.

.

Jul 30, 2016

ආදරය, දර්ශණය හා සිහිණ (අළුත් බල්ලෙක් III) - New Dog (Part III)


 
මාතලන්ගේ කෙටි කතාවක් වගේ කතාවකි..

<< පළමු කොටස මෙතනින් >>

ඇත්තටම උදිත් සර්ට පින් සිද්ද වෙන්න මම මගේ සිහිණ දෙකම ඉටු කර ගත්තා. කීර්තියගේ සිහිණයත් ඉටු වෙලා තිබුනා. ඒත් බේබි හාමුගේ සිහිණය ඉටු වෙලා තිබුනේ නෑ. මගේ වාසනාවට මමයි කීර්තියයි දෙන්නම සෙලෙක්ට් වෙලා තිබුනේ එකම කැම්පස් එකට. ඌට ශිෂ්‍ය සංවිධාන එක්ක තියෙන සම්බන්ධකම් නිසා ඌයි මමයි දෙන්නම, නවක වදය කියන මානුෂික අයිතිවාසිකම් අමු අමුවේ නැති කරන සෙල්ලමෙන් බේරුනා.

Jul 28, 2016

කළ කර්‍මය ඵල දෙනවා.... රජු මාවත බැස යනවා ... - King of the Road



රජ කම් කෙරුවත් කළ කම් ඵල දේ කියා, අම්මට සිරි ලංකාවේ කතාවක් ඇත්තේය. ඇත්තටම සුද්දා මේ රටෙන් නිදහස් වීමෙන් පසුවත්, මේ පිස්සු පීකුදු රට අල්ලාගෙන, ඉල්ලාගෙන කන්න පටන් ගත් දිනයට පෙර උන් රජවරුන්ගේ ජීවීත් ගැන සොයා බැලුවොත්, ඔක්කෝම උන් වගේ මේ පරිප්පුව කාපු උන්ය. ඒක එදාද අදද කියලා වෙනසක් නැතිය.

Jul 24, 2016

කොමෙන්ට්ස් වලටත් සම්මාණ, බ්ලොග් වසන්තයා හා VAT 69

ජනප්‍රියම කොමෙන්ට් කරුවකු වූ "ප්‍රා ජේ", තිස්සගෙන් සම්මාණ ලබමින්

පොටෝ සියල්ලම "අටමාගේ" බුකියෙන් උස්සන ලදි

අම්මට සිරි ලංකාවේ හැම එකාම වගේ බැන බැන බලන සතියේ කළ දසාවට අනුව ඉදිරි සතියේ අළුත් මිතුරන් ඇති කර ගැනීමත්, මිතුරන් හා උත්සව වලට සහභාගි වන්නට ලැබෙන බවත් කියලා තිබුනාය. මගේ ජොබ් එක අනුව ගිය සතියේ නොව හැම සතියෙම වගේ මේ දෙකම වෙනවාය. ඒත් ගිය සතියේ නම් ළොකු වෙනසක් තිබුනේය. ඒ අළුත් "බ්ලොග් යාළුවෝ" තුන් දෙනෙක්ම හඳුනා ගන්නට ලැබුන එකය.

Jul 21, 2016

අමාවකේ සඳ පායා - Moonlight under New Moon


Photo Credit - Internet

සාමනේර කල නා හිමි බර බැලු                       වා
සත්තයි පෙරදි කල පවකැයි මම සිතු                වා
බුදු හිමි නොවේ උඹ ඇවිදින් හිත නිමු              වා
ගැට කිරි රහට විඳි දුක් අමතක කෙරු               වා

දනට පිනට ලැදි අය නිව නේම ය                    තී
පෙර පින ඇතොත් පම ණෙකි ඒ උතුම් ග         තී
ගම ගිනි තියන උන්ගේ ඉරි සියා ග                   තී
මේ ළොව මෙන්ම උන් සැම නිර යෙත් දැවෙ    තී

අමා වකේ සඳ සිසිලත් නැති කල                      ට
කෝලි කුට්ටු මැල වෙයි තද ගිරිස් මෙ               ට
නිවන් යන්න සස රේ කල් තියෙන කො            ට
පැනපන් සුමන වතියේ පන් සලේ වැ                 ට

-x-

- මාතලන් -

Jul 16, 2016

තුන්ඩුවා - Thunduwaa

Photo Credit - http://www.lankaweb.com/news/items/2014/06/02/life-abroad-part-81-era-of-mayhem-smouldering-loss-of-life/

- මාතලන්ගේ කෙටි කතාවක් වගේ එකක් -

පට... පට.... පට... කියන සද්දේ එක දිගටම එන්නේ, ටී පනස් හයෙන්ය කියන්න ඉස්කෝලේ හාමිනේ උනත් දැන් දන්නවා. කොටන තුවක්කුවේ සද්දේ, ලයිසන් තුවක්කුවේ සද්දේ, ගල් කටස් සද්දේ, ග්‍රෙනේඩ්වල සද්දෙ ඉතරක් නෙමෙයි, ඒ සද්ද ඇහුනේ කොයි පැත්තෙන්ද කියන්න තරම් ඉස්කෝලේ හාමිනේට පුළුවන්.

Jul 15, 2016

වලේ තොල දැමීම...!!! (23 +) - Peradeniya Lip Kiss (13 +)



නිමිත්ත - කැම්පස් එකේ උන්ට පෙන්නපු නාට්ටියක තොලක් දානවා වගේ එකක් පෙන්නුවාම සංඝයෙක් පැනලා එක විකාරයක් කරලා හූ තියලා නාට්ටිය නවත්තලා... මේ අර පොඩි උන් ඉස්සරහා නිදහස් චතුරශ්‍රයේ අත් අල්ලගෙන තොල දාන්න ඉල්ලපු අය.. මාරයි නේ... 

// වලෙන් ඔබ්බට යන්නට.....

'සිප ගැනිමේ දර්ශණයක්' නිසා කව්ශල්‍යාගේ නාට්‍යය පේරාදෙණි විශ්වවිද්‍යාලයේ වලේ පෙන්වනවිට එම නරඹන්නන් හූ කියා, කුණු කසලවලින්ද සෙරප්පු වලින්ද ගල්වලින්ද දමා ගසමින් නට්‍යය නවතා දැමීම ලංකා නාට්‍ය ඉතිහාසයේ මෙතෙක් ප්‍රේක්ෂකයින් කොටසක් නාට්‍යයකට එරෙහිව හැසිරුණ 'පහත්ම' ආකාරය විය යුතුය! //
- Dananjaya Karunarathne - 


 
වලේ තොල දැමීම...!!!

Jul 14, 2016

වෙන්ඩ ඩොට්ටර් කොලුවාට ලියුමක් - SAITM, Derana & Medical Student



හිතවතුන්ගේ බලවත් ඉල්ලීම පරිදි, මුලින්ම බුකියේද, ඉන් පසුව මාතලන්ගේ සින්ඩියේද පල කළ මේ කෙටි ලියුම මෙහිද පල කරනු ලබනවාය...

ආදරණීය වෙන්ඩ ඩොක්ටර් රයන් කොලුවා වෙත ලියමි..,
*******************************************

සැපම වේවා..!!!

Jul 12, 2016

එජාපයේ හා රනිල්ගේ අවසානය...! - End of the road for Ranil & UNP...!

Photo Credit - https://www.yahoo.com/news/sri-lankan-pm-warns-against-return-divisive-politics-074826022.html?ref=gs

රනිල් හා එජාපයේ මෙවර පාර්ලිමේන්තුවට තේරි පත්වූ 106 දෙනා තේරුම් ගත යුතු එහෙත් තේරුම් නොගන්න බොහෝ දේ, ඔවුනට අද අමතකව ඇත්තේය. ඒකට හේතුව නම් බොහෝම පැහැදිලිය. ඒ 106 ක් උන්නද, එයාලා බලයේ ඉන්න එකය. බලේ තියෙන කොට මොළේ නැතිය. මොළේ තියෙන කොට බලේ නැතිය. ඒ අපි දන්න කතාවය. හැබයි ඒ කතාවත් රනිල්ට හා එජාපයට වලංගු නැතිය. ඒ කියන්නේ බලේ නැති කාළේත් මොළේ තිබිලා නැතිය.

Jul 6, 2016

පිස්සු බල්ලන්, ඔඩොක්කු කුක්කන් කර ගැනීම - Lap Dogs, Rabies & Ministry Secretary

http://www.romanialibera.ro/special/fotografia-zilei/expozitie-de-caini-la-havana-400560

යාපාලනය යහමින් ස්නානය කරමින් සිටින්නේය. විප්ලවයක් කියා නම් කල තොවිලයට අවුරුදු දෙකක් පිරෙන්නට ආසන්නය. නටපු තොවිලය්ක් නැතිය. බෙරේ පලු යන්නටත් පෙර, බෙරේ නැවතත් යකුන් අතේය. යකා බදුල්ලෙන් පටන් ගෙන, සලුපාලියෙන් නුවර සිට කොළඹට පයින් එනවා කියා කෑ මොර දෙනවාය. එක කට්ටඩියෝ සෙට් එකක් තක්කඩි කම් කොර ගන්න බැරිව ඇඹරෙනවාය. සිංගප්පූරුවේ සිට ආ තක්කඩියෙක් යාන්තම් දුම්මල ගසා එලවා ගත්තේය. අනිත් කට්ටඩියා යක්කු සරම අස්සේ දාගෙන, හත් පොලේ ගාගෙන මල පැනලා කෑ ගහනවාය. සම හරක් යක්කු අපිට දොල පිදේනි දියව් දියව්. නැත්නම් අපි යමව් යමව් කියනවාය.

Jul 5, 2016

කාලෝ කතා කරන්නේ, මුඛෙන්ද? පුකෙන්ද...? - Carlo Fonseka, Manhole & Asshole



(වෛද්‍ය වෘත්තීය තම ජීවීකාව තුලින් බබලවනා දෙවිවරු වන් වෛද්‍යවරුන් මෙමගින් සිත් රිදවා ගත යුතු නැත. එවන් වෛද්‍යවරුද මේ අම්මට සිරි ලංකාවේ ඔනෑ තරම් ඇත. වැඩි ඈතක නොව, මෑතක ඇති වූ ගං වතුර අවස්ථාවේ, ස්වාධිනව ඉදිරිපත්ව, දිවා රෑ නොබලා, කිසිම අයකිරීමකින් තොරව, ජනතාව අතරටම විත් තම සේවය ලබා දුන් ඔවුන්ට අපේ ගෞරවය නිබඳවම හිමි වේ.)

Jul 3, 2016

ආනන්ද බවන්, සරස්වති හා මසාලා තොසේ - Ananda Bavan, Saraswathie & Masala Dosa


ගිය සැරේ ලියපු තෝසේ කතාව, බොහෝ දෙනෙකුට වගේම අපේ තාත්තටත් අල්ලලා ගිහින් තිබුනා.. ඒකේදි තෝසේ වලට බෙදපු හොද්ද ගැන කිව්වට, ඒකේ නම කිව්වේ නෑ නේ.. ඒකේ නම "සාම්බාරු"... ඕක දෙමල කෑමක් උනාට, අපේ රජ කාලේ ඔය අනුරාජපුරේ පැත්තේ, අභයගිරියේ බුඩිස්ට් මන්ක්ස්ලට තිබුන ඉන්ටර්නැෂනල් යුනිවර්සිටි එකේ උන්න 5000 කට ඉතර දානෙට දීලා තියෙන්නෙත් සාම්බාරු හොද්ද තමයි. එකම වෙනස, ගන්න එළවළු වල වෙනස විතරයි. අපේ එකට කියලා තියෙන්නේ හත් මාළුව කියලා.

Jul 1, 2016

තෝසේ... මසල වඩේ.. - Dosa & Vada


වෛද්‍ය රුවම් එම් ජයතුංග උන්නැහේ "තෝසේ කෑම" ගැන ළිපියක් ලියලා (මොකා අර රුවන්?, උඹ අර මරාගත්ත ඩොකා...? ඔව් ඇයි අවුල්ද...? ඔව් බං ඔව්.. අපි මරාගත්තා... ඒක එතනින් ඉවරයි. අපි දෙන්නම වලිය ගඟ ඉවුරේ තියලා අපේ ගමන යනවා (සමාවෙන්න යන්නෙමු), ඒත් සම හරක් තාමත් වලිය කරේ තියාගෙන පෝස්ට් දානවා. ඇනෝ ගහනවා. මාතලන් වෙනුවෙන්ම, මාතලන්ට මඩ ගහන්න වෙනම එකෙකුත් ඉපදිලා. කොහොම මාකට් එකක්ද නේ? උඹලා එකෙකුටවත් ඉන්නවද, උඹලටම විතරක් කොමෙන්ට් ලියන එකෙක්. උඹලා වෙනුවෙන්ම කැප උන එකෙක්. ඒත් මාතලන්ට ඉන්නවා. හෙන ඇඤ්ඤ කොරොස්. උන්ට අපේ එක්වීම දරා ගන්න බෑ. හොඳ වෙලාවට, රුවන්ටයි මටයි දෙන්නටම තේරුනා මොකක්ද ගේම, කාගේ වැඩද කියලා)