.

.
Showing posts with label Television. Show all posts
Showing posts with label Television. Show all posts

Aug 11, 2016

විජය නන්දසිරි හා කළාකරුවකුගේ යුතුකම - The Responsibility of the Artist & Vijaya Nandasiri



විජය නන්දසිරියන් ගැන මාතලන් කිසිවක් දඩි බිඩියේ ලියන්නට උන්නේ නැත. එයට හේතු කීපයක්ම තිබිනි. කලබලයේ ලියනා ළිපියක බොහෝ වැදගත් දෑ ගිලිහි යා හැකි නිසාත්, එමෙන්ම ඔහු පිළිබඳ අප නොදන්න දෑ, වෙනත් අයගේ ළිපි තුලින් අහුලා ගත හැකි නිසාත්ය. එමෙන්ම තවත් ප්‍රධාන හේතුවක් වූයේ, ඔහු පිළිබඳ අන්සතු දිනපොත ලියනා, අමිල චතුරංගගේ මගුලක් කතාකරනවා, විජය නන්දසිරි යන ළිපියයි. ඒම ළිපියේ මා ලිවීමට සිටි කරුණු සියල්ලම වාගේ ඇතුලත්ව තිබූ නිසාත්, තවත් බොහෝ බ්ලොග් කරුවන් ඔහු ගැන සටහන් තැබූ නිසාත්, විජය ගැන ළිවීම පසුවට තැබුවෙමි.

Apr 21, 2016

නිහාල්සිංහයන්ගේ හා දම් පැහැ වර්ෂාවේ නිමාව - Tribute to Nihalsinghe & Prince


 
සියල්ල අනිත්‍යයයි සිද්ධාර්ථ ගෞතම මුනි දේශණා කළ සේක. පැමිනියේ නම් පිටත්ව යා යුතුය. සදා කල් රැඳි සිටිමට නොහැකිය. පිටව යෑමෙන් පසුවත් නැවත ඒමට දඟලන්නෝද සිටිති. අපේ උන්, උන්ට කියන්නේ මළ පෙරේතයෝ කියලාය. මිය ගිය මල පෙරේතයන් මෙන්ම, ජීවත්වන මළ පෙරේතයන්ද ඒ අතර වේ. සම හරක්ට මෙයින් පිටත්ව යාමට හිතක් නැති අතර, සමහරු ස්ව කැමැත්තෙන්ම නික්ම යයි. ඒ ඇති වූ විටය. එපා වූ විටය. කළකිරුන විටය. එහෙත් සම හරක්ට කොතෙක් තිබුනත් එපා වන්නේ නැතිය.

Jan 10, 2015

අයියෝ සිරිසේන..! - Sirisena Having a Bath..!

පින්තූරය, බුකියේ එකසිය ගනනට සැරි සරයි...
 
මේ, රට තවමත් ගෝත්‍රික රටක් බැවින් මෙහි භාෂා විලාශයට කමත්වා.. යහ පාළණයක් ලැබූ දින, අපද යහපත් භාෂාවකින් අපේ ළිපි ඉදිරිපත් කරමු..

අපි අපේ ජීවිතය පරදුවට තබා, යහපාළණයක් සඳහා, මෛත්‍රී පාළණයක් සඳහා, මහ පොළොවේ පය ගසනා මිනිසකු පත් කරගත්තෙමු. යහ පාළණයක් බලාපොරොත්තු උනෙමු. නමුත් සිඳුවන්නට යන්නේ කුමක්ද..?

Aug 9, 2013

ටෙලි නාට්ටි කාරයෝ ඇවිත් - Teledrama Artists met President




යාපනෙන් ආපු ඉස්කෝල ළමයි ටිකක් එක්ක, ජනාධිපති තුමා අරලියගහ මන්දිරේ පිටි පස්සෙ පිට්ටනියේ, බට්ටෝ පනිමින් සිටියේය. උන්නැහේ ළඟ ඉන්න එකෙකුට කිව්වේ, "මුන් ඕයි අපේ ගමෙන් එන උන් වගේ නෙමෙයි, හරිම අහිංසකයි., අපේ උන් ආවම මළ ඇනේ.... ග්‍රවුන්ඩ් ඉල්ලයි, සුවිමින් පූල් ඉල්ලයි, මුකුත් නැත්නම් ඉන්ගිරිසි චීචර් කෙනෙක් හරි ඉල්ලනවා" කියාය.

Jun 2, 2013

ඩයනගෙ මඟුල, සිංහල සිනමාව හා අපේ ටැලිවිසොන් එක... - History of Television



නෙළුම් විලේ බැහලා ඉන්න බින්දි මේ මෑතකදි එයාලගේ ගෙදරට නමෝ විත්තියෙන් රූප පෙට්ටියක් ගෙනාපු විසතරේ ලියල තියෙනවා දැක්කම මටත් හිතේ ආසවක් ආවා අපේ ටැවිසොන් පෙට්ටිය ගැනත් මක්ක හරි ලියන්නම ඕනේමයි කියලා. ඒවා අපේ ජීවිතේ සංදිස්තාන, ටැලිවොසොන් එක ඉතරක් නෙව්යි, වොෂින් මැසින්, ස්ටීමර් අයන්, ග්‍රයින්ඩර්, අවන් අරක මේක ගැජ මැටික් ඔක්කෝම අපිට ඒ කාළේ මැජික්ම තමයි. 

May 27, 2013

රට ගිනි තියන ජඩ මාද්දිය වේදියෝ. - Vulgar Journilism


'ජිනීවා මනව හිමිකම් සමුළුව" රැස්වන සෑම අවස්ථාවකම, අපේ රටේ බුද්ධිමත් ජනතාවගේ සාකඡ්චාවට භාජනය වන්නේ සමුළුවේ සිඳුවන්නේ කුමක්ද යන්න නොව, "චැනල් ෆෝ" නාලිකාවේ අලුත්ම චිත්‍රපටය කුමක්ද යන්නයි. "කිලින්ග් ෆීල්ඩ්" නමින් නිශ්පාදනය වන, පැය ගනන් දිවෙන චිත්‍රපටවල රූප රාමු ඔවුන් ලබා ගන්නේ කොටින්ගෙන් නොව, අපේ මාධ්‍යවේදීන්ගෙන්ම බව ප්‍රසිද්ධ කාරණයකි. සම්මානවලින් පවා පිදුම් ලද එවැනි පිරිස් මාධ්‍යවේදින් නොව පැපරාසීන්ය.

Aug 11, 2012

ඔලිම්"පුක්" බැලුවෙමි - 2012 Olympuk


උදේ පටන් මහ රෑ වෙනකන් ඉඳ                          ලා
මහ රෑ පටන් එලිවෙන ජාමෙත් රැඳි                       ලා
පොඩි උන් එක්ක එක්වී කටවල් ඇර                    ලා
ඔලිම් පුක් බැලුවේ පවුලම එකතුවෙ                     ලා

Jan 23, 2012

නෙළුම් පොකුණ, පළිඟු මැණිකේ, ලයනල් වෙන්ඩ්ට් සහ වන්දිබට්ටයෝ...



මැරුණු එකා මළා
කුමාරස්වාමි.. ඌ මොකෙක්ද...?
දෙමළෙක්නේ
පොත් ලිව්වලු කලාව ගැන..
පොත් කන්නද...?
ඒ වගේද ලොක්ක හදපු
බ්‍රෑන්ඩ්ම නිව්
ආලකමන්දාව

Nov 26, 2011

සිරස - පිස්සු - කෙලී - m(ad) entertainment


කාළයක් සිරසේ පුංචි පහේ මං කියලා සෝ එකක් පෙන්නුවේය. වැඩේ නැගලාම ගියේය. ඉස්සෙල්ලම පස්ස විපස්ස පොලිටීසියොන්ලා ගෙන්නුවේය. පහේ පන්තියේ ඒවාට වත් උත්තර දීගන්න බැරු,ව කස්ටිය නෑවේය. පස්සේ, ලොක්කා, නාන්න ඕන නම් අරලිය ගහ මන්දිරේට ඇවිත් නාගෙන යන්නයි කීවෙය. ඊට පස්සේ ඒ කස්ටිය එන එක නැවතුනාය. ඒ උනාට ලොකු ලොක්කෝ ඇවිත් නාගෙන ගියේය. දැන් ඒ සෝ එක නැතිය. ඒ උනාට සිරසේ කට්ටිය නානවාය. නිකන් නෙවෙය. එකසිය ගානටය.

Nov 4, 2011

රේඩියෝවේ "කිරුළ" - Kirula Radio


56 යේ දරුවෝ කියලා කට්ටියක් ඉන්නවාය. එයින් 56 ම ඉපදිච්ච එකෙක් මිලේනියම් පැංචෙක් අතින් මේ ලඟදි වල්පොල හන්දියෙන් අවසන් ගමනේ යියේය. මිලේනියම් පැංචා රට ගියේය. මේ පරපුරට බැනලා වැඩක් නැතිය. මේවා බිහිකෙරු එකාගේ වලට අදත් හෙන ගහනවාය. මාතලන්ට පෙන්නන්නම බැරිය. බයියෝ පාර්ලිමෙන්තු ගෙනාවේ මුන්දෑය. උන්ගෙන්ම කෑවේය. කොරේ පිටට මරේය පප්පා මදාවියොත් ගෙනාවෙය. අද එහි උච්චම අවස්ථාවට පැමිණ ඇත්තේය.

Oct 5, 2011

අනාගත මුල් පිටු - Future News


පොලිස් අත් අඩංගුවට පත්වෙන මිනීමරුවෝ, මංකොල්ළකාරයෝ, රේප් කේස් කාරයෝ කියන කොයි එකාටත් හිංගලෙන් කියන්නේ සැකකාරයා. උන් ඔය අපරාද කොරපු තැන් ආයුධ හංගපු තැන් හොයන්න යන කොට පොලීසියත් එක්ක ගැටෙන්න ගිහිල්ලා. සමහර විට කකුල් පැටලැවිලා අරවා මේවා වෙලා මැරෙණවා. ඒ එයාලා ගෙනාපූ ආයුෂ ප්‍රමාණය ඉවර නිසා මිසක් වෙන හේතුවක් නෙමෙයි.

Aug 23, 2011

පැන පැන හපනා බල්ලො මරාපිය - Who let the Dogs Out



කොලුවෙක් මරලා වෙළඳ කලාපේ
ළොකු, පොලොස්ට එරෙහිව නගපු විලාපේ
පොඩි, කොස්සෙක් මරලා අනෙ මගෙ අප්පේ
මොකෑ කොරන්නේ පොලිසියෙ චොප්පේ

Jul 31, 2011

සිහින තරුව - ආඩම්බරයක් - We can be Proud of Dream Star


දෙරණ ඩ්‍රීම් ස්ටාර් තුන කේශාන්ට ජය අත් කර දෙමින් නිමාවට පත්වීය. අවසාන තිදෙනාම ටැලන්ට් වූවද, කඩවසම් බවින් හා හුරුබුහුටි බවින් පිරි කේශාන්ට වැඩි වාසියක් ඇති බව කළක් සිටම පෙනෙන්නට විය. මෙවර මෙම තරඟයේ විශේෂත්වය වූයේ බයිලා වටයක් පැවැත්වීමයි. එහිදි කේශාන් ගායනා කල නිහාල් නෙල්සන්ගේ ගුණෙ අයියගේ කාමරේ ගීතයෙන් ඔහු බොහෝ සේ ඉදිරියට ගියේය. ඒ බව අවසාන තරඟයේදී කීර්තී පැස්කුවල් ඉල්ලීමක් කරමින් එම ගීතය ගායනා කරවීමෙන් වඩාත් තහවුරු විය. (සමාවන්න.. එය අනුගමනය කරමින් සිරසද බයිලා වටයක් ඉදිරිපත් කලද එය අහසට පොළොව මෙන් විය.)

Jul 21, 2011

නව පරපුර ටැලන්ට් නැද්ද...? - Talented New Generation


මොන බොරුද මල්ටි ටැලන්ටඩ්. ඉතාම දක්ෂයි. නමුත් අපේ වගේ රටවල් වල පරණ සෙට් එක, ඒක පිළිගන්න අකමැතියි. ඔවුන් හොඳටම දන්නව අළුත් පරපුර මාරම දක්ෂයි කියල. (අමරදේව රූකා බදාගන්නෙ ඒ නිසයි..) නමුත් ඒක කියන්න කැමති නෑ කුහකයි. එයාලා කැමති එයාලට දෙවිවරුන්ට වගේ දෙකට නැමිල වඳින අයට විතරයි. ටැලන්ට් එක තියෙන එකා අනිත් ඒවුන්ට වඳින්න ඕන නෑ. අඩුමගානේ දෙවියන්ටවත්.

මම මේ පෝස්ට් එකේ කතා කොරන්න යන්නෙ සංගීත අංශය ගැන විතරයි. එතනදි සංගීත කාරයන්ට වටිනාකමක් හදල දීපූ ෂෙහාන්ට, කොයි සංගීත කාරයත් ණයයි කියලයි මම හිතන්නෙ. මේක ලියන්න හේතු උනේ, මම ඉතා ගරු කරන, අගේ කරන, සන්නස්ගල මහත්තය දෙරණ ඩ්‍රීම් ස්ටාර් එකේ කරපු ප්‍රකාෂණයක් නිසයි. ඒ වැඩසටහනේ විශේෂ දෙයක් සිද්ධ උනා. එනම් රියැලටි වැඩ සටහනක (මේව රියල් රියැලටි නෙවෙයි - දන්නෝ දනිති.) ප්‍රථම වතාවට බයිල ගීත වටයක් තිබුන. එතනදි සන්නස්ගල මහත්තය පළකළ සියළුම අදහස් වලට මම 100% එකඟයි. එකම එක ප්‍රකාෂයකට ඇර. ඒ තමයි එදා වගේ, අද ගීත රස නෑ කියන එක. මම ඒක කීයටවත් පිලිගන්න කැමති නෑ.

Jul 18, 2011

වෙල් ඩන් දිල්කා සහ රංගේ ගේ ජෝක් එක - Well Done Dilka & Range's Joke


කළින් ළියල පළකොරන්න තියෙන පෝස්ට් තුන හතරක්ම තිබුනත්, ඒ සියල්ලටම කළින් මේ පෝස්ට් එක දමන්න ඕනෙයි කියල හිතුන. කාළීන මාතෘකාවන් ගැන සංවාදයන් වල යෙදෙන නිසා බොහෝ වෙලාවට මම දිල්කගේ අංශක තුන් සිය හැට බලනව. (කෙල්ලත් ලස්සනයිනේ.) මොකෝ අපේ පළවන සංවාද වැඩ සටහන වන "ජන හඬ" දැන් මෙළෝ රහක් නැති නිසා. සත පහක වැදගම්මක් නැති කාළකන්නියෝ තමයි දැන් ඒකට ගේන්නේ. ජවිපේ එකාට ඇර අනෙක් ඒවූන්ට කාතා කොර ගන්න වත් බෑ.

Jun 3, 2011

මොහාන් සැලා ගොඩ ගනීද..? - To Rupavahini's New Chairman


මොහාන් සමරනායක කියන්නෙ මගේ ප්‍රියතම නිවේදකයන් කිහීපදෙනාගෙන් කෙනක්. ඒ වගේම ගෞරවාදරයට පාත්‍ර වූ ප්‍රවීන මාධ්‍යවේදියෙක්. ඔහුව අප හඳුනන්නේ විදේශ විත්ති විචාරකයෙක් විදියට. ඉතාමත්ව සමබර විදියට එම ප්‍රවෘත්ති අපට ලබා දෙන්නෙක් විදියට. මොකද අද ඉන්න සමහර විදේශ විත්ති විචාරය කරන අය කරන්නේ, ඒක ලංකාවට ගැලපෙන විදියට හදාගෙන අමු කෙප්ප කෙලින එක. (උදා: ලලිත් ද සිල්වා.) නියම ප්‍රවෘත්තිය බැලුවහම වෙලා තියෙන්නේ වෙන එකක්.

දැන් එතුමට, කාටත් එපාවෙලා තියෙන රූපවාහිනිය බාරදිල තියෙනව. රූපවාහිනීය කියන්නෙ සාඩම්බර ඉතිහාසයක් තියෙන තැනක්. මේකේ කොච්චර වැදගත්, ලස්සන, වටිනා වැඩ සටහන් ප්‍රචාරය උනාද.? කොතරම් ප්‍රතිරූප ගොඩනැගුවද.? නමුත් පසු කාළිනව මොකද උනේ.? අන්තිමේදී ප්‍රවෘත්ති විකාශනයත් අච්චාරු ගොඩක් කරා. දැන් රූපවාහිනිය මගින් ප්‍රතිරූප ගොඩනගනව වෙනුවට, අනෙකුත් ආයතන වල ඉන්න කාලකන්නිගෙන් ඒක පුරවනව. ඇයි මෙහෙම උනේ.? විය යුත්තේ එයද.?

ඉරිදා උදැසන ආයුබොවන් වැඩසටහන කොතරම් වින්දද.? ප්‍රෙමකීර්ති ද අල්විස්, කේ.ඩී.කේ. ධර්මවර්ධන වැනි ප්‍රවීනයො මෙන්ම, හේම නලීන් කෙතරම් අපූරුවට ඒව ඉදිරිපත් කළාද..? සමාජය කොතරම් දැනුවත් කළාද..? සාමන්‍ය ජනතාව පවා උසස් වින්දනයක් ඇති අය බවට පත් කළාද..? අද මොනවද කරන්නේ..? පෞද්ගලික නාලිකාවලින් ගත්ත නිවේදිකාවෝ කැබරේ දානව හිපියෝ වගේ සංගීත කන්ඩායම් එක්ක. මහරැ වැඩිහිටියෝ විතරක් බලපු එළිමහන් සංගීත බයිල උදේ පාන්දර දාල පොඩි එවූන්ගේ මොළ කුනු කරනව.

සිනමාවට අභියෝගයක් වන තරමේ සාර්තක ටෙලි නාට්‍ය බිහිවුනේ මෙතනින්. ඒවල රඟපාපු නළු නිළියෝ සිනමා තරුවලටත් වඩා ජනප්‍රිය වුනා. අද මොනවද පෙන්නන්නෙ..? පෞද්ගලික නාලිකාවල තහනම් කරපු, ඉන්දියාවේ කුණු ගොඩවල් වලටත් අන්ත කෝලම්.

ඉස්සර ප්‍රචාරය වුනු සංගීත වැඩසටහන් කොච්චර විඳින්න පුලුවන්ද. කොතරම් සුන්දර සංගීත වැඩසටහන් විකාශය කලාද.? අද මොනවද කරන්නෙ. පෞද්ගලික නාලිකාවල කරනව වගේම, ගිරව් වගේ කෙල්ලො දාගෙන වැඩසටහන් කන එක නේද.? කඩේ යන කලා කාරයො ටික දාගෙනවත් නැවතත් රසාස්වාදයෙන් උසස් නිර්මාන කරන්න බැරිද.? පෞද්ගලික නාලිකාවලට ආදර්ශයක් විය යුතු රූපවාහිනිය එසේ නොකොට ඒව කොපිකරනව විතරක් නෙමෙයි. අඩුගානේ ඒකවත් හරියට කරන්න බෑ කියල ඔප්පු කරපු වැඩසටහනක් තමයි රණවිරු සුපර් ස්ටාර්. මුකුන්ද හිටියේ ඒ නිවේදක නිවේදිකාවොද. මොන්ටිසෝරි ළමයි ඊට වඩා හොඳයි.

සාර්ථක නිවේදකයෙක් කියන්නේ හරියට හිටිවන කවියෙක් වගේ. චතුර වගේ වචන ගලාගෙන එන පුද්ගලයෙක් වෙන්න ඕන. ඒවගේ අය නිශ්පාදනය කලේ මුතුහර වැඩසටහනෙන්. අද ඒක තියෙනවද දන්නෙ නෑ. නමුත් පෞද්ගලික නාලිකාවල වැඩ කාරයො වෙලා ඉන්නෙ එතනින් ආපු අය.

කෙටියෙන් කියන්නෙ පුලුවන්නම්, රූපවාහිනිය ඔය තත්වෙන් වෙනස් කරල, වැඩක් තියෙන තැනක් කරන්න. රූපවාහිනය කියන්නෙ සල්ලි නැති තැනක් නොවෙයිනේ. ප්‍රවෘත්ති විකාශයෙන් පටන් ගන්න. වැඩි මුදලක් අරන් දැන්වීම් දෙක තුනක් දැම්මම හොඳටම ඇති. හෙඩ් ලයින් කියල ඉවරවෙල, ප්‍රවෘත්ති පටන් ගන්න කලින් නිවේදන දාන්නේ ඒකේ විතරයි මගේ හිතේ. එහෙම කරන්න තරම් අහෙනියක් නෑනේ. ඓශ්චර්යය කරා යන ගමනට රූපවාහිනියේ සතියේ දිනවල උදේ වරුව යොදාගන්න, අපි වවමු වැඩ සටහන, ස්වයං රැකියා (රූපලාවන්‍ය නොවේ)වලට උපකාර කරන, සමාජය දැනුවත් කරන වැඩසටහන් ප්‍රචාරය කරන්න.

නක්ෂශ්ත්‍ර කාරයොයි. කුක්ලයි, පතොරොම් කපන එවූනුයි, මේක් අප් දාන එවුනුයි ගේන එක නවත්තන්න. හැමදාම දොස්තරල ගේන්න මුලු ලංකාවම ලෙඩවෙලා නෑ තාම. මේ වටිනා කාළය, එවැනි කාළකන්නින්ගෙන් පුරවන්නේ නැතුව. වැදගත් වැඩසටහන් ප්‍රචාරය කරන්න.

බොරු උත්සව නැතුව චාම් ලෙස වැඩ බාරගත් ඔබට,රූපවාහිනිය රටටත්, ආන්ඩුවේ වැඩපිලිවෙලටත්, සමාජයටත්, දරුවන්ටත් වැඩක් ඇති සත්‍යවාහිනියක් කිරීමට සියළු ශක්තිය ධෛර්යය ලැබේවායි අවංකව ප්‍රාර්ථනා කරමි.

සුභ අනාගතයක්....!!!

May 29, 2011

රණවිරු සුපර් ඉස්ටාර් - ජනමූල, ලොක්කට අමාරුයි - Ranaviru Supers Star

සුපර් ඉස්ටාර්ලා සැරසෙන කිට් එකකින් සැරසුනු ජනාධිපතිතුමා. නෝනලාට සැරසෙන්නට කාළයක් යන බැවින්, කිතුල් පැනි දැමූ ප්ලෙන්ටියක රස බලමින්, සාලයට පැමින අසුන් ගත්තේය. කාමරය දෙසින් කිසීම හාවක් හූවක් නැති බැවින්ද, විනාඩි 30 පමණ ගතවූ බැවින්ද, ලොක්කා හඬ අවදි කලේය..
"මේ නෝනේ ඔහේ ලෑස්ති වෙලා ඉවරෙයි..? පරක්කු වෙනව.."
"ලෑස්ති වෙන්න කොහේ යන්නද..?"
"හෑ.. මං හිතුවේ ඔහේ ලෑස්ති වෙලත් ඉවරෙයි කියල.."ඇයි අදනේ අර රනවිරු ෂෝ එකේ ෆයිනල් එක, ඔහේ දන්නෙ නැතෙයි...?"
 "ආ ඇත්තද..?..මමනම් එන්නෙ නෑ ඔහේ ගිහින් එන්න.."
"එහෙම හරි නෑනේ නෝනේ මල්ලිගේ වැඩේනේ. අනික ලයිව් දෙනවත් එක්ක.." ජනාධිපති තුමා ටිකක් හුරතේලෙට කීවේය.
"අපෝ ඒකට වැඩිය හොඳයි ස්වර්ණවාගිනියේ ඩාන්සින් ස්ටාර්, මට ඒක බලන්න තියෙනව..ඔහේ ගිහින් එන්න.." ශිරන්ති නෝනා ටිකක් සැරෙන් කීවාය
 "යං... යං ඔන්න ඔහේ ගිහින් එමු... ෆයිනල් එකනේ.. ඔතනින් ඉවරයිනේ... හොඳ ෂෝ එක.." සමහර දිනවල නරඹා, අජූවක් බවත් දැන දැන.. ජනාධිපති තුමා ෂේප් න්‍යාය අනුගමනය කරමින් පට්ට පල් කෙප්පයක් පතබෑවෙය.

"හොඳ ෂෝ එක... ඔහේට හොඳ ඇති.. ඔහේට ඉතිං ඕන කුණු ගොඩක් හොඳයිනේ. ඕකට වැඩිය හොඳයි දෙරණෙ ලිට්ල් ස්ටාර්.. ඔහේට ඕනනම් ගිහින් එනව මට කරදර නොකර..."
තව දුරටත් මල පන්නවාගෙන නෝන තරහ කර ගත්තොත්, මන මොහන් සිං තරහ කර ගත්තාටත් වඩා කෙලවෙන බව දැනගත් ජනාධිපති තුමා සුගතදාස ඉන්ඩෝර් බලා වහාම පිටත්වී ගියේය.

හැමදාම කුස්සියේ වලන් සෝදන කළාකරුවන් විසින් සන්නසක් දී බිම දිගාවී ජනාධිපති තුමා පිළිගෙන විශේෂ ආසනය වෙත කැඳවාගෙන ගියේය. ගෙදරත් අප්සට් වී පැමිණි ජානාධිපති තුමාට නිවේදකයාගේ සරම දැක්ක ගමන් මල පැන්නේය.
"මොකාද යකෝ මේ...???  මූ සරම කැහැපට ගහගෙන නේ ෂෝ එක කරන්නේ ...කොහෙන්ද මේ මූසලය හොයාගත්තෙ...???  මූව බෙයාෆුට් එකේ කෙල්ලෙක් ගාවට යවපං ..උං උගන්නයි මූට සරම් අඳින හැටි ජනාධිපති තුමා මල්ලිගේ කනට කර කීවේය.

එහේං මෙහෙන් බේස් පාරක් එහෙම වැදී මියුසික පාරක් එනකොට කවදත් ආතල් එකේ ඉන්න ජනාධිපති තුමාට පොඩි ආතල් එකක් ගියේය. වට පිට බැලූ ජනාධිපති තුමා දැක්කේ මල්ලිගේ නෝනත් පුටුවේ ඉඳගෙනම ආතල් එකක් ගන්නා ආකාරයයි.. ටික වේලාවක් ගත වන විට මෙය ජැකාගේ කරදිය මංගල්ලේ ඉතිරි කොටස බව ජනාධිපති තුමාට තේරුම් ගියේය.
"මූ එහේදී නෑවේ මඩ විතරයි, මෙහේ කක්කිත් නානව.. ලොක්කා මල්ලිට කීවේය.

"අපි අපේ ලේකම් තුමාගෙන් ඉල්ලනව ෂිශ්‍යත්වයක් දීල මේ ගයකයො වැඩිදුර රට යවන්නෙයි කියල" විකාරද එඩ්වඩ්ගේ ඉල්ලිමට ජනාධිපති තුමා මල්ලිගේ කනට කර,
"මල්ලි උඹ අහුවෙන්න එපා ඕකට.. මේ සිංදු කියන්න බැරි ඒවුන් රට යවන්න කියන්නෙ, දැන් මුන්ට ෆොරින් ෂෝස් නැති නිසා ඒ පානෙන් රට සවරි ගහන්න.... දීල තියෙන ඒව හොඳටම ඇති... කැරකෙන රෝදේ පුංචි කරත්තෙ ගියපු එවුන්ට මම දීල තියෙන්නෙ නැව්, තව දෙන්න ඕන නෑ" කීවේය.

මිසිස් කල්හරිගේ බෙලෙක් කපන හඬ ඇසු ජනාධිපති තුමාට බඩ කරකවාගෙන එන බවක් දැනී. නෝනාට කෝල්  කර
"ඔහේ කියපු එක හරි.. මගේ බඩත් අප්සට්.. කමක් නෑ ගෙදර ආවම පියෝ ටී වී එකේ ඩාන්සින් ස්ටාර් බලල නිදාගන්නවා..." කීවේය..

මුං කරන්නේ සිංදු කියන්න බැරි එවුන් ටිකක් දාගෙන, මුං පිම්බෙන එකයි සිතූ ජනාධිපති තුමා
"මුන්ට වැඩියෙ හොඳට අපේ මර්වියයි, ගීතයි, රන්ජනුයි, දුමින්දයි කොමෙන්ට්ස් දෙනවනේ යකෝ.. මුං කොමෙන්ට්ස් දෙන්නෙ නැතුව බයිල නේ කියන්නේ"  කියා ඝෝඨාභය මල්ලිට කීවේය.

නිවේදිකාවන්ගේ කිට් එක හා වාග් විලාශය දුටු ජනාධිපති තුමා අරිසෙන් වියතානන් මිය ගිය එක ගැන සතුටු වූ අතර අනර්කලීලා වැහි වැහල ඇති බවත් තේරුම් ගියේය. ඒ අතර ජනාධිපති තුමාගේ බඩ කරකවන ගතිය වැඩිවී පොඩි ඔක්කාර ගතියක් දැනුනේය.

"අනේ නොනේ ඔහේ කියපු එක ඇත්ත.., මල්ලිගේ වැඩේ නිසා ආව මිසක් මීට වැඩිය හොඳයි හිමාෂ මනුප්‍රිය ගෙනල්ල ගෙදර පොඩි පාටියක් දැම්මනම්... මම මල්ලිට කිව්ව මුන්ව රට නෙමෙයි හිමාෂ ගාවට යවන්න කියල.... මට ටිකක් අමාරුයි වගේ... අප්පිරිය ගතියක් එක්ක වමනෙට වගේ එනව... තෑගි දෙන්න ඔහේට එන්න බැරියෙයි"... කියා බැගෑපත් ලෙස කීවෙය..

විකාරද කම්පාගේ හතරවරම් දෙව් කතාව ඇසූ ජනාධිපති තුමාට, මල, බාජ් දුබායි වලටත් ඉහලින්ම පැන්න අතර වමනය ගතියද වැඩිවී.. ජනතාව ඉදිරියේ කබරයා දැමීම සුදුසු නැති බැවින් වට පිට බැලූ විට දුටුවේ ඝෝඨා නංගීත් නිදා සිටි ආකාරයයි...
"තව දුරටත් මෙතන හිටියොත්.. මට වෙන්නේ සිදුහත් කුමාරයාට වෙච්ච දේයි ..."
මල්ලීට කියු ජනධිපති තුමා එළියේ ගොරොද්ද ඇද ඇද සිටි තම සේනාවත් අවදිකරගෙන වහාම ටෙම්පල් ට්‍රීස් බලා පිටත්ව ගියේය.

වාහන ගොඩක් පැමිණි සද්දේ ඇසු ශිරන්ති නෝනා ඉස්තොපුවට දිවගියේ මොකක් හෝ ජිල්මාලයක් වී ඇති බව සිතාගෙනය. එක අතකින් කට වසාගෙන අනෙක් අතින් ඉකමනට ඇඳගෙන ෂෝ එකට යන්න යයි හස්ත මුද්‍රාවෙන් කියූ ජනාධිපති තුමා කෙලින්ම වොෂ් රූම් එකට දුවගෙන ගියේය..

"ඕක්... ඕ..ඕ.. ඕක්"

වහාම දොස්තර ඒලියන්ත හා දොස්තර රණවකව වොෂ් රූම් එකට යවන්නැයි අණ කළ ශිරන්ති නෝනා දඩි බිඩි ගා ලෑස්තිවී තෑගී දීම සඳහා පිටත්ව ගියේය...

Jun 6, 2010

ඇමරිකන් අයිඩල් හා අපේ ගොන් ඩිගෝලා - Comparison of an American Idol

.
ඇමරිකන් අයිඩල් සහ සිරස සුපර්ස් ස්ටාර් ගැන සංසන්දනාත්මක පොස්ට් එකක් දාලා තිබුනා  නදීගේ සිතුවිලි වල. ඒකෙදී සඳහන් නොවුනු කාරණා ටිකක් දාන්නයි මේ පොස්ට් එක ලියන්නෙ.

ඇමරිකන් අයිඩල් මුල ඉඳලම බලන මියුසික් පිස්සෙක් මම. ඒ වගේම තමයි සිරස සුපර්ස් ස්ටාර් සහ දෙරණ ඩ්‍රීම් ස්ටාර්. ලංකාවේ නොම්බර එකේ (ගොන්ම ගොන්) මෙගා ස්ටාර් නම් බලන්නෙ නෑ. අප්පිරියාවේ බෑ.

මේ සැරේ තරඟය දිනුවේ ලී ඩී වයිස් කියන කොල්ල. නියම කට හඬක් තියෙන්නෙ. මම හිතුවේ කෙල්ල ඒ කියනෙ ක්‍රිස්ටල් බවර්සොක්ස් දිනයි කියල. හාමිනේනම් හරියටම කිව්ව ලී දිනන බව.

ලී ඩි වයිස් කියන්නේ පොඩි කඩේක වැඩ කරපු කොල්ලෙක්. මේ තරඟය දිනපු බොහෝ දෙනෙක් ඒ වගේම පොඩි තැන් වල ඉඳල ආපු අය.

මෙවර අවසාන තරඟයේ විශේෂත්වයක් උනේ මෙතෙක් කල් විනිසුරු මඩුල්ලෙ හිටපු ජනප්‍රියම විනිසුරු සයිමන් කවෙල් මේ වැඩසටහනින් ඉවත්වීම. ඔහු නියම විනිසුරුවරයෙක් කියන්න තියෙන් දේ කෙලින්ම කියනව. හෙලාදකින්න ඕන තැන බය නැතුව ඒක කරනවා. මගේ ජීවිතයෙ ප්‍රියකරණම චරිතයක්.

ලංකාවෙත් එහෙම හිටපු එකම විනිසුරුවරයා වන අමල් පෙරේරට මොනව උනාද දන්නෙ නෑ. ලංකාවේ එවුන් කොහොමත් තනිකර බොරුවෙන් ජීවත් වෙන එවුන්නේ. හාමුදුරුවොත් බොරු කියන රටේ ඕක මොකක්ද...?

මට මෙතන විශේෂයෙන් සඳහන් කරන්න අවශ්‍ය දේ තමයි සෑම අවසාන තරඟයකම ළෝකයේ ඉන්න ශ්‍රේෂ්ඨම හා ජෙශ්ඨම ගායක ගායිකාවන් මේ ආධුනික කළාකරුවන් සමඟ එකට ගීත් ගායනා කරන එක. ඒ විතරක් නෙමෙයි කිසිම පැකිලීමක් නැතිව ආධුනකයින් ධෛර්යමත් කිරීම.

ලංකාවේ ජීවීතේට මෙහෙම වෙයිද. ඇන්ජලීන්, සුජාතා තව ටිකෙන් පපුව පැළිල මැරෙනව. අලුත් එකෙකුට අත දෙන්න කැමතී නෑ කවදාකවත්. පුවත් පත්වලට අනික් ඒවුන් කියන්නෙත් ඒ කතාවමයි. උන්ගෙ ගුරුකුළය ආරක්ෂා කර ගන්න මාර ගේමක් දෙන්නේ.

දෙරණෙ අඩු උනත් සිරසෙනම් වැඳල ඉවරයක් නෑ මොන මළ විකාරයක්ද ඒ. අපි තොපිව මේ තත්වෙට ගෙනාවට දන ගහල වැඳපිය කියනව වගේ හැම එකාම වඳිනකන් බලාගෙන ඉන්නව. මම මාතලේ මගුල් ගෙදරක දැක්ක මනාල යුවල ඉස්සරහ පැදුරක් දාලා නෑයොන්ටයි ගමේ එවුන්ටයි ඔක්කෝටම දනගහලම වඳිනවා. ඒ වගේ ස්ටෙජ් එක උඩ පැදුරක් දාලා වැඳුම් ගන්න ඕන අය පෝලිමේ ආවනම් ඔයිට වඩා ලේසියි..

තත්පර පහලොවක් යන්න ඉස්සෙල්ල ඇමරිකන් අයිඩල් කවුද කියල රයන් සීක්‍රට්ස් එළිකලා. මෙහේ පැය භාහයක් විතර වන වන ඉඳල විරාමයකට ගිහිල්ල නාලා කාරිය ඇවිල්ල, ආයෙත් විනාඩි ගානක් කාලා තමයි ජයග්‍රාහකයා කියන්නෙ.

මෙහේ ස්ටෙජ් එක ඉඩ මදි ආරධිත අමුත්තොයි, කොල්ලොයි බල්ලොයි ඔක්කොම පිරිල තෑගී දෙන්න. අනික දෙන කුසලානය කන්ටේනර් එකක ගෙනියන්නත් බෑ. ක්‍රේන් එකක් ඕන උස්සන්න. මල් කළඹ, තඩි චෙක්, වාහෙනටත් වඩා විශාල කී එකක්. මොනවද මේ මළ විකාර කවදද අපි මේවලින් ඈත් වන්නේ.

ඇමරිකාවේ කිසිම කුසළාණයක් නෑ. මයික් එක අතට දුන්න.. සිංදුවක් කිව්ව වැඩේ ඉවරයි. අඩුම ගානේ ළොකයේ වැඩිම දෙනෙක් නරඹන ලෝක පාපන්දු කුසළානයත් මීට වඩා පොඩියි.

සිරසෙ වෙන අසාධාරනකම් කප්පරක් තිබුනත්. මෙහෙම හරි අළුත් ටැලන්ට් එළිදක්වන එක ලොකු දෙයක්. මේ වැරදි අවම කර ගන්න. එතකොට තවත් ලස්සන වෙයි.

මේ වීඩීයෝ එකේ තියෙන ගීතය ගායනා කරපු ගමන් මම දැන ගත්ත ලී දිනන බව. බලන්න කෙනෙක් නිරහංකාරව අගය කරණ ලස්සන....

May 3, 2010

සරා - දේශපාලන ප්‍රහසනය - Sara - Political comedy

ආනන්ද වික්‍රමගේ මම ගොඩක් ප්‍රිය කරන නළුවෙක්. ගොඩක් පුංචි කාලේ "වැනීසීයේ වෙළෙන්දා" නාට්‍ය බලපු දවසෙ ඉඳල ඒ. ඒ කාලෙ හරි හැන්ඩිය එයාගෙ නෝනා මානෙලුත් එහෙමයි බෝනික්කෙක් වගෙ.

"වැනීසීයේ වෙළෙන්දා" නාට්‍යත් හරිම ලස්සනයි. ටෝනි රණසිංහගෙ දෙබස් අදටත් මතකයි මට. ඒ වගේමයි සංගීතයත්. කේමදාස මාස්ටර්ගෙ. නට්‍යය පටන් ගන්න කොටම යන ම්යුසික් එක මාරයි.

සරා ගැන කියන්නෙ නැතුව ආනන්ද වික්‍රමගේ ගැන කතාකලේ, ජනනන්දන කියන නගරාධිපතිගෙ චරිතෙ කරන්නෙ එයා. මේක මම ඉස්සර ඔහේ දැක්කොත් බලනව මිසක ෆෙවරිට් එකක් නම් නෙමෙයි. (කියන්න ඕන නෑනේ මෙගා ගැන සංසාරෙ වගේ - කළකිරෙනව.) හැබැයි දැන්නම් මිස් උනොත් නෙට් එකේ හරි බලනව.

ඇත්තටම TV එකෙ තියෙන හොඳම දේශපලන කොමඩිය තමයි මේක. (ජනහඬ, රතුඉර, සංවාද, අංශක 360 කැලේ, තුලාව කොමඩි ගනයට වැටෙන්න නෑ. එවට කියන්නෙ "ටෝක් ෂෝ", තවුසන්ඩ් ටෝක් දෙන්නෙ.). සරා පාර්ලිමේන්තුවට තේරුනත් නාට්ටිය නැගල ගියේ නෑ. ජනනන්දන මහත්තය නගරාධිපති වුනයින් පස්සෙ පට්ටම ආතල්.

අද දේශපාළුවො කරන සියළුම මගඩි, මරූමූස් වැඩ නියමෙටම බලාගන්න පුළුවන්. මේක දේශපාළුවො දැක්කොත් අනිවාර්යයෙන්ම තහනම් කරනව. එහෙම නැත්තං පබා ට වෙච්ච දේ ජනනන්දන ටත් වෙනව. ඊට ඉස්සෙල්ල කොහොම හරි බලන්න.

කොච්චර ආතල්ද කියනවනම්. මගෙ කොල්ල යවන්නෙත් ජනනන්දන මහත්තය ගියපු ඉස්කෝලෙටමයි. (නාට්ටියෙ ගිය දෙබසක් මේක. මොකද මුදලාලිල, අනිත් මන්ත්‍රිවරු ජනනන්දන මහත්තයන්ගෙන් නිතරම මේක අහනව.)



Apr 28, 2010

කාටූන් ... Droophy and Dripple


වයසක පොරක් උනත් තවමත් මගේ ප්‍රියතම විනෝදාශයක් තමයි කාටුන් බලන එක. (වැඩියෙන් කැමති වැඩිහිටි චිත්‍රපට බලන්න.) හඬ කවපු කාටුන් මුලින්ම ආ දවස්වල පෙන්නපු "දොස්තර හොඳ හිත", "හා හා හරි හාවා" එහෙම මතක ඇතිනෙ. ටයිටස් මහත්තයගෙ කාටුන් අතරින් වඩාත්ම සිත් ගත්ත එක තමයි "පිස්සු පූසා". ඒකෙ හිටපු ලොක්කා, ඤාව්ව, පුරු පුරු, මස් කට්ටා එහෙම කවමදාවත් අමතක වෙන්නෙ නැහැ.

ඊට පස්සෙ ඉතාමත් ජනප්‍රිය වෙච්ච එකක් තමයි. "සූර පප්පා" මේක පොඩි කාලෙ හිටන් අපි කියවපු බලපු "ඇස්ටරික්ස්" (Asterix) කාටුන් එකට දෙබස් කැවීමක්. හඬ කැවීම් ක්ශේෂ්ත්‍රයෙ පෙරලියක් කලා මේ කාටුන් එක. සිරස කරපු ලොකුම පෙරලියක් තමයි ඒක. අපේ රටේ ලොකු පොඩි සියලු දෙනා අතරම වයස් බෙදයක් නැතුව ජනප්‍රිය වුනා. මුල් කාලයෙ විකාශනය වූ දූ දරුවෝ, කෝපි කඩේ, ඇල්ල ලඟ වලව්ව වගෙ නොවරදවාම බලන්න පුරුදු වුනා.

සූර පප්ප, ජිම් පප්ප චරිත අදටත් බොහොම ජනප්‍රියයි. ජිම් පප්පගෙ හඩ අනුකරනය කරන්න ට්‍රයි කලා සැවොම. "කැලේ මැද ගමක් තියෙනවා..... එහෙ පප්පල රෑනක් ඉන්නවා....." කියන ගීතය සංගීත ප්‍රසංගවල හැම සංගීත කන්ඩායක්ම අනිවාර්යයෙන් ගායනා කරන හිට් එකක් වූනා. මගේ ජනප්‍රියම චරිතය වුනේ ගමේ ගායකයා. එයාට සිංදු කියන්න දෙන්නෙම නෑ කවදාවත්. නියම වොයිස් එක. අර විරිඳු බන කැසට් වල විරිඳුවට පෙර කරන පූර්විකාව වගේ එකක් කාටුන් එක පටන් ගන්න පෙර යනව, ඒකත් බොහෝ සෙයින් ජනප්‍රිය වුනා.

මේ සියල්ල මතක් වුනේ දැන් විකශනය වන කාටුන් චරිත තුනක් ගැන කියන්න. ඒකත් යන්නෙ ජනප්‍රිය සිරස චැනල් එකේමයි. හවස 5.30 ත් 6.00 ත් අතර යන "ටොම් ඇන්ඩ් ජෙරී" (Tom and Jerry) වැඩසටහන අතරෙ යන එක් කාටුන් එකක්. මෙයත් බොහෝ සෙයින් ජනප්‍රිය "ඩ්‍රූෆී" (DROOPY) කියන චරිතය තියෙන කාටූන් එක. මේකෙ චරිත තුන තමයි ඩෲෆී (Droopy), ඩ්‍රිපල් (D ripple) සහ මැක් වුල්ෆ් (Mac Wolf). මගේ ප්‍රියතම චරිතය තමයි මැක් වුල්ෆ් කියන නරියා.

ඌගෙ වොයිස් එක මරු, ඊට අමතරව පිටපත ගැන, එයාගෙ දෙබස් ගැන, අධ්‍යක්ෂක ගැන එහෙමත් කතාකරනව. ආසම කරන දෙබසක් තමයි "මට කේන්ති යනව" කියන කෑල්ල. ඩෘෆී සහ ඩ්‍රිප්ල් කතා කරන විලාසයත් මාර ලස්සනයි. විස්තර කරන්න වචන නැහැ. අපේ රටේ එක්තරා ප්‍රදේශයක ජනයා කතා කරන්නෙ මේ දෙන්න කතා කරන ස්ටයිල් එකට. මට ඒක ගොඩක් දැනෙන්නෙ කොන්ඩෙ කපන බාබර් අයියත් කතා කරන්නෙ ඒ උරුවටමයි. ඒ නිසා කොන්ඩෙ කපන වෙලාවට මාර ආතල් එකක් ගන්නේ. නිවාඩු දාලා හරි එක දවසක් බලන්න. පට්ට ආතල්........