.

.
Showing posts with label Sanath Nishantha. Show all posts
Showing posts with label Sanath Nishantha. Show all posts

Jan 30, 2024

සනත් නිශාන්තගේ බිරිඳට දේශපාලනය අකැපද

 


සනත් නිශාන්තගේ බිරිඳට

දේශපාලනය අකැපද

➖➖➖➖➖➖➖⭕


සනත් නිශාන්තලගෙ දේශපාලනය කියන්නේ... ඒක වෙනම කල්ට් එකක්...


මම දැක්කා මේක.... Mahesh Hapugoda , Rasika Jayakodi වගේ නියෝ ලිබරල් බුවාලගෙන් වගේම.. ජාතිකවාදී පාඨලි චම්පික රණවක වගේ අයගෙනුත්... ""ලුම්පන්"" දේශපාලනය කියලා ගැරහීමට ලක් වෙනවා...

ඒකට හොඳ උත්තරයක් Eranda E.R. Ginige ලියලා තිබ්බ නිසා මම ආයේ ලියන්නේ නෑ...


මේ තමා 56 බණ්ඩාරනායක ශ්‍රීමතානෝ හෙවත් මහ බයියා... කවි කොල කාරයෝ පාර්ලිමේන්තුවට ගෙනත් ආරම්බ කරපු නිර්ප්‍රභූ දේසපාලනයේ ක්ලයිමැක්ස් එක... අවසානයේ දැන් වෙලා තියෙන්නේ ප්‍රාදේශීය මැරයෝ පාර්ලිමේන්තුවට එනේක...


මැරයෝ හා පාතාලය ලාංකීය දේශපාලනය ආරම්බයේ සිටම.. ඒ කියන්නේ සුද්දගෙ කාළේ ඉඳන් බද්ද වෙලා තිබුන එකක්.. ඒත් දේශපාලුවන්ට කඩේ නොයා උනුත් ජනතා චන්දයෙන්ම පාර්ලිමේන්තු ගෙනාවේ මහින්ද රාජපක්ෂ... ඒකට හේතුව කවුරුත් දන්න ප්‍රසිද්ධ රහසක්...


හැබයි දැන් මේ ක්‍රමය නැති කරන්න එනවය කියන සිස්ටම් චේන්ජ් කරන්න යන අය ක්ලාසි මිනිස්සුද? වැදගත් මිනිස්සුද? ප්‍රභූ පන්තියේද?

කිසි සේත්ම නෑ නේ.. උන් ඇවිල්ලා ග්‍රාමිය ගෝත්‍රික ළිං මැඩි පිරිසක්... කොටින්ම පීඩිත ඇරියස්කාරයෝ සෙට් එකක්...


අනික් විශේෂිතම දේ උන් ජනතාවාදී දේශපාලකයින් නොවීම... ඒ පක්ෂ පවා අධිකාරීවාදී පක්ෂ.. උන්ට ජනතාව එක්ක ගණුදෙණුවක් නෑ... උන්ට තියෙන්නේ බලය පිළිබඳ ගණුදෙණුවක්.. හදිසියේ හෝ බලය ලැබුනොත්... ජනතාවට අධිකාරිවාදී පාලනයක සොඳුරු සුවය දැකගන්න... විඳගන්න.. ලැබේවී.


දැන් මේ පිරිසට සනත් නිශාන්තගෙ බිරිඳ දේශපාලනයට එන එක ප්‍රශ්ණයක් වෙලා...

ඇත්තටම උන් බයවෙලා... 

උන්... ජීවත් වෙච්චි සනත් නිශාන්තට වඩා... ස්වභාවධර්මයෙන් දඬුවම් දුන්න සනත් නිශාන්තට බයයි...


එයාගේ නෝනගෙ පැටිකිරිය හා පවුල් පසුබිම මාතලන් දන්නේ නෑ... හැබයි එයා වෘත්තීයවේදිනියක්... නීතිඥවරියක්... එතකොට අපි කොහොමද ඒකට විරුද්ධ වෙන්නේ... වැන්දඹු කාන්තවන් අගමැතිනියන්... ජනාධිපතිවරියන්... ඇමතිනියන් වෙච්චි රටක... එයාට එන්න බැරි ඇයි?


අනික මේක ප්‍රශ්ණ කරන දේශපාලනය නොදන්න උන්ටයි වහලුන්ටයි නොතේරෙන දෙයක් මේ වෙලාවේ...විශේෂයෙන් කිව යුතුයි...


ඒක උන්ට තෙරෙන්නේ නෑ...

ඒක වෙනම කල්ට් එකක්...


ඔය මිනිස්සු දේශපාලනය කරන්නේ උඹලා අපි වගේ බුකියේයි... හෝල් වලයි... ප්‍රෙස් බ්‍රීෆින්වලයි... යූ ටියුබ් වලයි... ගෝල්ෆේස් ගමෙයි බයිලා ගහලා නෙමේ... 


උන් ඉන්නේ මහ පොලොවේ... බිමේ... බිම් මට්ටමේ.... සාමාන්‍ය ජනතාව එක්ක...


ඉන්නේ... කන්නෙ... බොන්නේ ඒ මිනිස්සු එක්ක..


මරණෙට... මඟුලට... කොටහලු ගෙදරට අනිවාර්යයෙන් යනවා... 


බොහෝ විට නමෙන් දන්නවා... නමෙන් නැත්නම්.. නෑකම් වලින්... ආමන්ත්‍රණය කරන්නේ... 


ඉතින් මේ දේශපාලුවෝ ... උන්ගෙම කෙනෙක් වෙනවා...

මේ පවුලම උන් අඳුනනවා....


සනත් නිශාන්ත මැරෙන්නෙත් වෙඩින් දෙකකට ගිහින් එන ගමන්...

ජෙයරාජ් මැරෙන්නේ අවුරුදු උත්සවේකට ගිහින්...


ඔය වමේ හැත්තගෙ ඉතිහාසයේ ඉඳන් එහෙම පැවැත්මක් නෑ... සහෝදරයා සඕදරී කීවට... උන්ගේ තිබුනේ එජාපයේ වගේම හාමූ දේශපාලනයක්... අධිකාරිවාදී දේශපාලනයක්... හොඳම උදාහරණය වාසූ හා මහින්ද... 


පුලුවන්නම් ඔය දේශපාලුවෙක්ගේ ජීවිතේ ස්ටඩී කරපන්... 

ඒක ඇත්තටම මාර එකක්...

ඇත්තටම ඒක පට්ට කට්ටක්....


අනික මේ එකෙක්වත් පාරම්පරික දේශපාලන ප්‍රාවේනී උරුමක්කාරයෝ නෙමෙයි... ජනතාව අතරින් මතුවුන නියම ජනතා නියෝජිතයො...


සිස්ටම් චේන්ජ් කරන උන්ට පුලුවන්නම් කරන්න තියෙන්නේ... මේ මිනිස්සු නිවන් යවනෙකවත්... දේපල ගිනි තියනෙකවත් නෙමේ...


පුලුවන්නම් චන්දෙන් පාර්ලිමේන්තු එන එක නවත්තපල්ලා..


ඒ වගත් මෙසේය....


.

Sep 22, 2022

සනත් නිශාන්ත බුක් ෆෙයාර් යාම

 



සනත් නිශාන්ත බුක් ෆෙයාර් යාම

➖➖➖➖➖▪️▪️➖➖➖➖➖➖


සනත් නිශාන්ත පොත් ප්‍රදර්ශණයට යාම මාතලන් යකා ට අනුව නම් සංඛේතීය වැදගත් කමක් සහිත එකක්.


ඒක රනිල් වික්‍රමසිංහ බුක් ෆෙයාර් එකට ගියාට වඩා වටිනාකමක් සහිත එකක්. මොකෝ රනිල් කියන්නේ කොහොමත් පොත් ගුල්ලෙක්. එයා ඔතනට හැමදාම ගියා. මෙවර විශේෂත්වයකට තියෙන්නේ රටේ නායකයා විදියට එතනට යාම. 


දැන් රනිල් විතරක් නෙමේ සජිතුත් අනුගමනය කරන්නේ මහින්ද රාජපක්ෂ ෆිලෝසොෆිය. ඒක වෙනම කතා කරන්න ඕන විශයයක්. මහින්ද රාජපක්ෂ කියන්නේ සංස්කෘතියක් කිව්වේ අපි නෙමෙයි. අනුර කුමාර දිසානායක සහෝදරයා. මහින්ද තමයි ලංකාවේ මුල්ම සෙලබෙරටි පොලිටික්කා. ඒ කැරිස්මා එක වෙන එකෙක්ටවත් නැති වුනාට. හැමෝම දැන් ඒ රෝල් එක කරන්න ෆුල් ට්‍රයි.


අමුතු සත්තු ජාතියක්‍ය, ටොයියොය, ප්‍රබුද්ධ අයය කියලා හිතන, රෝන්ග් ජෙනරේෂන් එක හා ඔවුන් වන්දනා කරන සිවිල් පොරවල් සනත් නිශාන්තලා හඳුන්වන්නේ නූගත් පාදඩ මැරයෝ ලෙස. 


උන් සනත් නිශාන්තට කින්ඩිය දාන්නේ පණු කරඳ දේවානිගේ ඔක්සිජන් ප්‍රශ්ණය අල්ලගෙන. නමුත් මේ බුද්ධිමතුන් දන්නේ නෑ කාන්තාරයෙත් ඔක්සිජන් තියෙනවා කියලා. එයාලගෙ දැණුම ඒ තරම්.


සනත් නිශාන්ත නූගත් පාදඩ මැරයෙක් නම්, අරගලයේ ඉදිරිපෙල උන්නෙත්, අන්තරේ හා ජවිපෙත් ඉන්නේ ඒ ජාතියේ උන්මයි. මම නම් සනත් නිශාන්තගෙ හැසිරීමයි, ජගත් මණුවර්ණගෙ හැසිරීමයි අතර කිසිම වෙනසක් දකින්නේ නෑ. 


උන් අදටත් බේරේට මිනිස්සු දාපුවා, නිවාස වහන දේපල ගිනි තියපුවා නෙමෙයි, ඝාතනත් සමරන්නේ උත්කර්ෂයෙන. ඒ ගැන කිසිම කම්පාවක්, පසුතැවීමක්, උන්ට ඇත්තේ නෑ.


අනික් අතින් ඔය පොත් කියවන පොත් ප්‍රදර්ශනයට ඇවිත් ප්‍රදර්ශන භාන්ඩ වෙන පොත් ප්‍රාකාශකයො, ලේඛකයෝ, කියලා අනික් අයට වඩා උසස් කියලා පෙන්නන්නපොත් එක්ක සෙල්ෆි ගහලා දාන පිරිස්, රනිල් වික්‍රමසිංහගේ පුස්තකාලේ ගිනි තියපු වෙලාවේ ලියපු කියපු දේ හොඳින් නිරීක්ෂණය කල කෙනෙක් විදියට, දැන් රනිල් එක්ක හැසිරෙන, ලියන කියන හැටි දැක්කාම මගේ පුප නොනවත්වා හිනා වෙනවා.


ඒක අර පාස්ටර් වන්දනාවයි, ඥානක්කා වන්දනාවයි අතර ලැදියාව වගේමයි. මාර ලොල් සහගතයි.


ඉදින් මෙයාලා පොත් කියෙව්වා කියලවත්, පොත් ප්‍රකාෂයට පත් කලා කියලාවත්, පොත් ලිව්වා කියලවත්, පොත් ලියන අය එක්ක සෙල්ෆි දැම්මා කියලාවත්, පොත් වල පොටෝ දැම්මා කියලාවත්, එයාලා සමාජයේ වෙනස් පිරිසක්කත්, උසස් පිරිසක්කත් නෙමෙයි.


ඉදින් තමන්ගේ පිරිස් අතර සනත් නිශාන්තත් ඉන්නවා දකින්න ලැබුනාම, මට නම් ලැබුනේ හොඳ පොතක් කියවලා ලබන රසයටත් වඩා රසයක්.


මුන් ඔක්කොම හොඳ පොත් කාරයෝ මල්ලී.

.