.

.

Aug 27, 2012

මුන්නේස්වරම් ගාථා - Prayer for Munneswaram



අනුබුදු හිමිට කෙළ වැඩ උන් පෝද්දල
මහනාහිමිට කුණු හබ්බෙන් දම් දෙසලා
කැහැපොට ගහන් සිවුරත්, අඳනේ එළියේ
එළුවගේ බෙල්ල බේරනවා මුන් නේස්වරම්

Aug 26, 2012

විශ්‍රාම ගිය කතු තුමාට - Editor Quit



මගෙ යුග මෙහෙවර නිමවිය
නිරුවතින්ය චෞර රැජිණ
දියසෙන් කුමරා රජවිය
මුළු රටටම කිරි උතුරයි
මටත් සහෝ.. 
බොහො වෙහෙසයි
විශ්‍රාමය, විවේකයයි....

Aug 23, 2012

නැව ගිලුනත් බෑන් චූන් - Band played to the last


අපේ පොඩි මෑන් ගොන්පීටරේ ගේම් එකක් ගහනවාය. එකේ තියෙන්නේ මූදේ යන නැව් ගිල්ලන එකය. පොඩි එකාට මාරම ත්‍රිල්ය. එහෙම ගිල්ලන්නේ මෝරෙක්ය. නැව් අයිති කාරයෝත් තෝරූ මෝරුය. ටයිටනික් කියලා ළොකු නැවල් හදලා ඒක හදපු උන් කිව්වේ මේක කවදාවත් ගිලෙන්නේ නෑ කියලාය. ඒ උනාට ස්ටාටින් ට්‍රිප් එකේම ගිලී ගියේය. ඒකේ පාඩුව මැරුණ උන්ට විතරය, අදටත් ටයිටැනික් කියපු ගමන් ටොපියක් උනත් විකිනෙන්නේය. ඔහොම මගීන් ගෙන යන නැව්වල බෑන්ඩ් එකක් ඉන්නවාය. එයාලා නැව ගිලෙනකම්ම බෑන්ඩ් එක ගහන්න ඕනය. ඒ කියනේ මියුසික් දෙන්න ඕනය. චාන්ස් එකක් තිබුනොත් අන්තිමටම බේරෙන්නේ කැප්ටන්ය, ඒ ඉතින් ඉස්සරය මේ ළඟදී ගොඩ බිම පෙනි පෙනි ගිලුන නැවේ කප්පිත්තයි බෑන්ඩ් එකයි ඔක්කෝටම ඉස්සෙල්ලා පැනලාය. මේ රටේ නම් අවුලක් නැතිය. ඒත් ඒ රටේ කැප්ටන් කූරූ ගනිනවාය.

Aug 22, 2012

බන්ඩා මාමා කැම්පස් ටික වහලා රාලේ, ආයි ආයි ආපි ඔන්න සෙල්ලම් කාළේ (18+) - Campus closed 2 (18+)



කැම්පස් එකේ කුරුළු ජෝඩුවලටත් හරි පාඩුයි, හන්තාන වේලෙනවලු, අයේ ඉතින් කවද දකින්නද සුදෝ...

නිවාඩූ කාළේ නිකන් ඉන්න එකේ "අමරසිරි පීරිස්ගේ",  "හන්තානට පායන සඳ" ගීයේ තාලයට ගයා සැනසෙන්න...

----------
හන්තානට පායන සඳ, ලස්සනයිද අහන්න.....
නිවාඩුවට ගෙදර ඇවිත්, යන්න ඕන බලන්න....

Aug 21, 2012

කැම්පස් කම්බස් - Campus Closed


දැන් ජැනරේසොන් එකේ වාසිටි කෙල්ලෝ කොල්ලෝ දන්නේ නැති උනාට, අපේ ජැනරෙසොන් එකේ විස්ස විජ්ජාල පද්දතිය වැඩිපුරම තිබුනේ දින නියමයක් නැතිව වහලා දාලාය. තේරිච්ච උන් අවුරුදු ගනන් ගෙදර හිටියේය. ඒ කාළේ කැමපස් විතරක් නෙමේය, සිල්ලර කඩත් වැහුවේය. චිට් එක දීලා විනාඩි පහක් යනකොට, මුළු ටවුමම ගෙදර ගියේය. බස් යන එකත් නැවතුනේය. එහෙම චිට් දීපූ අය, අද චිට් එකෙන්ම දියවන්නාවේය. දෙගොල්ලෝම තරඟෙට පද්දතිය වහලා තිබ්බේය. කොල්ලන්ට කෙල්ලන්ට ඉතරක් නොව ආචාර්ය කස්ටියටත් නිවාඩුය. මේ තුන් කස්ටියගෙන්ම සමහරු රට පැන්නේය, සමහරු කැළෑවේ පැන්නේය, සමහරු නිවන් ගියේය.

Aug 19, 2012

දයාසිරි යයිද මෙයා....? - Hunger for power


දයාසිරි ගැන පෝස්ට් එකක්ම ලියන්න හිතාගෙන උන්නේ නැතිය. ඒත් මගේ ඡන්ද විමසීම් ගැජට් එක වැඩ කොරන්නේ නැතිය. ඒ නිසා දැන් ඉතින් පෝස්ට් එකකින් වත් ඒ ගැන විමසිය යුතුය. දයාසිරි හැන්ඩියාය. කැළණිය පැත්තේ රවුම් ගහන කාළේ ඉඳන් මම මෙයාව දන්නවාය. ඒ වගේම උගෙනුමටත් දස්සයාය. ලොක්කාට පස්සේ මම දැකපු නම්බර් වන් පී ආර් එකක්ය. මනමාල හිනාවෙන ඕන එකෙක් අල්ල ගන්නවාය. කැම්පස් එකේ ඉඳන් පටන් ගත්ත පොලිටික්ස් දියවන්නාවටම ගියේය. ජී ඇල් ගේ ගෝලයාය. දැන් ගුරා ආන්ඩුවේය. ගෝලයා විපස්සයේය.

හිම කඳු සහ ළෝ දිය - Hot Mountains


හිම දියව මොහොතකින්
රත් වේවී කඳු මුදුන්
මහා හඩ නංවමින
පුපුරාවී දරා උන්
රාග ගිනි

Aug 17, 2012

බේබද්දන්ට උපදෙසක් (18 +) සහ (විවාහකයින්ට පමණයී) - Advice for married members of the BAR Association


මම හිතාගෙන උන්නේ කලින් මේක ලියන්න ඇති කියලාය. ඒ උනාට මගේ බොග හොඳට බලන එකෙක් කිව්වේ මේ ජෝක් එක ලියලා නෑ කියලාය. මේක ජෝක් එකක් උනාට අපේ මිතුරන් කීප දෙනෙකුටම වැඩේ හරි ගියේය. අත්දුටුවයිය. ප්‍රත්‍යක්ෂයිය. කොල්ලෝ කාළේ ගමේ ගැන්සිය එක්කයි. ඔෆීස් සෙට් එක එක්කයි. බිස්නස් කරනවනම් ඒ සෙට් එක එක්කයි, බොන අපි වගේ කොල්ලන්ට (හිහ් හිහ්) බැන්දයින් පස්සේ හෙනම හෙන අට මගලයක් වෙනවාය. ඒ ආයිත් අර සෙට් එක එක්ක සෙට් වෙන්න බැරි එකය. සමහර විට ගමෙන් පිට ගියත් ඒ ගමේ සෙට් එකක් එක්ක හරි බොන අකා සෙට් වෙනවාය.

Aug 15, 2012

අයියෝ සිරිසේන, පටිසන් දීම් හා රනිල් භීතීකාව - I O Sirisena, EAHR and Ranil Phobia


අපේ ආච්චි, අපි පොඩි කාළේ, අපිවයි, අහල පහල ලපයි සිපයි ඔක්කෝම ළඟින් තියාගෙන, සීනී දවටපු දෙල් බැදපුවත් බෙද බෙද, කතන්දර කියලා දෙනවාය. (දැන් කතන්දර කියලා දෙන්නේ කතන්දර සූරීන්ය.) ඒකට දැන් කාළේ ආච්ච්ලා, පොඩි එකාට සුපර් මෑන් ගැනයි, බැට් මෑන් ගැනයි කියන්න කිය කියා, පොඩි එකාගේ බිස්කට් එකට කෙලිනවාය. (ඇඩ් එකක් ගියා මතක නැතුව ඇති.) රජ කතා, සුරංගනා කතා, ජාතක කතා, ගැමි කතා ඔක්කටම වඩා ආච්චි කැමති බන කතා කියලා දෙන්නය. ඉස්සර කාළේ දැන් වගේ පැය 24 ම බන කිව්වේ නැතිය. බනක් තිබුනත් නිකන් මඟුලක් වගේය. ලවුස්පීකර් ගස් බඳිනවාය. ගමටම කියනවාය. ඊට පස්සේ කොටිකාවත්තේ සද්ධාතිස්ස සාධු හරි මාදුළුවාවේ සෝභිත සාධු හරි එනවාය. කන පැලෙන්න හිත පිරෙන්න දෙනවාය. කොටිකාවත්තේ සද්ධාතිස්ස සාධු නම් සහෝදරයන් විසින් අපවත් කළේය.

Aug 13, 2012

පොඩි කෙල්ලෙක්, බෝයි ෆ්‍රෙන්ඩ්ට කියපු කවිය - Teenage Love



අයියෝ ඔයා බය වෙලානේ අනේ...!

හේන කොටයි අප්පච්චි,
අම්මන්ඩිත් පිට වෙච්චි..
ආච්චි නම් සැර කොච්චි,
දෑස ඇගේ නොපෙනෙච්චි..
කී දවසක් පහු උනාද,
ඒත් මොකෝ බය වෙච්චි..

Aug 11, 2012

ඔලිම්"පුක්" බැලුවෙමි - 2012 Olympuk


උදේ පටන් මහ රෑ වෙනකන් ඉඳ                          ලා
මහ රෑ පටන් එලිවෙන ජාමෙත් රැඳි                       ලා
පොඩි උන් එක්ක එක්වී කටවල් ඇර                    ලා
ඔලිම් පුක් බැලුවේ පවුලම එකතුවෙ                     ලා

Aug 10, 2012

රජ ගෙදර මැකෝ - Roayal Macaw


ජනාධිපතිතුමා ආරක්ෂක එකේ කෂ්ටියට මැකෝ ගිරවා පොඩ්ඩකට ගෙනෙන්නැයි කීවේය. ටික වෙලාවක් ගියත් මැකෝවත්, මැක්කෙක්වත් නැති නිසා ළඟ හිටපු එකෙකුට කිව්වේ. "මම අරුංට ගිරවා ගේන්න කිව්වා, බලනවා තාම මොකො නැත්තේ" කියලාය. ඌ ඇවිත් ලොක්කාට කිව්වේ "සෑර්.. ඌ පැනලා ගිහිල්ලා කියලාය". අර මක්කැයි උනේ කියන කොටම, වෙල්ලමුල්ලිවෛක්කාල් වල අහු උන කොටි ටිකක් වගේ ලොක්කා ගාවට ආපු ගාඩ් එකේ උන්ගෙන් එතුමා ඇහුවේ "කෝ යකෝ මැකෝ" කියලාය. "බුදු සෑර් ඌ එක පාරටම ඉගිල්ලිලා ගියා, අපි මේ ඌව හොයනවා" කියපු උන්ගේ අම්මලා ගැන මොන මොනවාදෝ කියපු ජනාධිපතිතුමා, මලත් අතේ තියාගෙන ඇතුලට ගිහින් ආරක්ෂක මල්ලිට කෝල් එකක් ගත්තේය. "මල්ලි බලනවකෝ මාර වැඩේනේ, මැකෝ පැනලා ගිහිල්ලනේ" කියපු ලොක්කාට මල්ලි කිව්වේ "එහෙනම් මේ පාරත් කොම්පියුටර් ජිල්මාට දාලා, ආතතිය හැදෙයි කියලා බයේ පැනලා යන්න ඇති" කියාය."ඒ වාහේ නෙමේ ඕයි.. රජගෙදර මැකෝ" කියු ලොක්කා කිව්වේ හමුදාවේ ඔක්කෝම දාලා හරි මැකෝ හොයලා දෙන්න කියලාය.

Aug 8, 2012

අනේ හිරු නිකා ඉන්න....


කැළඹුනා විශ්වයම.
හිරු පියා මියගියා .
අනේ හිරු විතරමද,
සඳ තරුද, කුජ බුදද,
කේතූ සනි, සෙනසුරුද,
හෙන පවා කැඳවුවා....

Aug 5, 2012

Z ළකුණ, ගණන්කාරයෝ, බූරුවෝ සමග ජාතික අනන්‍යතාව - Z Score, Bloody Fools, Thugs and Nationality

බුදු හාමුදුරුවෝ මෙළොව උපදින්නට පෙර, තව්තිසාවේ සිටන් පස් මහ බැලුම් බලන්නෝය. මන්ද මතු බුදු වූ කළ ධර්මය කෙසේ වෙතත්, කස්ටිය බුදු හාමුදුරුවන්ගේ "බැක්ග්‍රව්න්ඩ්" එක හොයන නිසාය. එහෙම නැතුව යේසුස් වහන්සේ වගේ උපන්නානම් වන්නේ, යේසුස් වහන්සේට සිදුවු දේමය. ඒ බුදු වෙන්න ඕන නිසාය. ඒත් අද කාළයේ ළෝකෙන් උතුම් රටේ, පිරිසිඳුම බුදු දහම් තියෙන රටේ, පස් මහ බැලුම් බලා උපන්නත් වැඩක්ම නැත්තේය. මන්ද බුදු බව ලැබුවායයි දෙසුවොත්, අම්බානක කන්න වෙන නිසාය.

Aug 2, 2012

බාල ඩීසල් සහ අඳ බාල ඇමතිවරු..... - Minister of laugh


ඉස්සර අපේ පැත්තේ සරු කඩයක් තිබුනේය. අයිතිකාර මුදලාලි බෙන්තර ගඟෙන් එහා පැත්තේ කෙනෙකි. උඩු රැවුලක්ද තිබුනේය. කොයි වෙලාවෙත් සාලුවක්ද කරේ දමාගෙන සිරියේය. මුදලාලි දැක්කාම බඩ කට විතරක් නොව, ගත සිතද පිනාම යනවාය. ඒ තරමට සීදේවීය. මුදලාලිගේ පී. ආර්. එකද මොකක්ද එක මාරම මාරය. එක බඩුවක් ගන්න එන එකා මුදලාලිගේ කීමට තව බඩු ගන්නවාය. මුදලාලිටත් ආතල්ය. අපටත් ආතල්ය.