හොරෙක්, මංකොල්ලකරුවෙක්, මංපහරන්නෙක්,දේශප්‍රේමියෙක්.... මෙන්ම විශ්වයේ ජීවියෙක්....
.
Showing posts with label Galle Road. Show all posts
Showing posts with label Galle Road. Show all posts
Jan 5, 2017
Aug 1, 2014
කරවල කිරි හොදි, අමිතාබ් බච්චන් සහ ඔරේන් ජන් බාලි- Orange Barley, Amithabh Bachchan & Dry Fish Curry
ඔරේන්ජන් බාලී කථා වස්තුව .
අද වෙලා තියෙන්නේ අසන්නන්ගේ ඉල්ලිම් ඉටු කරන්න. "බූරු බබා" ගෙනුයි, "බස්සි"ගෙනුයි බේරෙන්න බෑ ඔරේන්ජන් බාලි ඉල්ලලා. කෙල්ලෝ කොච්චර ආසද කියලා හිතා ගන්න පුළුවන්, අපේ නෝනලා මේකට අදත් ආදරේ කරන විදිය දැක්කාම. නෝනා මොකක්ද? අම්මට හොඳටෝම වයසයි. සීනිත් එකසිය ගානට. ඒත් ඔරෙන්ජන් බාර්ලි ගෙනාවොත් හොරෙන් බොනවා කියලා තාත්තා කිව්වා.
Dec 4, 2013
ගාළු පාර හා නැන්දම්මා (2) - Galle Road & Mother In Law (2)
ගාළු පාර - පළවන කොටස
නැන්දම්මා දෙපැත්තටම වැඳලා දනි පනියේ නැග්ගාට, හාමිනා නගින්නේ, ත්‍රිපිටකේම මුමුනලාද කොහේදය. සම් හරක් උන්ට මල පැනලා හෝන් එක උඩ නගින කොට, හාමිනා උන්ට ඔරවනවාය. ඒ උනාට, උන් ඔරවන්නේ හාමිනාට නොවෙයිය. උන් ඔරවන්නේ මටය. මම ඉතින් අහිංසක මිනිහා නිසා, පොඩ්ඩක් ඉස්සරහට ගන්නවාය. නැත්නම් අරුන් අපේ අම්මාට පින් දෙන්න පටන් ගන්නවාය. ඒ අපේ සේස්ට සිස්ටාචාරේ හැටිය.
අන් අයගේ අම්මලා සිහිකොට පින් අනුමෝදම් කිරිම, අපේ සඟිස්කුරුතේ ප්‍රධාන අංගයක්ය. නැත්තන් පොලොස් කොට්ටෝරුවෝ කෑ ගහනවාය. ඒත් ඉතින් එහෙම ඉස්සරහට ගත්තාම, වාහනෙට ගොඩ උන ගමන් නෝනා ධර්ම දේශනාවක් කරණවාය. මම ඉතින් සාවදානව අසා සිටිනවාය. පොඩි එකා හා නැන්දම්මා සිනාසෙනවාය.
Dec 2, 2013
ගාළු පාරේ තාර දාලා.. - Galle Road Tar is putting.....
ඩෙස්මන්ඩ් ද සිල්වා කියන්නේ මාතලන්ගේ ප්‍රියතම ගායකයන්ගෙන් මුලින්ම ඉන්නා එක්කෙනෙක්ය. ඩෙස්මන්ඩ් සිල්වාගේ ගම මාතරය. ඉන්නේ ලන්ඩන්වලය. මේ ළඟදිත් ඇවිල්ලා මාතර සෝ එකක් කෙරුවාය. පට්ට සෙනගය. ඔය ඩෙස්මන්ඩ් ද සිල්වා, මාතර යන්නේ ගාළු පාරේය. ඒ නිසාද මන්දා ඩෙස්මන්ඩ්ගේ "පොල් කටු හැන්දෙ මිට වගේ...." ගීතයේ "ගාළු පාරේ තාර දාලා බසුත් යනවා...." කියා කෑල්ලක් තියෙන්නේය. මේ ලියන්න යන්නේ පරණ ගාළු පාරේ ගාළු ගිය හැටිය.
Subscribe to:
Posts (Atom)

