හොරෙක්, මංකොල්ලකරුවෙක්, මංපහරන්නෙක්,දේශප්‍රේමියෙක්.... මෙන්ම විශ්වයේ ජීවියෙක්....
.
May 28, 2023
එන ආයෝජනේටත් කෙලින්න දඟලන, රට වනසන මඩකරි අපතයෝ
Sep 27, 2022
රනිල්ට අත්වන්නේද ඝෝඨාට අත්වූ ඉරණමය.
Aug 6, 2022
රනිලුත් මාෆියාවේ ගොඳුරක් වේද? කංචනගේ ඇමති කමට කෙලියිද?
රනිලුත් මාෆියාවේ ගොඳුරක් වේද?
කංචනගේ ඇමති කමට කෙලියිද?
▪️➖▪️➖▪️➖▪️➖▪️➖▪️➖
ලකේ පංකාව යනු ෆෑන් එකක් නොවේය. එය ලෝකයේ තියෙනා මාරම රටක්‍ය, ලෝකෙන් උතුම් රට කියා ජාතික ගියෙනුත් ප්‍රකාෂ කළ, කව්ද පඩත්තල කොල්ලෙක් ලියූ පරිදි, දැන් ධාන්‍යත් නැති, ධනයත් නැති, මලුත් නැති, පළතුරුත් නැති, සව් භාගෙත් නැති, ජය භූමියක් නොව, කුල්ල කුජීත චප්ප චපිරි අයිලන්ඩ් එකකි.
එය බංකොලොත් රාජ්‍යයක් බවට ඔස්ට්‍රේලියාවේ ඉඳන් ආපූ ප්‍රොෆෙෂනල් පොරක් ඔෆීසියලි ප්‍රකාෂ කලේ..., කාලයක් තිස්සේ ගෙන ගිය ජාත්‍යන්තර කුමණ්ත්‍රණයක අවසාන ප්‍රතිඵලය ලෙසය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට (IMF) යන්නම ඕනා යැයි කිව්ව උන් දැන් ඉන්නේ..., ශුක්‍රාණු කෑ රිලව් වගේය, ගලේ පැහැරූ පූචෝ වගේය. ඇටිකෙහෙල් කෑ උගුඩුවෝ වගේය. ඒ ගැන පරීක්ෂණයක් වෙනම කළ යුතුය.
කොහොමත් මේ රටේ හරියට වැඩක් කරන එකාට තැනක් ඇත්තේ නැතිය. කැපිල්ල එන්නේ වටකරලාය, දේශපාලනයේ නොව, රැකියාවේ නොව, අරගලයේත් වන්නේ එයමය. වූයේත් එයමය.
අරගලය ආරම්බ කළ උන් පැත්තකට විසි වී..., රැට්ටලා, දමිතලා, වීරයන් වන්නේ එසේය. වැඩේ පටන් ගත්ත උන් අරගල භූමියේ මාජ්ජ සාකච්ඡාවකටවත් නැතිය. අවසානයේ එය එකම විකාරයක් විය. ඝෝඨාත් ආයේ ලංකාවට එනවාය, බැසිල් ලඟ අගමැති තුමාත් කොරය. ගෝඨාභය රාජපක්ෂ වෙනුවට දැන් ඉන්නේ රනිල් රාජපක්ෂ කියා කියන්නේ අප නොව අරගල කල කොලු කුරුට්ටෝමය. එහෙනම් ඒකෙන් ලැබූ ලබ්බකුත් ඇත්තේම නැතිය.
සිස්ටම් චේන්ජ් කියා කරේ, පූල් එකේ සබන් ගා නාන එකය, ජාතික වස්තු හා පුද්ගලික දේපල ගිනි තබා විනාශ කරනා එකය. දැන් ඒවා නැවත පිලිසකර කිරීමට වැය වෙන්නේත්..., රැකියාවක් නැති පිනට කන ගෝල්පේස් විරුවන්ගේ සල්ලි නොව, හරි හම්බ කර බදු ගෙවනා ඩොලර් එවනා උන්ගේ සල්ලිය.
ඝෝඨාගේ ආන්ඩුවේ වැඩක් කරපු උන් අතරින් කැපී පෙනන එකෙක් වූ ප්‍රසන්න රණවීර අද හොයාගන්නවත් නැත්තේ, ඌ පට්ට වැඩ්ඩෙක් වූ නිසාය. පොර මැටි කර්මාන්තයේ විප්ලවයක් කලේය. ඒකෙන් පිම්බුනේ වෙන කොහේවත් හිටපු මැට්ටෝය. ඌ අර මෙලෝ රහක් නැති සීතා අරඹේපොල ලඟට දමා නැත්තටම නැති කරලා දැම්මේය.
බතික් වැඩේ දීපූ එකා මෙලෝ දෙයක් නොකර පඩ ෂෝ දමමින්, සිරාටත් කෙල, පක්ෂයේ නායකයා වෙන්නට ගේම් ගහද්දී, ප්‍රසන්න රණවීරලා උන්නද මලාද කියා සොයා ගැනීමට බැරි වෙන්නේ ඒ නිසාය.
දේශපාලනය, පරිපාලනය තියා, මෙලෝ අලබෝලයක් නොදැන උන් ඝෝඨාභයත් කංචනට කෙලින්න ගියේ, හූනියන් කාරයන්ගේ ලණුව ගිලලාය. පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ සංශෝධන පනත හකුලා ගන්නා ලෙස යෙදෙව්වේ, ලෝක පූජිත කම්බ හොරෙක් වෙන මහින්දානන්ද අළුත්ගමගේය. අළුත්ගමගේ පස්සෙන් උන්නේ විදුලි මාෆියාවය.
එහෙත් ඒ සියළු තර්ජන ගර්ජන හමුවේ කංචන කිව්වේ..., මගේ දේශපාලන ගමනට කෙල වුනත්, සංශෝධනය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා කියලාය. ඊට ශක්තිය දුන්නේ රනිල්, අලී ශබ්‍රි ඇතුලු ආන්ඩුවෙ කිහිප දෙනෙක්‍ය.
එවන් කොන්දක් කලින් ඇමති කම් කල කරූලාට, පාඨලිට, මහින්දානන්දලාට, පවිත්‍රලාට තබා අද ජනාධිපති වෙන්නට ගොස් පුප බිම ඇනගෙන චොර වෙලා ගිය ඩලස් කොට්ටෝරුවාටත් තිබ්බේ නැතිය. "ඩලස් ගා කරන්ට් එක ගියා..." කියා, අදත් ජන වහරේ තියෙන්නේ..., ඩලස්ලා කයිවාරු බයිලා කාරයෝ නිසාමය. පාඨලීලාගේ පැනමා පේපරස් දැන් හැමෝටම අමතකය. ගල් අඟුරු නොරොච්චෝලෙට එද්දි, ඩොලර් ගියේ පැනමා පේපර්ස් වලටය.
රනිල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාෂය කෙරේ මුලු ලෝකයේම අවධානය් එන්නේ, ඔහු ඉදිරිපත් කල මේ රට කිසිසේත් දියුණු කළ නොහැකි අන්ත දූෂීත අකාර්‍යක්ෂම හොර ගුහාවන් වූ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගතකිරීම අනිවාර්යයෙන්ම කළ යුතු බව සඳහන් කළ නිසාවෙන්මය.
එය බහුතර ජනතාවගේ අමන්දානන්දයට හේතූ වූයේ. රට දියුණු කිරීමට නොහැකි ලොකුම කොඩිවිනය රාජ්‍ය සේවය බව ඔවුන් හඳුනාගෙන සිටිනා නිසාය.
රාජ්‍ය සේවයේ පින් පඩි කන, කෑ, පින් බතාලාට මේකෙන් දරුණු ලෙස ඌයියා වූවද, වයිමා තියා ලෝක බැංකුවේ මහ එකා ආවත්, ඒ වැඩේ නොකර, මේ රට ගොඩ දානවා බොරුය.
තත්වය එසේ තිබියදී QR කෝඩ් ක්‍රමය හඳුන්වා දී ඉන්ධන හොරා කෑ ත්‍රීවීල් මාෆියාවද කුඩු කර දැමූ කංචනට ගේමක් දීමට කම්බා හොරුන් සියල්ලෝම සෙට් වෙලාය.
QR කෝඩ් එකට කින්ඩිය දමනා, අධි පරිභෝජනවාදය ගැන බණ දෙසනා, බක පන්ඩිතයන්ට මීට දින කිහිපයකට පෙර පැට්‍රල් ලීටරයක්කත් නැතිව පෝලිම් වල දින ගනන් කෑ කට්ට, දැන් අමතක වෙලාය.
කංචන විදුලි මාෆියාවට පමණක් නොව, හොර ඉන්ධන මාෆියාවට හා පාරිභෝගිකයා ගසා කෑ, පොම්පකරුවන්ගේ හා ත්‍රීවීල් කාරයන්ගේ මාෆියාවටත් කුඩු වෙන්නම ගැහුවේය.
ඔහු දැන්, අන්ත දූෂිත හොර ගුහාවන්ගෙන් මුල් පෙලේ ආයනයක් වන විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යූහගතකිරීම ආරම්බ කර අවසානය.
ඒ අනුව මසක් ඇතුලත අදාල සියළුම ආයතනවල තාක්ෂණ සහායද සමඟ ප්‍රතිව්‍යූහගතකිරීමේ යෝජනා ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලද කමිටුවක්ද පත්කොටද අවසානය.
ඉදින් රනිල් කළ යුත්තේ, ඝෝඨා මෙන් එක එකාගේ ගුලි කා, එක්ස්පරිමන්ට් කිරීමට, හිසරදයට කොට්ට මාරු කරනවා මෙන්, ඇමතිකම් වලට වැඩ බැරි හාල්පාරුවන් පත් කරනවා වෙනුවට,
කංචන වැනි නිර්භීත වැඩ්ඩන්, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගතකිරීමේ ඇමති ලෙස උසස්වීමක් ලබා දී, රාජාසන කතාවේ දුන් ප්‍රධානම පොරොන්දුව ඉටු කරනා එකය.
එසේ නැත්නම් රනිල්ටත් වෙන්නේ එයා ෆෝස් ඇරොප්ලේන් එකක නැඟලා ඇෆගනිස්තාන් හෝ බලුකිස්තාන් බලා ඉඟිලී යන්නටය.
ඒ වගත් මෙසේය......
©® Priyantha Hewage Maathalan
.
Jun 10, 2022
ත්‍රස්තවාදී විදුලි මාෆියාවේ හා ඩෙන්ඩර් මාෆියාවේ රෙදි ගැලවූ යුගයේ වීරයා.
2019 බලයට ආ ජනාධිපතිවරයා මෙන්ම ඉන්පසු ආන්ඩුව පිහිටවූ පොහොට්ටු පක්ෂයට උදා වූයේ ලෝකයම මුහුණ දෙන වසංගත හා ආර්ථික ව්‍යසනයන්ට මුහුණ දෙන්නටය.
ඊටාමතරව පී බී ජයසුන්දර නම් ආර්ථික ඝාතකයා කළ විනාශයන්ද සුළු පටු නොවේ. බදු අඩුකිරීම, කාබනික පිස්සුව, තරමක නිදහසක් තිබූ ආනයන අපනයන විවෘත ආර්ථිකයට බාධා පැමණවීම මෙන්ම විශේෂයෙන් ඩොලරය බලෙන් අල්ලාගෙන රනිල්ගේ ISB හිතවතුන් පිනවීමට කටයුතු කිරීම ඒ අතරින් ප්‍රධානවේ.
මෙතෙක් ජයග්‍රහණයකට තිබුනේ අපේ උන් මක්කා කීවත්, කොරෝනා වැක්සීන්කරණයෙන් ජාත්‍යන්තරය තුල ලත් ප්‍රසාදය පමණමය. ඉන් පසු මේ ආන්ඩුව යම් ජයග්‍රහණයක් ලද්දේ නම්, ඒ ඊයේ කංචන විජේසේකර ලබාගත් ජය පමණමය. එය තනිකර ඔහුගේම ජයග්‍රහණයක් මිස වෙන කිසිවකුගේ ජයග්‍රහණයක් නොවේ.
කරුමය කියන්නේ, බලයට ආ දවසේ සිට ඩිමොක්‍රසියා රෝගය වැළඳි, සියල්ල රිවස් කරනා ජනාධිපතිවරයා මෙයත් රිවර්ස් කරයිද යන්නය. එහෙත් පාර්ලිමේන්තුවේ වැඩි චන්දයෙන් සංශෝධනය කරන ලද පනතක්නැ, නැවතත් සංශෝධනය කරයි නම්, එය යලිත් සිඳුවිය යුත්තේද පාර්ලිමේන්තුවෙන්ම වීම පමණක් මෙහිදී වාසියකට ඇති එකම කරුණය.
විදුලි බල මණ්ඩලයේ ඩීසල් මාෆියාවේ ඉංජිනේරුවන් හා යුනියන් මාෆියාව මේ වෙනුවෙන් කොතරම් මුදලක් වියදම් කර ඇත්තේද යන්න ඊයේ කංචනගේ වගෙන් ඔරෝ කතා වලින් මොනවට පැහැදිලි විය. ඩීසල් මාෆියාවේ පාර්ලිමේන්තු සාමාජිකයින්, විපක්ෂය මෙන්ම ආන්ඩු පක්ෂයේද සිටිනා බවත්, ඊටාමතරව ටෙන්ඩර් මාෆියා කාරයෝද පාර්ලිමේන්තුව ඇතුලේම ඉන්නා බවත්, උන් ඇමතිවරයා අදානිගේ මිනිහෙක් බවට චෝදනා කරනා බවත්, මෙය තමන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද්දක් නොවන බවත්, එහෙත් මේ අවස්ථාවේ රට මුහුණ දී ඇති දරුණු ආර්ථික අර්බුධය හමුවේ ඇමතිකම නැති වූවත් මෙය අනිවාර්‍යයෙන්ම සම්මත කර ගන්නා බවත් කීවේ සියල්ලන්ම හොල්මන් කරමින්‍ය.
ආන්ඩු පක්ෂයේ ඉන්නා කම්බ හොරෙක් වන මහින්දානන්ද අළුත්ගමගේ වැනි උන් ආන්ඩුවේ සිටිනවාට මුළු ආන්ඩුවම ලැජ්ජා විය යුතුය. පෙරේදා රංජන් ජයලාල් හා එමිල් යන ත්‍රස්තවාදීන් දෙදෙනා පාර්ලිමේන්තුවට රැගෙන විත් ඔහේගේ ඇමතිකමට හෙට කෙලවනවා කියා තර්ජනය කරන්නේ මේ අපතයාය. මොහු කළක් විදුලි ඇමති වී සිටී බවත් එදා පමණක් නොව අදත් උන්ගෙන් කන බවත් මොනවට හෙලිවිය.
හැබයි උන් සියල්ලටම කන පැලෙන්න සංග්‍රහ කර යැවීමට කංචනගේ සහායට වුන් හරීන්ටද රටේ ජනතාවගේ ගෞරවය අනිවාර්‍යයෙන් හිමි විය යුතුමය. එමෙන්ම විවාදයේදී විපක්ෂයේ මූසලයන්ගේ රෙදි ගැලවූ අලී ෂබ්‍රී, ලන්සා හා මනූෂටද අප ස්තූතීවන්ත විය යුතුය.
ඇමතිකම් කරනා කාළයේ නිවාස අධිකාරියේ මහල් නිවාස ටෙන්ඩර් දී හොරා කෑ විමල් වීරවංශ ඩෙන්ඩර් පටිපාටිය ගැන ඇසූ බබා හුකුං ප්‍රශ්ණ දැක්කාම මගේ පස්චාත්භාගයට ආ සිනහව වලකා ගත්තේ බොහෝ අමාරුවෙනි. ගොබ්බ බයියන් ඕවාට ඇන්දුනාට සතා කව්දැයි දන්නා අපි වගේ උන්ට එයා නැගිටින කොටම සිනහ පහළ වන්නේ ඉබේමය.
මෙහිදි විපක්ෂ නායකවරයාගේ හැසිරීමද ඉතාමත් පිලිකුල් සහගතය. ඔහු විපක්ෂ ආන්ඩුවට පමණක් නොව රටටද විපක්ෂ, රටේ අවාසනාවට පහළ වූ මූසල නායකයෙක්මය. උන් මෙහිදි ගෙන ආ තර්කය වූයේ ටෙන්ඩර් පටිපාටිය උල්ලංගනය කර අදානිට පිරිනැමීම නිවැරදි තීරණයක් නොවන බවත්, එය අඩුම මිළට ටෙන්ඩර් කරනා අයට පිරිනැමිය යුතු බවත්‍ය.
මෙතෙක් ආන්ඩුවේ ටෙන්ඩර් මාෆියාව ගැන නොදන්නා උන්ද ආන්ඩුවේ ටෙන්ඩර් මාෆියාවේ කෙරුවාවන් දැන ගත්තේ ඊයේය. සුමිත්‍රබල අධිකාරියෙන් අනුමත කරනා ව්‍යාපෘති වලට, විදුලි මණ්ඩලයෙන් ගේම දෙන්නේ කෙසේද යන්න ඊයේ ඒවාට මුහුණ දුන් ආයෝජකයින් බුකියේ අපූරුවට ලියා තිබින. ඒ තබා ගෘහස්ත සූර්‍ය බල ශක්තිය ලබා ගන්නට විදුලි මාෆියාවේ උන් පාරිභෝගිකයාට කෙතරම් පරිපුවක් දෙනවාද යන්නද පාර්ලිමේන්තුවේ මෙන්ම බුකියේද අපූරුවට සටහන් විය.
මුන්ට අවශ්‍ය වන්නේ පද්දතියට නව ධාරිතාවක් එක් කිරීම නොව, විදුලි බිල වැඩිකරමින්, විදුලිය කපා පාරිභෝගිකයා බෙල්ලෙන්ම හිර කොට උන්ගේ ඩීසල් බලාගාරවලින් හම්බ කර ගැනීමය. නැවත වරක් 25% කින් පඩිය වැඩිකර ගැනීමය. ඇත්තටම ඩීසල් විදුලි බලාගාර වලින් පද්දතියට එකතු කරන එකකයට වඩා ඉන්දීය රජය ඉදිරිපත් කර ඇති අදානීගේ ටෙන්ඩරයේ ඩොලර් ශත 7 ට ගත්තත් වැය වන්නේ ඩීසල් ඒකකයකට ගෙවන මුදලින් 1/5 කි. මෙය අවාසියක් වන්නේ කෙසේද කියා මට නම් වැටහෙන්නේ නැතිය.
අනෙක් කරුණ නම් පුච කහන්නවත් සතේ අතේ නැතිව ක්ෂේශ්ත්‍රය ගැන සඛ්‍යතාවයක් නැති උන් ලබා ගන්නා ටෙන්ඩර් ඉන් පසුව වැඩි ලන්සුවලට ලබා දෙන බවත්, ව්‍යාපෘතිය ආරම්බ කරනා මොහොතේ මිළ නැවත වෙනස් කරන බවත් අපූරුවට ඔප්පු විය. මේ ක්‍රමය වැඩියෙන්ම ක්‍රියාත්මක වන්නේ වරාය හා වෙළද අමාත්‍යශයේය. අනෙක් මාෆියාව ක්‍රියාත්මක වන්නේ අමාත්‍යාංශ තුල සිඳුවන වෙන්දේසී තුලය.
සියල්ලෝම හිතන්නේ මේ රට විනාශ කළේ දේශපාලුවෝ කියලාය. උන් හොරුන් නම් උන් වසර පහකින් එලවා දැමිය හැකි වුවත්, මේ රට විනාශ කල අධිකරණය, ජඩමාධ්‍ය හා රාජ්‍ය නිළධාරී මාෆියාව ගෙදර යන්නේ විශ්‍රාම වැටුපක්ද සහිතවය.
මේ මොහොතේ සිඳුවිය යුත්තේ මුන් සියල්ලන්ගේම නම් සියල්ල හෙලි කිරීමය. එමෙන්ම මෙවන් මූසලයින් අඩුම තරමේ දීමනාවන් සියල්ල කපා දමා පඩි සහිතව පූල් එකට හෝ දැමීමය.
කම්කරු නීතී අකුරට ක්‍රියාත්මක කරමින්, යූනියන් කාරයන්ට හා නිළධාරින්ට බියේ මේ රට දියුණු කිරීමට සිතන්නේ නම්, මෙය විකාරයක්ම පමණි. මුන් හා සාකච්ඡා හා රැස්වීම් පැවැත්වීමද එකම ජෝක් එකක් වී ඇති බව දැන් මුළු රටටම පෙනිලා හමාරය. බලයට පැමිණ රට විනාශ කලා මිස, මුන් හා එක්ව මේ රටට කලේ මොකක්ද කියා අපි කෙලින්ම ජනාධිපතිවරයාගෙන් අසනවාය.
අද වෙන තෙක් මුන්ට කිසිම වැඩපිලිවලක් ලබා දී ටයිම් ටාගට් එකක් දීලා නැතිය. සැමදාම කතා කරන්නේ එකම බයිලාවය. දැන් හෝ මේ විකාර නවතා දමා ආයෝජකයෝ ගෙන්වා ගැනීමට මුල් තැනදී, ඒ වෙනුවෙන් ක්‍රියා කිරීමට කටයුතු කරන්නේ නම් ඉතා අගනේය.
මන්ද විදෙස් ආයෝජකයින්ගෙන් තොරව මේ රට ගොඩ ගන්නට හැකියයි යමෙකු සිතන්නේ නම්, ඒ උන් සිටිය යුත්තේ රට කරවන තැන්වල නොව පිස්සන් කොටුවකය.
ඒ වගත් මෙසේය.....
Apr 28, 2022
බොරු කාරයන්ට වැඩ බැරිය. වැඩ කාරයන්ට බොරු බැරිය.
බොරු කාරයන්ට වැඩ බැරිය
වැඩ කාරයන්ට බොරු බැරිය
.
රට ආර්ථික වශයෙන් බින්දුවටම ඇද දැමුවේ ගොම්මන්පිල නම් නොම්මර එකේ අපතයා ඇමතිකමේ සිට කෙලී පිස්සු නිසාය.
ඉන්ධන හිඟයක් මවා පෝලිම් ඇතිකර රටේ ඉන්ධන අර්බුධයක් හා විදුලි අර්බුධයක් එකවර ඇති කලේ හූනියන් කාරයෝ හා එක් වූ මේ ගල් මූසලයාය. මිනිස්සු බියකර පෝලිම් නිර්මාණය කලේ ඔහුය.
එහි වැරැද්ද උන්ගේ නොව ඝෝඨාගේමය.ඒ මේ වගේ වැඩ බැරි ටාසන්ලාට කැබිනට් ඇමතිකම් දීපු එකය.
හැබයි ඌ ගැලවිජ්ජාවට කිව්වේ අර්බුධයට හේතුව ඩොලර් නැති කමෙයි කියලාය. පුලුවන් නම් එන එකාට කරලා පෙන්නන්නෙයි කියලාය.
එයාට සුදු හුණු ගාන්න අමාත්‍යශයේ ලේකමිත් ඉදිරිපත් වුනේය.
අරූ කිව්වා වාගේම ඊළඟට ආ ගොබ්බයා ඇදගෙනම නෑවේය. ඒ මෙලෝ රහක් නැති සීනියෝ රොටි පුච්චන්න ගිහිල්ලාය. ඌත් මෙලෝ රහක් නැති කටින් බතල හිටවපු එකෙක්‍ය. කියන තරමක් කිව්වේ අමු කෙප්පය. අර්බුධය උග්‍ර වී උගේ නොව ඔක්කෝගෙම ඇමතිකම් වලටත් කෙලෙව්වේය.
රනිල්ද කිව්වේ නැව් 5 ක්කත් එක දිගට එන්නේ නැතිව තෙල් පෝලීම් නැවැත්තිලි බොරුය කියලාය.
දැණුත් ඩොලර් ප්‍රශ්ණය එසේමය.
විදෙස් සංචිත ප්‍රශ්ණටත් එසේමය..
තියෙන්නේ ඒ බවුසර් ප්‍රමාණයමය..
සේවක පිරිසත් ඔවුන්මය...
සිස්ටම් චේන්ජ් වූයේත් නැතිය..
නැව් වැඩියෙන් ආවේත් නැතිය...
වෙනස් වූයේ ඇමතියා ඉතරය....
එහෙත් දැන් තෙල් පෝලිම් ඇත්තේ නැතිය,
කෑන් බැරල් පෝලිම් ඇත්තේ නැතිය..
වරු ගනන් විදුලිය කැපෙන්නේ නැතිය..
එසේ නම් මේ පෙන්වන්නේ කුමක්ද?
අරුන් නොම්මර එකේ 1/4 කන්නින් බවත්, වැඩ බැරි ටාසන්ලා බවත් නොවේද?
මේ රටේ වැරැද්ද ඇත්තේ සිස්ටම්වල නොව කකළමණාකරනයේ බව මා නිතරම කියනා දෙයකි.
ඒ බව රණසිංහ ප්‍රේමදාසද ඔප්පු කර පෙන්වූයේ ඔහුගේ ඇඟළුම් කර්මාන්ත රට පුරා ඉඳිකිරිමේ විප්ලවයෙනි. අදටත් මාස ගනනක් ගතවන අනුමැති ඔහු ලබා දුන්නේ සති දෙකකිනි.
කංචන විජේසේකර කියන්නෙත් එහෙම බුලට් බඩුවක්මය.
ඉතිරි අර්බුධයන්ද නිම කිරීමට ඔහුට සියල්ලන්ගේ ආශීර්වාදය ලැබිය යුතුමය....




.jpeg)