.

.

Jan 31, 2013

ජාති(ය)ක වීරයෝ....!!! - Kind of National Heroes


පෙබරවාරි 4, අපේ ජාතික දිනයයි. එදිනට අප ජාතික වීරයන් සමරමු. එහෙත් ඇත්තටම අප ඒ සමරන්නේ වීරයන්ද යන්න දැනෙන්නේ, ඉන්දියාවේ ජාතික වීරයන්ගේ චරිත කතා මෙන්ම, පොත පත, චිත්‍රපට බැලූ විටයි. ඒනයින් බලනා කල, වීර පුරන් අප්පුගෙන් පසු, ගරු කල හැකි හා සැමරිය හැකී ජාතික වීරයෙක් නිදහස දක්වා නැති බව මගේ හැඟීමයි. මන්ද අපේ නිදහස, අපට දුන් නිදහසක් මිස අප ලද නිදහසක් නොවනා හෙයිනි. මිනිසුන් අතර නෝකුත් ආකාරයේ වීරයන් බිහි වූවද, ජාතික දින සමරනුයේ, රට වෙනුවෙන් තම ජීවීතය පරදුවට තබා සටන් කල විරුවන් හා දිවි පූජා කල විරුවන් පමණි.

Jan 29, 2013

පොලිස් විස්ස විජ්ජාලේ - Police Campus


ළෝකේ හොඳම පොලිසීය තියෙන්නේ ලංකාවේය, ආචාරශීලී බව අතිනුත් නොම්බර එකය. කොච්චර හොඳද කියනවා නම්, පොලීසියට උපහාර පිණිස ඉරාජ් සින්දුවකුත් කියා තිබෙන්නේය. මිනිසුන්ට ආමාන්ත්‍රණය කිරීම අතින් අපේ පොලිසීයට ගහන්න එක පොලීසියක්වත් නැත. සැකකරුවන්ට සැලකීම හා ඔවුනගේ මානුෂික අයිතින් සුරැකීම අතින්ද නොම්මර එකය. ඒ ආගන්තුක සත්කාර, පැය 24 ක් කරලා එයාලාගේ හිතට මදි නිසා. උත්තරීතර පාර්ලිමේන්තුවට කියලා, මේ ළඟදි පැය 48 ක්ම ඉල්ලා ගත්තේය. දැන් ඉතින් හිතේ හැටියට සලකන්න වෙලා තියෙනවාය. එයාලා සැක කරුවෝ පුදුම විදියට විශ්වාස කොරනවාය. ඉතින් ගේම දීපු එකා මාංචු (පත්තරක් නොවේ.)නොදා, ජීප් එකේ අවි ආයුධ තියෙන තැන් හොයන්න එක්ක යනවාය. එහෙම ගියාම, පොඩි පොඩි අත් වැරදීම් උනාම (සැකකරුන් පාර්ශවයෙන්), පත්තර කාරයෝ කැත කතා කියනවාය. ඒවා නම් හරිම අසාධාරණය. 

ක්‍රෝටන්, බිගෝනියා සහ ඇමතිවරු - Croton, Begonia & Ministers


ආන්ඩුවෙන් දිවි නගන්න, ඇට අටක් දෙනවාය. ඒ වවාගෙන කන්නය. වැඩි පුර තියෙනවානම් විකුණාගන්නය. ඒත් ඒ ඇට වැවිල්ල කෙසේ වෙතත්, කස්ටිය වවන්නේ පාම් ගස්ය. පාම් කිව්වාට ඒවා වල, තල්, පොල්, තියා පුවක්වත් නැත. අඩු ගානේ, මේ මලදාන වෙනුවට පුවක් ගහක් වවා ගත්තානම් මල පනින වෙලාවට හක්කේ දමා හපන්න තිබුනාය. අපේ උන් කරන්නේ, ඔහොම හරක් වැඩ තමා කියා අපේ සීයා ඉස්සරත් කියනවාය. සීයා කුඹුරු කෙටුවේය. කොරටුවක් කලේය. අපි ගමේ ගියාම කෑවේ බිව්වේ ඒවාය. පළතුරුත් හැම ජාතියම වගේ තිබුනේය. අවුරුදු 94ක් වෙලා මැරෙන දවස වෙනකන් මේවා කලේ තනිවමය. කුඹුර කරන්න විතරක් 5-6 දෙනෙක් එකතු උනේය.

Jan 27, 2013

එපි සෙන්ටර් නැති භූමීකම්පා - Earth-quick without an Epi Center



ගං වතුරයි, වැව් උතුරයි,
ගොවිතැන් බත් ටික ඉවරයි...
නායත් යයි, ගිලා බසියි,
ඉන්න හිටින තැන ඉවරයි...
ඒත් ඉතින් කුමක් කරම්...?
කරයි සොබා දම් සරදම්...!!!

Jan 23, 2013

සෙක්ස් තෙරපිස්ට් (18+) - Sex Therapist (18+)


අපේ රටේ සම හරක් දන්නෙ නැති උනාට, ලිංගික ගැටළු ගැන කතා කරන්න, රෝගයක් නම් බෙහෙත් කරන්න වගේම, උපදෙස් ගන්න, "සෙක්ස් තෙරපිස්ට්" නමින් රැකියාවක් තියෙනවා, ඒ අය ඔය අපේ රටේ මදි නොකියන්න ඉන්න, අස්වාභාවික ලිංගික විෂමතා ඇති අයටත් බෙහෙත් දෙනවා. ඉතින් එහෙම අය මෙහෙම කෙනෙක් හොයාගෙන ගිහින් උපදෙසක්, ප්‍රතිකාරයක්, බෙහෙතක් ගත්තට අවුලක් නෑ. කරුමෙ තියෙන්නේ මේ අය, අපේ රට වගේ ගෝත්‍රික රටවල, ඒ නමින් පෙනි සිටින්නේ නෑ. මොකෝ "සෙක්ස්" කියන වචනේ දැක්කත්, "ක්ෂනික මෝචනය" හැදෙන, "ඇඟ උනුකරවා" යන ශ්‍රේෂ්ඨ ජාතියක් නේ.

Jan 21, 2013

"සෙක්ස්",ෂරියා හා හලාල් (13+) - Sex, Sharia and Halal



සෙක්ස් ගැන හොයලා "රැකෝඩ්" එකක් තියපු එක ගැන, හෝ ගාලා කතා යන කාලයක් නේ මේ. ඇත්තටම මේ ගැන ලැජ්ජා වෙනවද, එහෙම නැත්නම් ආඩම්බර වෙනවද කියලා සමහර අයට ළොකු ප්‍රශ්ණයක් වෙලා.  ඒවා ගැන ඉතින් එච්චර කලබල වෙන්න ඕන නෑ. මොකෝ මේ එක දෙයක්වත් අපි හදපු දේවල් නෙමෙයිනේ. ඉතින් මේ ඔක්කෝම අපිට "මැජික්". ජපනා හදලා, ජපනා අවුරුදු දෙකක් විතර පැදලා එන වාහනේ නෙමෙයි. එයාර් බෑග් 25ක් විතර හයි කරලා එවන, බෙන්ස්, බී ඇම්, වෝල්වෝ උනත් කතරගම දෙයියන්ට පෙන්නන්නේ නැතුව පාරට නොදාන, ගෝත්‍රික මානසිකත්වයක් තියෙන උගත්තු, ධනවත්තු ඉන්න රටක ඕවා සමාන්‍ය දේවල්. සම හරක් ඔෆීස් වල කොම්පියුටරේටත් බ්ලෙස් කොරනවා. දුම් අල්ලනවා. ඒ සමහර වෙලාවට අර "සෙක්ස්" කියලා ගැහැව්වම එන අයටද කියන්න නම් හරියට දන්නෙ නෑ.

Jan 20, 2013

ඇට නැති ලෝ....!!! - Attorney at Law....!!!



අනේ සෑර් අපි ආ.............වේ........
කරන්නෙ මක්කැයි ඉස්සරහට....
කියලා දැනගෙන යන්නයි......
වලියටනම් නෙමෙයි සෑ...........ර්.
(කරන්නෙ කොහෙමෙයි මක්කත්
ඉස්සරහට මුකුත් නැතුව.)

Jan 17, 2013

නෝනාගෙන් මැසේජ් එකක් (බැඳපු උන්ට පමණයි) - Message from wife (Adults Only)


ගෙදර ජෝඩුවම වැඩට යන දරුවොත් පාසල් සහ ටියුෂන් යන මෙහෙකරුවෝ නොමැති ගෙවල්වල පනිවිඩ එල්ලල යන්නේ කුස්සියේ තියෙන අයිස් පෙට්ටියේ (සමහර අය නම් සාලේ තමයි තියලා තියෙන්නේ.. අයිස් පෙට්ටියක් තියෙනවා කියලා පෙන්වන්න.) හරි කොහේ හරි තමයි. මේ මැසේජ් වල එක එක ඒවා තියෙනවා. ගොඩක්ම තියෙන්නෙ ඉල්ලිම් සහ යුතුකම් මතක් කර දීම්. ස්තූතී කිරිම් සහ අනතුරු ඇඟවීමුත් නැතුවම නෙමෙයි..

Jan 15, 2013

දෝශාභියෝගයේ ඇත්ත කතාව.. - The true story behind the Impeachment


දෝශාභියෝගය ගැන පක්ෂව මෙන්ම, විපක්ෂවද, විවිධ අදහස් පලවන මෙවන් අවදියක, "අදීන මාද්දියවේදියකු" (සමහර අය නම් කියන්නේ අදින මාද්දියවේදියෙක් කියාය.) වශයෙන්, මෙහි සත්‍ය කතාව ලිවීම මාගේ යුතුකමක් වන හෙයින්, මෙසේ ලියා පලකරන්නේය. මේ පිලිබඳ ගැඹුරින් සොයා බලන්නට සිත් වූයේ, සිරි ලංකා නිදහස් පක්ෂයේ ප්‍රභලයින් පිරිසක්, අරලිය ගහ මන්දිරයේ, ජනාධිපති තුමා හමුවුන බව, එක් සිකුරාදාවක, දිල්කා සමන්මලී, තවත් බෝල් හෙඩඩ් කොල්ලෙක් එක්ක කියනවා ඇසුන නිසාය.

ස්වාධීන අධිකරණයක්....!!! - Independent Judiciary...!!!



Jan 12, 2013

රට වෙනුවෙන් පොලු ගත් ලක් පුතුන්... - Goons of Mother Lanka




නිකං, කන්න දෙනවනම්
නිකං, බොන්න දෙනවනම්
මොනවද, තිලංගලට වෙන්නට ඕනේ......
නිකං කන්න දෙනවනම්
නිකං බොන්න දෙනවනම්
මොනවද, රත්තරන්ට වෙන්නට ඕනේ.....

Jan 10, 2013

තුනෙන් දෙක (2/3) (18+) - Two Third (18+)



රිසානාට දුන්නා වූ තීන්දුව..
කිසි ලෙසකින්, සාධාරන නැතෙයි කියා....
ආඬි හත්දෙනාගේ නඩු තීන්දුවෙන්,
එල්ලන්නයි සැරසෙන්නේ ශිරාණිව....!!!

Jan 9, 2013

රිසානා දුව මරා දමයි - RIZANA NAFEEK EXECUTED


මේ පනිවිඩය ලද විගසම මගේ හද කම්පාවූවා. රාජ් මා අමතන විටත් මා සිටියේ නියම තත්වයේ නොවේ, අනෙක් කරුන මා සිටියේ සමාගමේ රැස්වීමකයි. රාජ්ද කම්පාවි සිටී බව මට හොඳටම තේරුනා. මුදල පමණක් පසු පස හඹා යන කෘර මිනිස් ජාවාරම්කරුවනට ගොදුරු වූ අහිංසක දුවේ. ඔබේ ආගමේ ඔබට ලබා ගත හැකි ඉහලම තැන ඔබට හිමි වේවා....!!!

Jan 7, 2013

රිසනාගේ පවුලට සැලකීම හරාම්ද....? - Is it Haram to help Rizana's Family...?


මුළු ළෝකයේම කතා බහට ලක්වූ ලංකියා කාන්තාවක් වේ නම් ඒ "රිසානා නෆීක්ය". අපේ රටේ නායකයන් පමණක් නොව, ළොව සියළුම නායකයන් මෙන්ම රජවරුන්ද, රැජිනයන්ද, කුමාරවරුද, කුමාරියන්ද, ඇයට අභය දානය ලබා දෙන ලෙස සෞදීයේ රජතුමාගෙන් මෙන්ම, රිසානා සේවය කල පවුලේ උදවියගෙන්ද කරන ලද ආයාචනා සහ ඉල්ලීම් හේතුවෙන්, ඇයට නිදහස ලැබෙන බව පවසන්නේ අදක ඊයෙක සිට නොවේ. බාලගිරි දෝශය මෙන් එයද කල් යයි. කෙසේ වෙතත් සැනසීමට කාරණය නම් ඇයට මේ වන තෙක් මරණ දඳුවම ලබා නොදීමයි.

Jan 6, 2013

බුදුන් කැළණියට වැඩියේ වැරදීමකින්ද.....? Is it a mistake or what...?



පිවිස ඇත ඒ යුගය...!!!
ආශ්චර්යයක් බඳුවූ.
යුගයද මේ දියසෙන්.....?
නැතහොත් රාවණා....?
කිසිවකු රහසින් කියයි......
කලියුගේ බොල කලියුගේ.......

Jan 3, 2013

කුණු කරෝල, කුණු අල, කුණු සීනී - Sri Lanka Smells Bad


උන්නොත් දාහයි.... මලොත් දෙදාහයි.....
බැන්දොත් නම් පන්දාහයි නෝනේ...
දුප්පත් අපි රජවරු සුදු මා.....මේ.....
දුප්පත් අපි රජවරු සුදු මා....මේ.....

ඔය උඩ තියෙන සින්දු කෑල්ල, නිකන් ජොලියට වගේ කිව්වාට අවුලක් නැතිය. ඒ ගැන පොඩි ආතල් එකක් තියෙන්නේය. ඕවා ගැන මම කලින්ම කිව්වාම, එකෙක්වත් පිලිගත්තේ නැතිය. (මෙතනින් බලන්න.) දැන් ඉතින් බඳින්නනම්, සුපියල් 5000 ක්ම ගෙවන්න වෙනවාය. දුප්පත් එකෙකුට බඳින්න වෙන්නේ සමෘධි බැකුංවෙන ණයක් අරගෙනය. නැත්නම් කරේ දාන්න ඉන්න මාලේ උකස් කඩේ පරෙස්සමට තියලාය. ආදහණයත් ගනන් ගිහිල්ලාය ඒ නිසා බුදු සමයේ වගේ, කැලේට විසි කරාම අහවරය, මට හිතන්නේ හලාල් කේස් එක නැගලාම යන නිසා. ඒවා ප්‍රවර්ධනය සඳහා ආන්ඩුව ගත්ත පියවරක් වෙන්ට ඇතිය.

Jan 2, 2013

දිග මදි (13+) - Not Long Enough (13+)


මුරපදය කිව්වම කිසිම එකෙක් දැනගන්න විදියක් නැත්තේය. හැම මළදානෙටම අපේ ඒවා හදාගත්තාම අපිත් වැද්දෝ වගේ වෙනවාය. එහෙම නැත්නම් ටියුබ් ලයිට් වෙනවාය. ටියුබ් ලයිට් කිව්වොත් ඕන එකෙක් දන්නවාය. ඒත් සොමි කැළුම් බටෙයි කිව්වොත් දන්නේ අහුබුදුනුවන් ළඟ උගෙන ගත් එකෙක්ම පමණය. එතුමානෝ අපට හෙළුවෙන් වැනුවෝය. අප වැරදි කල මුත් ඒවා ඉවසා සිටියෝය. එහෙත් සම හරක්ට නම් හෙළුවෙන්ම වැනුවේ නැතිනම් පනින්නේ මලේ හොඳම එකෙන්ය.