.

.

Jul 7, 2019

සොමියට බයිසිකල් හා මල් ව්ජේ


නෙදර්ලන්තේ තානාපති නෝනා...., තානාපති කාර්‍යාලේ ඉදලා..., අපේ රෝස නෝනා හම්බෙන්න, එයාගේ ඔපීස් එකට සයිකලෙන් ගිහින් තිබුනාය.. ආයේ ආවෙත් ඒකෙමද දන්නෙ නැති උනත්, පස්සේ ආරංචි උනේ, මේකත් සොමියට කරපු වැඩක් කියලාය....

Jul 5, 2019

හැන්ගර් මෑන්හේ එල්ලා මැරීම



ඔය මොකක්ද ඔය කරන්න යන්නේ.....
අනේ දුවේ මෙන්නෝ....
ජනාධිපති තාත්තා එල්ලෙන්න යනෝ....

ජයන්ති නෝනා මර හඬ දෙනවා...
චතුරිකා දුවත් කඩාගෙන ම්දුලට ආවා....

සිරිසේන මහත්තයා කඹයක් අරගෙන.....
පැජට් පාරේ ගහකට නැගලා....

ජයන්ති නෝනා කෑ ගහපු සද්දෙට.... ආරස්සකයෝ විතරක් නෙමේ...
කවුරු හරි මැරෙණකන් බලාගෙන ඉන්න..... රෙනෝද සිල්වයි, දිලිත් ජයවීරත් එතන.....

ලොක්කට පඩයක් ගියත් බ්‍රේකින් නිව්ස් දාන සිරසෙන් තුන් ලෝකෙටම ලයිව් බ්‍රෝඩ්කාඩ්ටින්ග්....

මහින්ද අමරවීර හඬ අවදිකලා....
අනේ සෑර් බහින්න සෑර්....
අපි කොහොම හරි මහින්ද ලොක්කට කියලා.....
 නොමිනේසොන් අරගන්නම්.....
 දැන් 2015 පොද්දා වගේ නිහතමානී වෙලා....
 ගහෙන් බහින්නකෝ....

ඒ අස්සෙ විජේරාම මාවතේ උන්න මහින්ද ලොක්කටත්, විමල්ගෙන් ආරංචි වෙලා, උන්දැත් එතන...

මක්කැයි වාහේ කොරන්න යන්නේ... ඔතනින් බැහැලා උන්නා නම්.. අපි ආයේ 18 ගේමූ.... මම රනිල්ටත් කියන්නම්.....

ඒත් ලොක්කා නෙමේ බහින්නේ....
පොර කඹේ එක කෙලවරක් ගහේ ගැට ගහනවා..

මීඩියා කාරයෝ පොටෝ ගහනවා...
රොයිටර් ඇවිත් චතුරිකාගෙන් මේ ගැන දැනගෙන උන්නෙ නැද්ද කියලා ඇහුවම.... ඔත්තු සේවා මගින් කිව්වට මෙහෙම දෙයක් වෙයි කියලා හිතුවේ නෑ කිව්වා....

අපේ නම තහනම් හාමුදුරුවෝ පිරිත් කියනවා... ලිට්‍රෝ හාන්දුරුවෝ ආටානාටිය කියනවා....

ඒ අස්සෙ දප්පුල ඇවිත් ගහක් උඩ ඉන්න ජනාධිපති කෙනෙක් ගැන ව්‍යවස්ථාවේ කොතනකවත් නැති නිසා..... ස්ථාවර නියෝගයක් දෙන්නම විදියක් නෑ කිව්වා....

දැන් කලුවරත් වැටිලා... මෙගා පොලිස් එකෙන් ඇවිත් ප්ලෑෂ් ලැයිටුත් ගැහුවා....

සජිත් එතනට එන ගමන් රනිල්ට කෝල් එකක් අරගෙන සීන් එක කිව්වම....
රනිල්...., ෆනී ෆෙලෝ... ඩෝන්ට් වොරි.... හරී කියලා කෝල් එක කට් කළා...

අනේ සෑර් මේන් යූ ඇන් එකේ ලොක්කා කතා කරනවා කියලා ශිරාල් ෆෝන් එක දික්කරාම... ලොක්කා කඹේ අනික් කොනේ තොන්ඩුවක් දාලා ඒක උඩට ගත්තා...

යේස් නෝ.... යේස් නෝ.... දිස් කඹේ ප්‍රොම් පකිස්ථානෙන්... ආ යූ ක්‍රේසීද හිටන්... අනන් මනන් සද්ද වගයක් ආවට පස්සෙ... ලොක්කා ෆෝන් එක පල්ලෙහට විසි කළා...

දයාසිරි ඒක අරගෙන එයාගේ ගානේ හදලා දෙන්නම් කියලා සාක්කුවේ දාගත්තා....

ඕන් එක පාරටම ලොක්කා තොන්ඩුව බෙල්ලට  දාගත්තා...
පැන්නා...
ඔක්කොම හොල්මන්...
ලොක්කා ඉන්නවා හිනා වෙවී...

මම මෙහෙම උන්නට..... අපි දුප්පත් කාළේ.... පොලොන්නරුවේ වැල් වල ගහෙන් ගගට පැනපු..... ටාසන්ද අපේ මෑන් වගේ කොල්ලෝ.... කියලා... ඔරලෝසුව දිහා බලලා නිදාගන්න ගියා...

ඔයා ඔහොමමයි අනේ..... හරි විහිළුකාරයා..... කියපු ජයන්ති නෝනා ලොක්කා පස්සෙන් ගියා...

චතුරිකා .... ඊළග පොතේ මේ කෑල්ල  එන්නම ඕනේමයි හොඳේ දීප්තී කියලා කාටද කෝල්ලෙකක් ගත්තා.....

Jul 2, 2019

පාතිමා හා පූජිත....



පූජිත යනු පොලිස්පතිකමට කිසිසේත්ම සුදුසු පුද්ගලයකු නොවේ....

ඔහුට හිමි දෑ සහ නිසි තැන .... දැන් ඔහු භුක්ති විදිමින් සිටී....

අම්මට සිරි ලංකාවේ දූෂිතම ආයතනයක් වන පොලීසිය ඔහු කෝලම් මඩුවක් කළේය....

පොලීසිය තිබුන තැනින්ද පහළට ඇද දැමුවේය...

පාතිමාගේ කතාව එලියට එන්නේද පොලිස්පති අත් අඩංගුවට පත් වූ දිනයේම වීම දෛවයේ අපූරූ සිදුවීමකි....

පාතිමා සිංහළ බෞද්ධ පුරුෂයකු හා විවාහ වීම නිසා (මේ කතාව දැන් බොහෝ අය දන්නවාය...) තම දරුවන් දෙදෙනා ඉදිරියේ ඇදුම් ඉරා ගල් හාමුගුරු වලින් පහර දෙමින් පාර දිගේ ඇදගෙන ගොස් පොලීසියට බාර දෙන්නේ... සහරාන්ලාම පමණක් නොවේ....

බන්ඩාරගම පොලීසියේ ධර්ම චක්කරේ අතේ ගසාගත් සහරාන්ලාගේද අධීක්ෂණය හා රැකවරණය යටතේය..... එක්කෝ පල්ලියෙන් මුන්ගේ කොන කපා තිබෙන්නට ඇතිය.... නැතහොත් මුන්ගේ සාක්කු පුරවන්නට ඇතිය....

මෙය සිදුවූයේ අරාබි රටක නම් අපට කිසි අවුලක් නැත්තේය....

මේ කාන්තාවන් මුස්ලිම් වූවද ශ්‍රී ලංකා මවගේ දියණියන්‍ වේ..... ඔවුන්ගේ අයිතිවාසිකම් සුරැකීම..., රජයේ මෙන්ම පොලිස් කාන්තා කාර්‍යංශයේ යුතුකම හා වගකීමය....

එහෙත් පිස්සෙක් පොලිස් මහ පුටුවේ සිටියදී, අනෙක් උන්ගෙන් යුක්තිය බලාපොරොත්තු වීමද එකම විකාරයකි....

බන්ඩාරගම පොලීසිය මේ කාන්තාවට විශාල වන්දියක් ලබා දිය යුතු අතර....,

එම වන්දිය පල්ලියෙන් ඉල්ලා ගත්තාට අපට අවුලක් ඇත්තේම නැතිය.....