.

.
Showing posts with label Galleface. Show all posts
Showing posts with label Galleface. Show all posts

Aug 10, 2022

අරගලයෙන් ලද ජයක් නැත. ළදරු වලිප්පුව නිමා විය.

 


අරගලය නිමා වෙන්නේ ඔය විදියටමයි කියලා, අරගලය වෙනුවෙන් පෙනී නොසිටින්නේ ඇයි කියලා අහපු කීප දෙනෙක්ට, උත්තර ලෙස අරගලය පටන් ගන්න කොටම මම කිව්වා. ඇත්තටම ලිව්වා. මතක උන්ට මතක ඇති. අමතක උන් ගැන මට අවුලක් නෑ.

ඊට ප්‍රධානතම හේතුව වුනේ අරගලයට නායකත්වයක් නොමැති වීම හා පවතින අර්බුධයට උන් එකෙක්වත් ළඟ විසඳුමක් නොමැති වීම. හැම එකාම කිව්වේ සරම කඩපන්, ඊට පස්සෙ වෙන දේ පස්සෙ බලාගමු කියලා. එතකොට යකෝ නිර්වස්තරෙන් නේ කිව්වට උන් ඒක ඇහුවෙම නෑ.

එහෙම විසඳුමක් දෙන්න අරගලයට ආපු කිසිම කෙනෙක් තියා, මහ බැංකුවේ ලොක්කට වත් ආර්ථික අර්බුධයක් ඇති වෙන්න හේතුව අද වෙනකන් කියන්න බැරි වෙලා තියෙනවා. උන් බනින්නේ ජනතාවට, අපි අධිපරිභෝජනවාදී රටාවකට ජීවත් වෙලා රට මේ තත්වෙට දැම්මලු. අම්මපා මුන් අධිපරිභෝජනවාදය කියලා කියන්නේ මොකක්ද කියලවත් කියනවා නම්, ඒකට උත්තර දෙන්න පුලුවන්.

ඉතින් ප්‍රශ්ණයක් නැතිව උත්තර දෙන්නේ කොහොමද? ඒ ප්‍රධානම හේතුව. අනෙක අපේ උරුමයක් වූ මාන්නය. නැගී සිටිය හැක එක්සත් වී, බෙදී ගියොත් රට යයි සුන් වී කියලා ඊයේ හරීන් පාර්ලිමේන්තුවේ කළ කතාව ලංකාව පවතින තුරා වලංගුයි. ඔය සර්වපාක්ෂික නිර්පාක්ෂික බයිලා නැතිව එන එකෙක් එක්ක ආන්ඩුවක් පිහිටුවාගෙන කරන මළදානයක් කරනවා මිසක්. හත් හවුල් ආන්ඩු කියන්නේ නොකෙරෙන දීගයක්. නොයෙක් නොයෙක් හේතු අනුව මේ තරම් බෙදුන සමාජයක්, රටක්, මේ විශ්වයේම නැතිව ඇති.

අරගලයට වුනෙත් ඒක. අරගලයේ නිර්මාතෘවරු බොහෝ උන්නා. ඒ නිසා #GotaGoHome කියන ආරම්බක සටන් පාඨය හා ටාගට් එක අමතක වෙලා ගියා. එක එකාගේ ඇජෙන්ඩා සියල්ලම පිරුණු කානිවල් එකක් වුනා. ඇත්තටම ඔතන තිබුනේ අරගල භූමියක් නෙමේ කානිවල් එකක්. ඒ කානිවල් එකට දරු පවුල් පිටින්, ගම් නියම් ගම් පිටින් ආපූ උන්, එක එකාගේ මනෝරාජික ප්‍රසාංගික නිර්මාණ, බලි තොවිල්, පෙරහර, කලා නිර්මාණ ඉදිරිපත් කිරීම් බලලා විනෝද වෙලා ගියා.

අරගලයක් කියලා පටන් ගත්ත වැඩේට මුලින්ම ආවේ වහාබ්වාදියෝ. උන් මක්කම ගාළු පාරට ගෙනාවා, ගාළු පාර වහලා, දන ගහගෙන අල්ලා නැමදුවා. ඊළඟට ආවා කාදිනල්ගේ පාදිලියෝ, බෝනගේන් උන් සෙකන්ඩ් වෙන නිසා, ෂෙහාන් මිහිරංග එක්ක ආපු භක්තිකයොයි ජූජකයොයි ඊළඟට පදිංචි වුනා. සෙකන්ඩ් වෙන්න අකමැති නිසා චීවරධාරියොත් සෙට් වුනා. උන් සිද්ධාර්ථ ගෞතමගෙ අනුගාමිකයෝ නෙමේ. එරාන් වික්‍රමරත්න, සාලිය පීරිස් අනුගාමිකයෝ.

ඊට පස්සෙ පක්ෂ කාර්‍යාල ඉඳිවුනා. මේවා අන් ඔෆීෂියල් ගියේ, මේක බලන්නම පිටරට ඉඳලා අවට හෝටල්වලට අපේ උන් ආවා. කොළඹ සමාජයේ ඉහළම පිරිස් පවුල් පිටින් ආවා. ගෝල්ෆේස් එක එකම ෆැන්ටසි අයිලන්ඩ් එකක් වුනා. 

ඒ අස්සෙ අරගලේ රැඩිකල් වෙන්න ගත්තා. #Gotagohome නිර්මාතෘ පැතුම් කර්නර් එලවලා දැම්මා. නාකියො වෙච්චි සන්නස්ගල මෝටිවේසමා එලවලා දැම්මා. අළුත් චන්ඩි ඉදිමෙන්න ගත්තා. ඒ අස්සේ  අබාධිත සෙබලු ගොලුවෝ බීරෝ සංක්‍රාන්තික ලිංගිකයෝ ආවා. උන් එක්ක, කොළඹ වතු ප්‍රජාවේ සංස්කෘතිය සැණකෙලි බිම ආක්‍රමණය කලා. කලින් මේක දැකලා විඳලා තිබුනේ සයිමන් නවගත්තේගම විතරයි. 

ඉතින් එතන ඉඳිවෙලා තිබුන කූඩාරම් අර බොහීමියානූ සංස්කෘතියට තෝතැන්නක් වුනා. වීදී ගනිකවෝ, වෘතීය හිඟන්නෝ, කුඩ්ඩෝ, ගංජා කාරයෝ, අයිස් අයිස් බේබිලා නව පරපුරෙ සයිමන්ලා කුල්මත් කලා. ජංගි ගලවලා වැටේ එල්ලුවා, බෙසියරුත් එල්ලුවා. උන් හිතුවා මේ වතුවල උන් එන්නේ, උන්ගේ නිර්මාණ රස විඳින්නය කියලා හිතාන තියටර් වේදිකා ඉඳිවුනා. එකෙක් වැව්වා. හැබයි සිද්ද වුනේ වෙන දෙයක්. 

මුන් ඒකෙන් කොයි තරම් මත්වෙලා උන්නද කියනවා නම් ඝෝඨා එලවන්න පටන් ගත්ත වැඩේ, එහෙම්මම අමතක වෙලා කපුටු කාක් කාක් කාක් ... බැසිල් බැසිල් බැසිල්... කියලා පොඩි උනුත් එක්ක වෙසක් නලා පිඹින ඩ්‍රීම් ලෑන්ඩ් එකක් වුනා. ඩිස්නිලන්තේ ගෝල්ෆේස් ආවා.

වැඩේ හබක් වුනේ මයිනා ගෝ ගම පටන් ගත්තැයින්. මේ මයිනා කියන ආමන්ත්‍රණය මහින්දට අප්පච්චි කියලා වඳින පුදන උන්ගේ හදවතේ වේදනාවක් ඇති කලා. මහින්ද කියන්නේ ඝෝඨා වගේ හාල්පාරුවෙක් නෙමේ. චන්ඩියෙක්. පොර අරලිය ගහ මන්දිරේ තාප්පෙට අල්ලලා ගහලා තිබුන කූඩාරම් පාරෙන් එහා පැත්තට දැම්මෙව්වා. හැබයි බයියන්ගේ වේදනාව එයින් අඩු වුනේ නෑ.

දැනට ආරංචි විදියට මයිනා ගෝ ගමට ගහන ප්ලෑන් එක ශිරන්ති හා යෝෂිතගෙ වැඩක්. වැඩේ දුරදිග ගියේ උන් ගෝටාගෝගමට ගහන්න ගියායින්. මේකට ඝෝඨා කිසිසේත් කැමති වුනේ නෑ. ඝෝඨා එයාගේ ඔෆීස් එකත් අරගල කාරයන්ට දීලා පැත්තකට වුනේ, එයාගේ ආරක්ෂාව තියෙන්නේ අරගලය තුල බව එයා දැනගෙන උන් නිසා.

එයාගේ තිබුනේ වෙනත් වැඩ සටහනක්, මේ වැඩේ පෙන්නලා රාජපක්ෂ පවුලේ සියල්ලන්ම කපලා දාලා, එයා ප්ලෑන් කරපු ෆැන්ටසියක 2025 ත් ජනාධිපති වෙන්න, ඒ වැඩේ විමල්ගේ වැඩක්, දිලිත් ඩලස් හරහා වෙනම ගියේ ඒ ප්‍රොජෙක්ට් එක.

ඉතින් පොර එයාට චන්දේ දීපූ බයියන්ටම කඳුළු ගෑස් ගහලා එලවනවා. මේ දුවපු උන් බේරේ වැවට දැම්මේ, උන් ආපු බස් ගිනි තිබ්බේ, අරගලේ හිටපු උන් නෙමෙයි. ස්ලේව් අයිලන්ඩ් වතුවල ඉන්න මුස්ලිම් ප්‍රජාව. මෙයාලම තමා මිරිහානටත් ගිහින් ගැහුවේ. කොළඹ ඉන්න සුළු ජාතික ප්‍රජාව රාජපක්ෂලාට ජීවිතේට චන්දේ දෙන්නේ නෑ. උන්ට පුදුම වෛරයක් තියෙන්නේ රාජපක්ෂලා එක්ක. ඒක සදාතනික වෛරයක්. පලස්තීන ඊශ්‍රායල් වගේ. එදා එතන වුනේ ඒක.

ඊට පස්සේ රටම ගිනි තිබ්බේ, මිනී මැරුවේ, මංකොල්ලකෑවේ, ජෙප්පෝ. ඒක මොකා නොදන්නවා උනත්, ඒ භීෂණයට මුහුණ දුන්න උන් ඒක දන්නවා. හෙල්මට් බලකාය කියන්නේ තනිකර ජෙප්පෝ. ඒ අතරේ සජබෙ මැරයොත් හිටියා. ඇත්තටම ඒක බලාපොරොත්තු නොවූ ඉල්ලගෙනම කාපු කෑමක්. බුද්ධි අංශවල උනුත් හොල්මන් කරපු සුපිරි සැලැස්මක්. 

ඝෝඨටත් එලවගන්න ඕන වෙලා හිටපු මහින්දලා බැසිල්ල එලවලා දැම්මේ බයියොමයි. නැතුව ඒක අරගලයේ ජයග්‍රහණයක් නෙමෙයි.

අරගලේ උන් කිසිසේත්ම වීරයෝ නෙමේ. ඔතන වීරකමක් ටිකක් හෝ කලා නම් කලේ පෙරට්ටෝ. උන් තමයි කඳුළු ගෑස් කෑවේ. තුවාල වුනේ. උන් නම් කවදාවත් අඬනවා දැක්කේ නෑ. නැත්නම් උන්ගේ කූඩාරමක් කැඩුවට එකෙක් දෙන්නෙක් ගුටි කෑවට ඔච්චර මැරෙන්න යන්නේ නෑ. 

මුන් 88/89 සිඳුවීම් දැක්කා නම්, ඕවා කතා කරන්නවත් ලැජ්ජා සිද්දීන්. හැබයි ජෙප්පන් කරපු මේ ක්‍රියාව නිසා අරගලයෙ උන්න පොරවල් ලයිසන් චන්ඩි වෙන්න ගන්නේ ඉන් පස්සේ. හැම එකාම රට කරන හැටි ලියලා දෙනවා. රූපවාහිනී චැනල් වලට ගෙන්නනවා, ඒවයේ උන් නාගන්නවා. 

පැන්ෂන් ගිය අරගලයෙන් ප්‍රතික්ෂේපිත සිවිල් පොරවලුත් ඕසෙට හෑලී ලියනවා ලාංකීය දේශපාලන ප්‍රජාව තිගැස්මකට ලක් වුනාය, දැන් එයාල මේ හුජ්ජා කොල්ලන්ට බය වෙන්න ඕනය, එයාලට රට බාර දීලා 225 ම ගෙදර යන්න ඕනය, එයාලව පාලනයට හවුල් කර ගන්න ඕනය, ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ගේන්න ඕනය, අර සභා මේ සභා පිහිටුවන්න ඕනය කියලා. ලැජ්ජා නැද්ද ඕයි රනිල් වගේ ජාතික ලැයිස්තුවලින් රිංගන්න. රටම පිලිගන්නවා නම් චන්දෙකින් එනවකෝ වීරයෝ වගේ.

ඒකට උත්තර දෙන්නේ පරිනත රනිල් වික්‍රමසිංහ .....

පොර වැඩ ආරම්බ කරන්නෙම නැකතට පිට වෙන්න හිටපු අයියලගෙ පිට අතගාලා. වජිර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ගේනවා. පෝට්ටුවේම දිනෙශ් අගමැති වෙනවා. පසඳ යාපා සතොස සභාපති වෙනවා. ඇපත් නැතිව ගෙදර උන්න, යූ ඇන් පී ඔක්කොම උන් ජනාධිපති උපසේනලා වෙනවා.

ඊට පස්සෙ අරගලේ හුජ්ජා කොල්ලෝ අපි මොන හාල්පාරුවොද කියල උන්ම වටහා ගන්නවා. අනික උන්ම කියනවා දැන් ඉන්නෙත් රාජපක්ෂ කෙනෙක්මය කියලා. තියෙන්නෙත් තිබුන සිස්ටම් එකමයි කියලා. ඉතින් මොකක්ද අරගලේ ලබපු ජය.

වාසනාවකට මේ සැරේ ටයර් සෑ, එස්ලෝන් බට, කටුකම්බි, ධර්මචක්කර නැතිව වැඩේ අහවර වුනා. දමිතා අක්කිත් බෙන්ස් එකෙන් ගෙදර ගියා, කුරස උස්සන් ගිය උන්, උන්ගේ ගාන අරගෙන මාරු උනා. උන් නළු නිලියෝ, ආයෙත් ෂෝ එකක් තියෙනවා කිව්වාම උන් එයි. ගාන අරගෙන මාරු වෙයි. දැන් තොපිට සෝභිතවත්, ජීවන්තවත්, සාලිය පීරිස්වත් නෑ.  

දැන් ඔය හුජ්ජා කොල්ලා චූ කරලා නිදා ගනිල්ලා. ඒ අස්සෙ පුලුවන්නම් රටට මෙහෙම වුනේ ඇයි කියන එක හොයා ගනිල්ලා. අඳින්න සරමක් හොයාගනිල්ලා. ගිනි කලබලේට සරම කැඩුවට දැන් තොපි ඔක්කොම ඉන්නේ අමු හෙළුවැල්ලෙන්. මාමයිට් පුපේ..

.

.

ඒ වගත් මෙසේය....

.

.

ඉස්ධූතී නන්ඩ්‍රෙයි ටෑන්ක්ස් හොඳේ....

.

Apr 22, 2022

ටික්ටොක් ග්‍රාමවාසීන්ගේ කොපි රයිට්ස් හා හියුමන්‍ රයිට්ස්

 



ටික්ටොක් ග්‍රාමවාසීන්ගේ
කොපි රයිට්ස් හා හියුමන්‍ රයිට්ස්
➖➖➖➖➖➖➖➖➖➖➖➖

මේ ගැන මාතලන් විසින් කලින්ද ලියා ඇති මුත්, දැන් ඒවා ඇස් පනා පිට ඔප්පු වෙමින් පවතින නිසා නැවත ලියමි.

මා මිත්‍ර මනෝරම වීරසිංහ විසින් සැනකෙලිය ආරම්බයේදීම කිව්වේ මෙහි ඉන්නේ රටේ සාමාන්‍ය ජනතාවගෙන් වෙන් වූ, උගත් බුද්ධිමත්, දියුණු, සමාජශීලී, සාමකාමී විශේෂිත පිරිසක් කියාය. එය මෙම ගම් වැසියන් සියල්ලන්ගේම අදහස විය. එයාලා බුකියේ හිතාගෙන ඉන්නේත් එසේය.

ඒක දැක්කාම මට පස්ස පැත්තෙන් හිනා ගිය බවද මම මින් පෙර ලිව්වෙමි. ඒ ඔවුන්ගේ හැසීරීම්, මා මින් පෙර බුකියෙන් දැක තිබෙනා නිසාමය.

මෙය මනෝගේ වරදක් නොවේ.මේ රටේ හැම එකාම සිතන්නේ තමන් විශේෂිත මිනිස් කොඨ්ඨාශයක් කියලාය. හරියට ගොම සංගමේ උන් වගේය. අර කැනඩාවේ ඉන්නා රුවන් එම් ජයතුංග නම් මානසික රෝගියා වාගේය.

මෙය මේ රටේ සමාජ ක්‍රමයෙන්, සංස්කෘතියෙන් හා අධ්‍යාපන ක්‍රමය තුලින් ඇති කරනු ලබන, පේන තෙක් මානයක නිමක් නැති, මානසික රෝගයකි. බෙදී ඇති කණ්ඩායම් ගනන ලියන්නට මහාවංශයේත් ඉඩ ඇත්තේ නැතිය.

මෙතන සිටින්නේද පට්ට ගම් කබර ගෝත්‍රිකයින්ම පිරිසක් බව දැන් දැන් ඔප්පු වෙමින් සිටී. රැට්ටා, සන්නා, මෝටිවේසමා, සේපාල් මෙන් ප්‍රසිද්ධ යූ ටියුබ් කාරයන්ගේ සිට නාගන්නන්දයාද මෙතනට අරක්ගත් බූතයන් වෙන්නේ, වෙන කිසි හේතුවක් නිසා නොව, ගානක් කඩා ගන්නට බව ගෝනා ඔනෙකුට තේරෙනවාය.

තා පිරිසක් එන්නේ, පක්ෂයේ බලපෑම් මතය. ඔවුන් පැමිණීමේ ලේඛනයේ අත්සන් කළ යුතුය. තා පිරිසක් එන්නේ, තමන් නඩත්තු වෙන එන් ජී ඕ ආයතනයේ බලපෑම් මතය, නැතිනම් ජොබ් එකට කෙලවෙන්නේය.

බෝනගේන් කලාකරුවෝ හා ක්‍රීඩකයෝ වැහි වැහැලාය. දැන් කොම්පැනි කාරයෝද පැමිණ ඇත. ඒ එන්නේ උන්ගේ මාකටින් වලටය. ඩයලොග් කාරයෝ සම්ප්‍රේෂණ කුළුණු හදන්නේ ගෝටා එලවන්න නෙමේය. උන්ගේ බිස්නස් වැඩි කර ගන්නටය. හැම එකාම එහෙමය.  අපි දුන් ගුලිය කා එය ඉවත්කර ගැනීම වෙනම කතාවකි. 😁😁😁😁😁

රඹුක්කන මිය ගිය එකා මියගියේ, උන් වයලන්ට් උන නිසා බව කියා පිරිස අත පිසදාගෙන හොඳ බබාලා වූයේය. එහෙත් මුන් ගේම පටන් ගත්තේ අවසානයේ දළදා මාලිගාවද මංකොල්ල කෑමට කොල්ලන්ට මෝටිවේසොන් දීලාය.

මෙතන ඉන්නේ න්‍යායාචාර්‍ය ගල් ආඳෝ බවත්, අම්බරුවන් විසින් ඉතිරි වැඩ කොටස කරන බවත් මා ලිව්වේය. දැන් 88/89 නැවත සිහි ගන්වමින් කඩ වසා දැමීමට තුන්ඩු බෙදීමද ආරම්බ කර අවසානය. මේ ත්‍රස්තවාදයේ හා භීෂණයේ මහ ගෙදරය.

සිරිසේන මරණ දඩුවම ගෙනෙනා විට ඊට මිලේච්ඡත්වය යැයි කියූ උන්, දැන් රාජපක්ෂලා එල්ලා මැරීමට නහින්නේ ඔරිජිනල් සතා එලියට පැමිණ ඇති නිසාය.

දැන් මේවායේ නිර්මාතෘවරුන්ද සැපත්ව ඇත. එංගලන්තේ නාට්ටියක රඟපාපු එකෙක් ලෝකයේ හොඳම නළුවා ලෙසින් පැමිණ ඇත. 😁😁😁😁 දැන් ඔක්කෝම ඉන්නේ ජනාධිපති සූට් මහලාය.

ලැම්බෝගිනි කාරයෝ ඕසෙට පල්ලියට කඩේ යමින් සිටි. බෝම්බ තැබූ වහාබ්වාදියෝද, පාස්කු ප්‍රහාරයේ වින්දිතයෝද එක වැසිකිලියේ රෙමින් සිටී. ගම්මිසිරිස් ඇන්ඩ් පාදිලිස් අඹ යාලුවෝය.

ඊයේ, පෙරට්ටෝ හා ලිබරල් චින්තකයෝ මලබද්ධය වැළඳී, මලකට මරා ගත්තේය. දැන් පිරිසක් පාදෙනිය එල්ලා මැරීමට සූදානම් අතර, තවත් පිරිසක්, මේ අඳබාල සිඟිති ආතල් විප්ලව කාරයෝ මෙතනට වැද්ද ගත්තේ මොකාදැයි විමසති.

තා එකෙක් කුඩාරම් අස්සේ, ගංජා ගසා ඕගියක් දැමීමට යෝජනා කරද්දි තවත් පිරිසක් දහම් පාසල් දැමීමට යෝජනා කරති. තා පිරිසක් කොපිරයිට්ස් වලට මරාගනී.

ඒ අස්සේ මෙලෝ යකෙකුට නොතේරෙන, මෙලෝ රහක් නැති, බව්වොත් නොබලන, තුට්ටු දෙකේ කුණුහබ්බ නාඩගම් පෙන්නූ රැඩිකල් හිකනල්ලු, උන්ගේ දහ අට පාලී ජනතාවට පෙන්වමින් සිටී. ඒවා බලන්නෙ බලපු උන්ම පමණි. උන්ට මේවා සීරියස් උනාට අනෙක් උන්ට ඒවා පට්ට කොමඩිය.

මේ රටේ සිටින්නේ පට්ට ගෝත්‍රිකයින්ම බව ඔප්පු කරමින්,  මහා ලොකු ඉස්කෝලවල උන්ද, ඉන්ටර්නැෂනල් යන උන්ද, සියල්ලෝම තම රියැලටිය පෙන්වමින් ඔරිජිනල් සතා සමඟ පෙරහරට එක්වෙති.

ඉන් පසු සෙල්ෆි ගසා බුකියෙන් කොන්වීම වලකා ගනී. 😁😁😁😁

මේ පිළිබඳ කිසිඳු අවබෝධයක් නැති සාමාන්‍ය ජනතාවද, මුන්ගේ ආතල් බැලීමට පෝලීමේ විත්, නොමිළේ කා බී විනෝද වී, කපුටු කාක් කාක් කාක් කියා ගම රට බලා යති.

මෙතන ඉන්ධන අර්බුද නැත
විදුලිය අර්බුධ නැත
ගෑස් අර්බුධ නැත
සිමෙන්ති අර්බුධ නැත
කිරිපිටි අර්බුධ නැත
උද්ධමන අර්බුධ නැත
බඩු මිළ අර්බුධ නැත
ගෙවුම් ශේෂ හිඟයේ අර්බුධ නැත
කොටින්ම මේ මොහොතේ ප්‍රධානම ප්‍රශ්ණය වන
ඩොලර් අර්බුධයද නැත.

ඇත්තේ මං පොර වීමේ අර්බුධයක් පමණි..

මුන් නියෝජනය කරමින් දියවන්නාවේ ගව ගාලේ ඉන්නා අම්බරුවන්ටද ඊට විසඳුම් නැත.

ඒ... නායකයෝ නියෝජනය කරන්නේද අම්බරුවන්ගේ මානසිකත්වය නිසාමය.

එබැවින් රට ගොඩ ගැනීමට තම බුද්ධියෙන්, දැණුමෙන් හා අවබෝධයෙන් මේ මොහොතේ උත්සාහ ගන්නා සියල්ලන්ටම අපේ ගෞරවය හිමි විය යුතුය.

ඒ වගත් මෙසේය....