හිච්චි එකා සංදියේ, සම හරක් උන්, මී හරකා, ගොනා, බූරූවා, වසවර්ති මාරයා, අරකා මේකා කිව්වාට, අපේ අම්මාට මාව "සත්තරන් පුතා" උනේය. අපේ අම්මාට වගේම හැම අම්මාටමත් එහෙමය. ඒ වගෙම හැම පුතා දුවාටත්, එයාලාගේ අම්මා "සත්තරන් අම්මා"ය. ඔය අතරේ, පිත්තල තඹ පුත්තු දූරූ වගේම, අම්මලාත් නොමැත්තේද නොවේ.