.

.
Showing posts with label War Heroes. Show all posts
Showing posts with label War Heroes. Show all posts

Jun 30, 2021

සන්නස්ගලගේ නැව් බොරු හා වඩමාරච්චි මෙහෙයුම (වීඩියෝ සහිතයි)

 


ඇත්තම කතාව නම් මම ඔය ජාතිය ඇමතීමේ කතා දෙකම ටිකක් බලලා අත ඇරලා දැම්මා. මොකෝ දෙකම බෝරින්ග්. ඔය මහ රෑ දෙගොඩ හරි ජාමේ වෙනකන් තියෙන දේශපාලන වැඩ සටහන් බැලිල්ලත් අතෑරලා දාලා ගොඩක් කල්. ඒත් ඕවයේ යමක් තිබ්බොත්.. මාතේ උඹ අරක දැක්කේ නැද්ද? මේක දැක්කේ නැද්ද? කියලා ලින්ක්ස්, වීඩියෝ ක්ලිප්ස් එවන බොක්කවල් හා බොක්කියො ටිකක් මාතලන්ට ඉන්නවා.

ඔය සන්නගේ පම්පෝරි ගැහිල්ලේ යූ ටියුබ් ඒවා නම්, පොරගේ ඉදිරිපත් කිරීමට කැමති නිසා ඉඳහිට බලනවා. පොර, මෙලෝ අල බෝලයක් නොදන්න හූ මිටි තියන පාපොල් ඇට ලොන්තයෝ දෙන්නෙක් දෙපැත්තේ තියාගෙන පොරගේ පම්පෝරිය ගහනවා. අරුන් දෙන්නා ජෙප්පන්ගේ පන්ති පහට ගිය උන් වගේ ඔහේ අහගෙන ඉන්නවා. හැබයි ඉතින් එක වැඩ සටහනකදි පොර කියනවා මේක මගේ ප්‍රෝග්‍රෑම් එක, මේකේ කතා කරන්නේ මම...  උඹලට ඕන නම් උඹලා එකක් කර ගනිල්ලා කියලා.

ඔය පම්පෝරි ඇහුවට එයා පොලිටික්ස් කතා කරන කොට නම් අහන්න අප්පිරියයි. ඉතින් එදා සන්නා ඇදලා ඇරිය අමු කෙප්පයක් ගැන මේ කියන්නේ. නැත්නම් දැන් ඉන්න උන් මේවා ඇත්ත කියලා පිලිගන්නේ...

සන්නා මේකෙදි නාට්‍යානූසාරයෙන් කියනවා සජිත්ගේ තාත්තා හෙවත්  රණසිංහ ප්‍රේමදාස ඉන්දියාව එක්ක ගේම ඉල්ලුවලු. ඉන්දියාවට කෙලිනවා කිව්වලු, ඊට පස්සෙ ඉන්දියාවෙන් උඩින් ඇවිත් මෙහේ හැම කෑම්ප් එකකටම පානුයි පරිප්පුයි දාලා ගියාලු.. (වීඩියෝව බලන්න)



මොන කෙප්පද මේ.. 

ඇත්තම කතාව ප්‍රේමදාසට ඉන්දියාව සපෝට් කලා, ප්‍රේමදාස බලේට ආවයින් පස්සෙ ඉන්දියන් හමුදාව යන්න ගියා. ප්‍රේමදාස කරේ රෝ එකේ වැඩක්. ඉන්දියාව සාම ගිවිසුම ගහන වෙලේ රෝ එක ප්‍රේමෙට කිව්වා ගිවිසුමට විරුද්ධව කෑ ගහපන් කියලා. ප්‍රේමේ හිටියේ ජෙප්පන්ගෙ පැත්තේ. කොහොම හරි ගිවිසුම ගහද්දි ආන්ඩුව එක්ක ගේම ඉල්ලපු ප්‍රේමේ හිටියේ ඉන්දියාවේ. ඕන් පියානොගෙ කෙරුවාව.

ඔය කියන සිද්දිය වෙන්නේ ඊට කලින් වඩමාරච්චි මෙහෙයුම වෙලාවේ. එතකොට ඒකාබද්ධ හමුදා අණ දෙන නිළධාරී උන්නේ සිරිල් රණතුංග. ගේම ලීඩ් කරේ ඩෙන්සිල් කොබ්බෑකඩුව , විජය විමලරත්න හා ජෙරීද සිල්වා කියන සුපිරි බඩු තුන. ඕකට බලසේනා කීපයක් එකතු උනා. ඒ එක් බලසේනාවක් වෙච්චි පළමුවන ගජබා බල ඇනියේ අණ දෙන නිළධාරී උනේ වත්මන් ජනපති ඝෝඨාභය රාජපක්ෂ . එතකොට ආරක්ෂක ඇමති ලලිත් ඇතුලත්මුදලි , ප්‍රේමේ නිවාස ඇමති.

මේ සටනෙදි මුලින් අපේ හමුදා පරිප්පු කෑවට, පස්සෙ පිරිබාහරන්ගේ සෙට්ටෙකට කෙලවෙන්න වැදුනා. වැඩේ වන කරන්න කරුණා කරේ, නැගෙනහිර අරන්තලාවේ 1987 ජූලී 7 වෙනිදා භික්ෂූන් පිරිසක් අති අමානුෂික ලෙස ඝාතනය කරනෙක. ඒ සටන වෙනතකට යොමු කරන්න.

ඒ කරලත්, පුල්ලියාර් සාමිලට කෙලවෙන්න යන බව දැනගත්තු ඉන්දියාව ආවා පිරිබාහරන්ගේ සප් එකට. උන්  උතුරෙ ජනතාවට බෝට්ටු 19 කින්, ඔය සන්නා කියනවා වගේ, පාන්, පරිප්පු, හාල්, ළූණූ ,භූමිතෙල් එව්වා. නමුත් අපේ නේවී එකෙන් ඒවට එන්න දුන්නේ නෑ.

1987 ජූලී 4 වෙනිදා ඉන්දීය ගුවන් හමුදාවට අයත් ඇන්ටනොව් 5 ක්, මිරාජ් ජෙට් 4 ක ගාඩ් එකත් එක්ක යාපනේට පරිප්පු දැම්මේ ජේ ආර්ට වෝනින් එකකුත් දීලා. මේවට ඇටෑක් කරොත් රට අල්ලනවා කියලා, ඒක, ඉන්දියාව සම්පූර්ණයෙන්ම ප්ලෑන් එකක් ගහලා මෙහේ කොළඹ උන්න ඉන්දියන් කාරයොන්ට හෝටල් වලට යන්න කියලා කරපු සුපිරි මෙහෙයුමක්. 

ජේ ආර් හිතුවේ අලි පැටියෙකුත් දීලා ආපු නිසා ඇමරිකාවේ රොනල්ඩ් රේගන් අපිට සප් කරයි කියලා. නමුත් අරුන් ගුවන් සීමාව ආක්‍රමනය කරලා පරිප්පු විතරක් නෙමෙයි පුටු සැටිත් දාලා ගියා කියලා ඒ කාළේ කිව්වේ. ඔය ජිනීවා වල මානව හිමිකම් බක්කෝ, කොළඹ විසිල් සමාජේ කටක් ඇරියේ නෑ ඒ කාළේ. ලලිත් ඇතුලත්මුදලි විතරයි පොඩි සද්දයක් දැම්මේ. හැබයි උන්ට ඒවා මෙලෝ වශයෙන් පලදුන්නා

ඉන්දිරා ගාන්ධි අම්මා සික් කාරයෙක් වෙඩි තියලා මරලා දැම්මා. පුතා රජිව් ගාන්ධිට පිරිබාහරන්ම ගේම දුන්නා.

කොහොමත්  පිරිබාහරන්ගේ ශුක්‍රාණු හිඟන සන්නලට ඕවා මතක නෑ. මතක තිබුනත් කියන්නේ කෙප්ප. මේවා ලිව්වාම අපි බ්ලොක් කරත්, දායක සභා දාලා රිපෝට් ගහලා මාසෙකට බ්ලොක් කරත්, දැන් ඉන්න උන්ට දැනගන්න මේවා ලියලා තියන්න ඕන.

කෙසේ හෝ ප්‍රේමේ බලයට ආවයින් පස්සේ ඔය වඩමාරච්චි සටන ලීඩ් කරපු ඩෙන්සිල් කොබ්බෑකඩුව, විජය විමලරත්න ඇතුලු සෙට්ටෙකටම එක බෝම්බෙකින් ගේමක් දුන්නා. ඒක කළේ.., පිරිබාහරන්ද, රෝ එකද, ප්‍රේමෙද කියන එක අදටත් නොවිසඳුණු  ප්‍රෙහෙළිකාවක්.

මගේ කතාව අසා සිටී ඔබ සැමට තෙරුවන් සරණයි...


ඉස්ධූතී .... නන්ඩ්‍රෙයි .... ටෑන්ක්ස් හොඳේ.....!!!!


.

May 18, 2021

යුධ ජය කර තබාගෙන නොව කරඬුවක තබා හිසින් රැගෙන යා යුතුය.

 


අපේ රටේ හිඟන මානසිකත්වයක් ඇති කාලකන්නි ජෙප්පෝ හා උන්ගෙන් කැඩි බිඳී ගොස් ගොබ්බ වහලුන් හරි හම්බ කරනා දෙයකින් කොටසක් කඩා ගෙන ජීවත්වන කාල් මාක්ස් පැටවුන් මෙන්ම වාමවාදී ගොබ්බ මහාචාර්‍යවරුන් හා ආචාර්‍යවරුන්ද නිතර අසනා ප්‍රශ්ණයක් නම්, නිදහස ලබා වසර 70 ගනනක් ගෙවී ගියද රට කරපු උන් කරලා තියෙන්නේ මොනවාද කියලාය. මුන්ට අමතක හෝ අමතක කරනා කාරනය නම්, එයින් වසර තිහක්ම අති දරුණු ත්‍රස්තවාදයකට රට මුහුණ දුන් බවය.

ඒ මදිවාට ප්‍රභාකරන් නම් නරුම මිලේච්ඡ ත්‍රස්තවාදියා නන්දිකඩාල් කලපුවෙන් ස්වර්ගයට අපායට හෝ මෝක්ෂයට යවා වසර 12 ගතවූ විජයග්‍රාහී දිනයේ උන් ලියා තිබුනේ වසර 12 ගත වෙලාත් තාම යුද්ධය කරේ තබාගෙන යනවා ඕයි කියලාය. 2005 දී ප්‍රභාකරන් රනිල් වෙනුවට මහින්ද තෝරා ගෙන ඉල්ලාගෙනම කෑ එක ගැන පුදුම දුකකින් තබපු සටහනුත් දුටුවාය.

ඒ අස්සෙ දුටු පට්ටම ආතල් එක නම් පිස්සු වහන්සේ නමක් කියු වැදි බණක් උස්සාගෙන ගොබ්බ වම්මු බුදු සරණ ගොස් තිබීමය. උන්නාන්සේ පසුගිය වසර 40 පමණ දීර්ඝ නින්දකට ගොස් නැවතත් බුදුන්ගේ කාළයේ ඉපදී ගහන බයිලා දැක්කාම මාතලන්ට සසර කළකිරි පස්සෙන් වාත වැලක්ම බිහි විය. සමහර විට මුන්නාන්සේ අර දිඹුලාගල හාන්දුරුවන්ගේ නිකායේ වහන්සේ කෙනෙක් නම් වෙන්නට බැරිය. අරන්තලාවේ කුරීරූ ලෙස ඝාතනය කරනා ලද සාමනේර වහන්සේලාගේ නිකායේ වෙන්නත් බැරිය. සමහර විට ඇන් ජී ඕ නිකායක කෙනෙක් වෙන්න ඇතිය.

මේ එක කාලකන්නියෙක්වත් ඊයේ පාර්ලිමේන්තුවේ ඉන්නා ත්‍රස්තවාදීන් විසින් ඉටි පහන් දල්වා ප්‍රභාගේ ධජයත් පසෙකින් තබාගෙන ප්‍රභාකරන් සමරන එක ගැන වචනයක් හෝ ලියන්නේ නැත. උන් ඒවා වෙනුවෙන් පෙනී සිටිනවා පමණක් නොව, ඒවා උන්ගේ මානුෂික අයිතිවාසිකම් කියා පුක පොලොවේ ගහන් නහිනවාය.

කරුමය කියන්නේ ත්‍රස්තවාදීන්ට ඇති අයිතිය රටේ සාමාන්‍ය ජනතාවට නැත්තේ ඇයි කියනා එකය. මුන් අදත් නිරුපද්‍රිතව ඉන්නේ උන්ට එදාත් ත්‍රස්තවාදීන් හා තිබූ සම්බන්ධතාවයන් නිසාය. එපමණක් නොව අදත් උන්ගේ ගිණුම් පිරී යන්නේ දෙමළ ඩයස්පෝරාවේ ඩොලර් වලින් නිසාය. ඒ නිසා ඇත්තටම අපි උන්ට අනුකම්පා කළ යුතුය. මුන් රටට ආදරේ නැති බව කෙලින්ම කියා ඇත. උන් කියන්නේ මේ රට කාළකන්නි රටක් කියාය. අපි නම් කියන්නේ තොපි වාගේ කාළකන්නි නිසා මේ රටට එහෙම වෙලා තියෙනවා කියලාය.

ඇත්තටම අද ඉන්නා තරුණ පරම්පරාව වසර තිහක් තිස්සේ මේ රටේම මිනිස්සු විඳි වේදනා හා කාපු පරිප්පුව දන්නේ නැතිය. අද නිදහසේ රට පුරාම යන්න නිදහස ඇතත් එදා කොළඹට ඒමටවත් නිදහසක් තිබුනේ නැතිය. චෙක් පොයින්ට් හන්දියක් හන්දියක් ගානේය. සිංහළද දෙමළද මුස්ලිම්ද අදාල නැතිව හැම එකාම පරීක්ෂාවට ලක්විය. වාහන පරීක්ෂාවට ලක් වීය. ඇත්තටම ඒවා දේශසීමා චෙක්පොයින්ට් වලටත් වඩා දරුණු ඝනයේ ඒවා විය. මොරටුවේ සිට රත්මලානට එන විට අදටත් දකින්නට තිබෙන්නේ එයින් එකක් පමණි.

උතුරට යාමට ප්‍රභාගෙන කිලිනොච්චියේදී වීසා ලබා ගන්නට උනේය. ඒවාට වරු ගනන් පෝලිම් වල ඉන්නට විය. උතුරේ වෙනම පොලීසියකි, හමුදාවකි. මායිම් ගම්මාන වල මිනිස්සු කපා කොටා මරා දැම්මේය. දකුණේ හිතෙන හිතෙන තැන බෝම්බ තබා මින්සුන් සිය ගනනින් මරා දැම්මේය. හමුදා කඳවරු වලට පමණක් නොව මහ බැංකුවටත් කුඩු වෙන්නම ගැහුවේය. මරාගෙන මැරෙනා උන් එවා කොළඹම කුඩු කලේය. පාසල් වල ගාඩ් කලේ දෙමව්පියන්‍ය. අම්මා තාත්තා එකට වැඩට ගියේ නැතිය. එකට ගමන් බිමන් ගියේ නැතිය. කොයි බස් එක කොයි කෝච්චිය පුපුරනවා දැයි අන්ෂුවර්ය. අවසානේ කුරුම්බැට්ටි මැෂින් උඩිනුත් ඇවිත් කොළඹටම කෙලින්නත් පටන් ගත්තේය.

මේවා මෙසේ වෙද්දී අපේ නපුංසකයින් සුදු නෙළුම් පුදා මිස්ටර් ප්‍රභාකරන් වැන්දේය. සටන් විරාම ගිවිසුම් ගසා රජයේ හමුදා හා පොලීසී, බල්ලන් කූඩූ කරන්නා සේ කඳවුරු තුලට කොටු කර, උන්ට නිදහසේ ඇවිත් බුද්ධි අංශවල සොලිඩ්ම බඩු මරා දමා යාමේ පහසුකම් සලසා දුන්නා පමණක් නොව, 2015 කළාක් මෙන්ම හමුදාවේ බුද්ධි අංශ හා රහසිගත් කඳවුරු හා හමුදා අනුකංඩ සියල්ල පිළිබඳ තොරතුරු උන්ට ලබා දුන්නේය.

එවන් කාළකන්නි යුගයක් නිමා කළේ රාජපක්ෂලා මිස වෙන එකෙක්වත් නොවේ. ඒක මේ කාළකන්නින් හොදින්ම දන්නවාය. ඒ නපුංසකයන් රට කා බංකොලොත් කළ වසර පහේ යුධ ජය සමරනා විට කිසිඳු අර්ශෂ් අමාරුවක් නොතිබූ මේ කාළකන්නින්ට පුක කහන්න පටන් අරගෙන තියෙන්නේ නියම යුධ වීරයින් බලයට පැමිණ ඒවා සමරන නිසාය.

ෆොන්සේකා යනු හමුදාපති පමණි. දින 12 පෙන්ෂන් යන්න උන් පොර හමුදාපති කළේ ඝෝඨාය. උතුරට කෙලියේ ෆොන්සේකාගේ ප්ලෑන් එකකට නොව තොප්පිගල ජයගත් චාගී ගාල්ලගේ ගේ ප්ලෑන් එකකට අනුවය. අවාසනාවකට චාගී හදවත් සැත්කමකට භාජනය වූ නිසා එතැන් සිට ශවේන්ද්‍ර සිල්වාට වැඩි බරක් කරට ගන්නට විය. ශවේන්ද්‍රගේ හෙවනැල්ල මෙන් උන්නේ සුව වී ඉස්පිරිතාලයෙන් එලියට ආ දිනයේ සිට යුධ බිමට ගිය චාගී ගාල්ලගේය. මේවා හමුදාවේ උන් දන්නවාය. මේ නියම රණවිරුවෝය. අදටත් චාගීලාට ශවේන්ද්‍රලාට කේස් ඇද්දාට, රට හා හමුදාව පාවා දුන් ෆොන්සේකාට කිසි ගේමක් නැත්තේ ඒ නිසාය.

රට මේ තත්වයට ගෙන ඒමට මියගිය රණවිරුවන් ප්‍රමාණය අති විශාලය. අදටත් අත් ඇස් පා අහිමිව ජීවත්වන විරුවන් ප්‍රමාණය අති විශාලය. ඒ අතර සදාකාලිකව යහන් මත ගත කරනා අයද වෙති. ඒ අය අතර අපේ කල්‍යාන මිතුරන් මෙන්ම ඥාතීන්ද ඒ අතරවේ. එමෙන්ම බෝම්බ ප්‍රහාරයන්ට ලක් වී මියගිය හිතවතුන්ද වේ. ඒ ඇර මහ බැංකු ප්‍රහාරය අත්දැකීමෙන්ම විඳ ඇත. ඒ ඇර කොළම සිඳුවූ ප්‍රහාරයන් දෑසින්ම දැකලා තියෙනවාය. ඒ නිසා ඒ ත්‍රස්තවදයේ කුරිරු බව මූසල බව හා කාළකන්නිකම ගැන හොදින්ම දන්නවාය.

එවන් කාළකන්නි යුගයක් නිමා කිරීම මේ රට පවතිනා තෙක් සැමදා සැමරිය යුතුය. ඇත්තටම අපේ නිදහස් දිනය පෙබරවාරි හතර වෙනිදා නොවේ. එකඳු ලේ බිදක් හෝ නොසලා ඉන්දියාවට දුන් නිසා අපිට බලෙන් දුන් නිදහසකි. එහෙත් මැයි 18 වෙනිදා මේ රටේ ලබාගත් නිදහස් මුලු රටම ලෙයින් තෙත් කොට ලබාගත් නිදහසකි. එය වසර 12 ක් ගත වී නොව මේ කල්පය පවතිනා තුරා සැමරිය යුතු නිදහසකි. එදිනේ මහින්ද රාජපක්ෂ නම් ඒ නිදහසේ පියා අමතක කරන්නේ නම්. එතරම් කුහක කමක් ශ්‍රී ලාංකිකයකුට තවත් කළ නොහැක.


ඒ වගත් මෙසේය…..

Sep 11, 2017

ෆොන්සේකා මරාගෙන කන දේශපාලන වසලයෝ - Let's make BBQ from Fonseka




ගේම පටන් ගත්තේ අමු පාවාදීමකින්ය. එකෙකුටවත් ඒකේ වගක් අත්තේ නැතිය. ලතින් ඇමරිකානු රටවල් කීපයක තානාපතිකන් දැරූ ජගත් ජයසූරිය, එහෙන් පැනලා ආවායින් පස්සේ පොර විරුද්ධව නඩුවක් වැටෙන්නේය. ආන්ඩුව මුලින්ම සොයා බැලිය යුත්තේ. මේ මහා රණවිරුවා එහෙන් පැන ඒමත්, උන්නැහේට නඩු වැටීමත් එකට සිඳුවන්නේ කේසෙදෝ කියාය. එල් ටී ටී යට සල්ලි දුන්න මහින්දලාට, කරුණා අම්මාන්ලා, පිල්ලෙයාන්ලා, කේ පීලා, තමන් මරන්න ආ ජොන්ස්ටන්ලා ළඟ තියාගෙන ඉන්නා මහින්දලාට, ඕවා සිම්පල් ගේම්ය.

May 18, 2015

සැමරුම් හා මිනීමැරුම් - Celebrations & Cremations



මේ රට ඉන්දයන් සාගරේ අමුතු ඇටේ කියන්නේ නිකන් නෙමේය. මාතලන් නම් මේකට කියන්නේ, අම්මට සිරි ලංකාව කියලාය. එහෙම කියන්නේ, අම්මට සිරි කේස් එකක් හැමදාම තියෙන නිසාය. සුද්දෝ ඇවිත් වැද්දෝ ටික ගෝත්‍රිකත්වයෙන් මුදවන්නට වෑයම් කලද, ඔට්ටේලියාවේ සුළුතර ඇබොරජනීස්ලා වෙනුවට, මෙහේ ඉන්නා අති මහත් බහුතරයම ඇබොරජිනිස්ලාය.