.

.

Apr 30, 2016

වරාය, බඩු, හයිකු හා හබරල - Micro Poetry


 
මාතලන් බ්ලොග් ළෝකේ වගේම බුකියෙත් ඉඳහිට සැරිසරනවා. මොහොතක සුව දෙන සුන්දර ළෝකයක් උනත් ඒකෙත් අමුතු කලාවක් තියෙනවා. හිතට එන ඒවා බොහොම කෙටියෙන් ලිව්වාම ලැබෙන ප්‍රතිචාර බොහොම ඉහලයි. ඇත්තටම මම මේක පුරුදු උනේ සේපාල් අමරසිංහ ගෙන්. ඒවා බොහෝම කෙටි සටහන් උනාට, මහා ළොකු කතාවක් ඒවා ඇතුලේ තියෙනවා.ඇ ත්තටම මට නම් ඒවා සටහන් නෙමෙයි. අපූරූ කෙටි කවි. ඒ වගේම ඌ සෙලෙක්ට් කරන පින්තූරේ අපූරුවට ඒ කයියට ගැලපෙනවා. (ඔය සේපාලයයි, අතුල අධිකාරියි, මාතලනුයි, රජ්ජුරුවන්ගේ ඉස්කෝළේ 6 පන්තියේ එකට හිටපු උන්. සේපාල්ට මම මේක කිව්වේ අදයි.)

Apr 27, 2016

බ්ලොග් වසන්තේ හා අවුරුදු උස්සවේ - Festival Season for Bloggers in Siri Lanka


 
බොග දාන උන්ට වසන්ත කාළේ පටන් ගත්තේ, "නෙළුම් යාය" බ්ලොග් සම්මාන උළෙලත් එක්ක. වසන්ත ආයේ ගෙදර යන්න කලියෙන් ඔන්න මෙන්න තියලා තවත් ඉවෙන්ට් දෙකකටම ඇවිත් යනවලු. එකක් "බොග් වසන්තය." මේක අපේ පැන්සන් ගියපු බොග් සීයලගෙ වැඩක්. (එයාලා අවුරුදු කාළෙට මක්කදෝ එකක් වෙලා ආයෙ බොග දාන්න පටන් ගන්නවා. වයසක ඩෑල් වලට බොග දාන්න කොහොමත් අමාරුනේ. එත් ඉතින් තෑගි එයාලා අතරේ ඉතරක් නෙමෙයි හැමදාම තරුණ අපි වගේ අය අතරෙත් බෙදනවා. ("තරුණ"... හැක.... හැක...)

එයාල කොච්චර ප්‍රජාචන්ච්‍රවාදීද කියනවා නම්, මහින්ද මහත්තයා වගේ ඡන්ද ක්‍රමය ගැන සෑහෙන විස්වාසයක් තියෙන උදවිය. ඉතින් මේ වැඩේට ඡන්දයකුත් තියෙනවා. මාත් ගොහින්න් ඡන්දේ දාලා ආවා. ඉතින් ඔහේලත් කැමති නම්, ඔය මගේ බොගෙත්, උඩ දකුණු අත පැත්තේ තියෙන්නේ "බොග් වසන්තගේ ඡන්ද පොලට.." කියලා පොඩි ගැජට්ටුවක්, අන්න ඒක උඩ කෙටුවාම, ඡන්ද පොලට ගොඩ වෙන්න පුළුවන්. 

හොර ඡන්ද දාන්න බැරියෙයි කියලා තමයි කොමසාරිස්වරු නම් කියන්නේ. ඒත් ඉතින් පෙන්ටගන් එකටත් ඇරපු උන් ඉන්න මේ ළෝකේ, ඕවා කාටද විස්වාස කොරන්න පුළුවන් අප්පා.

ඒ අවු අස්සේ බොග දාන උන් ඉතරක් නෙමෙයි, බුකියේ මල් කඩන උනුයි, කෙල පෙරන උන් පවා සහභාගි වන, සයිබරයේ උන්ගේ වැඩිම සහභාගීත්වයක් තියෙන, "සයිබර් සිහිණ මක් මහ උළෙල" හෙවත් සයිබර් අවුරුදු උත්සවේ, හය වෙනි වතාවට මෙවරත්, අප්‍රියේල් 30 වනදා, <<වැල්ලවත්ත කුරේ ග්‍රවුන්ඩ්>>එකේ පැවැත්වෙනවා.

කෑමත් කන්න බලාගෙන මේකට එන උන් ඉන්නවා නම්, සුපියල් 250 ක් දීලා නම ගම <<මේන් මේ ලින්ක් එකෙන් ගිහින්>> දුන්නාම, නොමිලේ බත් පැකට් එකකුයි වතුර බෝතලේකුයි (වතුරට ගිය කල) හැන්දෑවට පොඩි රිෆ්‍රෙෂ්මන්ට් එකකුයි හම්බ වෙනවලු.

වැඩි විස්තර ඕන එකෙක් ඉන්නවා නම් <<මේන් මේ ෆේස්බුක් ලින්ක් එකෙන්>> ගිහින් විස්තර දැන ගන්න පුළුවන්..

එහෙනම් අප්‍රේල් 30, වැල්ලවත්ත කුරේ ග්‍රවුන්ඩ් එකේ සෙට් වෙමු. සෙට් වෙමු කිව්වේ ඉතින් අපේ අයට ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේ.

Apr 25, 2016

ගාල්ලද, කිරුළපනද, අංගොඩද...? - May Day Song for MR




ජෝකර්ලන්තයක් හෙවත් කෝළම්ලන්තයක් වී ඇති අම්මට සිරි ලංකාවේ, මේ දිනවල අති සාර්ථකව පොදර්සනේ කොරන්නේ මැයි දින කෝලමය. මැයි දිනය අයිති කන්කරුවාටය. ඒ වෙන රටවලය. ඒත් පිස්සු හුටං මේ දිවයිනේ, ඒ දිනය අයිති කන්කරුවා සූරාකන උන්ගෙනුත් හොඳම සෙට් එකටය. ඒ කාලකන්නි පොලිටික්කන්ටය. වේදිකාවේ සිටිය යුතු වන්නේ කම්කරුවා වුවද, ඌ එදාටත් මහ පාරේය. දෑකත්තයි මිටියයි වෙනුවට, ගල් කාලකුයි බත් පැකට් එකයි වන වනා, වේදිකාවේ ආතල් එකේ ඉන්න උන්ට, අරුන් දාඩිය පෙරාගෙන, පුක ඉරාගෙන ,කට්ට අව්වේ මහ පාරේ අත වන වනා යනවාය. අපේ කන්කරුවෝ කොයි තරම් හරක් පිරිසක්ද කියලා බලා ගන්න ඕන නම්, ඒකට හොඳම දිනය මැයි පලවෙනිදාමය.

Apr 24, 2016

බස්සිගේ චැලෙන්ජ් එක, පාරේ වඳින තම්බි, කැළෑ පාලුවෝ හා Go Green Challenge


 
වී ගොවින්ගේ පෝර සහනාධාරෙත් එක්ක වැවිල්ල ගැන උනන්දුවක් ආයෙත් වතාවක් රටේ ඇති වෙලාය. ඒ මාතෘකාවටම අදාලව, කාබනික පොහොර හා රසායනික පොහොර ගැනත් විවාදයක් මතුවෙලා තියෙනවාය. රසායන පොහොර ගැන වික්ටර් අයිවන් පෙනි සිටිද්දි, බ්ලොග් ලියන "ලංකා සිතිවිලි" වික්ටර්ට පිළිතුරක් ලෙස ලියූ ළිපිය සංවාදයට ලක් විය යුතු නිසාවෙන්ම, "මාතලන්" අඩවියේද පල කළේය. ඒය බොහෝ සාර්ථක වූ අතර, ලැබුන ගල් පහරවල් අතරේ මල් කළබද බොහෝ විය.

Apr 21, 2016

නිහාල්සිංහයන්ගේ හා දම් පැහැ වර්ෂාවේ නිමාව - Tribute to Nihalsinghe & Prince


 
සියල්ල අනිත්‍යයයි සිද්ධාර්ථ ගෞතම මුනි දේශණා කළ සේක. පැමිනියේ නම් පිටත්ව යා යුතුය. සදා කල් රැඳි සිටිමට නොහැකිය. පිටව යෑමෙන් පසුවත් නැවත ඒමට දඟලන්නෝද සිටිති. අපේ උන්, උන්ට කියන්නේ මළ පෙරේතයෝ කියලාය. මිය ගිය මල පෙරේතයන් මෙන්ම, ජීවත්වන මළ පෙරේතයන්ද ඒ අතර වේ. සම හරක්ට මෙයින් පිටත්ව යාමට හිතක් නැති අතර, සමහරු ස්ව කැමැත්තෙන්ම නික්ම යයි. ඒ ඇති වූ විටය. එපා වූ විටය. කළකිරුන විටය. එහෙත් සම හරක්ට කොතෙක් තිබුනත් එපා වන්නේ නැතිය.

Apr 20, 2016

වැට් බද්ද පත්තරෙන් දැකීම හෙවත් ජෝකර්ලන්තය - I Love My Jokerland



ඒ කාළේ, අම්මට සිරි ලංකාවේ ජෝකර්ලා සිටියේ බොහෝම අඩුවෙන්ය. ඒත් සිනමාවෙ හා වැයර්ලස් එකේය. එඩි ජයමාන්නගෙන් පටන් ගෙන අපේ කාළේ වෙනකොට සිනමාවේ උන්නේ, දොන්, බී ඇස් හා ඇන්තනී සීය. ජෝ අබේවික්‍රමද ජෝකර් පාට් වගේම අනික් ඔනෑම චරිතයක් රඟපාන්න පුළුවන් පොරක් වෙලා උන්නේය. ඉන් පස්සේ ආපු ෆ්‍රෙඩී සිල්වාද නොම්මර එකේ ජෝකර් කෙනෙක් වූවා පමනක් නොව, ටැලන්ට් රාශියකින් හෙබි ගායකයෙක්ද උනේය.

Apr 18, 2016

අවුරුදු කුමාරි (23+) - New Year Sexy - 13+



ටියාරා කේක් අරගෙන,
පුක හිර ඩෙනිම ඇඳගෙන,
කොන්ඩේ කෙලින් කරගෙන,
හංසයෝ එලියේ දාගෙන.....


Apr 14, 2016

වික්ටර් අයිවන්, රසායනික සමාගම් වෙනුවෙන් හෙළුවෙන් යනවද...?



!! ලංකා සිතිවිලි !! ගෙන්


මගේ ලිපිය කියවීමට පෙර කරුනාකර වික්ටර් අයිවන් ගේ මේ ලිපිය කියවන්න

 http://ravaya.lk/?p=13095

දැන් මම ඔහු කරන මුලා කිරිම  පෙන්වා දෙන්නම්

01.
රාවය උපුටාගැනීම "හෙක්ටයාර් එකක් සඳහා පාවිච්චි කරන්නේ කිලෝ ග‍්‍රෑම් 198ක් පමණය. නවසීලන්තය හෙක්ටයාර් එකක් සඳහා පාවිච්චි කරන රසායනික පොහොර ප‍්‍රමාණය කිලෝ 1700කි ලංකාවේ වකුගඩු ප‍්‍රශ්නයට හේතුව වී ඇත්තේ් රසායන පොහොර හා රසායන පළිබෝධනාශක වේ නම් ලංකාවට වැඩියෙන් 34 ගුණයක් රසායන පොහොර පාවිච්චි කරන නවසීලන්තයට වකුගඩු ප‍්‍රශ්නයක් නාවේ ඇයිද යන්න එම මහාචාර්යවරයා නගන මූලික ප‍්‍රශ්නයකි. මේ ප‍්‍රශ්නයේදී ලංකාවේ කෘෂි විද්‍යාඥයන් දක්වන නිහඬතාව පෙනෙන්නට තිබෙන ලොකුම අවාසනාව ලෙස සැලකිය හැකිය. "

Apr 11, 2016

අවුරුදු කුමාරයා ඇවිල්ලා - Happy New Year




ඒ......යි මච්චිනා.................... අන්න කව්ද ගේට්ටුව කඩන්න හදනවා.. පොඩ්ඩක් බලනවැයි මචෝ... ගණු දෙණු කරන්න එන එකාද දන්නෙ නෑ...?

හරි හරි මචෝ මන් බලන්නම්... (හුටා... කව්ද යකෝ මේ..... කන පැලෙන්න ගහලා.... නාට්ටියකින් පැනලා යන එකෙක්ද... ඔටුන්නකුත් දාගෙන..)

Apr 8, 2016

හර්ෂ ලොක්කා... නියමයි... ඔහොම යං.. - Harsha... Great Job man...!




හර්ෂ ලොක්කා ඉලක්ක කොට ලියන දෙවන ළිපියයි මේ. පළවන එක ලිව්වේ ලොක්කා කරපු පිස්සු වැඩක් ගැනය. ඒ නිදහස් චතුරශ්‍රයේ ගොන් පාට් එක ගැනය. මේක ලියන්නේ ලොක්කා, අගය කරන්නටය. ලොක්කා කිව්වාට, ලොක්කාවත්, අනික් උන්වත්, අවුල් වෙන්න ඕනා නැතිය. උන්නැහේගේ බුකියේ කොමෙන්ට් දැම්මත්, මාතලන් දාන්නේ, ලොක්කා කියලාය. මේ කවුරුත් අපි නියෝජනය කොරන්න යවපු අය නිසා උතුමානෝලා නෙමේය. තුමාලා නෙමේය. සිරිමතානෝලා නෙමේය. සෑර්ලා නෙමේය. සහෝදරයෝත් නේමය. එහෙම වෙන්න කොහොමටත් බැරිය. මොකෝ අපි එක අම්මාගේ බඩෙන් ආපු උන් නේමය. ලොක්කා කියන්නේ රැස්පෙක්ට් එකටය. මහත්තයා කියනවා වෙනුවටය.

Apr 7, 2016

සිපිරි ගෙදර, සුපිරි මානව හිමිකම් - Human Rights in Prison


 

උපුටා ගැන්ම EතලයNews.com

මේ උසස් පෙළ විභාගයට ඉගෙනුම ලබන, අම්බලන්ෙගාඩ පදිංචි කරුවකු වන සජිත් මධුෂාන් අප වෙත එවන ලද ලිපියකි. සංස්කරණය නොකර පලකර ඇත

මාව සම්පූර්ණයෙන් නිරුවත් කලා. පසුව ඔහු මාව පිටුපස හරවා නවා, අත්දෙකෙන් ගුද මාර්ගය පේන්න පළල් කරන්න කිව්වා. මා එසේ කලා. ඔහු අත තිබූ පොල්ල මගේ ගුද මාර්ගය තුලට යවන්න තද කලා. මා විලාප තියා කෑගැහුව්වා. ඊට පස්සේ මට පයින් ගැහුව්වා. මාව වැටුනා. මාව නැගිට්ටවලා කම්මුල් දෙකට ගැහුව්වා..........

රාත‍්‍රීය 10.00ට පමණ නියාමකවරු දෙදෙනෙක් පැමිණ මට කලිසම ගලවන්න කිව්වා. ඊට පස්සේ පුරුෂ ලිංගය හම පස්සට ගසා එ් වෙලාවේ වාට්ටුවේ හිටිය 22 නාටම පෙන්වන්න කිව්වා................

Apr 5, 2016

කෙහෙල් කොලේ කෑම, හොරා කෑම හා ඉල්ලාගෙන කෑම - Panama Papers, Corruption & Lumprice



අද රනිල් ලොක්කා පව් සමා කොර ගැනීම සඳහා චීනෙට යනවාය. යහපාචන ආන්ඩුව කාපු ළොකුම ඉල්ලාගෙන කෑම කෑවේ පෝට් සිටි එක නවත්තලාය. ඒ කාපු කෑම කොහොමද කියනවා නම්, අවුරුදු එකහාමාරක් වෙන්නත් ඇවිත් තාමත් දිරව ගන්න බැරිව, බඩ කොර වෙලා, අනාත නාත වෙලා ඉන්නවාය. මොකා කලත් ඒක ඉතා හොඳ වැඩක්ය. මේ රට ළෝකෙන් උතුම් රටෙයි කිව්වාට මෙහේ ඇති ලබ්බක් නැතිය. අපිට ගොඩ එනවා නම් ගොඩ එන්නේ වෙන්නේ, අනුන්ගේ පිහිටෙන්ය. අපිට ඕක මහා ළොකු ප්‍රොජෙක්ට් එකක් උනාට, චීනාට ඕක පඩයක් තරම් වත් වටින්නේ නැතිය. යහපාචනේට කොරන්න තිබ්බේ, ඕක තවකාලිකව හෝ නවත්තන එක නොව. අනේ චීනෝ පුළුවන්නම් තවත් එකක් හදපන් කියා චීනාට වඳින එකය.

Apr 1, 2016

ඕයි ජිනීවා - අපි දැන් හොරා කන්නෙ නෑ.... - Hey Geneva - By Ajith Kumarasiri



 2500 න් කන බන්ධුලයයි, රුපියල් සීයේ හිඟන්නයි.. ඇමරිකන් ඩලසුයි ජීනීවා ගිහින්... උන් ටික ඇඳන් ඉන්න හැටි දැක්කම කිසි කෙනෙක් ඉන්න තැනක ඉන්න බෑ.. නෝන්ඩි වෙනවා.. මොකෝ හිනා යන්නේ වෙන තැනකින්.. මුන් ජිනීවා බ්ලාස්ට් කරන්න හිටපු උන්.. අද වන්දනාවේ යනවා.. මම හිතන්නේ මහින්ද එක්ක යන්න නැතුව ඇත්තේ... අල්ලලා විදුලි පුටුවේ ඉන්දවයි කියලා වෙන්න ඇති. විමලයත් ලෙමන් පෆ් කේස් එක නිසා නෝන්ඩි. අනික් උන්ටත් නඩු පිට නඩු.. ඒ නිසා ලෙඩ අඩුම තුන් කට්ටුවක් යවලා තියෙන්නේ..