.

.

Aug 31, 2020

ලංකාගමදී හා වැල්ලවායේදී අම්බානක කෑම

ඊයේ අපූරූ දවසකි….

රටේ ප්‍රධානම මාතෘකාවක් වූ සිංහරාජයේ පැවති මාර්ගය අළුත් වැඩියාව තම අනින්ම නැවැත්වූ ජනාධිපති තුමා, එහි ඇත්ත නැත්ත තම දෑසින්ම දැක ගැන්මට යාම එක සිද්දියකි…..
අනෙක් සිද්දිය නම්….

තමන් කොළඹ සිට පැමිණි බලවත් පිරිසක් යැයි කියා…. වැල්ලවායේ දෙදෙනෙකුට පහර දුන් නවගමුවෙන් ගිය අපතයෝ පිරිසකට….. වැල්ලවායේ ගමක්ම එකතු වී අම්බානක දුන් නැව් ගුටි පෝරියල් එකය.

මුලින්ම කිව යුත්තේ…..
මේ මාර්ගය අළුතෙන් ඉඳිකරනා මාර්ගයක් නොවනා බවය…..

මේ ගම්මාන ඈත අතීතයේ සිට පැවතෙන ගම්මාන වනාතර , එහි ඇත්තේ ලංකාගම පමණක්ම නොවේ.. ඒ අතර ගම් රාශියක්ම ඇති අතර එහි වෙසෙන පවුල් ප්‍රමාණය පවුල් 800 ක් පමණ වේ.

සිංහරාජයේ වපසරිය නෙළුව උඩුගම කලවාන දෙනියාය සූරියකන්ද මතුගම ආදී ප්‍රදේශයන් වසාගත් මහා ප්‍රදේශයක් මිස ගෝල්ෆේස් වගේ තැනක් නොවේ….

ගැමියෝ සියල්ලන්ම පාහේ කුඩා තේ වතු හා කිතුල් ආශ්‍රිත කර්මාන්ත හෝ කෘෂිකර්මාන්තය ජීවිකාව කර ගත්තෝය…..

තේ වගාව ඇරඹෙන්නේ සුද්දාගේ කාළයේය, පාරවල් හැදෙන්නේද ඒ කාළයේමය.

මේ පරිසර විනාශය ගැන පොර ටෝක් දෙන්න පරිසර ණ්ඝ්O කාක්කෝ ඒ ගමට ගියේ නැතිය….
මුන් ප්‍රෙස් කොන්ෆරන්ස් තිබ්බේ අතීතයේ අලි කොටි ජීවත්වූ කොළඹ නඟරයේය. එහෙම මීටින් තිබ්බාම මුන්ට ඩොලර් ගලනවාය.

බුකියේ උන් අඬන්නේ රෙද්දේ රෙවෙන්නම මැතිවරණයෙන් කාපු කෑම නිසාය…..

ආයෙත් මේ කපේට උන්ගේ ආන්ඩු එන්නේ නෑ කියා දන්නා උන්ට නිර්වාන් අත දරුවාගේ පොටෝ එකත් වැරදිය…..

ඝෝඨා හෙලිකොප්ටරයේ ගියත් වැරදිය, පයින් ගියත් වැරදිය, මල පැන්නත් වැරදිය. හයියෙන් හිනා උනත් වැරදිය……

රාජපක්ෂ නම්, අංජුලා රාජපක්ෂත් උන්ට අරහංය….

උන්ගේ ඒ වේදනාව බොහෝ විට ජීවිත කාළයේම වීදින්නට වෙන බව නම් ඉරහද මෙන් විශ්වාසය…..

මන්ද දුප්පත් මිනිසුන්ගේ හදවත් උන්ට තේරෙන්නේම නැති නිසාය…..

තවත් පිරිසක් ඒ අතර සිටි…
ඒ අර වැල්ලවායේ ගොස් ඉල්ලාගෙන කෑ පිරිසගේ මෙන්ටලිටියේ පොරවල්‍ ය…..

මුන් හිතාගෙන ඉන්නෙ ගම්වල ඉන්නේ මහියංගණ වැද්දෝ කියලාය…..

මුන් ගියේ අශෝක් ලේලන්ඩ් ලොරි චැසියේ බස්සෙකක උනාට….

පොඩි ඒ සී බස්, ලොකු ටුවරිස්ට් බස්වල ඇනිමල් ට්‍රිප් යන කොම්පැණිවල ටයි දානා , ලිප්ස්ටික් ගානා, එක එක ක්‍රීම් උලා සුදු උන කම්කරුවෝ මෙන්ම….

තමන්ගේම ලීස් කරලා ගත්, මෝටර් සයිකලේ, ඇල්ටෝවේ, ජපන් රීකන්ඩිසොන් වෙහිකල් එකේ, හයර් එකට ගත් වෙහිකල් එකේ ගමේ යන උනුත් ඉන්නේ ඒ මෙන්ටලිටියේමය….

මේ ගොඩක් උන් අමු ගං කඹරයෝමය…

නැතිනම් ජෙනරේසොන් දෙකක් එහා … එහෙම උන්‍ ය…. සුද්දා ආ නිසා ගොඩ ගිය අමු ගල් වැද්දෝය….

ඒ අතර පොරිනස් මෙන්ටලිටියේ ඉන්න පර්මනන්ට් රෙසිඩන්ට් පොරවල් වගේම සුද්දන්ගේ පුක හෝදන පොරින් ඇම්ප්ලෝයර්ස්ලාත් මේ අතරින් විශේෂය…

උන් එහේ කටුනායක ඉදන්ම එන්නේ මාරම මෙන්ටලියකය. ඇරොප්ලේන් එකේ රඟන්නේ මාරම නෙයියාඩගම්‍ය…

ලංකාවේ කස්ටම් එකේ ලොක්කාද, එයාර්පෝට් එකේ ලොක්කද උන්ට සර් මැඩම් කියන්න ඕනෑය…..

අර කන්දකාඩු ගිහින් ආමි එකෙන් ගේම ඉල්ලුවේ මේ වගේ උත්තමයෝය…..

හැබයි පිටරට මුන් ඉන්නා හැටි දැක්කා නම් බල්ලෝ බත් කන්නේත් නැතිය….

උන්ට ඕනෑ ගමේ උන්, උන් ඉදිරියේ කිරි කොරහා නටන්නය….

ඒ වෙනුවෙන් එක එකාගෙන් හිඟාකාගෙන ගේනා ඇඳුම් කඩමාලූ, පරණ පොත් පත්, පරණ සෙල්ලම් බඩු ටිකක් දෙනවාය. ඒක සෙල්ෆි ගසා ෆේස්බුක් එකේ දානවාය.

තවත් සෙට් එකක් ඉන්නවාය…..
උන් වැල් පාලමේ ගීතය හැමදාම ගායනා කරනවාය….

අවුරුදු 72 ක් වැලේ යනවා කියා බෙල්ලේ වැල දාගන්න යනවාය. හැබයි පාළමක් දානකොට මර හඬ දී ආයේ අඬනවාය…..

දැන් අලුත්ම සෙට් එකක් ඉන්නවාය…..
උන් කියන්නේ මේ ගම්වල ඉන්න උන් ටොරොන්ටෝවල පදිංචි කරන්න කියලාය…..

හැබයි ඒ කියනා උන්ගේ හත්මුතු පරම්පරාවම තාමත් ගමේය….. 😂😂😂😂

අවුරුදු පහකට හයකට සැරයක් ඇවිත් අමු ගොන් ආතල් එකක් අරගෙන ගිහින්… අනේ බලන්නකෝ අනේ…. අපේ ගම තාම එහෙම්මමයි…..

අපි ඇලේ පැනලා හෙලුකොට්ටෙන් නෑවා වගේමයි. වලේ වනපු ජංගි ඉස්සුවා තාම මතයි…. කැළේ පැනලා ගල් කැපුවා… තාම මාක් එක ගලේ…

ඒ නිසා ටොරොන්ටෝ ගියත් අපි අඳින්නෙ අමුඩෙමයි. කන්නේ කරෝලයි බතුයි. පෝයට පන්සල් යයි. ළමයි ළමා සාරි ඇදලා භක්ති ගී කියයි. අපිට ගම ඕනමයි… නැත්නම් අපිට ආතල් ගන්න කෝමෙයි..

ඇත්තටම මුන් මාර අසහනකාරයෝය. දෙලොවක් අතර ජීවත් වන්නෝය. මුන් ඉරිසියාකාරයෝය. මහන්තත්ත කාරයෝය. ඒ කාළේ ගම්වල ඉගෙන ගන්නා කොල්ලන්ට කෙල්ලන්ට වෛරකල උන්ගේ ජානයන්ගෙන් පැවතෙන උන් ය.

මුන්ට ඕනෑ ඒ මිනිස්සු හැමදාම ඒ තත්වේ තබා මුන්ගේ ආතල් අරගන්නටය…

ඝෝඨා කරේ අර වැල්ලවායේ උන් නවගමුවේ උන්ට දුන් පෝරියල් එක වගේම මුන්ගේ ඔළුගෙඩිවලට තඩි කුළුගෙඩි ප්‍රහාරයන් දෙන එකය.

දැන් ඒ ගම්වල මිනිස්සුන්ට මාස තුනකින් පසු… පැය 4 ගමන , විනාඩි 45 යන්න පුලුවනිය…

කොළඹ සෑර්ලාට මැඩම්ලාට වැල් පාලම් සරකස් බලන්ට වෙන්නේ නැතිය…

දෙන එක රෙවෙන්නම දුන්නේය…පාර ඉතරක් නොව ටෙලිපෝන් ලයිනුත් දෙන්නේය..

දැන් උන් නන්නපෝල්‍ වෙලාය. පාර හැදෙනවාය. ඉන්නම බැරි තත්වයක් නම් වහ කෑ මැරෙණා එක හොදය.

ජීවත් උනොත් මාස තුනකින් පස්සෙ ලංකාගම ගිහින් කිතුල් රා බී වයිල්ඩ් බෝ ප්ලේට් එක්ක පොටෝ දාන්නෙත් මේ කුහකයෝමය….

හරියට කන්ඩලම හෝටලේ ඩිස්කවුන්ට් එකට යනවා වාගේය…

ඒ ප්‍රහාරය අති දරුණු ප්‍රහාරයක් බව අද බුකියම රටට කියා දෙන්නේය….

ඒ වගත් මෙසේය……

Aug 28, 2020

NGO 19, ව්‍යවස්ථා අර්බුධ හා බෙලරුසියා අර්බුධය



බටහිර රාජ්‍යයන් ගහනා පදවලට නටන්නේ නැති උන්ට පාඩම් ඉගැන්වීම කීපාකාරයකින්ම ලොව පුරාම සිඳුවේ. ටියුනීසීයා විප්ලවයෙන් ඇරඹි අරාබි වසන්තය නමින් ඉදිරියට ගිය මේවා ඉන් පසු අද වනතෙක් එක් එක් රටවල විවිධාකාරයෙන් අදටත් සිඳුවේ, කරුමය කියන්නේ මේ රෙවලූෂන් නිසා අද ඒ රටවලට රෙවිලාම තියෙනා එකය. හොඳම උදාහරණය ලිබියාවයි. එක පවුලකට කෙලින්න ගිහින් අද රටේ ඔක්කෝම පවුල් වලට කෙලවී අවසානය. මේවාට පෙර ඉරානයට මෙන්ම ඉරාකයටද අත් වූයේ මේ ඉරණමමය.  

දැන් උන් හදන්නේ බෙලරුසියාවටත් කෙලින්නය. එක එක හාල්පාරුවෝ තමන්ගේ රටවලට වඩා ශක්තිමත් රටවල් වීම ඔය G-7 G-10 කියනා රටවල්වලට දිරවන්නේම නැති දෙයකි. විශේෂයෙන් එම රටවල ස්වාභාවික සම්පත් තිබේනම් ඒවාට කෙලින්න පුලුවන් හාල්පාරුවෙක් ඒ රටවල නායකයා කොට, තමන්ට ඕනෑ විදියට වැඩේ කරගෙන යන්න දාන්න පුලුවන් ඔක්කෝම සෙල්ලම් දාලා, කෙලලා දමන්නට ගහනා තුරුම්පුව එකාධිපති භීතීකාවයි. ඝෝඨා බලයට ආපු ගමන්ම NGO නඩේ ආයෙත් ඒකාධිපතියා වේදිකා නාට්ටිය ප්‍රදර්ශණය කොරන්නේ නිකන් නෙවේ. 

කෙසේ වෙතත් බෙලරුසියාවේ ආරක්ෂාවට පුටින් ලොකු අයියා ඉදිරිපත් වීම ඒ රටේ ජනතාවගේ වාසනාවකි. එයා කියලා තියෙන්නේ ඕනාවට වඩා දඟලන්න ගොස් ඉල්ලාගෙන කන්න එපා කියලාය. අනික් උන් හදන්නේ බෙලරුසියාවත් සිරියාවක් වගේ පොලොවට සමතලා කරලා දාන්නටය. 

2015 ලංකාවේ වෙන්නේත් ඒ වගේ දෙයක්මය. මහින්ද රාජපක්ෂලා හා විප්ලව කොරලා ආන්ඩු ගන්නට බැරි බව දන්නා ජාත්‍යන්තර ගල් ආඳෝ ඉදිරියට දමන්නේ කලක් විප්ලවීය චරිතයක් වූ මාදුලුවාවේ සෝභිත හාමුදුරුවෝය. උන්නාන්සේට ඔටුන්න පෙන්වා ගේම පටන් ගත්තද වැඩෙ ඉදිරියට යන කොට ඒ වෙනුවට හොඳම රූකඩේ සොයා ගන්නේ පොලොන්නරුවෙන්ය. 

සිරිසේන නොබෙල් තෑග්ගටත් නිර්දේශ වී, ලෝකයේ බලවත් රටවල නායකයින්ගේ චීප් ගෙස්ට් වී, ඩිනර් පාටි වලට කොන්පරන්ස් වලට යන්නේ අර කටියගේ වැඩේ හරි ගිය නිසාය. එහෙත් සිරිසේන කියන්නේ ගහන ගහන පදයට නටන රූකඩයක් නොවනා බව තේරුම් ගන්නා කස්ටිය කරන්නේ එයාගේ තටු කපන්න 19 ගෙන එන එකය. 

ඒ සඳහා තෝරා ගන්නේ පාර්ලිමේන්තුවේ උන් බටහිර බලවේගවල නියෝජිතයෝ හා එලියේ උන් NGO සිවිල් ඩොලර් කාක්කෝය. අද මේ 19 වන සංශෝධනය කොවිඩ් 19 ටත් වඩා වසංගතයක් වී අවසානය. 

19 ගෙනල්ලා රටට අත් කල ඉරණම අද පාස්කු ප්‍රහාර කොමිසමේ අපූරුවට පෙනෙනවාය. අද මේක ගෙනාපු උන් රටෙත් නැතිය. රට විනාශ කල කාලකන්නින් අද ඉන්නේ නොරටය. (ජයම්පතී හා වැලිඅමුණ) තව එකෙක්ට පක්ෂයේ තබා පාරේ බැහැලාවත් යන්න බැරි සයිස් එකක්ය. (සුමන්තිරන්) අනික මේවා හදපු උන්ම අද පිලිගන්නේ නැති උනාට, කලින් පිලිගත්තේ, මෙයින් රටට උන විනාශය සුළු පටු එකක් නොවන බවයි. විශේෂයෙන් රටේ පාලනයට මෙයින් සිඳු වූයේ මහා විනාශයකි. මුන් සියල්ලෝම ඉතිහාසගත වෙන්නේ රට විනාශ කළ ද්‍රෝහියන් ලෙසය.

19 ගෙනා කොමිසම් වල වැරදි හොයන්නට අද ජනාධිපති කොමිසම් දමන්නට සිඳුවීමෙන්ම කොමිසම් දාපු උන්ගේ කලිසම් ගැලවී අවසානය. පොලිස් කොමිසමෙන් පත් කල පොලිස්පතිවරයා මහ පාරේ උඩරට නැටුම් නැටුවේය. අදටත් ඌ එලවා අළුත් පොලිස්පති කෙනෙක් පත් කොර ගන්නට බැරිය. පොලීසියේ අනික් උසස් නිළධාරින්ද අමු පිස්සන් පිරිසක් බවත් උන් කරලා තියෙන්නේ රාජකාරි නොව උන්ට හිතෙනා දේ බවත් බොහෝම පැහැදිලිය. ඒ කොමිසම් සභා උන්නැහේලාට ලබා දුන් ශක්තියයි. මැතිවරණ කොමිසම එකම පිස්සු විකාරයක් වී කොමිසමේ දෙන්නෙක්ම කලිසම් ගැලවී ඉන්නේ අමු හෙලුවෙන්ය. 

මේ මළ හත්තිලව් ව්‍යවස්ථාව නිසා අද රටට නායකයෙක් ඇත්තේ නැතිය. නායකයාට බලතල නැතිය. බලතල තියෙන කෙනා නායකයා නෙමේය. රටේ ආරක්ෂාවවත් ඔහුට තබා ගැන්මට බැරිය. හැබයි රටේ සේනාධිනායකයා ඔහුය.

දැන් කරන්න තියෙන්නේ හැකි ඉක්මනින් මේ කුණුහරුප ව්‍යවස්ථා පැලැස්තරේ ගලවා විසි කොරනා එකය. මොකෝ දැන් තිබෙනා ලෝක තත්වය හමුවේ ජනතාව විශ්වාසය තැබූ නායකයා රටේ බලතල සහිත නියම නායකයා විය යුතු නිසාමය. ආන්ඩු පක්ෂයේ ඒ වෙනුවෙන් තරඟයක් නැතත්. නායකත්වය නීත්‍යානූකූල නොවීම රටේ ඉදිරි ගමනට අත්‍යාවශ්‍යවන තීන්දූ තීරණ ගැන්මට විශාල බාධාවක් නිසාමය. 


ඒ වගත් මෙසේය....

Aug 24, 2020

ගමනක අවසානය – ජවිපේ

 


ගමනක අවසානය – ජවිපේ කොටසටද මාතලන් තෝරාගත්තේ අවන්ත ආටිගලගේ කාටුනයකි. මේ කාටුනයේ ජවිපෙට අත් වූ ඉරණම අපූරුවට නිරූපනය වූයේය. එය දරාගත නොහැකි වූ ජවිපාවුන් අවන්ත නොමරා මැරුවේය. ජවිපෙට එය සාමාන්‍ය දෙයකි, එහි සංවාද විසංවාද නැතිය, විවේචන දිරවන්නේම නැතිය, ප්‍රශ්ණ ඇසීම් බැරිය, එවා ඔවුන්ට දරාගත නොහැක. විවේචකයා විරුද්ධවාදියා උස්සා ප්ලොවේ ගසා මරා දැමීම ඔවුන්ගේ තියරියය.

අතීතයේ ඔවුන් විවේචනය කල පක්ෂයේ බල මණ්ඩලවල උන් අය පවා කෲර ලෙස මරාදැමූ සාඩම්බර ඉතිහාසයකට ඔවුන් උරුමකම් කියනවාය. ජනතාවට මේවා අමතක නැතිය. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ කියනා නාමයට තව දුරටත් පැවැත්මක් නැති බව පක්ෂයේ මහ උන්ද දන්නවාය. ඒ නිසා ඔවුන්ද දැන් එන්නේ අමුතුම පොතක් දමාගෙනය.

ජවිපේ ගමනක අවසානය සටහන් වන සංධිස්ථානය ලෙස මාතලන් නම් දකින්නේ විමල් වීරවංශගේ නික්ම යාමයි. එය මහින්දගේ ප්‍රොජෙක්ට් එකක්ද, එහෙම නැත්නම් විමල්ගේ තනි කැමත්තට ගත් තීරණයක්ද යන්න අනාගතය විසින් විසඳනවා ඇතිය.

විමල් එලියට බහින්නේ විමල්ගේ සටන් උපක්‍රමවලට බල මණ්ඩලය අකමැති වීම නිසාය යන්න පොදු මතයයි. විමල්ට සැලසුමක් තිබිනි. ඒ ශ්‍රීලනිපය ගිලගැනීමයි. නියාමාකරයෙන් සැලසුම ක්‍රියාත්මක වූයේ නම්, 2015 දි ලංකාවේ ජනාධිපති වන්නේ ජෙප්පෙක් වීමටද බොහෝ දුරට ඉඩ තිබිනි. මේ පිළිබඳව විමල් ලියූ පොත පවා ජවිපාවුන් විසින් තහනම් කලේ ඒ සියල්ලන්ගේම රෙදි ගැලවෙන නිසාවෙන්ය.

කෙසේ වුවත් විමල් සමඟ පක්ෂයේ 50% ක් කඩාගෙන ගිය බව ජවිපේ ඊළඟට මුහුණ දුන් මැතිවරණයෙන් මනාව දිස් වූයේය. ඉන් පසු පක්ෂයේ රහස් පොලිස් කණ්ඩායමද පෙරටුගාමීන් ලෙස ප්‍රාජාතන්ත්‍රවාදයට ආවද, අද ඒ පක්ෂයේ ජනාධිපති නාගමුව කියන්නේ, මැතිවරණ ක්‍රමය බලය ලබා ගැනීමට හරියන මළදානයක් නෙමේ කියලාය. කොහොමත් ඝෝඨා පාලනය තුල එයාලාට පැවැත්මක් ඇත්තේම නැත්තේ, දැන් ආන්ඩුවෙන් නොමිලේ නාවන වැඩේ නවත්වා අව්වේ වේලෙන්නවත් නොදි, 45 – 50 උන්ටත් පින් රස්සා දෙන නිසාය. මෙයාලාගේ නික්ම යාම ජවිපෙට කිසි බලපෑමක් නොකල බවත් ඇත්තය.

එයට හේතුව, කුමාර් ගුණරත්නම්ලා නායකයින් වූවද, එලියට පහලියට බැහැපු පොරවල් නොවූ නිසාය. අනුර කුමාර දිසානායක මෙන්ම ටිල්වින් අයියාද කුමාර් ගුණරත්නම් කෙනෙක් එයාලා දන්නේ නැතැයි කිව්වම, පක්ෂයේ වහලුන් එය පරම සත්‍යය සේ පිලිගන්නේ ඒ නිසාය.

2015 රාජපක්ෂලාට විරුද්ධව පොදු අපේක්ෂයාගේ සහායටද එන්නේ නැති ජවිපාවුන් තනියම චන්දයට එන්නේ විද්වතුන් පිරිසක් ඉදිරියට දමාගෙනය. එහිදි ජාතික ලැයිස්තුවෙන් පත් වූ අය ඉවත්කොට බල මණ්ඩලයේ අය ඇතුලට ඔබා ගන්නේ ඉතා පිලිකුල් සහගත ලෙසය.

එහෙත් එය අදාල පුද්ගලයින්ට පමණක් අදාල කරමින්, අළුත් දෙවන පෙල ණ්ඝ්O කාක්කෝ හා සිරිසේන පුක පෙන් වූ අළුත් පරපුර නලාකාරයින් සමඟ ගෝල්පේස් එකේ තොයිලයක් නටන්නේ අනුර කුමාරයා ලංකාවේ මහරාජා කරන්නටය. ඇත්තටම එදා අනුර කුමාර මොහොතකට ජනාධිපති උනා කීවොත් නිවැරදිය.

කොහේදෝ සිට කුමාරයා වේදිකාවට ආවේ මලයාලී සෝ වල හීරෝ වාගේය. උගත් බුද්ධිමත් උපාධීදාරි බක පන්ඩිතයින්ට මහ දවල් තරු පෙනුනේ මැකෝ විසින් ඇපත් නෑ යකෝ කියපු වෙලේය. ගෝල්පේස් ආපු උනුත් චන්දේ දීලා තිබුනේ නැතිය. අවසානයේ සිඳු වූයේ, තිබුන පහත් නැති වී, තීයෙන තුන (3%) බදාගෙන ආතල් එකක් ගන්න එකය.

ඇත්තටම මේ වැඩෙන් උනේ, ග්‍රාමිය ජවිපාවුන් සියල්ලන්ම පක්ශය කෙරේ කළකිරීමය. ඔවුන් වඩාත් පොහොට්ටුවට එකතු වීම ග්‍රාමීය ප්‍රදේශවල බොහෝ විට දකින්නට ලැබුන සුලබ දසුනක් විය. ඔවුන් සියල්ලෝම කැළණි ගඟෙන් මතු වූ නයාගේ ධාතුව වන්දනා මාන කිරීම සඳහා බැති සිතින් දන් දුන් නෙළුම් පොහොට්ටු ආදරයෙන් ගෙදර ගෙනත් තිබුනෝය. ජවිපේ නායකයින්ද ගම අත ඇරියේය. දැන් ඔවුන්ගේ ඉලක්කය වී ඇත්තේ නාගරික පහළ මධ්‍යම පන්තියයි.

ධනවාදයේ සියළුම ඵලයන් බුක්ති වින්දද ඔවුන්ට ඉහළ සමාජයට වෛර බඳින සුළු පිරිසක් ලංකාවෙ ජීවත් වේ. ඇත්තටම ඔවුන් විවිධ අඩුපාඩුකම් සහිත හීනමාන පිරිසක් බව ඉතා පැහැදිලිය. ලංකාවේ ජනප්‍රිය දේශපාලන මාධ්‍යයක් වී ඇති සකර්බර් මහතාගේ මුහුණු පොත අරක්ගෙන සිටින්නේ මේ පිරිසය.

ප්‍රසිද්ධ දේශපාලන විචාරකයකු මෙන්ම ජාතික ජන බලවේගයේ මුල් පෙලේ ක්‍රියාකාරිකයකුද වන නිර්මාල් දේවසිරි මහතා මොවුන් හඳුන්වන්නේ “බුකියේ වානර හමුදාව” ලෙසයි. චන්දයට පෙර මෙන්ම පසුවද මේ වානර හමුදාව ඔවුන්ගේ බලවේගයට කරනා හානිය අති විශාල බව උන්නැහේ සඳහන් කර සිටියේය. ඔවුන්ගෙන් තවමත් පිලිඹිබු වන්නේ ටිපිකල් ජවිපේ මැන්ටලටියයි. (කරුමයක මහත කියන්නේ, ළිපිය පලවන වන මොහොත වන විට නිර්මාල් දේවසිරි මහතා එම කණ්ඩායමේ නායකයා බවට පත් වීමට තැත් කරන්නේද යන සැකයක් මේ මොහොතේ මතුව ඇත.)

ඇත්තටම මේ මැතිවරණයේදී ඔවුන් පරාජයන් දෙකක් ලැබුවේය. පළමු එක ආසන හය තුන දක්වා අඩු වීමයි. දෙක ජවිපෙට වඩා බලවේගය ශක්තිමත් වීමයි. මාලිමාවේ විරුද්ධවාදීන් ගෙන ගිය බලපෑම් හමුවේ 2015 කල සෙල්ලම් මේ සෑරේ කරන්නට බැරි වූයේය. ඇත්තටම මාලිමාව තුල සිටින ජවිපෙන් පරිභාහිර පිරිස එම ස්තූතිය ලබා දිය යුත්තේ විරුද්ධවාදීන්ටය.

හරිනිගේ පත් කිරීම තනිකරම මාලිමාවේ විරුද්ධවාදින් ලද ජයග්‍රහණයකි. එය ඉදිරියේදීද වෙනස් නොවනු ඇත යන්න මාතලන්ගේ විස්වාශයයි. එජාපයට ශ්‍රීලනිපයට මෙන්ම ජනතා විමුක්ති පෙරමුණටද එම නම් වලින් ඉදිරියට කිසිඳු පැවැත්මක් ඇත්තේ නැතිය. අවුරුදු 72 ක් ගැන අනුන්ට කින්ඩි දැමූවද, ජනතා විමුක්ති පෙරමුණත් අවුරුදු 55 ක් තිස්සේ කරපු ලබ්බක් ඇත්තේ නැතිය.

කරලා තියෙන්නේ ගොන් වැඩ දෙකක් පමණමය. ඒ 1971 හා 1988/89 කල මරි මෝඩ ත්‍රස්තවාදී චේ ගුවේරා කැරළි දෙක පමණමය. තමන් චන්ද බලාගෙන දේශපාලනය කරනා පක්ෂයක් නොවේය යන ප්‍රසිද්ධ දාර්ශනික ප්‍රකාෂය මේ වන තෙක් මේ මැතිවරණයෙන් පසුව ටිල්වින් අයියා තවම අපට කිව්වේ නැතිය.

අවංකවම තමන් එවන් පිරිසක් නම් ජනතා විමුක්ති පෙරමුණ ලෙසින්ම නැවත කල එලි බැස්සද අවුලක් ඇත්තේත් නැතිය. මන්ද එවිට ඔය තියෙන තුනත් නැතිව, අත් දෙකෙන් විලි ලැජ්ජාව වසාගෙන පාරේ යන්න පුළුවන් නිසාය.

ඒ වගත් මේසේ ලියා හමාර කරන ලද්දේය…..

Aug 22, 2020

ගමනක අවසානය – ශ්‍රීලනිපය

 


මෙම ළිපියේ මුල් කොටස බැලීමට මේ අකුරු උඩ ක්ලික් කරන්න

(ළිපිය මාගලක් වූ බැවින් කොටස් තුනකට කඩන ලදි)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනන්‍යතාවය අහෝසි වන්නේ 1970 ජයග්‍රහණයත් සමඟය යන්න මාතලන්ගේ විශ්වාසයයි. එහිදි බලය මෙහෙයවන්නේ සඟ වෙද ගුරු ගොවි කම්කරු පංච මහා බලවේගයක් නොව වාමාශිකයින් කණ්ඩායමකි. රටක් ගොඩගන්නේ, මිනිසුන්ට බත් කන්න තහනම් කර ඔවුන් කුණු බක්කි අවුස්සන තත්වයකට ඇද දමා නම්, ඒ ගොඩගැන්මෙන් ඇති ඵලක් නැතෙයි කියා වමේ බලවේගයන්ට 1977 දී ජනතාව පෙන්වා දුන්නේය.

1970 බලයට පත්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුක්කානම තිබුනේ වාමාශිංකයින් අතේය. ඒ වාමාශිංකයින්, ලෙස ජනතාවගේ සිත් තුල ජීවත්වන විප්ලවකාරී වාමාංශිකයින් නොවේ. ඔවුන් සියල්ලෝම අධිරාජ්‍යවාදි පාලන කාළය තුල බිහි වූ ලුම්පන් පන්තියේ දුවා දරුවෝය. එහි නෂ්ඨාවශේෂයන් කීපයක් තාමත් රාජපක්ෂලාගේ පොහොට්ටුවේද හොල්මන් කරමින් සිටී. ඔවුන්ගෙන් පසු ඒ ධනවාදී ලුම්පන් වාමාංශිකයාද අතුරුදහන් වීමට නියමිතය.

එසේ අනාථ වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය චන්ද්‍රිකා පාලනය යටතේදී ගමන් කරන්නේ කිසිවකුත් සිතූ ගමනක් නොවේ. එය කවුරුත් දන්නා යහපාලන යුගය මෙන්ම කිසිම දැක්මක් නැති රට කබාසීනීයා කර දැමූ වසර 11 කි.

එය වමටත් නැති ධනවාදයටත් නැති, එහෙටත් නැති මෙහෙටත් නැති අමුතුම එකක්ම වූයේය. විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක් දෙනවා කියා ආපු උන් ආර්ථිකය ඍණ අගයකට ගෙන ගියේ ලංකාවේ ප්‍රථම වතාවටය. එක ගෙනාපු උන් කීවේ චන්ද්‍රිකා වමට සිග්නල් දමා දකුණට හැරෙව්වා කියලාය.

කිසිඳු අනන්‍යතාවයක් නොතිබු පක්ෂයට නැවත අනන්‍යතාවයක් ලබා දුන්නේ මහින්ද රාජපක්ෂය. වසර දහයක අවසානයේ එයට පට බැදුන නම ඔවුන්ගේ අනන්‍යතාවයයි. මහින්ද රාජපක්ෂ මහ බයියා වූ අතර පාක්ෂිකයින් බයියෝ විය.

පොදු ව්‍යවහාරය මෙය වුවද ජේ ආර්ගේ විවෘත ආර්ථික ප්‍රතිපත්ති හා චන්ද්‍රප්‍රේමගේ කොල පාට සමාජයේ නියම නියෝජනය තිබුනේ මෙතනය. ලිබරල්වාදීන් ඔවුන් බෞද්ධ මූලධර්මවාදී ගෝත්‍රික පිරිසක් ලෙස හැඳින්වූවද, නාමල් රාජපක්ෂලාගේ දැක්ම තිබුනේ පුකේ ලිබරල් උන්ටත් වඩා ඉදිරියෙනි.

මා නම් දකින්නේ නාමල් කොළඹ ඉහළ සමාජය සාමාන්‍යකරනය කොට රටට හඳුන්වා දුන් පුද්ගලයා ලෙසිනි. රාජපක්ෂලා එලවා 2015 බලය ලබා ගත් උන් උත්සාහ කලේද නාමල් රාජපක්ෂලා වීමට වූවත්, උන්ට එය සාර්ථකව කළ නොහැකි වූ බවත් සියල්ලන්ම දුටුවේය. නාමල් ගැන කොතෙක් විවේචන තිබුනද මාතලන් නම් ඔහු දකින්නේ විප්ලවවාදියෙකු ලෙසිනි. එය වෙනම මාතෘකාවක් බැවින් අනාගතයේ ඒ ගැන වෙනම ලිවිය යුතුය.

රාජපක්ෂලා තවත් විශේෂිත විප්ලවයක් කළේය. ඒ මේ රටේ දියුණුවට හා සංවර්ධනයට ඉමහත් බාධාවක් වන සඝ පරපුර මෙල්ල කිරීමය. ඔවුන් අද රාජපක්ෂලාට එහෙයි කියන තත්වයට පත් වී අවසානය. මහින්ද එය රැඩිකල් ලෙස කළ අතර. ඝෝඨා එය වඩාත් මානුෂික මුහුණුවරකින් කරගෙන යයි. අනෙක් පක්ෂ හා නායකයින් සියල්ලම රාජපක්ෂලා ඉදිරියේ පදිරි වන්නේ මේ හැකියාව හමුවේය.

කෙසේ වුවත් 2015 මහින්දලා ගෙදර යන්නේ ජනාධිපති කම් පමණක් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම්ද පරිත්‍යාග කරමිනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නාමිකවද මරණයට පත් වීමේ සීග්‍රගාමී ගමන ඇරඹෙන්නේ එතැන් සිටය. මෛත්‍රීපාල සිරිසේන අද එහි අවමංගල උත්සවය සංවිධානය කරමින් සිටී.

පක්ෂ නායකත්වය රැගෙන නැවත මළකඳ කෙලින් කරනා මෙන් මහින්ද රාජපක්ෂට ආරධනා පත්‍ර එවා තිබුනද, සමානුපාතික ක්‍රමය යටතේත් 2/3 ක් ලබාගත් නැවුම් පොහොට්ටුවක් අත්හැර දමා අත බදා ගන්නට යෑම නැවතත් ගල් යුගයකට යාමක් බව නම් නොලියා සිටිය නොහැකිය.

අද ලාංකීය දේශපාලනයේ රෝ මොඩල් එක රාජපක්ෂලාය. මහින්ද රාජපක්ෂ යනු වෙනම ෆිලෝසොෆියකි. ආගමකි. සියල්ලෝම ඔහුගේ දර්ශණය වන්දනාමාන කරන්නෝය. එහෙත් රාජපක්ෂලා සිටිනා තෙක් ඔවුන් සියල්ලෝම අනුගාමිකයින් පමණක්ම වන්නෝය.




Aug 20, 2020

ගමනක අවසානය – එජාපය

 


2015 දී සිඳු වූ දේශපාලන පෙරලිය රටට ජනතාවට මෙන්ම දේශපාලන පක්ෂවලටද හතේ හත වැදුනු විශේෂ සංධිස්ථානයක් බව ලාංකීය දේශපාලන ඉතිහාසයේ ලියවෙනු නොඅනුමානය.

ඒ ලංකාවේ පැරණිම පක්ෂය වන 1946 සැප්තම්බර මාසයේ 6 වනදා ආරම්බ වූ එජාපයේත්, 1951 සැප්තැම්බර 2 වනදා බිහි වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත්, 1965 මැයි 14 වනදා බිහිවූ ජනතා විමුක්ති පෙරමුණේත් අවසානයට මුල පිරූ වකවානුව ලෙසයි.

ඒ ලංකාවේ මෙතෙක් පැවති ප්‍රධානම පක්ෂ තුනයි. මාතලන් නම් මෙය දකින්නේ ධනාත්මකවය. අද ලෝකයේ තිබෙන්නේ ඔය පක්ෂ බිහි වූ කාළයේ තිබු සමාජයක් නොවේ. ඇද ඇත්තේ ආර්ථික, දේශපාලන මෙන්ම සමාජීය වශයෙන් විශාල පරිවර්ථනයක් සහිත ලෝකයකි. ලෝකය වේගයෙන් වෙනස් වූවද, මේ පක්ෂවල දැක්මන්, ප්‍රතිපත්ති මෙන්ම නායකයින්ද ඊට අනුගතව වෙනස් නොවීම මෙන්ම අවංක නොවීම අපේ රට මේ තත්වයෙන් පැවතීමට ප්‍රධානම හේතුවයි.

පරිසරය අනුව වෙනස් විය නොහැකි ජීවීන්ට පැවැත්මක් ඇත්තේ නැති බව මේ පක්ෂවලට අත් වූ ඉරණම අපට මොනවාට පසක් කරමින් සිටී. මොන හෙනේ ගැහුවත් තමන්ගේ පැවත්ම තහවුරු කර ගත් තනි තනි පුද්ගලයන් පිරිසක්ද මේ පක්ෂවල සිටිනා බව වෙනම කතාවක් වුවද, නැවත පක්ෂ වශයෙන් ඔවුන්ට කිසිම පැවත්මක් නම් ඇත්තේ නැතිය. එහිදි අසරණ වන්නේ වහල් පාක්ෂිකයින්ය. කොටින්ම වෙනස් විය නොහැකි ළිං මැඩි වහලුන්ය.

එජාපයේ මෙවන් විශාල පිරිසක් උන් බව මේ මැතිවරණ ප්‍රතිඵලයෙන් අපට පහසුවෙන් වටහා ගත හැකිය. ඒ එජාපයේ දෙදරායාම තුල කලකිරීමට පත් දේශපාලන වහලුන් පිරිසයි. ඇත්තටම වෙනස තේරුම් ගෙන ඔවුන් චන්ද පොලට ගියේ නම්, සමගි ජන බලවේගයේ මෙන්ම එජාපයේද ප්‍රතිඵලය මීට වඩා හොඳ ප්‍රතිඵලයක් වනවා නොඅනුමානය.

1993 රණසිංහ ප්‍රේමදාසගේ හදිසි අභාවය හේතුවෙන් නිතරගයෙන් එජාපයේ නායකයා වන රනිල් වික්‍රමසිංහ නවීන ලෝකයට ගැලපෙන නායකයෙක් වනු ඇතයි පක්ෂ විපක්ෂ බේදයකින් තොරව සියල්ලන්ම එල්බගෙන උන් මතයකි. එහෙත් මංගල සමරවීර පුද්ගලික අපහාසයක් ලෙස එල්ල කලද, මඩ ගැසීමට කට කහනවාට කියූවද, ඔහු කිසිවක්ම බැරි නායකයකු බව අද වන විට ඔප්පු කර අවසානය. ඒ ජාතික ලැයිස්තුවෙන් පත් වූ එකා හෝ පාරලිමේන්තුවට යවන්න බැරි නායකයකු ලෙසිනි. එජාපය නැවත ගොඩ ගත හැකි යැයි කෙනෙකු සිතන්නේ නම්, එයාලාට අත්වනු ඇත්තේද රනිල්ට වූ දෙයම මිස වෙන කිසිවක්ම නොවේ. සමගි ජන බලවේගයේ අනාගතය ගැන අප වෙනම කතා කල යුතුය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන මීළඟ පල් හෑල්ලෙන් ලිවීමට බලාපොරොත්තු වෙමි.

Aug 19, 2020

ආන්ත්‍රාවයි….!!! මේ ඇමතිත් විදුලි මාෆියාවේ ගොඳුරක් වේයිද….?

 




මාතලන්ගේ RAM එකයි ROM එකයි දෙකම අවුල් සහගතය. එහෙත් විදුලි බල මණ්ඩලේට අළුතෙන් ඇමතියෙක් එන හැමදාම මාෆියාව මේ ගේමම දුන් බවට පොඩි මතකයක් තිබිනි. ඒ නිසා බුකියේ ඒ ගැන පොඩි සටහනක්ද දැමුවෙමි. පස්සේ සොයා බලන කොට වැඩේ ඇත්තය. මොකෝ මේ සෑම අවස්ථාවකදීම ඒ ගැන බ්ලොග් පෝස්ට් එකක් මාතලන් ලියලා තියෙනවාය.

මේ වතාවේ මාෆියාව ගේම දෙන්නේ, ඇමති තුමා ගොනා කරගෙන වැඩේ දිගටම ගෙන යාමටත් වඩා දුමින්ද දිසානායක අනුරාජපුරේ සෝලා පවර් ප්ලාන්ට් එකක් ළඟ සිට දීපූ වොයිස් කට් එක නිසාය යන්න මාතලන්ට ඉර හඳ මෙන් විශ්වාසය. එහිදි උන්නැහේ සඳහන් කළේ 2030 පමණ වන විට රටේ විදුලි බල ජනනයෙන් 80% පුනර්ජනනීය විදුලි බලයෙන් ලබා ගැනීම ජනාධිපති ඝෝඨාභය මහතාගේ ඉලක්කය බවය.

මාෆියාවේ ෆියුස් එක යන්නේ මේ කතාව අහපු ගමන්ය. ඊළඟ දවසේම නොරොච්චෝලෙටයි කෙරව්ලපිටියටයි දෙකටම වැඩේ දෙන්නේ ඔක්කෝම බය කරන්නටය. එය වඩාත් තහවුරු වෙන්නේ, නැවත විදුලිය යථා තත්වයට ගෙන ඒමට සෝලා ප්ලාන්ට් මහත් බාධාවක් බව කීව කතාවෙන්මය.

දැන් මුන් කරන්නේ ආන්ඩුවට රිද්දන්නට හා බය කරන්නට ලයිට් කපනා එකය. ඒ අතරේ උන්ගේ මඩියත් තර වන්නේය. දැන් ආන්ඩුව අප්‍රසාදයට පත් වනවා පමණක් නොව. ජාත්‍යන්තර ප්‍රවෘත්ති වල පවා පල වූ මේ පුවත නිසාවෙන් මෙහේ ආයෝජනය කරන්නට එන එකෙක් එන්නේත් නැතිය.

දැන් මාෆියාව බලාගෙන ඉන්නේ, “මේ වැඩේ හරියන්නේ නෑ…. ලයිට් කපන එකට අපට එකඟ වෙන්න බෑ… ජනතාවට දිගටම ලයිට් දෙන්න ඕනා…..” කියන කතාව ආන්ඩුවෙන් එනකන්ය. ඇමතිතුමාට මේ වැඩේ බලෙන් හෝ කරන්නට බැරිය. වැඩේ තියෙන්නේ ඉන්ජිනේරුවන් අතේය. එය තනිකර මාෆියාවකි. උන් ඕකේ ඉන්නා යුනියන් ඔක්කොමත් අල්ලාගෙන අවසානය. ඔතන ප්‍රතිව්‍යුහගත කොරන්න ගිය වෙලේ, “මෙන්න මේක විකුණගෙන කන්න යනෝ….” කියා වැඩේ වලක්වා ගත්තේ යුනියන් මාෆියාව ඉදිරියට දමලාය.

ලයිට් කපන්න කිසිඳු උවමනාවක් ඇත්තේ නැතිය. මේ කඩා වැටීම වන වේලාවේ ජාතික පද්ධතියට සම්බන්ධ වී තිබුනේ නොරෝච්චෝලේ හා කෙරවලපිටිය බලාගාර පමණි. කෙරවලපිටිය දැන් ගොඩය. එතකොට ජාතික පද්ධතියට සමබන්ධ ජල විදුලි බලාගාර රාශියකි. මහා වැසි ඇද වැටි ජලාශ තියෙන්නේ කට කපලාය. එවා මුන් හිස් කර දමාදැයි කියන්න නම් දන්නේ නැතිය.

කැලණිතිස්ස ගැන කතා කරන්නේම නැතිය. මම හිතන්නේ මුන් ඒකත් කඩා දමා ඇතයි කියාය. ගිය ආන්ඩුව කාලයේ ජංගම ජනන යන්ත්‍ර වගයක් ගෙනල්ලා සපුගස්කන්දේ ගොඩ ගහුවේය. ගැහුවේය. ඒවා ඔහේ දිරා යනවා ඇතිය. රවී ගොනාට අන්දා හෝ රවී කරුණානයක සමඟ එකතුව නැවක් ගෙනත් හම්බ කරගෙන කන්න ගියත්, සිරිසේනගේ විරෝධය නිසා වැඩේ නවතුනේය.

දැන් මේ උදාවී තිබෙන්නේ උන්ගේ ඩීසල් බලාගාර වලින් වැඩි මිළට විදුලිය අරගෙන උන් හම්බ කරගන්නා වසන්ත කාළයය. ලයිට් කපන්නේ ඒ වැඩේටය. බිඳ වැටීමකින් හා කපා හැරීමකින් තොරව දිගටම ලබා දෙන්න නම්, ඒවායෙන් ගන්නම වෙනවය කියා ඇමතියා ගොනාට අන්දනවාය.

ඔයිට පෙරත් මාෆියාව ගේම් දුන්න වෙලාවේ, කමිටු ඉතරක් නොව කොමිසම්ද පත් කොට විදෙස් විශේෂඥයින්ගෙන් පවා ලබාගත් උපදෙස්, වාර්ථා, සමහර විට ඇමතිවරයාගේ කාමරේ කබඩ් වල තියෙන්නට පුළුවන්ය.

වරක් කැනේඩියානු පිරිසක්ද පැමිණ පවතින තත්වය ඉතාම අසතුටුදායක බවත්, ඒ පිලිබඳව ගතයුතු කඩිනම් පියවරයන් ගැන වාර්ථාවකුත් ලබා දුන් බව හොඳින් මතකය. ඒවා කෝ කියා මාෆියාවෙන්ම අහනවා නම් බොහෝ හොඳය.

කොළඹ අහස උසට “ස්කයි ක්‍රීපර්ස්” හැදෙනවාය. “පෝට් සිටි” නමින් සුපිරි නගරයකුත් ගොඩ නගනවාය. එහෙත් මේවාට විදුලිය දෙන්න වෙන්නේත් තියෙනා සොච්චමෙන්ය. මුන්ගේ සැලසුම ඒවාටත් ජෙනී හෙවත් ජෙනරේටර් ගෙන්නා, උන්ගේ කොමිසම් එක ලබා ගැනීමය. ගිය ආන්ඩුවේ හරක් හා එක්ව සාම්පුර් බලාගාරය ඉඳිකිරීමද නවතා දැම්මේය. සූර්ය පැනල සවිකිරීම හා ඒ පිළිබඳ ආයෝජනයන් වලට උත්තෙජනයක් දෙනවා වෙනුවට කොයි වේලේත් කරන්නේ ඒක ඩිස්කරේජ් කර ජනතාවට එපා කරනා එකය. සුළං බලයෙන් ලබා ගැනීමක් ගැන හිතලාවත් නැතිය. එහෙත් ලෝකයේ දියුණු රටවල් මේවා භාවිතයට හුරු වීමෙන් ගල් අඟුරු බලාගාර හා පරමාණු බලාගාර ඉවත් කිරීමට කටයුතු කරනවාය.

මාෆියාව මේවාට කැමති නැත්තේ… සුළගෙන්වත්, හිරු දෙවියන්ගෙන්වත්, කොමිස් ලබා ගන්න බැරි නිසාය. ඔය තිබෙන සෑම ඩීසල් විදුලි බලාගාරක්ම අයිති ඕකේ ඉන්නා ඉන්ජිනේරූවන්ටමය. ඔය කමිටුවත් ඒවායෙන්ම් මේ අවස්ථාවේ විදුලිය ලබා ගන්නෙයි කියා කීවොත් කවුරුත් පුදුම වෙන්නත් ඕනා නැතිය. සමහර ඇමතිවරුත් මාෆියාව හා එක්ව පැනමා පේපර්ස් වලත් නම දාගත්තේය. ඇහුවොත් කියන්නේ මගේ නම නෑ කියලාය. ඒ උනාට නම තියෙන එකා මොකාද කියා ඕන ගොනෙක් දන්නවාය.

අප ආන්ඩුවට කියා සිටින්නේ, මේ රටේ දරුණුම මාෆියාව, පාතාලයවත්, කුඩු මාෆියාවත්, බෙහෙත් මාෆියාවත් නොව විදුලි බල මණ්ඩලේ ඉංජිනේරූ මාෆියාවයි කියලාය. ඒ නිසා ජනාධිපති තුමා මීට කෙලින්ම සම්බන්ධ වී සැන්ට්‍රල් බැංකුවට දුන් ජාතියේ බෙහෙතක් නොදුන්නොත් ඉදිරියට ආන්ඩුව අල්ලේ නටවන්නේ මුන් බවත් නොකියා සිටිය නොහැකිය.

අපේ අළුත් ඇමති තුමාත් මාෆියාව එක්ක යනවාද ඝෝඨා හා එක්ව ජනතාව වෙනුවෙන් ගමනක් යනවාද කියා තීරණය කිරීම එතුමා සතුය. මේ ගැන දැනුම්වත් වෙන්න ඕන නම්, මාෆියාව ගැන හොඳින් දන්නා සුනිල් හඳුන්නෙත්තිගෙන් වැඩි විස්තර ලබා ගන්නට පුළුවන්ය. මොකෝ මේ මාෆියාව ගැන කෝප් කමිටුවේදී සියල්ලම හෙලි වූ නිසාය. ජෙප්පෝ වැඩියෙන් එනවා නම් හොඳයි කියා බැසිල් ලොක්කා කිව්වේ ඒ නිසාමය.

පොඩි ප්‍රේමේ නම් දන්නේ එයාගේ ඩයිනමෝවෙන් දෙන එක විතරමය. අද වෙනකන් උන් එකෙක්වත් කටක් හොල්ලලා නැතිය. ඒ උන් මේ ගැන මක්කත්ම නොදන්නා කම නිසාමය.

ඒ වගත් මෙසේය.






Aug 13, 2020

ජනතාවාදී රාජ්‍ය ඇමති මණ්ඩලය



මුලින්ම කිව යුත්තේ ඇමති මණ්ඩලය මෙන්ම පත්කිරීම්ද සාම්ප්‍රාදයටම සිඳු වීම, ලැබි තිබූ උත්තේජනය තරමක් අඩු කලද, උසුළු විසුළු වලට ලක්ව ඇති රාජ්‍ය අමාත්‍යවරුන්ගේ විෂයපතයන් හා එම ඇමතිවරුන්, අර උත්තේජනය තව දුරටත් රදවා පවත්වා ගැනීමට හෙතු වනු ඇත්තේය කියාය.

අවුරුදු පහක් තිස්සේ මේ රට විනාශ කල ආර්ථික උස්තාද්ලා හා තාමත් ඔවුන්ට කඹුරන අන්තේවාසික වහලුන් පයිසෙකට මායිම් නොකල යුතු වූවද, ඒ තද බල විවේචනයන් අප බාර ගත යුත්තේ ධනාත්මකවය. මන්ද එම සිඳුවීම සමාජ මාධ්‍යවල මෙන්ම ප්‍රධාන මාධ්‍යන් තුලද කතා බහට ලක්වීම ඉතා වැදගත් නිසාය.

මේ රටේ දෙශපාලකයකු නොවන පුද්ගලයකු රටේ නායකයා ලෙස පත්වන්නේ ප්‍රථම වතාවටය. එය ඉතා වැදගත් සිඳුවීමක්ය. මන්ද මෙරට සියළුම දේශපාලකයන් හුරු වී උන්නේ, රට ගොඩ ගැනීමට නොව තම හත්මුතු පරම්පරාව ගොඩ ගැනීමේ මජර අප්පිරිය සංස්කෘතියකට වීමයි. යහපාලනය පත්කිරීමෙන් ජනතාව බලාපොරොත්තු වූයේ එම සංස්කෘතියේ වෙනසක් වුවද, සිඳු වූයේ ගහෙන් වැටුනු මිනිහාට ගොනා අනින්නා සේ උන් සියල්ලෝද අර සිහිණයේ ජීවත් වූ කලින් උන්ටත් අන්ත පිරිසක් බවට පත්වීමය.

එහෙත් ඝෝඨාභය රාජපක්ෂ මේ මොහොත දක්වා එම මජර කාළකන්නි ක්‍රමයේ තව දුරටත් ගමන් කරන්නකු නොව, උඩු ඟං බලා පිහිනන්නකු බව භාවිතාවෙන්ම ඔප්පු කොට අවසානය.

කොරෝනා වසංගතය හේතුවෙන් මෙතෙක් පැවති මැතිවරණ ප්‍රචාරණ විකාරයන්ද නැවතී ගියේය. ඝෝඨා එම අවස්ථාව භාවිතා කරමින් මෙතෙක් සිඳු නොවූ වෙනස් කමක් කලේය. ඔහු ස්ටේජ් උඩ නැග මයික් පීකර දමාගෙන ජනතාවට කිසි දිනෙක ඉටු කල නොහැකි පච කෙලියේ නැත. ඔහු කෙලින්ම ජනතාව අතරට ගියේය. ජනතාවගේ ජන දුකට සවන් දුන්නේය. ජනතාවගේ සමහර ප්‍රශ්ණවලට එවෙලේම විසඳුම් ලබා දුන්නේය.

එහිදී පැහැදිලි දෙයක්ද මනාව දිස් උනේය. ඒ ඔහු බොහෝ අවස්ථාවන්වලදී නිළධාරින්ට වඩා හමුදාව විශ්වාස කල බවයි. රජයේ නිළධාරින් යනු මෙලෝ රහක් නැති පිරිසක් බව ඕනෑම එකෙක් දන්නවාය. ලෝකයේ ඇති අකාර්යක්ෂතම රාජ්‍ය සේවය මේ රටේ එක බව සමීක්ෂණ නොතියාම ඕනෑ එකෙකුට බය නැතිව කියන්නට පුළුවන්ය. උන් ඉන්නේ වැඩ කරන්නට නොව, වැඩ නොකරන්නටය. එසේ වැඩ නොකර සිටීමට හේතූ කියන්නය. නැත්නම් පාරවල් වසාගෙන අසාධාරණ ඉල්ලීම් ඉල්ලන්නටය. ඉල්ලීම්ම පමණය. යුතුකම් ඇත්තේම නැතිය.

ඒ ඉදිරිපත් වූ ප්‍රශ්ණ සියල්ලම මෙරට රාජ්‍ය සේවයේ නිළධාරින් හා අමාත්‍යංශ වලින් ඉටු විය යුතු ඒවාය. අනෙක ඒවා ඉතා සුළු කරුණුය. එහෙත් වසර 72 ක් තිස්සේ පඩිය හා දීමනා නිසි ලෙස ලබා ගත්තද උන්ගේ යුතුකම් ඉටු කරලා නැත්තේය.

කෙනෙක් මේවාට දේශපාලකයින් වග කිව යුතු යැයි කිව හැකිය. එහි ඇත්තක් නැතුවාද නොවේමය. මන්ද මේ රටේ වැඩ කරනා ඇමතිවරුන් සිට ඇත්තේ අතේ ඇඟිලි ප්‍රමාණයටත් අඩු පිරිසක් වීම නිසාය. උන් කුමන පක්ෂයේ වුවද අදටත් උන් නොමියෙනා මිනිසුන්ය. වැඩ කරනා එකා මුන්ගෙන් මරාගෙන හෝ වැඩ ගත් අතර, නොකරන එකා කලේ නිළධාරීන් හා එක්ව හොරා කකා අයිස් ගහනා එකය. හොඳම උදාහරණය පසුගිය පස් වසරේ සිටි සමස්ථ අමාත්‍ය මණ්ඩලයයි.

උන් එකෙකුටවත් ආන්ඩු බලය ගත් පසු කරන්නේ කුමක්ද යන්න ගැන කිසිම වැඩපිලිවලක් තිබුනේ නැතිය. අනික 2015 දී උන් දිනයි කියා විශ්වාසයක් තිබ්බේත් නැතිය. එහෙත් ඇමති කම් ලැබුන ගමන් ඔළුව ඉදිමුනේය. අර්ථික උස්තාද්ලා කියනා උන් කාර්යාලයේ සිට සෙල්ෆි ගසා බුකියේ එල්ලුවේය. සමහර උන් උන්නේ බුකියෙ චැට් රූම් වලය. අඛිල විරාජ් වැඩ කල ආකාරය ගැන ඔහුගේම ලේඛමෙක් ලියා ඇති ලිපිය මීට කදිම උදාහරණයක්ය.

මේ උසුළු විසිළු වලට ලක්ව ඇති සියලුම විෂය පතයන් මීට කලින්ද අමාත්‍යංශ විෂයපතයට අදාල වූ දේවල්ය. ඒවා අපට නම් විහිළු නොවේ. අනික මේ සියල්ලම ඝෝඨා ජනපති ජනතාව අතරට ගිය කල ඉදිරිපත් වූ ගැටළු සහගත විෂයන්ය. නැවතත් කිව යුතුව ඇත්තේ ජනතාවගේ ප්‍රශ්ණ අපිට නම් ජෝක් නොවේ කියාමය.

මේවා ප්‍රකාශයට පත් කොට ගැසට් කරන්නේ අමාත්‍යවරු දිවුරුම් දීමටත් පෙරය. ඒ කියන්නේ මේ සියල්ල එක ස්ථානයකින් පැහැදිලි අධීක්ෂණයකට ලක්වන බවය. මෙය ලංකාවේ මුල් වරට සිඳු වූවකි.

මහා මාර්ග හා උසස් අධ්‍යාපන ඇමතියෙක් උන් විජ්ජාත්මක කැබිනට් මණ්ඩල වලින් කරපු දේවල් අපි පස් වසරක් තිස්සේ අගේට දැක්කේය. සමහර විෂයපතයන් හා ආයතන ගැසට් කිරීමට මාස ගනන් ගියේය. සම හරක් තමන්ගේ අමාත්‍යංශය තියෙන්නේ කොහේද කියාවත් දැනගෙන උන්නේ නැතිය. සමහර උන්ට ඉඳගන්න කාර්යාල හා පුටු තිබුනේ නැතිය. එවාත් ආන්ඩුව වගේම එකම කැඳ හැලියක්ම වූවේය. උන් සියල්ලෝම එකතුව පාස්කු ප්‍රහාරය නම් ඉතා සාර්ථකව නිම කලේය.

දැන් මේ ඇමතිවරුන්ට සෙල්ලම් දමන්නට බැරිය. තමන්ගේ විෂය පතයන් ඉතා පැහැදිලිව සඳහන් කර තිබෙනවාය. ජනතාවත් තමන්ට අදාල එකා මොකාද කියා ඉතා පැහැදිලිව දන්නවාය. කාර්යාලය තිබෙන්නේ කොහේද කියා දන්නවාය. එමෙන්ම ඕන ඕන එකා දමාගෙන පිස්සු කෙලින්නට බැරිය. ඒවාට ලොක්කාගේ අනුමැතිය ගන්නම වෙනවාය. ඒ තියා විවේචනය කරනා උනුත් සබ්ජෙක්ටෙක කරන්නේ මොකාද කියා දන්නවාය.

කොරෝනා නිසා ලෝකයේම ආර්ථිකයට කෙලවී තිබෙන මේ මොහොතේ දේශීය සුළු කර්මාන්තයන් මහා පරිමාණ කර්මාන්ත බවට හෝ කර්මික කෘෂිකාර්මික ගම්මාන බවට පවට පත් කල යුතුව ඇත්තේය.

හැමදාම ගාමන්ට් එකේම එල්ලිලා ඉන්නට බැරිය. කිතුල් රා ලෝකයේ වෙන රටක ඇතයි කියා මා සිතන්නේ නැතිය. තැඹිලි ගෙඩියද එසේ යැයි කියා සිතමි. තැබිළි ගෙඩිය ඒ ආකාරයෙන්ම අපනයනය කරනා ආයතනයක් ගැන මම කොහේ හෝ දුටුවෙමි, ඉස්සන් වෙනුවෙන්ද ඇමතියෙක් ඉන්නවාය. මෙය ආදායම් ඉල්ලමකි.

දේශීය වෙද හෙදකම් යටතේ මඳන මෝදක ගුලිය වුවද ලෝකය පුරා මාකට් කල හැකි බෙහෙතකි. සුපිරි ගංජා තෙල් වලට ලෝකයේ ඇත්තේ ඉතා ඉහළ වටිනාකමකි. ගංජා දුම සිගරට් දුම තරම් ශරීරයට අහිතකරද නැත්තේය. සිලෝන් ගංජා සිකැරට් එකක් හැදුවා නම් මාන්නාරමේ තෙල් ඕනා වෙන්නේත් නැතිය. ගංජා හේන් පිටින් ගිනි තියනා විට ගිනිගන්නේ අපේ හදවත්ය. මේවා සහ ගහනා අපරාධයන්ය. ඒ තියා ගල් කටස් හදනා උන්ද හමුදාවට බඳවා ගන්නවා නම් අප කැමතිය. ඨ්-56 ක් මෙහේ හදනා එක මහා කජ්ජක් නෙමේය. මෙවා අලී සබ්‍රිට අධිකරණ ඇමතිකම දෙනවා වාගේ විප්ලවීය තිරණයන්ය.

ගොඩ එනවා නම් ඕනෑ තරම් දේ මේ මහ පොලොව මත තිබෙනවාය. කරුමය කියන්නේ ඒවා බ්‍රෑන්ඩඩ් ප්‍රොඩක්ට්ස් ලෙස ප්‍රචලිත කිරීමට හෝ නිමි භාන්ඩ ලෙස ලෝකයට හඳුන්වා දීමට එකෙක් උන්නේ නැති එකය. මේඩ් ඉන් සිරි ලංකා ගාම්න්ට්ස්, සුද්දෝ සුද්දියෝ අඳින්නේ ආඩම්බරයෙනි. හැම සුද්දාම තේ එකක් ඕනා වෙලාවට හොයන්නේ සිලෝන් ටී එකක්ය.

එහෙත් සිලෝන් ටී ලෝකයට යන්නේ රුසියාවෙන්ය. ඒ අපේ නිළධාරින්ගේ පඩත්තල වැඩ නිසාය. වික්ටෝරියා සීක්‍රට්ස් පෑන්ටි බැසියර් මහන්නේත් මෙහේය. එහෙම උන්ට කරන්න බැරි දෙයක් නැතෙයි කියනා එක මගේ මතයය.

රාජ්‍ය අමාත්‍යවරුනට ලබා දී ඇති මේ ටාගට් ටික වසර පහක් තුල ජයගත හැකි නම් ඒ සමඟම තාක්ෂණයද දියුණු වන්නේ බලාගෙන සිටියදීමය. මන්ද තාක්ෂණය, නිශ්පාදන ගුණය මෙන්ම නිශ්පානයද ඉහළ දමනා නිසාවෙන්මය. ඒ නිසා මොකා අපහාසයට ලක් කලද මේ රාජ්‍ය අමාත්‍ය මණ්ඩලය ජනතාවාදී අමාත්‍ය මණ්ඩලයක් බව නම් නොකියා සිටිය නොහැකිය..

ඒ වගත් මෙසේය….


Aug 11, 2020

රනිල් වික්‍රමසිංහ නම් ප්‍රොපගැන්ඩාවේ නිමාව



රනිල් ගෞරවාන්විතව දේශපාලනයෙන් සමුගත යුතු බව 2015 න් පසු කීප අවස්ථාවකම මාතලන් විසින් ලියා තැබුවේය. එහෙත් ඒ නායක කම සජිත් ප්‍රේමදාසට පැවරීමෙන් නොවේය. ඔහු වෙනුවට, වියපත් වුවද ගෞරවාන්විත පොරක් එජාපයේ උන්නේය. ඒ කරූ ජයසූරියයි. මෙහිදි මාතලන් "2015 න් පසු" කියා කියන්නේ විශේෂ හේතුවක් ඇතිවය. ඒ රනිල් ප්‍රොපගැන්ඩාවේ අපද වල්මත් වී උන් නිසාය. 

එහෙත් 2015 පාර්ලිමේන්තුවේ බලය ලබාගෙන මහින්ද කරපු වැඩත් නවත්වා මහ බංකුවට ගේම දෙන කොටම අප උන්නේ සිහිණයක බවත්, රනිල් යනු තනිකර ප්‍රොපගැන්ඩාවක් බවත් මොනවාට අවබෝධ උනේය. රනිල් පමණක් නොව ඒ මුළු පක්ෂයේම මේ රට ගොඩගත හැකි කිසිවකුම නොමැති බව පස් වසරක් තිස්සේ මුළු ලොවටම පෙන්වා අවසානය. ආර්ථික උස්තාද්ලා ලෙස පෙනි උන් පොරවල් අමු හාල්පාරුවෝ බව රනිල් කරපු එකම එක දේ වන "සුවිසැරියත්" තමන්ගේ එකවුන්ට් එකේ දාගන්නා හැටි දැක්කාම අනේ අනිච්චේ සංසාරේ කියා සිතෙනවාය. 

රනිල් පසුපස කිසි දිනෙක ජනතාව උන්නේ නැතිය. ඒ බව කැළණියේ ජීවත් වූ අප අත්දැකීමෙන්ම දන්නවාය. රනිල් නායකත්වයට පත් වූ විගසම, ඒ කාළයේ වැඩිමල් පාක්ෂකයින් අප සමඟ කීවේ, රනිල් නායකත්වයේ දිගටම සිටියහොත්, එය එජාපයේ අවසානය වනු ඇති බවය. අද ඔවුන් දිවියලෝකවල ජීවත් වූවත් ඔවුන්ගේ කටවල් වලට සුරඟනාවන් අමෘතය වක්කරනවා නොඅනුමානය. 

අප වැනි හාල් පාරුවන් මේ ප්‍රොපගැන්ඩාවේ මුලා වීම මහා දෙයක් නොවන්නේ, ලෝක නායකයෝ මෙන්ම සංවිධානද මේ මුලාවේ වික්ටිම් වූ නිසාමය. රනිල් පසුපස ජනතාව උන්නේ නැතයි කියා මාතලන් මුලින් කීවේය. ඔහුට සාමාන්‍ය ජනතාව සමඟ තබා, තම පක්ෂයේ ලොකු පොරවල් සමඟ හෝ ඇයි හොඳයියක් තිබ්බේ නැතිය. ඔහුගේ ඇයි හොඳයිය තිබුනේ එක්තරා ඇබ්බහිවීමක් සහිත ඉහළ පැලැන්තියේ හිතවතුන් කීප දෙනෙක් සමඟය. 

ඔහු බියගම දමා කොළඹ හතේ කුරුඳුවත්තට එන්නේ ඒ නිසාමය. එහිදි මහජනතාව හමුවීම් ඇත්තේ නැතිය. එය ඔහුගේ අධිකාරිවාදය නිදහසේ පවත්වාගෙන යාමට මහත් රුකුලක් වූයේය. තව දුරටත් ජනතාව හා ගණුදෙණුවක් ඔහුට තිබුනේ නැතිය. ඉන් පසු ඔහුගේ ගණුදෙණුව තිබුනේ බටහිර තානාපතිවරුන් හා NGO කාරයන් සමඟ පමණි. ඊට කෘතගුණ සැලකීමක් ලෙස ඔවුන් විසින් අපූරූ ප්‍රොපගැන්ඩාවක් සමාජ ගත කලේය. 

ඒ රනිල් මාර දේශපාලන බුද්ධිමතෙක්ය කියලාය. ඔහු ආසියාවේ මහා මොළය විය. මෑතක් වන තුරුම තරුණ නායකත්වයද විය. එහෙත් 2001 වර්ෂයේ අවසානයේ සිට 2004 අප්‍රේල් මාසයේ චන්ද්‍රිකා කුමාරණතුංග විසින් ඔහු බලයෙන් එලවා දමන තෙක් රටට කරපු කිසිවක් ඇත්තේ නැතිය. එමෙන්ම එම වකවානුවේ දෙවරක් ජනාධිපතිකම් කල චන්ද්‍රිකා නෝනාද එම බෝට්ටුවේම තවත් පච හිලක් බවත් ලියලාම තියන්න ඕනෑය. 

ඉන් පසු මංගල සමරවීර උන්නැහේ "රනිල්ට බෑ" කියා කීවත් අප උන්නේ අර සිහිණයේමය. රනිල්ට මෙන්ම සජිත්ටත් බැරි බව තේරුම් ගත් නිසාවෙන් එතුමානෝ බැස යන සඳ සේ දේශපාලනයෙන් බැස තමාගේ හිතෛශීන් වන NGO කාක්කෝ සමඟ මොකක්දෝ අටවාගෙන තියෙනවාය. ඒ හදාගෙන තියෙන්නේ රට හදන්නට නොව රටට කෙලින්නටය. 

කොටින් සමඟ චන්ද්‍රිකාටත් හොරෙන් ගිවිසුම් ගසා සුප්‍රසිද්ධ මිලේනියම් සිටි පාවාදීම හේතුවෙන් බලයෙන් පහකලද, ඔහු ගැන මවා තිබු ප්‍රොපගැන්ඩාවේ අප මෙන්ම ජනතාවද තව දුරටත් ජීවත් උනේය. ඒ ඔහු රටේ නායකත්වයට පත් වුවහොත්, ජේ ආර් හා රණසිංහ ප්‍රේමදාසටත් වඩා විශාල ආර්ථික ප්‍රගතියක් රටට අත්කර දෙනු ඇතයි යන මුලාවෙනි. එහෙත් 2005 දී රටේ වාසනාවට ජනාධිපති වීම ඔහුගෙන් ගිලිහී යන්නේ, ප්‍රතිවාදියාට වඩා සුළු චන්ද ප්‍රමාණයක් අහිමි වී යාමෙන්ය. 

එම වසරේදී ඔහු ජනාධිපති ධූරයට පත් වූයේ නම්, අද අපට අනුරාධපුරයෙන් එහා යන්න වෙන්නේ වීසා අරගෙනය. මේ රට, රටවල් දෙකක් නොව, තුනක් වෙනවා නොඅනුමානය. ඔහු රට ගැන හෝ ජනතාව ගැන කිසිඳු හැඟිමක් තිබූ නායකයකු නොවේ. බටහිර රටවල් මේ රට ගොඩ දමාවීයැයි යන සොඳුරු සිහිණයක් ඔහුගේ සිතේ සැමදා තිබිනි. 

රනිල් කෙසේ හෝ රටේ පාලකයා ලෙස ගෙන ආ යුතු වුවද ඔහුට ජනවරමක් නොමැති බවත් ප්‍රොපගැන්ඩා සෙට්ටෙක ඒ වන විට අවබෝධ කොටගෙන තිබුනේය. පොද්දෙක් හෙවත් පෙන්දෙක් රටේ නායකයා කොට රනිල් හරහා තම අභිප්‍රායන් ඉටු කර ගැනීම බටහිර බලවේගවල හා NGO කාක්කන්ගේ අරමුණ උනේය. ඒ රාජපක්ෂලා හරහා චීනය මේ වන විටත් ලංකාව ආක්‍රමණය කර තිබූ නිසාය. 

බලාපොරොත්තු වූ ලෙසම ජයගත් ඔවුන්, සිරිසේනට ලෝක බලවතුන්ගෙන් මහා පිලිගැනීමක් ලබා දී මුරුංගා අත්තේ තබා, ගොනාට ඇන්දීම සුපිරියටම කරගෙන ගියේය. ඊළඟට වූයේ 19 ව්‍යවස්ථාවෙන් සිරිසේනගේ තටු කපා රනිල් පොර කිරීමයි. වැඩේ සාර්ථක වුවද රනිල් වැඩ්ඩෙක් නොවන බව වටහා ගත් අර බලවේගයන් රනිල් අත් හැර දමන්නේ, පාඨලීගේ ගුලි ගිලිනා රනිල් තම පිරිවරත් සමඟ චීන සංචාරයේ ගිය දා පටන්ය. 

මේ අතරතුරේ මහ බැංකුවට දුන් ගේමේන් මිස්ටර් ක්ලීන් නොම්මර එකේ කම්බා හොරෙක් බව එලියට එන්නේ පාර්ලිමේන්තු මැතිවරණයකින් බලය ලබා ගැන්මටත් පෙරය. ඩීව් ගුණසෙකර කෝප් කමිටුවෙන් ගේම අදිනවාත් සමඟම පාර්ලිමේන්තුව විසුරුවන්නේ මෙයින් ගැලවිය හැකියැයි සිතාය. එහෙත් සිරිසේන සියල්ලෝම අධිකරණයටම කැඳවා කලිසම් ගලවා දමන්නේ එතෙක් පොරවාගෙන උන් ටයි කෝට් අස්සේ උන්නේ කම්බා හොර නඩයක් බව මුළු ලෝකයාටම පෙන්වමිනි. 

මෙයින් උදාමයට පත් චීනා රනිල් නියමෙටම ගොනාට අන්දා තමන්ගේ පොට් සිටිය යලිත් ක්‍රියාත්මක කල අතර, රාජපක්ෂලාගෙන් ලබා ගත නොහැකිවූ හම්බන්තොට වරායද තමන් සතුකර ගත්තේය. එහෙත් පෙන්දන් දෙදෙනෙකු විසින් පාලනය කරනා රටක් තුල ආයෝජන කිරීමට අකමැති වූ නිසා, චීනයෙන් හෝ කිසිඳු ආයෝජකයෙක් ආයේ ලංකාවෙ පැත්ත පලාතේ ආවේ නැතිය. 

පසුව චීනාගෙන් මෙන්ම බටහිර බලවතුන්ගෙන් කිසිඳු පිලිසරණක් නොමැති වීම තුල ඔහු යන්නේ ඇමරිකාව, සිංගප්පූරුව හා ජපානය පසුපසය. සිංගප්පුරුව සමඟ ගැසුවේ ලංකාව සිංගප්පුරුවේ කසළ අංගනය කිරීමේ ගිවිසුමකි. ඊළඟට ඇමරිකාව සමඟ එලඹි MCC ගිවිසුමද පාක්ෂිකයන්ගේ මෙන්ම විරුද්ධ පාක්ෂිකයාගේද විරෝධයට ලක් වීමෙන් යට ගැසුවේය. රනිල්ගේ තවත් මාරම ප්‍රොජෙක්ට් වූයේ එංගලන්තයේ සායනික කුණු ගොඩවල් ලංකාවට ගෙන ඒමය. මේවා සංසාරයේදි අප අසා හෝ දැක තිබූ ප්‍රොජෙක්ට් නම් නොවේය. 

මේවා මේ ආකාරයෙන් යන අතරේ තමන්ට කිසිවක්ම කල නොහැකි බව ලොවටම පෙන්වා තිබියදීත් ගෞරවනීය සමුගැනීමේ අවස්ථාවක් උදාකලේද තම පරම සතුරා වූ සිරිසේන විසින්මය. ඒ කුප්‍රකට ඔක්තෝබර් විප්ලවයයි. එහිදි ඔහුට ඔප්සොන් හෙවත් අගනා විකල්ප දෙකක් හිමි විය. 

1. විප්ලවය පරාජය කිරීමෙන් පසු සජිත් ප්‍රේමදාසට නායකත්වය හා අග්‍රාමාත්‍යධූරය පිරිනමා ගෞරවාන්විතව ඉවත් වීම. 

2. මහින්දට හා සිරිසේනට ඔනා දෙයක් කර ගනින් කියා බැක්ෆුට් ක්‍රීඩා කොට, නැවත් ගේමට පැමිණීම. 

එහෙත් බලයෙන් මෝහණයට පත් වූ පසු තිබෙන කුඩා මොළයටත් කෙල වී යන නිසාවෙන් ඔහු ගත්තේ වෙනස් තීරණයකි. මේ අති දරුණු පරාජයට හේතු වූයේ ඒ ආසියාවේ මහා මොළය යනු අමු බොරුවක් බව මොනවාට කියා පාමිනි. 

මෙය රනිල් වික්‍රමසිංහයන්ට ගැලපෙන රටක් නොවනා බවත් ඔහු ගැලපෙන්නේ දියුණු රටකට බවත් කියනා ලිබරල් පොරවල්වලට අපට කියන්න තියෙන්නේ, දියුණු රටක උන්නා නම් රනිල්ට ගෙදර යන්න වෙන්නේ 2005 පරාජයත් එක්කම කියලාය. ඒ රටවල්වල ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්නේ රටේ ඉතරක් නොව දේශපාලන පක්ශවලත් තියෙනවාය කියා නොදන්නා පුකේ ලිබරල් න්‍යායාචාර්යවරුන් නොදන්නවා උනාට, ඇත්තටම ලෝකය දන්නා උන් නම් ඒ බව දන්නවාය. 

හරක් මස් කඩේ මුදලාලි මලත් ඔහු සත් ගුණවත් උපාසක කියා පාංශුකූලයට එන පන්සලේ නායක හාමුදුරුවෝ දේසනා කරන්නා සේ, අද රනිල් අරවා කෙරූ මේවා කෙරූ මහා පොරක් සේ 2% ඇත්ත අලින් ගයනා ප්‍රශස්ති දැක්කාම අපට හිනා යන්නේ පස්ස පැත්තෙන්ය. මේ එකක්කත් ඔහුගේ කෙරුවාවන් නොව ඇතුලත්මුදලිගේ කොන්සෙප්ට්ය. එහෙම නැත්නම් ප්‍රේමදාසගේ කොන්සෙප්ට්ය. ඒවා සියල්ලම අධීක්ෂණය උනේ ඔවුන් යටතේය. 

ඇත්තටම රනිල් කල එකම දේ සුවිසැරිය ගිලන් රථ සේවය රටට තාග්‍යක් ලෙස ලබාදීම පමණි. එහෙත් අද එයත් මරාලයක්ම බව වරායේ ඇති කචල් වලින් සියල්ලන්ටම අවබෝධ වී අවසානය. රනිල් ගෙන ආ මරාල අද ලිහාගන්න වෙලා තියෙන්නේ අලුතෙන් ආ ආන්ඩුවටය. MCC ගිවිසුමද එයින් එකකි. 

එදා බලයේ උන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන 8 කට (කේවල මැතිවරණ ක්‍රමය අනුව) බස්සා, වර්ල්ඩ් රෙකෝඩ් තියා බලයට ආ පක්ෂයක් සදා කල් බලයේ සිටීමට සමානුපාතික ක්‍රමයක් ගෙන එන්නේ, මතුයම් දිනෙක එජාපයේ එකෙක් හෝ ඒ පින් ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවේ ඉන්දන්නදැයි කුකුසක් කෙනෙක් තුල ඇතිවන්නේ නම් එයත් පුදුමයක් නෙමේය. 

එහෙත් එවන් සුපිරි පක්ෂය, රනිල් වික්‍රමසිංහ නම් තම බෑනා විසින්ම එවැනි ඉරණමකට ඇද දමාවී යැයි සිතුනේ නම්, ජේ ආර් උන්නැහේ තම බෑනා කිසි දිනෙක දෙශපාලනයට ගෙන එන්නේ නැති බව, ඉන්නා ලෝකයක සිට JR උන්නැහේ සිතනා එක නම්, රනිල් පක්ෂයට කෙලියා වාගේම විශ්වාසය. 

ඒ වගත් මෙසේය......

Aug 7, 2020

ඝෝඨා… රැල්ළක් නොව සුනාමියකි

 

ලැබුන ප්‍රතිඵලය සියල්ලෝම හොල්මන් කර ඇත. අප දන්නා මැතිවරණ ඉතිහාසය තුල මෙහෙම කෙලියක් සිද්ද වූයේ මතකයට ඇති පළමු මැතිවරණය වන 1977 ඉලෙක්සොන් එකේ විතරමය. කොටින්ම… අද දේශපාලනය තුල සිටිනා තෙම්පරාදුම චරිතය වන මහින්ද මහත්තයා හෝ මේ වගේ රිසාල්ට් එකක් නම් බලාපොරොත්තු නොවූ බව, එතුමා චන්දය ප්‍රකාෂ කිරීමෙන් අනතුරුව මාධ්‍යට කී දෙයින් ඉතා පැහැදිලිය. උන්නැහේ කීවේ ලැබුනේ නැති උනත්, හදා ගන්නා හැටි අපි දන්නවා කියාය. පෝට්ටුවේ න්‍යායාචාර්‍ය බැසිල් ලොක්කාද බලාපොරොත්තු උනේ 135 ක් පමණය.

මේ අතරේ යහපාලනයට කඩේ ගිය වෙබ් කාරයෝ මෙන්ම NGO කාරයෝ සමීක්ෂණ පවත්වා කිව්වේ 113 ක් ගන්න එකත් අමාරු වැඩක් වෙයි කියලාය. අද උන් කොහේදෝ කියා හොයා ගන්නටත් නැතිය. උකුස්සන්ගේ ජය උන්ගේ අමන්දානන්දයට හේතු වී තිබෙන්නේ ඒ නිසාය. එහෙත් මෙවන් ජයක් හමුවේ උකුස්සන්ට සෙල්ලම් දාන්න හම්බ වෙන්නේ නැති එකත් පරම සත්‍යයමය.

එමෙන්ම NGO පප්පලා කිව්වේ ජනපතිවරණය දින්න වෙලාවේම තිබ්බා නම් චාන්සෙකක් තිබ්බත්, ආන්ඩුව ෆේල් නිසා 100 ගන්න එකත් මාරම අමාරු ගේමක් කියාය. ඒ සියල්ල අද බයිලාම බවට පත් වී ඇත්තේය. එජාපය චක බ්ලාස් හෙවත් වයිට් වෝෂ්ය. ඒ ගැන වෙනම ලියන්න ඕනෑ කතාවක් තියෙනවාය. ජෙප්පන්ට තිබුන එවාත් නැතිය. ටැලිපෝනය ලද්දේ ජයක් නොව අන්ත පරාජයක්ය.

මේ සියල්ලට හේතුව වෙන කිසිවක් නොව මහින්ද සුළඟට පසු ආ “ඝෝඨාභය සුනාමියයි”. ඝෝඨාභය රාජපක්ෂ කෙරේ ඇති විශ්වාසයයි. ඇත්තටම ජනාධිපතිවරණයත් සමඟම මහ මැතිවරණය පැවැත්වූවා නම්, සමහර විට මේ ප්‍රතිඵලය නොලැබීමටත් ඉඩ තිබිනි. ඒ ඝෝඨා කව්දැයි ජනතාවට ඉස්ටඩී කිරීමට කාළයක් නොලැබෙන නිසාවෙනි.

රටට ලැබුනේ ඔහුගේ විරුද්ධවාදීන් බලාපොරොත්තු වූ ඝෝඨාභය කෙනෙක් නොව ජනතාවාදී නායකයෙකි. ඔහු ජනතාවට ආදරය කරනා බව ක්‍රියාවෙන්ම ඔප්පු කළේය. ඔහු තමාට අවාසියක් වුවද වෙනත් දේශපාලුවන් කීමට බිය දේ කෙලින්ම කීවේය. එය ඔහුට අවාසියක් වී නැතිය. සත්‍යවාදියාට විරුද්ධවාදියා උනත් ගරු කරනවාය. ඒ කියා ඔහු සුළු ජාතින්ට වෙනස්කමක් කරලාත් නැතිය.

තමා ජනාධිපති කලේ මේ රටේ සිංහළ බෞද්ධ ජනතාව බව එතුමා නොබියව කීවේ රුවන්වැලිසෑය ඉදිරියේය. මෙයින් ඔහුට චන්දය නොදුන් සිංහළ බෞද්ධයැයි කියනා උන්ගේ රෙදි ගැලවි ගියේය. උන් මෙතෙක් උන්නේ රටට වින කරනා කාළකන්නින් බලවේගයක් සමඟ බව උන් තේරුම් ගත්තේ ඉන් පසුවය. රටේ වාසනාවට ජනතාව එය අවබෝධ කර ගත්තද, මහරාජාගේ සල්ලිවලට නටනා දීඝදන්තුවාටත් ඒවා වටහා ගැනීමේ ශක්තියක් තිබ්බේ නැතිය.

ප්‍රධානම කරුණ කොරෝනා වසංගතයෙන් රට බෙරා ගැනීමයි. ලෝකයේ හොඳම කොරන්ටයින් සිස්ටම් එක හඳුන්වා දෙමින් අද ඔහු ලෝකයම ජයගෙන අවසානය. එමෙන්ම එතුමාගේ නියෝජනයන් වන වියත් මග නියෝජනයන්ද අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා දී ඇත. විරුද්ධවාදින් කුමන වැල් බයිලා ගැසුවත් ලෝකය ගැන දන්නා ජනතාව, ආන්ඩුවේ ක්‍රියාදාමය අගය කර ඇත.

අනෙක් කරුණ පාට පක්ෂ දෙක නොබලා ජනතාවට ලබා දුන් රුපියල් 10,000 යි. මෙය ජනතාව කිසි ලෙසකින් හෝ බලාපොරොත්තු වූ දෙයක් නොවේ. එහෙත් එය ජනතාව ආදරයෙන් වැළඳ ගත්තේය. ඒ සල්ලිත් අරගෙන, වෙන එකෙක්ට දෙන්නේ කොහොමද ඕයි කියා හිතපු මිනිස්සු කරේ, වෙන උන්ට දී පව් පුරවා ගන්නේ නැතිව ගෙදරට වී ඉන්නා එකය. එය ප්‍රකාශිත නොවූ චන්ද ගනනින් මනාව අවබෝධ කර ගත හැක.

ස්කෝර් කල තවත් ප්‍රධානම කරුණක් වන්නේ, මහ බැංකුවේ කාළකන්නින්ට දැමූ සත්තමයි. බැනුම් අහගත්ත උන් එදා මහා රෑත් වැඩ කරපු හැටි මුළු රටම දුටුවේය. ඝෝඨා හා සෙල්ලම් නැති බව ආන්ඩුවේ පින් පඩි කන නිළධාරියෝ අවබෝධ කර ගත්තේය. ඔය නිළධාරි පැලැන්තිය දේශපාලුවන්ටත් වඩා ජනතාවට දිරවන්නේ නැති පිරිසක් බවත් ලියා තියන්නම ඕනෑය. ආන්ඩු කුඩු කරන්නේ මුන් බව කවුරුත් දන්නවාය.

කුඩු කාරයන්ට හා පාතාලේ උන්ට එරෙහිව යන ඔපරේසොන් එකද ජනතාවගේ ආදරයට පත් වී හමාරය. ඔපරේසොන් එක උන්ට සීම නොවී, නාකොටික් එකේ උන්ටද, බන්ධනාගාරේ උන්ටද, සුරාබදු එකේ උන්ටද කෙලවීමේ හේතුවෙන්, ජනතාව විඳිනා සතුට එතුමා දෑසින්ම දුටුවේය. මෙය විරුද්ධවාදින් කිසිසේත් බලාපොරොත්තු වූ ක්‍රියාදාමයක් නොවේ.

එමෙන්ම අවසාන මොහොතේ කොරෝනා අවධානමද නොතකා සමාන්‍ය ජනතාව අතරට යාමත් ඔවුන්ගේ සමහර ගැටළුවලට එවෙලේම සොලියුසොන් ලබා දීමත් ඔහු කයිවාරුකාරයකු නොවනා බව ඔප්පු කලේය. හැකි නම් මාසයකට එක දිනක් හෝ රණසිංහ ප්‍රේමදාසගේ ජනාධිපති ජංගම සේවය මෙන් මේ ක්‍රියාදාමය තව දුරටත් කරගෙන යා හැකි නම්, එය ජනතාවගේ ගෞරවාදරයට පත් වනු නොඅනුමානය. එමෙන්ම බලය ලැබුන පසු ජනතාව අමතක කලේ යැයි කියනා ප්‍රධානම චෝදනාවකින් ගැලවීමක්ද වනු ඇත්තේය.

ඇත්තටම මේ රට හදන්නට මහා දෙයක් කරන්නට ඕනෑ නැතිය. කළ යුත්තේ වැඩ කරනා එකය. නිළධාරින් කරන්නේ නැත්නම් හමුදාව එක්ක හෝ එවා ඉටු කිරීම ජනතාවගේ එකම බලාපොරොත්තුවය.

ජනතාව ඉල්ලන්නේ මහා දේවල් නොවේ. ඒ සියල්ල ඉතා පහසුවෙන් ඉටු කල හැකි දේ බව එතුමා ක්‍රියාවෙන්ම ප්‍රායෝගිකවම ඔප්පු කළේය. බොහෝ දේ දේශපාලුවන්ගේ ගසාකෑම් හා කොමිස් හේතුවෙන් ඉටු නොවූ ඒවාය. JR කීවාක් මෙන් AR FR වලින් නම් ජනතාවට ඇති වැඩක් නැත්තේමය. නිළධාරින් විසින් ඕවා හදාගෙන තියෙන්නේ වැඩ කරන්නට නොව නොකර සිටින්නටටය.

මේ රටේ අමාත්‍යංශවලට වෙන් කරනා මුදල් නැවත භාන්ඩාගාරයට එවනා බව ප්‍රසිද්ධ රහසකි. ඒ කියන්නේ දෙන දේවත් කරන්නේ නැති කාළකන්නි දේශපාලුවන් හා නිළධාරීන් පිරිසක් රටේ ඉන්නා බවය.

අප ඔබ තුමාට කියන්නේ… අමාත්‍යවරු පත් කරත්, ඔවුන් අධීක්ෂණය සඳහා ඔබ තුමාට විශ්වාස කල හැකි පිරිසක් පසු විපරම සඳහා අනිවාර්‍යයෙන් පත් කල යුතුම බවය. මොකෝ ඔය සම හරක් උන් මහින්ද මහත්තයාත් නැති කරපු පිස්සු බුවාලා නිසාමය..

ඒ වගත් මේසේය.......


Aug 3, 2020

අවසන් චන්ද ප්‍රතිඵලය…?




ආන්ඩුවට හැර වෙන එකෙක්ටවත් මේ චන්දය තියන්න ඕනෑ කමක් තිබ්බේ නැතිය. හැම එකාම දැඟලුවේ අපි ඝෝඨාට සප් එක දෙන්නම් කියා… පට්ට ෆේල් යහපාලන කැඳ හැලිය තව දුරටත් පවත්වාගෙන යාමටය. උන් සියල්ලෝම සිතුවේ ඇමරිකාවේ වගේ කොරෝනා වසංගතේ උග්‍ර වෙලා එක පිට එකා මැරි වැටේය කියලාය. උන් එහෙම හිතූ එක සාධාරණය. ඒ මොකෝ උන් හිටියා නම් වෙන්නේ ඒ සැන්තෑසියමය. ආයේ කතා දෙකක් නැත.

කොහොම හෝ අපේ පිස්සු බුවාලා එක්ක කොරෝනාත් මැඩගෙන හෙට චන්දේ තියනවාය. හැම එකාම තම තමන් කැමති එකෙකුට චන්දය දාන්න යනවා නම් බොහෝ අගේය. මොකෝ චන්දයත් හරියට ආදරේ වගය. ඕකේ අගේ තේරෙන්න චන්ද අයිතිය නැති වෙන්න ඕනෑය. අන්ධ ජනතාවටත් අනෙකෙකුගේ සහයෝගයක් නැතිව චන්දය ප්‍රකාෂ කිරීමට පහසුකම් සලසා තිබීමත් අප අගය කළය යුතුය.

මාතලන් මේ අනාවැකිය කියන්නේ දත්ත කීපයක් ආධාර කරගෙනය. ඊට ඉතිහාසයේ පැවති විවිධ මැතිවරණවල දත්ත ඇතුලත්ය. ඒ අනුව එන පත්තරේ විස්තරේ මෙහෙමය…

පෝට්ටුව

මැතිවරණ දිස්ත්‍රික්ක 16 ක් උඩින් ජයග්‍රහණය කරනවාය. නුවර එළිය දිස්ත්‍රික්කයත් ජයග්‍රහණය කලහොත් එය 17 ක් වනවාය. ඒ කියන්නේ උතුරු නැගෙනහිර හැර අනෙක් සියළුම දිස්ත්‍රික්කවල ජය පොහොට්ටුවට ලැබෙනවාමය. ඊට ප්‍රධානම හේතුව එජාපය දෙකඩ වීමයි. ඒ අනුව නුවර එළිය දිස්ත්‍රික්කද පෝට්ටුව ජයග්‍රහනය කලහොත් එය අති විශිෂ්ඨ ජයග්‍රහණයක් වනවා ඇතිය.

ගේමේ ඉන්න අය මොරාල් එක සඳහා මොන කතා කීවත් ආසන 120 කට වැඩියෙන් ගත හැකි නම් එයත් සුපිරි තත්වයක් වෙනවාය. මාතලන්ගේ අදහස ඔවුන් ආස 116 – 122 අතර ප්‍රමාණයක් ගත හැකි බවය.

ටැලිපෝන්

ටැලිපෝන් එක ගේම ඉල්ලන්නේ සිරිකොතේ බලය අල්ලන්නටය. ඒ 2025 ටාගට් කරගෙන වෙන්න ඇතිය. ඒ නිසා සජිත් ප්‍රේමදාස වන් බුද්ධිමත්, සියල්ල දත් අගමැතිවරකුගේ සේවය රටට ලැබීම මේ මොහොතේ අහිමි වීම රටේ අවාසනාවය.

ඒ මහතා රටේ අගමැති වන දිනෙක, අම්මට සිරි ලංකාව පින්ලන්තය වනවා නොඅනුමානය. මන්ද සියල්ල නොමිලේය. ඒ නිසා ජනතාවට කරන්න තියෙන්නේ ගෙදරට වෙලා හැමිනෙන එක විතරමය. මන්ද සියල්ල එයා අපේ දෙපතුල ලඟට ගෙනල්ලා දෙනවාය. තේ එකක්කත් දෙන්න ඕනා නැතිය. මොකෝ එයා කිසිම ගෙදරකින් කිසිවක්ම කන්නේ බොන්නේ නැති නිසාය. හැබයි කියන්නේ නම් අපේ කිහිලිවල ගඳට එයාට මාර ශක්තියක් එනවා කියලාය. ඒකත් හරියට කරනවාද බලන්න, එතුමානෝ රෑට රෑට ගෙවල් වලටත් එනවාය.

මෙහිදි මාතලන් අනුමාන කලේ එජාපයේ චන්දවලින් 75% පමණ ටැලිපෝනයට ලැබේ යැයි කියාය. කෙසේ වෙතත් දෙපිරිසම එකතු වී ආසන 75 – 80 පමණ ලබා ගනු ඇත.

ඒ අනුව ටැලිපෝනය 57 – 63 ක් අතර ප්‍රමාණයක් ලබා ගනු ඇත.

පින්නවල

අලි අනාථාගාරය දැන් තියෙන්නේ පිටකෝට්ටේ සිරිකොතේය. ඒ නිසා අනාථ අලි බලන්න යනවා නම් එතන්ට ගියාට කිසි අවුලක් ඇත්තේ නැතිය. සජිත් සිරිකොත අල්ලන්න කඳවුරු බඳිද්දී, රනිල් දැන් සිටම අඬ අඬා කියන්නේ එයා අළුත්කඩේ යනවා කියලාය.

රනිල් මැරෙනකන් ඔය පක්ෂේ නායකත්වය එකෙක්ටවත් දෙන්නේ නැතිය. අනික රනිල්ට වෙනත් තනතුරු ඕනා නැතිය. අරගත්තත් කරන්නේ ඇඟේ හලාගන්නා එක පමණය. එයාට ඕන, මොනිටර් කම ඉතරය. එජාප කෑ පියා ලෙස රනිල් ඉතිහාසයට එක් වනවා ඇතිය.

ඒ අනුව අනාථ අලි ආසන 15 -18 අතර ප්‍රමාණයක් ගනු ඇත.

ජවිපාවුන්

දැන් එයාලාම එයාලාව හඳුන්වා ගන්නේ ජවිපාවුන් ලෙසය. පේටන්ට් බලපත්තරේ ඉරාජ් වීරරත්න සතුය. ඒ අනුව ඇත්ත කලාකරුවන් කප්පරක් උන්නද, ජෙප්පන් වෙනුවෙන් යමක් කලේ ඉරාජ් ඉතරයි කියා වාමාංශික දේශපාලන ඉතිහාසය තුල ඉරාජ්ගේ නම රතු ලේ වලින් ලියවෙනවා නොඅනුමානය.

ජනතා විමුක්ති පෙරමුණට උනේ මක්කාද කියා ලිපි කීපයක්ම ලියා ඇති හෙයින් මෙහිදි ආයෙත් ඒ පල් හෑලි ලියන්න ඕනා නැතිය.

ජවිපාවුන් ආසන 3 පමණ ලබා ගනු ඇතයි යන්න මාතලන්ගේ මතයය උපරිමය 5 කි.

උතුරු නැගෙනහිර සහ-ජීවන්ලා

උතුරු නැගෙනහිර බලය සුළු ජාතික පක්ෂවලට හිමි වනු ඇත. පෝට්ටුව වඩාත් ජාතිවාදී වීම තුල ඔවුන් ලද සුළු චන්ද ප්‍රමාණය හෝ ඔවුනට අහිමි වීම කිසිවකුටත් වැලක්විය නොහැක. එජාපයේ චන්දද බෙදි යන නිසා ඉතා පහසු ජයග්‍රහණයක් දෙපලාතේම සහජීවන්ලාට ලැබෙනු ඇත.

බොහෝ විට ඔවුන් ආන්ඩුව හා එක්වීමටද ඉඩ ඇත. එමෙන්ම පින්නවල සෙට්ටෙකේ සියළුම දෙනා පාහේ ආන්ඩුවට එක්වනු ඇත යන්න මාතලන්ගේ විශ්වාසයයි. මන්ද ඔවුන්ට මින් පසු දේශපාලන අනාගතයක් නැති වන නිසාය.

ඒ අනුව නව ආන්ඩුව පෝට්ටුවන් අනාථ අලි සමඟ උතුරේ සහජීවන්ලාගෙන් සමන්විත ආන්ඩුවක් වන බව මාතලන්ගේ විශ්වාසයයි.

සුළු ජාතික පක්ෂ ආසන 20 -24 ක ප්‍රමාණයක් ලබා ගනු ඇත.

ඒ අනුව අවසාන ප්‍රතිඵලය මෙසේය

පෝට්ටුව…………….. 120
ටැලිපෝන්…………… 62
පින්නවල…………….. 17
ජවිපාවුන්……………… 3
සහ ජීවන්……………… 23

Aug 2, 2020

මාර වැඩේ ජෙප්පන්ට උනේ….!!!



චන්දයක් එනකොට ඔක්කෝම ජේ වී පී වෙනවාය. හරියට මඟුල් ගෙදර මනමාලී වගේය. ඔක්කෝම කතා කරන්නේ ඒ ගැනය. ඒත් මඟුල් ගෙදරින් ගියපු ගමන් මනමාලී මතක නැතිය. කතා කරන්නේ වෙන වෙන ඒවා ගැනය. බුපේ එකේ අඩු පාඩු, එක එකාගේ ඇඳුම් පැලඳුම්වල අඩු පාඩූ. බොන්න දුන්න ඒවායේ අඩු පාඩු. බයිට් වලට තිබුන එවායේ අඩු පාඩු ඉතරක් නොව අන්තීමේදි දීපූ ගානත් පාඩුයි කියා මඟුල් ගෙදර ගියාටත් දුක් වෙනවාය.

මෙවරත් ජෙප්පන්ගේ මඟුල් ගෙදර නැගලාම යනවාය. ඒකට මේ සැරේ මාරම සෙට්ටෙකක් ඇවිල්ලා තියෙනවාය. උන් එතනට එන්නේ ඇයි කියාත් අපි සොයා බලන්න ඕනෑය. ඒ උන්ගේ ලැයිස්තුවට දාන්නවත් ජෙප්පෝ නැති නිසාය.

අති බහුතරය යහපාලනය ගේන්න කඩේ ගියපු උන්ය. උන් කරන්නේ කාගේ හෝ ඇඟේ එල්ලී, තමන්ගේ සිවිල් පොරබාවය ආරක්ෂා කර ගන්නා එකය. ඇත්තටම ජෙප්පන්ට බල මණ්ඩලේ සෙට්ටෙක ඇරුනාම පොරවල් ඇත්තේ නැතිය.

රනිල් වික්‍රමසිංහට මහින්දට කින්ඩිය දැම්මාට, ඒකේ ඉන්නෙත් ගෙවලයෝ වගේම සෙට් එකක්ය. අපි දන්න දවසේ ඉඳන් ටිල්ලින් ගොයියා පක්ෂයේ ලෙඛන් උතුමානෝය. පක්ෂයේ නායකයා අනුර කුමාර දිසානායකෙයි කිව්වාට. ඇත්ත නායකයා පොරය.

සෝමවංශ පක්ෂය දාලා ගෙදර යන්නේ මේ නිසාය. කුමාර් ගුණරත්නම්ලා, විමල් වීරවංශලා යන්නේත් මේ නිසාය. ටිල්වින් කියන්නේ චීනයේ කොමියුනිස්ට් පක්ෂය වගේ චරිතයක්ය. අනෙක් උන්, තාවකාලික පොරවල්ය. උන්ගේ පැවත්ම රඳා පවතින්නේ ටිල්වින්ගේ හොඳ හිත මතය.

සෝමවංශ අමරසිංහ සහෝදරයා පක්ෂයෙන් එලියට බැහැලා මරු කතාවක් කීවේය. ඒ කියන්නේ පොර නායකයා උනාට පක්ෂය මෙහෙය වන්නේ හතර දෙනෙක් කියලාය. ඒ ටිල්වින්, අකුදී, යටත් විජිත හා ලාල් සහෝදරයාය කියලාය. එහෙත් අපට පෙනෙන විදියට ලාල් කාන්ත දැන් කැපිලා වගේය. ඒ තැනට ඇවිල්ලා තියෙන්නේ බිමල් රත්නායකය.

අද එය පක්ෂයක් නොවේය. නොම්මර එකේ සමාගමක්ය. ඔය ජාතික ජන බලවේගයේ අය කියන්නේ ඉල්ලාගෙන කන හරක් සෙට් එකක්ය. අකුදි තියා මොකා කිව්වත් ජාජබ එකෙක්ට හෝ පාර්ලිමේන්තු යන්න ටිල්වින් ඉඩ දෙන්නේ නැතිය.

විල මැද ගව ගාලට පෙරහර යන්නේ…. හයිරාකි හෙවත් ධූරාවලියට අනුවය, එසේ ධූරාවලියට දැම්මා කියා කියා ලාල් වගේ පොරක්කත් වලියට එනවා බොරුය. එහෙම උනොත් ලැබෙනා ගානට සුම්මාය. ගිය වර ලාල් කැපෙන්නේ ඒ නිසාය.

ඇත්තටම උන්ට දෙවනි පෙලක් ඇත්තේ නැතිය, ටිල්වින් ඉන්නකන් එහෙම එකෙක්ට ඉඩක් ඇත්තේත් නැතිය. ඒ නිසා සල්ලි තියෙන ඇන් ජී ඕ කාරයෝ ජෙප්පන්ට ගානක් දී පක්ෂයේ අපේක්ෂකයෝ වෙනවාය. වැඩේ ෂේප් කර ගන්න ප්‍රසිද්ධ පොරවල් ටිකකුත් දාගන්නවාය.

උන්ට කොච්චර කලා කාරයෝ උන්නත් අන්තීමට එල්ලෙන්න උනේ අවන්තගේ කාටූනයේය, ඉරාජ්ගේ වීඩියෝවේය, බැසිල්ගේ ප්‍රකාෂයේය. ඒ ඇයි?

ඔය ප්‍රසිද්ධ පොරවල් එකෙක්කත් සංසාරේදී ජෙප්පන්ට චන්දය දෙන්නේ නැතිය. උන් උන්ගේ නිරමාණාත්මක දෙයක් ජෙප්පන්ට දෙන්නේත් නැතිය. උන්ට අවශ්‍ය ඇක්ටිව් බව පෙන්වා එකෙන් ගානක් කඩා ගැනීම හා ප්‍රසිද්ධ වීමය. උන් ඔක්කෝම සිරිකොත චින්තනයේ ජීවත් වන වංචාකාරි ලිබරල් පොරවල්ය. අනික උන්ගේ රසිකයෝ හා වහලුන්ගේ නවාතැනද සිරිකොතමය. ජෙප්පන් සියල්ලෝම පසු ගිය පස් වසරේ උන්නේද එතනය.

මේ විකාර නිසා සාමා‍ය දුප්පත් අවංක ග්‍රාමීය ජෙප්පා උන්ට අහිමි විය. මුන් පිට පොට පටලවා කියාපු දේ උන්ට ඕනෑ ලෙස බුකියේ පෝස්ට් දැන්ම්මාට, වෙබ් සයිට් වල ප්‍රශස්ථී ලීවාට, බැසිල් කිව්වේ වෙන කතාවක්ය. ඒ බැසිල්ගෙන් එලව එලවා ඇසූ ප්‍රශ්ණයක් නිසාය.

බැසිල් කියනා සියල්ලම ඇත්ත නම් 2015 මහින්ද දිනන්න ඕනෑය. එහෙත් බැසිල් කියපු ඒවාට වඩා ඇත්ත උනේ මාතලන්ලා කියපු ඒවාය. අන්තීමේ බැසිල් මෙන්ම රජ ගෙදර රාජකීය නක්ෂස්තර කාරයාටද කෙල උනේය. මාතලන්ලා දිණුවේය.

ජෙප්පෝ වැඩියෙන් එනවා නම් අපිත් කැමතිය. එහෙත් ජෙප්පන්ට මේ රටේ සාමාන්‍ය ජනයා සමඟ පෑහෙන්න බැරිය. උන් ඉන්නේ ලෝකල් කැම්පස් උපාධිදාරියාගේ මානසිකත්වයේය. නායකත්වයේ අති බහුතරය ලෝකල් උපාධි කාරයෝ වීම ඊට හේතුව විය හැකිය.

උන් හිතන්නේ උන් වෙනස් මිනිස් කොඨ්ඨාශයක්ය කියලාය. ඒක එලියට එන්නේ “ඇත්ත මිනිස්සු” ලේබලය යටතේය. ඒත් ඒක පට්ට පල් බොරුය. ඇත්තටම උන් “ජවිපාවුන්ය”. ඔරිජිනල්ම ගං කබර බයියෝමය. ඒ නිසා උන්ගේ ලේ වල තියෙන දේ උන් ආදරෙයෙන් වැලඳ ගත්තේය. එය උන්ට ගැලපෙනාම නමය.

ඒ නිසා සමාන්‍ය ජනතාව උන්ට මෝඩයෝය. එහෙත් ඉහළ පන්තිය ළඟ උන් බල්ලෝ බලල්ලුය. අර පන්තිය හා උන්ට පෑහෙන්නට බැරිය. දැන් උන් ඒක අවබෝධ කරගෙනත් තියෙනවාය. යහපාලනයේ එජාප කඳවුර සමඟ දීගයක් ගෙන ගියද තනතුරු ලබා නොගෙන වරප්‍රසාද පමණක්ම ලබා ගත්තේ ඒ නිසාය. දීගෙක ගියද, මනමාලි සමඟ රමණයේ නොයෙදි දෑවැද්දෙන් පමණක් සෑහෙන්න උන් දන්නවාය.

අපි කියන්නා වාගේම බැසිලුත් කිව්වේ ජෙප්පෝ එනවා නම් හොඳය කියාය. වැඩියෙන් එන සහතිකයක් හෝ උන් එන කතාවක් හෝ කිව්වේ නැතිය. උන්නැහේගේම වචනයෙන් කියනවා නම් කිව්වේ මෙසේය. “… අනිත් පැත්තෙන් මම කැමතියි ජනතා විමුක්ති පෙරමුණටත් යම් කිසි මන්ත්‍රි සංඛ්‍යවක් ලැබෙනවා නම්…..” මෙහෙදි අවසානයට කියන “නම්” කියන උන්නැහේ කියන්නේ උස් හඬින් හයිලයිට් කරලාය.



ඊට හේතුව ලෙස උන්නැහෙ කියන්නේ, විපක්ෂයට එන්න යන්නේ මෙලෝ රහක් නැති හාල්පාරුවෝ නිසා කියලාය. ඒ කෙසේ වෙතත් බැසිල් කියනා ගාන පොහොට්ටුවට එන්නේ නැතිය. එමෙන්ම ජෙප්පන්ටද ආසන තුනකට වඩා එන්න විදියක් කොයි ආකාරයෙන්වත් නැතිය. මන්ද, මොකා මක්කා කීවත් පින්නවල සෙට් එක පරද්දන්න ජවිපාවුන්ට හැකි වෙතයි මාතලන් කිසි ලෙසකින්වත් සිතෙන්නේ නැති නිසාය.

මාර වැඩේ ජෙප්පන්ට උනේ….. ඇත්තමයි…. අම්මපා…