.

.

Mar 31, 2016

මරාගෙන මැරෙන්න සිතීම - The Mind Of A Suicide Bomber



මුලින්ම ඇමරිකානූ ඩොලරය රුපියක් 150 දක්වා ගෙනගොස් අපේ රටට විශාල ගෞරවයක් අත් කර දුන් ඒ හයිබ්‍රිඩ් ආන්ඩුවට අපේ ප්‍රණාමය මේ අවස්තාවේදි පුද කර සිටිනවාය. අප බලාගෙන සිටින්නේ මේ ආර්තික විජ්ජා කාරයෝ ඩොලරය සුපියල් 200 දක්වා ගෙන ගොස් අපේ රට ළෝකයේ ආර්ථික අතින් ශක්තිමත් රටක් කරනා තෙක්ය. ඒ දවස වැඩි කල් නොගොස් උදා වේවා කියා මාතලන් බොක්කෙන්ම ප්‍රාර්ථනා කොරනවාය.

දෙවනුව, නෙළුම් යාය සම්මාණ උළෙලේදී සම්මාණයට පාත්‍රවූ සියළුම බොග දමන්නන්ට හා දමන්නියන්ට සුභ පතා සිටිනවාය. එමෙන්ම ඒ වෙනුවෙන් කැපවූ සියළුම් දෙනාට මාතලන්ගේ මෙව්වා එක, මේ වෙලාවේ පිරිනමා සිටිනවාය. ඔය ඇනෝ ඇවිත් බජට් ඉල්ලන්නේ අලි පාටියේම උන් වෙන්න පුළුවන්ය. මොකෝ උන් මේ දවස් වල ඉන්නේ සල්ලි නැතිව පිච්චු පීකුදු වෙලාය. ඒ නිසා ඒ ඉන්පොමේසොන් ඔහොම ඉල්ලුවාට දෙන්න එපාය.

Mar 24, 2016

ECTA - ගැහුවොත් ගැහුවාමද...?

 

මාතලන් "එක්ටා" ගැන මක්කත් නොලියන්නේ මන්දැයි කියා ඊයේ පෙරේද හම්බ උන බොක්කේ ඩොකෙක්ද ඇහුවේය. මම ඌගෙන් ඇහුවේ ලියන්න මොනවද ඒ ගැන දන්නේ කියාය. එතකොට ඌ කිව්වේ උන්ගේ වෙබ් සයිට් එක බලන්නෙයි කියලාය. ආන්ඩුව කියන්නේ ගිවිසුම ඒක නෙවෙයි කියලාය. ඇත්ත කියන්නේ මොකාද කියන්න මාතලන් දන්නේ නැතිය. ඒ නිසා මූද හත් ගව්වක් තියා අමුඩ ගහන්නවත්, අන්ධයෝ සෙට් එක අලියා අත ගාලා දුන් උත්තර වගේ ඒවා ලියා චොර වෙන්නවත් මාතලන් නම් කැමති නැතිය.

Mar 19, 2016

එන්න යන්න නෙළුම් විලේ නෙළුම් නෙලන්න - Nelum Yaya Blog Awards 2016

 
 
දිනය, වරුෂ 2015 මාර්තු 26 වනදාය. සම්මාන උළෙල අවසාන භාහයේ පටන් ගත් මහා වරුෂාව නිසා පාරේ ටැපික් එක හෝ ගාලාය. සම්මාන උළෙල නොව ඕනම මලදානයක් අවසානයේ අනුමත් වීම එකම සිරිතක් කරගත් පිරිසක්, කොට අජියාගේ ඉස්පොට් එක සොය වාහන කට්ටක ගමන් කරමින් සිටි. ඉන් එකෙක් මාතලන්ය. ඌගේ ෆෝන් එකට එන ඇමතුමකි. "අඩෝ අන්න උඹ ටෙලිවිසොන් එකේ පෙන්නුවා...." ඒ මාතලන්ගේ බොක්කකි.. "අඩෝ... මොනාටද බං උඹ වගේ එකෙකුට සම්මාන දෙන්නේ. කරූට පිස්සුද..? ඇත්තටම මොකක්ද බං සීන් එක...?
 

Mar 16, 2016

රෙද්ද ගලවලා ගනින් බං.... - It is not Money Laundering

 
අලි හොරුන් ඇපේ මත,
මහ දවල් රහත් වෙයි .
රජ පැටවු ගෙදර යයි.
පොලීසිය නෝ කතා.
මීඩීයා කිරි සිනා...

Mar 15, 2016

විදුලිය, පරිපත හා පට්ට විදුලි ඉංජිනේරුවෝ - Funny Electrical Engineers



මාතලන්ගේ තාත්තා එක්ක ටැලිවිසොන් එකේ නිව්ස් අහන්නට හෝ බලන්නට වෙන්නේ නැතිය ඒකට හේතුව එයාට එච්චර ඇහෙන්නේ නැති එකය. එයාට ඇහෙන ගානට ටී වී එක දැම්මොත් ශබ්ද දූෂණය කොලාය කියා පරිසර අමාත්තියන්සෙන් උන්දෑ අත් අඩංගුවට පත් වෙන්න පුළුවන්ය. ඇත්තටම සද්දෙට දාන ඒක නවත්තලා තියෙන්නේ එහෙම බය කොරලාය. ඒත් අම්මා එක්ක විතරක් ඉන්න වෙලාවට, එයාට ඇහෙන ගානට ටැලිවිසොන් එක දාගන්නවාය. එතකොට අහල පහල මිනිස්සු ජනෙල් දොරවල් වහ ගන්නවාය.
 

Mar 11, 2016

චීවරයෙන් වසා ගත් පාතාලය - Under World under the Robe

 
 
කරුණාකර මෙම ළිපිය කියවීමට පෙර ප්‍රධාන පෙලේ ජනමාධ්‍යවලින් ප්‍රසිද්ධ නොකරන හා ප්‍රචාරයක් ලබා නොදෙන, පරසර හිතවාදියෙක් වන සජීව විජේවීර නම් වූ ඔහු, ඇලන් මැතිනියාරාමයට අලි පැටවා ගෙනත් දැමූ දිනයේ සිඳු වූවා යැයි කියනා සිඳුවීම් පෙල කියවා සිටින්න....

Mar 8, 2016

හොරුන්ගේ පව් ජනතාව ගෙවීම - Sri Lanka's debt crisis

 

 
මාතලන්ගේ රැකියා ජීවිතයේ වැඩිම කාලයක් වැඩ කල ආයතනයේ ස්වාමිවරුන් අද ගෙවන ජීවිතය ගැන දැක්කාම ඇති වන්නේ පුදුම කනගාටුවක්ය. ඒ වෙනින් කවුරුන්වත් නොව ලලිත් හා සිසිලියා කොතලාවලය. ඔවුන්ට සිඳු වූයේ කුමක්ද? සමාගම් වල අධ්‍යක්ෂකවරුන් හොරා කාපු ගේම් වල පව් ගෙවන්නේ ඔවුන් දෙදෙනාය. ඒ ඔවුන් දෙදෙනා සෙලින්කෝ සමාගමේ අයිතිකරුවන් හෙවත් හිමිකාරයන් නිසාය. ගෝල්ඩන් කී ආයතන්යේ පිස්සු කෙලිය කාවන් පෙරේරා, සුරම්‍ය කරුණාරත්න වැනි අය කිසි අවුලක් නැතිව ආතල් එකේ සිටිද්දී, උන් කල පව් ගෙවන්නේ අර දෙදෙනාය.
 

Mar 7, 2016

හර්ෂලා නොදන්න අපි දන්න කපල් සෙල්ලම් (අතිශයින් වැඩිහිටියන්ට පමණයි) - Couple Play at Independence Square (18+)

 
 
රටේ ප්‍රශ්ණ හැට කෝටියක් තියෙද්දි, හෙට අනිද්දා ආයෙත් බඩට කෙලින්නට යන බවට නිව්ස් එද්දි, ඇත්තටම හිතගෙන උන්නේ මේ සත පහකට වැඩක් නැති කාලකන්නි කපල් වල ආතල් ගැනීම් ගැන ලියන්න නොවේ. එහෙත් යහපාලනය ගෙන ඒම තුලම ඒ ගැන බලාපොරොත්තු තබා සිටී චරිත කීපය අතරින් කෙනෙකුන් වන හර්ෂ ද සිල්වා, මර්වින් සිල්වාගේ පාට් දාන්නට යෑම කුජීත බව නොකියාම සිටිය නොහැකි නිසා මේ සටහන ලියවෙන්නේය.
 

Mar 5, 2016

එඩ්ස් වන්නම - අතිශයින් වැඩිහිටියන්ට පමණයි - AIDS Wannam - 18 +



අවවාදයයි - ප්‍රබුද්ධයින්ට අනතුරුදායක විය හැක.

ගනන් ගන්න එපා පුතේ.
ගම විතරක් නෙමෙයි පුතේ,
ලංකාවම ඔහොම තමයි...
බහුතරයක් අම්බරුවෝ.

Mar 3, 2016

චම්පික, කිරිඇල්ල හා දෙමටගොඩ චමින්ද - Champika, Kiriella & Dematagoda Chaminda


අම්මට සිරි ලංකාවේ කතාබහ කරන්න යමක් කරන්නේ දේශපාලුවෝ ඉතරය, ඔය ඉඳ හිට පොඩි කොල්ලෙක් රොකට් එකක් යවන එකක් (ච්චී නොවේ) මිනිස්සු යට කොරන එකක් වගේ දේ ඇර, වෙන යම් දෙයක් වේද, ඒකත් දේශපාලනේට සම්බන්ධ දෙයක්ම වන්නේය. වෙන රටවල ඩොකාලා පර්යේසොන්වල යෙදිලා අළුත් බෙහෙත් වර්ග ප්‍රතිකාර ක්‍රොම අරවා මේවා හොයා ගත්තාට, මෙහේ ඩොකාලත් කොරන්නේ පොලිටික්ස්ය.