.

.
Showing posts with label Mal. Show all posts
Showing posts with label Mal. Show all posts

May 14, 2013

උණු පාන්, මල් හා වැඩි සීනී ප්ලේන්ටී - Bread, Marijuana & Plain Tea


සිරිමගේ කාළේ පාන් කාපු හැටියි, ඉස්කෝලේ කාළේ, "අල පාන්" කාපු හැටියි, කලින් ඒවල ලිව්වනේ. "පාන් කතා", පොතක් ලියන්න පුළුවන් උනත්, අද ලියන පාන් කතාවෙන් මේක නවත්තලා දානවා. මොකෝ සමහර උන්ට මල පැනලා තියෙන්නේ මේ වැඩේට. ඕන එකෙක්ගේ හොඳම කාළේ තමයි ඉළංදාරි කාළේ. ඒක මොන වයසෙ ඉඳලා මොන වයසටද කියන්න මම නම් දන්නෙ නෑ. හැබයි වයසට ගියත් ඉළංදාරියෙක් වගේ ජීවත් වෙන එක තමයි මගේ එකම පැතුම නම්.