ කුමන්ත්‍රණ සැලසුම් අනුව ක්‍රියා කල කැබිනට් ඇමතිවරයා වූ ගොම්මන්පිලමය. එය ඊයේ හම්බන්තොටදී ලෝකයාටම දැක ගැන්මට ලැබුනේය. 


රාජපක්ෂලාට කෙලින්නට රටට කළ මේ විනාශය ගැන තම හෘද සාක්ෂිය තමන්ට දොස් පවරන නිසාදෝ, ගොම්මන්පිල මේ 1/4 කන්නින් සමඟ එකට සිට ගැන්ම බොහෝ දුරට අඩු කර ඇත. සෑම දෙයක්ම කුමණ්ත්‍රණ ලෙස දකින්නේ නොම්මර එකේ කුමණ්ත්‍රණය කරුවෝමය. ඝෝඨා විනාශ කළේ වෙන කිසිවකුත් නොව විමල් වීරවංශමය. 


එය හොඳින් දන්නා චීනය මීළඟ ජනාධිපති විමල් වීරවංශ කිරීමේ ක්‍රියාවලිය ප්‍රසිද්ධියේම ආරම්බ කර ඇති අතර, අනෙකුත් පක්ෂවල කැපී පෙනෙන නායකයින් තම ජීවිත ආරක්ෂාව වඩ වඩාත් තහවුරු කර ගත යුතුව ඇත්තේ, මොවුන්ගේ ඉතිහාසය ඉතා කෲර වන බැවින්මය.


රනිල් හා එක් වී රට ගොඩගැනීම වෙනුවට, එක එක ඇමරිකන්, චීන හා කුමන්ත්‍රණ බයිලා ගසමින් සිටින්නේ මෙවන් දේශපාලන හිඟන්නන්‍ය. රනිල්ගෙන් උන් ඉල්ලන ඒවා ලැබේ යයි සිතීම ඉබ්බාගෙන් පිහාටු ඉල්ලනවා වැනි වැඩක් වන්නේ, රනිල් යනු හිතන්නවත් බැරි ගේම් ගසනා ගල් ඉබ්බෙක් නිසාය. ඒ බව චීන නැව පිළිබඳ ගැසූ බුද්ධිමය දේශපාලන ගැටයෙන් මනාව පෙන්නුම් කර අවසානය. නැව හම්බන්තොටට එනකොට, සමුද්‍රාරක්ෂක ප්ලේන් එකක නැගුන අදානී, මහා පරිමාණ යෝජනා එකක් නොව දෙකක්ම අරගෙන එන්නේය.


මහ මැතිවරණයක් නැතත් ඔය ඉල්ලන මැතිවරණයක් ළඟදීම ඔවුන්ට ලැබෙනු ඇත්තේය. එහි ප්‍රතිඵල ඇනස්ලි සැමුවල් බර්ටිගේ විනෝද සමය සමඟ රූපවාහිනියෙන් ප්‍රචාරය වෙද්දී, බයියෝ යනු කොයි ජාතියේ සත්ව කොඨ්ඨාශයක්ද යන්න ගොපයියන්ට දැක බලා ගැනීමේ වාසනාව හිමිවනු ඇත්තේය.


බයියන් දේශපාලනයෙන් අතු ගා දැමිය යුතුයයි කියා නෙළුම් මාවත කාර්‍යාලයේ පවිත්‍රතා සඳහා පැමිණි මහා අරගලයක් කළ ත්‍රස්තවාදීන්ගේ රෙද්දේ රෙවෙන්නේත් එදාටය. එදිනට නෙළුම් මාවතේ වැසිකිලි පහසුකම් ප්‍රමාණවත් නොවුනහොත්, ළඟම පිහිටි පැලවත්ත හෙඩ් ක්වාර්ටස් වෙත වාර්ථා කරන ලෙස ඉල්ලා සිටිමින් මේ පල් හෑල්ල මෙතනින් නවතා දමනවාය.

.

.

ඒ වගත් මෙසේය.... 

.

Jul 2, 2022

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය රැක ගැන්ම අප සැමගේ වගකීමය.

 


ඝෝඨා යනු රාජ්‍ය පාලනය ගැන මෙලෝ අලබෝලයක් නොදන්නා පාලකයකු වන බව ඔප්පු කළේ බලයට පත්වීමටත් පෙර කුප්‍රකට මාධ්‍ය සාකච්ඡාවේදීය.

එහෙත් අප ඔහුට රෙදි නැතිව කඩේ ගියේ, මහින්දගේ පාලන කාලයේ පැවති සංවර්ධන ක්‍රියාදාමයන් ඔහුගේ පාලනය යටතේ හොරකම හා දූෂණයෙන් තොරව සිඳු වේයැයි යන උපකල්පනයෙන්මය.

එවකට පැවති යහපාලන පිස්සන්ගේ, එදා වේල කා ආතල් එකේ සිටීමේ, ක්‍රෙඩිට් කාඩ් ආර්ථික ප්‍රතිපත්තිය වෙනුවට, පෙර පැවති කළු සල්ලි ආර්ථිකය නැවත ස්ථාපිත වෙතැයි යන පූර්ව නිගමනයෙන්‍ය.

එහෙත් සිඳු වූයේ ඊට හාත්පසින්ම වෙනස්, සිරිමා තියරිය ක්‍රියාත්මක කරන්නට යෑමය. සම 🐄🐄🐄 මෙයින් උද්දාමයට පත්ව, ලෝකෙන් උතුම් රටේ ෆැන්ටසියක් තුල සැරිසැරූවද, අප මෙයට විරුද්ධ වූයේ, එම ක්‍රමයෙන් දියුණු වූ රටක් අප දන්නා ලෝකයේ තිබුනේ නැති නිසාය. අර ෆැන්ටසියේ ජීවත් වූ උන්ට සිඳු වූයේ, අප කියූ පෝලිම් වල දින ගනන් සිහිණ දකින්නටය.

කෙසේ හෝ ඝෝඨා ගෙදර යා යුතු බව මේ රටේ ජනතාවගෙන් 97% කියනා බව සමීක්ෂණයකින්ද ඔප්පු වී අවසානය. අපද කියන්නේ ඔහු දේශපාලනයෙන්ම ඉවත් විය යුතු බවය. ඔහු පමණක් නොව මෙතෙක් ජනපති අගමැති මැති ඇමතිකම් කල සියල්ලෝම දේශපාලනයෙන් සමුගත යුතුය.

එහෙත් එය සිඳුවිය යුත්තේ රටේ පවතින ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවට අනුකූල ජනමත විමසුමකින් හෙවත් සර්ව ජන චන්ද බලයෙන් පවත්වන මැතිවරණයකින් මිස, ජනතා ප්‍රසාදයක් නොමැති එක එක කණ්ඩායම්වල ප්‍රචන්ඩ හා මැර බලයෙන් නොවේ.

ජනතා චන්දයෙන් කිසි දිනක බලය ලබාගත නොහැකි පිරිස් පාර්ලිමේන්තුවෙන් පිට බලයක් පිහිටුවීමට ගොස් බලය ලබා ගත්තද, ජනතාවට කන්නට සිඳුවන්නේ, මීට එහා පරිප්පුවක් බව හැඟීම් වලට වහල් වූ මල පැන සිටින මරිමෝඩ ජනතාව අවබෝධ කරගත යුතුමය. 

මේ අර්බුධයට ආන්ඩුව හා ඝෝඨා සම්පූර්ණයෙන්ම වගකිව යුතු වූවද, මුළු ලෝකයම ආර්ථික අර්බුධයකින් වෙලාගෙන ඇති බවත් අප අවබෝධ කර ගත යුතුය. ඒ නිසා බොරුවට බලය ඉල්ලන හාතයි බූරුවන් කරන්නේ පට්ට රංඟනයක් බවත්, මේ මොහොතේ බලය ලබා ගැන්මට ඔවුන්ට කිසිඳු අවශ්‍යතාවයක් නොමැති බවත්, උන්ට අභියෝගය බාර දුන් මොහොතේ එය ප්‍රතික්ෂේප කළ බවත්, දැන් ගහන්නේ අරකොන බයිලාම බවත් සිහි තබා ගත යුතුය. 

උන් කරන්නේ බොරදියේ මාළු බෑමක් පමණි. ඒ නිසා ජනතාව කළ යුත්තේ අර පැනගිය වැඩ බැරි මුස්පේන්තුවන්ගේ මුසා බස් වලට නොරැවටි අභියෝගය බාරගත් උන්ට අවස්ථාවක් දී සුළු කාළයක් බලා සිටීම මිස, තුවාලය තව තවත් පෑරීම නොවේ. තුවාලය කැසීම ආතල් එකක් වූවද, එයින් තුවාලය සුව වන්නේ නැත.

විප්ලව නැමැති මැර බලයෙන් බලය ලබා ගත් රටවල් වල සිඳු වූයේ, මිලේච්ඡ සමූහ මිනිස් ඝාතන හා ආර්ථික වශයෙන් වල පල්ලටම ගොස් දීර්ඝ කාලීන අර්බුධයන්ට ලක්ව ලෝකයෙන් වෙන් වී හුදකලා වීම පමණමය.

එහෙත් කරුමය කියන්නේ, ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැන්මේ එක් කුළුනක් වන අධිකරණයේ නියෝජිතයන්ද නිල ඇඳුමෙන්ම මේ අමන ක්‍රියාවන් සඳහා, ඊට එක් වී සිටීමය.

උන් කරමින් සිටින්නේ, රටේ ආරක්ෂ අංශයන් නිර්වින්දනය කරමින්, ඔවුන්ට එරෙහිව තම ආධිපත්‍ය ප්‍රදර්ශනය කිරීමය. එහෙත් මේ අම්බරුවන් වටහා ගත යුත්තේ, ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක උන් භුක්ති විඳිනා මේ නිදහස, පාර්ලිමේන්තුවෙන් පිට පිහිටුවන බලයක් තුල අහිමි වනවා පමණක් නොව, එම පාලනයේ ගොඳුරු බවටද පත් වන්නට සිඳු වන බවය.

දැන් කළ යුත්තේ පක්ෂ විපක්ෂ බේදයෙන් තොරව ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරනා පිරිස් එම ක්‍රමය රැක ගැන්මට එකමුතුව ක්‍රියා කිරීමය. නැත්නම් උන්ටත් කිසි දිනෙක මේ රටේ බලය ලබා ගැනීම සිහිණයාක්ම වන්නේය.

රන්ජන් විජේරත්න නම් පුද්ගලයෙක් මේ රටේ ජීවත් වූ වග පාර්ලිමේන්තුවේ සිටිනා අම්බරුවන් සියල්ලෝම දැනගත යුතුය. ඔහු නොසිටින්නට අද අපටත් ජීවත් වන්නට සිඳු වන්නේ කියුබාව වාගේ රටකය. වැනිසියුලාව වාගේ රටකය.


ඒ වගත් මෙසේය...

.

.

©® මාතලන් යකා

Jun 30, 2022

IMF යෝජනා ක්‍රියාත්මක කිරීමට තරම් කොන්දක් ඝෝඨාට හා රනිල්ට තිබේද?

 


දින 10 ක් ලංකාවේ උන් IMF නියෝජිතයින් රටින් ගියේ අලුතෙන් කිසිවක් කියා නොවේය. එදා සිට අප ලියනා දේවල් ටිකම කියාය.

උන් කියා ඇත්තේ ණය වැඩි බවත්, ආදායමට වඩා වියදම වැඩි බවත්, ඊට හේතුව රාජ්‍ය සේවය බවත්, මේවාට කඩිනමින් විසඳුම් යෝජනා කරනා ලෙසත්‍ය.

මේ සියල්ල අප සයිබරයේ ලියන්න ආ දා සිට ලියනා දේවල්‍ය. කරුමය වූයේ අදටත් දේශපාලුවන්ට, නිළධාරී මාෆියාවටත් මෙය නොතේරීමය. පින් පඩි ගන්න ආචාර්‍ය මහාචාර්‍ය වරුන් හා ආර්ථික උස්තාද්ලා වරද පටවන්නේ අධිපරිභෝජනවාදී ජීවන රටාවකට හුරු වූ ජනතාව ඊට වගකිව යුතු යැයි කියලාය.

එහෙත් ඇත්ත කතාව නම්, ජාතික ආර්ථිකයට කිසිඳු දායකත්වයක් නොදක්වන පාඩු ලබන ආයතනවල උන් පවා, බදු මුදල් වලින් හා රාජ්‍ය ආදායමෙන් පින් පඩි ගෙන, එවන් ජීවන රටාවක් ගෙවපු එකය.

තත්වය උග්‍ර වූයේ, 2015 පසු ආ යහපාලන කැඳ හැලි ආන්ඩුවේ ප්‍රතිපත්තියද එයම වීමය. උන් කරේ ISB නිකුත් කරමින් ලෝකයටම ණය වී, බඩු මිළ අඩු කොට, සහනාධාර දී කා බී රමණය කරමින් හෙලිකොප්ටර්වල කරණම් ගසමින් ආතල් ගැනීම විතරය. 

ආර්ථිකය ගැන මෙලෝ අලබෝලයක් නොදන්නා ගොබ්බ ජනතාවද 2019 තිබ්බ රට දීපියව් කියා කෑ මොර දෙන්නේ ඒ නිසාය. උන් ගත්තේ ක්‍රෙඩිට් කාඩ් ආතල් එකක් කියා උන්ට තාම තේරෙන්නේ නැතිය.

රාජපක්ෂලා හොරා කමින් හෝ ගෙන ආ සංවර්ධන ව්‍යාපෘති සියල්ලම නවතා දැමූ උන්, රටේ ණය ප්‍රමාණය දෙගුණයක් කර, බෝම්බත් තබා පැනගියේ, සංචාරක ව්‍යාපාටය කාබාසිනියා කර දමමින්, ජාතික විදුලි බල පද්දතියටද එකඳු මෙගා වොට් එකක්වත් එකතු කරන්නේ නැතිවය.

මෙහිදි විශේෂයෙන් සඳහන් කළ යුතුම දෙය වන්නේ, වසර 30 ක් පුරා පැවති ත්‍රස්තවාදී යුද්ධය තුල පවා එකඳු විදේශිකයකුට හෝ කිසිම අතුරු ආන්තරාවක් සිඳු නොවීමය.

උන් මහා ලොකුවට පාරම් බාමින්, උන් ඉතිරි කර ගියා යැයි කියන සංචිතයද, එසේ ISB නිකුත් කර ගොඩගැසු ණය කන්දරාවක් මිස හම්බ කරගත් දෙයක් නොවේ. ඇත්තටම බැලුවොත් උන් ගෝඨාට දුන්නේ, හිස් වූ භාන්ඩාගාරයක් හා ඩොලර් බිලියන 7 ක ක්‍රෙඩිට් කාඩ් එකක්‍ය.

දැන් ඝෝඨට හා රනිල්ට ඇත්තේ ඔප්ෂන් දෙකකි... ඒ 

1. රාජ්‍ය සේවය ආරක්ෂා කර ගැනීමට නම් සෘජූ විදෙස් ආයෝජන ඕසෙට ගලා ආ යුතුය.

2. එසේ නොමැති නම් උන් සමඟ දේශිය සංවෘත ආර්ථිකයකින් රට ගොඩ දැමිය යුතුය. 

එහෙත් කිසිඳු සම්පතක් නොමැති අප රටේ කිසිඳා සැබෑ නොවනා සිහිණයාක්ම පමණි. කළත් එය පරම්පරා ගනනක් දුක් විඳිනා වේදනාත්මක යුගයක් වන්නේය. රටේ ජනතාව තබා පින්පඩි කාරයෝවත් ඊට සූදානම් නැති අතර උන් අත්‍යාවශ්‍යම සේවා සපයන්නෝ යැයි කියා විශේෂ වරප්‍රසාදද ඉල්ලමින් සිටින්නේය.

කාළයක් රටේ ප්‍රධාන ආදායම වු ඇගළුම් කර්මාණ්තයේ නිශ්පාදන අමුද්‍රව්‍ය 100% ක්ම අපනයනය කළ යුතු දේය. අදටත් රටේ ප්‍රධාන ආදායම අපේම උන් උන් ගරහන අවරගනයේ රැකියා කරනා විදෙස් ශ්‍රමික ජනතාවය. ඒ අනුව දේශිය සංවෘත ආර්ථික වලින් රට ගොඩ දැමීම හතර වරම් බයිලා පමණමය.

මේ රට ගොඩ ගැන්මට ඇති එකම ක්‍රමය පළමු ක්‍රමය පමණමය.

එහෙත්, විදෙශිය ආයෝජකයන්ට තබා රටේ මිනිහෙකුට ව්‍යාපාරයක් පටන් ගැන්ම කෙසේ වෙතත් ගෙයක් හැදීමට, නල ජලය ලබා ගැන්මට, නිවසට විදුලිය ලබා ගැනීමට, සූර්‍ය බල විදුලි පද්දතියක් සවි කර ගැන්මට මාස  ගනන් ගතවන, අනුමැතීන් සඳහා ජරාව කන, මූසල මජර රාජ්‍ය නිළධාරී මාෆියාවක් සිටිනා රටකට එන්න ඕනා ඒ ජාතියේම උන් මිස, ලොව පිලිගත් ආයතන නොවේය.

එ නිසා ආවත් නැතත් ව්‍යාපාරයක් ආරම්බ කිරීමට අනුමැතීන් ලබාගත යුතු ආයතන සියල්ලක්ම එකම තැනකට හෝ සියල්ල එකම තැනකින් කර දෙන ආයතනයක් මුලින්ම පිහිටවිය යුතුමය.

අනෙක් කරුණ රටේ කරුමය වූ පංච මහා භූතයන්‍ය.

විදුලි බල මණ්ඩලය

තෙල් සංස්ථාව

වරාය

ගුවන් සේවය

දුම්‍රිය හා ලංගමයයි...

මෙයින් ගුවන් සේවය වසා දැමිය හැකි වුවත් අනෙක් ඒවා අත්‍යාවශ්‍යම සේවාවන්‍ය.

මේවා පාඩු පිට පවත්වාගෙන යාමට තව දුරටත් ණය ලබා දෙන්නට කිසිවකුත් එකඟ වන්නේ නැතිය. දැන් අපට ඒ සඳහා තබා, කිසිවකටත් ණය ගන්න බැරි තත්වයකට, අපේ ආර්ථික උස්තාද්ලා විසින්ම රට පත්කර අවසානය. ඒ ණය ප්‍රතිව්‍යූහගතකිරීමට ලක්කරලාය.

දැන් ඒ මහ උස්තාද්ගේ සේවා කාලය තවත් වසර 6 කට දිගුකර තියෙන නිසා, උන්නැහේට කරන්න තියෙන්නේ මේ පංච මහා භූතයන්ද වහ වහාම ප්‍රතිව්‍යූහගතකිරීමට ලක්කිරීමය.

එවන් තීරණයකදි ඒවාට විරුද්ධව එන සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ පිනාලා හා ජේවීපී පෙරටුගාමී හා සජිත්ගේ බලවේගවලට එරෙහිව, ඝෝඨා හා රනිල් මුහුණ දෙන්නේ කෙසේද යන කරුණ මත,

රටේ අනාගතය මෙන්ම උන්නැහේලාගේ අනාගතයත් රැදී පවතින බව ලියා තැබිය යුතුමය.


ඒ වගත් මෙසේය.....

.

Jun 24, 2022

කහ පාටට බය වූ උන්ගේ (Xanthophobia) පළමු පරාජය මෙය නොවේ.



.

කහ පාට ඇඳපු උන් ජයග්‍රහණය කරලා අහවරය. අවසන් තරඟය ඔස්ට්‍රේලියාව ජය ගත්තත්, එය ලෙහෙසි පහසු ජයග්‍රහණයක් නොවීය. ඔස්ට්‍රේලියානූ නායකයා තම ස්තූතිය සිංහලෙන්ම ප්‍රකාෂ කොට සියළුම ප්‍රේක්ෂකයින්ට උපහාර කළේ පිටිය වටා ගමන් කරමින්‍ය. මෙවන් දසුනක් ක්‍රිකට් ඉතිහාසයේම නොතිබූ දෙයක් වූ අතර, ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ ලෝකයේම අවධානය දිනාගෙන අහවරය.


අරගලයේ හා විපක්ෂයේ කළු අඳිනා අපතයන් මෙම තරඟාවලියට මුල සිටම විරෝධය පෑවේය. උන්ට අවශ්‍ය වූයේ ඔස්ට්‍රේලීයානූ පිල යලිත් හරවා යැවීමටය. මෙතෙක් ලංකාවේ පහළ වූ දුර්වලම පාලකයාගේ නෝන්ජල් ක්‍රියා හමුවේ, විපක්ෂය එරෝෆ්ලොට් කුමණ්ත්‍රණය ජයගෙන රුසියානූ සංචාරකයින් ඒම නවතා දැමුවද, ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන උන් පෙලගැසී සිටියේ ආදරෙයේ අරගලකරුවන් කියනා මිලේච්ඡයින්ට හොඳ සංග්‍රහයක් ලබා දීමටය.


පොන්නි සම්බා හාල්ද කොහෙද කන පාලකයින් පිරිසක් හමුවේ, රටේ සාමාන්‍ය ජනතාව ලද මේ ජයග්‍රහණය අතිශයින් වැදගත් වන්නේ, අරගලයේ අපතයන් ජයග්‍රහණය කලහොත් මේ රටේ සිඳුවිය හැකි දේ මුළු ලෝකයම මැයි 9 වනදා තම නේත්‍රා වලින්ම දැක ගත් නිසාවෙන්‍ය.


දැන් රටේ ජනතාව නොව මේ අපතයන්ට උඩගෙඩි දුන් නීතීඥ ප්‍රජාවද මුන් ප්‍රතික්ෂේප කරමින් සිටීම රටේ වාසනාවක්‍ය. මුන්ට අවශ්‍ය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් නොව, "ප්‍රචන්ඩත්වවාදී" පාලනයක්‍ය. උන්ගේ මතයට එහා මතයකට කිසිඳු ඉඩක් ඇත්තේ නැතිය. සියල්ලෝ උන්ගේ මතයට අවනත විය යුතුය. සංවාදයට විසංවාදයට තබා විරුද්ධ මතයක් දරන්නෙකුට අරගල භූමියට පැමිණීමත් තහනම් භූමියක්‍ය.


දැන් උන් උන්ම මරා ගන්නා තත්වයකට පත් වී තිබීමද රටේ වාසනාවක්මය.


කෙදිනක හෝ මේ අපතයන් බලයට පත් වුවහොත් මේ පාලකයන්ට හා ජනතාවට අත්වන්නේ, මියන්මාරයේ අවුන් සාන් සූකීට හා එරට ජනතාවට අත් වූ ඉරණමට මුහුණ දෙන්නටය. අද එරට ප්‍රාජාතන්ත්‍රවාදය ඉල්ලා පැමිනි පිරිස කොහේදෝ කියා නැතිය. ජිනීවා වල නෝනාටත් උන්ට අත් වූ ඉරණම ගැන වගේ වගක් නැතිය.


එහෙත් අපේ රටේ ප්‍රාජාතන්ත්‍රවාදය ගරු කරන නිදහස් සාමකාමී ජනතාවගේ වාසනාවට මේ අපතයන් දැන් එකෙක්වත් ගනන් ගන්නේ නැතිය. ඒ බව පෙනුනේ ඊයේ පමණක් නොවේය.


⭕ අරගලයට දින 50 පිරුණු දිනයේ රටේම ජනතාව ගෝල්ෆේස් ගේනවා කිව්වාට එකෙක්වත් ආවේ නැතිය.


⭕ ඉන්පසු සිසු විරු දිනයේ බුකියේ ගෝල්ෆේස් එන්නැයි කියා මේ අපතයන් කළ ඉල්ලීම එකෙක්වත් ගනන් ගත්තේ නැතිය.


⭕ ඒ හැර, ඉන් පෙරද, අතනට එන්නැයි, මෙතනට එන්නැයි කී ඉල්ලීම්ද ජනතාව පයිසයකට මායිම් නොකලේය.


⭕ වරෙන්තු නිකුත් කල උන් බාර වෙන්න ආ පෙලපාලියට 50 ක් වත් ආවේ නැතිය.


⭕ මුන් පෙනී උන් යූක්‍රේනය හා සෙලන්ස්කි අද පුටින්ගෙන් පොරි හැලෙන්නම කනවාය.


⭕ මුන්ගේ ව්‍යවස්ථාවක් වූ 21 වන ව්‍යවස්ථාව ජනමත විචාරණයකින් තොරව සම්මත කළ නොහැකි නිසා විසිකර දමන ලෙස අධිකරණය කතානායකට අණ කළේය.


⭕ මුන් පෙනී සිටී හොලිවුඩ් නළු විල් ස්මිත්ට අවුරුදු 10 කට ඔස්කා තහනම් වූයේය.


⭕ ඊයේ සිරගත වූ අපතයන්ට ඇප දෙන්නට කළු කෝට් කාරයෝ 20 ක් වත් නැතිය.


ඇත්තටම දැන් ඔතන ඉන්නේ, ආහාර ලැබෙන නිසා කොළඹ වතුවල උන් කුඩ්ඩන්, පුරඟනන්, හිඟන්නන් හා දේශපාලන හිඟන්නන් වන ජෙප්පන් හා පෙරට්ටන් හෙවත් වමේ ලුම්පන් පිරිස පමණය.


එවන් අපතයන් පිරිසක් දිගින් දිගටම ජනතාවගෙන් ප්‍රතික්ෂේප වීම රටේ වාසනාවය...


ඝෝඨා ජනපති කමෙන් "ඉවත්විය" යුතුයැයි අපට කියන්නට බැරිය. ඒ ඔහුට ලක්ෂ 69 ක ජනවරමක් තිබෙනා නිසාය.


එහෙත් රාජ්‍ය පාලනය ගැන අබ මල් රේණුවක දැණුමක් නැති ඝෝඨාභය "ඉවත්කළ" යුතුයැයි කියනා මතයේ මෙන්ම පාර්ලිමේන්තුව විසිරවිය යුතුයැයි කියනා මතයේ මාතලන්ද සිටිනවාය.


එහෙත් එය කළ යුත්තේ ඊට ව්‍යවස්ථාව තුල ඇති ඉඩ කඩ තුල ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් මිස, පාර්ලිමේන්තුවෙන් පිට ආඥාදායකයක් ක්‍රියාත්මක කිරීමට නොවේය.


ඒ වගත් මෙසේය.....


©® Priyantha Hewage Maathalan 

.

Apr 23, 2022

ඝෝඨාස් ලාස්ට් චෑන්ස්.. විමල්ගේ ඝෝඨා ජනපති විමල් අගමති, ඩලස් පොදු අපේක්ෂක සිහිණය

 

ඝෝඨාස් ලාස්ට් චෑන්ස්..

විමල්ගේ ඝෝඨා ජනපති

විමල් අගමති,

ඩලස් පොදු අපේක්ෂක සිහිණය

➖➖➖➖➖➖➖➖➖➖➖➖

ලබන සතිය දේශපාලනයේ මෙන්ම ජෝතීෂ්‍යයේද තීරණාත්ම සතියක් වනු නොඅනුමානය. ඒ සෙනසුරු මාරුව නිසාය.

එය රාජපක්ෂ පවුලේ අනාගතය මෙන්ම රටේ අනාගතයද තීරණය කරන්නාවූ අති විශේෂ සතියක් වන්නේය.

තව දුරටත්, විමල්, ඩලස්, ගොම්මන්පිල  වැනි තුප්පහි ගුණමකුවන්ගේ ගුලි කා තවත් මහින්ද රාජපක්ෂ කෙනෙක් වී ඉල්ලාගෙනම කනවාද?

නැතිනම්, දැනටමත් ආර්ථිකය ගොඩ දැමීමට තෝරාගෙන ඇති, උගත් බුද්ධිමත් ජාත්‍යන්තරයේ කීර්තියක් අත්පත් කරගෙන ඇති, දැනටමත් සාර්ථක ප්‍රතිඵල අත්කර ගෙන ඇති, උසස් වැදගත් පිරිස සමඟ ගමන් කොට අර්බුදයෙන් ගොඩ එනවාද යන තීරණය ඇත්තේ ඝෝඨාගේ අතේය.

ඇත්තටම රට ගොඩ දැමීමට කප්පරක් ඇමතිවරු ඕනෑ නැතිය. මීට වඩා විශේෂඥ සුපිරි පිරිසක් එකෙකුටවත් ඇත්තේත් නැතිය. මේ පිරිස සමඟ.., ඉඳිරියේදී සේවය ලබා ගැනීමට නියමිත ජාත්‍යන්තර විශේෂඥයින්ගේ හා ආයතන ටික ඒ වැඩේට හොඳටෝම ඇතිය. 

අවශ්‍ය වන්නේ ඔවුන්ගේ තීරණ ක්‍රියාත්මක කළ හැකි නිර්භීත නායකත්වයක් පමණි.

තව දුරටත් රනිල්ලාගේවත්, විමල්ලාගේ ලණු කෑමට කිසිඳු අවශ්‍යතාවයක් ඇත්තේම නැතිය. උන් දන්නේ රට කෑම පමණමය.

විමල්ගේ උත්සාහය රට විනාශ කිරීම පමණක් නොව, රාජපක්ෂ පවුලද විනාශ කිරීමය. මෙය මෙතුවක් නොතේරී, උන් රෙද්ද අස්සේ දමාගෙන කිරි පෙවූ මහින්ද මේ සියල්ලටම වග කිව යුතුය.

මා හිතවත්, මව්‍ රට පත්තරයේ උපුල් ජෝසප් ප්‍රනාන්දු ආඩම්බරයෙන් කියා ඇත්තේ, විමල්ලාගේ මේ ගේම එයා මේ අවුරුද්දේ මාර්තු වල කිව්වා කියලාය.

එහෙත් විමල්ලාගේ ගේම මාතලන් ලියූවේ ආන්ඩුව පත් වී මාසයක් දෙකක් යාමට ප්‍රථමය

බැසිල් විරෝධි ෆේස්බුක් බයියන් කිහිප දෙනෙකුගෙන් මාතලන්ට ආරාධනා ලැබුනේ..., 

2025 ඝෝඨා ජනපති

විමල් අගමැති 

වැඩක් යන බවත්, 

මටද ඔවුන් හා එක්වන ලෙසත්‍ය. එහෙත් මා කීවේ විමල් දේශපාලන ගල් ආඳෙකු මෙන්ම කපටියකු වූවත්, ඔහු ගුණමකුවකු බවත්, මූණේ හිනාවක් නැති වමේ මුඩුමයකු කිසිදා විශ්වාස නොකරන ලෙසත්‍ය.

(බුකි බයියන් විමල්ගේ මේ සෙට්ටෙක දන්නවාය, උන් අදටත් මාගේ මිතුරන්මය)

එදා මා කියූ අනාවැකිය අද එලෙසින්ම සැබෑ වී අවසානය. දැන් අරින්නේ බැසිල්ට පමණක් නොවේ. පියකු මෙන් තමන් මිනිසකු බවට පත්කල, මහින්දටත් බටර් නැතිව ඇරලා අවසානය.

එපමණක් නොව, ඩලස් බුවා මීළඟ පොද්දා බව කියූ විට පොහිට්ටුවේ මා දන්නා හිතවතුන්ද මාතලන්ට කින්ඩිය දැම්මේය.

අද ඔය ජනාධිපතිට පෙම් හසුන් ලියන්නේ ඩලස් නොව විමල් බව බොහෝ දෙනෙකුට නොතේරීම කරුමයය.

විමල් වගේ උන්ට නොමිනේෂන් වත් දෙන්න එපා කියලා අපි කියන්නේ මේ නිසාවෙන්මය.

ඒ මීළඟ ජනපතිවරණයේ අපේක්ෂයින් දෙදෙනාය. දෙදෙනාම විමල්ගෙන්‍ය්... පෝට්ටුවෙන් ඝෝඨා ජනපති විමල් අගමැති වනාතර. විපක්ෂයේ පොද්දා ඩලස්‍ අලහප්පෙරුමය.

එතකොට ඩලස් දින්නාම විමල් අගමැති වන්නේ කෙසේදැයි කෙනෙකුට සිතෙන්නට පුලුවන්‍ය. එය බැසිල් මෙතඩ් එකකි.

ඩලස් ජනාධිපතිගේ ඉල්ලීම මත ආන්ඩුවට එකතුවන විමල්, අම්මට සිරි ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී සිරි ලංකා ජනරජයේ අගමැති ලෙස දිවුරුම් දෙන්නේය. 

මේ සියල්ල සිඳුවන්නේ චිනයේ අනුග්‍රහයෙන් බවත්, විමල් 1988/89 සිටම ඉන්දියාණු හා ඇමරිකාණූ විරෝධියකු වීම ඊට හේතුව බවත් මාතලන් ලියා බොහෝ කල්‍ය.

දැන් ඝෝඨාට ආරම්බ කිරීමට ඇත්තේ බින්දුවේ සිටය. මේ අවසන් අවස්ථාවයි..

ඒ ගමන එක කුස උපන් උන් සමඟ යනවාද,

නැත්නම් කෙලෙහිගුණ නොදත් ගුණමකු අපතයන් පිරිසක් සමග යනවාද යන්න තීරණය කිරීම ඔහු සතුය.

අප්පමාදෝ අමත මචං

පමාදෝ මච්චුනෝ මචං


ඒ වගත් මෙසේය...


.

Apr 22, 2022

ටික්ටොක් ග්‍රාමවාසීන්ගේ කොපි රයිට්ස් හා හියුමන්‍ රයිට්ස්

 



ටික්ටොක් ග්‍රාමවාසීන්ගේ
කොපි රයිට්ස් හා හියුමන්‍ රයිට්ස්
➖➖➖➖➖➖➖➖➖➖➖➖

මේ ගැන මාතලන් විසින් කලින්ද ලියා ඇති මුත්, දැන් ඒවා ඇස් පනා පිට ඔප්පු වෙමින් පවතින නිසා නැවත ලියමි.

මා මිත්‍ර මනෝරම වීරසිංහ විසින් සැනකෙලිය ආරම්බයේදීම කිව්වේ මෙහි ඉන්නේ රටේ සාමාන්‍ය ජනතාවගෙන් වෙන් වූ, උගත් බුද්ධිමත්, දියුණු, සමාජශීලී, සාමකාමී විශේෂිත පිරිසක් කියාය. එය මෙම ගම් වැසියන් සියල්ලන්ගේම අදහස විය. එයාලා බුකියේ හිතාගෙන ඉන්නේත් එසේය.

ඒක දැක්කාම මට පස්ස පැත්තෙන් හිනා ගිය බවද මම මින් පෙර ලිව්වෙමි. ඒ ඔවුන්ගේ හැසීරීම්, මා මින් පෙර බුකියෙන් දැක තිබෙනා නිසාමය.

මෙය මනෝගේ වරදක් නොවේ.මේ රටේ හැම එකාම සිතන්නේ තමන් විශේෂිත මිනිස් කොඨ්ඨාශයක් කියලාය. හරියට ගොම සංගමේ උන් වගේය. අර කැනඩාවේ ඉන්නා රුවන් එම් ජයතුංග නම් මානසික රෝගියා වාගේය.

මෙය මේ රටේ සමාජ ක්‍රමයෙන්, සංස්කෘතියෙන් හා අධ්‍යාපන ක්‍රමය තුලින් ඇති කරනු ලබන, පේන තෙක් මානයක නිමක් නැති, මානසික රෝගයකි. බෙදී ඇති කණ්ඩායම් ගනන ලියන්නට මහාවංශයේත් ඉඩ ඇත්තේ නැතිය.

මෙතන සිටින්නේද පට්ට ගම් කබර ගෝත්‍රිකයින්ම පිරිසක් බව දැන් දැන් ඔප්පු වෙමින් සිටී. රැට්ටා, සන්නා, මෝටිවේසමා, සේපාල් මෙන් ප්‍රසිද්ධ යූ ටියුබ් කාරයන්ගේ සිට නාගන්නන්දයාද මෙතනට අරක්ගත් බූතයන් වෙන්නේ, වෙන කිසි හේතුවක් නිසා නොව, ගානක් කඩා ගන්නට බව ගෝනා ඔනෙකුට තේරෙනවාය.

තා පිරිසක් එන්නේ, පක්ෂයේ බලපෑම් මතය. ඔවුන් පැමිණීමේ ලේඛනයේ අත්සන් කළ යුතුය. තා පිරිසක් එන්නේ, තමන් නඩත්තු වෙන එන් ජී ඕ ආයතනයේ බලපෑම් මතය, නැතිනම් ජොබ් එකට කෙලවෙන්නේය.

බෝනගේන් කලාකරුවෝ හා ක්‍රීඩකයෝ වැහි වැහැලාය. දැන් කොම්පැනි කාරයෝද පැමිණ ඇත. ඒ එන්නේ උන්ගේ මාකටින් වලටය. ඩයලොග් කාරයෝ සම්ප්‍රේෂණ කුළුණු හදන්නේ ගෝටා එලවන්න නෙමේය. උන්ගේ බිස්නස් වැඩි කර ගන්නටය. හැම එකාම එහෙමය.  අපි දුන් ගුලිය කා එය ඉවත්කර ගැනීම වෙනම කතාවකි. 😁😁😁😁😁

රඹුක්කන මිය ගිය එකා මියගියේ, උන් වයලන්ට් උන නිසා බව කියා පිරිස අත පිසදාගෙන හොඳ බබාලා වූයේය. එහෙත් මුන් ගේම පටන් ගත්තේ අවසානයේ දළදා මාලිගාවද මංකොල්ල කෑමට කොල්ලන්ට මෝටිවේසොන් දීලාය.

මෙතන ඉන්නේ න්‍යායාචාර්‍ය ගල් ආඳෝ බවත්, අම්බරුවන් විසින් ඉතිරි වැඩ කොටස කරන බවත් මා ලිව්වේය. දැන් 88/89 නැවත සිහි ගන්වමින් කඩ වසා දැමීමට තුන්ඩු බෙදීමද ආරම්බ කර අවසානය. මේ ත්‍රස්තවාදයේ හා භීෂණයේ මහ ගෙදරය.

සිරිසේන මරණ දඩුවම ගෙනෙනා විට ඊට මිලේච්ඡත්වය යැයි කියූ උන්, දැන් රාජපක්ෂලා එල්ලා මැරීමට නහින්නේ ඔරිජිනල් සතා එලියට පැමිණ ඇති නිසාය.

දැන් මේවායේ නිර්මාතෘවරුන්ද සැපත්ව ඇත. එංගලන්තේ නාට්ටියක රඟපාපු එකෙක් ලෝකයේ හොඳම නළුවා ලෙසින් පැමිණ ඇත. 😁😁😁😁 දැන් ඔක්කෝම ඉන්නේ ජනාධිපති සූට් මහලාය.

ලැම්බෝගිනි කාරයෝ ඕසෙට පල්ලියට කඩේ යමින් සිටි. බෝම්බ තැබූ වහාබ්වාදියෝද, පාස්කු ප්‍රහාරයේ වින්දිතයෝද එක වැසිකිලියේ රෙමින් සිටී. ගම්මිසිරිස් ඇන්ඩ් පාදිලිස් අඹ යාලුවෝය.

ඊයේ, පෙරට්ටෝ හා ලිබරල් චින්තකයෝ මලබද්ධය වැළඳී, මලකට මරා ගත්තේය. දැන් පිරිසක් පාදෙනිය එල්ලා මැරීමට සූදානම් අතර, තවත් පිරිසක්, මේ අඳබාල සිඟිති ආතල් විප්ලව කාරයෝ මෙතනට වැද්ද ගත්තේ මොකාදැයි විමසති.

තා එකෙක් කුඩාරම් අස්සේ, ගංජා ගසා ඕගියක් දැමීමට යෝජනා කරද්දි තවත් පිරිසක් දහම් පාසල් දැමීමට යෝජනා කරති. තා පිරිසක් කොපිරයිට්ස් වලට මරාගනී.

ඒ අස්සේ මෙලෝ යකෙකුට නොතේරෙන, මෙලෝ රහක් නැති, බව්වොත් නොබලන, තුට්ටු දෙකේ කුණුහබ්බ නාඩගම් පෙන්නූ රැඩිකල් හිකනල්ලු, උන්ගේ දහ අට පාලී ජනතාවට පෙන්වමින් සිටී. ඒවා බලන්නෙ බලපු උන්ම පමණි. උන්ට මේවා සීරියස් උනාට අනෙක් උන්ට ඒවා පට්ට කොමඩිය.

මේ රටේ සිටින්නේ පට්ට ගෝත්‍රිකයින්ම බව ඔප්පු කරමින්,  මහා ලොකු ඉස්කෝලවල උන්ද, ඉන්ටර්නැෂනල් යන උන්ද, සියල්ලෝම තම රියැලටිය පෙන්වමින් ඔරිජිනල් සතා සමඟ පෙරහරට එක්වෙති.

ඉන් පසු සෙල්ෆි ගසා බුකියෙන් කොන්වීම වලකා ගනී. 😁😁😁😁

මේ පිළිබඳ කිසිඳු අවබෝධයක් නැති සාමාන්‍ය ජනතාවද, මුන්ගේ ආතල් බැලීමට පෝලීමේ විත්, නොමිළේ කා බී විනෝද වී, කපුටු කාක් කාක් කාක් කියා ගම රට බලා යති.

මෙතන ඉන්ධන අර්බුද නැත
විදුලිය අර්බුධ නැත
ගෑස් අර්බුධ නැත
සිමෙන්ති අර්බුධ නැත
කිරිපිටි අර්බුධ නැත
උද්ධමන අර්බුධ නැත
බඩු මිළ අර්බුධ නැත
ගෙවුම් ශේෂ හිඟයේ අර්බුධ නැත
කොටින්ම මේ මොහොතේ ප්‍රධානම ප්‍රශ්ණය වන
ඩොලර් අර්බුධයද නැත.

ඇත්තේ මං පොර වීමේ අර්බුධයක් පමණි..

මුන් නියෝජනය කරමින් දියවන්නාවේ ගව ගාලේ ඉන්නා අම්බරුවන්ටද ඊට විසඳුම් නැත.

ඒ... නායකයෝ නියෝජනය කරන්නේද අම්බරුවන්ගේ මානසිකත්වය නිසාමය.

එබැවින් රට ගොඩ ගැනීමට තම බුද්ධියෙන්, දැණුමෙන් හා අවබෝධයෙන් මේ මොහොතේ උත්සාහ ගන්නා සියල්ලන්ටම අපේ ගෞරවය හිමි විය යුතුය.

ඒ වගත් මෙසේය....


Mar 15, 2022

මහ බැංකුවේ ගොබ්බයෝ දන්නේ රෑට ලයිට් දාගෙන වැඩ කරන්න විතරද?



By -  Jana Charmin  

Gyorgy Faludy ට මරැ වැඩක් වුනා. ඔහුගේ කවි ඔබ බො‌හෝ‌දෙනෙකු කියවා ඇ‌ති. Faludy ගේ පො‌ත් මට මතක විදිහට Kaputas Republic හි British Council පුස්තකාලයේ තිබුනා. Faludy ගේ My happy days in hell කවි පො‌ත මට කියවන්න හම්බවුනේ ගමේ නිවසක බටපදුරක් අසල තබාතිබු කබානා ඇ‌දක් උඩ ඉදගෙන. ආ‌ර්ථික සත්වයෙකු වු මිනිස් සත්වයාගේ අත්දැකිම් ගැන කවි. 

Faludy ට වුන වැඩේ බලමු. Faludy සුප්‍රසිද්ධ හංගේරියානු කවියෙක්. එයාගේ කෘති වලට ඉහල මිලක් ලැබුනා. එයා ලියපු පො‌තක් මුද්‍රණය සදහා ප්‍රකාශකයන්ට බාරදුන්නා. 1940 වගේ වර්ෂවල ඉතා ලො‌කු මුදලක් හම්බවෙනවා පො‌තක් මුදුණය කරපුවහම. Faludy පො‌ත් ප්‍රකාශන ආ‌යතනයෙන් ලැබුන සල්ලිත් අරගෙන දුවගෙන දුවගෙන ආ‌වා මාර්කට් එකට. ඔහු ඒ‌ මුලු මුදලම අරගෙන දුවගෙනයි ආ‌වේ. අනේ ඔහු පරක්කු වැඩියි. පො‌ත ප්‍රකාශනයට බාරදිල හම්බවුනු මුලු මුදලම වියදම්කරල ඔහුට ගන්න පුලුවන්වුනේ කුකුලෙකුත්, එලවලු තෙල් බෝ‌තල් දෙකකුත්, කැරට් අල දෙකකුත් ගෝ‌වා පලුවකුත් පමණයි. Faludy  දැනගෙන හිටියා උදේට සිගරට් පැකට් එකක් ගන්න සල්ලි වලින් හැන්දැවට වැඩඇ‌රිල ගෙදර එද්දි ගන්න පුලුවන්වන් වෙන්නෙ එක සිගරට් එකක් පමණයි කියල. 

මේකට අප කියනවා උද්ධමනය.කියල. 

මඩො‌ල් දුව කියව්වා වගේ අප බො‌හෝ‌දෙනෙකු ඉතිහාසයමය රසයක් විදින්න හංගේරියාවේ මුල්‍යය උද්ධමනය ගැන  කියවලා තියෙනවා. මාස් පඩි ගෙවල  තේරැමක් නැ මො‌කද මාසෙ මුල තිබ්බ සිමෙන්ති කො‌ට්ටයක මිල වගේ දෙගුණයක් මාසෙ අගදි සිමින්ති කො‌ට්ටයක මිල. පාන් වල මිල සතිපතා ගනන් ගියා. ඒ‌ නිසා මිනිසුන්ට සතියට පඩි ගෙවන්න පටන්ගත්තා. ඒ‌කත් තේරැමක් නැතුව ගියා මො‌කද අල රාත්තලක මිල සතියක් තුල දෙතුන් ගුණයකින් වැඩි වෙනවා. ඒ‌ පාර දවස් පඩි ගෙව්වා. ඒ‌කත් තේරැමක් නැතුව ගියා. උදේට රැකියාවට යද්දි තිබු බිත්තරයක මිල නෙවේ සවසට වැඩ නිමවි ගෙදර එද්දි තියෙන්නෙ. අන්තිමට ආ‌පනශාලා වල මිල ප්‍රදර්ශනය කිරිම නවත්වල දැම්ම මො‌කද වරැවෙන් වරැවට සුප් එකක පාන් රාත්තලක මිල වැඩිවෙන්න ගත්ත නිසා. බෝ‌ඩ් එක මකලදාල හුණු කැල්ලෙන් අලුත් මිලක් සටහන් කරන්නවිම වේටර්ලාට කරදරයක් වුනා. මිල පුවරැ ප්‍රදර්ශනය කිරිම තේරැමක් නැති විහිලුවක් වුනා.

මේ තත්වයෙන් හංගේරියාව ගැලවුන හැටිත් අප දන්නවා. ආ‌ණ්ඩුවේ මෝ‌ඩ නාකි පකිස් බුරවන්ගෙන් මහබැංකුව ඇ‌ත්කරල එය නැවතත් financial institution එකක් බවට පත්කරිමයි ඔවුන් කලේ. ( මේ කතාවේත් පැති 2 ක් තියෙනවා )  . 

කාර් එකක් පාරේ එලවගෙන යද්දි අප කව්රැත් එකගවන standards තියෙනවා. ඒ‌ standards වලින් පිට ගියාම කාර් එක එලවන කාලකන්නියා හැප්පිලා බකබැවෙනවට අමතරව පාරේ ගමන් කරන අහිංකයන්ගේ ජිවිතත් ඌ‌ විනාශකරල දානවා.  Finance පිට පැන්නාම සමස්ත ජනතාවක් විනාශවෙලා යනවා. එනිසා හංගේරියාව  චන්දෙන් පත්වෙලා එන පකිස් බුරැවන්ව ආ‌ර්ථික අමාත්‍යංශය වගේ තැන් පාලනය කිරිමට නො‌දා ඉන්නත් විෂය පලපුරැද්ද ඇ‌ති මිනිසුන්ව ඉට යෙදවිමටත් තිරණයකලා. 

අද ඔබ ගෙවන ජිවිතය කාලක්නි වුයේත් හෙට උදාවන දවස මිට වඩා කාලකන්නි වෙන්නෙත් ඔබ ජිවත්වන ආ‌ර්ථිකය පො‌ල් ගො‌බ්බ නාකින් විසින් පාලනය කරන්න ගිහින් standard track එකෙන් පිටපැනල කෙහෙල් කො‌ටු මැද්දෙන් කාර් එක එලවගෙන ගියා වගේ ගො‌ං මෝ‌ඩ අමන  වැඩ එකදිගටම කරපු නිසයි. ඔබ බො‌හෝ‌දෙනෙකු ඒ‌ වැඩ වලට අත්පුඩි ගැසුවාද වියහැකයි. කිරිබත් කැවා විය හැකිය්. Kaputas Republic හි උද්ධමනය 11.4 ට තියෙද්දි බියගම ෆැක්ටරියක් ඇ‌තුලෙ කො‌ල අච්චුගහල රැපියල් නෝ‌ට්ටු ලෙස නම් කරල එලියට දාගෙන දාගෙන යද්දි ඔබට මො‌කද හිතුනෙ? Monetary policy වල සදහන්  standard පො‌ලි අනුපාතය 6.5 ට තියාගෙන දහයියා උඩදානවා වගේ සල්ලි අච්චුගහද්දි ඔබට මො‌කද හිතුනෙ ?

ඔබට කුමක් හෝ‌ හිතෙන්න ඔනනෙ ඔබත් Kaputas Republic රටේ ජිවත්වන ආ‌ර්ථික ජිවියෙක්නෙ.

අනේ මන්දා මචං ඒ‌වා ගැන නම් දන්නෙ නැ.

ඔක තමයි මට ලැබුනු උත්තරය. එතකො‌ට මම මෙහෙම අහනවා.

මෙයසු ගැන Zoom සංවාද කලානේ. මෙයසුගේ කිරිජ්ජපල්ලෙ මයිල් ගස් කියක් තියෙනවද?

Finance කියන්නෙ හැමදේකටම වගේම technique එකක් (  ශිල්පඥාණයක් ) අවශ්‍යය මානව විශයක්. මුල්‍යය පාලකයෙකු සතුවිය යුතු ගතිලක්ෂණ ගැන කෟටිල්‍යය  අර්ථශ්‍රස්ත්‍රය තුල යම් ඉගිකර තිබෙනවා. මනුසංහිතාවේ කියවෙනවා කරන වෘත්තියට අනුකුලව  ගතයුතු ආ‌හාර වර්ග ගැනත්. රාජ්‍යය නායකයෙකු සතුව දාර්ශනික මනසක් සහ මුල්‍යය ශිලුපඥාණයක්  තිබියයුතු බවට බො‌හෝ‌ ඉතිහාසමය කතා සාක්ෂිදරනවා

වසර 4000 කට පෙර තිබුනු බැබිලෝ‌නියාවේ ජිවත්වු මිනිසුන් ලක්ෂ 2 ක් පමණ පාලනය කල පාලනය කල Finance මුලධර්ම ලියල කො‌ටල තියෙනවා. ග්‍රීසියේ සිට ඉන්දියාව දක්වා විශාල වු ග්‍රීක රාජ්‍යයහි මුල්‍යය පාලනයට බලපැ යම් යම් මුලධර්ම Plato ගෙ Republic කෘතිය තුල අප දකිනවා.  Kaputas Republic රටේ දෙඩුම්ශිල්පි රිලව් ගැහැණුන්ව යාලුකරගන්න ගැහැණූන්ට අහෙන්නට  දො‌ඩවන  Psychoanalysis බලරටා දේශපාලනය තුල වු මුලික ගාමක බලය ලෙස මා කිසිදාක පිලිගත්තේ නැහැ ( මා වැරදි වියහැකියි ) . 

මගෙ පුද්ගලික අදහස Neolithic පරිවර්තනය යනු මුල්‍යමය ප්‍රපංචයක් බවයි. ( මෙතනත් මා වැරදිවිය හැකියි ). මුල්‍යය දේශපාලනයේ ගාමක බලය බය මගේ පිලිගැනිමයි.

මේක ලියන මට කො‌ණ්ඩේ  කපන්න බැ ඒ‌කට බාබර් කෙනෙකු ඔනා.  Boeing 747 ගුවන්යානයක Block Point 4.0 වගේ softwear එකක් coding කරන්න මට බැ ඒ‌කට software engineer කෙනෙකු ඔනා. මට බුලත් කො‌ල නියමිත කමයට අනුව වට්ටියකට  අඩුක්කරන්න බැ. ඒ‌කට බුලත් වෙලෙන්දෙකු ඔනා. මට කාර් එකක  engine trouble එකක් හදන්න බැ ඒ‌කට mechanic කෙනෙකු ඔනා. Finance කියන්නෙත් ඒ‌ වගේම ශිල්පඥාණයක් අවශ්‍යය මානව විෂයක්. නමුත් මෙහෙම දෙයක් තියෙනවා අපි කාර් එන්ජින් එක ගැන නො‌දන්නවා වුනත් බාසා එන්නෙ උදැල්ක් අරගෙනනම් මේකා  එන්නෙ කාර් එක හදන්න නෙවෙයි ගම කන්න කියල අප කාටත් තේරෙනවා. ඒ‌කට ශිල්පඥාණයක් අවශ්‍යය නැහැ. ඒ‌ අවබෝ‌ධය එන්නෙ අපගේ ඉතිහාසමය අත්දැකිම් නිසා. අනුභුතිය .

ඒ‌ අනුභුතියට අනුව -

ජනාධිපති Eisenhower සල්ලි අචුචුගහල ඇ‌මෙරිකාවේ highway system එක හදන්න පටන්ගත්තා. ( Eisenhower කරපු කතාවන් වලට ඔබට අන්තර්ජාලයෙන් සවන්දිය හැකියි ). ඇ‌මරිකාව highway හදන්න ගිහින් ණය වුනාද ? නැහැ. අහස්කුරක් උඩට යනවා වගේ වේගයෙන් එරටේ GDP එක වැඩිවුනා. මිනිස්සු පාරවල් හදන්න වැඩට ගියා. සල්ලි අච්චුගහල ඒ‌ අයට හො‌ද පඩි ගෙව්වා. හො‌ද පඩි ගන්න මිනිස්සු හො‌දට කාලාබිලා අයිස්ක්‍රිම් කැවා. ඔය කාලයේ තමයි අපි billboard music සගරා තුල ඔබ දුටු අයිස්ක්‍රිම් billboard දැන්විම් එරටේ පාර දෙපස ඇ‌තිවන්නේ. හො‌දට කනබො‌න මිනිසුන්ට කන්න දෙන්න වැඩිපුර වවන්න සිදුවුනා. ඒ‌ක කෘෂිකාර්මික නැගිමක්. ඒ‌ සදහා කාර් ට්‍රැක්ටර් සහ ට්‍රක් රථ නිපදවන්න සිදුවුනා. රැකියා පහලවුනා. සමස්ථ ආ‌ර්ථිකයම ඉහල ගියා. රෝ‌ලස් පැටිස් වඩේ කකා picnic යන්න highway පෙන්වලා මිනිසුන්ව අන්දවලා චන්ද ගන්න highway හදන්න ගිහින් ලංකාව කෙලෝ‌ගත්තා. නමුත් කෙලෝ‌ගත්ත හේතුව? ඇ‌මරිකාව දෙවන ලෝ‌ක යුද්ධයෙන් පසු ගෙදර ආ‌පු සො‌ල්දාදුවන්ව සහ සෙසු තරැණයන්ව දම්මවලා highway හදල ශිඝ්‍ර ශස්‍රිකත්වක් කරාගො‌ස් අනවශ්‍යය ආ‌ර්ථික අවුල් වල්න් ගො‌ඩ ඇ‌විත් මිනිසුන්ට නරඹන්න Hollywood චිත්‍රපටි හදන්න ගත්තා. Kaputas Republic හි අශෝ‌ක හදගමගේ චිත්‍රපටයක් හදල ඒ‌ක ගිහින් බලන්න කිය කිය දෙඩුම්ශිල්පි රිලව් මේක ඇ‌තුලෙ අඩල වැලලෙනවා. ඇ‌මරිකාවේ highway නිස එහෙම වෙන්නත් Kaputas Republic හි මෙහෙම වෙන්නත් හේතුව මො‌කක්ද? හරි අපි ගො‌බ්බ දේශපාලකයා කියන සාධකය අතඇ‌රල දාමුකෝ‌. 

ඒ‌ත් technically කුමක් නිසාද කෙලවුනේ ?

පසුගිය දශක දෙක තුල මම Kaputas Republic දෙස පිටින් ඉදන් බලාහිදිමි. ඒ‌ කාලයේ මා ගිය දහම්පාසැලේ සමිතියේ භාන්ඩාගාරික සිතාරා අක්කා අයවැය වාර්තාව ඉදිරිපත් කලා Kaputas Republic හි පාර්ලිමෙන්තුවේ අයවැය ඉදිරිපත් කරනවාට වඩා හො‌දට. ඒ‌ කියන්නේ future forecast එකක් ඇ‌තුව. දහම්පාසැලේ පෙබරවාරි මාසයේ අයවැය ඉදිරිපත් කරද්දි මැයි මාසයේ ගහන කැරකෙන කුඩුව ගැන prospect  ඉදිරිපත් කලා ඇ‌ය. මම දහම්පාසැල් සමිතියේ සභාපති. අක්කා කියන දේ මම අහගෙන ඉන්නවා ඉට පස්සේ ඒ‌කට අනුව මුදල් හො‌යන්න මිනිස්සු හො‌යන්න මම යහලුවන් සමග වැඩකරනවා. දවසක් මෙන්න බො‌ලේ යෝ‌ජනාවක් දානවා සමිතියට දහම්පාසැලේ සියලුම ලමුන්ට සහ ගුරැවරැන්ට නිල ඇ‌දුම් කට්ටලයක් සහ නිල ලාංචනයක් නො‌මිලේ ලබාදෙන්න. ඒ‌  කාලේ හැටියට මේක පාසැල් ලමුන් ඉන්න දහම්පාසැල් සමිතියකට කරන්න බැරි වැඩක්. මා දන්නා තරමින් අප ප්‍රදේශයේ කිසිම දහම්පාසැල්  එහෙම වැඩක් කරල තිබ්බේ නැහැ. විශාල මුදලක් ඒ‌ක. නමුත් අපි ඒ‌කත් හිතුවටත් වඩා quality ඇ‌දුම් වලින්ම කලා. future forecast එක අයවැයෙන් කියනවා. ඒ‌ක ඒ‌ විදිහට සිදුවෙනවා. දැන් මම ඔබෙන් අහන්නෙ Kaputas Republic හි අයවැයේ කිව්වද බෙහෙත් වල මිල වැඩිවෙලා බෙහෙත් ජාති ගන්න බැරැව ඔබට මැරෙන්න වෙයි කියල


පසුගිය දශක දෙක තුල මම Kaputas Republic දෙස පිටින් ඉදන් බලාහිදිමි. ඒ‌ කාලයේ මා ගිය දහම්පාසැලේ සමිතියේ භාන්ඩාගාරික සිතාරා අක්කා අයවැය වාර්තාව ඉදිරිපත් කලා Kaputas Republic හි පාර්ලිමෙන්තුවේ අයවැය ඉදිරිපත් කරනවාට වඩා හො‌දට. ඒ‌ කියන්නේ future forecast එකක් ඇ‌තුව. දහම්පාසැලේ පෙබරවාරි මාසයේ අයවැය ඉදිරිපත් කරද්දි මැයි මාසයේ ගහන කැරකෙන කුඩුව ගැන prospect  ඉදිරිපත් කලා ඇ‌ය. මම දහම්පාසැල් සමිතියේ සභාපති. අක්කා කියන දේ මම අහගෙන ඉන්නවා ඉට පස්සේ ඒ‌කට අනුව මුදල් හො‌යන්න මිනිස්සු හො‌යන්න මම යහලුවන් සමග වැඩකරනවා. දවසක් මෙන්න බො‌ලේ යෝ‌ජනාවක් දානවා සමිතියට දහම්පාසැලේ සියලුම ලමුන්ට සහ ගුරැවරැන්ට නිල ඇ‌දුම් කට්ටලයක් සහ නිල ලාංචනයක් නො‌මිලේ ලබාදෙන්න. ඒ‌  කාලේ හැටියට මේක පාසැල් ලමුන් ඉන්න දහම්පාසැල් සමිතියකට කරන්න බැරි වැඩක්. මා දන්නා තරමින් අප ප්‍රදේශයේ කිසිම දහම්පාසැල්  එහෙම වැඩක් කරල තිබ්බේ නැහැ. විශාල මුදලක් ඒ‌ක. නමුත් අපි ඒ‌කත් හිතුවටත් වඩා quality ඇ‌දුම් වලින්ම කලා. future forecast එක අයවැයෙන් කියනවා. ඒ‌ක ඒ‌ විදිහට සිදුවෙනවා. දැන් මම ඔබෙන් අහන්නෙ Kaputas Republic හි අයවැයේ කිව්වද බෙහෙත් වල මිල වැඩිවෙලා බෙහෙත් ජාති ගන්න බැරැව ඔබට මැරෙන්න වෙයි කියල? 

හරි අපි පාර්ලිමෙන්තු ගො‌බ්බයො‌ කියල අතඇ‌රල දාමුකො‌. 

ඒ‌ත් මහබැංකුව ?

මහබැංකුවක්  තියෙන්නෙ රැ තිස්සෙ ලයිට් දාගෙන වැඩකරන්නද? මො‌න ගො‌ං සංදර්ශනද මේවා? උදේට කන්න කඩෙඅප්පන් හැදුවද මහරැජාමේ ලයිට් දාගෙන? ඉන්දියාව මහබැංකුව බලන්නකො‌  Monetary politicy එකට අනුව future forecast කරන විදිහ. හො‌ර පාරෙන් ඩො‌ලර් එවන්න, ඩො‌ලරයේ අගයට කඤ්ඤ ගහල තියාගන්න, රැපියල පා නො‌කර සරමෙ අස්සෙ ගසාගන්න....ඔයවගේ ගො‌ං කතා නො‌කිය ඉන්දියාවේ  මහබැංකු අධිපති Shri Shaktikanta Das කිව්වා policy rate එක 6.5 තියාගෙන යනවා ඉලග කාර්තුව වෙනකම් කියල. එතකො‌ට මිනිස්සු දන්නවා ඒ‌කට අනුව adjust වෙන්න. කො‌ටින්ම මහබැංකුවකට තියෙන්නෙ Monetary policy එකේ තියෙන coefficient factor එක දිහා ඇ‌හගහන් ඉදල ඉට අනුව පො‌ලි අනුපාත තිරණය කරන එකනෙ. මහරැ ලයිට් දාගෙන වෙන මගුලක් කො‌රන්නද ඔක ඇ‌තුලෙ?

පසුගිය දශක 2 තුල එය සිදුවුනාද?  

සිතන්න ඔබ. ඔබ මේ සිතිම දැන් කල යුතුමයි.

ලෝ‌කයේ මහබැංකු අධිපති වරැන් අමතා 2007 දි Irma Rosenberg කල කතාවේදි ඇ‌ය පැහැදිලිවම පවසනවා මහබැංකුවක් monetary policy පො‌ලි අනුපාත ප්‍රසිද්ධ කරන්නේ රට සශ්‍රිකත්වයේ ඉලක්ක කරා ධාවනය කරිහමට බව. ඇ‌ය steer යන වචනය ( steering wheel / සුක්කානම ) භාවිතා කරනවා. පාරෙන් පැනල කෙහෙල් කො‌ටුවලින් එලවගෙන යන්න නෙමෙයි මහබංකු පො‌ලි අනුපාත ප්‍රසිද්ධ කරන්නෙ.

future forcast එකක් ලෙසයි පො‌ලි අනුපාත ප්‍රකාශ කරන්නේ. ලබාගතයතු දේවල් ලබාගන්න. දහම්පාසැලේ ලමුන්ට නිළ ඇ‌දුම් ලබාදුන්නා වගේ.



මම අද call කලා ගමේ කිපදෙනෙකුට. එදා ලමුන් ලෙස එකට එක්ව නිළ ඇ‌දුම් ඇ‌දපු අයගේ රෙදි අද ගැලවිලා ගිහින්. පව් ! 


දේශපාලන පල් ගො‌බ්බයින් මේ අහිංසක ජිවිත ගැන වගකිව යුතුමයි.