.

.
Showing posts with label Habarala Kawi. Show all posts
Showing posts with label Habarala Kawi. Show all posts

Jun 26, 2016

රත්තරන්ට නීතී උපදෙස් හා ටිම්රාන් කීරිති - Timraan Keerthi & Raththaran



කොළොන්නාව ප්‍රදේශයේ සිඳු වූ කුප්‍රකට දේශපාලන ඝාතනයක් පිළිබඳව අමතක වීමේ රෝගයකින් පෙලෙන කඩවසම් තරුණයෙකුට උපදෙස් ලබා දෙන නීතීඥ්ඥයකු කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රත්තරන් මහතාගේ හදිසි අනතුර පිටුපස සිටින බවට වාර්තා වේ.

Jun 20, 2016

සඳමාලී, සේයා හා සුසන්තිකා - Sandamali, Seyaa, & Susanthikaa ( S3 )

 
සඳමාලී, සේයා හා සුසන්තිකා

නිමිත්ත - මහියංගනයේ හතර වසරේ සිසුවියක්, සේයා දැරිවිය මෙන්ම ඝාතනය කර ඇත.

 
සේයා නැගනිය වගේ
 
සුර ලොවට උඹ ගියේ
ඒත් උඹගේ ඇඟේ,
නැහැ නොවේ, කිසි අගේ.

කකුල් එලියේ දමන්,
බියුටි පුල් පොටෝ නැති,
නිසාවෙන්, කිසිම කිසි,
අගයක්ම නැතිව ඇති.
සෙයිලමට දුර නිසා,
ආවොතින් පාඩු ඇති.

අනික කොයි වෙලාවක්,
උබ බලන්නට එන්න.

පත්තරේ මාමලා,
දුවයි හති හල හලා.
හති දමන් හැට හැටේ,
සුසන් තී... නැන්දාගේ
ගේ වටේ,
ඇඳ වටේ....
-x-

(බුකියේ පලවූ මාතලන්ගේ හබරල කවියකි)

Jun 19, 2016

මිහින්තලේ මුවා සහ අර්ජුන සාධකය - Spotted Deer at Mihintale & Arjuna Factor

 
සිරිසේන ජනාධිපති තුමා යාපනේ ගිහින් ඇවිත්, මහන්සියටත් එක්ක හාන්සි පුටුවේ දිගාවී, උදේ පාන්දරම පත්තර ටික ගත්තේ, පෝය දවස සිරි ලාංකීය බෞද්ධ ජනතාවට මෙන්ම, රහමෙර කටේවත් නොතිබ්බත්, තමන්ටද අනුරාජපුරේ ආපු උන් එක්ක සෙල්ෆි ගන්නයි, දන්සැල් බෙදන්නයි, හාන්දුරුවරුන්ගේ බයිලා අහන්නයි, කප්පරක් වැඩ තියෙන පට්ට බිසි ඩේ එකක් නිසා, සමහර නිව්ස් මිස් වෙන්න පුළුවන් නිසාය. පත්තරේ අස්සේ තියෙන ලංකාදීප පත්තරේ, "සැඳැල්ල" දැක්ක ගමන් නිවන් වලට පොඩ්ඩක් මෙහායින් නැවතුන ජනාධිපති තුමා දඩි බිඩි ගා සිකියුරිටි පොරකට කතා කොට පැවසුවේ, මේන් මේක කාටවත් අහුවෙන්නේ නැති තැනකට වීසී කරලා දානවා ඕයි කියලාය.

Jun 14, 2016

FCID ය, හෙවත් යහපාලනයේ "විනෝද සමය" - (F)unny (C)riminal (I)investigation (D)ept.

  මහින්ද නැවත බලයට පැමිනියහොත් FCID ට වන දේ...
 
ඇෆ් සී අයි ඩී ය (FCID) ගැන හින්ගල මාද්දිය වල උන් කියන්නේ, "මහා පරිමාණ මූල්‍ය අපරාධ පිළිබඳ විමර්ෂණ දෙපාර්තුමේන්තුව" කියලාය. ඒ ඉතින් ලැට්ටොප් එක, සෙල්ටෙල් එක, බයිසිකලේ, ආන්ඩුවෙන් නිකං ගන්න බලාගෙන ඉන්නා හිඟන මාද්දියවේදියන්ටය. ඒ උනාට ඕකේ නියම නම, නිකංම නිකං "මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකය" ය. ඒ කියන්නේ මාද්දියවේදි හිඟන්නන්ට හා ආන්ඩුවෙන් කන්න බලාගෙන ඉන්න හිඟන්නන්ට, ඕවා මහාපරිමානයේ කේස් උනාට, අම්මා අප්පාගේ බූදලේ ගෙදරින් ගෙනත්, ඇට දෙක ගෙවාගෙන, අංශභාගේ හදාගෙන, කඳු නැගගෙන, ඡන්දේ දුන්න උන්ට ලැජ්ජා නොකර. ළොකේ තියෙන එක්ස්පෙන්සිව්ම් වෙහිකල් වලින් වැඩම කොට, මේ රටේ කාර් ගන්න බලාගෙන ඉන්නා ජනතාවට සේවය කරන, මේ රට ගොඩගන්න ඉන්නා දෙවි දේවතාවුන්ට ඕවා නිකන්ම නිකං හූණු පඩයක් සයිස් ඒවා නිසාය.

Jun 9, 2016

තුන අහිමි වීම, ලිට්මස් පරීක්ෂාව හා රණවිරුවන්ට සැලකීම - Litmus Test, Testicals & War Heroes

විමල්ගේ තුන අහිමි වීම..




සයිබරය නැවතත් ජය ගෙන ඇත. ආන්ඩුවේ වාහන ජෝගිය තාවකාලිකව අකුලා ගෙන ඇත. අගමැති තුමා කියන්නේ, ආපදාවලට ලක්වූවන්ට සහන සලසා අවසාන වන තෙක් වාහන ගැනීමක් සිඳු වන්නේ නැති බවයි. අදහස් ප්‍රකාශ කරන්නන් සුදු වෑන් ටුවර් ගෙන යන්නේ නැතිව, ඔවුන්ට සවන් දීම අප අගය කොට සලකමු.

Apr 30, 2016

වරාය, බඩු, හයිකු හා හබරල - Micro Poetry


 
මාතලන් බ්ලොග් ළෝකේ වගේම බුකියෙත් ඉඳහිට සැරිසරනවා. මොහොතක සුව දෙන සුන්දර ළෝකයක් උනත් ඒකෙත් අමුතු කලාවක් තියෙනවා. හිතට එන ඒවා බොහොම කෙටියෙන් ලිව්වාම ලැබෙන ප්‍රතිචාර බොහොම ඉහලයි. ඇත්තටම මම මේක පුරුදු උනේ සේපාල් අමරසිංහ ගෙන්. ඒවා බොහෝම කෙටි සටහන් උනාට, මහා ළොකු කතාවක් ඒවා ඇතුලේ තියෙනවා.ඇ ත්තටම මට නම් ඒවා සටහන් නෙමෙයි. අපූරූ කෙටි කවි. ඒ වගේම ඌ සෙලෙක්ට් කරන පින්තූරේ අපූරුවට ඒ කයියට ගැලපෙනවා. (ඔය සේපාලයයි, අතුල අධිකාරියි, මාතලනුයි, රජ්ජුරුවන්ගේ ඉස්කෝළේ 6 පන්තියේ එකට හිටපු උන්. සේපාල්ට මම මේක කිව්වේ අදයි.)