.

.

Sep 27, 2022

රනිල්ට අත්වන්නේද ඝෝඨාට අත්වූ ඉරණමය.



රනිල්ට අත්වන්නේද 
ඝෝඨාට අත්වූ ඉරණමය.
➖➖➖➖➖➖➖➖▪️

ඝෝඨා රට පාලනය කරන සමයේ, රාජ්‍ය නිළධාරීන් ඝෝඨාට දිරච්ච ලණු දුන් ආකාරයද, ඒවා ඔහු රස කර කර කෑ අයුරුද, ඉන් සිඳුවන්නේ 1970-77 සත් අවුරුදු සාපයටත් එහා යුගටකට රට ඇඳ දමන බවද, අප අනන්තවත් ලියා සිටියෙමු.

එසේම රට ඒ තත්වයට අප හිතුවාටත් වඩා කලින්ම පත් වූයේය. 

ඉන්පසු ඊට එරෙහිව එන විරෝධතා මැඩ පැවැත්විය යුත්තේ කෙසේද? බංකොලොත් රට නැවත ගොඩ ගත යුත්තේ කෙසේද යන්නත් අප අනන්තවත් ලිව්වාට, ඝෝඨා කළේ තව දුරටත් හැම එකාගේම ගුලි ඉල්ලාගෙනම කමින්, ඉසරුජාවට කොට්ට මාරු කරනවාක් මෙන් ඇමතිවරුන් හා අමාත්‍යංශ ලේකම්වරුන් මාරු කිරීමය.

අවසන් වරට ඔහුට අඹරා දුන් ගුලිය වූයේ මහින්ද රාජපක්ෂට හා පෝට්ටු බයියන්ට කෙලවුවහොත්, ඔහුට නැවතත් ජනතාව අතර ජනප්‍රියත්වයක් ලැබ ගත හැකි බවත්, බටහිර කුමණ්ත්‍රණකරුවන්ගේ ආදරය හා අශීර්වාදය ඇතිව දිගටම ජනාධිපති කමේ සිටිය හැකි බවත්‍ය.

ඝෝඨා ඒ ගුලියද නියමෙටම කෑ අතර, අතුකෝරාල මැරුණ එකටවත්, අම්මාගේ තාත්තාගේ සොහොන් හා පිලිම කැඩුවාටවත්, තමා පත්කල ජනතා නියෝජිතයන් හා පාක්ෂිකයන්ගේ නිවාස වාහන දේපල විනාශ කිරීමටත් එරෙහිව කටේ කෙල පිඩක් බිම් නොහෙලීමට තරම් ඔහු පරෙස්සම් වූ අතර, අඩුම තරමේ බේරේ සිටී පාක්ෂිකයන් එලිවන තෙක් මුදාගැනීමටවත් ඔහූට අවශ්‍යතාවයක් නොවූයේ, එය ඔහුගේත් පරම පැතුම වූ නිසාවෙන්මය.

ඔහු ඉන් නොනැවතුනේය. ඔස්ට්‍රේලියාවේ සිටී මහ බැංකුව පිස්සු කෙලින කාළයේම උන් නියෝජ්‍ය එකෙක් ගෙනැවිත් රට බංකොලොත් බව නිල වශයෙන් ප්‍රකාෂ කළේ, ඉන් පසු රටටවත් ජනතාවටවත් ඩයස්පෝරාවටවත් අත්වන ලැජ්ජාව ගැන සත පහක දැණීමක් ඇතිව නොවේ. 

ඔහු තබා බංකොලොත් බවට ප්‍රකාෂ කළ එකාවත් ඊට පසු කන්නට වෙන පරිප්පුව ගැන මෙලෝ අලබෝලයක් නොදැන උන් බව, අද ඔහුගේ මෙන්ම ඊට උඩ ගෙඩි දුන් අමණයන්ගේ ප්‍රකාෂ තුලින් ඉතා හොඳින් පෙනෙන්නේය.

නන්දෙලා දෙදෙනා හා රාජ්‍ය නිළධාරී මාෆියාව එක්ව ඇද දැමූ මේ නරාවලෙන් රට ගොඩගැනීමට ඇති එකම බලාපොරොත්තුව රනිල් වික්‍රමසිංහම පමණි. 

අනෙක් උන්ට මේ ප්‍රශ්ණයෙන් ගොඩ ඒමට තබා, ප්‍රශ්ණය කුමක්දැයි කියන්නටවත් දැණීමක් නැති, අමු හාල්පාරුවෝම බව අටෝරාසියක් ටී වී චැනල් වල යන නරිවාදම් වලින් ඉතා පැහැදිලිව පෙනේ. එහිදි නන්දලාල් වීරසිංහලා මෙන්ම රැට්ටා සහ දමිතලාද ඉන්නේ එකම බෝට්ටුවේය.

එහෙත් රනිල්ට රට ගොඩ ගැන්මට පවතින නිළධාරී මාෆියාව හා හූනියන් මාෆියාව ඉඩ දෙයිද?

මාතලන් යකා ට අනුව නම් රනිල්ට අත්වන්නේත් ඝෝඨාට අත් වූ ඉරණමමය. ඝෝඨා වසර දෙකහමාරක් පමණ අල්ලාගෙන සිටියද, රනිල්ට එතරම් කාලයක් හෝ සැහැල්ලුවෙන් බලය ගෙනයාමට කිසිඳු ඉඩක් මේ මාෆියාවන් ලබා දෙන්නේ නැත. ඔහුට බලයේ රැදී සිටමට නම්, දරුණු ඝනයේ සංහාරයකට යාමට අනිවාර්‍යයෙන්ම සිඳු වන්නේය.

මහ බැංකුවේ අධිපති මෙන්ම මාෆියාවන්ද කටයුතු කරමින් සිටින්නේ ඒ වෙනුවෙන්‍ය, අධිකරණය හා ජඩමාධ්‍ය සියල්ලම සිටින්නේ රනිල්ට එරෙහිවය. 

වැඩක් කළ හැකියයි සිතූ කංචනට අද අරින්නේ බටර් නැතිවය. වැඩක් කරන්නට අදහසක් හෝ ඇති ඩයනා ගමගේ ජඩමාජ්ජවේදීන් විසින් රාත්‍රියේ ගංජා ගසමින් සැරිසරන ගනිකාවක් කර අවසානය. 

උන් ටුවරිසම් ගොඩ ගන්න යන්නේ දියත උයනේ සිට කොටුවට සයිකල් පැදලාය. දියත උයන පැත්තේ ඉන්න සුද්දෝ මෙහේ සංචාරයට ආ උන් නොව, ඒ පැත්තේ පදිංචි උන් බවවත් නොදන්නා නිළධාරින් හා සමඟ එක්ව සුද්දන්ට සයිකල් පදින්න දීලා මේ රට ටුවරිසම් වලින් ගොඩ ගන්න හිතනවා නම්, ඩයනාට තියෙන්නේ අංගොඩ ඉස්පිරිතාලේ ඇඳක් වෙන්කර ගන්නා එකය.

නොරොච්චෝලේ කරච්චලේ ආයෙත් කැඩිලාය. ඒ කාළේ කතාවුනේ ඕක බ්‍රැන්ඩ් නිව් එකක් නොව, කොහේ හෝ සවිකරලා තිබ්බ සෙකන්ඩ් හෑන්ඩ් එකක් කියලාය. රාජපක්ෂලා හා ඒ උන් හොරු කණ්ඩායමේ වැඩකිඩ අනුව කතාව ඇත්ත වෙන්නත් ඇතිය. ඉතින් ඒක හැමදාම කැඩිලාය. හැමදාම හදනවාය. දිගටම වැඩ කරනවාට වඩා කැඩුනාම හැම එකාටම වාසිය. මේවාට යන මේන්ටේනන්ස් කොස්ට් ගැන එකෙක්ටවත් වගේ වගක් නැතිය.

හැමදාම නොරොච්චෝලේ කැඩුනාට, ජලාශවල වතුර ටික හෝල්සේල් ඇරියාට, ලයිට් කපන්නට වෙන්නේ නැතිය. ඒ කොළඹට අවශ්‍ය සප්ලැයි එක දෙන්නට විදුලි ඉංජිනේරුවන් හා හූනියන් කාරයන්ගේ කොම්පැණි සතුව ඩීසල් විදුලි බලාගාර තිබෙනා නිසාය. දැන් ඒවායෙන් විදුලිය ලබා ගැන්මට කංචන අයියාටත් සිඳුවී අවසානය. අයියා කිව්වේ එයා අයියා පාට් එකෙන් උන් නිසාත්, රටේ සැවොම ඊට කැමැත්තෙන් සිටී නිසාත්‍ය.

එහෙත් ඒ සටනින් මාෆියාව ජයගෙන අවසානය. ඇත්තටම කංචන ගැනත්, රනිල් ගැනත් අපට මාරම දුකය. එයාලා මේ මාෆියාව ගැන වගේ වගක් නොදැන උන් බව ඉතා පැහැදිලිය. විදුලි බල මණ්ඩලයේ මෙන්ම තෙල් සංස්ථාවේ අකටයුතුකම් බොහෝ හෙලිදරව් කලද මාෆියාව අද ජයගෙන අවසානය. දෙන්නාටම ඇරියේ කරකවලාය.

▪️පුනර්ජනනීය බලශක්තිය ගැන කිසි කතාවක් නැත. අදානි එනවාද නැද්ද කියා එකෙක්කත් දන්නේ නැතිය.

▪️සාම්පූර් සැමට අමතකව ඇත. ඒකට යහපාලනය කෙලියේය.

▪️කෙරවලපිටියේ පටන් ගන්නට ගිය LNG බලාගාරයට ඝෝඨා කෙලියේය. ඔවුන් නොමිළේ තවත් බලාගාරයක් සපුගස්කන්දේ ඉඳිකිරීමට යෝජනා කර තිබින. සපුගස්කන්ද බෙරගනියෝ කියා ඒකට කෙලලා ගොම්මන්පිලයා අන්තිමේ සපුගස්කන්ද වහලාම දැම්මේය.

▪️දැන් ඉතා පැහැදිලිව පෙනෙන කරුණ නම් විදුලි මාෆියාව හා ඉන්ධන මාෆියාව එකම මාෆියාවක් බවය.

බොරතෙල් හෝ ඉන්ධන ඕඩර් කරන්නේ ඇමතිවරයා නොවේ, ඒවා ගෙන්වීමට පෙර පරීක්ෂණ පවත්වා අන්මැතිය දෙණු ලබන්නේ ඇමතිවරයා නොවේ. ඒ සියල්ල කරනුයේ නිළධාරීන් විසිනි. එහෙත් දැන්.... 

▪️බොරතෙල් වල සල්ෆර් ප්‍රතිශතය වැඩි යැයිද,

▪️ඒ නිසා ඒවා කැළණිතිස්සටවත් කොහේටවත් වැඩක් නැති යැයිද, 

▪️ඔක්ටේන් ප්‍රමාණය අඩු බැරල් මහා ප්‍රමාණයක් නිකරුනේ යැයිද, 

▪️ඒවා නෝමල් කිරීමට ඔක්ටේන් 95 ගේන්නට ඕනෑ යැයිද්,

▪️බැරල් එකකින් ඩොලර් 30 ක ලාබයක් ලැබුවා යැයිද, 

▪️වංචාව කෝටි ගානක් යැයිද, 

▪️ගෙන්වූ සමාගම දී ඇත්තේ බාල බොරතෙල් තොගයක් යැයිද කියා....

චෝදනාව එන්නේ ඇමතිවරයාටය.

මීටාමතරව ගල් අඟුරු ආනයන ක්‍රියාවලියටද ගේම ඇද අවසානය. 

ඒ වෙනුවෙන් උසාවියට ගිය වුන් හා විදුලි මාෆියාව අතර ඇති සංසර්ගික සම්බන්ධතාවය ගැන නොදන්නා උන් පොලිටික්ස් වල ඉන්නවා නම්, උන් මේ ගේමෙන් දැන්ම ඉවත්ව යනවා නම් ඒක රටටත් ජනතාවටත් කරනා විශාල සේවයක් වෙනවාය. මන්ද උන් උගුරට හොරා බෙහෙත් ගිලිනා කම්බා හොරු නිසාය. උන් මේවා ප්‍රසිද්ධියේ ප්‍රකාෂ කිරිීමට තරම් කෂේරුකාවන් නැති අමු ගොබ්බයෝය.

⭕ බොරතෙල් වල තත්වය එසේ නම්, පිරිපහදුවට පෙර ලැබෙන්නේ මෙවන් නිශ්පාදන බව කීමට ඕවායේ ඉන්න උන්ට කීමට නොහැකි වූයේ කෙසේද?

⭕ ගෙන්වන විටම මේවා පිරිපහදුවට නොගැලපෙන බොරතෙල් බව නොකීවේඇයි?

⭕ කරුමය කියන්නේ ඇමතිවරයා මේ පිළිබඳව කිසිවක් නොදන්නා මුත්, මේ සියල්ල ගැන ඉතා හොඳ අවබෝධයක් මෙන්ම සියළු දත්තයන් මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා සතුව පවතිනුයේ  ඔහුද මාෆියාවේ ගොඳුරක් වී ඇති නිසාවෙන්ද?

ඔහුගේ ඉතිහාසය අනුව ඔහු එසේ නොවී සිටිමට කිසිඳු හේතුවක් ඇත්තේද නැති බව කියා සිටිය යුතුමය. පෞද්ගලික ඩීසල් බලාගාර ගැන උන්නැහේට තිබුනේ ලේසී පාසු අමාරුවක් නොවේය.

කෙසේ හෝ මෙවන් නිළධාරීන් හා මාෆියාවන් සමඟ මේ රටට කිසිඳු අනාගතයක් නොමැති බවත්, සිංගප්පූරුවේ කලාක් මේ රාජ්‍ය නිළධාරී මාෆියාවට කෙලිය හැකි එකම ක්‍රමය මේ හොරකම දූෂණය වංචාව පිරි රටේ ධනය කබාසීනියා කරණ ආයතන සියල්ල වහාම පෞද්ගලීකරණය කිරීම බවත්, මේ ආන්ඩුවත් ඒවා කිරීමට තබා සිතීමටවත් කොන්දක් නැති පාන්ඩුවක් බවත්,

රනිල්ලා, කංචනලා, ඩයනලා එලවා දමන්නේ අරගලකාරයෝ නොව, මේ මාෆියාවන් විසින් බවත් ලියා තබා, මේ පල් හෑල්ල මෙතනින් නවතා දමනවාය.
.
.
ඒ වගත් මෙසේය.... 
.
© Priyantha Hewage Maathalan

Sep 26, 2022

අරගලයේ දෙවන නැගිටීම..

 


අරගලයේ දෙවන නැගිටීම..

➖➖➖➖➖➖➖➖➖▪️


ඒක අනුර සහෝදරයා පෙරට්ටන්ගෙන් බාර ගත්ත නිසා, දැන් රනිල්ටවත්, පෝට්ටු බයියන්ටවත්, පොඩ්ඩක්කත් බය වෙන්න ඕන නෑ.


එයාලගෙ හෙල්මට් බලකායත් දැන් ෆුල් නෝන්ඩි නිසා, ඒ වැඩේ ප්‍රමෝට් කිරිල්ල එයා අකුරැස්සෙ කතාවෙදි නවත්තලා, ඒක හරියන්නේ නෑ කියනවා.


ෂේප් එකේ කියන්නේ, ප්‍රචන්ඩත්වයෙන් මේ පෙරලිය කරන්න බැරියෙයි කියනෙක. මොකෝ පොර දැනගත්තා, යාලු මිත්‍ර කම් පැත්තක තියලා, ටූ නෝටී වෙන්න ගියොත්, රනිල් සිද්ධාලෙප අසමෝදගම්, සිද්ධාර්තේ ගාන්නම දෙනවා කියලා.


ෆොන්සේකා ඇමරිකන් බයිලා ගැහුවට, හමුදාවේ පොලීසියේ ලොක්කෝ දන්නවා උන් ගැන රනිල් බලාගන්නවා කියලා. ඒ නිසා දේශබන්ධුලා, කිරි බෙදන්න, ලී කෙලි නටන්න පොඩ්ඩක්කත් බය නෑ.


ඉතින් දැන් සඕදරයෝ ගේම දෙන්න යන්නේ සන්ධානගත වෙලාලූ. මේ තියෙන්නේ... සංධානගත වීම. ගෝල්ෆේස් එකම පුරවලත් ගත්තු ප්‍රමාණේ අපි දැක්කා නේ. ඔරිජිනල් ජෙප්පො ඕකෙන් හැලුනේ ජාතික ජන බලවේග විගඩම නිසා. 


ඒක අටව ගත්තේ ලුම්පන් පන්තියයි, නව මැද පන්තියයි අල්ලගන්න. ඒක එයාලට කරන්න ලැබෙන්නේ නෑ. උන්ව අන්දන එක සජිත් ප්‍රේමදාස ඉතා සාර්ථකව කරගෙන යනවා. ඒ නිසා දැන් සජිත්ටත් නැතිවෙන්න ගහනවා. එයත් හොරාලූ. යහපාලන කාළේ හොරා කෑවලු.


හදුන් කියන විදියට, දයාසාන්තලා එයාට කියනවලු, කා එක්ක එකතු වෙලා හරි බලය ඉස්මනට ගන්නෙයි කියලා. ඒ උනාට එහෙම බලේකින් එයාලට වැඩක් ඇත්තෙත් නැතෙයිලූ.


ඉදින් සංසාරෙදි එයාලට ආන්ඩු පිහිටන්නවත්, බලේ ගන්නවත් ලැබෙන්නේ නෑ. එහෙම ගන්න වුවමනාවකුත් නෑ. 


එයාලට අවශ්‍ය, එයාලගෙ වහල්ලුන්ගේ පුප ටියුන් කරලා, ඊළඟ චන්දෙනුත් එකෙක් දෙන්නෙක් ආයේ දියවන්නාවට දාගෙන, එයාලගෙ දේශපාලන ව්‍යාපාරය (බිස්නස්සෙක) දිගටම කරගෙන යන්න.


ඇයි ඕයි කිසිම දෙයක් නොකර, කරන්න හදන හැම දේටම කොක්ක ඇද ඇද, ඔහොම හොඳට කාලා බීලා කිසි වගකීමකුත් නැතුව, පට්ට ආතල් එකේ ඉන්න පුලුවන් කම තියෙද්දි,


බලේ අරගෙන ඝෝඨලා රනිල්ලා වගේ පුපේ ටින්කිරි ගාගෙන නහින්නෙ පිස්සුවටෙයි අම්මපා...


හා නැද්ද මං කියන්නේ...


.

Sep 22, 2022

සනත් නිශාන්ත බුක් ෆෙයාර් යාම

 



සනත් නිශාන්ත බුක් ෆෙයාර් යාම

➖➖➖➖➖▪️▪️➖➖➖➖➖➖


සනත් නිශාන්ත පොත් ප්‍රදර්ශණයට යාම මාතලන් යකා ට අනුව නම් සංඛේතීය වැදගත් කමක් සහිත එකක්.


ඒක රනිල් වික්‍රමසිංහ බුක් ෆෙයාර් එකට ගියාට වඩා වටිනාකමක් සහිත එකක්. මොකෝ රනිල් කියන්නේ කොහොමත් පොත් ගුල්ලෙක්. එයා ඔතනට හැමදාම ගියා. මෙවර විශේෂත්වයකට තියෙන්නේ රටේ නායකයා විදියට එතනට යාම. 


දැන් රනිල් විතරක් නෙමේ සජිතුත් අනුගමනය කරන්නේ මහින්ද රාජපක්ෂ ෆිලෝසොෆිය. ඒක වෙනම කතා කරන්න ඕන විශයයක්. මහින්ද රාජපක්ෂ කියන්නේ සංස්කෘතියක් කිව්වේ අපි නෙමෙයි. අනුර කුමාර දිසානායක සහෝදරයා. මහින්ද තමයි ලංකාවේ මුල්ම සෙලබෙරටි පොලිටික්කා. ඒ කැරිස්මා එක වෙන එකෙක්ටවත් නැති වුනාට. හැමෝම දැන් ඒ රෝල් එක කරන්න ෆුල් ට්‍රයි.


අමුතු සත්තු ජාතියක්‍ය, ටොයියොය, ප්‍රබුද්ධ අයය කියලා හිතන, රෝන්ග් ජෙනරේෂන් එක හා ඔවුන් වන්දනා කරන සිවිල් පොරවල් සනත් නිශාන්තලා හඳුන්වන්නේ නූගත් පාදඩ මැරයෝ ලෙස. 


උන් සනත් නිශාන්තට කින්ඩිය දාන්නේ පණු කරඳ දේවානිගේ ඔක්සිජන් ප්‍රශ්ණය අල්ලගෙන. නමුත් මේ බුද්ධිමතුන් දන්නේ නෑ කාන්තාරයෙත් ඔක්සිජන් තියෙනවා කියලා. එයාලගෙ දැණුම ඒ තරම්.


සනත් නිශාන්ත නූගත් පාදඩ මැරයෙක් නම්, අරගලයේ ඉදිරිපෙල උන්නෙත්, අන්තරේ හා ජවිපෙත් ඉන්නේ ඒ ජාතියේ උන්මයි. මම නම් සනත් නිශාන්තගෙ හැසිරීමයි, ජගත් මණුවර්ණගෙ හැසිරීමයි අතර කිසිම වෙනසක් දකින්නේ නෑ. 


උන් අදටත් බේරේට මිනිස්සු දාපුවා, නිවාස වහන දේපල ගිනි තියපුවා නෙමෙයි, ඝාතනත් සමරන්නේ උත්කර්ෂයෙන. ඒ ගැන කිසිම කම්පාවක්, පසුතැවීමක්, උන්ට ඇත්තේ නෑ.


අනික් අතින් ඔය පොත් කියවන පොත් ප්‍රදර්ශනයට ඇවිත් ප්‍රදර්ශන භාන්ඩ වෙන පොත් ප්‍රාකාශකයො, ලේඛකයෝ, කියලා අනික් අයට වඩා උසස් කියලා පෙන්නන්නපොත් එක්ක සෙල්ෆි ගහලා දාන පිරිස්, රනිල් වික්‍රමසිංහගේ පුස්තකාලේ ගිනි තියපු වෙලාවේ ලියපු කියපු දේ හොඳින් නිරීක්ෂණය කල කෙනෙක් විදියට, දැන් රනිල් එක්ක හැසිරෙන, ලියන කියන හැටි දැක්කාම මගේ පුප නොනවත්වා හිනා වෙනවා.


ඒක අර පාස්ටර් වන්දනාවයි, ඥානක්කා වන්දනාවයි අතර ලැදියාව වගේමයි. මාර ලොල් සහගතයි.


ඉදින් මෙයාලා පොත් කියෙව්වා කියලවත්, පොත් ප්‍රකාෂයට පත් කලා කියලාවත්, පොත් ලිව්වා කියලවත්, පොත් ලියන අය එක්ක සෙල්ෆි දැම්මා කියලාවත්, පොත් වල පොටෝ දැම්මා කියලාවත්, එයාලා සමාජයේ වෙනස් පිරිසක්කත්, උසස් පිරිසක්කත් නෙමෙයි.


ඉදින් තමන්ගේ පිරිස් අතර සනත් නිශාන්තත් ඉන්නවා දකින්න ලැබුනාම, මට නම් ලැබුනේ හොඳ පොතක් කියවලා ලබන රසයටත් වඩා රසයක්.


මුන් ඔක්කොම හොඳ පොත් කාරයෝ මල්ලී.

.

Sep 20, 2022

බෝනගේන් ලිබරල්කරණය කිරීම.

 


බෝනගේන් ලිබරල්කරණය කිරීම.

➖➖➖➖➖➖➖➖➖➖➖➖▪️


බෝනගේන් කියන්නේ අපි සුළුවෙන් හිතලා කින්ඩියක් දාලා මාරුවෙන්න ඕන එකක් නෙමේ.. ඒක අති දරුණු මාෆියාවක්.. අන්‍යාගමීකරණය කියන්නේ බිස්නස් එකක්.. එහෙම අලුතෙන් බඳව ගන්නා පිරිස දුප්පත්කම වෙනුවෙනුත්, ආගමික අන්තවාදය හේතුවෙනුත් ඕනම දෙයක් කරණවා. හොඳම උදාහරණය පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ පිරිස.


ඒත් බෝනගේන් එකේ දැනට තියෙන එකම වාසිය, එය ජිහාඩ්කරණය තරම් දරුණු කල්ට් එකක් නොවීම පමණයි.. ඒත් මේකේ කෙලවර මොකක්ද කියන්න අපි දන්නේ නෑ.. මෙයින් එකෙක් මේ මොහොතේ ආන්ඩුවට එරෙහිව ජිනීවා ගිහින් ඉන්නවා කියනෙකත් අමතක කරන්න එපා..


කොහොම හරි යටත් විජිත යුගයේවත් කර ගන්න බැරි වෙච්චි දෙයක් උන් කිසි අවුලක් නැතිව ප්‍රබුද්ධත්වයකුත් ආදේශ කරගෙන යනවා කියන්නේ, ඒක උන්ගේ දක්ෂතාවයක්.

දැන් උන් ප්‍රසිද්ධියේම රඟනවා.


මේක බූවල්ලෙක් වගේ සෑම ක්ෂේශ්ත්‍රයක්ම ආක්‍රමනය කරලා ඉවරයි. එයාලා රටේම බලය අල්ලන්න ගිය එක වැලකුනේ, පොහොට්ටුවේ දේශපාලන ක්‍රියාදාමය හේතුවෙන්. රනිල් නායකයා නොවෙන්න ඒක සිඳුවෙනවා.


මේවට විරුද්ධව ජවිපෙවත් පෙරට්ටොවත් සද්දයක් නැත්තේ ඇයි කියනෙක එක නම්, දේශපාලනය ගැන අබ මල් රේණුවක මොලයක් තියෙන එකෙකුට පහසුවෙන්ම තේරුම් ගන්න පුළුවන්.


දේශපාලන නායකත්වය දැන් තියෙන්නේ සජිත් ජලනි බලවේගය තුල. රාජපක්ෂ බයියෝ ගෝල්ෆේස් එකේ උන්ට ගහන්න එනකොට සජිත් කළබල වෙලා මොහොතක් යන්න කලින් එතනට එන්නේ එරාන් වික්‍රමරත්නයි, දොස්තර ජයලත් ජයවර්ධනගේ පුතා වෙන කාවින්ද ජයවර්ධන එක්ක. 


අරගලේ මේන් රෝල් එකක් කරපු බෝනගේන් නායකයෝ දෙන්නෙක් ඒ. අරගලය පුරාම පාදිලියොයි, කන්‍යා සොයුරියොයි, කුරුස පෙරව ගත්ත උනුයි වැහි වැහැලා උන්නේ ඒකයි. ජෙහාන් කුරුසයක් උස්සගෙන එන්නේ නිකං නෙමෙයි. උන් ජනාධිපති ලේකම් කාර්‍යාලයේ කුරුසයකුත් හයි කරලා ඉටිපන්දම් පත්තු කරලා එතනත් බෞතීස්ම කරා. අපි නගපු විරෝධය හමුවේ තමා ඒක ඉවත් කර ගත්තේ. හැබයි උන් වෙසක් කූඩුවත් කළු පාට කලා.


එතකොට සිංහල බෞද්ධ නායකත්වය පැවිදි පාර්ෂවයෙන් දරන්නේ ඕමල්පේ සෝභිත. එයා සිංහල බෞද්ධ බලවේගය ඉවරයි කියලා සතුටු වෙන්නේ ඒකයි.


කලාකාරයන්ගෙන් සුනිල්ලා, නන්දා මාලනිලා අල්ලලා ගොඩාක් කල්. ක්‍රිස්තු චරිතය හැදෙන්නේ ආතල් එකට කියලා කවුරුන් හෝ හිතනවා නම්, හීනියට ඉසකුඩිච්ඡියක් දාගත්තට අවුලක් නෑ. නෙලූ අධිකාරී හරහා වික්ටර් රත්නායකත්, ෂෙහාන් මිහිරංග හරහා නව පරපුරත් අලුතෙන් බිහිවෙන තරුත් බාලා ඉවරයි.


ක්‍රිකට් වලට මේක ගේන්නේ සංඝා වුනාට, පාලක මණ්ඩලයේ උපරිම සහාය යටතේ, ටීම් එකම බෞතීස්ම කරන්නේ මැතිව්ස්. මැතිව්ස් සාපයක් කියන්නේ ඒකමයි. මෙයාලගෙන් ආව කැපිල්ලෙන් බේරෙන්න භානුකත් ඒකේ ගොඳුරක් වෙන්නැති.


කොහොම හරි හැම ආගමකම, දර්ශණයකම බිස්නස් එක වැඩි කර ගන්න කරන දෙයක් තමා ජනප්‍රිය චරිත ඊට ගොඳුරු කර ගැනීම. ඒක win win game එකක්. දෙපැත්තටම එක වගේ වාසියි. ඒකට ගොඳුරු වුනේ භානුකල වික්ටර්ලා විතරක් නෙමේ, නීල් ආම්ස්ට්‍රෝන්ග්, මොහොමඩ් අලී පවා ඒ ගේම් වල ගොඳුරු.


ඇයි මුන්ට බැරි ක්‍රිකට් බින්දුවක්වත් බැරි එකෙක් ස්කොඩ් එකට දාලා මැච් දිනවන්න. ඇත්ත කතාව මේ ක්‍රිඩකයන්ට පුලුවන් ක්‍රීඩාව පමණක් වීම. මේ පෙලහර පාන්නේ තමන් ලත් පුහුණුව කැපවීම හා කැපිලි කෙටිලි මැදින් ආ අප්‍රතිහත ධෛර්යය නිසාය කියනෙක තේරුම් ගන්න ඔවුන්ට බුද්ධියක් නැති කම නිසා.


මොකා මොන බයිලා ගැහුවත්, සියළුම ආගම් හා ඇඳහීම් කියන්නේ මිත්‍යාවන්, මොකෝ පරම සත්‍යය කියලා දෙයක් මේ වෙන තාක් සොයාගෙන නැති නිසා. එහෙම හොයා ගන්නත් කිසිම දවසක බෑ. හේතුව විශ්වය කියන්නේ මොහොතින් මොහොත වෙනස් වන තැනක් නිසා.


මිනිසුන් ඔය සරළ සත්‍ය තේරුම් නොගන්නා තාක් කල්, මුනිවරුන්ට, දෙවිවරුන්ට, ඒවායේ නියෝජිතයින්ට ඉතරක් නෙමේ දාර්ශනිකයින්ට පවා හොඳ ඉල්ලුමක් ලෝකේ පුරාම තියෙයි. ඒ වෙනුවෙන් මිනිස්සු මරා ගනියි, ලේ ගංඟා ගලයි, රට රාජ්‍ය නැතිවෙයි.


හැබයි පූජකයෝ ටික එලොවත් මෙලොවත් ස්වර්ගයේ ජීවත් වෙයි.


ආ.... මේන්..

.

Sep 16, 2022

ඩයනාගේ නිශාචර සමාජය


 

ඩයනාගේ නිශාචර සමාජය

Diana Gamage's Nightlife 

➖➖➖➖➖➖➖➖➖


ඩයනා ගමගේ මා ඉතා ප්‍රියකරන දේශපාලන චරිතයකි. ඒ ඇය දැක්මක්, දැණුමක්, පරිචයක් ඇති ව්‍යාපාරික කාන්තාවක් වීම හේතුවෙනි. බැසිල් විසින් ඉදිරිපත් කරන ලද අයවැය අලලා පැවති විවාදයේදී ඇය දැක්වූ කරුණු නිසි ලෙස ක්‍රියාත්මක කරන්නේ නම්, මේ රට ගොඩගැන්මට ඒ හොඳටෝම ඇතිය.


එහෙත් තම පිලේ එකෙක් නොවීමේ හේතුවෙන් හෝ කුමන හෝ හේතුවක් මත, රාජපක්ෂ පාලනයෙන් ඇයට ඒවා ක්‍රියාත්මක කිරීමට තබා, ඒ යෝජනා ගැන කතා බහක් හෝ ඇති වූයේ නැත. ඒ මේ රටේ තුච්ඡ දේශපාලන ක්‍රමයේ හැටිය. වැඩ බැරි නායකයෝ වැඩක් කළ හැකි එකා නැත්තටම නැති කරනාතර, වැඩක් කළ හැකි එකා නැති කරලාම දමන්නේය. ප්‍රසන්න රණවීර ඊට දිය හැකි හොඳම උදාහරණයයි. 


ඒ දේශපාලන සංස්කෘතිය කඩාගෙන ගිය දෙදෙනෙකු වූයේ රණසිංහ ප්‍රේමදාස හා මහින්ද රාජපක්ෂය. එහෙත් ඔවුන් බලයට පත් වීමෙන් පසු ඔවුන් විසින් අනුගමනය කළේද අර ක්‍රමයමය.


කුමනාකාරයේ විවේචන තිබුනද, මොවුන් දෙදෙනාගෙම පාලන කාළයන් තුල ආර්ථිකයේ පිබිදීමක් ඇති වූ බව නොරහසකි. එය බොරු යැයි කීමට කිසිවකුටත් නොහැකිය.


එහෙත් මේ අවස්ථාවේ රිගේනින් ශ්‍රී ලංකා ක්‍රියාත්මක කිරීමට පැමින සිටින රනිල් වික්‍රමසිංහයන් විසින් ඩයනා ගමගේට සංවාරක රාජ්‍ය අමාත්‍ය ධූරයක් පිරිනැමීම අගය කළ යුතුය. 


ප්‍රභූ සමාජයේම නියෝජනයක් වන හරීන් වැන්නකු කැබිනට් අමාත්‍යධූරයේ සිටීම තවත් වාසනාවකි. දැන් ඇත්තේ ඔවුන්ගේ වාරයයි. සාම්ප්‍රදායික මත දරණ, අපේ හිඟන සංස්කෘතිය පමණක් විකුණාගෙන කෑමෙන් සංචාරක ව්‍යාපාරයෙන් ගොඩ එත හැකියයි සිතනා ගොබ්බ අමාත්‍යංශ නිළධාරින් හා සමඟ මේ ව්‍යාපාරය ගොඩගැනීම දැන් ඔවුන් හමුවේ ඇති අභියෝගයයි.


රාත්‍රී 10.00 පසු සල්ලි වියදම් කරන්න නයිට් ලයිෆ් එකක් හෙවත් "නිසාචරයින්ගේ  සමාජයක්" නොමැති බවට ඇය කළ ප්‍රකාෂය මේ වන විට සමාජයේ කකතාබහට ලක් වී ඇත. 


ඇත්තටම Nightlife කියා නිර්මචනය කරන්නේ කුමක්ද? 


සරළවම කිවහොත් ඉන් අදහස් වන්නේ, වැඩිහිටි නිශාචරයින් ඉලක්ක කොටගත් කාමසුඛල්ලිකාණූයෝගී ජීවීන රටාවකට අවශ්‍ය අවස්ථාවන් හා ස්ථානයන්ගෙන් පරිපූර්ණ වූ කල්ට් එකකි. මෙවන් පිරිස් හැදින්වීමට ඉන්ගිරිසියේ භාවිතා වන්නේ Night Owls ලෙස වූවත්, අපිට "නිශාචරයින්" යනුවෙන් එක වචනයක් ඇත


එහෙත් නයිට් ලයිෆ් කිව්වාම අපේ ගොබ්බ සමාජය හිතන්නේ රාත්තිරියේ හැමිනෙන එක විතරෙයි කියලාය. ඇත්තටම නයිට් ලයිෆ් කියන්නේ එය නම්, ලංකාවේ ඕනෑම ප්‍රදේශයක, ඕනෑම තරු පන්තියේ හෝටලයේ සිට සාමාන්‍ය හෝටලය දක්වා ඒවායේ අඩුවක් නැති බව සබ්ජෙක්ට්ටෙකේ ඉන්නා ඕනම කෙනෙක් දන්නවාය.


අනික අපේ රටේ නොව සංචාරක ව්‍යාපාරය පවතින ඕනම රටක, ඕනම වේලාවක, ටැක්සි රියදුරන් හා ඩෝර්මන්ලා මෙන්ම සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ සෑම සේවකයකුම සැදී පැහැදී ඉන්නේ මේ ව්‍යාපාරයේ ඒජන්තලා ලෙස සේවය සැපයීමටය. 


එමෙන්ම සංචාරක  ව්‍යාපාරය පිළිබඳ බොහෝ අය නොදන්නා කරුණක් වන්නේ, ගණිකාවන් පමණක් නොව, බීච් බෝයිස්ලා මෙන්ම හෝටල් සේවකයින්ද සිටින්නේ කාන්තාවන්ගේ මනදොල සපුරාලීමට බවයි. කාළයක් ලංකාව පිරිමි ළමා ගනිකාවන් සොයා එන ළමා අපචාරකරුවන්ගේ (pedopiles) පාරාදීසයක්ව තිබුනද, සංචාරක සේවයේ නියුතු අයගේ මැදිහත්වීමෙන්ම එය නැතිකර දැමීමට සමත් විය.


එහෙත් නයිට් ලයිෆ් යන්නෙන් අදහස් කෙරෙන්නේ එයම නොවේ. කාමසුඛල්ලිකාණූ ජීවිතයක් යනු හැමිනීමම පමණක් නොවේ. ඊට සංගීතය, මත්පැන්, මත්ද්‍රව්‍ය, ආහාර හා රංගනයන්ද අයත් වේ. ඕමාර් ඛයියාම්ගේ දර්ශණය යනු එයයි. එය පුරුෂ මූලිඛ අරුතෙන් ඉදිරිපත් වී තිබුනද, දැන් එය යුනිසෙක්ස් කර ගත යුතුව ඇත.


ඒ සඳහා රෙස්ටුරන්ට්, ස්ට්‍රීට් ෆුඩ්, නයිට් මාකට්, පබ්, බාර්, නයිට්ක්ලබ් (ඩිස්කෝ), කැබරේ, සංස්කෘතික සංදර්ශණ, සිනමා ශාලා, රංග ශාලා යන සියල්ල අවශ්‍ය වේ.


මේවා සංචාරකයින්ට පමණක් ඉලක්ක කරගෙන ඊට සීමා විය යුතු නැත. එය දේශීය නිශාචරයින් සඳහාද වෙන් විය යුතුය. දැනටත් එවන් ස්ථාන කොළඹ නගරයේ කිහිප තැනක ඇතත් (කොටුව හොස්පිටල් ස්ට්‍රීට්, මැරයින් ඩ්‍රයිව්) ඒවා සමාජයේ එක් ස්ථරයකට පමණක් සීමා වී ඇත. එය පිරිස ඉතා සුළු පිරිසකි. 


මෙම පිරිස වැඩි වීමට නම්, රටේ ආර්ථිකය යහපත් තත්වයක පැවතිය යුතුමය, මධ්‍යම පන්තිය ප්‍රසාරණය වන්නේ එවිටය. එහෙත් ඩයනලා රටේ නයිට් ලයිෆ් හදන්න යෝජනා කරද්ද, නන්දලාල් වීරසිංහලා කරන්නේ, ඒවාට යන එන උන් ටිකද රට හැර යාමට සැලැස්වීමේ ක්‍රියාදාමයකි.


රෑට පාරවල්වල ලයිට් නැත. ලයිට් බිල් අහස උසටය. නයිට් ලයිෆ් පිරි ප්‍රදේශ අඳුරේ තිබිලා ඵල නැත, එවා නියොන් ලයිට් වලින් පිරි සුරංගනා ලොවක් මෙන් තිබිය යුතුය. රෑ නමයෙන් පස්සේ මත්පැන් බෝතලයක් ගන්නට නැත. රෑ 12 පස්සේ රෙස්ටුරන්ට් එකකින්වත් බෝතලයක් ගැනීමට නැත. ගණිකා නිවාස පමණක් නොව Spa ද පොලීසියෙන් වටලති. ගංජා සුරුට්ටු සම්පූර්ණයෙන්ම තහනම්‍ය.


ඇත්තටම 1977 පසු ගාලූ පාරේ බම්බලපිටිය කොල්ලුපිටිය අවට මෙවන් ප්‍රදේශයක් ගොඩනැගෙමින් පැවතින. එහෙත් 1983 කළු ජූලියත් සමඟ එය නැත්තටම නැතිවී ගියත්, නැවතත් එය කෙමෙන් කෙමෙන් ගොඩනැගෙමින් පැවතීම සතුටට කරුණකි. එමෙන්ම හික්කඩුව, මීගමුව හා උණවටුන ප්‍රදේශයේ පාරේ වාහනයක් යාමට නොහැකි තරමට නිශාචර සමාජයක් ඒ කාළයේ තිබින.


ඒ කාළයේ ඉතා ජනප්‍රියව පැවති රාත්‍රී 9:30 සිනමා දර්ශණය නැත්තටම නැතිවී සිනමාවට හෙන ගහලාම ගියේ 88/89 භීෂණයත් සමඟිනි. වේදිකා නාට්‍ය ක්ෂේශ්ත්‍රයටද අත් වූයේ එම ඉරණමමය. ඒ තබා නිවසක රාත්‍රී විදුලි පහණක් දැල්වීම, මරණ දඬුවම ලැබෙන වරදක් විය.


එයින් රාත්‍රීයේ පැවති පොදු මගී ප්‍රවාහණ සේවාවාන් නැත්තටම නැති වී ගියේය. මිනිස්සු රූපවාහිනියේ සෝප් ඔපෙරාවලට කොටු විය.


එමෙන්ම පොදු ස්ථානවල මත්පැන් පානය හා දුම්පානය නවතා දැමීමද නිශාචරයන්ගේ සමාජයට විශාල බලපෑමක් කළේය. එමෙන්ම කාර්‍යාල වේලාවන් මෙන්ම සාප්පු හා ෂොපින් කම්ප්ලෙක්ස් විවෘතව තබන වේලාවන්ද මේ සඳහා විශාල බලපෑමක් කරනු ලබන්නේය.


ඇත්තටම නිශාචර සමාජයක් ඇති කිරීම සඳහා රජයට සතයක් වත් වැය වන්නේ නැතිය. කළ යුත්තේ ප්‍රතිපත්ති සකස් කිරීම පමණි. දේශීය මෙන්ම විදේශීය ආයෝජකයන් අනෙක් සියල්ල පරිපූර්ණ කරණු ඇත.


මේවා මහා විප්ලව නොවේ.


අවශ්‍ය වන්නේ,


කොන්දක් ඇති දේශපාලන නායකත්වයන් පමණි.


එවන් කොන්දක් හරීන්ට මෙන්ම ඩයනාටද ලැබේවා යන්න අපේ අවංක පැතුමය.


.

Sep 13, 2022

ජරා ගැහැණුන්, ඇතුලට දැමීම හා එලියට ගැනීම


ජරා ගැහැණුන්

ඇතුලට දැමීම හා එලියට ගැනීම

➖➖➖➖➖➖➖➖➖➖➖▪️


අරගලය චොර වී අවසානය. අරගල කාරයන්ට ආතල් දුන් සිස්ටම් එක කිසි අවුලක් නැතිව චේන්ජ් කර ගැනීමට වුන් පොර, අරගලකරුවන් විසින්ම එලවා දමා, දැන් පරිප්පුවේ හොඳ එකෙන්ම කමින් සිටින්නේය. මෙවන් නහයෙන් අඬන උන් එක්ක අරගලයක් කළේ කුමකටද කියා මේවා මෙහෙය වූවෝ හඩා වැටෙමින් සිටී. මොවුන්ගේ ගැලවුම් කරුවන් ලෙස පෙනී සිටී කළු කෝට් මාෆියා නායක නායිකාවෝ සොයා ගැන්මටත් නැත. දැන් උන් වෙනුවෙන් එන්නේ කොරිඩෝ ලෝයර්ලාය.


දේශපාලනය පසෙක තබා දමිතා අබේරත්න යන ගැහැණියගේ ප්‍රකාෂය හා අරගලයේ ඇයගේ ගරු රඟපෑම අප අගය කළ යුතුය. ඇගේ ප්‍රකාෂය පෙන්වන්නේ ඇයද අයත් වන කුලකයක කාන්තාවන් කෙරේ, එම කුලකයේ අයම දක්වන ප්‍රතිචාරයයි. 


පිටකොටුවේ ගණිකා වෘතියේ යෙදෙන කාන්තාවන්ද, තරු හෝටලයේ එම වෘතියේ යෙදෙන කාන්තාවන්ද, කෙහෙවලු පටලා ගන්නා විට, ඔවුනොවුන්ට ගරහා ගන්නේද තම වෘත්තියේ නාමයෙන්මය. වෙනස ඇත්තේ භාෂාවේ පමණය. ඒ අනුව දමිතාගේ ප්‍රකාෂය, අවංක ප්‍රකාෂයකි. 


නමුත් මෙහි ගැටලුව වන්නේ, සිස්ටම් චේන්ජ් එකක් ඉල්ලා සිටී විප්ලවවාදිනයකගේ කටින් මෙය එලියට පැනීමය. එය සාධාරණීකරණය කිරීමට දත කන්නෝ කරන්නේ ඇදගෙන නෑමකි. ඔවුන්ට මේ අවස්ථාවේ දමිතා හා හිරුණිකා යන ගැහැණුන් විහාර මහා දේවියන්  වුවද, හෙට අනිද්ද වෙනත් පිලකට ගිය කළ, නිතැතින්ම අනුලා දේවියන් බවට මඩ ගසන්නේද මොවුන්මය.


සමස්ත රටවැසියාම එසේය. ළඳුනේ ගීයට ප්‍රශස්ති ගයන වයන වනන උන්ම මොහොතින් වැරදිකාර ළඳුන්ගේ රෙදි ගලවා දමන්නේ තමන්ගේ වස්ත්‍රය ගැනද් මායිම් නොකරමිනි.


ඇත්තටම හිරුණිකාට දමිතලාට නිරූපා සේරසිංහලාට සිඳුවී ඇත්තේ කුමක්ද? 


මේ ඔවුන් අරගලය තුල ලබාගත් ප්‍රසිද්ධිය තව දුරටත් පවත්වාගෙන හා නඩුත්තු කරගෙන යාමේ අභියෝගයයි. දමිතා රනිල් වික්‍රමසිංහත් එලවා දමන්නට ගොස් බලෙන්ම ඇතුලට දාගන්නේත්, නැවතත් සජිත්ට කියා එලියට දාගන්නේත්, මම තාම ගේමේ කියා ටී වී හරහා රටට පෙන්වීමටය. 


හිරුණිකා දමිතා බැලීමට ඇතුලට ගොස්, එලියට ඇවිත්, ටී වී කැමරා ඉදිරියේ නැව් පච වගයක් ඇදබාන්නේ, නැත්නම් තමුසෙලාට මාව අමතක වෙනවා නේ ඕයි, ඒ නිසා මාත් තාමත් විප්ලවයේ කියා පෙන්වීමටය.


නිරූපා සේරසිංහ ආයෙත් ගෝල්පේස් ඇවිත්, රනිල්ගේ සංරුගලයක් උඩ යවා, මොන්ටිසෝරී ප්‍රසංගයක් ඉදිරිපත් කරන්නේත්, ඒවා රූප පෙට්ටියට කොහොම හරි ඔබා ගන්නේත්, අනේ ඕන් මාවත් අමතක කරන්න එපා හොඳේ, මාත් තාම ගේමේ කියා පෙන්වීමටය.


මේවා ඇත්තටම සිඟිති ආතල් වූවාට, රෝන්ග් ජෙනරේෂන් එකට මාරම වැඩය. ඔවුන් එයින් මයිල් කෙලින් කරගෙන, ඇතුලට දාන කොටත් හුරේ දමා, එලියට ගන්න කොටත් හුරේ දමා මාර ස්වයං වින්දනයක යෙදෙනවාය.


මේ අයුරින්ම 1971/72 විප්ලවයෙන් සිරගතව, ජීවිතය බේරා ගත්, පරාජය හේතුවෙන් ඉච්ඡාභංගත්වයට භංගත්වයට පත් වූවන් කල කී දෑ පිලිබඳව ලියු හරි අපූරූ විශ්ලේෂනාත්මක ලිපියක්, Mahesh Hapugoda ගේ වෝලයේ ඇති අතර, අවසානයේ දමිතලාට අත්වන ඉරණමද එයම බව, දේශපාලනය මෙන්ම සමාජය පිළිබඳ අවබෝධයක් ඇති බුද්ධිමතුන්ට පහසුවෙන් තේරුම් ගත හැකිය.


නිරූපා කුමන පක්ෂයකින් දේශපාලනයට ඒදැයි කිව නොහැකි මුත්, දමිතා හා හිරුණිකා සජිත් ජලනි බලවේගයෙන් මීළඟ මැතිවරණයකට තරඟ කිරීම අනිවාර්‍යය වනාතර, ඔවුන් ජයග්‍රහණය කිරීමේ සම්බාවිතාවයද ඉහළ අගයක පවති.


ඒ කෙසේ වෙතත් ලංකාවේ දේශපාලනය තුල කාන්තවන්ට හිමි තත්වය මේ වන තෙක්ම කිසිඳු වෙනසකට ලක් වී නොමැති නිසාත්, තමන්ගේ මුඛරි බව ආභරණයැකියි සිතා ඉල්ලාගෙනම කා සිටින විමල් වීරවංශ, එස් බී දිසානායක හා රන්ජන් රාමනායක යන නිර්ප්‍රභූ දේශපාලුවන්ට අත් වූ ඉරණමම, මොවුන්ටත් උරුම බව අනිවාර්‍යයෙන් ලියා තැබිය යුතුය.


ඒවා කඩාගෙන යාමට හැකි වූයේ රණසිංහ ප්‍රේමදාසට හා මහින්ද රාජපක්ෂට පමණක් වුවද, ඔවුන්ටද විරෝධය එල්ල වූයේ, තමන්ගේ සමාජ ස්ථරයෙන්ම බවත් අවබෝධ කරගෙන ඉදිරියට යාම, ඔවුන්ගේ යහපත සඳහාම වන්නේය.


එහෙත් බලය ලබා ගැන්මට නම් හිරුණිකාට හා දමිතාට තව දුරටත් දේශපාලනයේ ජරා ගැහුණුන්ගේ දේශපාලනයේ නිරත වීමද අනිවාර්‍යය. ඒ අනුව කෙසේ හෝ ඇතුලට දමා ගැන්ම ඔවුන්ගේ යහපත සඳහාම වනාතර, කෙඳිරි ගා හෝ මර හූ තබා එලියට ගැනීම හා ඉන්පසු එය වනා ස්වයං වින්දනයේ යෙදීම, ඔවුන්ගේ අනුගාමිකයින්ගේ යුතුකම වන්නේය.


ඒ වගත් මෙසේය ....


© මාතලන් යකා

 

Sep 9, 2022

මා දුටු එලිසබත්, ජේ ආර් සහ සර් ජෝන්

 


මා දුටු එලිසබත්,

ජේ ආර් සහ සර් ජෝන්

➖➖➖➖➖➖➖▪️▪️


එලිසබත් රැජිණ අපට තාමත් දැනෙන්නේ අපේ තියෙන යටත් විජිත මානසිකත්වය නිසා. මාතලන් යකා නම් අදටත් කැමති රට යටත් විජිතයක් ලෙස තිබ්බා නම්. මොකෝ සුද්දන්ගෙන් පස්සේ මේ රට නැත්තටම නැති වුනා මිසක් ඇතිවෙච්චි දෙයක් නෑ. සුද්දන්ගෙ කාළෙත් ගොඩ නොගිය 1/4 කන්නින්ගෙන් පැවතෙන ගෝත්‍රික ජාතිවාදින්ටයි, වැලේ වැල් නැති වමේ ළිං මැඩියන්ටයි නම් මේවා අරහං.


එහෙම තිබ්බා නම් අපේ රටත්, ඔස්ට්‍රේලියාව, කැනඩාව, නවසීලන්තේ වගේ කෙසේ වෙතත් හොංකොං වගේවත් ආර්ථික හා ජීවන තත්වයෙන් උසස් රටක් වීම අනිවාර්‍යයි. 1948 නිදහස ලැබුනත් රටේ සුප්‍රීම් නායකත්වය වුනේ එංගලන්තේ රජ කිරුල. 


පාස්පෝට් ලැබුනේ එංගලන්තෙන්, ලෝකේ හැම රටකටම යන්න එන්න කිසිඳු බාධාවක් තහනම් තිබ්බේ නෑ. පාස්පෝට් එකේ තිබුනේ "Ceylon" කියලා. අදත් වෙන රටවල උන් Sri Lanka දන්නේ නැති වුනාට, Ceylon Tea නම්, ලෝකෙම දන්නවා. Bank of Ceylon කියන්නේ ඊට හොඳම සාක්ෂියක්.


ඒ සියල්ල නැති කලේ 56 ජාතිකවාදී මූසලයින් හා එක්වුනු වමේ හැත්ත. ඒ 1972 මේ රට ශ්‍රී ලංකා ජනරජයක් බව ප්‍රකාෂ කිරීමෙන්. එදා ඉඳලා සුද්දන්ගෙන් නැතිවෙච්චි සපෝර්ට් ආයේ ලැබෙන්නේ 1977 ජේ ආර් බලයට ආවයින් පස්සේ.


අවුරුදු 30 කින් නිම කරන්න උන්න මහවැලි යෝජනා ක්‍රමේ "කඩිනම් මහවැලි ව්‍යාපාරය" වෙන්නේ ඊට පස්සේ. එංගලන්තයෙන් විශේෂයෙන් ආධාර ලැබුනා ඒකට. කොටින්ම වික්ටෝරියා වේල්ල ඕපන් කලෙත් මහ බ්‍රිතාන්‍යයේ යකඩ ගැහැනිය වෙච්චි මාගරට් තැචර් නෝනා. ඒ 1985. හදන්න ගියේ වසර හතයි.


එයිට කලින් රැජිණ ලංකාවට එනවා 1981, අපිත් පවුල පිටින්ම පෑලියගොඩට ගිහින් උන්දැව බැහැදැක ගත්තා. ඔය දැන් කැලණි ගඟ හරහා අළුතෙන් හඳපු එල්ලෙන පාළම යට තියෙන කැළණි පාලම ගාව මහා සෙනඟක් උන්නා. එතන වංගුව නිසාත්, වාහනේ ගොඩාක් ස්ලෝ වෙච්චි නිසාත්, උන්දැව හොදින්ම බැහැදැක ගත්තා. ඒ පාළමෙන්ම එක්කගෙන එන්නැත්තේ, තොටළඟ එතකොටත් තිබ්බ, සුද්දා හදලා ගිය යකඩ පාලම දැකලා, තොපි තාමත් යන්නේ ඒකෙන්ද යකෝ කියලා කින්ඩිය දායි කියලා හිතලා වෙන්නැති.


 ඒ විතරක් නෙමේ, ඒ කාළෙත් ආස කරපු පොලිටික්කෙක් වෙච්චි ගාමිනී දිසානායක උන්නැහෙත් පැහැදිලිවම දැක්කා. උන්නැහේ තමයි පරිවාර ඇමති හැටියට කටයුතු කලේ. ඒ කාළේ රට සීඝ්‍රයෙන් දියුණු වෙමින් තිබ්බ කාළේ. මිනිස්සු බොහෝම සතුටෙන් අලුත් බලාපොරොත්තු ඇතිව ජීවත් වෙච්චි කාළේ. 


ඒ ඔක්කොම නැති වුනේ, ජේ ආර් ලම මෙහෙයවපු කුප්‍රකට 83 ජූලී ජාතී ආලේ නිසා. ඒකෙන් උතුරේ යුද්දේ පටන් ගත්තා.

ඊළඟට කොරේ පිටට මරේ කියලා 88/89 ජෙප්පෝ පිස්සු කෙලින්න පටන් අරගෙන, මුළු රටම භීෂණ රාජ්‍යයක් කරලා, රට අගාධයෙන් අගාධයටම ගියා. අද මේක බංකොලොත් රාජ්‍යයක්. ක්ඒ වෙච්චි විනාශය ඩොලර් බිලියන 200 ක් කියලා දැන් කියන්නේ.


ඔය නෙළුම් කුළුණුවලින් පැනලා මැරෙන්න යන උනුයි, රාජපක්ෂලා රට කෑවා කියලා පුප පොලොවෙ ගහගන්න හදන උනුයි කරපු ජාතික අපරාධ තමයි ඒ.


ඔය ජේ ආර් ගේ කාළයට කලින් එලිසබෙත් උන්දෑ ඇවිල්ලා තියෙන්නේ සර් ජෝන් කොතලාවලගෙ කාළේ. ඒ 1954. ඒ ගමන උන්දැලා පටන් ගත්ත තේ වතු. උන්දැලා හොයා ගත්ත කැළේට ගිය පුරා විජ්ජා ස්ථානත් බලන්න ගිහින් තියෙනවා.


ඔය ගමන් වලදි වෙච්චි රස කතා ගොඩාක් තියෙනවා. ඒ අතරේ ප්‍රසිද්ධ එකක් තමා, රැජිණ සීගිරියේ ගිය වෙලේ උනැයි කියන දේ. සීගීරියෙ පඩි නගින ගමන් රැජිණගෙ ගවුම උඩ ගිහින් තියෙනවා. එතකොට එතන හිටපු කැමරා කාරයෝ ඔක්කොම බය බිරන් තට්ටු වෙලා කැමරා බිමට පාත් කරන් ඉන්දැද්දි, සර් ජෝන් අපේ උන්ට කෑ ගැහැව්වලු... මොනවැයි යකෝ බලාන ඉන්නේ... ගහපිය ෆොටෝ කිව්වලු...


මේවා ඇත්තද බොරුද දන්නේ නෑ. හැබයි සෙල්ලක්කාරයෙක් වෙච්චි සර් ජෝන්, මේක නොකිව්වා කියලා හිතන්නත් බැරි නෑ. ඊට වඩා ඒ කතාවේ තියෙන මොරාල් එක තමා. ඒ කාළේ උන්න කැමරා කාරයෝ පැපරාසියෝ නොවිච්ච එක. මොකෝ උන්දැගෙ ලොකු ලේලී මලේ පැපරාසියන්ගෙන් බේරෙන්න ගිහින් වෙච්චි රිය අනතුරක් හේතුවෙන් නිසා.


.

Sep 3, 2022

පුතානෝගේ රාජකීය කුමන්ත්‍රණය.

 


රට බංකොලොත් කළ,

කාණු කටා පියානෝගේ,

පුතානෝගේ රාජකීය කුමන්ත්‍රණය.

➖➖➖➖➖➖➖➖➖➖➖➖▪️


මේ රට බංකොලොත් රාජ්‍යයක් බවට ප්‍රකාෂ කිරීම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් බව, එය ප්‍රකාෂ කළ දිනම මාතලන් සිටී මතයය. මේ ඒ පිලිබඳ මුල සිටම කෙරෙන විග්‍රහයකි.


ඝෝඨාගේ ජනපති සටන ටාගට් කළේ දේශීය සිංහළ බෞද්ධ බලවේගයයි. මේ රටේ බලය ඩැහැගැනීමට මාන බලන අනෙකුත් ආගම්වාදී, ජාතිවාදී, ත්‍රස්තවාදී, සියළුම බලවේගයන්වල සහාය හිමිවූයේ සජිත් ප්‍රේමදාසටය. 


එහෙත් ඒ බලවේගයන් සියල්ලම පරාජය කරමින් ලැබූ ජයග්‍රහණය, අර බලවේග සියල්ලේම සිහිණය පොලොවේ ගසා කුඩු කර දැමුවේය. (එය නැවත වරක් අරගලය හරහා ඩලස් මඟින් ඉදිරිපත් කර ගැනීමට ගියද, සිංහළ බෞද්ධ බලවේගය විසින් නැවතත් ඒ සිහිණය කුඩු පට්ටම් කර දැමුවේය. එය එසේ වූයේ නම්, රැට්ටා බැට්ටා, බෙට්ටා මොට්ටා පාර්ලිමේන්තුවේ ඉන්නා බවත්, පෝට්ටුවේ උන්ට ඉන්නට වෙන්නේ අඩි හයක් පොලොව යට බවත්, රෝහිත අබේගුණවර්ධන කිව්වේ හෙන ගහනා ඇත්තම කතාවය.)


එම බලවේග සියල්ලම එකතුව, මේ රජය පෙරලා දැමීමේ ජාත්‍යන්තර කුමන්ත්‍රණය රාජිත සේනාරත්න විසින් ආරම්බ කරන්නේ ආන්ඩුව බලයට පැමිණ දින කිහිපයක් ගතවීමටත් පෙරය. ඒ ගානියා බැරිස්ටර් රාජිත විසින් උස්සලාය. ඒ වැඩේ හත් පොලේ ගාගෙන චොර වුනා කියා කස්ටිය වැඩේ අත ඇරියේ නැත.


රට ආර්ථික වශයෙන් විනාශ කොට  බංකොලොත් රාජ්‍යයක් කිරීමේ දේශපාලන කුමන්ත්‍රණය ආරම්බ වන්නේ ඉන් අනතුරුවය. කෝවිඩ් වලට රට වසා දැමීම, 

ඉස්ලාම් බැතිමතුන්ගේ භූමදාන සඳහා අවසර නොදීම, 

සයිනොෆාම් එන්නත ගෙන ඒමට විරුද්ධව උසාවී යාම, 

මුදල් මුද්‍රණය කර ජනතාවට සහන දීම ආරම්බ කොට ඉන් අනතුරුව රුපියල් 5000/= මදි කියා, අප උන්නා නම් 20000/= දෙනවා කීම, 

ඉන් පසු මුදල් මුද්‍රණය කරනවා කියා මර හඬ දීම,

ගෑස් ලිප් පිපිරවීම, 

ගුරු වර්ජනය, 

උන්ගේ පඩි වැඩි කර ගැනීම, 

කොරෝනා කාලයේත් වැඩ වර්ජණය කිරීම, ඉන්ධන මාෆියාවක් නිර්මාණය කොට ඉන්ධන අර්බුදයක් මැවීම හා 

අවසානයේ අරගලයක් නිර්මාණය කිරීම 

යන මේ සියල්ල පසු පස උන්නේත් ඒවා උලුප්පමින් කතා කලේත් කව්ද යන්න විමසිලිමත්ව සොයා බැලීමෙන්, මේ පසුපස උන්නේ කව්ද යන්නත්, 


සජිත්ගේ පිරිස් විසින් අඹර අඹරා දුන් මේ ලණු සියල්ලම දේශපාලනය තබා කළමණාකරණය ගැනවත් මලපොතේ අකුරක් හෝ නොදන්නා ඝෝඨාභය විසින් සෝස් දමාගෙන කා ඩෙසර්ට් එකට පී. බී, ලක්ෂ්මන් හා අජිත් නෙවාඩ් කබ්‍රාල්ගේ ගුලි ගිල දමා, ජනාධිපති කමටත් කෙලගෙන යාමත්, අද ඇත්ත වී අවසානය.


මේ සියල්ල පිළිබඳ මාතලන් යකා  එදා සිටම ලියූ ලිපි ප්‍රමාණය අනන්තය අප්‍රමාණය. මේ ගුලි කාලා අවසානයේ වෙන්නේ හිතා ගන්න බැරි වැඩක් කියා, ඒවායේ දහස් වර ලියා තිබුනේය. එමෙන්ම විදෙස් මෙන්ම දේශීය කුමන්ත්‍රණ පිළිබඳ විශේෂඥයකු වන විමල් වීරවංශට මේවා නොපෙනුනේද, එසේත් නොමැති නම් ඔහුත් ඊට සම්බන්ධ වූයේද යන්නත් අබ මල් රේණුවක මොලයක් ඇති එකෙකුට දැන් වටහා ගත හැකිය. උන්නැහේ කරන්න යන්නේ කුමක්දැයි කියා ඒවා ක්‍රියාත්මක වන්නටත් පෙර අප ලියා ඇත්තෙමු.


කෙසේ හෝ විදෙස් තානාපති කාර්‍යාල කීපයක මුදල් හා දේශපාලන බලයෙන්, සිරස හා සියත මාධ්‍ය නාලිකාවල සාදර දායකත්වයෙන්, එරාන් හර්ෂ හරහා පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙමින් රටේ ආර්ථිකය විනාසයි, බැංකු විනාශයි කියමින්ද, 


ගම්මන්පිල හරහා බොරතෙල් ගෙන්වීම නවතා සපුගස්කන්දේ තෙල් පිරිපහදුව වසා දමා, අවසානයේ රට පාලනය කිරීම ඇමරිකානූ ඇම්බැඩිඩර් නෝනාට ලබා දී, ඒ හරහා මුදල් අමාත්‍යාංශය බැසිල්ගෙන් ගලවා අලී ෂබ්‍රීට ලබා දී, ඔහු මුරුංගා අත්තේ තබා,


 ණයත් ගෙවමින් IMF යාමට උන් වැඩපිලිවල නවතා දමා (මේ පිළිබඳවද මාතලන් විසින් කීප වරක්ම ලියා ඇති අතර එම වැඩ පිලිවල පිලිබඳ පැහැදිලි විස්තරයක් අද දිනද Mahinda Pathirana විසින් ලියා ඇත.) නන්දලාල් වීරසිංහ ගෙන්වා, ඔහු හරහා රට බංකොලොත් බව ප්‍රකාෂ කිරීම පසුපස උන් දේශපාලන නායකත්වය සජිත් ප්‍රේමදාස බවත්, ඒ කුමන්ත්‍රණයේ සාමාජිකයින් කවුරුන්ද යන්නත් ඊයේ පාර්ලිමේන්තුවේදී මනාව ඔප්පු විය. 


මේ කුමන්ත්‍රණ කරුවන්ට ඉටු කර ගැනීමට නොහැකි වූ එකම කාරණය සජිත් රටේ ජනාධිපති කර ගැනීම පමණය. 


ඊයේ නන්දලාල් වීරසිංහ ප්‍රශ්ණ කරා කියා ඌයියා වී ඇත්තේ එයාලාටය. සජිත්, එරාන්, හර්ෂ යන තිදෙනාම, අනේ ඔයාලා නන්දලාල් එලවන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරනවා... එහෙම කරන්න එපා අනේ... කියන්නේ උන්ගේ කුමන්ත්‍රණය හෙලි වී, රෙදි ගැලවී අමු හෙලුවැල්ලෙන් ඉන්නා නිසාය.


උන්ගේ ලණු කා හිරෝ වී සිටින, අලී ෂබ්‍රි නන්දලාල් වෙනුවෙන් ගෙදර යන්න හදන්නේ ඝෝඨා වගේම ඝෝඨාගේ අබ්බගාත් උන්නැහේත් දේශපාලන අබ්බගාතයෙක් නිසාය. දේශපාලන පොට්ටයෙක් නිසාමය.


කෙසේ හෝ වජිර අබේවර්ධනගේ දේශපාලන ක්‍රියාකාරකම් පසෙක තිබියේවා ඔහු  කියන්නා වාගේ, පාර්ලිමේන්තුව තබා කැබිනට් මණ්ඩලය හෝ දැණුම්වත් නොකර නන්දලාල් විසින් බංකොලොත් බව ප්‍රකාෂ කළේ කෙසේද යන්න ගැන අනිවාර්‍යයෙන් පරීක්ෂණයක් කළ යුතුමය. මන්ද මුදල් පිලිබඳ තීන්දූ තීරණ ගත හැක්කේ පාර්ලිමේන්තුවටම පමණක් බව සජිත් මෙන්ම ඔහුගේ ගෝලයද හැමදාම ඔය ගවගාලේ කියා ඇති බැවිනි.


ඒ කෙසේ වෙතත් නන්දලාල් වීරසිංහ මොන බයිලා ගැහුවත් මේ වැඩෙන් රට, රටේ බැංකු, රටේ ව්‍යාපාරිකයින් හා ජනතාව ජාත්‍යන්තරය හමුවේ නෝන්ඩි වී අවසාන අතර, මැද පන්තියේ ජනතාවද හිඟන්නන් බවට පත් වී අවසානය.


එහෙත් මෙතෙක් අප සියල්ලො ජීවත් වූයේ තනිකර බොරුවක බවත්, දැන් යතාර්ථයේ ජීවත් විය යුතු බවත්, සත්‍යය ලෝකයේ ඇත්තෙන් ජීවත් වීම අමාරු බවත්, බොරුවට හැමදා ජයගත නොහැකි බවත්, සියල්ලෝම අවබෝධ කර ගැනීමටත් හේතූ වූයේ මේ තීරණය නිසාම හෙයින් එහි සුභවාදී පැත්තක්ද ඇති බව අප අවබෝධ කරගත යුතුය. භූමිතෙල් වැඩි වූවා කියා ජනතාව දැන් පාරට එන්නේ නැතිය. රාජපක්ෂලා හා එහි ගෝලබාලයින් රට කරවූයේ සහනාධාර බොරුවෙන් බවත් ඇත්තය.


මේකේ පට්ටම ආතල්ලෙක කියන්නේ, අද කුමන්ත්‍රණ කරුවන්ගේ රෙදි ගලවන උන්ට හිත හොඳටෝම රිදිලා කාණුකටාලා කියා නම් පට බඳින්නේ, එදා දේශපාලන ලෝකයේ කෙසෙල්වත්තේ කාණුකටා නමින් ප්‍රසිද්ධව වුන් පියානෝගේ පුතානෝ වීමය.


දැන් එයාලාට ඌයියා වුනාට කරන්නට දෙයක් ඇත්තේ නැතිය. මේ ඔවුන් රටට දෙන්න ගිය පරිප්පුවය. ඒ ලැජ්ජාව නිසා දැන් චන්දේ දෙන්න තබා නොදෙන්නවත් එන්නේ නැතිය. රෙදි ඇඳගෙන එහෙම එන්නටත් බැරිය.


දැන් මේ වැඩේට විරුද්ධ පාර්ලිමේන්තුවේ ඉන්නා උන්ගෙන් 5 දෙනෙකු පමණි. එලියේ ඉන්න හාල්පාරු යූනියන් හොරිකඩයෝ අදාලම නැත. ඒ නිසා රනිල් කළ යුත්තේ IMF යෝජනා වහාම ක්‍රියාත්මක කිරීමය. මන්ද උන් මානව අයිතිවාසිකම් පයිසෙකටවත් මායිම් නොකරන නිසාය.


ඒ වගත් මෙසේය....

.