.

.

Feb 22, 2020

ළොකු ළූණූ වල පාලන මිළ හා ආන්ඩුවේ ගැසට් නිවේදන...




මේ ආන්ඩුවද කෙලිමින් සිටින්නේ පිස්සුමය...

අයියයි මල්ලියි ආන්ඩු කලද.... අයියා කොරන දේ මල්ලි දන්නේ නැතිය... මල්ලි කොරන දේ අයියා දන්නේ නැතිය....

මහින්ද අයියයි, බැසිල් අයියයි සයින්දමරුදුවල උන්ට නඟර සභාවක් දෙනවා කියා පොරොන්දු උනේය...

දෙන්නා එක්ක ගැසට් එකකින්ම පොරොන්දුව ඉටු කලේය..

මල්ලි..... කැබිනට් එකේ ආපූ විරෝධය හමුවේ ගැසට් එකකින්ම එය අහෝසි කලේය...

මෙම තීරණය රටේ පැවැත්මට බලපෑවේ කෙසේද කියා බලන්න වෙන්නේ.... අනාගතයේය..

ඒ අස්සේ ආන්ඩුව අද කියන්නේ.... ළොකු ළූණූ කිලෝ එකක උපරිම සිල්ලර මිළ රුපියල් 190 යි කියා..., අද රෑට ගැසට් එකක් ගහනවාය කියලාය...

ඔය ගැසට් ගැහුවාට හංදියේ කඩේ මුදලාලී ඕවා පයිසෙකට මායිම් කරන්නේ නැතිය.. ඕකා සඳුදා උදේට බී ළූණූ විකුණන්නේ රුපියල් 360 ටමය...

උගේ එක්ස්කියුස් එක වන්නේ.... ඌ ඒවා ගෙනාවේ වැඩි මිළටය... ඌට පාඩු විදින්න බැරිය කියනා එකය....

උගේ පැත්තෙන් බොරු උනත් කතාව සාධාරණය.... ආන්ඩුව නිසා ඌ පරිප්පු කන්න ඕන නැතිය...

ඝෝඨා පැමිණි ගමන් සද් චේතනාවෙන් බදු අඩු කලත්...., එයින්  ජනතාවට කිසිඳු සහනයක් ලැබුනේ නැතිය... විශේෂයෙන් භාන්ඩ හා සේවා මත පනවා ඇති වැට් බද්ධ විශාල ප්‍රතිශතයකින් පහත හෙලුවද... කිසිම දෙයක මිළ අඩු උනේ නැතිය...

ඒ වෙනුවට උනේ.... යෝගට් එකේ හා පැනඩෝල් පෙත්තේ මිළද වැඩි උන එක පමණමය...

වැඩේ වෙලා තියෙන්නේ... මේවා ක්‍රියාත්මක කිරීමට සිටිනා ආයතනවල ඉන්නා හාල්පාරුවන් මෙලෝ රහක් නැති උන් වීමය...

අනෙක, පස්වන හරස් වීදීයේ තොග වෙළඳමේ ආධිපත්‍යය දරන්නේ දෙමළ ප්‍රජාවය... මොවුන්ට දේශපාලන නායකත්වය දෙන්නේ මනෝ ගනේෂන් හා සුමන්තිරන්ය....

අද ඔවුන් ඉන්නේ කා සමගදැයි යන්න රහසක් නොවේ... ස්විස් ඇම්බසියේ සිට හාල් මිළ හරහා බඩු මිළ වැඩිකිරීමේ මාෆියාව එන්නේ විපක්ෂයේ ආශිර්වාදයෙන්ය යන්න ඕන ගොනෙකුට තේරෙනවාය....

මේ සියල්ලෝම හදන්නේ.... එලබෙන අවුරුදු සමයේ බඩු මිළට තවත් කෙලින්නටය... ඒ සඳහා උන් දැන් සිටම මිළ වැඩිකරමින් සිටිනාතර....

ජනතාව ණය වෙලා හෝ අවුරුදු කන බව දන්නා බැංකු කරුවෝ.... රන් බඩු උකස් ගන්නට ආකර්ශණීය පොලී අනුපාත හා තෑගිද පිරිනමමින් පෝස්ටර් හා ඇඩ් ප්‍රදර්ශණය කරමින් සිටී....

මාතලන් සිතන්නේ ණයක් ගන්න කොට තෑගිත් පිරිනමන ලෝකයේ ඇති එකම රට මේ අමුතු ඇටේ වෙන්න ඕනා කියාය....

මිනිසුන් අළුත් ආන්ඩුවක් පත්කර ගත්තේ මෙහෙම පරිප්පු කන්නට නම් නොවේ....

හාල්පාරුවන් එලවා නිර්භීත නායකත්වයක් පත්කර ගත්තේ මෙවන් මාෆියන්වලට පාඩමක් ඉගැන්වීමට මිස තවත් උන්ගේ රැස්පෙක්ට් බැලීමට නම් නොවේ....

අද...  කෝමද.... ළූණූ කෑවද.... දැන් ෂැපද.... කියා අහපු මහින්ද මහත්තයා.... අපිට කියන්නේ.... ළූණූ වලට අරක්ගත් මාෆියාවක් තියෙනවා කියලාය...

ඉතින් ලොක්කෝ අපි ඔහේලාට බලේ දුන්නේ.... උන්ට හැමිනවන්න මිසක්.... අවුරුද පහක් රට කෑ පරළ සකයෝ රෙද්ද අස්සේ දාගෙන අඳෝනා අහන්නට නම් නෙමෙයිය....

මේ සියල්ල පාලනය කරගත නොහැකි නම් අවුරුදු කටේ එන මැතිවරණයෙන් තුනෙන් දෙක ලබා ගැනීම නම් සිහිණයක් බව ලියා තබමින්....

මේ පල් හෑල්ල මෙතනින් නවතනවාය....

ඒ වගත් මෙසේය...

Feb 16, 2020

තහනම් ගිවිසුම් ශවේන්ද්‍ර හ MCC



අපරාදේ කියන්නේ අකුදි මෑතකදි පොරගේ කටේ අයිඩෙන්ටි කාඩ් එකක් දාන්න තරමේ මසුරන් කතාවක් කියුවේය....

එනම්..... රනිල් කියන්නේ... ඇමරිකන් කාරයා එක පාරක් උඩ පනින්න කිව්වොත්... රනිල් තුන් පාරක් උඩ පනින පොරක් උනත්.... ඇමරිකාවට ඝෝඨා එන එකේ අවුලක් නොවුනේ..., රනිල්ට කිසිවක්ම බැරි නිසාත්.... රාජපක්ෂලාට ඕන දෙයක් පුලුවන් නිසාත්... කියනා එකය....

කතාව ඇත්තය... රනිල්ලා සයින්දමරුදුවලට වෙනම නඟර සභාවක් දෙනවා කිව්වේ 2015 දීය... එහෙත් අවුරුදු පහක් දෙන්න බැරි උන දේ රාජපක්ෂලා මාස 3 ක් යන්නටත් කලියෙන් ලබා දුන්නේය...

රනිල් ඕක දුන්නා නම්... අපේ මහා සංඟරත්නය හා ඩෑම් ෆූල් ප්‍රියසාද්ලා රට කනපිට ගහනවාය...

ඒත් අද උන් එකෙක්කත් බේතකටවත් හොයා ගන්නට නැත්තේය.... දුමින්ද මුදා ගැනිමේ හිරු මෙහෙයුමෙන් හත් පොලේ ගාගත්තාට පස්සෙ...., සෙට්ටෙක අන්තරස්දහන් වෙලාය..

ඔය අව් අස්සේ ශවේන්ද්‍ර ලොක්කාට ඇමරිකාවට යන්න වීසා දෙන්නේ නැති කේස් එක එන්නේය......

ඕන් ඒ එක්කම අර බේතකටවත් හොයා ගන්නට බැරිව උන් එකා දෙන්නා දැන් වොයිස් කට් හරහා ආයෙත් අපේ ආලින්දයට විත් ඩොනල්ඩ් ට්‍රම්පට්ගෙන් ගේම ඉල්ලන්නේය... දැන් ට්‍රම්පට් කාරයා ඇත්තේ රෙද්දේ රෙවිලාය...

දිනේස් ලොක්ක තානාපති නෝනාට ඔපීස්සෙකටම එන්නෙයි කියා හොදටම දොස් කියා ඇතයි නිව්ස් කියනා නෝනා මහත්තුරු ඔක්කෝම වාගේ කීවේය...

හැබයි ඉතින් ඇත්තටම එතන උනේ මොකක්ද කියන්න දන්නේ...., එතන උන්න උන් මිස සම්ප්‍රප්පලාප කෙලිනා උන් නොවේය....

මාතලන් නම් කියන්නේ මේ එන්නේ මිලේනියම් කෝපරේසින් චැලේන්ජ්ජෙකේ නව නිශ්පාදනයේ පලවෙනි එපිසෝඩ්ඩෙකෙයි කියාය.....

ඇමරිකාව හා හොදහිත වර්ධනය කර ගැනීම සඳහා දැනට සලකා බලමින් හා අධ්‍යයයනය කරමින් සිටිනා ගිවිසුම මහ චන්දයට පෙර අත්සන් කරනු ඇත යන්න මාතලන්ගේ විශ්වාසයය...

මන්ද රනිල්ලා රට හදනවා කියා කරපු ප්‍රොජෙක්ට් ඔක්කෝටම ගෙවන්නට වෙලා තියෙන්නේත් ඝෝඨාටය.....

ආන්ඩුව දැඩි මූල්‍ය අර්බුදයක ඉන්නාතර...., ගිවිසුම්ගත වීම තුල මෙරටට විදෙස් ආයෝජන ගලා ඒම ඉක්මන් වනු ඇත්තේය...

විදෙස් පුවත් බලනා විට දැනගන්නට ලැබුනේ.... කොරෝනා හේතුවෙන් චීනයේ ඇති ඇමරිකන් ආයෝජන ඉන්දියාවට ඒමේ ප්‍රවනතාවයක් ඇති බවය....

එම නිසා මේ මොහොතේ කළ යුතු වන්නේ ඇමරිකාව හා කොකු දමා ගැනීම නොව, එවන් ආයෝජන විශේෂ වරප්‍රසාද පිරිනමමින් හැකි තරම් මෙරටට ගෙන්වා ගැනීමය..

මේ ඒ සඳහා අප වෙත ලැබුන ආශීර්වාදයක් බව මාතලන්ගේ අදහසය....

ඒ වගත් මෙසේය....