මුළු රටම කාබාසීනියා කර දැමූ....
බන්ඩාරනායකගේ සිස්ටම් චේන්ජ්ජෙක
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖🔴▪️
ගැරැප්පුවෙන් ආප්ප කෑ, සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බන්ඩාරණායක හාමුගේ දියණියක් වන, හොරගොල්ල නීලපෙරුමාල් පන්ඩාරනායගම් පරම්පරාවේ අභිමානවත් දෙටු එතනහාමී සුනේත්‍රා බන්ඩාරනායක තම පියානන් කළ අමනකම් ගැන ප්‍රසිද්ධියේ සමාව ගැනීම, ගස් ගෙඩ් කඩමින් සිට නිදහස් අජ්ජාපනේ පිහිටෙන් සීත කාමරවල හෝ සීත රටවල සිට, මසකට වරක් පොල් කඩනා උන්ගේ පුපේ ඉත්තෑවන් දුවා ඌයියා වීමට බලපා තිබෙනා බව පේනවාය.
මාතලන් මේ කණ්ඩායමට අයත් නොවන්නේ අපේ අප්පා මුත්තලා, ව්‍යවසායිකයින් වී ගොඩ ඇවිල්ලා තියෙන්නේ සුද්දා නිදහස දෙන්නටත් පෙර නිසාය. එහෙත් බන්ඩා කළ අමනකම් වල වින්දිතයින් වන්නට අපටද සිඳු වූ වේදනාව අපටද තියෙන්නේය.
අප අජ්ජාපනය ලැබුවේ සුද්දාගේ කාළයේ ආරම්බ වූ මිෂනාරී පාසලක වුවද, ඒවා රජයට පවරා ගැනීමෙන් පසු ඒවායේ ඉන්ගිරිසියෙන් ඉගැන්වීමට කෙලවිලාම ගොස් තිබුනේය.
අපි හයේ පන්තියේ සිටියදි, එලකියුෂන් හා වෙස්ටර්න් මියුසික් කියා සුද්දාගෙන් ඉතිරි වූ නෂ්ඨාවශේෂ සබ්ජෙක්ට් දෙකක් තිබුනද, හතේ පන්තියේදී ඒවාටද නිවන් සුව අත් වූයේය.
“මොකක්ද ක්‍රිස් මේ කරන්න යන්නේ? අපට ගහකින් ගෙඩියක් කඩාගන්න කොල්ලෙක් නැතිකරන්නද යන්නේ ” කියා කිව්වේ මොකා වුනත් ඒ ප්‍රකාෂය කරපු එකා අමු වසලයෙක් බවට කිසි තර්කයක් ඇත්තේ නැතිය.
කන්නන්ගර උන්නැහේ නිදහස් අජ්ජාපනය සඳහා මධ්‍ය මහා විජ්ජාල පටන් ගත්තාට ඉන්ගිරිසියෙන් අජ්ජාපනය ලබා දීම නතර කළේ නැතිය. මධ්‍ය මහා විජ්ජාලේ උන් සිංහළ සාහිත්‍යය හා බුද්ධාගම ඉගෙන ගත්තේත් ඉන්ගිරිසියෙන්මය.
අපේ කලාව, සඟිස්කෘතිය හා ආගම පිළිබඳ උන් ගිහි පැවිදි පොරවල් සියල්ලෝම ඉන්ගිරිසි ඇක්ස්පර්ට්ලා හෙවත් ද්වීභාෂා පරමේෂ්වරලා වූයේය.
සමහරුන් ලියා තිබ්බේ රාජ්‍ය භාෂාව සිංහළ කිරීමේ යෝජනා මුලින්ම ගෙනාවේ එජාපයේ උන් යැයි කියාය. කොහොමත් වමේ අපතයන් හැර සෑම ජන කොඨ්ඨාශයක්ම නියෝජනය කල එජාපයට ඕක ගෙන එන්නට සිඳු වන්නේ නැති බව තේරුම් ගත් බන්ඩා එජාපයෙන් යන්නේ මේ අදහසත් මංකොල්ල කාගෙනය.
බන් ගොන්ඩා වන්දනා කරනා ප්‍රශස්ති පන්ඩිතයින් බොහෝමයක් ලියා තිබුනේ ඉන්ගිරිසියෙන් කතා කිරීම ගැන පමණි. එහෙත් ඉන්ගිරිසි අජ්ජාපනය තුල තිබූ සුද්දාගේ හැදියාව හා සඟිස්කුරුතිය උන්ට අමතකව තිබිනි.
විශේෂයෙන් රාජ්‍ය සේවය හා දේශපාලනය තුල තිබූ මහත්මා කම්වලට හා සුද්දා වගේ වැඩ කරනා විදියට කෙලවෙලාම ගොස් එය නරා වලක් වූයේ, ඔය ගස් බන්ඩාගේ පිස්සුව නිසාමය. හින්ගල පමණක් දන්නා ගස් බන්ඩලාගේ දරුවෝ රාජ්‍ය සේවයට පැමිණ උන්ගේ හීනමානය කවර් කරගත්තේද උන්ගේ පන්තියෙන්මය. ඊටාමතරව ඉහළ පන්තියට ඊර්ෂ්‍යා කරමින් වෛර බැන්දෝය.
විස්ස විජ්ජාල උන්ගේ රුදුරු ග්‍රහණයට ලක් වුනේය... උන් ආචාර්‍ය මහාචාර්‍ය පට්ටම් ලැබීමෙන් පසු නවක වදයට ලයිසන් දී එවන් මිලේච්ඡයින්ගේ බොඩිගාඩ්ලා හා න්‍යායාචාර්‍යවරුන්ගේ රජ දහනක් විය. සමාජ විරෝධීන්ගේ මූලස්ථාන විය.
රටේ සෑම පන්තියකටම අයත් වුන් සමඟ එකම පන්තියේ සිටී පාසලකට ගිය අප, සුද්දාගේ මිෂනාරී අජ්ජාපනය අදත් ලබාදෙන සැන් තෝමස්, ට්‍රිනිටි වැනි පාසල් වලින් ආ උන්ගේ හැදියාවන් හා ක්ලාස් එක පැහැදිලිවම දුටුවෝය.
56 ගස් බන්ඩාගේ විකාරයෙන් පස්සේ අපේ රටේ එතෙක් තිබූ ෂේක්ස්පියර්ගේ ඉන්ගිරිස් හා ඉන්ගිරිසි සාහිත්‍යයට හැමිනිලාම ගොස් පඩත්තල රුසියන් සාහිත්‍යයක් බින්න බහින්නේ රටේ කරුමයටය. සුද්දා අරක්කු බෙදුවා වගේ ඒවා සිංහලට පරිවර්තනය කොට නොමිළේම බෙදාහැරියේය.
එමෙන්ම මහ රැජිණගේ අධිරාජ්‍යයේ ඉන්ගිරිසියෙන් උගත් සුද්දන්ගේ හැදියාවන් තිබූ වමේ නායකයින් නැත්තටම නැතිවී ගොස්, වමේ දේශපාලනයත් ග්‍රාමීය ගෝත්‍රික ළිං මැඩි ගස් බන්ඩලා අතට යන්නේය. වමේ දේශපාලනය තුල රෝහණ විජේවීර, විමල් වීරවංශ, නලීන් හේවගේ වැනි වාචාල ගෝත්‍රික මිලේච්ඡයින් බඩ පිණුම් ගසන්නේ අර හිඟන්නන්ගේ ඔල්වරසන් මැද්දේය.
උතුරේ හා දකුණේ ඒ පන්තිවලට අයත් උන්, ත්‍රස්තවාදයෙන් රට මිලේච්ඡයින්ගේ රඟමඩලක් කරන්නේත්..බන්ඩාගේ පස්සෙන් ගිය එකෙක්ගේ පුතෙක් උන්ට කෙලවා මහරජා වෙන්නේත් ඒ අනුවය.
සමහරු ලියලා තිබ්බේ මේ රටට කෙළවූයේ රටේ ආදායමට වඩා වියදම වැඩි වූ නිසා මිස, ඉන්ගිරිසියෙන් අජ්ජාපනේ දුන්නේ නැති නිසා නෙමේය කියලාය.
එහෙත් උන්දැලාට අමතක වෙච්චි කාරනේ නම්, එසේ වීමට හේතූ වූයේ, මේ රටේ රාජ්ජ සේවය බන්ඩාරනායක වහලුන්ගෙන් පුරවා, රාජ්‍ය සේවය සාපයක් කළේ... ගස් බන්ඩාගේ ගෝලයන් විසින්ම බවය.
බන්ඩාගේ ඒ අමන ක්‍රියාව නිසා, රටේ සමස්ත සිස්ටම් එකම කඩා වැටී රට භංකොලොත් රටක් බවට ප්‍රකාෂ කළේත් බන්ඩාගේ පස්සෙන් ගිය බන් ගොන්ඩෙක්ගේ පුතෙක් බවත් දැන් ඉන්න ගොන් බන්ඩලා අවබෝධ කර ගත යුතුමය. උන්නැහේ විශ්වයෙන් එහාට රට ගෙනියන්නේ ගියේ වසර හතක් වමේ අපතයින් හා එක්ව රට විනාශ කළ හත් අවුරුදු සාපේ මැතඩ් එකෙන්‍ය.
වාසනාවකට අදින් වසර 10 - 12 කින් පසුව හෝ ඉන්ගිරිසි දන්නා පරම්පරාවක් බිහි කිරීමට වත්මන් රජය මුල පුරා ඇත. එමෙන්ම ඉන්ගිරිසි පමණක් නොව, සුද්දා සිතන පතන විදියේ පරම්පරාවක් ඇති කිරීමට නම්, රුසියානූ සාහිත්‍යය නොව, බටහිර සාහිත්‍යය විෂයන් තුලට ඇතුලත් කිරීමටත්, අජ්ජාපන බලධාරීන් ක්‍රියා කළ යුතුය. එමෙන්ම කසි කබල් සාම්ප්‍රදායික සබ්ජෙක්ට්ස් වෙනුවට, එමෙන්ම STEAM ඇඩියුකේසොන් මොඩලය වහාම ඉස්තාපිත කළ යුතුමය.
එවිට රනිල්ගේ කුරුඳුවත්තේ ලෝකල් සුද්දන්ගේ 2.50 ඉන්ගිරිස් නොව, සජිත් ප්‍රේමදාසගේ, "ටු චේන්ජ් දී ඩ්‍රොකෝනියන් ඔටෝකැක්ටික් ඔතෝරිටේරියන් පවර් කන්සොන්ට්‍රේසොන්... මේජර් ට්‍රෙෂ් දැට් හෑව් බීන් කොන්කොක්ඩට්..." කියා ඉන්ගිරිසියෙන් සුද්දන්ට ටෝක්ස් එක දී ... සුද්දන්ටත් බඩ යන්නට දෙන්න පුලුවන් වෙනවාය කියා මේ පල් හෑල්ල මෙතනින් නවතා දමනවාය..
ටෑන්ක්ස් හොඳේ...
සී යූ ලේටර්.. ඇලිගේටර්...
හව් ඉස් මයි ඉන්ග්‍රිස් ඈ.....
.
