.

.
Showing posts with label Cricket. Show all posts
Showing posts with label Cricket. Show all posts

Feb 25, 2026

වර්ල්ඩ් කප් ඉවරයි .... මීළඟට

 


වර්ල්ඩ් කප් ඉවරයි

මීළඟට

➖➖➖➖➖😁➖


වර්ල්ඩ් කප් එකට දාපූ සම්මිගෙ වර්ල්ඩ් කප් ඉස්කොඩ්ඩෙක එක ගෙදර... පෙරහර තියෙන්නේ නුවර වුනාට.... ඊයේ අනුර කුමාරට අනුව ඛෙත්තාරාමයෙත් පෙරහරක් තිබ්බා.... 


නිව්සීලෑන්ඩ් ක්‍රිකට් සමාගමේ ටීම් එකත් ළකුණු 86 ට එනකන් පෙරහරක් ගියාට එතනින් පස්සේ පෙරහර නවත්තලා පොරි හැලෙන්න ළකුණු 168 ම කෙලියා...

ඊට අපේ පුල්ටොස් බලකායේ අනිගි සහයෝගයත් ඉවහල් වුනා.....


අර මුරලි කියන්නැහෙ මේ උද්දික පුතාලට රිකැට් ගහන්න බෑ.... මුන් අර ධර්මදාස උන්නැහේ වගේ බඩු ගහන්න දාලා... ඒවා පෝන්හබ් එකට අප්ලෝඩ් කලා නම්... සම්මි සිල්වට මීට වඩා ඉන්කම් එකක් සොයාගන්න පුලුවන්... 


ඒ වැඩේ එහෙම කරන ගමන් අපිට ආසාවට රිකැට් බලන්න හිටන්.... අර ICC එකේ ජේ සා ලොක්කට කියලා ඉන්දියන් ඉස්කොඩ් එකේ නැති.... ඒත් IPL කොල්ලෝ සෙට්ටෙකක් බැස්සුවා නම් උන් රිකැට් ගහයි පොරි හැලෙන්න.....


අනුර කුමාරටත් පුලුවන්... පකිස්තානෙන් හොඳ වකාර්ලා සොහෙබ්ලා වසීම්ලා ටිකක් අගමැතිට කෝල් එකක් දීලා ඉල්ලගන්න.... ඒකට මෝදී අප්ෂෙට් වෙයි කියලා හිතෙනවා නම්.... මෝදිගෙන් හරි ඉල්ලගන්ට පුලුවන්....


ටීම් එකේ තියාගන්න පුලුවන් පැතුමයි, වෙල්ලයි, දුෂ්මන්තයයි ඉතරමයි.... 


අනික් කාලකන්නි දෙන්නා සනයි, මාලින්ගයි... තොපේ වැඩේ තොපේ කාළේ හරියට කරපු නිසා..... අර හරක් පොන්සේකා වගේ ජාතියට පච නොවී.... මුරලිලා සංඝලා මහේලලා අරාලා මහානාමලා වගේ නම්බුව තියාගෙන පැත්තකට වෙලා හිටහල්ලා...


මෝටිවේසොන් කියන්නේ වැල්ලේ කුණුහබ්බ වපුරන එක නෙමෙයි.... උඹලා දෙන්නා ටීම් ටීසේට් දෙකක් දාගෙන ටී වී එකේ මූණ පුක කරගෙන උන්නට අපිට තොපි ගැන අනුකම්පාවක් එන්නෙ නෑ... අපරාදේ උඹලැයි අම්මලා.... දෙන්නම මුන්ට බෝලින් බැටින් දෙකම කියලා දීලා නෑ.... ඒත් හැම එකාටම අලි ඔළුවක් නම් දීලා තියෙනවා....


ඉතින් සම්මි මැතිතුමාට කියන්න තියෙන්නේ.... ඔන්ලයින් බෙටින් වලට මේ ටීම් එකට වෙනම මැච් දීලා.... පුලුවන්නම් අලුත් කොල්ලෝ ටිකක් බස්සලා සී ලන්කට් ටීම් එකක් හදලා මීළඟ වර්ල්ඩ් කප් එකට රෙඩී කරන්නෙයි කියලා.... 


මුන්ගෙ ආයේ හදන්න හරි හැදෙන්න හරි දෙයක් නෑ.... මේ විදියට ගියොත් උඹලැයි ගෙවල්වලට කොල්ලෝ සික්සර් ගහන දවස වැඩි ඈතක නෑ....


ලංකාවේ කවදාවත් එහෙව් දෙයක් වෙලා නැති නිසා ඒක වෙන්න ඉඩ තියන්න එපා....


ටීම් එක උඹේ වුනාට.... ඔය ක්‍රීඩාව අපේ.... 

අපේ හදවතේ ක්‍රීඩාව...


අද මුලු රට

එක මිටකට

උගෙ අම්මට

හමනයි රට


.

Jul 22, 2024

ඇයි, පිරිමි ක්‍රිකට් මැච් බලන්න යාලුවෝ එක්ක හරි.... බාර් වල හරි සෙට් වෙන්නේ?

 


ඇයි, පිරිමි ක්‍රිකට් මැච් බලන්න යාලුවෝ එක්ක හරි.... බාර් වල හරි සෙට් වෙන්නේ?

➖➖➖➖➖➖➖🔴➖


හාමිනේ:

කොහේද ඔහේ යන්න ලෑස්ති වෙන්නේ?


මිනිහා:

අද ෆයිනල් මැච්චෙක බලන්න


හාමිනේ: 

ඇයි තමුසෙට මාත් එක්ක ගෙදර ඉඳන් බලන්න බැරි? හැමදාම බොරු කිය කිය මාරු වෙන්නේ?


මිනිහා:

යාලුවෝ සෙට් එකත් එක්ක බලද්දි ආතල්


හාමිනේ: 

ඒ කියන්නේ තමුසෙට මං එක්ක බැලුවම ආතල් නෑ?


මිනිහා:

හරි... හරි... එහෙනම් දෙන්නා එක්ක බලමුකො... මළ වදේ....


හාමිනේ: 

ඇයි අර දෙන්නෙක් නිකන් ඉන්නේ


මිනිහා:

 ඒ දෙන්නා ප්‍රොටෙස්ට් එකක් වගේ


හාමිනේ: 

තමුසෙ බොරු නේ කියන්නේ... කොහොමද මේ එනවුන්ස් කරන අය ඔක්කොගෙම නම් දන්නේ?


මිනිහා:

නැත්නම් උන්ට රස්සාව නැති වෙනවා..

ඇයි ඕයි පේන්නේ නැද්ද...

අර ටී ෂේට් එකේ හංවඩු ගහලා තියෙන්නේ...


අම්මට හුඩු .... හයයි ..

පට්ට හුක් එක.


හාමිනේ: 

මොකක්ද හුක් එක කියන්නේ... ඊයා... තමුසෙ කුණුහබ්බයක් නේ කිව්වේ?


මිනිහා:

නෑ...  නෑ....  හුක් එකක් නෙමේ... හයක්... හයක්...


හාමිනේ: 

හරි... මොකක්ද එතකොට හුක් එකක් කිව්වේ...?


මිනිහා:

නෑ... ඒ වැරදිලා... ඒක ෂොට් එකක්...


හාමිනේ: 

මොකක්... ෂොට් එකක්... උන් ග්‍රවුන්ඩ් එකේ බොනවද?


මිනිහා:

නෑ.... නෑ..... පිස්සුද අනේ...?


හාමිනේ: 

බොරු කියන්න එපා...

එහෙනම් දැන් ටිකකට කලින් උන් බිව්වේ... ඕකුන් සිගරට් බීලත් මාට්ටු වුනා නේ... තමුසෙත් උන් වගේම පච කෙලිනවා නේ...?


මිනිහා:

නෑ නෑ.... එහෙම බොන්න බෑ ප්ලේ කරද්දි... ඒ ඉවර වෙලා රෑට බොන්නේ...


හාමිනේ: 

කෝ එතකොට ෂේන් වෝන්....

අර ලස්සන කොල්ලා..


මිනිහා:

උගේ මොන ලස්සනක්ද? පෙට්ටියක් වගේ... ඌ මලා..... මට පේන්න බෑ ඕකව....


හාමිනේ: 

මොකක්... ඌ මලා... අනේ ඒ මොනවා වෙලාද?


මිනිහා:

ඌ උගේ වයිෆ් එක්ක මේ වගේම මැච් එකක් බල බල ඉඳල...


ඉතින් ප්‍රිය ක්‍රීඩාලෝලී හිතවතුනි හිතවතියනි.... එහෙමයි වලිය පටන් ගත්තේ... දැන් ෆයිනල් ඉවරවෙලා සතියක් ඉතර වෙනවා... වලිය තාම  යනවා.... දිවා රාත්‍රී ටෙස්ට් තරඟයක් වගේ...


ඔබ සැමට සුභ රාත්‍රියක්....


🔹ෆුට්බෝල් ගැන සුද්දන් ලියූ එකක් මගේ එකක් වගේ.... අනුවර්තනය කොට ලියා පලකලේ මහාචාර්‍ය මාතලන් වන මා විසිනි...

.

Jun 13, 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කළ යුතුය.


ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කළ යුතුය.
➖➖➖➖➖➖➖➖➖➖➖➖⭕▪️

ශ්‍රී ලංකට් ක්‍රිකට් නැවතත් විනාශයි කියා මාතලන් ලියූවේ... දසුන් ශානක නායකත්වයෙන් ඉවත් කළ දාය. මිනිසුන්ට එපා වෙලාම තිබූ ක්‍රිකට් වලට නැවත ආදරය කරන්න පටන් ගත්තේ... දසුන්ගේ නායකත්වයෙන් කණ්ඩායම තුල ඇති වූ... කණ්ඩායමම එකා මෙන් ක්‍රීඩා කළ කණ්ඩායම් හැඟීම නිසාය.

එය ක්‍රීඩා පිටියේදී මෙන්ම ක්‍රීඩාගාරය තුලදීද පැහැදිලිව දැක ගැන්මට ලැබින. එමෙන්ම කණ්ඩායමේ පුහුණුකරු හා කළමණාකරුටත් වඩා ක්‍රීඩකයින් මෝටිවේට් කළ ක්‍රීඩකයෙක්ද කණ්ඩායම තුලම සිටියේය. ඒ චාමික කරුණාරත්නය.

ක්‍රිකට් ගැන නොදන්නා උන්ට මේ ක්‍රීඩකයින් දෙදෙනා කළ රෝල් එක ගැන කිසිඳු අවබෝධයක් නොමැති වීම නිසා ඔවුන් වෙත එල්ල වූ චෝදනා හමුවේ දෙදෙනාම කපා දැමීමට මාෆියාවට හැකි විය.

ඉන් පසු ආඬී හත් දෙනෙක් නොව හැට පහක්ම එක් වී..   විස්සයි විස්ස ලෝක ලෝක කුසලානය දිනන්නම යැවූ "දිනන කණ්ඩායම" මැච් දිණූ හැටි ලෝකයම දැක්කේය.

ක්‍රිකට් විචාරකටන්ට අනුවද... ශ්‍රී ලංකට් කණ්ඩායම අතිශය දුර්වල කණ්ඩායමකි. නායකයා නායකත්වයට කිසිසේත්ම නුසුදුසු නායකයකු බව පන්දු යවන්නන් කළමණාකරනයේදී මෙන්ම ඉන්පසු පැවති මාධ්‍ය සාකච්ඡා තුලදීද පැහැදිලිවම පෙනිනි.

අද ඔහු මාධ්‍ය සාකච්ඡා මගහරියි.. තමන්ට අවශ්‍ය ක්‍රීඩකයින් ඇමරිකාවේ බඩු ගහන්න එක්ක යන්න වෙනත් ක්‍රීඩකයින් කැපූ එකා... දැන් කියන්නේ ක්‍රීඩාගාරයෙන් ඌට උපදෙස් ආවේ නැත කියාය. බක පණ්ඩිතයින්ට කිසුවකුත් උපදෙස් දෙන්න යන්නේ නැතිය.

මේ සියල්ල දැන් අතීතයට එක් වී අවසානය. කෙසෙල් වඟාවේදී වඳ පීදුන කෙසෙල් ගස් කපා ඉවත් කරන්නේය. ඒ පීදෙනා ගස් රැකගැන්මටය. එහෙත් පට්ටම ලොල් සහගත ක්‍රියාව වන්නේ අතීසාරයට අමුඩය ගසන්නා සේ... සිරි ලංකා ක්‍රිකට් විසින් බින්දුසාරයා නායකයා ලෙස නම් කිරීමය.

විය යුත්තේ එය නොවේ.

🔷 මුලින්ම ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැරිය යුතුය. (මෙහිදි ICC ය විසින් අපේ ක්‍රිකට් නැවතත් තහනම් කරණු ඇත. එය අනගත ක්‍රිකට් ක්‍රීඩාවට කරනා මහඟු සේවයක් වන අතර නැවතත් කණ්ඩායමේ දස්කම් පෙන්වා ලබාගත හැකි දෙයකි)

🔷 කණ්ඩායමේ ක්‍රීඩකයින්ගෙන් පැතුම් නිශ්සංක සහ ඩිල්ශාන් මධුසංඛ, වෙල්ලාලගේ, දුශ්මන්ත චමීර, සධීර සමරවික්‍රම, දුෂාන් හේමන්ත, නුවන් තුෂාර හා මතීෂ පතිරණ වැනි නැවුම් ක්‍රීඩකයින් හැර අනෙක් සියළුම ක්‍රීඩකයින් ජාතික කණ්ඩායම් තුලින් සම්පූර්ණයෙන්ම ඉවත් කළ යුතුය. වැඩ කාරයෝ නම් වෙන රටකට ක්‍රීඩා කර ඔවුන්ට අප වෙත පුප පෙන්විය හැක. (එහෙත් මේ එකෙකුටවත් ක්‍රිකට් තුල අනාගතයක් ඇත්තේ නැත.)

🔷 පුහුණුකරුවන්, කළමණාකරුවන්, තේරීම් බාර නිළධාරීන් ඇතුලු සියල්ලම එලවා දමා ඒ වෙනුවට විදේශිකයන් පත්කළ යුතුය. අර්ජුණලා, සනත්ලා, ඩිල්ශාන්ලා,මාවන්ලා, සංඝලා, මහේලලා තබා මුරලිලා දැම්මත් යන්නේ මේ සිස්ටම් එකමය.

🔷 කණ්ඩායමේ විනය මෙන්ම ඇඳුම් පැළඳුම් හා විශේෂයෙන් ඔවුන්ගේ කොන්ඩා හා රැවුල් ගැන සොයා බැලීමට විනය නිළධාරියකු පත් කළ යුතුය. මොවුන් නියෝජනය කරනුයේ ඔවුන් නොව රටක් ජාතියක් බව මොවුන්ට වෙනම දේශන පවත්වා පැහැදිලි කර දිය යුතුය.

🔴 ජාතික කණ්ඩායම තුල කිසිම ක්‍රීඩකයකුට පෞද්ගලික කළමණාකරුවන් පත්කර ගැනීම සම්පූර්ණයෙන්ම තහනම් කළ යුතුය. (ක්‍රීඩාවට කෙලවීමේ මූලික හේතුව මෙය වන අතර, වැඩ බැරි නාකී  හාල්පාරුවන් කණ්ඩායම තුල රැඳී සිටීමේ මූලික හේතුවද මේ මාෆියාවය.)

🔴 මේ සියල්ල ක්‍රීඩා ඇමති විසින් ගත යුතු තීරණයන්‍ය. ඔහු  විසින් මෙය ඉටු නොකර පැරණි දක්ෂ ක්‍රීඩකයින්ට හා ෆේස්බුක් විචාරකයින්ට දෝෂාරෝපනය කරමින් මේ සිටිනා ගොබ්බයින් සමඟ ඉදිරියට යා හැකියයි සිතන්නේ නම්... ඔහේට මෙන්ම ඔහේගේ නායකයාටද සම්මා සම්බුදු සරණය.

🔴 අප කී දේ කළහොත්..  මෑතකදී නොව, 2048 දි හෝ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් සමන්විත ක්‍රිකට් කණ්ඩායමක් හා ක්‍රීඩකයින් බිහිකර ගැන්මට රටට පුලුවන් වනු ඇත.

ස්වස්ති සිද්ධම්.... !!!!

.
 

Jun 8, 2024

ඇමරිකාවේදී ලංකාවේ ක්‍රිකට් ආදාහනය කළේය...

 


ඇමරිකාවේදී ලංකාවේ ක්‍රිකට්

ආදාහනය කළේය...

➖➖➖➖➖➖➖⭕


ලංකාවේ ක්‍රිකට් විනාශ කළේ ශම්මි සිල්වා ඇතුලු මාෆියා කල්ලිය බව අමුතුවෙන් කිව යුතු නැතිය. ඔවුන් කෙතරම් බලවත්ද යන්න රොෂාන් රණසිංහ විසින් කල්ලියට එරෙහිව ඇල්ලූ ජල්ලිය නිමා වූ අයුරු දෙස බැලීමෙන්... ගෝනා ඔනෙකුට තේරෙනවාය.


මාතලන් ඒ කාළයේම කිව්වේ රොෂාන් ගැසූ ගේම ගහන්න තිබුනේ රනිල් එක්ක කියලාය. එහෙත් ඒ ගැන වැටහීමක් නැති රොෂාන්.. සාගලට ගහන්නට ගොස් සියල්ල ඛේදවාචකයකින් නිම වී... මාෆියාව නැවතත්... සිටී තත්වයටත් වඩා ප්‍රභල තත්වයකට පත්ව සිටින්නේය.


ඊට රනිල් මෙන්ම, සජිත් හා අනුර කුමාර ඇතුලු සමස්ත දේශපාලුවන්ම වගකිව යුතුය. ඒ කිසිවෙක් රොෂාන්ගේ ගේමට සප් එකක් දුන්නේ නැතිය. බුවා තනි වුනේය. සජිත් හා අනුර කුමාර උන්නේත් මාෆියාව සමගය. 


දැන් ක්‍රිකට් ටීම් එකේ ඉන්නේ ක්‍රිකට් ක්‍රීඩකයින් නොව... කළමණාකරුවන් යැයි කියනා පිරිසක් හරහා උන් හා බිස්නස් කළ හැකි සුවච කීකරු ක්‍රිකට් සේවකයින් පිරිසක් පමණය.


සාමාන්‍යයෙන් ඕනෑම කණ්ඩායමක වර්ල්ඩ් ක්ලාස් ප්ලේයර්ස්ලා අඩුම තුන හතරක් සිටිය යුතු වුවද... අපේ කණ්ඩායමේ ඉන්නේ කීයද කියා ක්‍රිකට් දන්නා වුන් දන්නවාය. 


දැන් කණ්ඩායමට පිවිසීමට ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රවීණයින් විය යුතු නැතිය. මාෆියාවේ හිතවතෙක් හරහා සුවච කීකරු සේවකයකු වීම හොඳටම ප්‍රමාණවත්‍ය. මහත්වරුන්ගේ ක්‍රීඩාවේ දැන් ඉන්නේ රස්තියාදූකාරයින් පිරිසක් පමණි. උන්ට තරඟ ජයග්‍රහණය කිරීමට කිසිසේත්ම අවශ්‍ය නැතිය. සාක්කුවට ගාන වැටුනාම ඇතිය.


එසේ අවශ්‍යතාවයක් තිබුනේ නම් දසුන් ශානක නායකත්වයෙන් ඉවත් කරන්නේ නැතිය. කළමණාකරුවන්, පුහුණුකරුවන්, භෞතචිකිත්සකයින්, කණ්ඩායම තේරීමේ කමිටු මෙන්ම, නමට වනිඳු හසරංඟ නම් නායකයෙක්ද සිටියද... සියල්ල සිඳුවන්නේ ඇන්ජෙලෝ මැතිව්ස්ගේ සෘජු තීරණයන් යටතේය. 


ක්‍රිකට් මාෆියාවේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස ඈෂ්ලිද සිල්වා සිටිනා තුරාවට... ඇන්ජෙලෝ මැතිව්ස් කණ්ඩායමේ  සිටිනු ඇත. බෝනගේන් මාෆියාව එතරම් බලවත් මාෆියාවක්‍ය. 


උන්ට තරඟ දිනීමේ කිසිඳු අවශ්‍යතාවයක් ඇත්තේ නැතිය. කණ්ඩායම් හැඟීමක් ඇත්තේ නැතිය. දසුන් නායකත්වය දරණ සමයේ තිබූ ක්‍රීඩකයින්ගේ ටීම් ඉස්පිරිට් එක ඇත්තේම නැතිය. අඩුම තරම මුණ සෝදන්නේවත් නැතිය.


පච්චා කොටන්නේ, රැවුල් කොන්ඩා වවන්නේ අපේ උන් පමණක් නොවේය. අනෙක් කණ්ඩායම් වල සිටිනා සුපිරි ක්‍රීඩකයින් අතරේද එහෙම වුන් ඕනෑ තරම් ඉන්නවාය. 


එහෙත් උන් තරඟයට එන්නේ මූණ සෝදලාය. රැවුල් කොන්ඩා නිසි ලෙස ට්‍රිම් කර නයිස් හෙයාර් ස්ටයිල් දමාගෙනය. ක්‍රිකට් ක්‍රීඩාවේ නොව ඕනෑම ක්‍රීඩාවක විනයක් තිබිය යුත්තේය. ඇඳුම් අඳින්නේත් අඳින්න ඕනෑ නිසාය.


හොඳම උදාහරණය ලසිත් මාලිංගය. ඔහු ඔහුගේ පන්දු යැවීම මෙන්ම ඔහුගේ කොන්ඩය හා ඇඳුම් පැලදුම්ද නිසි ලෙස මේන්ටේන් කළේය. දැන් අපේ උන් බංගලාදේශ කණ්ඩායමේ ඉන්නා මළපෙරේතයන් වගේය. බංගලියන් කියන්නේ ලොව ඉන්නා අපිරිසිඳුම ජාතියක්‍ය.


පළමු තරඟ පරාජයෙන් පසු සුපුරුදු බයිලා ගායනාවලට රැවටුන දේශපාලුවන් පාර්ලිමේන්තුවෙත් අපේ උන්ට වෙනස් කම් කරනා බව කීවේය. ඊට පිළිතුරු දුන් ක්‍රීඩා ඇමතිත් ඒවා ජාත්‍යන්තරයෙන්ම එන ඒවා කියා අත පිහිදා ගත්තේ මාෆියාව බබා කරමින්ය. 


එහෙත් ලසිත් මාලිංග උන්ගේ රෙදි ගැලෙව්වේ තමන් මීටත් වඩා කට්ට කා මැච් දිනලා තිබෙන බවද පෙන්වමින්‍ය.ම්ක්


අපි නම් කියන්නේ මේවා නටන්න බැරි එකා පොලොව ඇඳයි කිව්වා වගේ බයිලාම පමණය. එසේ නම් අනික් කණ්ඩායම දිනන්නේ කෙසේද?


තත්වය මෙසේ නම් මාෆියවටත් බිය නම්, අඩුම ගානේ ක්‍රිකට් ගහන්න පුලුවන් ක්‍රීඩකයින් 20 ක් හදාගැනීමට හෝ දේශපාලුවන් විසින් මාෆියාවට බලපෑම් කල යුත්තේ....


මේවා ගැන නොදන්නා සාමාන්‍ය ජහමනයා පලු අරින්නේ දේශපාලුවන්ට හා උන්ගේ අම්මාවරුන්ට නිසාමය.


දැනට නම් ලංකාවේ ක්‍රිකට් ආදාහනය කොට අවසානය.


කළ යුත්තේ නැවුම් ක්‍රිකට් ක්‍රීඩාවක් හා ක්‍රීඩකයින් පිරිසක් බිහිකිරීම පමණී. දැන් සිටිනා ක්‍රීඩකයින්ගෙන් ඉතා සුළු පිරිසක් පමණක් එම කණ්ඩායමට සුදුසුකම් ලැබිය යුතු අතර, හාල්පාරුවෝ සියල්ල ගෙදර යැවිය යුත්තේය.


එහිදි කණ්ඩායමේ විනය ප්‍රධානම කරුණ විය යුත්තේ... මේ කරන්නේ උන්ගේ පෞද්ගලික විගඩම් ප්‍රදර්ශනය කිරීමක් නොව රටක සංස්කෘතිය හැදියාව සභ්‍යත්වය හා රටක ඉස්ටෑන්ඩර්ඩ් එකත් මුලු ලෝකයටම පෙන්වන වැදගත් ක්‍රීඩවක් නිසාමය.


ඒ වගත් මෙසේය...


.

Dec 1, 2023

විනාශ ප්‍රේමදාසගේ අලුත්ම ගොඳුරු දෙක

 


විනාශ ප්‍රේමදාසගේ අලුත්ම ගොඳුරු දෙක

➖➖➖➖➖➖➖➖➖➖💀💀💀💀➖


ඕන ගේමක් ගහන්න එන්නට ඕනෑ.... ගේම දැනගෙනය... ගේම නොදැන ගේම් ගහන්න එන ඕනෑම එකෙක්... ඒ ගේම තුලම චොර වෙලා යන්නේ ඇස්පනාපිටමය. අපේ ක්‍රිකට් වලට මෙන්ම රටටද කෙලවූයේ ඒ නිසාමය. උන් ඒ ගේම් ගොඩ දානා හැටි නොදැන උන්නාට... උන් ගොඩ යන ගේම නම් හොඳටම ප්ලේ කළේය.


සජියා ජනපති සිහිණය වෙත යන්න ගහන ගේම හරියටම ගහගෙන යන අතර... ඒ ගේම නොදන්නා රාජ යෝගයන්  සහිත දේශපාලන  පිස්සෝත්තලා... පාදිලියලා... ශානිලා... බුවා දෙන ළණු කා... ඒවා දිරවා ගැන්මට නොහැකිව... පුප නැතිවෙන්නම කාලා... චප්ප චොරොස් වී... කුල්ල කුජීත වී... පට්ට පජාත වී... කාඩ් කුඩුවෙලා... විසිවෙලා යන්නේ ඒ නිසාය...


එදා අලි පාටියේ සිටියදී... පොර පාස් කරගෙන... රනිල්ගෙන් පසු සිරිකොතේ නායකයා වෙන්නට ගිය... කරූ ජයසූරියට... දයාසිරිට... බනානා සුජීට මෙන්ම... පාඨලී උන්නැහේටද අත් වූයේ එම ඉරණමය... ඒ ඉතරක් නොව... පොරට වඩා බැබලෙන්නට ගිය රෝසී සේනානායක... හිරුනිකා ප්‍රේමචන්ද්‍ර... ඉතරක් නොව මැද කොළඹ මුජිබර් නානාගේ පාර්ලිමන්ට් සීට් එකටත් කෙලියේ එලෙසමය...


මේ බව තේරුම් ගත් හර්ෂලා... එරාන්ලා මෙන්ම... ෆොන්සේකා උන්නැහේත්... දැන් ඉන්නේ එලොවටත් නැතිව... මෙලොවටත් නැතිව... අඤ්ඤකොරොස් වෙලාය... පොරත් එක්ක ගේම ඉල්ලන ඕනෑම එකෙක්ට කුඩු වෙන්නම ගහන එක පොර පරම්පරාවෙන් ලද උරුමයමය... රණසිංහ ප්‍රේමදාස ගැන දන්නා උන් ඒ බව හොදින්ම දන්නේය...


මෑතකදි පොරගේ ළණු කාලා ඇමතිකමටත් තට්ටු කර ගත්තේ... වෙන්ට ජනපති අතිගරු පුලතිසිපුර රාජයෝගලාගේ රොෂාන් රණසිංහ මැතිතුමාය... පොර කෑවේ විනාශ ප්‍රේමදාසගේ ලණු විතරක්ම නෙමේය.. අර්ජුන රණතුංග අඹරා දෙන ගුලිද කෑවේය.. ඔය අර්ජුණලා ෆොන්සේකලා... පාඨලීලා විමල්ලා... කියන්නේ දේශපාලන සාපයන්‍මය... උන් ළඟට ගිය හැමෝටම අත් වූයේද... සජිත් ප්‍රේමදසගේ ළඟට ගිය උන්ගේ ඉරණමමය.


එදා.. ෂම්මි සිල්වාට එදිරිව රොෂාන් රණසිංහ සමඟ අපද සිට ගත්තත්.... ෂම්මි වෙනුවට රිප්ලේස්මන්ට් එක අර්ජුණ නොවනා බව අපි පුන පුනා කීවේය.. එමෙන්ම අධික වේගය මරු කැඳවන බවත් අපි කීවේය.. ගේම නොදැන ක්‍රිකට් ගහන්නට ගිය රොෂාන්ට ක්‍රිකට් මෙන්ම පොලිටික්ස්ද නැති වෙලා ගියේ ඒ නිසාය. රනිල්ලා මහින්දලා මෙන්... හීන් නූලෙන් ගහනා ගේම් රොෂාන් රණසිංහලා මෙන්ම රන්ජන් රාමනායකලා ටච් කරලාවත් නැතිය.


අද රොෂාන් වෙනුවෙන් කතා කරන්න සජිත් තියා අර්ජුණවත් එන්නේ නැතිය. වෙන්ට ජනපති සිහිණයට කුඩු වෙන්නම ගැහුවේ ඇමතිකමට කෙල වූ දාට පසු දීනම හර්ෂණ රාජකරුනා ලවා සජබේ ජනපති අපේක්ෂකයා එක එක හාල්පාරුවන් නොව සජිත් බව මාධ්‍ය හමුවක් තබා ප්‍රසිද්ධියේ ප්‍රකාෂ කරලාය.


 රොෂාන් වැඩ්ඩෙක් නම්... ගේමට බහින්න තිබුනේ රනිල් එක්කය. Whether he is right or wrong... Boss is always right... යන සිම්පල් තියරිය නොදන්නා ඕන එකෙක්ට... අවසානයේ අත් වෙන්නේ මේ ඉරණමය. කලු ගල් වල ඔලුව ගහගන්නේ පාර්ල්මේන්තුවේ ඉන්නට ඕනෑ උන් නොව මුල්ලේරියාව රෝහලේ ඉන්නට ඕනෑ පිස්සෝය. 


අඩු ගානේ නාමල්ගේ කීම අසා හෝ නයාට පොල්ලෙන් නොගසා ඉන්නට තිබුනේය. දැන් ඉන්නේ පෙනේ පුපේ ගසාගෙන සිටී ඝෝටා කියන පීචං නයා නොව... පැන පැන දෂ්ඨ කරනා එකෙක් බව.. කවුරු කවුරුත් දැන ගන්නා එක බොහෝ හොඳය.


එමෙන්ම 🐅 සංවිධානයේ ළණු කා... සජිත්ගේ සප් එක ඇතිව... බුද්ධි අංශයේ කීර්තිමත්ම නිලධාරියකු වන සලේට කෙලින්න ගිය වළං ශානිට මෙන්ම... ඊයේ ව්‍යවස්ථා සභාවෙන් දේශබන්දු තෙන්නකෝන්ට කෙලින්නට ගිය කාදිනල් පොලිෂ්පතිටද අත් වූයේ... එම ඉරණමය.


දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ලෙස පත් කිරීමට විරුද්ධව 🐅 න්ගේ නියෝජිතයෙක් ලෙස පැහැදිලිවම පෙනී යන කාදිනල් එලියේ ගේම ඉල්ලද්දී... ඊට සහයෝගයක් ලෙස පාර්ලිමේන්තුවේ බෙරිහන් දුන් විනාශ ප්‍රේමදාස... ඊයේ පැවති ව්‍යවස්ථාදායක සභාවේ චන්දය විමසන අවස්ථාවේ එයින් පැන ගියේ... කාදිනල් පොලිෂ්ට වඩා... දේශබන්දු තෙන්නකෝන් පොලිස් ගේම හරියට ගහන්න දන්නා බව උන්නැහෙත් දැනගෙන උන් නිසාය...


 ඇත්තටම 🐅 න්ගේ පදේට නටන හාල්පාරුවෙක්ට වඩා... තම නායකයා වන විධායකය හා ව්‍යවස්ථාදායකය.... හෙල්මට් පාරවල් කාගෙන හෝ රකිනා... රියල් පොලිස්කාරයෙක් පොලිස්පති වීම තමන්ගේ අනාගතයටත් හොඳ බව ගේම දැනගෙන ප්ලේ කරනා සජිත් දන්නවාය.


ඒ වගත් මෙසේය......


.

Nov 17, 2023

කෝලිට සචින්ගේ රැකෝඩ් එක කඩන්න පුලුවන් වෙයිද?

 



කෝලිට සචින්ගේ රැකෝඩ් එක

කඩන්න පුලුවන් වෙයිද?

➖➖➖➖➖➖➖➖👍▪️


සචින් ටෙන්ඩුල්කාර්ට ජාත්‍යන්තර ශතක 100 ක් ගහන්න... අවුරුදු වසර 24 ක් සහ ෆෝමැට් තුන හරහා ජාත්‍යන්තර තරඟ 664 ක් සෙල්ලම් කරලා තියෙනවා.


විරාත් කෝලි අවුරුදු 15ක් සෙල්ලම් කරලා... ෆෝමැට් තුනේම ශතක 80 ක් දැනට ගහලා තියෙනවා. ඒ ජාත්‍යන්තර තරඟ 517 ක් බැට් කරලා.


හැබයි ඒ අතරේ ඕවර 50 හේ තරඟ වල සචින් තියපු රෙකෝඩ් එක... ඊයේ පෙරේදා තිබ්බ වර්ල්ඩ් කප් සෙමි ෆයිනල් මැච් එකේදි බ්‍රේක් කරලා ලෝක වාර්ථාවක් තිබ්බා...


එතකොට සචින්ගේ ශතක 100 යේ රැකෝඩ් එක කඩන්න නම්... සාමාන්‍ය ගණිතය අනුව... ආසන්න වශයෙන් ගත්තොත්... කෝලිට තව අවුරුදු හතරක් ඇතුලත තරඟ 80 කට විතර ප්ලේ කරන්න වෙනවා.


ඒ ලෝකය සාමාන්‍ය තත්වයේ පැවතියොත්.


හැබයි දැන් කෝලිට වයස 35 ක්.. ඉන්දියාවේ සුපිරි බැට්ස්මන්ලා බංකුවේ ඉඳන් කෝලිට වතුර අදිනවා.. සමහර උන් එලියේ.. ඒ නිසා සචින්ට තිබුන අභියෝග නොමැති පරිසරය කෝලිට නෑ.. 


හැබයි ඉන්දියාව මේ වගේ රැකෝඩ් වලට පට්ට මනාප නිසා... කෝලී රැකෝඩ් එක කඩනකන් ඉන්නත් පුලුවන්.. ඒ අවස්ථාව ඉන්දියාව සචින්ට නම් දුන්නා.


ඒ සියල්ල තීරණය වෙන්නේ... කෝලිගේ සහ ඉන්දියන් ක්‍රිකට් බෝඩ් එකේ තීරණ මත...


මම නම් හිතන්නේ කෝලිට ඒ රැකෝඩ් එක කඩන්න තියෙන චාන්සස් අඩුයි කියලා... 

අපි බලමු...

.

Nov 16, 2023

කිසිම හෝප් එකක් තැබිය නොහැකි කෝප් සභාපති... ෂටප් බන්ඩාර

 



කිසිම හෝප් එකක් තැබිය නොහැකි 

කෝප් සභාපති... ෂටප් බන්ඩාර

➖➖➖➖➖➖➖➖➖➖🔴➖


දේශපාලනයේ සැඟවුන රහස් දන්නේ ඉතාමත් සුළු පිරිසකිය... පාර්ලිමේන්තුවේ සිටිනා බොහෝ අය පවා නායකත්වයේ හා පක්ෂයේ ඉහළ මට්ටමේ අයගේ රහස් දන්නේ නැතිය... දැනගත්තද, නොදන්නා සේ සිටීන්නේය.. ඒ... තමන්ටද කිසියම් වාසියක් ලබා ගැන්මටය...


මේ රට බංකොලොත් කිරීමට වගකිව යුත්තේ රාජපක්ෂවරුන් බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දුන්නේය. මතුපිටින් ගතහොත් එය 100% නිවැරදි තීන්දුවක්ම වනවාය. රාජපක්ෂලා මේ රට තම බූදලය සේ සිතා පිස්සු කෙලින්න පටන් ගන්නේ යුධ ජයග්‍රහණයෙන් පස්සේය. 


ඊට ප්‍රධාන වශයෙන් වගකිව යුත්තේ බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ මාෆියා කල්ලිය වුවත්, වගකීම ගන්නට ඕනා මහින්ද රාජපක්ෂමය. ඒ... ඔහු රටේ විධායක ජනාධිපතිවරයා වන නිසාවෙන් මෙන්ම, ඇකරිකාවේ උන් බැසිල් හා ඝෝඨා ආනයනය කොට බලගතු තනතුරු පිරිනැමු පුද්ගලයා නිසාය.


බැසිල් මාෆියාවේ මහ මොළකරු වන්නේ මේ මොහොතේ රටේ ප්‍රධාන මාතෘකාව බවට පත් වී ඇති... මහාචාර්‍ය ෂටප් රංජිත් බණ්ඩාරමය. රංජිත් බන්ඩාර කියන්නේ... ෂම්මි සිල්වාටත් වඩා කම්බා හොරෙකි. ඩීල් කාරයෙකි.


ජෙප්පො දේශපාලුවන් හා ව්‍යාපාරකයින් හා ඩීල් දමන්නේ යම් සේද, ෂටප් බන්ඩාර කරන්නේද එයමය. බැසිල්ට ටෙන් පර්සන්ට් ලෙස නමක් පටබැදෙන්නේ නිකන් නෙවේය. මේවා ප්‍රසිද්ධ රහස්‍මය.


සාමාන්‍ය මැද පන්තියේ පවුල් වූ රාජපක්ෂලා... ෂටප් බන්ඩාරලා මෙන්ම... ෂම්මි සිල්වලාද මහා ධන කුවේරයන් වූයේ කෙසේද යන්න සොයා බැලිය යුතුමය.. මෙතෙක් කාළයකට...ඒවා කිසි දිනෙක සිඳු නොවනා දේ පෙනී ගියත්...


ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහගේ විශේෂ පාර්ලිමේන්තු ප්‍රකාෂය තුලින් කුඩු වෙන්නම ගැහුවේ.... ඒ මාෆියාවටය. සහායට ඩැනී ලෙස ඉන්නේ සජිත් ප්‍රමුඛ... සජිත් ජලනි බලවේගයය. සුපිරි ඩීල් කරුවෝ වන ජෙප්පෝ මෙන්ම හිටපු ක්‍රීඩා ඇමතිවරුද ඉන්නේ හොරුත් සමඟ හෙලිවැල්ලෙන්‍ය. ඒ බව කෝප් කමිටුවේදී අපූරුවට හෙලි වුනේය.


කුමන හෝ හේතුවක් මත... සජිත් ප්‍රේමදාස ගේම අතාරින්නේ නැති එක ජනතාවගේ වාසනාවක් වුවද... කතානායකවරයා එය මගහැරීමට කටයුතු කිරීම... ලැජ්ජා සගගතය. මොකෝ මෙහි කෙලවරටම ගිය විට... බොහෝ අයගේ රෙදි සියල්ලම ගැලවී යන නිසාමය. බොහෝ පිරිසක් ෂම්මිගෙන් ඇති වෙන්නම කාලා තියෙනවාය. ෂම්මිට ලෙඩේ අදින්නට බය... ෂම්මි සිල්වා ඒවා එලියට දැම්මොත් උන්ගේ රෙදි ගැලවෙන නිසාමය.


ෂටප් බන්ඩාර හා ක්‍රිකට් මාෆියාව අතර වූ ගණුදෙනු හා සහ සම්බන්ධතාවයන් සියල්ල හෙලි වී... පොරගේ ටයි  කෝට් නොව... ජොකාත් ගැලවී අවසානය. ඒවා නැතෙයි කියන්නට බුවාට කිසිසේත් නොහැකිය. විපක්ෂයේ උන් නොව ආන්ඩු පක්ෂයේ උන්ද කියන්නේ බැසිල්ගේ න්‍යායාචාර්වරයා හෙවත් ෂටප් බන්ඩාර කොප් කමිටුවෙන් ඉවත් කර දාන්නෙයි කියලාය..


මීට ප්‍රධානම හේතුව... කසිප්පු බන්ඩාර ඊයේ පාර්ලිමේන්තුවේ සභාගත කළේය. ඒ කෝප් කමුටුවේ සභාපති ලෙස හිඳිමින්... ඊට සහභාගී වන උන් හා ඩීල් දමාගෙන උන්ගෙන් ගාන කඩා ගන්නා බවය. මේවා... කිසි සේත් විය නොහැකි දේවල් ලෙස අපට නම් පෙනෙන්නේ නැතිය.


ඒවා සොයා බලනා එක රටේ මහ එකා වන විධායක ජනාධිපතිවරයාගේ හා කතානායකවරයාගේ වගකීම්‍ය.. මෙවන් උන්දැලා හා ගෙනයන පාර්ලිමේන්තු කමිටු... අර රොෂාන් රණසිංහ කිව්වා මෙන්ම... අළුත්කඩේ 301 කාමරේ අහනා නඩු වගේම එව්වා මිස... වෙන මක්කාවත් නෙවේය...


රටේ සිඳුවන දූෂිත වංචා.. හොරකම්... අපචාර.. සොයන්න දාලා ඉන්නේ... එලිපිට චෝදනා ඔප්පු වී ඇති මෙවන් කම්බා හොරු හා ඩීල් කාරයන් සමඟ නම්... 


ඒ රටට ගෞරවයෙන් බුදු සරණයි කියා මේ පල් හෑල්ල නවතා දමනවාය....


.

Nov 15, 2023

අපේ ක්‍රිකට් මළගම අතරේ පිස්සු හැදෙන ඕවර් 50 තරඟ

 


අපේ ක්‍රිකට් මළගම අතරේ

පිස්සු හැදෙන ඕවර් 50 තරඟ

➖➖➖➖➖➖➖➖➖❤️➖


ඉස්සරම වර්ල්ඩ් කප් වල ඕවර්ස් 60 ක් තිබුනා...

පස්සෙ තමා ඕවර් 50 ට ආවේ...

ඒත් ඉස්සර ටාගට් එක තිබ්බේ... ඕවර්ස් 25 දී විතර ටීම් එකම ලකුණු 100 ක් ගගන එක...

ඊට පස්සෙ ඕවර් 50 ටම ගැහුවේ... ඇවරේජ් 250 ක් වගේ... ඒවා මහා ඕලාරික ගේම් ..  ඒත් බලනවා... ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලම බලනවා...


ඊට පස්සේ එනවා ෆීල්‍ඩ් රිස්ට්‍රික්ෂන් රූල්ස්... ඒ කියන්නේ මුල් ඕවර් හා අවසාන ඕවර් ප්‍රමාණයකදි..  මීටර් 30 ඇතුලේ හා ඉන් පිට පන්දු රකින ක්‍රීඩක ප්‍රමාණයේ සීමාවන්... ඒක ගේන්නෙම... ටෙස්‍ට් මැච් වගේම මෙලෝ රහක් නැතිව ගියපු ඔවර්ස් මැච් වලට  ත්‍රිල් එකක් ගේන්න..


ඒත් ටීම් ඔක්කොම ගැහුවේ අර විදියටම අර ස්කෝර් එකම තමා...


ඔය අස්සේ තමා... අපේ අරාගේ අයිඩියා එකකට.... සනයි කළුයි ඕපනින්ග් එවන්නේ... උන් දෙන්නා ෆිෆ්ටි ඕවර් ගේම්ස් ඉතිහාසය වෙනස් කලත්... ආයෙත් ස්කෝර් එක වුනේ අර ගානම තමා... මොකෝ ෆීල්ඩ් රිස්ට්‍රික්ෂන්ස් නැති අතරේ ස්පිනර්ස්ලා නැත්නම් දඟ පන්දු යවන්නන්ගේ ඕවර්ස් වලට ආයෙත් තට්ටු දදා පරණ ක්‍රමයටම ගහපු නිසා...


ඒත් දැන් ඕවර 50 තරඟ ඊට වඩා සෑහෙන වෙනස්... ඒක පට්ට ත්‍රිලින්ග් එන්ටර්ටේන්මන්ට් එකක්... දැන් ටාගට් එක ළකුණු 300... දැන් ඒකත් කඩාගෙන කුඩු කරගෙන ලකුණු 400 ට ඇවිල්ලා තියෙනවා... ඒක පට්ට... එකම ටීම් එකේ උන් සෙන්චරි දෙකකුත් දානවා...


මේ සියල්ල සිඳු වුනේ 20 - 20 හෙවත් .. ටුවෙන්ටි ටුවෙන්ට් මැච් පිස්සුවක් හදපු ඔස්ට්‍රේලියාවේ බිග් බෑෂ් සහ ඉන්දියාවේ IPL...


හරියට ක්‍රිකට් ගහන රටවල මේ ශානර තුනට... ඒ කියන්නේ... ටෙස්‍ට්... ඕවර 50 සහ 20-20 ට වෙන වෙනම ස්පෙෂලයිස් ක්‍රීඩකයෝ ඉන්නවා... ටීම් තුනක් ඉන්නවා... සුපිරි වැඩ්ඩෝ... ඔක්කොම මැනේජ් කරගෙන හැම මැච් එකම ගගනවා...


අනිත් ටීම් වල ලෙජන්ඩ්ස්ලා බංකුවේ ඉඳගෙන වතුර අදිද්දී... ප්ලේස් එකක්වත් නැතුව ප්‍රේක්ෂකයෝ අස්සේ ඉඳගෙන මැච් නරඹද්දී... අපේ උන්ට ලකුණු 50 ක් ගහගන්න බෑ... උන් දන්නේ බඩු ගහන්නයි... කයිවාරු ගගන්නයි... හොරා කන්නයි විතරයි...


ඉතින් අඩු ගානේ හොඳ ටෙස්ට් ඉනිමක් ප්ලේ කරන්න බැරි... ඕවර් 50 තරඟයකදි 200 ක් ගහන්න බැරි අපේ උන්... ඕවයෙන් ඉබේම හැලිලා යයි.... 20-20 ඒවා ගැන විතරයි පොඩි බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන්...


ඒත් ඉතින් ඒකට හොරු ටික එලවලා තහනම අයින් කරගන්න එපෑය.. 


අනිච්චා වත සංඛාරා

උප්පාද වය ධම්මිනෝ

උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති

තෙසං වුපසමො සුඛො....

.

Nov 10, 2023

හොරුන් හා දූෂිත ආයතන නඩත්තු කිරීම නවතන්නේ කවදාද?

 


හොරුන් හා දූෂිත ආයතන 
නඩත්තු කිරීම නවතන්නේ කවදාද?
➖➖➖➖➖➖➖➖➖➖➖🔴➖

⭕ වසර පහකට ක්‍රිකට් තහනම් කර ඇති කතාව පට්ටපල් බොරුවකි.

⭕ තාවකාලික  ක්‍රිකට් තහනම ගැන අඬන සියල්ලෝ, මේ රටේ හොරකම දූෂණ හා වංචා දිගටම පවත්වාගෙන යා යුතු යැයි සහතික කරන්නෝය.

⭕ ඔවුන්ගේ මතය වන්නේ රාජපක්ෂලා හැර අනෙක් ඕනෑම එකෙක් හිතේ හැටියට මහ දවාලේ වුවත් හොරකම් කිරීමට අවසර ලබා දිය යුතු බවය.

⭕ තාවකාලික තහනමක් පනවා සස්පැන්ඩරයක් අන්දවා ඇත්තේ, හොර ෂම්මි කළ ඉල්ලීමකටය.

⭕ එහි හේතු ලෙස දක්වා ඇත්තේ ආන්ඩුව ක්‍රිකට් පරිපාලනයට ඇඟිලි ගසනා බවකි.

⭕ එහෙත් ඇත්ත එය නොව,සිඳුවූයේ ක්‍රිකට් හොර ගුහාවක් බව පාර්ලිමේන්තුවේ ඒකඡන්දයෙන් සම්මත කරන ලද යෝජනාවක් ගෙන  ඒම පමණි.

⭕ හොරුන් හිරේ දමනවා යැයි යැයි කියනා ජෙප්පෝ මෙහිදී පෙනී සිටියේ, හොරුන් වෙනුවෙනි.

⭕ රටේ සිස්ටම් චේන්ජ් එකක් කිරීමට ආ එජාප නායකත්වය හා පාක්ෂිකයන්ද පෙනී සිටින්නේ, මේ අන්ත දූෂිත හොර මජර සිස්ටම් එක පවත්වාගෙන යාමටය. එය ඉතා කනගාටුදායක තත්වයකි.

⭕ IMF වාර්ථාවකින් පවා පෙන්වා දුන්නේ, රාජ්‍ය ආයතන සියල්ලම හොර ගුහා බවය.

⭕ ඒවා ප්‍රතිව්‍යූහගත කිරීමට හෝ විකුණා දැමීමට ආන්ඩුව මේ වන තෙක් ක්‍රියා කළේ නැත.

⭕ ඒවා කෙතරම් දූෂිත ආයතනද යත්, කිසිඳු ආයෝජකයෙක් ඒවා මිළඳි ගැන්මට තබා කළමනාකරණය බාර ගැන්මට හෝ ඉදිරිපත් වන්නේ නැත.

⭕ ඒ වෙනුවට කිරීමට යන්නේ රටේ ධනය හා ජනතාවගේ බදු මුදල් ගසාකන ඒ හිඟන්නන්ගේ පඩිය තවත් වැඩි කොට ඒවා නඩත්තු කරමින් දිගටම පවත්වාගෙන යාමටය.

⭕ ක්‍රීඩා පනතක් (චිත්‍රසිරි) ගේනකන් ඉන්න තිබුනා යැයි යන කතාව, රනිල්ද අන්දවා කරනා තවත් සෙප්පඩ විජ්ජාවකි.

⭕ ෂම්මි ඇතුලු හොර නඩය ඊට විරුද්ධව නඩු පවරා ඇත්තේ, මීට මාස දෙකකටත් පෙරය. ඒ බව විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී සනාත කළේය.

⭕ එම නිසා ඒ පනත් යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපති කිරීමටද නොහැකිය.

⭕ විධායකය හා ව්‍යවස්ථාදායකය ගැටෙද්දී, අධිකරණයේ පිහිටෙන් ෂම්මි සිල්වා ඉන්දියාවට පැනගොස් දැන් සිටින්නේ ඉන්දියාවේය. ඊට පෙර එම කණ්ඩායම විශාල මුදලක් ක්‍රිකට් ආයතනයෙන් පන්නා ඇත.

⭕ ඉන්දියාව යනු ක්‍රිකට් මාෆියාවේ මහ ගෙදරය. ෂම්මි දැන් සිටින්නේ එහේය.

⭕ දැන් රනිල් කළ යුත්තේ නීත්‍යානුකූලව ශ්‍රී ලංකා ක්‍රිකට් විසුරුවා හැර.. සුමතිපාල, ධර්මදාස, රණතුංග පවුල්වලින් හා බෝනගේන් පල්ලියෙන් ක්‍රිකට් ක්‍රීඩාව ගලවාගෙන..

⭕ ක්‍රිකට් ක්‍රීඩා කළ මහත්වරුන් වන වෙත්තමුනි, මඩුගල්ල, මහානාම, මුරලි හා වාස් වැනි අයට බාරදී.. දේශපාලුවන් සම්පූර්ණයෙන්ම ඉවත් කළ යුතුය.

⭕ එසේ කිරීමට නොහැකි නම්.. ඔය ක්‍රිඩාව එල්ලේ ක්‍රීඩාව මෙන් දේශීය ක්‍රීඩවක් ලෙස පමණක් පවතිනු ඇත්තේය.

⭕ මොකා මොන බයිලා ගැහුවත් ලංකාවේ සිටිනා ජාත්‍යන්තර මාෆියාවක රෙදි ගැලෙව්වේ  අමාත්‍ය රොෂාන් රණසිංහ පමණි. 

⭕ අනෙක් ඇමතිවරු සියල්ලොම කම්බා හොරුන් සමඟ ඩීල් දමමින් ජනතාවට කොකා පෙන්වමින් සිටිති.

⭕ සිස්ටම් චේන්ජ් කරමුයි කියා අරගලයක් සිඳු කොට වැලලෙන්න හැදුවත්, සියල්ලන්ටම අවශ්‍යව ඇත්තේ රාජපක්ෂලා චේන්ජ් කිරීම පමණක්ම බව දැන් ඉතා පැහැදිලිය.

.

Nov 8, 2023

තුන්කොන් ක්‍රිකට් තරඟා වලියේ අවසානය කුමක් විය හැකිද?

 


තුන්කොන් ක්‍රිකට් තරඟා වලියේ

අවසානය කුමක් විය හැකිද?

➖➖➖➖➖➖➖➖➖🟥➖


🔴 දැන් අපේ රටේ තුන් කොන් ක්‍රිකට් තරඟ දෙකක් පැවැත්වෙමින් තිබේ...


🔴 එකක් අද දින‍යෙන් අවසන් වන... විස්සයි විස්සේ තරඟයකි.. එය ජය පරාජයෙන් තොර තරඟයක් වනු ඇත...


🔴 අනික හෙටින් ආරම්බ වී... නිමාවෙන දිනයක් නිශ්චිතවම කිව නොහැකි ටෙස්ට් තරඟයකි. මෙය උද්වේගකර තරඟයක් වේ යැයි ප්‍රේක්ෂකයින් බලාපොරොත්තුවෙන් සිටී..


🔴 අද පැවැත්වෙන සීමිත ඕවර් තරඟයේ පාර්ෂවයන් වන්නේ රොෂාන් සජිත් හා රනිල් වනාතර...


🔴 ටෙස්ට් තරගයේ පාර්ෂවයන් වන්නේ... විධායකය ව්‍යවස්ධායකය හා අධිකරණයයි.


🔴 මින් පෙර පැවති තරඟයකදී ක්‍රීඩා ඇමති දැමූ ගැසට් දුස්‍රාවට ශම්මිද සිල්වා අධිකරණය හරහා හයේ පහරක් එල්ල කළ අතර... එය රැක ගැන්මට ගොස් පන්දුව හිසේ වැදුණු අර්ජුණ... ක්‍රීඩාගාරයේ විවේක ගැන්මට යවන ලදි.. පසුව එය නිපන්දුවක් බව තෙවන විනිසුරු වූ අධිකරණය විසින් දැණුම් දෙන ලදි...


🔴 අධිකරණය විසින් එවන ලද බවුන්සරයට හයේ පහරක් රොෂාන් විසින් එල්ල කළ අතර.. ඊට රොෂාන්ගේ පිලෙන් කිසිඳු චියර් එකක් නොලැඹුනද... සජිත්ගේ පිල ඊට චියර් කරමින් බෝනස් ලකුණු ලබා ගනිමින් සිටී.. එය ග්ලෙන් මැක්ස්වෙල්ගේ ඉනිම මෙන් කිසිවකුත් බලාපොරොත්තු නොවූ ඉතා අනර්ඝ ඉනිමක් බව සඳහන් කළ යුතුමය..


🔴 රනිල් පන්දුව නිදැල්ලේ යන්නට ඉඩ දෙමින්... බැක් ෆුට් හෙවත් පසු පාදයේ ක්‍රීඩා කරමින් කඩුල්ල ආරක්ෂා කර ගැනීමේ නිරතව සිටි..


🔴 තුවාල ලබා පිටියෙන් ඉවත්ව සිටින මහින්ද මෙන්ම නාමල්ද රොෂාන්ගේ හයේ පහරට හුරේ දැම්මේ නැති අතර... එහෙම හුක් (කන) පාරවල්ගැහුවේ නැත්නම් හොඳයි කියා... පිටියේ නොදැවී ක්‍රීඩා කරන රොෂාන් වෙත පණිවිඩ පිට පණිවිඩ එවා ඇත.


🔴 අතිරේක ක්‍රීඩකයින් වන විමල් හා ඩලස් සජිත්ගේ පිලට මෙන්ම රොෂාන්ගේ පිලටද වතුර අදිමින් සිටී...


🔴 ඒ අතරේ හේෂා චෝදනා කරමින් කියා සිටින්නේ රොෂාන්ගේ පිලේ ඉන්නා කෝප් කමිටුවේ මහ එකා මැච් ෆික්සින් කරනා බවකි. පොර ඒ සඳහා කප් පිට කප් ලබාගෙන ඇති පොරක් බැවින්... කතාවේ ඇත්තක් නැති වෙන්නත් බැරි නැතිය.


🔴 රතු කණ්ඩායමේ නායක ඇමරිකාවේ සංචාරයක නිරත අතර... නොදන්නා රිකැට් ක්‍රීඩා කරන්නට ගොස් පුපේ ග්‍රැෆයිට් ගෑවේ යයි බියෙන් තරඟාවලියෙන් ඉවත්ව ඇති බවක් පෙනෙන්නට ඇති අතර... සමහර මේස කොල්ලෝ නම් කියන්නේ... ෂම්මිගේ පිල හා ඩීල් එකක් දැමුවා වෙන්නත් පුලුවන් කියාය...


🔴 අපට නියමිතව ඇත්තේ මේ තරඟ දෙස බලා සිටීමට පමණි..


🔴 විනිශ්චය බොහෝ විට තර්ඩ් අම්පයර් හෙවත් අධිකරණය වෙත යොමු කිරීමට ඉඩ ඇති අතර.. එහිදි ෂම්මි සිල්වාට වාසි සහගත තීරණයක් ලැබීමේ සම්බාවිතාවය ඉතා ඉහළ අගයක පවති..


🔴 කෙසේ හෝ මේ සියලුම ආයතන හා පිරිස් මාෆියාවන්ගේ මුදලට යට වූ... අන්ත දූෂිත ආයතන හා පුද්ගලයන් බව ලොවටම හෙලිකල... රොෂාන් රණසිංහට ජාතියේ ප්‍රණාමය හිමි විය යුතු අතර...


🔴 සජිත් ප්‍රේමදාස මෙය ජයග්‍රාහී අවසානයක් දක්වා ගෙන ගියහොත්... තරඟාවලියේ වීරයා වීමේ පහසු අවස්තාවක් ලැබී ඇති බවත් ලියා තැබිය යුතුමය...


#යාතලන්මකා 


.

Nov 3, 2023

ක්‍රිකට් මෙන්ම.. රාජ්‍යයේ අවසානයද නොබෝ දිනකින්ම උදාවනු ඇත.

 


ක්‍රිකට් මෙන්ම.. 

රාජ්‍යයේ අවසානයද

නොබෝ දිනකින්ම උදාවනු ඇත.

➖➖➖➖➖➖➖➖➖➖💀➖


ක්‍රිකට් වලට අත්වූයේද 

ලාංකිය දේශපාලනය, රාජ්‍ය සේවය, අධිකරණය, ව්‍යාපාර හා නීතිය මෙන්ම සෑම ක්ෂේශ්ත්‍රයකටම අත්වූ ඉරණමමය...


එනම්... ඉංග්‍රීසී අධ්‍යාපනය හා ලෝකය පිළිබඳ අවබෝධයක් නොමැති නිර්ප්‍රභූන්, ප්‍රභූ පන්තියට ඇතුලත්ව... ඔවුන් එම ක්ෂේශ්ත්‍රයන් තුල පාලකයින් බවට පත්ව ගත් අමණ තීන්දු තිරණ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම තුලය...


(ක්‍රිකට් - සුමතිපාලලාගේ හා ධර්මධාසලාගේ ආධිපත්‍ය හා ඒ තුල සාම්ප්‍රධායික කතෝලික ප්‍රභූ පන්තිය සේවකයින් වීම)


(රට - විවෘත ආර්ථිකය තුල ගොඩ එමින් පැවති රට තුල.. 2010 පසු රාජපක්ෂලා විසින් කළ භාණ්ඩාගාරය මංකොල්ල කෑම... යහපාචනේ විසින්.. 2015 දී සංවර්ධන යෝජනා ක්‍රම සියල්ල සම්පූර්ණයෙන්ම නවතා දැමීමත්.. ඝෝඨාභය විසින් නැවතත් 70-77 දී ක්‍රියාත්මක කොට අසාර්ථක වූ දේශීය ආර්ථික කුණුහබ්බය ජප කරන්නට යාමත්)


මෙහි උච්ඡතම අවස්ථාව හෙවත් ක්ලයිමැක්ස් එක... ඉතා ආසන්නයේ සිඳු වීමට නියමිත අතර...


එය මේ රාජ්‍යයේ අවසානය වීමට නියමිතය...

ඉන් පසු අමණ ජන රැළට සිඳුවනුයේ නැවතත් සම්පාකාර පෝලීමේ සිට කියුබාවේ හා වෙනිසියුලාවේ සංවර්ධනයේ ආශ්චර්‍යය විඳීමටය...

නැවත එයින් පිටපොට පැණීමටද නොහැකි වනු ඇත්තේ....

කොමියුනිස්ට් පාලනයන් තුල ජනතා පරමාධිපත්‍යයට කෙලවෙලාම යන නිසාමය.


සිඳු වූ අලකලංචි කිසිවකටත් පාලකයින් හෝ නිලධාරීන් වගකිව යුතු නැති අතර...


ඒ සඳහා වගවීම් හා වගකීම් සම්පූර්ණයෙන්ම ගත යුත්තේ... ඔවුන් විසින් බුද්ධිමත් ජනතාවක් ලෙසින් මුරුංගා අත්තේ තැබූ සාමාන්‍ය ජහමනයාමය...


මන්ද සියල්ල සිඳුවූයේ ඔවුන් විසින් පත්කළ පාලනයන් තුලය....


එහෙත් ඉතිහාසයේ ප්‍රථම වරට කැරල්ලක් මඟින් පත්කළ ජනවරමක් නොමැති පාලකයකු පත්කොට ඇති අතර...


රට යම් පමණකින් හෝ ගොඩ ගත හැක්කේ... අර්බුධය ගැන අවබෝධයක් සහිත ඔහුටම පමණි...


කැරල්ලක් හෙවත් අරගලයක් ඇති වූයේ... පවතින සිස්ටම් එක පට්ට අවුල් නිසාවෙන්... අළුත්ම සිස්ටම් එකක් ඉල්ලමින් වනාතර... දැන් සෙමින් සෙමින් ජනතාවට දැනෙන ලෙස එය සිඳුවෙමින් පවති...


(කාපු කට්ට මතක නැති හාල්පාරුවන් එය අමතක වී වර්ජන උද්ඝෝෂණ කළද ඒවාට අවශ්‍ය බෙහෙත් අධි මාත්‍රාවෙන්ම ලබා දිය යුතුය.... පිස්සන් කළබල වූවාට ජොස්තරලා කළබල විය යුතු නැත.)


අනෙකුත් වෙන්ට ජනපතිවරුන් සියල්ලන්ම... පවතින සාම්ප්‍රදායික සිස්ටම් එකේම දිඟුවන් වෙමින්... ගුරුවරුන්ට බස් රථ පූජා කරමින්.. දිවයින පුරා චෛත්‍ය ඉඳිකරමින්...  ග්‍රැෆයිට් වලින් හා ඉල්මනයිට් වලින් රට ගොඩ ගැනීමේ විහිළු ජනතාවට සපයමින් ආතල් දෙමින් සිටී...

.

Sep 17, 2023

සයිබර් අවකාශය හා ක්‍රිකට් මාර පරාජය...

 


සයිබර් අවකාශය හා

ක්‍රිකට් මාර පරාජය...

➖➖➖➖➖➖➖⭕


අවසානයට ලිවිය යුතු දේ මුලින්ම ලියන්නට ඕනාය. 


එනම් සබ්ජෙක්ට් එක නොදන්නා ටොක්සික් රෝගීන්ගේ කොමෙන්ට්ස් හෙවත් ප්‍රතිචාරයන් ගැනය. මෙය ඇත්තටම "සයිබර් බුලින්ග්" ලෙස නම් කලත් වරදක් ඇත්තේ නැතිය. මේ හේතුවෙන් බුකියෙන් ඉවත්වූ පිරිසද විශාලය. උදාහරණද ඕනෑ තරම් දිය හැකිය. 


මාතලන් විසින් එසේ ඉවත්වූ  සුපිරි චරිත නැවත කැඳවාගෙන ආ අවස්ථාවන්ද තිබෙනා බවට, එසේ කැඳවාගෙන ආ අයට සමහර විට මතක තිබෙන්නටද පුලුවනිය.


එහෙත් බුකියේ සිටින අය සියල්ලන්ම දැනගත යුතු දෙය නම්, මේවා පයිසෙකට මායිම් නොකළ යුතු දේ වනාතර... ඒ සියල්ල තම ඉදිරි ගමනට පන්නරයක් කර ගත යුතු බවය. 


මෙවන් දේ කරනුයේ අදාල සබ්ජෙක්ස්ට් එක පිළිබඳව මෙලෝ අලබෝලයක් නොදන්නා අඳබාල වහල් හාරුපාරුවෝය. උන්ට බුද්ධිය කෙසේ වෙතත් ස්වාධීන චින්තනයක් ඇත්තේ නැතිය. මෙවන් උන් සියල්ලෝම එක්කෝ දේශපාලන පක්ෂයක වහලුන්‍ය. එහෙම නැතිනම් කිසියම් කණ්ඩායමක හෝ චරිතයක බැතිමත් දායකයෝය. උන් කොමෙන්ට් දමන්නේ පෝස්ට් කියවන්නේ නැතිවය. ඒ උන් මොළ ඉවත්කොට චිප් දමා ඇති රොබෝලා නිසාය.


උන්ට පර්සනැලටියක් නැත. උන් වීරයෝ වන්නේ සයිබර් අවකාශයේ පමණි. සැබෑ ලොවේ උන් සමාජශීලී නැති, කුලෑටී පොලප හැන්නයෝය. එය මා අත්දැකීමෙන්ම දන්නා අතර, මුන් ගැන දන්නා උන්ද ඒ පිළිබඳව සාක්ෂි දරණු ඇත්තේය.


ඇත්තටම විය යුත්තේ, දෙයක් තමන්ගේ බුද්ධියෙන් විමසා බලා  තම ස්වාධීන මතය ප්‍රකාෂයට පත් කිරීමය. දේශපාලනයේ මෙන්ම බුකියේද සිටින එවන් චරිත මා දැක ඇත්තේ අතලොස්සක් පමණය. 


පාලකයින් පත්කිරීමේ මෙන්ම ඉවත්කිරීමේ තීරණාත්මක බලය ඇත්තේ මෙවන් මධ්‍යස්ත මතධාරීන් ඇතේය.


එහෙත් අර පැපොල් ඇට ලොන්තයන්ට ඒවා මැජික් වේ. උන් කරන්නේ පක්ෂයෙන් හෝ මුණිවරයකු ලබා දෙන පරණ ස්ක්‍රීන් ෂොට් එකක් එල්ලීමය. මේවා මට නම් ආභරණයන්මය. නොමිළේම ලබා දෙන ප්‍රචාරයන්මය.


ඊයේ ක්‍රිකට් තරඟය ගැනද කිව යුතුව ඇත්තේ මෙයමය. ක්‍රිකට් ගැන මෙන්ම ක්‍රීඩාව ගැනද මෙලෝ අලබෝලයක් නොදන්නා, ගැම්මට, රැල්ලට හා කල්ට් එකට එකතු වීමේ ආසාවෙන් ක්‍රිකට් බලනා හාල්පාරු ෆෑන්ස්ලාට ඊයේ තරඟය මාර පරාජයක් වූවාට, කාළයක් තිස්සේ ක්‍රිකට් නරඹන අපට නම් මෙව්වා නතින්ග්මය. අප මින් පෙරද මෙවන් අවස්ථා අනන්තවත් දැක තියෙනවාය. 


96 ලෝක ශූරයන් වූ අප, ඊළඟ තරඟාවලියේදී පළමු වටයෙන්ම එලියට විසි වූයේ, කුසලාන ලැබිය හැක්කේ තමන්ට පමණකැයි යන අධිමානයෙන් පෙලෙනා කයියනායක මෙන්ම, ලෙජන්ට්ස්ලාද රොත්තක් සිටියදීය. 


වරක් ළකුණු 43 කට සිම්බාබ්වේ හමුවේ සියල්ලන් දැවී ගියේ උපුල් තරංග, ඩිල්ෂාන්, සංඝා, මහේල, චන්දිමාල් වැනි සුපිරිම පිතිකරුවන් රැසක් සිටියදීය. ඒ ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වභාවය මෙන්ම ඕනෑම ක්‍රීඩාවක ස්වාභවයය. එය දන්නා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමද ඊයේ ජයග්‍රහණය මහා ඉහළින් සැමරුවේ නැත්තේ එනිසාය.


තරඟයට පෙරම මාතලන් කීවේ, මේ තරඟය දිණුවත් පැරදුනත් අපි දිණුම් කියලාය. ඒ... රට හා ආර්ථිකය මෙන්ම, රටේ මිනිස්සුන්ට ප්‍රීතී විමට තිබූ එකම දේ වූ ක්‍රිකට් ක්‍රීඩාවද, මළ පෙරේතයන්ගේ රජ දහනක් වී, අගාධයටම ගොස් තිබූ සමයක, නැවත එකා මෙන් ක්‍රීඩා කරන කණ්ඩායමක් බවට පත් කොට ජයග්‍රහණ 13 ක් එක දිගට ලබා ගත් හේතුවෙන්මය.


ක්‍රිකට් නෝදන්නා හාල්පාරුවන් මේ කණ්ඩායමෙන් ආසියානූ ශූරයන්, ලෝක ශූරයන් වී සුරතාන්තයට පත් වෙන්නට බලාගෙන උන්නද, ක්‍රිකට් දන්නා උන්ට එහෙම රෝගයක් ඇත්තේ නැතිය. ඒ වෙනුවෙන් අපි තව හෝම් වර්ක් රාශියක් කළ යුතුය.


විය යුත්තේ කණ්ඩායමට කුසල් ජනිත්, දිමුත්, ඇන්ජෙලෝ වැනි ඩේට් එක්ස්පයර්ඩ් පරිප්පු කෑලී එකතු කරන්නේ නැතිව, ඉන්දියාවේ, ඔස්ට්‍රේලියාවේ කරන්නාක් මෙන්, දුලිත් වෙල්ලාලගේ, මතීෂ පතිරණ වැනි තවත් පොඩි කොල්ලන්ට අවස්ථාව ලබා දීමය.


එමෙන්ම දැනට නායකත්වයට සුදුසු කිසිවකුත් කණ්ඩායම තුල නැති අතර, අසලංක මෙන්ම දුනිත් වෙල්ලාලගේටද ඒ සඳහා තව කාළය ඇත.  එබැවින් කිසිඳු ලෙසකින් දසුන් ශානක නායකත්වයෙන් ඉවත් නොකළ යුතු අතර, එවැනි ජනප්‍රිය ගොබ්බ තීරණයකින්, නැවතත් කණ්ඩායමට හිටපු තැනටම ඉතා පහසුවෙන් යා හැකි බව සඳහන් කරමින් මේ පල්හෑල්ල ලිවීම නවතා දමනවාය.


ඒ වගත් මෙසේය.....

.

Nov 11, 2022

සියළු ගැටළුවට හේතුව බලය ප්‍රභූ පාලනයෙන් ගිලිහීමය..


➖➖➖➖➖➖➖➖🙄➖

ධනුෂ්ක ගුණතිලක සිද්ධිය අලලා එයට හේතූ වූ කරුණු ගැඹුරින් සාකාච්ඡා වන ලිපි කිහිපයක්ම කියවූවේය.

වාමාංශික වාම ගොබ්සන්ලා සුපුරුදු ලෙසම මැක්කාගේ කතාව ලියමින් සාප කරන්නේ ජේ ආර් ගේ විවෘත ආර්ථිකයටය. ඊට සාධාරන හේතුවක්ද තියෙන්නේය. ඒ ජේ ආර් ගේ විවෘත ආර්ථිකයත් සමඟ ගම්වල උන් බන්ඩලා මැනිකෙලාද, ජීවීතේ කියන්නේ සම්පාකාරේ උම්බලකඩ කෑල්ලයි බොම්බිලි කරෝලයි නොවනා බව වටහා ගත් නිසාය.

අද වමක් නැත. ඇත්තේ මොන්ගල් වමකි. උන් දිනපතා වම වම කියා වමනය කරමින්, පිනට කකා බිබී රමණය කරමින් දිවයින පුරා හා ලෝකය පුරා අමනයන් රැලකට සුරංගනා කතා කියමින්, ධනවාදී ක්ලයිමැක්ස් එකම ලබා ගනිමින් සිටින්නේය. 

වෙනස ඇත්තේ කුලයේ හා පන්තියේ පමණමය. ඉහළ සමාජයට අයත් වුවත්, එහි ප්‍රධාන චරිත රඟ පෑමට අවස්ථාව නොලැබෙන චරිත දෙක තුනක් අතීතයේ පරිදිම අඩු කුල ව්‍යාපාරයේ ගරු රඟපෑම් කරමින් සිටින්නේය. 1971/72 මෙන්ම 88/89 කාළයේද එවන් පිරිසක් වමේ පක්ෂ තුල මෙන්ම විප්ලව තුලද සිටියේය.

මාතලන්ගේ අදහස නම් ක්‍රිකට් වලින් පමණක්ම නොව, අපේ රට සෑම අතින්ම ගරා වැටීමකට ලක් වීමට ප්‍රධානම හේතුව, 56 අපතයන් ඉදිරියට එමින්, ප්‍රභූ සමාජය සියළු මර්මස්ථාන වලින් ඈත් වීම බවය. බොහෝ උන් සියළු දේපල විකුණා දමා රට හැර ගොසිනි. අනෙක් උන් නිහඬව තම ව්‍යාපාර හා රැකියාවල යෙදෙමින් නිහඬව සිටී.

සුද්දා රටින් යන විට රට බාර දී ගියේ කළු සුද්දන්ටය යන්න කවුරුත් දන්නා කතාවකි. මේ කළු සුද්දන් කියා කියුවේ ප්‍රභූ සමාජයටයි. ඔවුන් සුද්දන්ගේ ජීවන රටාව හා සිතුවිලි වලුන් සුද්දන්ම වූ පිටින් පමණක් කාල වර්ණ වූ පිරිසය. කරුමය ඇරඹෙන්නේ ප්‍රභූ සමාජයේම එකෙක් වූ බන්ඩා, බල පෙරේත කම හමුවේ සඟ වෙද ගුරු ගොවි කම්කරු හෙවත්, පංච මහා බලවේග මහා කරුමය මේ රටේ ස්ථාපිත කිරීමය.

මේ සියළු කොටස් අයත් වනුයේ සුද්දා හා මුසු වීමට නොහැකි වූ සමාජයේ පහළම ගෝත්‍රික ස්ථරයටය. බන්ඩාගෙන් පසු එහි බලය සිරිමාට හා දුවට ලැබුනද ඔවුන්ද පාලනය වන්නේ අර ධනවාදීන් බංග කොට සමාජවාදයක් බිහිකල යුතුයැයි යන සුරංගනා කතා තොරණ ප්‍රදර්ශනය කරනා වම්මුන්‍ය.

චන්ද්‍රිකා පාලනය යටතේ වාමාශිංක නෂ්ඨාවශේෂ වල නායකයින් එකා දෙන්නා මෙන්ම ජෙප්පන්ගේ 39 ක්ද 40 ක්ද එන්නේත්, 2005 ගිරිවාපත්තුවේ නොව පාර්ලිමේන්තුවෙත් චොප්පෙ අයියා වූ මහින්ද ජෙප්පන් හා ගිවිසුමකට යන්නේත්, යුද්ධය කළේ උන් කියා පාරම් බාන්නේත්, විමල් වීරවංශගෙන් එහා උපදේශකයෙක් මහින්දට නැතිවන්නේත් ඒ අනුවය.

මේ බව තේරුම් ගන්නා මහින්ද මුන් හලා දමා ඊළඟට සෙට් වෙන්නේ ඊට වඩා කරුමක්කාර සමාජ ස්ථරයක් සමඟය. ඒ ජේ ආර් බිහි කෙරූ නාගරික හා ලුම්පන් පන්තිය සමඟ වන අතර, උන් උන්ගේ බලය මෙහෙයවන්නේ පාතාලය හරහාය.

ඒ දේශපාලනයේ කතාව වනාතර, ක්‍රිකට් තුලද සිඳු වූයේ එයමය, රාජකීය, සාන්ත තෝමස්, ට්‍රිනිට්, සෙන්ට් පීටර්ස්, සෙන්‍ට් ජෝෂප් වැනි ප්‍රභූ පාසල් වලින් බිහිව තිබූ ක්‍රිකට් කණ්ඩායමට බන්ධුල වර්ණපුරලා එන්නේත්, ඔවුන් මුදල් වෙනුවෙන් දකුණු අප්‍රිකාවේ ගොස් රටේ කීර්තිය කා දමන්නේත්.

ඉන් අනතුරුව පොට්ට චාන්ස් එකකින් 96 වර්ල්ඩ් කප් දිනනා කෝච්චියේ ක්‍රිකට් ගහන්නට ආ අර්ජුන බුකි කාරයෙක් වූ තිලංග සමඟ එක්ව ක්‍රිකට් ක්‍රීඩාව තමන්ගේ බූදලයක් කර ගනිමින් පභූ පන්තිය කපා දමන්නේත් එලෙසින්මය.

මහ බැංකුවේ උන් කීර්තිමත් නිළධාරින්ගෙන් අනුතුරුව ජයවර්ධනගෙන් පටන් ගෙන රට බංකොලොත් බව ප්‍රකාෂ කරන්නේ තංගල්ලෙන් ආ නන්දලාල් වීරසිංහලය. අමාත්‍යාංශ තුලද, රාජ්‍ය නිළධාරීවාදයේද, සියළුම ඉහළ යැයි සැලකෙන වෘත්තීන් තුලද, රාජ්‍ය සේවයේද, ව්‍යාපාර ක්ෂේත්‍රයේද, සෑම සියළු අංශයක් තුලම ඇත්තේ අර කලින් සඳහන් කළ සමාජ ස්ථරයන් තුලින් පැමිණි පිසාචයින්‍ය.

එදා වියත්මඟ යැයි කියා රට විනාශ කළ ඝෝඨා සමඟ පැමිණ, අද ඩලස් නම් මඩ පත්තරකාරයා හා එක්ව සිටිනා පිරිසද මේ ස්ථරයන්ගෙම පැමිණි බයිලා චැම්පියන්ලාම පිරිසකි. දැන් උන් සියල්ල පසෙක තබා අනෙක් පක්ෂවලට ජැක් එකක් ගහනා හැටි සොයති. ඒ අස්සේ චන්න ජයසුමනගේ කාළයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිඳු වූ මහා වංචා එලියට පැමිනෙමින් තිබේ.

ප්‍රභූ පන්තියේ චර්‍යා රටාව හා චින්තනයට අනුව වැඩ කටයුතු කරනා දේශපාලන පක්ෂයකට තා දුරටත් ඉතිරිව ඇත්තේ එජාපයම පමණි. එහෙත් රංගෙ බංඩාර වැනි අපතයන් ඒ පක්ෂයට කරනා හානිය අනෙකුත් උන්ට නොපෙනීම පක්ෂයේ කරුමයකි.

මේ රට එවන් පිසාචයින්ගේ රාජධානියක්ව ඇති බැවින්, අපේ ජීවිත කාළය තුලදී මේ රට ගොඩ යනු ඇතයි මාතලන් නම් තව දුරටත් කිසි සේත්ම විශ්වාස කරන්නේ නැතිය. සුළු හෝ බලාපොරොත්තුවක් තබා ගත හැක්කේ රනිල් වික්‍රමසිංහ යටතේ පමණි.

ඉන් එහා නායකත්වයක් පවතින දේශපාලන සංස්කෘතිය තුල මේ මොහොතේ නොමැති බවද කනගාටුවෙන් වුවත් ලියා තැබිය යුතුය.

ධනුෂ්ක ගුණතිලකලා වැනි අපතයන් සමාජයේ සෑම ස්ථරයකම තම ප්ලේස් එක තහවුරු කරගෙන අවසන් අතර, උන් ග්‍රෝත්‍රිකයින්ගේ වීරයන්ද වී අවසානය.


ඒ වගත් මෙසේය......



න් 





Jun 24, 2022

කහ පාටට බය වූ උන්ගේ (Xanthophobia) පළමු පරාජය මෙය නොවේ.



.

කහ පාට ඇඳපු උන් ජයග්‍රහණය කරලා අහවරය. අවසන් තරඟය ඔස්ට්‍රේලියාව ජය ගත්තත්, එය ලෙහෙසි පහසු ජයග්‍රහණයක් නොවීය. ඔස්ට්‍රේලියානූ නායකයා තම ස්තූතිය සිංහලෙන්ම ප්‍රකාෂ කොට සියළුම ප්‍රේක්ෂකයින්ට උපහාර කළේ පිටිය වටා ගමන් කරමින්‍ය. මෙවන් දසුනක් ක්‍රිකට් ඉතිහාසයේම නොතිබූ දෙයක් වූ අතර, ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ ලෝකයේම අවධානය දිනාගෙන අහවරය.


අරගලයේ හා විපක්ෂයේ කළු අඳිනා අපතයන් මෙම තරඟාවලියට මුල සිටම විරෝධය පෑවේය. උන්ට අවශ්‍ය වූයේ ඔස්ට්‍රේලීයානූ පිල යලිත් හරවා යැවීමටය. මෙතෙක් ලංකාවේ පහළ වූ දුර්වලම පාලකයාගේ නෝන්ජල් ක්‍රියා හමුවේ, විපක්ෂය එරෝෆ්ලොට් කුමණ්ත්‍රණය ජයගෙන රුසියානූ සංචාරකයින් ඒම නවතා දැමුවද, ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන උන් පෙලගැසී සිටියේ ආදරෙයේ අරගලකරුවන් කියනා මිලේච්ඡයින්ට හොඳ සංග්‍රහයක් ලබා දීමටය.


පොන්නි සම්බා හාල්ද කොහෙද කන පාලකයින් පිරිසක් හමුවේ, රටේ සාමාන්‍ය ජනතාව ලද මේ ජයග්‍රහණය අතිශයින් වැදගත් වන්නේ, අරගලයේ අපතයන් ජයග්‍රහණය කලහොත් මේ රටේ සිඳුවිය හැකි දේ මුළු ලෝකයම මැයි 9 වනදා තම නේත්‍රා වලින්ම දැක ගත් නිසාවෙන්‍ය.


දැන් රටේ ජනතාව නොව මේ අපතයන්ට උඩගෙඩි දුන් නීතීඥ ප්‍රජාවද මුන් ප්‍රතික්ෂේප කරමින් සිටීම රටේ වාසනාවක්‍ය. මුන්ට අවශ්‍ය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් නොව, "ප්‍රචන්ඩත්වවාදී" පාලනයක්‍ය. උන්ගේ මතයට එහා මතයකට කිසිඳු ඉඩක් ඇත්තේ නැතිය. සියල්ලෝ උන්ගේ මතයට අවනත විය යුතුය. සංවාදයට විසංවාදයට තබා විරුද්ධ මතයක් දරන්නෙකුට අරගල භූමියට පැමිණීමත් තහනම් භූමියක්‍ය.


දැන් උන් උන්ම මරා ගන්නා තත්වයකට පත් වී තිබීමද රටේ වාසනාවක්මය.


කෙදිනක හෝ මේ අපතයන් බලයට පත් වුවහොත් මේ පාලකයන්ට හා ජනතාවට අත්වන්නේ, මියන්මාරයේ අවුන් සාන් සූකීට හා එරට ජනතාවට අත් වූ ඉරණමට මුහුණ දෙන්නටය. අද එරට ප්‍රාජාතන්ත්‍රවාදය ඉල්ලා පැමිනි පිරිස කොහේදෝ කියා නැතිය. ජිනීවා වල නෝනාටත් උන්ට අත් වූ ඉරණම ගැන වගේ වගක් නැතිය.


එහෙත් අපේ රටේ ප්‍රාජාතන්ත්‍රවාදය ගරු කරන නිදහස් සාමකාමී ජනතාවගේ වාසනාවට මේ අපතයන් දැන් එකෙක්වත් ගනන් ගන්නේ නැතිය. ඒ බව පෙනුනේ ඊයේ පමණක් නොවේය.


⭕ අරගලයට දින 50 පිරුණු දිනයේ රටේම ජනතාව ගෝල්ෆේස් ගේනවා කිව්වාට එකෙක්වත් ආවේ නැතිය.


⭕ ඉන්පසු සිසු විරු දිනයේ බුකියේ ගෝල්ෆේස් එන්නැයි කියා මේ අපතයන් කළ ඉල්ලීම එකෙක්වත් ගනන් ගත්තේ නැතිය.


⭕ ඒ හැර, ඉන් පෙරද, අතනට එන්නැයි, මෙතනට එන්නැයි කී ඉල්ලීම්ද ජනතාව පයිසයකට මායිම් නොකලේය.


⭕ වරෙන්තු නිකුත් කල උන් බාර වෙන්න ආ පෙලපාලියට 50 ක් වත් ආවේ නැතිය.


⭕ මුන් පෙනී උන් යූක්‍රේනය හා සෙලන්ස්කි අද පුටින්ගෙන් පොරි හැලෙන්නම කනවාය.


⭕ මුන්ගේ ව්‍යවස්ථාවක් වූ 21 වන ව්‍යවස්ථාව ජනමත විචාරණයකින් තොරව සම්මත කළ නොහැකි නිසා විසිකර දමන ලෙස අධිකරණය කතානායකට අණ කළේය.


⭕ මුන් පෙනී සිටී හොලිවුඩ් නළු විල් ස්මිත්ට අවුරුදු 10 කට ඔස්කා තහනම් වූයේය.


⭕ ඊයේ සිරගත වූ අපතයන්ට ඇප දෙන්නට කළු කෝට් කාරයෝ 20 ක් වත් නැතිය.


ඇත්තටම දැන් ඔතන ඉන්නේ, ආහාර ලැබෙන නිසා කොළඹ වතුවල උන් කුඩ්ඩන්, පුරඟනන්, හිඟන්නන් හා දේශපාලන හිඟන්නන් වන ජෙප්පන් හා පෙරට්ටන් හෙවත් වමේ ලුම්පන් පිරිස පමණය.


එවන් අපතයන් පිරිසක් දිගින් දිගටම ජනතාවගෙන් ප්‍රතික්ෂේප වීම රටේ වාසනාවය...


ඝෝඨා ජනපති කමෙන් "ඉවත්විය" යුතුයැයි අපට කියන්නට බැරිය. ඒ ඔහුට ලක්ෂ 69 ක ජනවරමක් තිබෙනා නිසාය.


එහෙත් රාජ්‍ය පාලනය ගැන අබ මල් රේණුවක දැණුමක් නැති ඝෝඨාභය "ඉවත්කළ" යුතුයැයි කියනා මතයේ මෙන්ම පාර්ලිමේන්තුව විසිරවිය යුතුයැයි කියනා මතයේ මාතලන්ද සිටිනවාය.


එහෙත් එය කළ යුත්තේ ඊට ව්‍යවස්ථාව තුල ඇති ඉඩ කඩ තුල ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් මිස, පාර්ලිමේන්තුවෙන් පිට ආඥාදායකයක් ක්‍රියාත්මක කිරීමට නොවේය.


ඒ වගත් මෙසේය.....


©® Priyantha Hewage Maathalan 

.

Jan 3, 2016

රණතුංග පරාජය හා ක්‍රිකට් දේශපාලනය - Cricket Politics in Sri Lanka



2000 දී ගූ යන්න වර්ල්ඩ් කප් කාපු එක අර්ජුනට මතක නැත. 1996 කොටින්ට පින් සිද්ද වෙන්න දිනපු කප් එක ක්‍රිකට් වලට විශාල සෙවයක් කලද, ක්‍රිකට් යනු රණතුංග පවුලේ බූදලයක් උනේ ඉන් පසුවය. අර්ජුන පාළක මණ්ඩලයෙන් විසි උනද, එන හැම පාළකයා සමගම ෂේප් න්‍යායයක් ගෙන ගිය නිශාන්ත, තම ආදිපත්‍ය ක්‍රිකට් පාළක මණ්ඩලය තුල නොකඩවාම ගෙන ගියේය.

Aug 24, 2015

පිච්චු නම් කෙලින්න එපා සංඝා - Sanga, Don't be Crazy



ඒ කලේම මම දැනගත්තා ජැන්ටල්මන් කිව්වට පුල් පිස්සු බුවෙක් කියලා.
උඹ ක්‍රිකට් ගහන්න ආපු කාලේ උඹට කිව්වේ, ජරාව දීලා, කළුවව කපලා, ගහන පොරක් කියලා.
හැබයි ඉතින් මොකක්දෝ චෑන්ස් එකකට පට්ට ක්‍රිකටර් කෙන්ක් උනා.
ඒ මදිවට ළෝකෙම පිලිගන්න මහත්තයෙක් උනා.
උඹ ඉස්සෙල්ලම ආවේ කඩුළු රකින්න. 
උඹ කඩුල්ල ඉතරක් නෙමෙයි බං
රටේ නමත් රැක්කා.
ඒත් ඉතින් මම දන්නවා බුවා අප්සට් පොර කියලා.
එහෙම නැහ්නන් අර සුද්දගේ රට ගිහින් කියාවිය.
මම හින්ගලය මම දෙමලය, මම මුස්ලිම්ය, මම බර්ගර්ය, මම බුඩිස්ය, මම ක්‍රිස්මස්ය, මම හින්දුය, මම අල්ලය ...,අයි ඇම් ඒ සිරි ලන්කන්යැ කියලා...

Feb 12, 2015

Sex, Love & Cricket (23+) - ක්‍රිකට් ක්‍රීඩකයකුගේ මඤ්ඤං ආදරය (23+)


හෙට, "වැලා" සැලබෙරේට් කොරනා දවසය. අපිත් ඒ කාළේ හොඳ වැලන්ටයින්ලාය. අදත් එහෙම වැල්න්ටයින්ලා ඕනා තරම් ඉන්නවාය. වැල කාරයෝ ගැන ලියන්න ගියොත් පොතක් ලියන්න වෙන නිසා, ඒ කතන්දරේ මෙතනින් නවත්තනවාය. ඒ අස්සේ හෙට ඕවර් 50 හේ කිරිකැට්  වර්ල්ඩ් කප් එකත් පටන් ගන්නවාය. අද මේ දෙකම මාධ්‍යවලින් වවාගෙන කනවාය. උන්ට වැලන්ටයින් සැමරුවත් එකය, නැතත් එකය. වර්ල්ඩ් කප් දින්නත් එකය, කෙල උනත් එකය. උන් හැමදාම ගොඩය.

Dec 2, 2014

ඇහින්දාස්, පාල අයියා, ගෙම්බෝ හා ඉලෙක්සොන් මැච් - Paala Aiyaa, Frogs, Election Games & The And Co.



හොඳ හොඳ සෙල්ලම් තියෙන්නේ එළිවෙන ජාමෙට හිටං කියා, සිරිසේන ලොක්ක කීවේය. ලොක්කා කිව්වේ, මහින්ද ලොක්කත් එක්ක ගේමෙට ආපු කෙනා නිසාය. කස්ටිය හිතගෙන උන්නේ, මහින්දත් එක්ක හැප්පෙන්න එකෙක්වත් නැතෙයි කියලයා. ගේමට එන්නේ රනිල් උන්නැහේ කියලාය. ඒ නිසා, රනිල්ට ප්‍රචාරය පිණිස ආන්ඩුව ගානේ, පෝස්ටර් පත්‍රිකා පමණක් නොව, ටෙලි නාට්ටි දෙකකුත් හැදුවේය. ආන්ඩුව වියදම් කොරනා වියදම් කිරිල්ල බලුවාම, ඕවා මහා වියදමුත් නෙමේය.

Nov 16, 2014

ධවල ශෝධනය හෙවත් බඩ යන්න කෑම... (23+) - Humilating Defeat (White Wash)



ඉන්ගිරිසියෙන් මේකට කියන්නේ, වයිට් වොෂ් කියලාය. හින්ගලෙන් කියන්නේ, බඩ යන්න වදිනවා කියලාය. අළුත් ජැනරේසොන් එකේ උන් කියන්නේ, ඇට්ටි හැලෙන්න කනවා කියලාය. කොහොමත් අපි ඉන්දියාවේදි කනවාය. අද වෙනකන් එකම සීරීස් එකක් වත් දිනලා නැතිය. ඒත් මේ විදියට නම්, සංසාරේදි තියා අම්පාරේදීවත් පැරදුනාද කියා, මට නම් ම්තක නැතිය. කන එක ජීවීත කාලේදි මතක හිටින්න කෑවේය. අනික කෑවේත් කජු කිරි කොල්ලන්ගෙන්ය. කෝලී, රයිනා, රොහිට් ෂර්මා, ජඩේජා වගේ කීප දෙනෙක් ඇර අනික් උන් ඔක්කෝම වගේ පොඩි කොල්ලෝය, ඒ ක්‍රිකට් වලින් බැලුවොත්ය, වයසෙන් බැලුවොත් උන් තුන් හතර දෙනාත් පොඩි කොල්ලෝය.

Aug 19, 2014

මහේල, කිරිකැට් හා මහත්හොරු - Gentleman's Game, Cricket & Mahela



මේ ළඟදී රූපවාහිනි සකච්ඡාවකදි පට්ට ජෝක් එකක් දැක්කේය. සිද්දිය මෙසේය. ජෙප්පන්ගේ මහ ඇමති අපේක්ෂක සමන්ත විද්‍යාරතන ඌවේ දුප්පත් කමේ ප්‍රතිශතේ ගැන ගේම ඇද්දේය. විජිතමුණුයානම් කිව්වේ එහේ දුප්පත් උන් නැතෙයිය. ඉන්නේ බොහෝම පොහොසත් උන් කියලාය. ඔය, අර ශත, මේ ශත, ප්‍රතිශත ඕනා වෙන්නේ නැතිය. මොණරාගල, බුත්තල පැත්තේ ගියපු ඕන එකෙකුට එහේ ඉන්න බිලියනර්ස්ලා ඇස් දෙකෙන්ම බලා ගන්නට පුළුවන්ය. ඒ නැතත් ටැලිවිසොන් වලත් අපරාදේ කියන්නේ, වතුර බින්දුවක් නැති, හේන් කුඹුරු පාලු උන, බිලියනර්ස්ලා ඕසෙට පෙන්නනවාය.