.

.
Showing posts with label Campus Cindy. Show all posts
Showing posts with label Campus Cindy. Show all posts

Jan 24, 2014

බොගග් දාන හැටි... - How to start a Blog






ශ්‍රී ලංකාවේ ජනප්‍රිය, කලා බූසන, සකල කලා වල්ලබ, වතුර ලේබක, කාව්ය සිරෝමනි, සම්මාණ ලද..

මහාචාර්ය මාතලන් ශූරීන් විසින් පවත් වනු ලබන..

"බොග දැමිමේ පන්තිය..."

පන්ති ආරම්භ කලා..!!!

බොගක් දමන්නේ කෙසේද...?

තටමන්නේ නැතිව.., ලේසියෙන් බොගක් දැමීමේ...

අති සාර්ථක දෙවන පන්තිය..

දැන් පැවැත්වේ..

ගොඩවන්න.. කියවන්න.. ජයගන්න.. අරඹන්න..

"පැම්පස් සින්ඩියේ".>>>.
-x-

Jan 9, 2014

"දිනමිණ" පත්තරෙත් විනාසයි - End of the "Dinamina" News Paper


ටපලා ටපලා, සෝමවාහිණියේ "මුල් පිටුව" කියවපු සභාපති තුමා, පත්තර මහගෙදරට ගොඩ උනේ, මල පැනලාය. පැනිල්ල කොච්චරද කියනවා නම්, ලේක් හවුස් එකෙන්, මල් පත්තර දහයක් විතර ගහගන්න පුළුවන් සයිස් එකටම, මල, හොඳ එකෙන්ම පැනලා තිබුනේය.

වෙනදාට, කාටුන් වලින් කස්ටියටම කින්ඩියක් දමා, මල් කුමාරයා වාගේ කන්තෝරුවට ගොඩ වෙන සභාපති තුමා, මල පැනලා ඉන්නවා දැකපු ඔක්කෝම උන්, "ගුඩ් මෝනින් සෑර්...." ගෑම පැත්තක තබා, හෙමිහිට මාරුවෙලා ගියේ, ජනාධිපති තුමා මල පැන්න වෙලාවට, ඇමතිලා තම තමන්ගේ ආසනේටම ගිහිල්ලා නවතිනවා වාගේය.

Dec 3, 2013

මහා බ්ලොග් සම්මාන උළෙල - Mega Blog Awards


දිනය - ක්‍රිස්තු වර්ෂ 2015 ක් වූ දුරුතු මස 15 ලත් ශනිදා
ස්ථානය - හම්බන්තොට නාමල්පොකුණ සම්මන්ත්‍රණ ශාලාව
උත්සවය - 2014 මහා බ්ලොග් සම්මාන උළෙල
උත්සවය ආරම්භ වන වේලාව - උදෑසන 10.00
දැන් වේලාව - උදෑසන 9.45

Nov 30, 2013

කැම්පස් සින්ඩිය...??? - Campus Cindy...???


ඒ පාර මොකක්ද මේ ...?
මේක මේ බ්ලොග් කළාවේ උන්නතිය වෙනුවෙන්, යහපත් සිතිවිල්ලෙන් පටන් ගත්ත වැඩක්, වැඩේ පටන් ගන්න ඉස්සරත් වැඩේ සාර්ථකයි කියලා හිතෙනවා. නමුත්, ඒක දිගටම ගෙනියන එක තමයි අපි කාගෙත් යුතුකම.

එතකොට මොකාද මේක කරන්නේ..?
මෙහෙම අහලා තිබුනේ මාරයා. ඇත්තටම ඒක ප්‍රශ්නයක් නේන්නම්. මේ අදහස මුලින්ම ඉදිරිපත් කළේ නලියට. මොකෝ මේ වගේ දේකට, බ්ලොග් වලින් විතරක් ප්‍රචාරය දීලා වැඩක් නෑ. ඊට පස්සේ කතා කලේ වෙද මහත්තයට, ඒ... වැඩිදුර උපදේශයක් එහෙම ගන්න ඕන නිසා. තවත් කීප දෙනෙකුටම කතා කලා. ඔවුන් හැමෝම වැඩේට සහයෝගය දක්වන්න එක පයින්. නලියයි මායි ඇඩ්මින්. වෙද මහත්තයා උපසේන. අනිත් අයගෙත් උදව් අනිවාර්යයෙන් බලාපොරොත්තු වෙනවා.