චීනා නැවත් පැමිණීම ලෙස මෙය හැඳින් වූයේ, මරි මෝඩ යහපාලන හිවළුන්, මහින්ද ගෙන ආ චීනුන් එලවා දැමූ අතර, රටේ වාසනාවකට කෙසේ හෝ ඔවුන් නැවත පැමිණ ඇති හෙයිනි. (එමෙන්ම ඈත අතිතයේ සිටම චීනය හා ලංකාව අතර සබඳතා ඇති බවට ඉතිහාසයේ කරුණු ඕනෑ තරම් ඇති අතර ෆා හියන් ගේ සටහන් හා යාපහුවේ නිර්මාණයන් ඒවාට ඇති උදාහරණයන්ය. කොහොමත් චීනයටත් වඩා අම්මට සිරි ලංකාවේ චයිනීස් රෙස්ටුරන්ට් තිබීමම ඒම සබඳතාවය ගැන ඇති අගනා උදාහරණයන්ය.) මෙය තරමක් දීර්ඝව සාකච්ඡා කළ යුතු මාත්තුරුකාවක් බැවින්, ඔබේ අදහස් සමඟ ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වෙමි.. මේ එහි පළමු කොටසයි
