.

.
Showing posts with label Government Institute. Show all posts
Showing posts with label Government Institute. Show all posts

Dec 29, 2024

ඒ හඬ නැගෙන්නේ රාජ්‍ය නිළධාරීන්ට එදිරිව නොව අනුර කුමාර දිසානායකට එදිරිවය....

 


ඒ හඬ නැගෙන්නේ

රාජ්‍ය නිළධාරීන්ට එදිරිව නොව

අනුර කුමාර දිසානායකට එදිරිවය....

➖➖➖➖➖➖➖➖➖➖➖⭕➖➖


මහින්ද මහ රජානෝගේ දෙවන ධූර කාළයේදී.... සොයුරු යුව රජානන් වූ බැසිල් රාජෝත්තමයන් වහන්සේට හා අජිත් නෙවාඩ් කබ්‍රාල්ට එදිරිව.... කේවට්ටයන් තිදෙනෙකු විසින් ගෙන ආ ප්‍රධාන චෝදනාවක් වූයේ... 


ආන්ඩුව තුල ආර්ථික ඝාතකයෙක් සිටිනා බවත්.... ඒ නිසා ජනතාව වෙනුවෙන් කිසිඳු වැඩක් කිරීමට නොහැකිව.... තමන් ඉතා අන්ත අසරණව සිටිනා බවටත් වූ ඇඬෝවැඩියාවක්‍ය.


එහෙත් ඇත්තම කතාව උනේ මොවුන්ගේ පිස්සු කෙලීම් සඳහා.... මුදල් අමාත්‍යශයෙන් ඉල්ලන මුදල් ඔවුන් වෙත ලබා දීම ප්‍රතික්ෂේප වීමය.... ඒ ත්‍රී ඊඩියට්ස්ලා වුනේ... විමල්, පාඨළී සහ අතන මෙතන වැඩ වැඩ හුන් රතන මහා ස්ථිවරයන් වහන්සේය. එසේ චෝදනා කරමින් ආන්ඩුවෙන් ඉවත් වූ තිදෙනා ප්‍රසිද්ධියේ හා අප්‍රසිද්ධියේ වැඩ කළේ රාජපක්ෂලාට කෙලින්නටය. වත්මනේ සිඳු වෙමින් පවතින්නේද එයමය.


මේ අභ්‍යන්තර කැරලි  බණ්ඩාරනායකට මෙන්ම ගෝටබයටද එයාකාරයේම අභ්‍යන්තර කුමන්ත්‍රණයන්ට මුහුණ දීමට සිඳු වූ අතර එකෙකු නිවනින්ද අනෙකා නිවනට මෙහා මාර්ගපලයද අත්පත් කළ බවත් සියල්ලෝ සිහි තබා ගත යුතු වන්නේය.


2015 දී ත්‍රී ඊඩියට්ස්ලාගේ ගේම සාර්ථක වුවත්, 2019 බලයට පැමිණි රාජපක්ෂලාගේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල මෙහෙවරක් කලේද ඒ විමල් වීරවංශමය. 


කෙසේ හෝ ඒ තිදෙනා මෙන්ම රාජපක්ෂලාද ඔවුන්ගේ ගෝලයෝද මේ වන විට අනාත මාවතතේ කුණාටු සාගරේ පාවෙමින් සිටීම දෛවපෝගත සිද්ධියක් වන අතර..... ඔවුන්ගේ විනාශය ළඟා කර ගත්තේ ඔවුන්ම වීම දේශපාලන ප්‍රහසනයකට කඳිම තීසීසයකි.


මේ අතරේ.... කිසිඳා රැකියාවක් කර නැති, බුලත්විටක් තබා මෑ කරලක් හෝ වගාකොට විකුණා නැතිව කෙප්ප වපුරා බලය ලබාගත් හද්දා ගං කබර වැඩ බැරි හොර උපාධි කයිතන් ටාසන්ලා සියල්ලෝම... 


වී කිලෝවක් රටින් ගේන්නට බැරිව, පොල් ගෙඩියේ ගාන අඩු කර ගන්නට බැරිව, රුසියාවෙන් නොමිළේ ලද පෝර ටික නිසි ලෙස බෙදාගන්නට බැරිව, පෝර සහනාධාරේ පන් ගොයියන්ගේ එකවුන්ට් එකට දාගන්න බැරිව.... 


ප්‍රසිද්ධියේ අන්දරේලා පට්ට ජෝකර්ලා වී හෙලිවැල්ලෙන් නටනා දහ අට පාලිය වසාගන්නට යන්නේ.... රාජ්‍ය නිළධාරීට එරෙහි චෝදනා නැමැති තිරයෙන් නිරුවත වසාගෙනය.


මේ ගොබ්බ ගොන් බාස්ලා නොදන්නා දෙය නම්... රාජ්‍ය නිළධාරීන් සියල්ලන්ම වැඩ කරන්නේ.... AR, FR, චක්‍ර ලේඛන හා ගැසට් නිවේදන වලට අනුකූලව බවය. බොහෝ විට කැබිනට් තීරණ, ගැසට් නිවේදන පවා ඔවුන් විසින් ප්‍රතික්ෂේප කරණු ලබන්නේ.... ඒවා ව්‍යවස්ථාවෙන්ම අනුමත වී පැමිණිය යුතු නියෝග බව උන් නීතිපතිටත් වඩා හොඳින් දන්නා නිසාය.


ආන්ඩුවේ නිළධාරින් කියන්නේ මේ හාල්පාරුවන් මෙන් නොව.... ඒවා ගැන පයිත්තියම් වී තෙම්පරාදු වී සිටිනා උන් පිරිසක් වන්නේය... විශේෂයෙන් මුදල් අමාත්‍යාංශයේ උන්ට.... වර්තමානයේ  වැඩ කරන්නට වී තිබෙන්නේ.... මේ නීතී රීති හුටපටවලට අමතරව.... IMF නිර්දේශයන්ට, DSA වලට හා ප්‍රතිපත්ති රාමුවට අදාලව මෙන්ම කජු කන සීයා විසින් ගෙනෙන ලද ෆයිනෑන්ෂල් ඇක්ට් එකටද අදාලවය.


අනික් කාරණය නම්.... දැන් ආන්ඩුව දුවන්නේ මේ වර්ෂය සඳහා වෙන් කළ මුදල් මදි වී.... උන් විසින්ම සම්මත කර ගත් පරිපූරක ඇස්තමේන්තුවක් යටතේ බවටවත් මුන්ට අවබෝධයක් නැත්තේය.


එහෙත් ඇත්ත වශයෙන් සිඳුවන්නේ.... මේ කිසිවක් නොව.... සීයා ගිය මඟම යන අනුර කුමාර සඕදරයාට එදිරිව ගෙනයන පක්ෂ අභ්‍යන්තර කුමන්ත්‍රණයක් බව දේශපාලනයේ හය හතර දන්නා වුන්ට අවබෝධ වී අවසානය.


රාජ්‍ය හා මූල්‍ය පාලනය කියන්නේ හිතු හිතු දේ ක්‍රියාත්මක කළ හැකි පැලවත්ත කාර්‍යාලය මෙන් වහල් කඳවුරක් නොව..... නිසි ක්‍රියාපටිපාටියකට අනුව ක්‍රියාත්මක වන ආයතන මිස.... ගමේ සම්පාකාරය නොවන බව අනෙක් හාල්පාරු ගොබ්බයන්ට තේරුම් ගැනීමට නොහැකි වුවත්, අනුර කුමාර දිසානායක විසින් මේ වන විට අවබෝධ කරගෙන අවසානය.

ඔහු දෙයක් ඉක්මනින් අවබෝධ කරගන්නෙකු බව ඔහු හා වැඩ කරන්නන්ගේ මතය වී අවසානය.


ඔහු යන්නේ ජජබයට අවශ්‍ය ගමන් මගේය යන කැලෑ පත්තරයක්.... කුර හා අං සහිත හාඩ්කෝ ජෙප්පන් විසින් බෙදාහරිමින් පැවතියද... ඇත්ත කතාව නම්.... රට ගොඩ ගැන්මට ඇති එකම මාර්ගය වන සීයාගේ වැල් පාළමේ අනුර කුමාරයා ගමන් කරමින් තිබෙනා බවය.


ඉදින් ලාල්කාන්තලා, හඳුන්නෙත්තිලා කළ යුතුව ඇත්තේ.... රාජ්‍ය නිළධාරින්ට දොස් පවරමින් තම බැරි බැරියාව හා නොදැණුවත්කම ලෝකට පෙන්වම්න් හෙලිවැල්ලෙන් දහ අට පාලී නැටීම නොව..... රාජ්‍ය නිළධාරින් එදිරිවන, ආගිව් කරන කරුණු කාරනා පාර්ලිමේන්තු අණ පනත් තුලින් ව්‍යවස්ථාවට එක් කොට මඟහරවා ගැනීමය. 


පාර්ලිමේන්තුව තියෙන්නේ ඒකටය.

 

ඇත්තටම රාජ්‍ය නිළධාරි මාෆියාව කියන්නේ..... ඔය AR, FR සහ චක්‍ර ලේඛන යන ඒවාට අනුකූලව ක්‍රියා කරනා පිරිසක් බබත්... ඒවා වෙනස් නොකර... මේ රටේ බලය ඩොනල්ට් ට්‍රම්ප්ට නොව..... සී ජීං පින්ට තබා මෝදිට ගියත් මේ රට ගොඩදානවා බොරුය.


ඉදින් මේ නොදැණුවත්කම් නොහැකියාවන් වසා ගැන්මට..... ආන්ඩුව බලයට ගෙනා ගොබ්බ ජඩ මාජ්ජවේදීන් එලියට දමා රාජ්‍ය නිළධාරින්ට පලු ඇරියාට වැඩක් ඇත්තේ නැතිය. 


උන් උඹලා වගේ වැඩි බැරි කයිතන් ටාසන්ලාට අරින්නේ.... බටර් නොව කෙළ බින්දුවක්වත් නැතිව උන්ගේ පුපවල් හිනා වෙන අතරේය.


මොකෝ අනුර කුමාර ඉන්නේ උන්ගේ පැත්තේ බව උන් දන්නා නිසාය....


මුදල් අමාත්‍යංශය අනුර කුමාර යටතේ ඇත්තේ ජවිපේ හිඟන්නන්ගේ මානසික මට්ටම සියල්ලන්ටම වඩා හොඳින් දන්නේ අනුර කුමාර දිසානායකය....


ඕල් ඔෆ් අස් ආ හැපී 

සී ලන්කන් පීපල් ආ හැපී 


ස්වස්ති සිද්ධම්.... !!!


#මාතලන් 

.

Jun 29, 2024

උඩුගමසූරිය කියපු ඇත්ත

 


උඩුගමසූරිය කියපු ඇත්ත

➖➖➖➖🔹🔹🔹➖➖➖


මොනවා උනත් ඒ මනුස්සයා ඇත්ත කියපු එකට අපි ගරු කරන්න ඕන. ඒ මිනිස්සු මේ රට දාලා යන්නේ දේශපාලනය නිසාවත් බදු ගැහිල්ල නිසාවෙත් නෙමෙයි.... මේ රටේ නිළධාරී පැලැන්තිය... පට්ට ඉරිසියාකාර කුහක හැත්තක් නිසා.


ඇමරිකාවේ විශ්ව විද්‍යාලය තුල සිඳුවන සියළුම ක්‍රියාපටිපාටියන් මෙහේ විශ්ව ව්ද්‍යාල තුලද සිඳුවන බවත් ඒ සඳහා රජයෙන් මුදල් වෙන් කරන බවත් ඔහු පිලිගත්තා.


එතකොට සිඳු නොවන්නේ කුමක්ද? ගොඩාක් උන් කිසිම පරීක්ෂණ හෝ සමීක්ෂණ කිසිවක්ම නොකිරීමත්... කළත්... ඒවා අවසාන ප්‍රථිපලය ලැබෙන තෙක් ක්‍රියාත්මක වීමට කෝඩීනේෂන් එකක් නැති කමයි.


කෝඩිනේෂන් එකක් නැති බව උන්නැහේ පිලිගත්තට... ඒකට හේතුව එයා කියන්නේ නෑ... මොකෝ එයත් ඒ කුලකයේම කෙනෙක් වූ නිසා.


එතකොට මොකක්ද මේ නොකියන හේතුව හා ඒක නොකියන්න හේතුව?


ඒ තමා අකාර්‍ය්ක්ෂම රාජ්‍ය සේවය සහ නිළධාරී මාෆියාව. දේශපාලුවෝ මේක කියන්න බය තැපැල් චන්ද ගොඩ නිසා. අනික් උන් ඒක නොකියන්නේ අරුන්ට තියෙන අධිකාරී බලයට ඇති බිය නිසා.


හංසමාලිට එරෙහිව පැමිනිල්ල කළ එකා අල්ලලා හිරේ දාන්නේ ආන් ඒ තුච්ඡ සිස්ටම් එක.


මේවා දරුණුවටම ක්‍රියාත්මක වන තැනක් තමා විශ්ව විද්‍යාල පද්දතිය. තවත් ප්‍රධානම හේතුවක් තමා පරිපාලනය 33 කෝටියක් අමාත්‍යංශවලට වෙන් කර තිබීම. 


ඒ දේශපාලුවන්ට හොරා කන්න හදපු සිස්ටම්. මේවා හැදුවේ රණසිංහ ප්‍රේමදාස. හැබයි උන් ඔක්කොම පාලනය කරන ක්‍රමේ උන්නැහේ දැනන් උන්නා. සිරිසේනට ඝෝටට කෙලවුනේ මේවා නොදැන සිටීම.


විධායකේ වගේම.... මේවා අහෝසි කරන්න එකෙක් කතා කරන්නේ නෑ. උන් කැබිනට් තීරණ ක්‍රියාත්මක කරන්නෙත් නෑ. ඒ කියන්නේ උන් විධායක ජනාධිපති පයිසෙකට මායිම් කරන්නෙත් නෑ.


ඊයේ කෝප් කමිටුවේ හෙලි වුනා රුපියල් කෝටී 100 ක් විනාශ කරන රාජ්‍ය නිළධාරීන් හා උන්ගේ පට්ට ෆේල් AR සහ FR ගැන. උන්ට ඒවා විහිළු. පාර්ලිමේන්තුව වගේම මේ කමිටුත් දැන් පාර්ලිමන්ට් ජෝක්ස්. ඒවයේ ඉන්න දේශපාලුවොත් කම්බා හොරු. ඒවට එන උන් ඊට එහා හොර හැත්ත.


උන් කාටවත් බය නෑ.... මොකෝ කවදාවත් උන්ගේ රස්සාව නැති වෙන්නේ නෑ. හොරා කාලත් දිගටම සේවයේ ඉන්නවා. අස්කලොත් උද්ඝෝෂණ වැඩ වර්ජන කරනවා. ඇමතියගෙ කාමරේ වටකරලා ඌට නෙලනවා. මේ මාෆියා එතරම් බලවත්.


සිස්ටම් එක වෙනස් කරනවා කියලා ජෙප්පෝ ගෙනාවත් වෙන්නේ ඔච්චරයි. රාජ්‍ය සේවයේ වැඩිපුර ඉන්නෙත් ජෙප්පෝ නිසා උන් මේක කිසි අවුලක් නැතිව කරගෙන යයි. මොකෝ දැනටත් පට්ට දූෂිත උන් හැම එකාම කවර් වෙන්නේ යුනියන් බලය තුල.


ඒකට නම් අවශ්‍ය වෙන්නේ... තවත් ජේ ආර් කෙනෙක්, රණසිංහ ප්‍රේමදාස කෙනෙක් විතරයි. උන් රනිල් වික්‍රමසිංහ පයිසෙකට මායිම් කරන්නේ නෑ. උන් ඔය ඉඩම් ඔප්පු දෙන ඒවා.. අස්වැසුම වගේ ඒවා සියල්ල කඩාකප්පල් කරනවා. මට මේ ගැන පෞද්ගලික අත්දැකීමකුත් තියෙනවා. ඒවා නිළධාරින්ට කියලා වැඩකුත් නෑ. කියන්න එකෙකුත් නෑ. කිව්වට වැඩකුත් නෑ.


ඒකට ප්‍රධාන හේතුව පෞද්ගලික අංශයේ වගේ, පවරන වැඩ වලට කිසිම ටාගට් ඩේට් එකක් ටයිම් එකක් හා පසුවිපරමක් නොමැති වීම. අමාත්‍යවරයාගේ වගකීම විය යුත්තේ ඒක. 


ඒත් කැබිනට් තීරණයක් වගේම ජනාධිපති තුමාගේ නියෝගයක් අවුරුද්දකුත් මාස 6 ක් තිස්සේ ක්‍රියාත්මක වෙලා නෑ කියලා කෝපා කමිටුවේ ප්‍රශ්ණ කරන දේශපාලුවොයි උත්තර දෙන්න ආපු නිලධාරිනුයි කන පැලෙන්න හිනා වෙලා ආතල් එකක් ගත්තා. උන්ටම ඒවා ජෝක් වෙලා ඉවරයි.


මගේ පෞද්ගලික කාරනයටත් දැන් අවුරුද්දක්. නිළධාරීන් දෙන්නෙක් එකතුවෙලා ඒවා යට ගහලා. ඒ නිළධාරීන් කෝප් කමිටුවට ඇවිත් ගල් පැලෙන බොරු කියන්නේ.


ඒ සිස්ටම් නොහදා රට හැදිල්ල සම්මා බොරුවක් විතරමයි. රාජ්‍ය සේවය හා නිළධාරීන් ඒ තරම් දූෂිතයි. උන් අති බහුතරය කම්බා හොරු.


ඔය ඇත්ත එකෙක් කියන්නේ නෑ.....


.

Oct 25, 2023

රට භංකොලොත් කළ රාජ්‍ය සේවයට පඩි වැඩි කරන්න මුන්ට පිස්සුද?




 රට භංකොලොත් කළ රාජ්‍ය සේවයට

පඩි වැඩි කරන්න මුන්ට පිස්සුද?

➖➖➖➖➖➖➖➖➖➖😁➖


රටට හොදි ඕනම නැති සයිස් එකට කෙලවෙලා තියෙද්දිත්... මේ ආන්ඩුව මෙන්ම රජයේ නිළධාරිනුත් කෙලින්නෙ අමු පිස්සු විතරමය. 


කෝප් කමිටුවට එන්නේ රාජ්‍ය සේවයේ ඉහළම නිළධාරීන්ය... උන් ප්‍රශ්ණවලට ලබා දෙන උත්තර හා... උන් මෙතෙක් ගත් තීන්දූ තීරණ ගැන අහනා විට... මේ රට මෙහෙම තිබෙනා එකද පුදුමයක්මය.


මේ ආන්ඩුව ගත් ගොබ්බ තීරණයන්ට හොඳම උදාහරණය සමනල වැවේ ජළය උඩවලව ජලාශයට නිදහස් කළ එකය. 


කංචන බෑම කියද්දී... අමණවීර නම් අමණ ඇමතියා හා විපක්ෂය ගෙනගිය සද්දේට බය වූ ජනාධිපතිවරයා අවසානයේ කළේ.... සමනල වැවේ ජළය නිදහස් කරනා එකය. අන්තීමට ප්‍රථිපලය  වුනේ.... 


▪️ජලාශයන් දෙකටම වතුර නැතිවීමත්, 

▪️කුඹුරු සියල්ල නියඟයට හසු වී විනාශ වීමත්,

▪️ජළ විදුලිය නොමැති නිසා වැඩි මිළට තාප බලාගාර වලින් විදුලිය ලබා ගැන්මට සිඳුවීමත්, 

▪️පන් ගොයියන්ගේ වගා හානී වලට වන්දි ගෙවීමට සිඳුවීමත් පමණි.


කරුමය කියන්නේ... මේ සියල්ල සිඳු වූයේ...උඩවලව ජලාශයේ ජලය කිසිඳු හේතුවක් නැතිව මුදාහැර ඇති බවටත්... ඊට වගකිව යුතු රාජ්‍ය ආයතනයක් හා වෘත්තීමය නිලධාරින් පිරිසක් සිටිනා බවටත්... කෝප් කමිටුවේදී අපූරුවට හෙලි වුනේය.


එහෙත් උන්ට එරෙහිව මේ වන තෙක් ගත් කිසිඳු ක්‍රියාමාර්ගයක් නැති අතර... වගා වන්දි හා වැඩි වූ විදුලි බිල ගෙවන්න උනේ ජහමනයාටය. 


හරි නම් මෙය කපා ගත යුතුව තිබුනේ... අදාල නිළධාරින්ගෙන් හා සේවකයන්ගෙන් හෝ... අකාර්‍යක්ෂම පට්ට දූෂිත සමස්ත රාජ්‍ය සේවකයාගේ වැටුපෙනි.


මේ රට ආර්ථික වශයෙන් බංකොලොත් කිරීමේ වැඩි වගකීම තිබෙන්නේ පොලිටික්කන්ට වඩා රාජ්‍ය නිලධාරීන්ගේ අතේය... ඔවුන් එතරම්ම අකාර්යක්ෂම ජාතියකි... පට්ට දූෂිත ජාතියකි... අමු වංචාකාරයෝය... රජ්‍ය සේවය ලබා ගැන්මට එවන් ආයතනයකට ගොස් ඇති ඕනෑම එකෙක්... මේ ගැන සාක්ෂි දරනවා ඇත.


ආන්ඩුව කළ යුත්තේ... පාඩු පිට පාඩු ලබන... රාජ්‍ය ආදායමෙන් 80% කට දැනටත් කෙලින.. එවන් අකාර්යක්ෂම මළ මූසලයින් පිරිසකගේ පඩි වැඩි කිරීම නොව... 


ඒ වැඩිකිරීමට නියමිත මුදල්... ජනතාවගේ අත්‍යාවශ්‍ය සේවාවන් වන.. ඉන්ධන... ජළය... විදුලිය හා ගමනා ගමන ආයතන වෙත යොමුකොට... ජනතාවගේ ජීවන බර අඩුකිරීම මිස... මේ මළ මූසලයින්ගේ පඩි වැඩි කොට ජීවන බර තව තවත් වැඩි කිරීම නොවේ... 


මේ රටට කෙලවූයේ 2015 බලයට පැමිණි යහපාලනයෙන් රාජ්‍ය සේවකයින්ගේ පඩිය රුපියල් 10,000/= වැඩි කොට ඒවා ගෙවාගන්න වැඩි පොලියට සවරින්ග්  බොන්ඩ්ස් මිළදී ගත් නිසාවෙන්‍ය. එම පාලන සමයේ ආන්ඩුව සිඳු කලේ එයම පමණි.


75 වසරක් ට්‍රිලියන් ගනන් ණය වී මොනාද කරේ කියලා අහන උන්ට අපට කීමට ඇත්තේ ... ඉන් 80% කාලා තියෙන්නේ තොපිට ආතල් දෙන්න ගිහිල්ලා කියලාය.


එබැවින් හොම්බෙන් නොව පුපෙන් යන මේ කාළයේ... ආන්ඩුවේ මළ මූසලයන්ට පඩි වැඩි කොට මේ රට කාබාසීනියා කර නොදමන ලෙස අපි ආන්ඩුවෙන් ඉල්ල සිටින්නේ... ආන්ඩුවේ සේවකයෙක් ලෙසම සිටිමින්‍මය.


මේවා ඒ තරම් අකාර්යක්ෂම... දූෂිත... හොර ගුහාවන්මය.


ඒවාට රටේ බදු ගෙවන සාමාන්‍ය ජනතාව පරිප්පු කන්නට ඕනෑ නැත්තේමය...


ඒ වගත් මෙසේය.....


.

Jul 19, 2023

උපාධිධාරී වෘත්තිකයින් හොරා කෑවාට අවුලක් නැත.

 


උපාධිධාරී වෘත්තිකයින්

හොරා කෑවාට අවුලක් නැත.

➖➖➖➖➖➖➖➖➖🔴


මේ රට හිඟන රටක්වත් දුප්පත් රටක්වත් නොවේ. අස්වැසුම ඉල්ලාගෙන එන මූසලයන්ගෙන් ඒ බව මනාව පෙනුනි. උන් එන්නේ නිකන් ලැබෙන නිසා තව පොඩ්ඩක් ගොඩ වැඩිකර ගන්නටය.


අනෙක් අතට පිරමිඩ් ජාවාරම්වලට මෙන්ම පොලී සල්ලිකාරයන්ට මාට්ටු වෙන උන් මාට්ටු වෙන්නේ කෝටී ගනනිනි. එහෙම සල්ලි වලින් බය නැතිව සූදූ කෙලින්නේ ඒ සල්ලි කිචි මනී නිසාමය.


කෙසේ හෝ මේ මුදල් මහන්සි වී හරි හම්බ කළ දේ නොවේ. (සාමාන්‍ය රැකියාවන් කර ඉතිරිකරගත් ෆන්ඩ් එක හැර) විශේෂයෙන් සේවා ආර්ථිකය මූලික වූ ආර්ථිකයක ලාබ ලැබෙන්නේ එලෙසය. මහා බැංකුවේ මහා මංකොල්ලය ලෙස හදුන්වන එහෙත් නිත්‍යානුකූල ගණුදෙනුව, එවන් මහා පරිමාණ ලාබ ලැබූ ගණුදෙනුවකි.


පෞද්ගලික වෙළෙන්දන්ද සමාගම්ද ලාබ ලබන්නේ හෙන ගගනා ලාබයන්මය. රුපියල් 110 ට 120 ට දිය හැකි පාන් පිටි කිලෝව, රුපියල් 210 දෙන්නේ එම අධික ලාබයෙන් දේශපාලන පක්ශවලට දන් දීමට බව අන්‍රයියා පාර්ලිමේන්තුවේ කිව්වේ සහතික ඇත්තය. මහා පරිමාණ මත්පැන් සමාගම් කෝටි ගනනක මුදලක් යටිමඩි ගසා ඇත.


එම සමාගම් ජෙප්පන්ට කප්පම් නොගෙවන නිසා එම සමාගම්වල නම් හෙලිදරව් කලාට,ම්ම්ක් එයාලාට කම්පම් දෙන සමාගම්වල අධික ලාබයන් ගැන ඒ විප්ලවීය සඕදරයෝ කට පුප හොල්ලන්නේ නැතිය.


මේ ගණුදෙණු සියල්ලටම රාජ්‍ය නිලධාරීන් සම්බන්ධය. සෑම තැනම අරක්ගත් වෘත්තීයවේදී මාෆියාවන්‍ය. කස්ටම් ඔෆිසර්ලා යනු එවන් එක් මාෆියාවකි. ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිළධාරී මාෆියාව තා එකකි. රාජ්‍ය නිළධාරියකු කළ විශාලම මූල්‍ය වංචාව කළේ ඔයින් එකෙකි. සුරාබදු දෙපාර්තමේන්තුවේ මාෆියාව ගැන කතාකරලා  වැඩක් නැත.


ඒ තබා සෞඛ්‍ය අමාත්‍යාංශයේ කම්බා හොරුන්ගේ ගසාකෑම් දැන් එලියට දමන්නේ ජොස්තරලාමය. ඒ හැර සෑම අමාත්‍යාංශයකම ගණුදෙණු සම්බන්ධයෙන් කෙලින්ම සහභාගී වන ටයි කෝට් හා ඔසරි අඳිනා නොනා මහත්වරුන් කොතරම් කම්බා හොරුන්ද යන්න කෝප් කමිටුවේදී දිනපතා හෙලිවන්නේය.


බිත්තර නෝනා මෑතක දුටු හොඳම උදාහරණයකි. බිත්තර ආනයනයට දස දහසක් රෙගුලාසී දැමූ උන්දෑ බිලියන ගනනක එළුවන් රටට ගෙනැවිත් ඇත්තේ කිසිඳු පරීක්ෂණයකින් තොරවය. ගෙනාපු එළුවන් බාගෙට බාගයක් රෝග වලින් මිය ගොසින්ය. එහෙත් ගාන නෝනාගේ පර්ස් එකේය.


හැම තැනකම වැඩ සිඳුවන්නේ මෙයාකාරයටමය. චාමර සම්පත් ගේම අදින්නේත් එවන් පඩත්තලයෙකුටය. ඌ බේරෙන්නට කියනා කතා වලින්ම ඌ කම්බා හොරෙක් බව හෙලිවී හමාරය. ඕකුන් හොරකම් කරන්නේ තනියෙන් නොවේ. බොහෝ විට ඇමතියාටත් කුට්ටියක් යන්නේය. 


එයද ඇමතියාට කෙලින්ම යන්නේ නැතිය. ඊටද වෙනම ක්‍රම හා විධි තිබෙන්නේය. මෙතන අවුල ඇමතියාට ගානක් නොගිය නිසා යැයි කියනා කතාවද උන්ගේ කෙරුවාවන් අනුව ඉවත නොදැමිය හැකි තර්කයකි.


අපේ රට ඩොලර් බිලියන 80 ක් පමණ දේශීය හා විදේශීය වශයෙන් ණය බව සැවොම දන්නා කාරණයකි. නමුත් ඔය ඩොලර් බිලියන 80 ම කුමනාකාරයකින් හෝ වත්කම් ලෙස අපේ භූමියේ හා අපේ උන් අතරේම තියෙන්නට ඕනාය. වැඩිම උනොත් 20% පිටරටවල ඇතිය.


එයින් වැඩිම ප්‍රමාණය තියෙන්නේ ඉහත සඳහන් කල උපාධිධාරී වෘත්තිකයින් සන්තකවය. දැන් උන්ගේ මාෆියාවන් චාමර සම්පත්ට විරුද්ධව කඳවුරු බදිමින් සිටී. හොරකම් ගැන තුන්තිස් පැයේ පුරසාරම් දොඩනා ජෙප්පන් පෙනී සිටින්නේද ඒ හොරුන් වෙනුවෙනි.


බුකියේ මතය අනුවත් උපාධිධාරී වෘත්තියවේදීන් හොරා කෑවාට කිසිම අවුලක් නැත්තේය. උන්ට අවුල් වන්නේ කැබිනට් මණ්ඩලේ උන් හා රාජපක්ෂලා විතරමය.


එහෙත්  ඇත්ත කතාව නම් මේ රට බංකොලොත් කළේ දේශපාලුවන් නොව. උන්ටද හොරකම කලාත්මකව කිරීමට ඉගැන්වූ රාජ්‍ය සේවයේ උපාධීධාරී වෘත්තිකයින් බවය.


උන් ප්‍රොෆෙෂනල් හොරුන්මය....

.

Jan 26, 2023

කළු අඳින වෘත්තිකයින්ට සිම්පල් සොලියුෂන්

 


කළු අඳින වෘත්තිකයින්ට

සිම්පල් සොලියුෂන්

➖➖➖➖➖😭➖


අපේ ආච්චි මට පොඩි කාළයේ කියා දුන්නේ සමහර පව් වල ප්‍රතිවිපාක මේ ආත්මේම පලදෙනවාය කියලාය.


රට ආර්ථික වසයෙන් වැටුන වෙලේ ආචාර්‍ය මහාචාර්‍ය බක පන්ඩිත ප්‍රාමාණික සිවිල් බුවාලා රටේ සාමාන්‍ය ජනතාවට චෝදනා එල්ල කරමින් අමුතු ඉකොනමික් බණක් දේශණා කළ සේක....


උන් කිව්වේ ජේ ආර් ගෙනා විවෘත ආර්ථිකය හා යුද්ධයෙන් පසු රාජපක්ෂලා ගෙනා අධිපරිභෝජනවාදී බ්‍රැන්ඩඩ් බැසිලොමික්ස් නිසා ආර්ථිකයට කෙලවී අම්මාට හැමිනී රට බංකොලොත් බාවයට පත්වූ බවය...


එහෙම කියන කොට අපි හිතුවේ... මේ බක පන්ඩිත සියල්ල දත් පුපේ දත්ලා ඒ වගේ දේවලට අහු වුනේ නැති වෙන්ට ඇති කියලාය...


බලාගෙන ගියාම රටේ ජනතාවට එහෙම පිස්සුවක් නැති වුනාට... එහෙම ලයිෆ් ඉස්ටැයිල් ගෙවලා තියෙන්නේ මේ උපාධිධාරී සියල්ල දත් ආර්ථික විජ්ජා වෘත්තිකයින් යැයි කියා තමන්ම තමන්ව හඳුන්වා ගන්නා බක පන්ඩිතයන්මය....


පට්ටම ආතල්ලෙක කියන්නේ රටට මෙලෝ දෙයක් නොකරණ වැහි නැති හෙණ ගසනා වැටුප් හා දීමනා ලබා ගන්නා මහ බැංකුවේ මහා කා: කන්නින්ටද ඒ පරිප්පුව හොඳම එකෙන් කන්නට වෙච්චි එකය...


තමන් මහන්සී වී හරි හම්බ කර ගත් දෙයින් අර ලයිෆ් ඉස්ටැයිල් එන්ජෝයි කරන අතරේ... රාජ්ජ සේවයේ පින්පඩි කෑ, ආචාර්‍ය මහාචාර්‍ය හා උපාධිධාරීන් නඩත්තු කිරීමට බදුද ගෙවපු උන් වාගේම... මේ කා: කන්නි හිඟන්නෝද කර ඇත්තේ අර ලයිෆ් ඉස්ටැයිල් ගෙවනා එකය. 


එයිට හපන් ආතල් එක වන්නේ... ණය පිට ණයවෙමින් මෙළෝ රහක් නැති වැඩ කරනවා කියා මයිනාට නිවන් සුව පැතු.. කපුටාට හෝන් ගෑසූ... පී බීට ආර්ථික ඝාතකයා කියූ.. කබරාල දන්නා ආර්ථික විජ්ජා කළමණාකරණයක් නැතැයි කියූ මේ බක පණ්ඩිතයින් ආර්ථිකේ නියමෙටම කළමණාකරණය කරලා... දැන් රෙන්න පුකේ ගූත් නැතිව කළු ඇඳගෙන පාරට බැහැපු එකය...


ලදරන් ඉන්දියන් කාර් වෙනුවට යුරොපියන් හයි බ්‍රෑන්ඩඩ් කාර්ද, ගල් අරක්කු වෙනුවට ටිකීලා විස්කි ජින් බ්‍රැන්ඩිද, විශ්‍රාම ශාලා හා නිවාඩු නිකේතන වෙනුවට තරු තුනේ හෝටල්ද, දරුවන්ට, තමන්ට නොමිළේ සිප් සතර ලබා දුන් මෙරට විස්ස විජ්ජාල වෙනුවට නොරට විස්ස විජ්ජාලද, ටොමියා වෙනුවට ගෝල්ඩන්‍ රිට්‍රීවර්ද, පූසා වෙනුවට බූල් බූල් පර්සියන් කැට්ද, කුස්සි වෙනුවට පෑන්ට්‍රිද, ඒකට ඉලෙක්ට්‍රොන්ක් ගැජඩ්ද, ඇටෑච් බාත් රූම් සමඟ ලක්සිරි විලාස්ද  පරිභෝජනය කරමින් පඩ ෂෝ දැමූ උන්ට... දැන් කන්න බොන්න ඉතිරි කර ගත්ත එකට, ටැක්ස් එකෙනුන් කෙලියාම... සදා සොත්ති භවන්තුතේ වෙන එකත් ඇත්තය.


දැන් මේ බුද්ධිමතුන්ට කරන්නට අත්තේ ආන්ඩුව ගත් ඔප්සොන්මය. මේවා කැමති ආකාරයෙන් ක්‍රියාත්මක කොට රට දුවනවා වාගේ යාන්තම් දුවා ගන්නට බැරි වෙන එකකුත් නැතිය.


▪️තමා බංකොලොත් බවටත්, අම්මට හැමිනිලා, රෙන්න පුකේ ගූත් නැති බවටත් කොමන් ලියුමක් ලියා, බැංකුවලට, ලීසිං කොම්පැනි වලට, ෆිනෑන්ස් කොම්පැනි වලට, ක්‍රෙඩිට් කාඩ් වලට, ගමේ පොලී මුදලාලිට ලියා යැවිය යුතුය. (අහල පහල උන්ට කියන්න ඕනා නැතිය. උන් දැන් ඉන්නේ පුල් පන් එකේය)


▪️ණය ප්‍රතිව්‍යූහගතකිරීමට හෝ කපා හැරීමට හැකිදැයි කියා අදාල ආයතන කළමණාකාරිත්වය සමඟ ද්වීපාර්ෂවික සාකාච්ඡා ආරම්බ කළ යුතුය. (උන්ටත් කෙළවෙලා තියෙන එක මෙතනදි අදාල වෙන්නේ නැතිය )


▪️අධි පරිභෝජනය සඳහා ගත් බඩු භාන්ඩ, යාන වාහන නිවාස විකුණා දමා නිර්මාල් දේවසිරි මෙන් ජනාතවට ජීවත් විය යුත්තේ මෙසේ යැයි කියා උපදෙස් දුන්... ඔවුන් ගත කරන අල්පේච්ඡ ජීවිතයට මාරු විය යුතුය.


▪️එසේ නැත්නම් සියල්ල විකුණා දමා බුද්ධිය ගලන ගඟට පැන මේ ජරා නරා වලෙන් එතෙර විය යුතුය.. (ඒ රටවල මෙහෙම අසාධාරණ බදු ගහන්නේ නැතිය. හැම එකාටම ගහන්නේ 40% ක ඉතර ආදායම් බද්දක්‍ය)


▪️ඒ යන අතරේ... අනියම් සබඳතා පැවතියේ නම්, ඒවා දිගටම නඩත්තු කිරීම මහාචාර්‍ය මාතලන් වෙත පැවරිය යුතුය. (විශාල පිරිසක් මා සමඟ එකතුව එම සේවය ලබා දීමට දැනටමත් ඉදිරිපත්ව සිටී)


දේශපාලූවන් මෙන්ම පින්පඩි කමින් රටට කෙලවූ තොපිට ඔහොම වෙලා මදිය.


අපේ ආච්චි කියා දුන් බොහෝ දෑ මේස් දෙකෙන්ම දැකීමට තරම් පුණ්‍යවන්ත භූමියක ඉපදුන ආතල් එක ගනිමින් උපදින ආත්මයක් ආත්මයක්ම පාසා මේ දිවයිනේම උපදින්නට පෙරුම් පුරනා මා...


ඔබේ හිතවත්...


මහාචාර්‍ය මාතලන්


ස්වස්ථි සිද්ධම් .....!!!

.

Oct 1, 2021

රාජ්‍ය සේවය බොන්සායි කළ යුතුය


රට විශාල ආර්ථික අර්බුදයකට යෑමට ප්‍රධානම හේතුව අකාර්‍යක්ෂම රාජ්‍ය සේවය බව රාජ්‍ය සේවකයාත් දන්නවාය.


එයින් ගොඩ ඒමට , ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පමණක් නොව පෞද්ගලික ණය ලබා දෙන ආයතන පවා ලංකාවට ආධාර දීම ප්‍රතික්ෂේප කිරීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ...

කිසිම රජයක් රාජ්‍ය සේවය කප්පාදු කිරිමට බිය නිසාය...


ජාතික ආදායමෙන් 86% පමණ අති විශාල ප්‍රතිශතයක් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ලබා දීමට වැය කරන්නේ නම්, 


එවන් රටක් මොන තරම් ආදායමක් ඉපදුවත්, අනාගතයේ හෝ දියුණු රටක් බවට පත් වේයැයි සිතීමත් විහිළුවක්ම පමණමය....


ලක්ෂ හතක් පමණ වූ රාජ්‍ය සේවය ලක්ෂ 14 කළ මහින්ද රාජපක්ෂ බලාපොරොත්තු උනේ..., ඒ සියල්ලෝම එක්ව, මහින්ද සදා මහ රජානෝ කරාවි යැයි කියලයා...


ඔවුන්ට රැකියා පමණක් නොව, නිවාස ණය, වාහන ලීසිං පහසුකම් මෙන්ම, ඉතා අඩු මිලට මෝටර් සයිකල්ද ලබා දුන්නේය...

එහෙත්, අවසානයේ සිඳු වූයේ කුමක්ද?


මැදමුලන ජනෙල් පොල්ලේ එල්ලෙන්න නේද?

කෝමද.. එදා ෂැපද..?


එසේ රාජපක්ෂ පවුලටම  කෙලිය රාජ්‍ය සේවකයින්ට රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ යහපාලනිස්ට්ලා කෘතුගුණ සැලකුවේ...


ආපු ගමන්ම රුපියල් 10,000/= ක සැලරි ඉන්ක්‍රිමන්ට් එකක් බේස්ක් එකටම ඇඩ් කරලාය...


එහෙත්, අවසානයේ සිඳුවූයේ කුමක්ද?


ඒ බෙසික් පුතාලා රනිල්ව ඇපත් නැතිව ගෙදර යවපු එක නේද?

කෝමද ඇරිය පාර.. සනීපයි නේද?


මෙයත් අර සුළු පක්ෂ නැතිනම් මහ පක්ෂවලට පැවැත්මක් නැතියි සිතනා, මහා අමනෝඥ මිත්‍යාව වාගේම තවත් එකක් ය....


ජන්ද 10 ක් වත් නැති, මෙලෝ රහක් නැති, මෙලෝ වැඩක් බැරි සුළු පක්ෂ නායකයින් හා සුළු ජාතික පක්ෂ නායකයින් තම පාක්ෂිකයාගේ චන්දයෙන් ගොඩ දමා,


පක්ෂය වෙනුවෙන් දිවි පරදුවට දුන් උන් පැත්තක තබා.. අර කාළකන්නින්ට හොඳම ඇමතිකම් දී, උන් උන්ගේ හෙන්චයියන්ගෙන්  අමාත්‍යාංශ පුරවද්දී,  


පක්ෂය වෙනුවෙන් දහඩිය කඳුළු වගුරුවමින්, ගුටිකමින්, නින්දා අපහාස විදිමින්, දිවා රෑ නොබලා වැඩ කර උන්ට වෙන්නේ..., තම පක්ෂයේ නායකයින්ගේ අම්මලාට පින් දෙමින් හූල්ල හූල්ලා ඉන්නටය. 


ඉතිරි රැකියා ටික පුරවන්නේ..., 

මෙළෝම රහක් නැති, රැකියා විරහිත කලා උපාධිධාරීන්ගෙනි. අන්තිමේ කොතෙක් පිරෙව්වාද යත්, මුන්ට පුටු මෙස නැති නිසා රට ගොඩ නගන්නට සිඳු උනේ අමාත්‍යාංශයේ ගස් යටට වී සිටය.


ඒත් මුන් රට ගොඩනගනවාද? 

එහෙම ගොඩ නැගුවානම් මෙහෙම කෙලවිලා යයිද? 

හොඳම උදාහරණය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවය...


උන් ඒ ලද රැකියාවෙන් සෑහිමකට පත් වන්නේ නැතිය, ඊළඟට වැඩිපඩි ඉල්ලා වැඩ වර්ජන කරමින් මහපාරට බසිති.


මේ කොරෝනා වසංගත සමයේත් වැඩි පඩි හා දීමනා වැඩ වර්ජන කළ කාළකන්නි ගුරුවරුන් හා සෞඛ්‍ය සේවකයන් ලෝකයේ වෙන කිසිම රටක උන්නා කියා මාතලන් නම් දන්නේ නැතිය.


මුන් කරන්නේ රට ගොඩගැනීම නොව, රට බංකොලොත් කොට කාබාසීනියා කර දැමීමටය.


මුන් එතනින් නවතින්නේද නැතිය. ‍රටේ ආර්ථිකය නැංවීමට ගන්නා සියලු තීන්දු තීරණ වලට කෙළවලාම දානා අතරේ මහා පරිමාණ බිස්නසුත් උන්ටම ඕනෑ කියා රට ගිනි තියනවාය.


එසේ මුලු රටම ගිනි තියා ගන්නා ලද නැගෙනහිර ජැටිය දැන් නැව් නැතිව වෙලේනවාය.. හූනියන් කාරයෝ හා හැමිනෙන්න්ට ආන්ඩුවට පශ්චාත් භාගයේ කැසිල්ලක් තිබුනාට, කාගෝ බිස්නස් කාරයන්ට එහෙම අමාරුවක් ඇත්තේ නැතිය..


ආන්ඩුවේ බිස්නස් සියල්ල බංකොලොත්භාවය ලබා අවසානය. අමාත්‍යවරු පට්ට ෆේල්‍ ය.


ඔය දේශපාලන පත්වීම් ගත් එකෙක්කත් කෙලෙහිගුණ ඇති උන් නොවේ. මුන් එසේ පිරිසක් නම් මංගලගේ මරණයට සෙණඟ පිරෙන්නේ ජෝතිපාලගේ රැකෝඩ් එකටද කෙලලාය..


මංගල මාතර උන්ට, ටෙලිකොම් එකේ, වරායේ හා බැංකුවල ජොබ් දුන්න හැටි දන්නේ දකුණේ උන්මය. අන්තීමේදී සූත්තර පුංචාටත් පරඳින බව දැන්ගත් උන්නැහේ දේසපාලනෙන්ද සමුගත්තේ මේ ඒස කොල්ලන් ගැන හොදින්ම දැනගත් නිසාමය.


මහ පක්ෂවල දේශපාලකයින් සිතට ගත යුතු දේ නම්, (සජිත් හා රාජපක්ෂලා) කෙලවුනදාට මුන් එකෙක්වත් තමන්ට නැති බවය.


ඔය පර්මනන්ට් ජොබ් ගත්ත උන් එදාට එන්නේ නැතිය. මොකෝ උන් සදාකාලික ගොඩ නිසාය. පැරදුන දාට මුන් රකින්නේත්, නැවත පාලනයට ගේන්නේත්, ව්‍යාපාරික ප්‍රජාව හා අර හැමදාම කඩේ ගිය පාක්ෂකයින් පිරිස පමණි.


ඒ නිසා මේ මිත්‍යාවලින් මිදිය යුතු කාළය දැන් පැමිණ ඇත.


රාජ්‍ය සේවයේ හැකි සෑම ආයතනයක්ම පෞද්ගලීකරණය කළ යුතුය. අර යුනියන් කාරයන්ට නැගෙනහිර ජැටිය දුන්නා සේ අධ්‍යාපනට ජෝසප්පුවාට දිය යුතුය. සෞඛ්‍ය මේල් නර්ස්ට දිය යුතුය.


වෙහිකල් පර්මිට්, දිරි දීමනා, දීමනා, බටා හුටා, ඕ ටී පමණක් නොව ටී හා ප්ලේන්ටියත් නවතා දැමිය යුතුය.


දේශපාලකයින් රැක ගත යුත්තේ රාජ්‍ය සේවය නොව ව්‍යාපාරික ප්‍රජාවයි. එවිට තමන්ගේ හෙංචයියන් ආන්ඩුවේ රැකියාවලට ඔබන්නට ඕනා වෙන්නේ නැතිය. උන්ගේ වගකීම ව්‍යාපාරකයින් බාර ගනු ඇත.


අපරාදේ කියන්නේ මේ මෙතඩ් එක ක්‍රියාත්මක කළ රණසිංහ ප්‍රේමදාසට රටේ අවාසනාවකට කලින් නිවන් යන්නට උනේය.


ඔහු මාතලන් කියූ මේ සියලු කාරනා මේ මහපොලොවේ ක්‍රියාත්මක කරමින්, උතුරේ හා දකුණේ ත්‍රස්තවාදී කන්ඩායම් දෙකක්ම ක්‍රියාත්මක වෙද්දී රටේ සීඝ්‍ර ආර්ථික ව්ප්ලවයක්ද ඇති කළේය.


යන එකෙක්ට ඕන වෙලාවක යන්න පුලුවන් කියා මහින්ද රාජපක්ෂම ප්‍රකාෂ කිරීම සුභවාදි ලකුණක්මය.


සඟිස්කෘතික මිත්‍යා පසු පස්සේ යෑමෙන් නොනැවති, මෙවන් මිත්‍යාවන්ද වන්දනා කරනා කිසිඳු දේශපාලන නායකයකු සමඟ රට ඉදිරියට යාවි යැයි කියා සිතීම සිහිණයාක් පමණමය...


රාජ්‍ය සේවයද, පලාත් සභා මෙන්ම සුදු අලියෙක්ම පමණමය.. එය මේ නිරෝධායන  ඇඳිරි නීතිය සමයේ ඔප්පු කර පෙන්වා අවසානය...


ඒ වගත් මෙසේය....

Sep 10, 2017

ලලිත් හා අනූෂ හා උගෙ අම්මාගේ නීතිය - Pray for Real Justice





දෙන්නගේ සිල් රෙදි කේස් එක ගැන මක්කත්ම ලියන්න නැත්තේ ඇයි කියලා බෝ දෙනෙක් අහනවාය. බුකියේ කෙටි සටහනක් තබා මා කියූවේ, මේ තීන්දුව පිළිබඳව මෙන්ම, මේ දෙදෙනා ගැනද මාතලන් අවංකවම කනගාටු වෙනවා කියලාය. මා මේ ප්‍රශ්ණය දෙස බලන්නේ ලලිත් හා අනූෂගේ සපත්තුවට බැහැලාය. 

Jul 6, 2016

පිස්සු බල්ලන්, ඔඩොක්කු කුක්කන් කර ගැනීම - Lap Dogs, Rabies & Ministry Secretary

http://www.romanialibera.ro/special/fotografia-zilei/expozitie-de-caini-la-havana-400560

යාපාලනය යහමින් ස්නානය කරමින් සිටින්නේය. විප්ලවයක් කියා නම් කල තොවිලයට අවුරුදු දෙකක් පිරෙන්නට ආසන්නය. නටපු තොවිලය්ක් නැතිය. බෙරේ පලු යන්නටත් පෙර, බෙරේ නැවතත් යකුන් අතේය. යකා බදුල්ලෙන් පටන් ගෙන, සලුපාලියෙන් නුවර සිට කොළඹට පයින් එනවා කියා කෑ මොර දෙනවාය. එක කට්ටඩියෝ සෙට් එකක් තක්කඩි කම් කොර ගන්න බැරිව ඇඹරෙනවාය. සිංගප්පූරුවේ සිට ආ තක්කඩියෙක් යාන්තම් දුම්මල ගසා එලවා ගත්තේය. අනිත් කට්ටඩියා යක්කු සරම අස්සේ දාගෙන, හත් පොලේ ගාගෙන මල පැනලා කෑ ගහනවාය. සම හරක් යක්කු අපිට දොල පිදේනි දියව් දියව්. නැත්නම් අපි යමව් යමව් කියනවාය.

Aug 15, 2013

අධිකාරියට නොපෙනෙන ළමා අපචාර - Increasing incidents of child abuse in Sri Lanka


 
ජනාධිපතිතුමා, දෙමළ භාෂාව ප්‍රගුණ කළ, ආණ්ඩුවේ නිලධාරීන් පිරිසකට සහතික පත් ප්‍රදානය කරමින් අපූරූ කතාවක් කළේය. එනම්, රජයේ කාර්යාලවලට පිරිස් පැමිණෙනුයේ කඳුළු පිරි දෑසින් බවත්, ඔවුනගේ වත් පොහොසත් කම, ජාතිය, ආගම, කුල මල, ගෝත්‍රය නොසොයා, ඉක්මනින් ඔවුන්ගේ ගැටලු වලට විසඳුම් ලබා දෙන ලෙසයි. එවිට සභාවෙන් අත් පොළසන් නාදයක්ද මතු විය. ඇත්ත වශයෙන්ම නායකයා ප්‍රදර්ශනයට හෝ හොටු පෙරෙන පොඩි උන් වඩා ගත්තද, වැද්දන් සමග එකට ඉඳගත්තද, නිලධාරින් නම් වැජබෙන්නේ තමන් වෙනත් ග්‍රහලෝකයකින් රත්නද්වීපයට වැඩම කළ පිරිසක් ලෙසයි.