.

.
Showing posts with label Granny. Show all posts
Showing posts with label Granny. Show all posts

Apr 15, 2012

ඔට්ටුව මාරුවීම - What's the bet


ලෝන් ගහල, හතර අතේ ණය වෙලා, අවුරුදු කෑවයි කියලා හිතන් උන්නට, අවුරුද්ද ඇවිත් අපිව කාලා ගිය එකයි කලේ. අප්ෂෙට් එකේ ඉන්න වෙලාවේ මට හිතුනා ජෝක් එකක් ලියලා දාන්න..සමහර විට අහලාත් ඇත. කියවලාත් ඇත. එහෙම කලින් අහලා තියෙනවනම් නොබැලුවාට අවුලක් නැත. අපේ පිරිමි කස්ටිය රජ කාළේ පටන් බොනවාය. ඒ කාළේ බිව්වේ කිතුල් රාය. ඔක්කෝම සජ්ජුරුවන්ට අයත්ය. පුරුතුගීසී ආවාට පස්සේ, අපේ අය බය නැතුව බොන්න පටන් ගත්හ. සුද්දගෙන් රේන්ද ලයිසොන් ලැබිච්චි පින්වතුන් අදටත් පට්ටම සල්ලි කාරයෝය. සැටලයිට් නෝනාගේ කාළයේ බේබද්දෝ වැහි වහින්න බෝ උනේය. එතුමිය කුමක් නොකලත් රට පුරා බාර් නම් දැම්මාය. ඒ එතුමියගේ ගුණ යහපත් කම නිසාමය. එයාගේ අම්මා මෙන්ම අපෙත් අම්මා උන, මැතිනිගේ කාළේනම් අපට අල බතල කන්න කියා එයාලා පොරින් කෑම කෑවේය. නමුත් සැටලයිට් නෝනා තනියෙන්නොබී, අපටත් බොන්න රට පුරා ඒවා ව්‍යාප්ත කලාය. නිවන් දැකීමට එතුමියට ඒ පිනම ඇත. එතෙක් උපදින සෑම ආතමයකම, ඇයට විස්කි ලැබේවායි පතමි.

Mar 13, 2012

පර මල් - Dead Flowers

පිපෙන්නත් පෙර
නෙලා ගෙන ගොස්
පිපේ..වී රජ
සිටු මැදුරු තුල.....
මුදුව සැරසෙති
රේණූ මල් පෙති
සැවොම රොන් බොති
උරා සැනසෙති.....

Aug 3, 2011

අත්තම්මගේ රස කතා - Funny Stories of Grandma


ටික දවසකින් විහිළු කතාවක් දෙකක් කිව්වෙ නැති නිසා මටත් නිකන් මොකක්ද වගේ, ඒක නිසා මේ කතන්දර දෙක කියන්න හිතුන. සමහර වෙලාවට ඔයාල අහලත් ඇති, නමුත් අපේ බසින් නම් නෙවෙයි. කියවල බලන්නකෝ. මේ ජාතියේම කතාවක් කලිනුත් ලිව්ව ඒක මෙන්න මෙතනින් බලන්න.