.

.
Showing posts with label IMF reforms. Show all posts
Showing posts with label IMF reforms. Show all posts

Jun 19, 2025

මහින්ද සිරිවර්ධන වැඩ්ඩෙක්ද?

 





මහින්ද සිරිවර්ධන වැඩ්ඩෙක්ද?

➖➖➖➖➖➖➖🔸🔶🔸➖


මුදල් අමාත්‍යංශයේ ලේකම් වෙන්න අනිවාර්‍යයෙන් ඉකෝන් ඇන්ඩ් එකවුන්ට්ස් වගේම ග්ලෝබල් ට්‍රේඩීන් ඇන්ඩ් ටැක්සේසොන් දැනගෙනත් ඉන්ටම එපාය...


එතෝට සිරිවර්ධන මහත්තයා ඔය ඔක්කෝගෙම ප්‍රවීනයෙක් වෙන්ට ඇති....


ඒත් එයාගේ කාළෙම තමා ගෝටා විදෙස් ණය ගැන්ම නැවැත්තුවේ... වාහන අපනයනය නැවැත්තුවේ... රට බංකොලොත් රාජ්‍යයක් වුනේ....


ඊට පස්සේ ගෝටා විසිවෙලා රනිල් ආවමත් සිරිවර්ධන මහත්තයාමයි වුන්නේ... හැබයි රනිල් බංකොලොත් වෙච්චි රටේ imf යෝජනා අනුව ජනප්‍රිය නොවන තීන්දූ තීරණ අරගෙන මහ බැංකුව ස්වාධීන ආයතනයක් කරනවා වගේම..  


2024 අංක 44 දරණ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත (Public Financial Management Act) ගෙනත් තවදුරටත් මුදල් අච්චු ගැසීම වගේම රාජ්‍ය මූල්‍ය කළමණාකරනයේ නව නීතී රීතී රෙගුලාසි විශාල ප්‍රමාණයක් හඳුන්වා දෙනවා පමනක් නොව....


(ඔය ජනාධිපති ලේකම් කාර්‍යාලයේ තිබූ උත්සවයකදි මේක විශාල ජයග්‍රහණයක් බව ඔය සිරිවර්ධන මහත්තයන පිලිගත්තා... හැබයි බුවා ඊයේ ඉමෝෂනක් වෙච්චි නිසා කතාවේ ඒ කෑල්ල කඳුළු වලින්  කවර් වෙන්නැති... අපේ අය මේවට ඕසෙට රැවටෙන්නේ 😁....  අනික මේ ජනපති ඉස්සරහා ඕක කියලා ... අර කිව්වා වගේ පොරට ජම්පරේ දායි කියලා බයත් හිතෙන්නැති)


76% තිබූ උද්ධමනය තනි ඉලක්කමකට ගේනවා වගේම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් දුන් සියලුම ඉලක්ක සපුරමින්.. ජාත්‍යන්තර බැඳුම්කර පවා ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථකව නිමා කරමින්.... 5% ආර්ථික වර්ධනයක්ද සමඟ කජු හා ඇල්ගීත් කමින් ඩොලර් බිලියන 6 ක විදේශ සංච්තත් ඉතුරු කරමින් ගිනි තිබ්බ ගෙදරට යනවා....


දැන් සීයා ගිහින්.... තබුත්තේගම මහේන්ද්‍ර ප්‍රසාධිනී කයිතන් උන්නැහේ ඇවිත් මාස 6 ක්... තාමත් ඊයේ වෙනකන් සිරිවර්ධන මහත්තයා ලේකම්.... හරි විදියට ඩොලර් සංචිතේ ඩොලර් බිලියන 7.5 ක් වෙන්ට ඕන... ආර්ථික වර්ධනේ 5% ට වැඩි වෙන්ට ඕන...


හැබයි එහෙම වුනේ නෑ.....


ඉතින් වැඩ්ඩා සිරිවර්ධන මහත්තයාද?

කජු කාපු සීයද?


සත්‍යයේ සටහන

බුද්ධියේ විමසුමට....

.

Dec 16, 2024

ඉකොනොමැට්ටාට අමතක වූ ශෙහාන් සේමසිංහ හා වැල් පාලමේ ඉන්දියා යාම

 



ඉකොනොමැට්ටාට අමතක වූ

ශෙහාන් සේමසිංහ හා

වැල් පාලමේ ඉන්දියා යාම

➖➖➖➖➖➖➖➖🔴➖


අනුර කුමාර ජනාධිපති සඕදරයාගේ ඉන්දියානු ගමන දේශපාලනිකව ගත්කල අති සාර්ථක  ධනාත්මක සංචාරයක් බව මාතලන්ගේ මතයය. එයට අදාලව රනිල්ගේ ඉන්දියානු පෙරගමන මෙන්ම පසුගමනද පෙන්වා දෙමින් සිටිනුයේ ජවිපේ ගොබ්බයන්ගේ ඉන්දියානු විරෝධය බව්වට දමා... රාශ්‍රපඨි දිසානායක... ජියෝ පොලිටික් බලවතුන්ගේ ආශීර්වාදය හා අනුග්‍රහය මධ්‍යයේ.... රනිල්ගේ වැල් පාලමේ ඉදිරියටම යාමට නියමිත බවය.


ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථකව නිමාවට පත්වීමත්.... කොටස් වෙළඳපල සීඝ්‍රයෙන් ඉහළ යාමත් සිඳුවූයේ.... මේ ආන්ඩුවේ සෙල්ෆි ගහනා වදකහ ගොබ්බයන්ගේ ලබ්බක් නිසා නොව... පෙර ආන්ඩුව ඒ වෙනුවෙන් සිඳුවිය යුතු කරුණු කාරනා සියල්ලම නිමකළ තිබූ නිසාවෙන්මය.


ඒ ගැන පරිපූර්ණ මට්ටමේ ලිපියක් ඉකොනොමැට්ටා විසින් ලියා තිබුනද... ඒ තුල, ඊට වල කැපු හිඟන දේශපාලුවන් ගැන සිහිකැඳවීම් ඇතත්.... ප්‍රශංසාවට ලක්විය යුතු දේශපාලන චරිත අමතක වීම කනගාටුවට කරුණය.


රට වැටී තිබූ තත්වයෙන් ගොඩ ගැන්ම ගැන ජාත්‍යන්තර සංවිධාන හා දැවැන්ත චරිත මඟින් රනිල් වික්‍රමසිංහ අගය කිරීමට ලක් වූ බව සත්‍යයක්ම වුවද,.... ඉකොනොමැට්ටාගේ ගෞරවාදරයට පාත්‍රවන, මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මෙන්ම.... ඔහුට අමතක වූ කණ්ඩායමේ දේශපාලන නායකත්වය දරූ ශෙහාන් සේමසිංහද ඇතුලත් විය යුතුම බව මාතලන්ගේ මතයය.


ඔහු පාර්මේන්තුව තුලද ජාත්‍යන්තරයේද මේ වෙනුවෙන් අති විශාල කාර්‍යභාරයක් ඉටු කළේ... ආර්ථික ශාක්ෂරතාවයක් නොමැති, ජවිපේ හා ජජබ ගොබ්බයන්ගේ පමණක් නොව.... දේශපාලන කුහකයකු වන මහා ආර්ථික උස්තාද්ලා සේ පෙනී සිටින හර්ෂ ද සිල්වා, එරාන්, කබීර් වැනි කුහකයින් සේම මැටිමෝල් සජිත්ගේ පාර්ලිමේන්තුවේ ගොන් දෙපැයටද තාර්කිකව නිවැරදි  හා සත්‍ය උත්තර බඳිමිනි.


උන්ගේ කියුම් හා කෙරුවාවන් අමතක වුවද.... වසන්ත සමරසිංහ හා චතුරංග අබේසිංහ යන ජවිපේ හා ජාජබ ගොබ්බයන් දෙදෙනෙකුගේ කියුම් කෙරුම් එම ලිපිය තුලින් ගෙන මෙහි සඳහන් කරණුයේ...., රනිල් හා කණ්ඩායම කළ සියල්ල අමතකව... අද හාල්, පොල් නොව, ලුණුත් නැතිව ඉන්නා ගුණමකු හාල්පාරූ ජනතාවගේ දැණුම්වත් භාවය උදෙසාමය.


වසන්ත සමරසිංහ ගැන

උපුටාගැන්ම

___________________⭕___


// කොටින්ම එකල ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදී එම සිදුවීමට පෙර දිනයක ප්‍රකාශ කර සිටියා, අර්ථ සාධක අරමුදලට කිසිදු අතක් නොතිබන බවත්, බැංකුවලින් ලබාගත් ණය පමණක් ප්‍රතිව්‍යුහගතකරණයට ලක් කරන බවත්. 


එය ඇසුණු වර්තමාන ආණ්ඩුවේ එක ඇමතිතුමෙක් එකල ජනතාව ඇවිස්සීමට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා බැංකුවල තැන්පත් කළ මුදල් ආණ්ඩුව විසින් මංකොල්ලකෑමට යන බවත්, ඊට කලින් ජනතාවගේ මුදල් බේරගන්නා ලෙසත්. 


ඒත් මහ බැංකුවත් මුදල් අමාත්‍යංශයත් එම දෙපාර්ශවයෙන්ම කරපු බියවැද්දීම් වලට යට වීමකින් තොරව, දින කීපයකට බැංකු නිවාඩු දී ජාත්‍යන්තර බැඳුම්කර මිලදී ගැනීම නිසා, දැනටමත් පාඩු ලබා ඇති බැංකුවලින් ලබාගත් ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් තොරව, ධනාත්මක මූල්‍ය ප්‍රවාහයන්(positive cash flow) ඇති අර්ථ සාධක අරමුදල නිවැරදිව ජනතාවට ලොකු පාඩුවක් නොවන සේ නිවැරදි පරිදි ප්‍රතිව්‍යුහගතකරණයට ලක් කලා. 


එසේ නොකර වඩා ජනප්‍රිය මතය වෙච්ච බැංකු පද්ධතියෙ ණය ප්‍රතිව්‍යුහගතකරණයට ලක් කලා නම් සිදු වෙන්නට තිබූ හානිය කියල නිම කරන්න බෑ.


( ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථකව සිදුකිරීමට බැංකු නිවාඩු දුන් සතියේ , ඒ නිවාඩුව දුන්නේ කාටත් හොරා බැංකු ටික මංකොල්ල කෑමට බව වර්තමාන ආණ්ඩුවේ ඇමතිතුමෙක් ප්‍රකාශ කළා කාටත් මතක ඇති) //


චතුරංග අබේසිංහ ගැන

උපුටාගැන්ම

___________________⭕___


// ඉන්පසු තමයි ඔවුන් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හෙවත් ISB ප්‍රතිව්‍යුහගතකරණයට අත ගැහුවේ. මේක තමයි සංකීර්ණම ක්‍රියාවලිය වුණේ. මොකද එවැනි බැඳුම්කර මිලදී ගැනීමෙන් පසුව ඒවා නැවත ජාත්‍යන්තර බැඳුම්කර වෙළඳපොලේ ඒවායේ වෙළඳපල වටිනාකම් අනුව විකිණෙනවා(bond trading). එවිට එම ISB විශාල කණ්ඩායම් ප්‍රමාණයක් අතරට බෙදී යනවා. ඔවුන්ව එක සාකච්ඡා මණ්ඩපයකට ගෙන ඒම බොහොම අමාරුයි. 


නමුත් එම ISB හිමිකරුවන් වැඩි ප්‍රමාණයක් සාකච්ඡා වට වලට ගෙන ඒමට ඔවුන් දෙදෙනාට හැකි වුණා. මුල් වට වල සාකච්ඡා වලින් එකඟ වූ ප්‍රතිව්‍යුහගතකරණයන් සාර්ථක වූයේ නෑ. 


ඊට හේතුව එම ප්‍රතිව්‍යුහගතකරණයන් imf එකේ ණය තිරසාර කර ගැනීමේ ව්‍යුහයට (DSA) අනුකූල වූයේ නැති වීමයි.


( නව රජයේ තරුණ කේවට්ටයෙක් එකල එම DSA එක ඔවුන් ඉදිරියේදී වෙනස් කරන බවත් දැනටමත් ඒ නව DSA එක සකස් කර ඇති බවත් එකල ප්‍රසිද්ධියේ වහසි බස් දෙඩුවා ඔබලාට මතක ඇති. එහෙත් එම කේවට්ටයන්ගේ වෘෂභ කතා නොසලකා හරිමින් කිසිදු වෙනස් කිරීමකින් තොරව එම DSA එක වර්තමානය දක්වාම පවත්වා ගැනීමට කටයුතු කිරීම ගැන නව රජයේ ඉහළ තීන්දු තීරණ ගන්නා පුද්ගලයන්ටත් මෙහිදී ස්තූතිය පුද කරන්න ඕනේ) //


ඉකොනොමැට්ටා කියන්නාක් මෙන්ම... මෙවන් දේශපාලන අඳබාලයන් පමණක් නොව, මහා ආර්ථික උස්තාද්ලා සේ පෙනී සිටිමින්.... මැතිවරණ සමයේද ඔලමොට්ටල ප්‍රකාශයන් සිඳුකල හඳුන්නෙත්ති සහ නලීන් හෑවගේ මෙන්ම වසන්ත සමරසිංහ හා චතුරංග අබේසිංහ වැනි ගොබ්බයින් හලා දමා.... 


ආර්ථිකය නිවැරදි මාවතේ ඉදිරියට ගෙනයාම.... එහි ගෞරවය හිමි විය යුතු නිළධාරින් හා ආයතන වලට මෙන්ම.... වැදගත් මහත්වරුන් සේ පෙනීයන.... මහාචාර්යවරයකුට හා ආචාර්‍යවරයකුට පවරා තිබීම පිළිබඳව.... අපේ ගෞරවය අනුර කුමාර ජනාධිපති සඕදරයාට පිරිනොනමා සිටීමට තරම් අප කුහකයන් නොවනා බවත් ලියා තැබිය යුතුමය.


සීයාගේ වැල් පාලමේ යාම හැර

වෙන ගමනක් නොමැති බව

සියල්ලෝ අවබෝධ කරගනු ඇත.


ස්වස්ති සිද්ධම්.....!!!!


.

Sep 27, 2023

IMF දෙවන වාරිකය නොලැබුනේ ඇයි?

 


IMF දෙවන වාරිකය නොලැබුනේ ඇයි?

➖➖➖➖➖➖➖➖➖➖➖🔴➖▪️


මාතලන්ලා ආර්ථික විජ්ජාග්නයෝ නොවේය. එහෙත් ආර්ථික විජ්ජාවේ මොන මොන ලබ්බවල් සොයා ගත්තත්, එහි මූලීක සිද්ධාන්තය වන්නේ හර සහ බැරය... සාමාන්‍ය වහරෙන් කියනවා නම්... ආදායම් සහ වියදම් ය. ඉන්ගිරිසියෙන් ඩෙබිට් හා ක්‍රෙඩිට් ය.


අම්මට සිරි ලංකාවට  හැමිනිලාම ගියේ අපේ ආදායමට වඩා වියදම වැඩි වූ නිසාය. ඒ කියන්නේ ක්‍රෙඩිට් වැඩි වූ නිසාය. ක්‍රෙඩිට් වැඩි උනාම වෙන්නේ ක්‍රෙඩිබිලිටි එකට කෙලවෙලාම යාමය.... ඉතින්, එයින් ගොඩ ඒමට නම්, අප අනුගමනය කළ යුතු ක්‍රම ඇත්තේ... දෙකක්ම පමණිය. එය ගෝනා ඔනෙකුට තේරෙන තරම් ඉතා සරළය.


1. ආදායම වැඩි කර ගැනීම 

2. වියදම අඩු කර ගැනීම


ඊයේ මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවේදී... IMF කණ්ඩායමේ ප්‍රධානී... පීටර් බෲවර් සුදු මහත්තයා ඉදිරිපත් කළ කරුණු කීපයක් විශ්ලෙෂණය කර බැලීමේදී පෙනී යන්නේ, අප මේ කරුණු දෙකම ඉටුකරගෙන නොමැති බවය.


⭕ ආදායම් වියදම් පරතරය හා බදු ආදායම


ඒ මහතා සඳහන් කරනාකාරයට... බදු ආදායම යනු ආර්ථිකය දරාගෙන සිටිනා කුළුණු වලින් ප්‍රධානම කුළුණක්ය. එහෙත් බදු ගැහිල්ලේදී , අඩුම බදු ගහනා රටවල් අතරින් එකක් වන්නේද, අම්මට සිරි ලංකාවය. මේ බදු ගසන්නේ රාජ්‍ය වියදම පියවා ගැන්මටය.


එහෙත් දැන් ඇති බද්දත් ජනතාවට බරක් නම්, බදු අයකර ගැනීම ගැන IMF ගෙනෙන යෝජනා කුමක්දැයි කියා සොයා බැලිය යුතුය.


විශේෂයෙන් IMF නිළධාරින් සඳහන් කරනා පරිදි, බදු එකතුකිරීමේ හා අයකර ගැනීමේ ඇති දුර්වලතා ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතුය.


රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව මෙන්ම, ආදායම් බදු දෙපාර්තුමේන්තුවද, පෞද්ගලික අංශයේ කළමණාකාරිත්වයකට යොමු කළ යුතු බව අප කියන්නේ බොහෝ කළකට පෙර සිටය.


මේවා හොර ගුහාවල්ය.

(මේ ගැන විස්‍තරාත්මකව වෙනම ලියනවාය)


⭕ දළ දේශීය නිශ්පාදනය (GDP) 3.1% හැකිලීම 


රටේ කෘතිම මිළ උද්ධමනයක් පැවතීම හා තවමත් සල්ලි අච්චු ගැසීම මීට ප්‍රධානම හේතුව වේ. 


උදාහරණ - වාහන හා ඉඩ කඩම්, බිත්තර හා සියළුම මස් වර්ග.


මෙය ඉතා දරුණු තත්වයක් වනාතර ඒ ගැනත් වෙනම ලියනවාය.


⭕ IMF යෝජනා ක්‍රියාත්මක නොවීම.


පීටර් බෲවර් සුදු මහත්තයා කියානාකාරයට... දෙවණ ණය මුදල ලබා නොදීමේ ප්‍රධාන හේතු දෙකෙන් එකක් මෙය වේ. 


දේශපාලුවන් අතරින් මේ පිළිබඳව අවබෝධයකින් ජනතාව දැණුම්වත් කළේ පාඨලී චම්පික රණවක පමණි. 


එහෙත් කනගාටුවට කරුණ නම්, වත්මන් පාලකයින්ට මෙන්ම... වෙන්ඩ ජනාධිපතිලාටත් මේ ගැන වගේ වගක් නැති බව පැහැදිලිවම පෙන්වමින් සිටීමය.


ආන්ඩුව පාඩු ලබනා ආයතන හෙවත් සුදු අලි තවමත් නඩත්තු කරමින් සිටිනාතර, මෑතකදි ශ්‍රී ලංකට් එයාර් එකට කෑලී 400 ක්ද බඳවා ගත්තේ ලෝකයටම අඬ බෙර ගසලාය.


⭕ දේශීය හා විදේශීය ණය ප්‍රතිව්‍යූහගතකිරීම ගැන සෑහිමකට පත් නොවීම..


මාතලන්ගේ විශ්වාසය නම්... අර්ථසාධක අරමුදලට හා සුරැකුම් පත් වලට පමණක් ඉලක්කම් සෙල්ලමක් දමා පෙන් වූයේ ගැලවිජ්ජා ගේමක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මාට්ටු වී ඇති බවය.


එබැවින් ඔවුන් බලාපොරොත්තු වන දේ... ඔවුන් සමඟ සාකච්ඡා කොට විසඳා නොගන්නේ නම් ... ලංකාවට ආර්ථික වශයෙන් මාරම පරිප්පුවක් කන්නට වෙන බව නම් නොඅනුමානය.


මන්ද ... මේ මොහොතේ අප රටේ හා ආර්ථිකයේ එකම ගැලවුම් කරුවා IMF හෙවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිසාමය.


මෙතෙක් දැමූ එක පඩත්තල ගැලවිජ්ජා සෙල්ලම් දමා ඔවුන් ඇන්දීමට යාමට ගියහොත්... තොපිට වෙන්නේ ඉල්ලාගෙනම කෑමක් බව... ඊයේ ඔවුන්... කෙලින් නොකියාම කියලා ගියේය.


මාතලන් යකා 

.

Apr 10, 2023

නන්දලාල් IMF පිල්ලියක්ද?


 නන්දලාල් IMF පිල්ලියක්ද?

➖➖➖➖➖➖➖➖🔴➖

.

නන්දලාල්ගේ කල්ක්‍රියාවන් පිළිබඳව මෙතෙක් කලක් කටේ කෙල බිදක් නොහෙලූ අනුර කුමාර දිසානායක, දැන් නන්දලාල්ට කොක්ක ඇඳිම ආරම්බ කරලා තියෙනවාය. එයා කියන්නේ නන්දේ IMF ගේම් කාරයෙක්‍ය කියලාය. අපි නම් ඕවා කිව්වේ නන්දේ ආපු දාමය.


අන්‍රයියා මෙසේ කීමට හේතු වූයේ ඇයි?


මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳ අබ මල් රේණුවක දැණීමක් නැති පුංචි මොළයක් සහිත පුංචිහේවා උන්නැහේ, තම තනි මතයට පලාත් පාලන චන්දය ප්‍රකාෂයට පත් කලේ, IMF සහනය අපට ලැබේදෝ නොලැබේදෝ යන අන්ව්ස්වාසබල් සමයකය.


ඒ සමයේ රටේ සමාන්‍ය ජනතාව තබා බිස්නස් කොමියුනිටි එකටවත් කිසිඳු බලාපොරොත්තුවක් තිබ්බේ නැතිය. චීනා එකඟ කර ගැනිම කිසිසේත් කළ නොහැකි බව සියල්ලෝම මෙන්ම නන්දලාල්ද විශ්වාස කළේය. බොහෝ විට මේ පිටුපස චීනයද ඉන්නට ඇත්තේය. 


ඒ කාලයේ නන්දලාල්ද උන්නේ ජේවීපී රැල්ලේ පිහිනමින්‍ය. ඒ ජේවීපී ආන්ඩුවක් ආවත් තමන්ගේ තනතුර රැක ගන්නටය.  නන්දලාල් නොව බිස්නස් කොමියුනිටි එක නොව, ආර්ථික උස්තාද්ලා කියන අඩ්වකාටාලත් උන්නේ ඒ රැල්ලේය. 


පෙතිසතේ 3% සිට 80% ටම නැගලා තිබ්බේය. ආර්ථිකය ගැන මෙලෝ අලබෝලයක් නොදන්නා ජෙප්පන්ටද, නන්දලාල් කෙරේ තිබුනේ මාර ලව් එකක්‍ය. ඒ කාළේ එයාලා හිතුවේ නන්දලාලුත් චීනාගේ ප්ලාන්ට් එකක් කියලා නිසාය.


එහෙත් ඉන්දියාව හා රනිල් ගැසූ ගේමෙන් නන්දලාල් ඉතරක් නොව ඇමරිකාව හා චීනයද  කොර වෙලාම ගියේය. ඒ මුදල් ඒකකය එකම මුදල් ඒකකයක් බවට පත් කිරීමේ යෝජනාවය. සියල්ලෝම නැටි පුපේ ගසා ගත්තේ ඉන් පසුවය. පහුවදාම චීනා කිව්වේ ණය ප්‍රතිව්‍යූහගතකිරීමට තම පූර්ණ සහාය ලබා දෙන බවය. ඒ බව ඔවුන් ලිඛිතවම IMF වෙත ඉදිරිපත් කළේ පැය 48 ක් ගතවීමටත් පෙරය.


මේ සියල්ල දේශපාලනයේ පරිනත ගේම් කාරයෙක් වූ රනිල්ගේ වැඩ මිස, වෙන කවුරුන් හෝ සිහිනයෙන්වත් සිතූ දේ නොවේය. 


ජේවීපී නන්දලාල් ප්‍රේමය ඉතා අවාසනාවන්ත ලෙස දෙදරා ගියේ IMF සහනය දින කීපයක් තුල ලැබීම පමණක් නිසා නොවේය. IMF සුද්දන්ගෙන් ප්‍රශ්ණ අහපු රැල්ලේ පිහිනමින් සිටී ජඩමාජ්ජවේදින්ට IMF සුද්දෝ කිව්වේ, පලාත් පාලන චන්ද තියන එක තමුසෙලාගේ වැඩක් මිස අපේ වැඩක් නෙමේ කියලාය.


රනිල් හා ගේමෙන් සිටි නන්දලාල් උන්නැහේද අලියා පිටේ නඟින්නේ ඉන් අනතුරුවය. වෙනදා ආන්ඩුවට එගේන්ස්ට් එකට, තවුසන් ටෝක්ස් ඉෂූ කරපු උන්නැහේ, දැන් තනිකරම ඉන්නේ රනිල්ගේ සාක්කුවේය. ඒත් ගවනර් කෝට්ටෙක බේරාගන්නටය. ඒ අස්සේ IMF දේශීය නියෝජිතයාත් ඊයේ නොකියා කිව්වේ සියල්ලන්ටම දැන් තියෙන එකම සරණ රනිල් හා එක්වීම පමණමයි කියලාය.


ඉතින්...  ප්‍රේම සබඳතා බිඳ වැටුනාම ඔහොම වෙනවාය. දැන් අන්‍රයියාගේ ලව් එකට නන්දේ බූට්ටෙක තියලා අහවරය. ඉතින් මෙහෙම වියෝ ගී ගැයෙනා එක විශේෂයක් නොවේය.


වත්මනේ නම් මෙවන් ශෝකාන්තයන්, සප්‍රයිස් කරන්න ඇස් පියා ගන්නෙයි කියා, පිහිගෙන් බෙල්ලට කෙලලා අරින සයිස් එකට ඇවිල්ලා තියෙනවාය.


පෙරදා මහ රෑ මා සිහිළැල් උර මඬලේ

මුහුණ හොවා ගෙන ළසොවින් වැළපුන

ඔබේ විඩාපත් නෙතින් ගලා ගිය

කදුළක කැළලක් ඉතිරි වෙලා

පෙරදා මහ රෑ මා සිහිළැල් උර මඩලේ


ඔබහට පෙම් කළ යුගය නිමා කර

වෙන් වී යන්නට දවස පැමිණ ඇත

සමාව දෙන් මට සෙනෙහෙ සිතින්.....


කියා .... සුනිල් සඕදරයා ලියා

නන්දා සඕදරී කිව්වේ ඒ නිසාමය....


දන් ඒක කියන්නේ අන්‍රයියාය.....


ඒ වගත් මෙසේය......


.

Mar 8, 2023

IMF සහනය සියල්ලට තෛලය වන්නේද?


 IMF සහනය

සියල්ලට තෛලය වන්නේද?

➖➖➖➖➖➖➖➖🔴➖


පරගලයෙන් ගිනිකන වැටුන උන් මුලින්ම කිව්වේ, මේ ආන්ඩුවට හා රනිල් රාජපක්ෂට IMF එකෙන් මෙලෝ දෙයක් දෙන්නේ නෑ කියලාය. එහෙත් මේ මාසය තුලදීම හෝ නුදුරු දිනකදි එම සහණ ණය මුදල ලැබීම ආරම්බ වනු ඇත්තේය.


දැන් පරගල අපතයන් පාරට බැස උද්ඝෝෂණ කරමින් වලිකන්නේ, එය නවතා දමා, රට තවදුරටත් කාබාසිනියා කර දැමීමටය. මේ උද්ඝෝෂණ හා වැඩ වර්ජන කරනා සියල්ලන්ටම සංග්‍රහ කල යුත්තේ ත්‍රස්තවාදීන් සේ සලකාය.


IMF එක ලැබුනාම සියල්ල එයින් ගොඩ යන්නේය යන අමන සිතුවිල්ලක් ආර්ථිකය ගැන මෙලෝ අලබෝලයක් නොදන්නා උන්ට ඇති විය හැකි වුවත්, ආර්ථිකය ගැන දන්නා උන්ට එහෙව් ගොබ්බ සිතිවිලි ඇති වන්නේ නැතිය.


දැන් මේ දෙස බලා සිටීමට නොහැකිව අර්ශෂ් තද වූ, වැඩිපුර ඩොලර් 500 න්, ත්‍රිකුණාමලයෙන් හා දේශීය ආර්ථිකයකින් රට ගොඩ දැමීමට බලා සිටිනා ආර්ථික උස්තාද්ලා කියන්නේ, තව තවත් ණය අරගෙන, රට තවත් ආමාරුවේ දාන්න යනවාය කියලාය.


රට මේ ලෙස විනාශ වූයේ ඝෝඨා විසින් එහෙම දේශීය ආර්ථිකයක් හදන්න ගිහිල්ලාය. එහෙව් බඩකඩුත්තුවක් මේ රටේ කරන්න බැරි බව මේ වෘෂභයින්ට අත්දැකීමෙන් හෝ තේරුම් ගැන්මට මොළය කළඳක් ඇත්තේ නැතිය.


මේ රටේ කාර්මික හෝ කෘෂිකාර්මික නිශ්පාදන කරනවාට වඩා කළ යුත්තේ ඩුබායි, සිංගප්පූරුව මෙන් සේවා ආර්ථිකයකට යාමය. ඊට හේතුව වන්නේ, අපේ නිශ්පාදන පිරිවැය ඉතා ඉහළ විමත්, නිශ්පාදන අමුද්‍රව්‍ය නොමැති වීමත්‍ය.


හොඳම උදාහරණය බිත්තරයය. 


100% බද්දක් ගසා ඉන්දියාවෙන් ගෙනත් ලාබයකුත් තබාගෙන රුපියල් 35 කට පාරිභෝගිකයාට ලබා දිය හැකි බිත්තරයට, අද අපි රුපියල් 55-60 ක් ගෙවමින් සිටිමු.


 පුද්ගලයින් හතර පස් දෙනෙකුගේ මාෆියාවක් හා උන්ගෙන් කප්පම් ගන්නා දේශපාලන පක්ශයක් මෙන්ම, උන්ගෙන් අල්ලස් ගන්නා රාජ්‍ය නිළධාරින් වෙනුවෙන්, බිත්තර වෙනුවට පරිප්පු කන්නේ කුමකටද?


මේ IMF ණය ගැන ඇති අනියම් බියද අමු ප්‍රොපගැන්ඩාවකි. අපි 16 වතාවක් ණය ලබගෙන ඇතයි කීවත්, ඒ 16 වතාවේම ලබාගෙන ඇති මුලු මුදලේ එකතුව ඩොලර් බිලියන 3.6 කි. 


තව දුරටත් ඔවුන්ට ගෙවීමට ඇත්තේ යහපාලන සමයේ ලබා ගත් ඩොලර් මිලියන 700 ක් පමණකි.


යුද්ධයෙන් පස්සෙ රාජපක්ෂලා ලබාගත් වැඩිම   ණට මුදල වූ ඩොලර් බිලියන 1.65 ක මුදලද ගෙවා අවසානය.


(IMF දත්ත එක් ඡායාරූපයක් තුල විස්තරාත්මකව එල්ලා ඇත.)




කෙසේ වෙතත් මේ මොහොතේ මහ බැංකුව ස්වාධීන ආයතනයක් කිරීමට ගෙන එන යෝජනාව මාතලන්ට අනුව නම් කොමිසම් සභා වලට එහා විකාරයක්මය. කළ යුත්තේ, රට ආර්ථික වශයෙන් ගොඩ එන තෙක් හෝ දිගටම, ඉන්දියාව කලාක් මෙන්, IMF නියෝජිතයින්ගේ අධීක්ෂණයට යටත් කිරීමය.


ඊට හේතුව වන්නේ, ඩොලරය ශක්තිමත් වී රට නැවත යතා තත්වයට පත් වෙමින් තිබෙන්නේ නන්දලාල් වීරසිංහගේ හෝ රනිල් වික්‍රමසිංහගේ දස්කමක් නිසාවෙන් නොව, ඒ දෙදෙනා විසින් ක්‍රියාත්මක කළ IMF යෝජනා හේතුවෙන් වීම නිසාය.


රනිල්ට හා නන්දලාල්ට අපේ ප්‍රණාමය හිමි විය යුත්තේ, කිසිවකුටත් බිය නොවි ඒ යෝජනා ඒ ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට තරම් කොන්දක් තිබීමේ හේතුවෙන්මය.


ඒ වගත් මෙසේය....


.

Sep 3, 2022

පුතානෝගේ රාජකීය කුමන්ත්‍රණය.

 


රට බංකොලොත් කළ,

කාණු කටා පියානෝගේ,

පුතානෝගේ රාජකීය කුමන්ත්‍රණය.

➖➖➖➖➖➖➖➖➖➖➖➖▪️


මේ රට බංකොලොත් රාජ්‍යයක් බවට ප්‍රකාෂ කිරීම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් බව, එය ප්‍රකාෂ කළ දිනම මාතලන් සිටී මතයය. මේ ඒ පිලිබඳ මුල සිටම කෙරෙන විග්‍රහයකි.


ඝෝඨාගේ ජනපති සටන ටාගට් කළේ දේශීය සිංහළ බෞද්ධ බලවේගයයි. මේ රටේ බලය ඩැහැගැනීමට මාන බලන අනෙකුත් ආගම්වාදී, ජාතිවාදී, ත්‍රස්තවාදී, සියළුම බලවේගයන්වල සහාය හිමිවූයේ සජිත් ප්‍රේමදාසටය. 


එහෙත් ඒ බලවේගයන් සියල්ලම පරාජය කරමින් ලැබූ ජයග්‍රහණය, අර බලවේග සියල්ලේම සිහිණය පොලොවේ ගසා කුඩු කර දැමුවේය. (එය නැවත වරක් අරගලය හරහා ඩලස් මඟින් ඉදිරිපත් කර ගැනීමට ගියද, සිංහළ බෞද්ධ බලවේගය විසින් නැවතත් ඒ සිහිණය කුඩු පට්ටම් කර දැමුවේය. එය එසේ වූයේ නම්, රැට්ටා බැට්ටා, බෙට්ටා මොට්ටා පාර්ලිමේන්තුවේ ඉන්නා බවත්, පෝට්ටුවේ උන්ට ඉන්නට වෙන්නේ අඩි හයක් පොලොව යට බවත්, රෝහිත අබේගුණවර්ධන කිව්වේ හෙන ගහනා ඇත්තම කතාවය.)


එම බලවේග සියල්ලම එකතුව, මේ රජය පෙරලා දැමීමේ ජාත්‍යන්තර කුමන්ත්‍රණය රාජිත සේනාරත්න විසින් ආරම්බ කරන්නේ ආන්ඩුව බලයට පැමිණ දින කිහිපයක් ගතවීමටත් පෙරය. ඒ ගානියා බැරිස්ටර් රාජිත විසින් උස්සලාය. ඒ වැඩේ හත් පොලේ ගාගෙන චොර වුනා කියා කස්ටිය වැඩේ අත ඇරියේ නැත.


රට ආර්ථික වශයෙන් විනාශ කොට  බංකොලොත් රාජ්‍යයක් කිරීමේ දේශපාලන කුමන්ත්‍රණය ආරම්බ වන්නේ ඉන් අනතුරුවය. කෝවිඩ් වලට රට වසා දැමීම, 

ඉස්ලාම් බැතිමතුන්ගේ භූමදාන සඳහා අවසර නොදීම, 

සයිනොෆාම් එන්නත ගෙන ඒමට විරුද්ධව උසාවී යාම, 

මුදල් මුද්‍රණය කර ජනතාවට සහන දීම ආරම්බ කොට ඉන් අනතුරුව රුපියල් 5000/= මදි කියා, අප උන්නා නම් 20000/= දෙනවා කීම, 

ඉන් පසු මුදල් මුද්‍රණය කරනවා කියා මර හඬ දීම,

ගෑස් ලිප් පිපිරවීම, 

ගුරු වර්ජනය, 

උන්ගේ පඩි වැඩි කර ගැනීම, 

කොරෝනා කාලයේත් වැඩ වර්ජණය කිරීම, ඉන්ධන මාෆියාවක් නිර්මාණය කොට ඉන්ධන අර්බුදයක් මැවීම හා 

අවසානයේ අරගලයක් නිර්මාණය කිරීම 

යන මේ සියල්ල පසු පස උන්නේත් ඒවා උලුප්පමින් කතා කලේත් කව්ද යන්න විමසිලිමත්ව සොයා බැලීමෙන්, මේ පසුපස උන්නේ කව්ද යන්නත්, 


සජිත්ගේ පිරිස් විසින් අඹර අඹරා දුන් මේ ලණු සියල්ලම දේශපාලනය තබා කළමණාකරණය ගැනවත් මලපොතේ අකුරක් හෝ නොදන්නා ඝෝඨාභය විසින් සෝස් දමාගෙන කා ඩෙසර්ට් එකට පී. බී, ලක්ෂ්මන් හා අජිත් නෙවාඩ් කබ්‍රාල්ගේ ගුලි ගිල දමා, ජනාධිපති කමටත් කෙලගෙන යාමත්, අද ඇත්ත වී අවසානය.


මේ සියල්ල පිළිබඳ මාතලන් යකා  එදා සිටම ලියූ ලිපි ප්‍රමාණය අනන්තය අප්‍රමාණය. මේ ගුලි කාලා අවසානයේ වෙන්නේ හිතා ගන්න බැරි වැඩක් කියා, ඒවායේ දහස් වර ලියා තිබුනේය. එමෙන්ම විදෙස් මෙන්ම දේශීය කුමන්ත්‍රණ පිළිබඳ විශේෂඥයකු වන විමල් වීරවංශට මේවා නොපෙනුනේද, එසේත් නොමැති නම් ඔහුත් ඊට සම්බන්ධ වූයේද යන්නත් අබ මල් රේණුවක මොලයක් ඇති එකෙකුට දැන් වටහා ගත හැකිය. උන්නැහේ කරන්න යන්නේ කුමක්දැයි කියා ඒවා ක්‍රියාත්මක වන්නටත් පෙර අප ලියා ඇත්තෙමු.


කෙසේ හෝ විදෙස් තානාපති කාර්‍යාල කීපයක මුදල් හා දේශපාලන බලයෙන්, සිරස හා සියත මාධ්‍ය නාලිකාවල සාදර දායකත්වයෙන්, එරාන් හර්ෂ හරහා පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙමින් රටේ ආර්ථිකය විනාසයි, බැංකු විනාශයි කියමින්ද, 


ගම්මන්පිල හරහා බොරතෙල් ගෙන්වීම නවතා සපුගස්කන්දේ තෙල් පිරිපහදුව වසා දමා, අවසානයේ රට පාලනය කිරීම ඇමරිකානූ ඇම්බැඩිඩර් නෝනාට ලබා දී, ඒ හරහා මුදල් අමාත්‍යාංශය බැසිල්ගෙන් ගලවා අලී ෂබ්‍රීට ලබා දී, ඔහු මුරුංගා අත්තේ තබා,


 ණයත් ගෙවමින් IMF යාමට උන් වැඩපිලිවල නවතා දමා (මේ පිළිබඳවද මාතලන් විසින් කීප වරක්ම ලියා ඇති අතර එම වැඩ පිලිවල පිලිබඳ පැහැදිලි විස්තරයක් අද දිනද Mahinda Pathirana විසින් ලියා ඇත.) නන්දලාල් වීරසිංහ ගෙන්වා, ඔහු හරහා රට බංකොලොත් බව ප්‍රකාෂ කිරීම පසුපස උන් දේශපාලන නායකත්වය සජිත් ප්‍රේමදාස බවත්, ඒ කුමන්ත්‍රණයේ සාමාජිකයින් කවුරුන්ද යන්නත් ඊයේ පාර්ලිමේන්තුවේදී මනාව ඔප්පු විය. 


මේ කුමන්ත්‍රණ කරුවන්ට ඉටු කර ගැනීමට නොහැකි වූ එකම කාරණය සජිත් රටේ ජනාධිපති කර ගැනීම පමණය. 


ඊයේ නන්දලාල් වීරසිංහ ප්‍රශ්ණ කරා කියා ඌයියා වී ඇත්තේ එයාලාටය. සජිත්, එරාන්, හර්ෂ යන තිදෙනාම, අනේ ඔයාලා නන්දලාල් එලවන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරනවා... එහෙම කරන්න එපා අනේ... කියන්නේ උන්ගේ කුමන්ත්‍රණය හෙලි වී, රෙදි ගැලවී අමු හෙලුවැල්ලෙන් ඉන්නා නිසාය.


උන්ගේ ලණු කා හිරෝ වී සිටින, අලී ෂබ්‍රි නන්දලාල් වෙනුවෙන් ගෙදර යන්න හදන්නේ ඝෝඨා වගේම ඝෝඨාගේ අබ්බගාත් උන්නැහේත් දේශපාලන අබ්බගාතයෙක් නිසාය. දේශපාලන පොට්ටයෙක් නිසාමය.


කෙසේ හෝ වජිර අබේවර්ධනගේ දේශපාලන ක්‍රියාකාරකම් පසෙක තිබියේවා ඔහු  කියන්නා වාගේ, පාර්ලිමේන්තුව තබා කැබිනට් මණ්ඩලය හෝ දැණුම්වත් නොකර නන්දලාල් විසින් බංකොලොත් බව ප්‍රකාෂ කළේ කෙසේද යන්න ගැන අනිවාර්‍යයෙන් පරීක්ෂණයක් කළ යුතුමය. මන්ද මුදල් පිලිබඳ තීන්දූ තීරණ ගත හැක්කේ පාර්ලිමේන්තුවටම පමණක් බව සජිත් මෙන්ම ඔහුගේ ගෝලයද හැමදාම ඔය ගවගාලේ කියා ඇති බැවිනි.


ඒ කෙසේ වෙතත් නන්දලාල් වීරසිංහ මොන බයිලා ගැහුවත් මේ වැඩෙන් රට, රටේ බැංකු, රටේ ව්‍යාපාරිකයින් හා ජනතාව ජාත්‍යන්තරය හමුවේ නෝන්ඩි වී අවසාන අතර, මැද පන්තියේ ජනතාවද හිඟන්නන් බවට පත් වී අවසානය.


එහෙත් මෙතෙක් අප සියල්ලො ජීවත් වූයේ තනිකර බොරුවක බවත්, දැන් යතාර්ථයේ ජීවත් විය යුතු බවත්, සත්‍යය ලෝකයේ ඇත්තෙන් ජීවත් වීම අමාරු බවත්, බොරුවට හැමදා ජයගත නොහැකි බවත්, සියල්ලෝම අවබෝධ කර ගැනීමටත් හේතූ වූයේ මේ තීරණය නිසාම හෙයින් එහි සුභවාදී පැත්තක්ද ඇති බව අප අවබෝධ කරගත යුතුය. භූමිතෙල් වැඩි වූවා කියා ජනතාව දැන් පාරට එන්නේ නැතිය. රාජපක්ෂලා හා එහි ගෝලබාලයින් රට කරවූයේ සහනාධාර බොරුවෙන් බවත් ඇත්තය.


මේකේ පට්ටම ආතල්ලෙක කියන්නේ, අද කුමන්ත්‍රණ කරුවන්ගේ රෙදි ගලවන උන්ට හිත හොඳටෝම රිදිලා කාණුකටාලා කියා නම් පට බඳින්නේ, එදා දේශපාලන ලෝකයේ කෙසෙල්වත්තේ කාණුකටා නමින් ප්‍රසිද්ධව වුන් පියානෝගේ පුතානෝ වීමය.


දැන් එයාලාට ඌයියා වුනාට කරන්නට දෙයක් ඇත්තේ නැතිය. මේ ඔවුන් රටට දෙන්න ගිය පරිප්පුවය. ඒ ලැජ්ජාව නිසා දැන් චන්දේ දෙන්න තබා නොදෙන්නවත් එන්නේ නැතිය. රෙදි ඇඳගෙන එහෙම එන්නටත් බැරිය.


දැන් මේ වැඩේට විරුද්ධ පාර්ලිමේන්තුවේ ඉන්නා උන්ගෙන් 5 දෙනෙකු පමණි. එලියේ ඉන්න හාල්පාරු යූනියන් හොරිකඩයෝ අදාලම නැත. ඒ නිසා රනිල් කළ යුත්තේ IMF යෝජනා වහාම ක්‍රියාත්මක කිරීමය. මන්ද උන් මානව අයිතිවාසිකම් පයිසෙකටවත් මායිම් නොකරන නිසාය.


ඒ වගත් මෙසේය....

.

Jul 5, 2022

IMF කියලා තියෙන්නේ මොකක්ද? අපේ උන් ඒවා හෙලි නොකරන්නේ ඇයි? අපේ උන්ට ඒවා කරන්න පුලුවන්ද?

 

IMF එක කියලා තියෙන්නෙත් රෝන්ග් ජෙනරේෂන් එක කියපු එකමයි.


ඒ කියන්නේ සම්පූර්ණ සිස්ටම් චේන්ජ් එකක් ඕන කියනෙක.


ඊයේ පාර්ලිමේන්තුවේ හර්ෂ ද සිල්වා මේක කිව්වා. IMF Reforms කරන්න නම් ඔක්කොම පක්ෂ එකතු වෙන්න ඕනෙයි කියනෙක. ඒ කියන්නේ ඔක්කෝම පක්ෂ ඉන්න ආන්ඩුවක්. ඇත්තටම මුන් එහෙම එකක් ඉල්ලන්නේ රිෆෝර්ම්ස් කරන්නද? සංසාරෙදි කරන්න වෙන්නේ නෑ. උන්ට ඕන ඇමතිකමක් ගන්න විතරයි.


මේ බයිලා ගහන්නේ, ඊයේ පෙරේදා සපුගස්කන්ද පෞද්ගලීකරණය කරන්න යනවට ඒකට ජීවීතේට ඉඩ දෙන්නේ නෑ කියපු, සිරිසේන කියන පිස්සත් එක්ක රජයක් පිහිටුවන්න යන බූරුවෙක්ගේ ආන්ඩුවක මුදල් ඇමති.


මේ රටේ ජාතික ආදායම ආන්ඩුවේ උන්ගේ පඩි හා විශ්‍රාමය ගෙවන්නයි, ණය ගෙවන්නයි මදි කියලා ඊයෙත් බන්ධුල ආචාරියා කිව්වා.


IMF වල ප්‍රධාන යෝජනාවක් වෙන්නේ මේ පාඩු ලබන ආයතන ගැන මොනවා හරි කරන්න කියලා විතරක් නෙමෙයි. ඒවයෙ තියෙන අදට නොගැලපෙන AR & FR පවා වෙනස් කරන්නෙයි කියලා. කොටින්ම රාජ්‍ය ප්‍රතිපත්ති සම්පූර්ණයෙන්ම ප්‍රතිව්‍යූහගතකිරීමට ලක්කල යුතුයි කියලයි. ඒ කියන්නේ නීතිය පවා වෙනස් කරන්න වෙනවා.


කොටින්ම තව අවුරුදු 15 කින් එන ලෝකයට යන දරුවට තාම උගන්වන්නේ සුද්දගෙ සිලබස්.


අපේ AR & FR කියන ඒවා තියෙන්නේ දෙයක් කරන්න නෙමෙයි, නොකර ඉන්න. මේ අර්බුධය අස්සෙත් වැඩ වර්ජන කරන 1/4 කන්නි ඉන්න රාජ්‍ය සේවයක් ගැන කවර කතාද?


තෙල් ගේන වැඩේ කරන්න නිළධාරීන් 400 ක් ඉන්නවලු, උන් කරන්නේ තෙල් ගේන නැවත් හරවලා යවන එක. මෙච්චර සේවකයෝ ඉන්න පෙට්‍රෝලියම් එකේ ඉරිදට නිවාඩු. තෙල් බෙදාහැරීම නෑ. ඔය ඉන්න සේවක කන්දරාවෙන් ෂිෆ්ට් ක්‍රමයට පැය 24 ම සේවය දෙන්න පුලුවන්.


විදුලිබල මණ්ඩලයේ ඉඦිනේරුවෝ 2015 ඉඳන් එක වොට් එකක් ජාතික විදුලි බල පද්දතියට එකතු කරලා නැතිව විතරක් නෙමෙයි. තමන්ගේ වියදමෙන් කොම්පැනියකින් සෝලා පැනල් එකක් සවිකරගන්න පාරිභෝගිකයට, ඒකට අවසර දෙන්නෙත් නෑ. ඒ උන්ගේ ඩීසල් මාෆියාව රැකගන්න.


ජාතික සම්පතක් කියන ශ්‍රී ලන්කට් ගුවන් සේවය වසරකට බිලියන 60 ක් පාඩුයි. තෙල් සංස්ථාවත් එහෙමයි. එක ඇරොප්ලේන් එකකට සේවකයෝ 270 යි. ලංගම බස්සෙකේ තත්තෙත් එහෙමයි. 


මේවා තියාගෙන ඉන්නේ ඒ ඒ ආන්ඩුවේ හෙංචයියන්ට රැකියා දෙන්න. කොටින්ම අනුර කුමාර දිසානායකගෙ පුතා මිහින් එයාර් එකට දාන්නේ නාමල් රාජපක්ෂ. ඉතින් මේ එකක්වත්, ඔය එකෙක්වත් ප්‍රතිව්‍යූහගතකරන්නේ නෑ.


ලංගම හා කෝච්චි අනික. ඒත් මේ සියල්ලම අධික ලාබ ලබන්න පුලුවන් බිස්නස්. ඒත මේවා රන් කරන්නෙ සමාජවාදී රටවල වගේ ආන්ඩුවෙන්. ඉතින් සංසාරෙදි මේ ආයතන ලාබ ලබන්නේ නෑ. හොරකම දූෂණය නාස්තිය රජකරන හොර ගුහාවල.


අනික කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. සත පහක වැඩක් ඇති තැනක්ද? සම්පූර්ණයෙන්ම පෞද්ගලීකරණය කළ යුතුයි. පර්‍යේෂණාගාර ඕන නම් විස්ස විජ්ජාලවලට අනුබද්ද කරන්න පුලුවන්.


කවුරු හරි කියනවා නම්, මේ 225 එලෙව්වාම මේක හරියනවා කියලා, මාතලන්ට නම් ඒ අමණයන්ට කියන්න තියෙන්නේ ඒ ආතල්ලෙකේ ජීවත් වෙයල්ලා. හැබයි අපි ඉස්සර ඉඳන් කියන, දැන් IMF ඇවිත් කියන ඔය රිෆෝම්ස් කරනකන් මේ රට ගොඩයෑම බොරු කියලා.


ඕවත් රැකගෙන කරනවා නම් කරන්න තියෙන්නේ එක ක්‍රමයයි. මම හිතන්න IMF එකත් පුච පෙන්නලා ගිය වෙලේ කස්ටිය කරන්න යන්නේ ඒක. ඒ තමයි බැසිල් මෙතඩ් එක.


එක්කෝ ඒක කරන්න ඕන. නැත්නම් IMF කියන දේ කරන්නෝන. මතක තියාගනිල්ලා මොකා ආවත් ඔය එනවයි කියන නැව් ටිකට ගෙවන්නවත් ආන්ඩුවට සල්ලි නෑ.


අනුර කුමාරයා නෙමෙයි, ප්‍රේමදාස කුමාරයා තියා රාජපක්ෂ කුමාරයා ආවත්, ඔය සිස්ටම් දෙකෙන් එකක් නොකර, නන්දලාල්ලගෙ කුමාරස්වාමිලගෙ ඉකොනමි තියා ලෝක බැංකුවේ ඉකොනමි තියරි වලින්වත් මේ රට ගොඩගැනිලි බොරු.


ඒ වගත් මෙසේය.....


.