මාතලන් ඝෝඨාට කඩේ ගියේ, ජේ ආර් ටත් වඩා ලිබරල් ඉකොනොමියක් ගෙන ගිය මහින්ද, කබ්‍රාල්, බැසිල් ත්‍රිත්වයේ ආර්ථික මොඩලය ඉදිරියට ගෙන යාවි යැයි යන විශ්වාසයෙන්‍ය.
ජේ ආර් ගේ බෑනා වන රනිල් කලේ ඒ සියල්ල නවතා දමා, ශ්‍රීලනිපය හා වමේ 1/4 කන්නි ප්‍රතිපත්තියක් වන සහනාධාර හා සුභසාධන ආර්ථික ක්‍රමයක් පවත්වාගෙන යාමය.
එහි ප්‍රතිඵලය වූයේ ආර්ථික වර්ධන වේගය කෙමෙන් කෙමෙන් අඩුවී රුපියලට කෙලවීම හෙවත් බාල්දු වීමයි.
මහින්ද මැදමුලනේ ජනේලේ එල්ලෙන විට රුපියල් 135 ට තිබූ ඩොලරය, අවුරුදු පහක් රට කෑ, හර්ෂ, එරාන්, රවී, මංගල යන අර්ථ සාස්තරේ කෙල පැමිනි ඉකොනොමික් ෆිලෝසිපර්ලා ආර්ථිකයටත් හමන්නවා ගෙදර ගියේ, ඩොලර් එක රුපියල් 200 ක් කොට, රනිල්ගේ ඇපේටත් කෙලලාය.
එය එතෙක් මෙතෙක් පාලන කාළයක් තුල ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණ වූ ඉහළම ප්‍රතිශතයයි.
එයාලා මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති සියල්ල නවතා දැම්මේය. රාජ්‍ය සේවකයන්ගේ පින් පඩිය රුපියල් 10,000/= කින් වැඩි කලේය. මහා පරිමාණ ව්‍යාපාරිකයින්ට ටැක්ස් කන්සෙසොන් දුන්නේය. කිසිම මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්බ කළේ නැතිය. විදුලි බල පද්දතියට එක මෙගාවොට් එකක් අලුතින් එකතු කළේ නැතිය.
කොටින්ම 2015 ට පෙර සුරපුරයක් ලෙස දිස්වූ පාර්ලිමේන්තුව ඉදිරියේ ඇති පිට්ටනිය හා ඒ අවට ප්‍රදේශයේ තණකොල ටිකවත් කැපුවේ නැතිය.
මේ පිස්සන් රැල එලවා ගෙනා ඝෝඨාභය මෙතුවක් ගියේ වැරදි පාරකය. එයා විරුද්ධ පාක්ෂිකයින්ට ඇමරිකන් ඩිමොක්‍රසි දෙන අතරේ ජනතාවට හා රටට දුන්නේ 1970 යුගයේ හත් අවුරුදු සාපය නම් පට්ට ෆේල් තියරියක් වූ සංවෘත ආර්ථික ක්‍රමයය. ඊට හේතුව වූයේ පී බී නම් මහදැන මුත්තාය.
එහෙත් අළුත් ලේකම් ගාමිනි සෙනරත්ගේ පැමිණීමත් සමඟ ජනාධිපති තුමා නිවැරදි මාවතට පැමිණ ඇත. මේ බව වටහා ගත් ආගම රට ජාතිය දේශප්‍රේමය විකුණාගෙන කන ආන්ඩුව ඇතුලේ උන් වැඩ බැරි කාළකන්නි මළහෝන්තු කළබල විය.
උන් බැලුවේ මහින්ද මහත්තයා අල්ලේ නැටව්වා වගේ ඝෝඨාද බය කරගෙන අල්ලේ නටවන්නය. ඝෝඨා මහින්ද වගේ එසේ ඇන්දවිය හැකි මෝඩයකු නොව, (විමල්ට අනුව මහින්ද මෝඩයෙකි) ගල් ආඳකු බව ඔප්පු වූයේ, මීට පෙරද උන්ට පොරි හැලෙන්නට දුන් බව උන්ම කියනා විටය.
සුභසාධන හා සහනාධාර රාජ්‍ය ප්‍රතිපත්ති සමඟ රටක් දියුණු කිරීම සිහිණයක්ම පමණි.
ආර්ථික වශයෙන් දියුණු රටවල පවතිනා අර්ථ ක්‍රම ගෙඩි පිටින් හිඟන රටකට ඇප්ලයි කරන්න යාම පට්ට විහිළුවකි.
එවා රටට කර ඇති විනාශය දැන් ඇස් පනාපිට ඕනෑම දැත්තෙකුට දැක බලාගත හැකිය.
ආන්ඩුවක් කළ යුත්තේ සහනාධාර සුබසාධන ලබා දී යැපීම් මානසිකත්වයෙන් යුත් හිඟන සමාජයක් බිහි කිරීම නොව. දේශපාලුවන් මෙන් ආර්ථික අතින් ශක්තිමත් ජනතාවක් බිහි කිරීමය.
සෑම දේශපාලුවාම කළ යුත්තේ මිනිසුන් බොරුවෙන් රවටා දැත්තන්ට අන්දවා දැන් වාගේ ඉල්ලාගෙන කන්නේ නැතිව, ජනතාවට සත්‍යය පැවසීමය.
සියල්ලට බදු සහණ දෙනවා කියා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවලට කප්පරක් බදු ගසා කෙලවීම පට්ට විහිළුවකි.
දුප්පත් මිනිහෙකුට පාන් ගෙඩියක් පරිප්පු එක්ක කා ප්ලේන්ටියක් බී හෝ ජීවත් විය නොහැක්කේ මේ අමන ප්‍රතිපත්ති නිසාය.
උන් කප්පරක් පාඩු ලබන ශ්‍රී ලංකන් එයාර් එකේ උන්ගේ පාඩුවද පියවිය යුතුය. රේල්ලුවේ පාඩුවද පියවිය යුතුය. මෙලෝ රහක් නැති මහා සේනාවක් නඩත්තු කරන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උන්ගේ පඩිනඩිද ගෙවිය යුතුය. මේවා සහගහනා අපරාධය.
ඩොලරයටද කළේ ඒ බොරුවය. මහ බැංකුවේ උන්ට හා මේ බොරුව පවත්වාගෙන ගිය උන්ට මෙරට උන් අන්දාගෙන සිටිය හැකි වූවද, ලෝකයා අන්දාගෙන සිටිය නොහැකි බව දැන් ඔප්පු වී හමාරය.
දැන් ඩොලරයට දුන් සහනාධාරයද යම් පමණකට ඉවත් කර ඇත. ඒ ඉන්දියාවේ බලපෑම උඩය. එසේ නොකලේ නම් ඉන්දියාවෙන් ඉල්ලු ණය හම්බ වෙන්නේ නැතිය.
එහෙත් ඊයේද ඩොලර් හුවමාරු වූයේ මහ බැංකුවේ අනුපාතයට ඉහලිනි.
උන්ඩියල් ක්‍රමය තවම පවති.
රටට ඩොලර් අවශ්‍ය නම්, ආයෝජකයෝ අවශ්‍ය නම්, විදෙස් ශ්‍රමිකයින්ගේ සම්ප්‍රේෂණ අවශ්‍ය නම් කළ යුත්තේ,
ඩොලරය පා කර, ඕනෑම කඩයකින් මාරු කර ගත හැකි පරිදි නිදහසේ ඩොලරයට සංසරණය වීමට ඉඩ හැරීමයි.
එසේ කිරීමෙන් හෙංචයියන් පමණක් ගානක් හොයාගන්න බිස්නස් එකත් ජනතාකරණය වී අලුත් බිස්නස් එකකුත් රටට එකතු වීමය.
සංචාරකයින් බහුල ප්‍රදේශවල මේ ක්‍රමය දැනටත් ක්‍රියාත්මක වන බව ආන්ඩුවේ බක පණ්ඩිතයින්ගේ දැනගැනීම පිණිස ලියා තබා මේ පල් හෑල්ලත් මෙතකින් නවතා දමනවාය.
ඒ වගත් මෙසේය..
.



