.

.

Feb 27, 2023

එයා දැන් බැඳලා නැගලාම ගියේ ඇයි?

 


එයා දැන් බැඳලා
නැගලාම ගියේ ඇයි?
➖➖➖➖➖➖➖🔴

එය ජනප්‍රිය වූයේ...

සිංගල් පිරිමි අතර ::
---------------------------------
මනී උන් නියෝජනය කිරීම..

බැඳපු පිරිමින් අතර ::-
------------------------------------

තවත් ගැහැණියක් හා රමණයේ යෙදීමට ඇති ආශක්ත ආශාවත්.. එසේ කිරීමට ගට්ස් නැති අයගේ ෆැන්ටසිමය ලෝකය ඒ තුල වීමත්.. (Spa හෝ ගොඩවීමට බිය)

(පිරිමි සියල්ලෝම සුද්දී හා රමණයේ යෙදුනේය.
සුද්දිගේ ඉරණමෙන් උන්ට කිසි අවුලක් නැත.)

කාන්තා පාර්ෂවය අතර
(මිස් ඇන්ඩ් මිසිස් බෝත්)
---------------------------------------
සම අයිතිවාසිකම් ඉල්ලුවත්, නීතී හදන තැනට ගියත් තමා කාන්තාවක් නිසාම පීඩනයට, අසරණභාවයට, අවමානයට පත් වෙතැයි යන ශ්‍රී ලාංකීය කාන්තා මානසිකත්වයක් නිසා...
(සුද්දිගේ ඉරණම ඔවුන්ගේ හදවත කම්පා කරවයි)

#එයාදැන්බැඳලා 
.

තියන්න චන්දයක් නෑ

 


තියන්න චන්දයක් නෑ
(උඹලා අගමැති රනිල් දැකලා තිබ්බට, ජනාධිපති රනිල් දැකලා තිබ්බේ නෑ නේද? )
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖🔴➖

( දෙවන කොටස)
(මෙහි පළමු කොටස, පළවන කොමෙන්ටුවේ.)

පුංචි මැතිවරණය තියා කිසිම මැතිවරණයක් නැති බව හරීන් ඊයේ කීවේය. මේවා හරීන්ටත්, රනිල්ටත් කලින් මාතලන් දැනගෙන උන්නේය. ඒ ලාංකීය දේශපාලනය නොව ගෝලිය දේශපාලනයත් කියවා ගත හැකි නිසාය. මාතලන් පුදුම වෙන්නේ චන්දයක් තිබ්බා නම්ය.

චන්දයක් තියන්නේ නෑ කියා රනිල්ට බනින්නේ, ජාත්‍යන්තර දේශපාලනය නොදන්නා උන්ය. ඇත්තටම රනිල්ටත් ඕනෑ වුනේ චන්දයක් තියන්නටය. ඒ පොලිටිකල් ගේම්ය. ඒ ගැන විස්තරාත්මකව මෙහි පළමු කොටසේ ලිව්වේය. 

හැබයි චන්ද නොතියන්න හේතුව ලෙස විපක්ෂය කියන කතන්දරය නම් 100% ක් ඇත්ත කතාවක්ය. ඒ කියන්නේ චන්දේ නොතිබ්බේ සල්ලි නැති නිසා නොව, චන්ද නැති නිසයෙයි කියනා එකය. හැබයි මේ චන්ද නැති එක බලපෑවේ රනිල්ට නොව ඉන්දියාවට හා ඇමරිකාවටය. චන්දය කල් දමන ලෙස බලපෑම ආවේ ඒ දෙරටෙන්ය.

අපේ දෙකයි පනහේ දේශපාලුවන් තබා රනිල්වත් නොදැන උන් කාරනය නම්, තමන් ඇක්ඩැකටිව් ප්‍රසිඩන්ට් වුනත්, රට පාලනය කරන්නේ, විධායක ජනාධිපතිවරයා නොව විදෙස් බලවේගයක් බවය. ඇත්තටම මාතලන්ට විචිකිච්චාවක්ව තිබුනේ, එහිදි වඩා බලවත් චීනාද ඇමරිකාවද යන ප්‍රශ්ණය පමණක්මය. 

ඊට හේතුව වී තිබුනේ මහ බැංකුවේ ගවනර්ගේ පත්කිරීම හා ඒ යකා පත්වෙච්චි ගමන් රට බංකොලොත් කරපු එකය. පොර චීනාගේ ප්ලාන්ට් එකක් බව අදත් මාතලන්ගේ මතයය. චීනා හැදුවේ අපේ ණය වලින් 10% පෙන්නා අපිව බ්ලැක් මේල් කරන්නටය.  උන් අදටත් කරන්නේ ඒකය.

අද රනිල් උඩ දමනා බොහෝ උන් හිතන්නේ ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුව කෙලින්ම ඇක්සෙස් කරන තරමට සබඳතා ගොඩනගාගත්තේ එයාය කියලාය. හැබයි සිඳු වූයේ වෙන දෙයක්ය. 

ඇමරිකාව උන්නේ රනිල් එක්ක මල පැනලාය. ඒ යහපාලන කාළේ චීනා එක්ක හැමිනෙන්න ගිය නිසාය. එම සබඳතා නැවත ගොඩ නඟා ඝෝඨා එලවා රනිල් ජනපති කරන්නේ ඇමරිකන් ඇම්බැසිඩර් ජූලී චන්ග් සුදු නෝනාය.

එහෙත් රනිල් කියන්නේ කිසිවකු ගනන් නොගන්නා උඩඟු පුගලයෙකි. ජනපති වූ පසු තනතුරින් ඔලුව උදුම්මවාගත් උන්නැහේ, මේ රටේ වැඩ වලට හොට දාන්න එපා කියා ජූලී චන්ග් මෙන්ම ඇමරිකාවද තරහා කර ගන්නේ මේ මරිමෝඩ උඩඟු කම නිසාමය.

රනිල් හෙන මොළයක් කියාවත්, එයාට ජාත්‍යන්තර සබඳතා තියෙනවා කියාවත්, එයාට ආර්ථිකය ගොඩ දැමීමට වැඩපිලිවෙලක් ඇතයි කියාවත්, මාතලන් කිසි විටෙකත් විශ්වාස කරන්නේ නැතිය. 

එයා එහෙම කෙනෙක් නම්, කිසි දිනෙකවත්, පෝට් සිටියේ මුල්ගල ගලවා මුහුදට විසි කරන්නේවත්, හම්බන්තොට චීනාට විකුණන්නේවත් නැතිය. අද රට පරිප්පු කන්නේ මේ තකතීරූ වැඩ නිසාමය.

එහෙත් මාතලන් රනිල් වෙනුවෙන් පෙනී සිටින්නේ ඇයි කියා කෙනෙකුට හිතෙන්න පුලුවනිය. ඒ වෙන කිසිවක් නිසා නොව, මාතලන් ප්‍රචන්ඩත්වය හා මිලේච්ඡත්වය පිලිකුල් කරනා නිසාත්, ප්‍රජාතන්ත්‍රවාදයට ආදරය කරනා නිසාත්ය. හෙට රටේ ප්‍රජාතන්ත්‍රවාදී නායකයා අනුර නම්, මාතලන් ඔහු වෙනුවෙන් විවේචනාත්මකව  පෙනී සිටිනේනේය. 

රනිල්ට හා බැසිල්ට චන්ද නැති නිසාත්, රැල්ල ජෙප්පන්ට නිසාත් වඩාත් කලබල වූයේ රනිල් නොව, ඉන්දියාව හා ඇමරිකාවය. රනිල්ට දැන් ඕන පුපක් ප්‍රීතී වෙසක්‍ය. එයා ජනරජ පෙරහර තියන්නේ, ඇම්බැසිඩර්ලාට මහනුවර ටුවර් දෙන්නේ ඒ නිසාය. 

බඩට නැති වුනත් ලුණු කැඳ
ඇඟට ඕනමයි විල්ලුද
ඒකයි ඉහළම සන්තෝසේ...කියා 
අපේ ජාතික ගීයේ තියෙන්නේ මේ නිසාය.

ඉන්දියාව හා ඇමරිකාව මෙසේ කළබල වූයේ, රෝ හා CIA ඔත්තු සේවාවන් ඔස්සේ ලද විශ්වාසවන්ත තොරතුරු මතය. ඔවුන් ලංකාවේ ඔත්තු සේවා හා ආරක්ෂක අංශ විශ්වාස කරන්නේ නැතිය. දැන් රනිල්ටත් උන්ව විශ්වාස නැතිය. ඒ නිසා ඔහු විශ්වාසය තබා ඇත්තේ ඇමරිකාව වෙතය. ඉන්දියාවේ සප් එක ඇත්තේ බැසිල්ටය.

ඇමරිකාවෙ නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරිය වන වික්ටෝරියා නූලන්ඩ් හදිසියේ ලංකාවේ සංචාරය කරන්නේත්, ඉන් දින කිහිපයකට පසු ඇමරිකන් හමුදාවේ අති විශේෂ කණ්ඩායමක් ආරක්ෂක නිළධාරීන් පිරිසක් රහසේම පැමිණ පිටව යන්නේත්, ඒ පිලිබඳව රාජ්‍යන් දෙකම නිහඬව ඉන්නේත් මේ හේතු මතය. 

මන්ද අම්මට සිරි ලංකාව තුල චීනාට හිතවත් ආන්ඩුවක් පත් වීම, ඉන්දියාවට මෙන්ම ඇමරිකාවටද කිසි ලෙසකින් හෝ යහපත් දෙයක් නොවනා නිසාය. 

මේ හේතුවෙන් IMF මුදල් කඩිනමින් ලැබීමටත්, MCC වැනි ගිවිසුම් නැවත පැමිණීමටත්, බැසිල්ගේ ආයෝජකයින් නැවත ගොඩබෑමත් සිඳුවිය හැකි අතර, ඒවා චීනාට මෙන්ම චීනාගේ මුදලින් යැපෙනා පක්ෂ වලටත්, ජාතිකත්වය කරේම තබාගෙන යන පක්ෂලටත් කිසිසේත් දිරවා ගත නොහැකි දේ හේතුවෙන්, වර්ජන, උද්ඝෝෂණ හර්තාල් පමණක් නොව ලේ වැගිරීම් වුවත් සිඳු වීමට ඇති ඉඩ කඩ බොහෝමය.

ආර්ථිකය ගොඩ යන තෙක් රනිල්ගෙන් චන්ද ඉල්ලීම ඉබ්බාගෙන් පිහාටු ඉල්ලනවාටත් වඩා ආතල් එකක් වන්නේ...
රනිල්ගේ භාෂාවෙන්ම කියනවා නම්.
චන්ද තියන්න රටක් තියෙන්න ඕන...
රටක් නැතුව චන්දත් නෑ ඕයි..
ෂටප් ඇන්ඩ් සිට් ඩවුන් කියලාය.

අප කැමති වුනත්, අකමැති වුනත් දැන් රට පාලනය කරන්නේ....
ජූලී චන්ග් සුදු නෝනා වනාතර...
මහ බැංකුව පාලනය කරන්නේ IMF එකය...
විපක්ෂය චීනාය...
ජනාධිපතිගේ සිට පක්ෂ විපක්ෂ සියල්ලෝම රූකඩ ඉතරක්මය...
අපි රූකඩ ඩාන්ස් බලනා ප්‍රේක්ෂයෝය.

මේ ඩ්‍රාමා එකට ඔබත් සම්බන්ද වීමට කැමති නම්, 
කපා කපා කෑලී කපා 
අප නවතනු සිතනු එපා 
සෙට්ටෙකකට සෙට් වී... සහභාගී විය හැකි අතර....

එසේ පැමිනෙන විට සබන් කෑල්ලක් හා තුවායක්‍ රැගෙන පැමිණීමට අමතක නොකල යුතුය...

ඇමරිකානූ ආධාර යටතේ කොළඹ කාණූ වතුර නොමිළේ ලැබෙනු ඇත..

ආදී සීහලුන්
පිට දීප දේස ජයගත්තා...
අමු කෙප්ප ඕයි මේවා....
.

Feb 24, 2023

දමිතා එක්ක වම්මුන්ට මල පැන්නේ ඇයි?

 


දමිතා එක්ක වම්මුන්ට

මල පැන්නේ ඇයි?

➖➖➖➖➖🔴➖


සරළවම කියනවා නම්, වම්මුන්ට උපතෙන්ම ලැබෙන මිලේච්ඡත්වය කුහකත්වය හා අධිකාරීවාදී මානසිකත්වය නිසාමය. වම්මු කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය පිලිගන්නා මිනිස්සු නොවේය. උන්ට  ප්‍රජාතන්ත්‍රවාදය අරහංය. ඔය රනිල්ට මහින්දට හිට්ලර් කිව්වට, මුන් ඔක්කෝම හිට්ලර්ලාය.


එයාලාගෙ ප්‍රේමය පවතින්නේ විප්ලවය එක්කය. විප්ලවය කියන්නේ බ්ලඩ්ය. බ්ලඩ් රතු පාටය. එයාලා ඒ පාටට මාර ආසය.  බුකියේ ඉන්න නිකන් දෙකයි පනහෙ පුස් කේක් කෑලිත්, බලාගෙන හිටහන් තොපිට වෙන දේ කියාලා අපිට විප්ලවීය තර්ජනය එල්ල කරන්නේ, ඒ නිසාමය. අපි නම් ඔය සිප්පි කෑලී පුපෙන් හැලෙන මයිල් ගස් තරම් වත් ගනන් ගන්නේ නෑය.


දැන් අපි දමිතගෙ කේස්සෙකට එමුය. දමිතා කියන්නේ විප්ලවය බොක්කෙන්ම කරපු නිලියක්ය. ඔය කන්නලා, කුරුස අප්පුහාමිලා, අජිත් තිලකසිරිලා, සමනලීලා, දූලීකලා, නන්දා මාලනිලා, සංගීතලා, දිල්හානිලා, අරගලේට ඇවිත්, හොට දාලා, පොටෝ අල්ලලා, වොයිස් කට් දීලා ගියාට, අරගලේ හැමදාම හිටියේ දමිතා අබේරත්නය. 


දමිතා, අරගලයේ "යකඩ ගැහැනිය" ලෙස බෞතීස්ම කර, විහාර මහා දේවිය" ලෙස වන්දනාමාන කලෝ ඔය වම්මුන්මය. මේ වම්මූ ඔක්කෝම අර Mahesh Hapugoda සඕදරයා කියන්නැහේ දමිතගෙ රොමෑන්තික ප්‍රේමවන්තයින් වෙනවාය. ඒයා අරගලයේ පණය. බබාය, වස්තුවය, රන්කඳය. ඉතින් එයාලාගේ විප්ලවීය මනෝ ලෝකයේ කූඩාරම් තුල, දමිතා හා සෙස් පවා කරනවාය. ඒවායේ යට ලී නැති නිසා, දමිතා පූදින්නේ යකඩ කූරෙන්ය.


එයා කළේ රංඟනයක් කියා කෙනෙක් කියන්නට පුළුවනිය. සැබෑය. හැබයි එය ප්‍රබුද්ධ රංඟනයක්මය. එයා ඒ චරිතයට සාධාරණයක් උපරිමයෙන්ම කලාය.  චරිතයේ ජීවත් වුනාය. හරියට ... එයා දැන් බැඳලා එකේ සුද්දී වගේමය. අවසානයේ කල්දේරම් බතේ රසත් බලුවාය. අනික් උන් මාරු උනේය. (දමිතගෙ අරගල රංඟනය කොමඩියක් කියලා අපි නම් ඒ කාළෙත් ලිව්වාය. කොහොමත් ලංකාවේ පොලිටික්ස් කියන්නෙම පට්ට කොමඩියක්මය.)


දැන් ඔය මල පැනලා අඬන කන්නලා හා මහා පොරවල්, රියල් ගේමෙදි දිරාමාරු වෙලා, ඊට පස්සෙ වොයිස් කට් දෙන්න, මයික් ටයිසන්ලා වෙලා ආවට, එයා වැලිගම්පිටි යන්න බලාගෙනම ගේමේ හිටියාය. විප්ලව කියන්නේ මේ අතේ ෆ්‍රැක්චර් එකක් වුනාම ඒක පෙන්න පෙන්න අඬන එක නෙමෙයිය. 


විප්ලවයට එන්න ඕනා... චේලා .... විජේවීරලා... ප්‍රභාලා... වගේ බාබෙකිව් වෙන්න, වෙඩි කන්න, වැලිගම්පිටි යන්න බලාගෙනය. එය අඬන තරඟයක් නෙමේය. ඩූ ඕ ඩයි ගේමක්‍ය. ගියොත් ගියාය. බේරුනොත්, කරුණා අම්මාන්, පිල්ලෙයාන්, විමල්, ටින් ටින්, අනුර, විජිත වාගේ ගොඩේ ගොඩය. 


පොඩ්ඩක් ඌව්වා උනාම ඔච්චර අඬනවා නම්, මෙයාලා වැලිගම්පිටි යවපු අමරකීර්තී අතුකෝරාල කොහොම වේදනාවක් විඳින්න ඇතිද කියා මතක් වෙන්නේ නම්, බොහෝම හොඳය. අපරාදේ කියන්නේ, දමිතා මේ මිලේච්ඡ ක්‍රියා පසුපස උන්නේත් නැතිය.


අරගලයේ ජයග්‍රහණයෙන් පස්සේ ඉන් ඉවත්ව, නැවතත් ප්‍රජාතන්ත්‍රවාදය ඔස්සේ යන්නට තරම් දේශපාලන දැණීමක් හා බුද්ධියක් දමිතාට තිබුනාට, ඒ මොළය වමේ කුර හා අං  සහිත ජීවින්ට අදත් ඇත්තේ නැතිය. උන් ඉන්නේ අරගලයෙන් ගිනිකන වැටිලාය. මේ ඉන්නේ ඝෝඨා නොව රනිල් බව වැටහෙන විට. බොහෝ දේ සිඳු වී තිබෙන්නට පුලුවනිය.


දමිතා සජබය හා එක්වූයේ, බොහෝ කළෙකට පෙරය. ඒ ප්‍රසිද්ධියේමය. එදා නොතිබූ අවුලක් මෙදා ඇති වූයේ කෙසේද? ඒ... දමිතා පොලොන්නරුවේ කළ කතාව නිසාය. මල හොඳ එකෙන්ම පනින්නේ, දමිතා කිව්වේ සහතික ඇත්ත නිසාය.


ඇය කිව්වේ රණසිංහ ප්‍රේමදාස නොසිටින්නට 88/89 මේ රට සෝමාලියාවක් වෙන බවය. ඇත්තටම ඒ ක්‍රෙඩිට් එක යන්න ඕනා රන්ජන් විජේරත්න වෙතය. මේ වම්මුන්ගේ මිලේච්ඡත්වයට එල්ල කළ ප්‍රහාරයත් සමඟම, තමන්ගේ පෙම්වතිය වූ දමිතා එක මොහොතින් ද්‍රෝහියෙක් වුනේය.


පෝස්ට් පුරා, කොමෙන්ට්ස් පුරා, බුකිය හරහා දෝරේ ගලන්නේ, ඒ මිලේච්ඡත්වයමය. එය කෙතරම් දරුණුද යත්, කැම්පස් එකා සිය පෙම්වතිය වැලිගම්පිටි ඇරියේ, ඇස් වසා, සප්‍රයිස් කරමින් වුවත්, මුන් දමිතා වැලිගම්පිටි යවන්නේ අමරකීර්තී අතුකෝරාල යැවූ විදියටමය.


කිසිවකුත් කිසි සේත් පුදුම විය යුත්තේ නැතිය. ඒ වම්මුය. 88/89 හෝ 22/23 කියා උන්ට වෙනසක් ඇත්තේ නැතිය. උන් සැමදා මිලේච්ඡයින්මය.


දමිතා මල්ල ලිහුවේය

වම්මුන්ගේ ෆැන්ටසි වල්ල බිම වැටුනේය....


ඒ වගත් මෙසේය.


.

Feb 20, 2023

බල්තසාර් සඕදරීගේ පරණ කෝට්, අල්පේච්චතාවය හා රෝයල් පාක් ෆැන්ටසිය

 


බල්තසාර් සඕදරීගේ පරණ කෝට්,

අල්පේච්චතාවය හා

රෝයල් පාක් ෆැන්ටසිය

➖➖➖➖➖➖➖➖🔴


ජනපතිවරණය හැර අනෙක් සෑම ඡන්දයකදීම මගේ චන්දය මා ලබා දෙන්නේ ජවිපෙට බව, මාතලන් සයිබරයට පැමිණි මුල් කාලයේ සිට දන්නා වුන් හා මා පෞද්ගලිකව දන්නා වුන් දන්නවාය. ඒ ..., උන්ද ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය තුල අනිවාර්‍යයෙන් සිටිය යුතුයැයි මා විශ්වාස කරනා හේතුවෙන් හා විවිධ හේතූන් මත මා ආදරය කරනා උන්ද එහි සිටිනා නිසාමය.


එය එසේයැයි කියා, කිසිවකු හෝ මගේ මතයට අනුව කරනා අමණ මොරිමාඩ වැඩ විවේචනය නොකර සිටිමේ පුරුද්දක් මෙන්ම, ඒවා දේශපාලයේ ඇති උපහාසය සෝපාහසය තුල විවේචනය කිරීමද මගේ සිරිතය. ඊට කඩේ යන නොයන කියා අදාල නොවන්නේමය.


මාතලන්ට මතක කාළයේ සිට, චන්ද සමයක් කියන්නේ මාතලන්ට ආතල්ම කාළයක් වන්නේය. පොලිටික්කෝ ඔය තරම් කෙප්ප කෙලිනා කාළයක් තවත් ඇත්තේ නැතිය. ඉස්ටේජ් වල අමු කෙප්ප පලන්නේ තරඟයටය. හරියට වාද බයිලා තරඟ වගේය.


මේ නිර්මාණාත්මක කෙප්ප කෙලීමේ කතා අඩංගු කර පොතක් ගැහුවා නම්, ජේ කී රෝව්ලින්ග්ස් නෝනාට දුවන්න වෙන්නේ හැරි පොටර් කරේ තියාගෙනය.


මට මතක කාලයේ සිට පේසාලෙන් තෙල් එනවාය. දැන් අලුත් සියවසේ ඊට අලුත් මුහුණුවරක් එක් කොට තිබෙනවාය. දැන් තෙල් එන්නේ පුත්තලම් යෝනියෙනි. 


කොච්චර එනවාද කියනවා නම්, රටේ විදෙස් ණයත් ගෙවා චීනෙට ජපානෙට දෙන්න පුලුවන් සයිස්සෙකක් තියෙනවාය කියපු එකාගේම කාලයේ තෙල් පෝලිම් වල මිනිස්සු වැලිගම්පිටිද ගියේය.


හදෙන් හාල්, ඇට අට, ධනවාදෙට මානුෂික මුහුණුවර, දින 100 ගොඩයෑම, යාපාලනේ මෙන්ම සිතිජයෙන් එහා සවු භාගේ තවත් ආතල් දුන් ඒවාය.


මෙවන් ආතල් දෙන්නේ ප්‍රතිපත්ති ප්‍රකාෂණවලින්ම විතරක් නෙවේ, ව්‍යවස්ථාවෙන් දෙන ඒවාත් තියෙනවාය. සැමට සමාන නීතිය වගේම, තර්ටීන්, තර්ටීන් ප්ලස් හා බලය විමධ්‍යගත කිරීම එවැනි ඒවාය.


දැන් ජෙප්පො ඇදගෙන නාන්නේ එවන්  ප්‍රතිපත්ති ප්‍රකාෂණයක් නිසාය. ඉස්සර කෙප්ප කෙලියේ ඉස්ටේජ් වල හා මුද්‍රණයෙන් එන කොල කෑලී වල උනත්, දැන් ඒවා අන්තර්ජාලයෙනුත් එනවාය. පරණ ඒවා අප්ඩේට් කරේ නැත්නම් හත් පොලේම ගාගන්න වෙනවාය.


මෙවන් කෙප්ප ඇද අරින්න උපන් හපන්නු ජෙප්පෝය. එයාලා අඳින පලදින දේ ගැන ඇති කෙප්ප දැන් මුලු රටේම ජෝක් වී අවසානය. හැබයි මක්කා කිව්වත් නායකයෝ බ්‍රෑන්ඩඩ් ඒවා ඇඳීම පට්ට ධනවාදිය. මන්ද උන් ඒවා පිනාට ඇන්දත්, ඒවා ඩේසී ආච්ච්ගේ මැණික් මල්ලෙන් ලැබුන ඒවා නොව, තෑගි දෙන ආර්ථිකයට ෆුල් බැකප් එකක් දෙන බදු ගෙවන සාර්ථක ව්‍යවසායකයෝ වෙන දයාසාන්තලාට අයත් දේ වීමය.


එහෙත් බල්තසාර් සහෝදරියගේ කෙප්පය එවන් ධනවාදී කෙප්පයක් නොව, අසරණ සරණ, සරණාගත එකක් වීම මෙහි ඇති අභාග්‍යයය. මෙවන් අනුකම්පා කෙප්පයක් චන්ද්‍රිකාද ඇද බෑවේය. ඒ එයා ලන්ඩන් ඉන්නා කාළයේ දරුවෝ ඇන්දේ හිතවතුන් දුන් ඇඳුම් කියලාය.


පරණ කෝට් හා බේල් අඳුම් ලංකාව වැනි බංකොලොත් රටකට අලුත් දෙයක් නොවේ. අපි පොඩි කාළයේ පරණ කෝට් කාරයෝ නඟරයේ මෙන්ම ගමේද ඕනෑ තරම් උන්නේය. එය සමාජය සමඟ කෙතරම් බැඳී තිබුනේද යත්, ප්‍රේමකීර්තී ද අල්විස් ලියා ප්‍රෙඩී සිල්වා ගායනා කළ පරණ කෝට් කියා අතිශයින් ජනප්‍රිය ගීතයක්ද තිබුනේය. අදද නුවරඑළියේ මෙන්ම කඳුකරයේ සෑම නඟරයකම පාහේ බේල් ඇඳුම් කඩ ඕනෑ තරම් තියෙනවාය. කරුමය කියන්නේ මේවා ඇන්ජීඕ කාරයන්ට නොමිළේ ලැබෙනා ඒවා වීමය.


ආර්ථිකයේ මර්මස්ථානය වෙන කොළඹ නඟරයට අවශ්‍ය වන්නේ, මෙවන් මානසිකත්වයක සිටිනා බල්තසාර් සහෝදරී වගේ කෙනෙක් නොව, කෝට්ටේ නඟරාධීපති අපේක්ෂක චතුරංග අබේසිංහ වැනි රෝයල් පාක් මානසිකත්වයක ඉන්නා බඩුවක්‍ය.


රාජගිරියේ උන්නත් බණ්ඩාරනායකපුර වතු ජනතාව දැකලා නොතිබූ උන්නැහේ දැන් ඉන්නේ ඉන් කම්පිත වෙලාය. මේ ජනතාව වෙනුවෙන් මක්කා හෝ කළ යුතුයැයි කියා උන්නැහේට පිළිබඳ සිතක් පහලවීම ඇත්තටම සතුටට කරුණක්‍මය.


එය....., මීට පෙර වැඩසටහනක් තුල නරඹන්නෙක් බල්තසාර් සහෝදරියගෙන් ඔබ නඟරාධීපතිනිය ලෙස පත් වුවහොත් වතු ජනතාව වෙනුවෙන් කරනා දේ තුනක් කියන්නැයි කී වීට පාරේ කාණු කපන වඳුරු කුණුහබ්බ කෙලියාට වඩා ජජබෙටත්, ජවිපෙටත් වාසි දායකය.


රටේ කරුමෙට ධනවාදී යැයි කියනා පක්ෂ වලින් ආපු උන් මෙන්ම ඉන්න එකාද වෙන්ට ජනපතිලාද ඉන්නේ ජනතාවට බිලී පිත්තක් දෙනවා වෙනුවට, මාළුවෙක් දෙන ආර්ථික ප්‍රතිපත්තියේය. 


උන්ගේ විශේෂත්වය වන්නේ, උන් මාළුවා විතරක් නොදී, මාළූ ඉල්ලන එකගේ ටේස්ට් එක අනුව පිලියෙල කොට, පිඟානටත් බෙදලා දෙන එකය.


ඒ වගත් මෙසේයෑ.......

රටට සම්මා ජනරජ සරණය...

.

Feb 18, 2023

බැසිලොමික්ස් ගැන දුන් චරිත සහතිකය හා FUTA හී රෙදි ගැලවීම

 


බැසිලොමික්ස් ගැන දුන්

චරිත සහතිකය හා 

FUTA හී රෙදි ගැලවීම

➖➖➖➖➖➖➖🔴


දීප්ති කුමාර ගුණරත්න හා Lakshika Rathnayake   ITN නාලිකාවේ කරන පත්තරෙන් එහා දේශපාලනයට ආදරය කරන ඕන එකෙක්   බලන්න ඕනෙයි කියලා මම හිතනවා.


අද විශේෂ ආරාධිතයා විදියට ආවේ චරිත හේරත්, එහිදි දීප්ති උත්සාහ කරනවා බැසිල් වැඩ්ඩෙක් හෝ දැක්මක් දර්ශනයක් ඇති කෙනෙක් නොවන බව චරිතගෙන් එලියට ගන්න. නමුත් වෙන්නේ වෙන දෙයක්.


චරිත මෙතනදි පැහැදිලි කරනවා උගත් හැම එකාටම විසඳගන්න බැරි වුන සොලියුෂන් එකක් නොතිබුන විශ්ව විද්‍යාල ආචාර්‍යවරුන්ගේ වැටුප් ප්‍රශ්ණය විසඳුවේ බැසිල් බව. මේකට බැසිල් චරිතගෙ හා ධම්ම දිසානයකගේ අදහස් හා සහාය ගත් බවත් එතනදි කියනවා.


එතනදි තමයි අද ටැක්ස් කැපනවා කියලා පාරට බහින විශ්ව විද්‍යාල ආචාර්‍යවරුන්ගේ හෙළුව එලියට එන්නේ. සමහර විට සමහරක් ආචාර්‍ය මහාචාර්‍යවරුත් මේක නොදන්නවා ඇති.


මේ වැටුප් වැඩි කිරිල්ලෙදි බේසික් එක වැඩි කරොත් අනෙක් වෘත්තීන්වල වැටුප් තලයන් එක්ක ගැටළුවක් මතු වන නිසා මොවුන්ට අති විශාල වැටුප් වැඩිවීමක් ලැබෙන්නේ පරීක්ෂණ දීමනාවක් ලෙස. එතනදි බැසිල් කියනවා පරීක්ෂණ සමීක්ෂණ වෙනවද කියලා හොයලා බලන එක මගේ වැඩක් නෙමේ, ඒක කැම්පස් වල වැඩක් කියලා.


ඒත් මුන් ඒ කිසිවක් නොකර හැම මාසෙම ලක්ෂ ගානක් පිනටම ගන්නවා..


එතන තවත් කතාවක් එලියට එනවා. එනම් කැම්පස් සඳහා වෙන් කරන මුදල වසර මුලදිම ලබාදීමට කරන යෝජනාව. මේක ඔක්කෝම කැම්පස් ප්‍රතික්ෂේප කරනවා.


ඒ කියන්නේ මුන් පිලිගන්නවා මේවයෙත් ඉන්නේ දූෂිත කම්බා හොරු කියන එක හා ඒ මුදල කළමනාකරණය කර ගැනීමට ඔවුන්‍ට නොහැකි බව.


මෙහෙව් කම්බා හොරු හා වංචනිකයෝ තමයි තමුන් උගත් බුද්ධිමත් පිරිසක්‍ය බදු ගැහුවොත් රට යනවය කියන්නේ... තොපි වගේ උන් මේ රටෙන් චුත වෙන එකම තමා මේ රටට කරන්න පුලුවන් ලොකුම සේවය.


අනික් කාරනේ නම් බැසිල්ගේ පලු අරින උක්තේ සංවිධානේ විමල් හා වාසුගේ රෙදි ගැලවීම ඒ පිලේම ඉන්න චරිත විසින් සිඳු කිරීම..😁


මේ රට ගොඩගන්න පුලුවන් එකම ආර්ථික විසඳුම බැසිලොමික්ස්ම විතරමයි යන්න මාතලන්ගේ මතයයි.


⭕ කැම්පස් යන උන් මේ වැඩ සටහන අනිවාර්‍යයෙන් බලන්න.  ඔයාලට මාර ලැජ්ජා හිතෙයි.


.

Feb 16, 2023

තරුණ පරපුර වැරදි නැත. (රෝන්ග් ජැනරේසොන්ලාගේ පර්ෆෝමන්ස් ආර්ට් බයි මෝ බයික් හෙල්මට්ස්)

 


තරුණ පරපුර වැරදි නැත.
(රෝන්ග් ජැනරේසොන්ලාගේ 
පර්ෆෝමන්ස් ආර්ට් බයි මෝ බයික් හෙල්මට්ස්)
➖➖➖💀➖➖➖💀➖➖➖💀➖➖➖⭕

පඩත්තල මේස කොල්ලෝ පඩත්තල වැඩ කළ විට, ඒ කාළේ සිට භාවිතා වන අපූරූ කියමනක් ලෝකයේ විවිධ භාෂාවන් තුල මෙන්ම අප සමාජයේද ඇත. ඒවා අතරින් ප්‍රසිද්ධම එක වන්නේ "මදර් ෆකර්" කියනා එකය.. දෙමලෙන් කියන්නේ... "අම්මා ඕක.." කියලාය. 

අපි කියන්නේ නිවැරදිම ක්‍රමයටය.. එනම්... "මුගෙ අම්ම-ටෞකන්න දාලා කියලාය. දකුණේ මිනිසුන් වැදගත් අය නිසා, අපේ ගම්වල කියන්නේ ටිකක් වැදගත් ලෙස .. "මුගෙ අම්මට හැමිනෙන්න දාලා... කියලාය.

ඉස්සර ගමේ ගියාම මහ ගේ පැත්ත පලාතටවත් නොගන්නා, අහල පහළ කොල්ලෝ කුරුට්ටෝ සමඟ මඩොල්දූවේ ගිනිවැල්ලේලා හා ජින්නලාගේ ගේම් දෙනකොට, අපේ සීයා මට බැන්නාට, බැන්නේ මට නොව අපේ අම්මාටය. අම්මා හිනා වෙලා ඒවා විඳ දරා ගත්තා මිස, අපට කිසි දිනෙක බැන්නේ නැත්තේ, කොල්ලෝ වුනාම ඉන්න ඕනේ ඔහොම තමා කියලාය. 

මේ බැනිල්ල සර්ව සාධාරණය. දරුවෝ පිස්සු කෙලින්නේ නම් ඒවාට කෙලින්ම වග කියන්නට ඕනෑ දෙමව්පියන්මය. අද ඉන්නා වැඩිහිටි පරම්පරාවත් අමණ ඇරියස් කාරයෝය. මිලේච්ඡයෝය. අමු මානසික රෝගියෝය. අරගලයට ආ දරුවන්ට මාතලන් කිසි දොසක් නොකීවේ එනිසාමය.

කොල්ලෝ කෙල්ලෝ ඔය වයසට කරන්නේ උන්ගේ වීරයන් කරනා දේවල්‍ය. බොහෝවිට ඒ වීරයෝ දෙමාපියන්ගෙත් වීරයෝය. මේවා මා සමාජයේ සෑම තරාතිරකම උන් ආස්සරේ කොට සමාජයෙන්ම උගත් දේය. ක්ලැරන්ස්ගේ ජෙනරේෂන් එකේ සින්දු අදටත් රස විඳිනා උන්ගේ දරුවෝ ඉතා නිවුනු වැදගත් ද්වීභාෂා නිපුනත්වයෙන් හෙබි දරුවෝය. 

නන්දා මාලනිගේ කපුගේගේ ගී රස විඳි උන්ගේ දරුවෝ උන් වගේම මොලේ මඤ්ඤං විප්ලවවාදියෝය.

නිහාල් නෙල්සන් ජෝතී මිල්ටන් පෙරේරා රසවිඳි උන්ට රසවිදින්න ඒ වගේ උන් දැන් අඩු නිසා අහන්නේ මෙලෝ රහක් නැති වහන්තරා ගීත හා කුණුහබ්බ රැප්‍ සෝන්ග්ස්‍ය.

අපි වාගේ මේ සියල්ල රස විඳි උන්ගේ දරුවෝ අපි වාගේම ඕනෑම  දේකට ඔට්ටු පිස්සු ආතල් බුවාලා හා බුවීලාය.

මයිනා මැරෙනකන් බලා ඉන්නා. කංචනට තාත්තාට වූ දේම වෙවා කියා පතනා, අමරකීර්තී ඝාතනය එන්ජොයි කරනා වැඩිහිටි මිලේච්ඡයින්ගේ ශුක්‍රාණූ හා ඩිම්බ සංසේචනය වීමෙන් මිනිසුන් බිහිවෙතයි කෙනෙක් සිතන්නේ නම්, උනුත් අර වාගේම අමණයින් හා තිරිසනුන්ම පමණනමය. 

රජ ගෙදර පූල් එකේ කක්කා දමා එහි සින්දු කිව්වේ එවන් නරුමයෝය. ජනාධිපති ලේකම්  කාර්‍යාලයේ වැට ගලවාගෙන ගියේ එවන් පිස්සෝය. ඒවා ඝෝඨාගේ බූදල් නොව මින් මතු කුමාර් ගුණරත්නම්ගේ හෝ අනුර කුමාර දිසානායකගේ නිළ නිවස හා කාර්‍යාලය විය හැකි බවට සිහිණෙන් හෝ සිතීමට මෙ නරුමයින්ට නොහැකි වන්නේ, උපන්ගෙයි දෝෂ නිසාවෙන් මිස වෙන හේතුවකින් නොවේමය.

දැන් උන් දෙන්නේ ගිනිවැල්ලෙලාගේ, ජින්නලාගේ ගේම් නෙමේය.ජනප්‍රිය නලු නිළි සම්මාණවලින් පුද ලබන වහන්තරා බඩකඩුත්තු ටෙලි නාට්ටිවල පෙන්නන ගේම්‍ය. ඒ නළු නිළියෝ එසේ සම්මාණ ලබන්නේ උන් අර දරුවන්ගේ වීරයෝ නිසාමය. 

අපේ කාළයෙත්, ඩොමී ජයවර්ධනලා, රෙක්ස් කොඩිප්පිලිලා, රොබින් ෆර්නෑන්ඩුලා, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දුලා, වගේ දුෂ්ඨයෝ උන්නත් උන්ට කවුරුත් විසිල් ගැහුවේවත් අප්පුඩි ගැහුවේවත් සම්මාණ දුන්නේවත් නැතිය.  උන් සැමදා දුෂ්ඨයෝම වුයේය.

ගැලරියේ ගංජා ගගහා සෝ එක බලපු චොප්පෙලාත්, තුං මුල්ලේ පද්මෙලාත්, සොත්ති උපාලිලාත්, විසිල් ගසා චියර් එක දුන්නේ, ඩොමීට, රෙක්ස්ට හෝ රොබින්ට නොව, ඩිෂුම් ඩිෂුම්... ඉඳා කාලා වරෙන්... කියා අම්බානට නෙලූ ප්‍රෙඩී එක්ක ආ ගාමිනීට හෝ විජේටය. 

එහෙත් අද සිඳුවන්නේ කුමක්ද....

ඝෝඨාගේ ගේ ළඟ බස් ගිනි තියා රට ගිනි තියපු උන් උසාවිය ඇතුලේ විසිල් ගසා ඔල්වරසන් දී වීරයෝ කරන්නේ බාර් ඇසෝසේසන් එකේ මහ එකා හෙවත් සාලයා පීරිස්‍ ය.. ත්‍රස්තවාදින්ට කංජිපානිලාර ඇප දෙන්නේ යුක්තිය පසිදලන්නට තිබෙනා ඉහළම තැනින්මය. එයාලාට පොට්ට නව්ෆර් දුන් ගේම අමතක වෙලාය.

ජනතාවට ව්‍යවස්ථාව උල්ලංගනය කළ හැකි යැයි කියන්නේ නිර්මාල් දේවසිරි වැනි කැම්පස් මහාචාර්‍යවරුන්‍ය. මේ රටේ දැන් තියෙන්නේ අපේ නීතිය යැයි කියා පොලීසියට තග දාන්නේ පෙරටුගාමී එකේ ලෝයර් බෙට්ටාය. සල්ලි නැතිව චන්ද පත්‍රිකා ගහපිය කියා ගැහැණියකට තගරිය දාන්නේ රටේ මීළඟට නායකයන් වන්නට ඉන්නා පක්ෂ නායකයෝය.
උපයෝගිතා කොමිසමේ චාල්ස් නෝනාගේ රෙදි ගලවනවා කියන්නේ, මිනිස් අයිතිවාසිකම් ගැන රඹ ටෝක් දෙන පිම්පියෝය.

මිනිසුන් කපා කොටා වෙඩි තබා ඝාතනය කරණා හැටි මෙන්ම මියගිය උන්ගේ සිරුරු, පඩංගුවාහිනි වල නිව්ස් වල තරඟයට ප්‍රදර්ශණය කරන්නේ, හංදියේ මස් කඩේ වගේය. 

මස් සඳහා ගන්නා කුර හා අං සහිත ජීවීන් ඝාතනය වන ආකාරය කිසි දිනෙක නොපෙන්වන මේ ජඩමාධ්‍ය අධිපතියන් හා ජඩමාජ්ජවේදීන්, අරවා පෙන්වන්නේ රේටින්ග්ස් වැඩි කර ගන්නටය. උන්ගේ රේටින්ග්ස් වැඩි වන තරමටම, රටේ මෙවන් මිලේච්ඡයින් හා මිලේච්ඡ ඝාතන තව දුරටත් වැඩි වනවා මිස, කිසි දිනෙක අඩු වන්නේ නම් නැතිය.

අපේ වාසනාවට මේ ඝාතනයේ CCTV දර්ශණ නොමැති වීම නිසා සමාජ මාධ්‍ය තුල හා වෙබ් පඩංගුවල ඉන්නා උන්ගේ ආතල් ගැනීම නැති වී ගියාය. නැත්නම් අලුත්ම එක වන වීඩියෝ සහිතයි රැල්ලට අසු වී ජාත්‍යන්තරයටම යන්නට තිබුනේය.

මේවට වග කිව යුත්තේ තරුණයන් හෝ දරුවෝ නොව, මේ රට පාලනය කළ නායකයෝ, ජඩමාධ්‍ය ඇමතිවරු, ජඩමාධ්‍ය හිමිකරුවෝ, ජඩමාජ්ජවේදියෝ, වැඩිහිටියෝ හා දෙමව්පියෝය.  ඒවාට වැදගත් මිනිසුන් පත් වන තෙක් මේ රට මිලේච්ඡයින්ගේ අරාජික රටක් පමණමය.

ඒ වගත් මෙසේය.....
.

Feb 15, 2023

චන්දය කල් යයිද? (උඹලා අගමැති රනිල් දැකලා තිබ්බට ජනපති රනිල් දැකලා තිබුනේ නෑ නේද?)

 


චන්දය කල් යයිද?
(උඹලා අගමැති රනිල් දැකලා තිබ්බට
ජනපති රනිල් දැකලා තිබුනේ නෑ නේද?)
➖➖➖➖➖➖➖➖➖➖🟥➖➖➖

▪️පළමු කොටස

මාතලන් යකා ඔය වරහන් ඇතුලේ තියෙන ටික ලිව්වේ, රනිල් ජනපති ලෙස දිවුරුම් දුන් මොහෙතේම වගේය... ඒ... අරගලයේ දේශපාලනය ගැන යම් අවබෝධයක් තිබුන උන් හා සංවිධාන අරගල භූමියෙන් ඉවත් වූවද...

අරගල ජයග්‍රහණයෙන් ගිනි කන වැටී හුන් පෙරටුගාමී එකේ අත දරුවෝ සමඟ එකතුවූ හුජ්ජා කෙල්ලෝ කොල්ලෝ හා උන් සමඟ උන් කොළඹ වතු ජනතාව හා පාදඩ පන්තිය... රනිල්වත් එලවන්නේ ඝෝඨා වගේමයි කියා අරඟල භූමියේ සිට රනිල් එලවන්න දින වකවානුද සමඟ රඹ ටෝක් ඉෂූ කළ මොහොතේමය.

කීවාක් මෙන්ම එදින රාත්තිරියේ රනිල් ඩිනර් එක දුන්නේ මෙතෙක් කෑ බුරියානී වලට වඩා නොමිළේ දෙන පරිප්පු කෝමද ඩෝ කියන්නටය... උන් ඝෝඨාගේ ගුණ වයමින් හඬ හඬා පුප අත ගගා දිව්වේ, එතෙක් මාර පොරවල් කියා හිතාගෙන උන් හාල්පාරුවන්ට රාජ්‍යයේ මර්ධනය උන්ගේ තර්ජන ගර්ජන ළඟ හූනූ පුපක් බව උන්ට වටහා දෙමින්‍ය. (මේ කිරිකජු කොල්ලෝ 88/89 ක් තබා කොළඹ පුපුරපු බෝම්බවත් දැකලා තියා අහලාවත් තිබුනේ නැතිය)

රණසිංහ ප්‍රේමදාස ත්‍රස්ත ප්‍රහාරයකින් මිය ගිය පසු, යූ ඇන් පී යේ නායකයකු යැයි බයක් කැතක් නැතිව කිව හැකි එකෙක් රටේ ජනාධිපති කමට එන්නේ, ඝෝඨාභට රාජපක්ෂ නම් තකතීරූ ජනාධිපතිවරයාට පින් සිඳු වන්නටය. රනිල් යනු වෙනින් කවුරුවත් නොව ජේ ආර් ජයවර්ධන හෙවත් වත්මන් ව්‍යවාස්ථාවේ නිර්මාණකරුගේ බෑනාය..

ඔහු 72, 83, 88/89, 2009 මෙන්ම සියල්ල දැක ඇති, ඒවායෙන් සමහරක් තුල උන් කෙනෙක් බව බොහෝ උන් දන්නේද නැත.

ඔහුට ලෝක දේශපාලනයේ හා ලාංකිය දේශපාලනය පිළිබඳ ඇති දැණුම හා පරිචය සතු වෙනත් දේශපාලකයකු මේ රටේ මේ මොහොතේ ඇත්තේ නැතිය. එහෙත් මාතලන් ඔහු හඳුන්වනේ අවාසනාවන්ත නායකයකු ලෙසය. 

මින් පෙර කිහිප අවස්ථාවකම පක්ෂය හා ඔහුගේ සහාය ලද සන්ධානවලට බලය ලැබුනද, විධයක බලය නොලැබුනාක් මෙන්ම ඔහුගේ රිගේනින් ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කිසිඳු ඉඩ ප්‍රස්තාවක් ලබා දුන්නේ නැතිය. 

ඒ හේතුවෙන්ම, ඔහු ඔහුගේම පාක්ෂිකයන් අතර මෙන්ම රටේ ජනතාව අතරද ජන අප්‍රසාදයට පත් නායකයෙක් විය. එහි ප්‍රතිපලය වූයේ, පක්ෂයේ තවත් උරුමක්කාරයකු රනිල්ට ඇපත් නොලැබෙන සේ පක්ෂය කඩාගෙන යාම හා රටේ දැවැන්න්තම පක්ෂය වූ එජාපය ජවිපෙටත් පරාද වෙමින්, පාර්ලිමේන්තුවේ එක අසුනක් හෝ නොමැති පක්ෂයක් බවට පත් වීමය.

එහෙත් කොහේ හෝ ඇති වාසනාවකට ලද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය රනිල්ට වාසනාව ගෙන ආවේ ඔහු විධායක ජනාධිපති කරමිනි. අවාසනාවකට ඔහු එසේ පත්වන්නේ තම පක්ෂයේ අයගේ චන්දයකින් නොව, පොහොට්ටුවේ උන්ගේ චන්ද 134 ක පිහිටෙනි. 

එතැන් පටන් රනිල් මෙන්ම බැසිල් ගෙන ගියේද පොලිටිකල් ගේමකී. බැසිල්ට අවශ්‍ය වූයේ තම පක්ෂයේ බලය සමඟ රනිල් පාලනය කිරීමටය. 

එමෙන්ම රනිල් පොහොට්ටුවේ දෙවන පෙල පිරිසක් හා ගෙන ගියේ, පොහිට්ටුවේ විශාල කණ්ඩායමක් තමන් වෙත තබාගෙන බැසිල් මට්ටු කිරීමටය. 

බැසිල් නම් කරනා පිරිසට ඇමතිකම් නොදි, ඉන් පරිභාහිරව ආධුනිකයින් හා මෙලෝ රහක් නැති සෙට්ටෙකකට රනිල් විසින් ඇමතිකම් ලබා දෙනුයේ, මම දැන් තමුසේ ගනන් ගන්නේ නෑ ඕයි කියා කෙලින්ම කිව නොහැකි නිසාවෙන්මය.

කළකිරුනු බැසිල් නවතිනුයේ ඇමරිකාවේය. ඔහු නැවත එන්නේද පලාත් පාලන චන්දයෙන් රනිල්ට පාඩමක් ඉගැන්වීමටය. ඇත්තටම බැසිල්ට අවශ්‍ය මේ චන්දය පොහිට්ටුව පරාජය වනු දැකීමය. ඒ 2019 නැවත බලයට පැමිණියා සේ මතු දිනෙක ජනතාව ඔවුන්ට යලි බලය ලබා දේ යැයි යන මතයේ සිටය. 

රනිල්ට අවශ්‍ය වන්නේද එයමය. එහෙත් තමන්ගේ "තග් ලයිෆ්" රාජාසන කතාවෙන් පසු ඔහු වෙනුවෙන් කතා කරන්නට උන්නේ ලන්සා හා ඩයනා පමණය.. රනිල්ගේ කට්ට කයිරාටික කම් දැන් හරියන්නේ නැති බව පක්ෂයේ අලි පුටුවලට දැන් අවබෝධ වී ඇත. ඒ ගැන වෙනම කතා කල යුතුව ඇත.

රනිල් දැන් ගහන්නේ වානා වා පෝ නම් පෝ ගෙමකි. ඔහුට ජනප්‍රිය නායකයකු වන්නට කිසිම අවශ්‍යතාවයක් නැති බව ඔහු කෙලින්ම කීවේය. දැන් ඔහුට අවශ්‍ය වන්නේ හොඳින් හෝ නරකින්, 2024 දක්වා විධායක ජනාධිපති කම් කිරීම පමණකි.

ඒ නිසා කවුරුන් හෝ රනිල් එක්ක ගේමට යනවා නම්... ඒ අයට මට කීමට ඇත්තේ ඔයාලට අදහන ආගමක දහමක සරණම පමණය කියලාය. ඒ අප රනිල් කව්දැයි කියා දන්නා නිසාවෙන්මය.

පලාත් පාලන මැතිවරණය ගැන වඩාත්ම කලබල‍යට පත් වී ඇත්තේ රනිල් හෝ බැසිල් යයි කියා කෙනෙකු ලියන්නේ හෝ සිතන්නේ නම්, ඔවුන් ජාත්‍යන්තර භූ දේශපාලනය ගැන කිසිදු අවබෝධයක් නැති අයය. මෙහිදී මේ මොහොතේ ඇත්තටම බය වී ඇත්තේ ඉන්දියාව හා ඇමරිකාවය.

ඇමරිකාවෙන් අති විශේෂ දූතයින් පිරිසක් හදිසියේ කොළඹ එන්නේත්, ඒ පිළිබඳ කිසිත් එලියට නොඑන්නේත් මේ හේතු මතය.

මේ චන්දයක් අස්සේ මේ යකා මෙතනට ඉන්දියාවක් හා ඇමරිකාවක් ඇද ගත්තේ මක්කටෙයි කියා කෙනෙකුට සිතෙනු ඇතිය. 

ලිපිය දිග වැඩි වන හේතුවෙන්, ඒ කොටස විවේකයක් ලද සැනින් ලියනවාමය....

ඒ වගත් මෙසේය....

.

Feb 6, 2023

පශ්චාත් අරගල ෆැන්ටසිය,


 

පශ්චාත් අරගල ෆැන්ටසිය,
පෙරටුගාමී හා ජජබය
➖➖➖➖➖➖🔴➖

අරගල ජයග්‍රහණයෙන් සුරතාන්තයට පත් පිරිසට, ඒ ෆැන්ටසිය තුල තව දුරටත් රැඳීමේ අවස්ථාවක් ලබා දී තියෙන්නේ ජජබය පමණයි..

මැයි 9 භීතියට පත් පිරිස් එයින් මුදවාලීමට ආන්ඩුවට මෙන්ම පෝට්ටුවට හැකි වුනේ නෑ. එයාලා කතා කලේ එයාලගෙ ගෙවල් 70 ක් ගැන විතරයි.. පාක්ෂිකයන්ගේ නිවාස 700 ක් පමණ කුඩු කලා, බස් 50 ක් විතර කන්ඩෙම්, ඒවා උන්ට ගානක්වත් නෑ.

අරගලයේ ජයග්‍රහණයේ නියමුවන් පෙරටුගාමී වුනාට, එයාලට ඉන් එහා දැක්මක් නෑ. පාරට ඇවිත් නාලා යන එක හැර. ජනතාව දැන් නාන්න එන්නේ නෑ.

පෙබ 3 සහ 4 එයාලගෙ විරෝධතා සහ එයාලා... පීචංම වෙලා ගියා...

දැන් ඔක්කෝම පක්ෂ මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නේ...

ඒ නිසා ජජබය ගමන ස්ථාවරයි...
ඔවුන්ටත් මේ රට හදන්න පුලුවන් වෙයි කියලා මම නම් හිතන්නේ නෑ..

මේකට ඒකාධිපති යකෙක් අවශ්‍යයි..
ඒ කියන්නේ අධිකරණයේ පටන් ශුද්ධ පවිත්‍ර කරන්න පුලුවන් යකෙක්...
හැබයි අපි යකෙක් කියලා හිතාගෙන ගෙනාවේ නිවට විකටයෙක්....
ඌ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයත්, පක්ෂ සියල්ලත් විනාශ කරලා ගියේ...

මේ හේතූන් මත...
ආන්ඩුව නෙමේ ඉන්දියාව හා ඇමරිකාවත් බය වෙලා ඉන්නේ...

හැබයි ඉතින් ජජබයත්, ජේ ආර් වගේ පොලීසියට සතියක් නිවාඩූ දීලා 2010 - 15 රාජ්‍ය පාතාල පාලනයකට ගියොත්.. ඒකත් ජනතාවට එපා වෙලා යයි... 

එයාලගෙ පෙර වැරදි අනුව එක ජෙනරේෂන් එකකට ඒ භීතිය තියෙනවා... ඒක රාජ්‍ය භීෂණයට වඩා එහා එකක්....

ඒ නිසා... මේ රට අපේ ජීවිත කාළය තුල ගොඩ යයි කියන විශ්වාසය නම් සුන් වෙලා ඉවරයි..

රනිලුත් 2048 ක් ගැන බයිලා ගහන්නේ ඒකයි..

ඕයේ ඔජායේ... ////
ඕ.... ජායේ...//
.

Feb 2, 2023

13+ රිදී බන්දේසියක තබා පිලිගැන්විය යුතුමය.

 



13+  රිදී බන්දේසියක තබා

පිලිගැන්විය යුතුමය.

➖➖➖➖➖➖➖🔴


ඊයේ හරිනි අමරසූරිය මේක දෙන්න ඕන කිව්වාම මම පෝස්ට් එකක් දැම්මේ හේතූ කීපයක් උඩ..


⭕ 88/89 පලා බබා අපට එපා කියලා ඉන්දීය විරෝධයකුත් සමඟ මුලු රටම ගිනි තිබ්බේ ජෙප්පෝ.. (දේශහිතයිශී කොල්ලෝ කෙල්ලෝ 60,000 ක් ඒ වෙනුවෙන් ජීවිත පූජා කරනවා)


⭕ රනිල් ප්‍රභා එක්ක හැමිනෙන්නයි යන්නෙ කියලා මහින්දට බැක් කරලා මහින්ද බලේට ගේන්නෙත් ජෙප්පෝ.. 


⭕ එතකොට මැදමුලන මයිනා, යුද්දේ නිකං කිරි හොද්ද වගේ අත ගගා ඉඳිද්දී, බව්වෙක් නාවන්න ගෙනියනවා වගේ ඇදගෙන ගිහින් යුද්දේ ඉවර කලේ ජෙප්පෝ... (ඇත්තද දන්නේ නෑ.. එහෙම කියනවා)


⭕ ඊළඟට යුද්දේ ඉවර කරන්න ඔය සුළු අවිවලින්  බෑ ඕයි, කෙලිනවා හෙවි වෙපන් හෙවත් බර අවි වලින් කියලා යුධ උපදෙස් දුන්නේ ජෙප්පෝ.. (ෆොන්සේකා යුද්දේ කලාලූ.. ආච්චිගෙ රෙද්ද)..


⭕ එයාලා උතුරු නැගෙනහිර එක් කිරීමට එක හෙලා විරුද්ධයි .. (උසාවී ගිහින් තීන්දු ගත්තේ එයාලා)


⭕ අපේ වෙන්ට ජනපති අන්‍රයියා රනිල්ගේ රට බෙදන සර්වපාක්ෂික බඩකඩුත්තුව පැත්ත පලාතේ නොගිහින්, සයින්දමරුදු, වාලච්චනෙයි, කොකඩිචෝලෙයි යන්නේ රට බෙදන්න නෙමේ.. ඒවයෙ උන්ටත් රටේ ජනපති කව්ද කියලා පෙන්නන්න....


ඉතින් එහෙව් එකේ.. හරිනි ලන්ඩන් ගිහින් මෙහෙම කිව්වාම අවුල් යන්නැත්තේ මොකාදෝයි..


ඒ අස්සේ කුල භේදය ගැන විශේෂඥයෙක් වෙන හිතවත් Nandana Weerarathne   , මාතලන් යකා ගෙන් අහනවා ... ඇයි මොකක්ද ඒකේ අවුල.. ඒක අලුත් දෙයක්ද කියලා...


එක ජෙප්පන්ට නම් අනිවාර්යයෙන් අලුත් දෙයක්... ඔය උතුරු නැගෙනහිර බලයා බෙදිල්ල ගැන මම ඉන්න මතය තමා පහලින් තියෙන්නේ..


මම නම් කියන්නේ බලයා නෙමේ ... කෙලවෙලාම යන්න කෙලවල්ලොත් බෙදන්න ඕනය කියලා...


➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖


ෆෙඩරල් ලබා දිය යුතුමය. එවිට ද්‍රවිඩ රදලයන්ටද, දකුණේ උන්ට

අත් වූ ඉරණමම, උදාවනු ඇත.

➖➖➖➖➖➖➖➖➖❤️➖


පිටරට ඩොලර් යුරෝ වලින් ජීවත් වන හැම ජාතිකයෙක්ම කියන කතාවක් තමා, උතුරු නැගෙනහිර ජනතාවට විශේෂිත වූ ප්‍රශ්ණයක් තියෙනවය කියන එක.


ඒ එයාලටම විතරක් තියෙන ප්‍රශ්ණය මොකක්ද කියලා ඇහුවම, එකෙකුටවත් උත්තරයක් නෑ.


හැබයි උතුර නැගෙනහිර නෙමෙයි, සමස්ත රටේම ප්‍රශ්ණයක් තියෙනවා. ඒ තමයි රැකියාවක් නොකර සියල්ල නොමිළේ බලාපොරොත්තුවෙන් ජීවත් වෙන පිරිස හෙවත් හිඟන ප්‍රජාව. මුන් කම්මැලිකමක් නැතිව කරන එකම දේ හැමිනෙන එකයි, බොන එකයි විතරමයි. 


ඒ වගේම උන් එසේ නඩත්තු කරමින් පවත්වාගෙන යා යුතුය කියන දේශපාලන පක්ෂ හා හිඟන දේශපාලන ක්‍රමය.


මේ හිඟන ප්‍රජාව කරන්නේ, කූර කෙලින් වෙච්චි ගමන් ඩිම්බ මෝචනය වෙන ගුලකට මීයා රිංගවලා හිඟන පරපුර බෝ කරනවා. ජනගහනය වැඩි වීම, උපත් පාලනය, මන්දපෝෂණය, විරැකියාව, දළ දේශීය නිශ්පාදනය, ජාතික ආදායම, අය වැය, විදෙස් සංචිත, මානව හිමිකම්, ලෝක බලවතුන්, බලශක්ති අර්බුදය, දේශීය ණය, විදෙස් ණය මෙලෝ මඟුලක් මුන්ට අදාල නෑ. 


ඊළඟට ගැබිනි මව්වරුන්ගේ දීමනාවේ ඉඳලා මැරිලා වලලන එක වෙනකන් ආන්ඩුව වග කියන්න ඕන. 


හයක් හතරක් නොතේරන පොඩි බබ්බුයි මුන්ගෙයි අතර එකම වෙනසත් හැමිනෙන එකයි මත්වෙන එකයි විතරමයි. 


මුන්ට උගන්නනෙත් යම් පමණකට උගත් ප්‍රජාවගේ දරුවන්ට උගන්වන විෂය පද්දතියමයි. ඉතින් උන්ට ඒවා ග්‍රීක් වගේ. කලාතුරකින් ගොඩ යන එකාටවත්, අඩු ගානේ කක්කුස්සි යන හැටිවත් උගන්නලා නෑ. ඉතින් උන් පබ්ලික් ටොයිලට් එකකට ගියත්, කෝච්චියේ, ඉස්ටේසමේ ලැට්ටෙකට ගියත්, රෙන්නේ වලට නෙමේ එලියට. හුලිජ්ජා කරන්නෙ බිත්තියට.


ඉතින් උන් ඊට ඉහළ සමාජයට වෛර කරනවා. ඉහළ තැනකට ගියත් එහෙමයි. මේ රටට 56 විප්ලවයෙන් පස්සේ සිඳු වුනේ ඒ දේ.


මම කියන්නේ නෑ උන් හැමදාම එතන ඉන්න ඕනය කියලා. හැබයි උන්ට අකුරු උගන්වන්න කලින්, සිරිත් විරිත්, ගති පැවතුම්, අනෙකාට ගෞරවය කිරීම්, අනෙකාගේ මතය ඉවසීම් කියන දේ කියාදෙන්න ඕන. දියුණු රටවල් වල දියුණු ශිෂ්ඨාචාර හා මිනිස්කම් පිරුණ මිනිස්සු බිහිවෙලා තියෙන්නේ එහෙම. 


56 පංච මහා බලවේගය නිර්මාතෘ රදලයෙක්. එයාගේ පරම්පරාව ගැන නොයෙකුත් කතාබහ තිබුනට බන්ඩාරනායක කියන්නේ හොරගොල්ල වලව්වේ රදල නායකයෙක්. කසාදය කරගන්නෙත් රදල පවුලකින්.


නමුත් රදලයෝ හිටියේ එජාපයත් එක්ක. සුද්දගෙ කාළේ ඔක්ස්ෆර්ඩ් ගිහින් ඉහළ සමාජයට ගිය රේන්ද කාරයන්ගෙ හා වෙළඳ ප්‍රජාවේ දරුවෝ උන්නේ වමේ. ඒ හින්ගල සෙට්ටෙක.


උතුරේ උන්නේ ජී ජී පොන්නම්බලම්ගේ ටැමිල් කොන්ග්‍රස් එක. ඒ ද්‍රවිඩ රදලයෝ. කඳුකරේ වතු කම්කරු ප්‍රජාව. උන්ගේ නායකයෝ උන්ගෙන්ම බිහිවුන උන්. තොන්ඩමාන් පරම්පරාව. උතුරේ පහළම කුලේ එකාවත් කඳුකරේ උන්, උන්ගේ ජාතියේ කියලවත් පිලිගන්න කැමති නෑ.


බලයට පෙරේත කමේ 56 බන්ඩා කරපු වැඩෙන් උනේ රදලයන්ට කෙලවෙලාම යන එක. චන්ද්‍රිකාගෙන් පස්සෙ ඒක යන්නේ ගොයිගම මහින්දට. රටේ හින්ගල අති බහුතරේ ගොයිගම කුලේ. උන්ට "බයියෝ" කියන්නේ අඩු කුලේ පර හැත්ත 😁.


ඒ අඩු කුලේ උන්ට මහ පුටු දීලා ඇරගත්තේ ගොයිගම කුලේ මහින්දමයි. බොරු නම් අලුතෙන් බිහිවෙන්න යන නායකයෝ කව්ද කියලා හොයලා බලන්න.


දැන් කවුරුන් හෝ කියයි මාතලන් මේ නැති කුල බේදයක් ඇදලා ගන්නවය කියලා. ඒ උනාට දැන් ඉන්න මැතිවරණ කොමසාරිස් ලස්සනට කියලා තිබුනා, ආසන බෙදෙන්නේ කුලය අනුවයි කියලා.


ඇත්ත කතාව ආසන නෙමේ, ඇමතිකම් බෙදෙන්නෙත් එහෙමයි. මේ ගැන වික්ටර් අයිවන් බොහොම අපූරුවට ලියලා තියෙනවා. මේ කුල බේදය නැත්තේ පෞද්ගලික අංශයේ විතරයි. අනික් හැම තැනම මේක රජ කරනවා.


මේන් මේකටයි උතුරේ කුලයෙන් උසස් පිරිස බලය ඉල්ලන්නේ. ඔය බලය ඉල්ලන පිරිසේ කුලයෙන් අඩු කුලහීන නායකයෝ එකෙක්වත් නෑ. ඔක්කෝම, රෝයල්, සැන්තෝමස්, ට්‍රිනිටි, ඔස්ක්ෆර්ඩ්, ක්‍රේම්බිජ් ගියපු උන් ඉන්නේ. උන් අඩු කුලේ උන්, පක්ෂයට තියා මිදුලටවත් ගන්නේ නෑ.


උන්ට අඩු කුලේ උන් ගොඩගන්න ඕනත් නෑ. නමුත් උන්ගේ ගෞරවය රැකගන්න උන්ට නායකත්වය හා බලය අත්‍යාවශ්‍යයි.


විග්නේෂ්වරන් උතුරේ සංවර්ධනයට යවපු මුදල් කිසි දෙයක් නොකර ආපහු භාන්ඩාරගාරයට එව්වා. සුරේෂ් රාඝවන් ආන්ඩුකාරයා කරලා යැව්වට ඌට මෙලෝ දෙයක් කරන්න ඉහළ කුලේ නිළධාරි පැලැන්තිය ඉඩ දුන්නෙ නැ. මොකෝ ඌ අඩු කුලේ නිසා.


විගාලට, සුමන්තිරන්ලට, පල්මානික්කම්ලට ඕන, දකුණේ රථ ගාය තියෙන නායකයෝ වගේ ගාඩ් දාගෙන ඉගිල්ලිලා යන්න මිසක්, උතුරේ ජනතාවට සේවය කරන්න නෙමෙයි. 


එහෙම කරන්න ඕන අවංක චේතනාවක් තිබ්බා නම්, අවුරුදු 75 ක් තිස්සේ කෑලී කඩන් කන්න හදන්නේ නැතිව, ආන්ඩුවකට සෙට් වෙලා, ඇමතිකම් අරගෙන, හකීම්ලා, අෂ්‍රොෆ්ලා, රිෂාඩ්ලා වගේ දෙයක් උන්ගේ ප්‍රජාවටත් කරන්න තිබ්බා.


ඒ නිසා ඔය ෆෙඩරල් ඉල්ලන සෙට් එකට බලේ දීලා, උතුරු නැගෙනහිර ජනතාවට දැනෙන්න දෙන්න ඕන, උන්ට කෙලින්නේ දකුණු මිනිස්සුවත්, දේශපාලුවෝවත් නොව, මෙන්න මුන්‍ය කියලා.


එතකොට ආයේ පිරිභාහරන්ලා, කරුණා අම්මාන්ල, පිල්ලෙයාන්ලා බිහිවෙලා දොරේඅප්පට දීපූ ගේමම මුන්ටත් දෙයි.


මොකෝ මේ රටේ තියෙන්නේ ආර්ථික ප්‍රශ්ණයක්වත්, ජාතික ප්‍රශ්ණයක්කත් නෙමේ... දරිද්‍රතාවය හා නොසලකාහැරීම පිලිබඳ ප්‍රශ්ණයක්...


බොරු නම් සියළු විප්ලව හා අඩුවට සාරාන් හා වසන්ත මුදලිගේද හදාරන්න...


ඒ වගත් මෙසේය.....


.