සාමය.. අද නොවේ හෙට
➖➖➖➖➖➖➖💀➖
ලෝක සාමය කියන්නේ පට්ට පල් බොරුවක් වගේම... ජාතීන් අතර සාමය කියන්නේ සාපයක් හා විහිළුවක්ම බව දැන් මිනිස්සු තේරුම් අරගෙන තියෙනවා...
ඒ නිසා දැන් දේශපාලන නායකයින්ට හා රාජ්‍ය නායකයින්ට තව දුරටත් මින්ස්සු අන්දන්න බෑ... දැන් කියන්නේ ගේම නම් ගේමෙන්ම ඉඳපන් කියලා...
ඒ නිසා ඊජිප්තු, ජෝර්ඩාන් හා මැද පෙරදිග රාජ්‍ය නායකයින්ට ජෝ බයිඩන් එක්ක දාගත්ත මීටින් රැස්වීම් ඔක්කොම කැන්සල් කරන්න වෙනවා...
ඒ වගේම ලෝක සාමය වෙනුවෙන් අටවා ගත්තය කියන ත්‍රස්තවාදීන්ගේ මහගෙදර වන එක්සත් ජාතීන්ගේ සංවිධස්නයේ දෙබිඩි පිලිවෙත හා නිරුවත දැන් හොඳටම පේනවා..
ඒ නිසාම තමා ඊශ්‍රායලය ඔය ඉලව් සංවිධානයේ නැත්තේ..
ඊශ්‍රායලය පලස්තීනූවන්ගෙය කියලා කියන උන්ට මට කියන්න තියෙන්නේ කරුණාකරලා ඉතිහාසය හදාරන්න කියලා විතරයි.. පුලුවන්නම් The Ten Commandments කියන චිත්තරපටිය හරි හොයාගෙන බලන්න....
ඇමරිකාව... ඊශ්‍රායලට වගේම පලස්තීනයටත් ජෝර්දානය හා ඊජිප්තුවටත් වාර්ෂිකව විශාල මුදලක් හෙවත් ජරාවක් ලබා දෙනවා.. ඒ ඊශ්‍රායල ජනතාවගේ පැවැත්ම හා ආරක්ෂාව වෙනුවෙන්...
ඒ වගේම .. ඇමරිකාව වගේම බලවත් අනෙකුත් රාජ්‍යයන්.... ත්‍රස්තවාදී කණ්ඩායම් බිහි කරන්නත්, ඒවා පවත්වාගෙන යන්නත්, පුහුණු කරන්නත්, විශාල මුදලක් පොම්ප කරනවා...
හමාස් කියන්නෙත් යසර් අර්පත්ට විරුද්ධව ඊශ්‍රායලය හා ඇමරිකාව එකතු වෙලා හදපු එහෙම ත්‍රස්තවාදී සංවිධානයක්...
දැන් උන්ගෙන් ඉල්ලගෙනම කන එකත් දෛවයේ සරදමක්...
අද උන්ට ඇමරිකාව දෙනවට වඩා ආධාර යුරෝපයෙන් හා මැදපෙරදිගෙන් ලැබෙනවා... ඒ ඊශ්‍රායලය ආක්‍රමණයට හා යුදෙව්වන් සමූල ඝාතනය කිරීමට.. අද උන් ඉන්නේ අයිසිස් මතයෙමයි...
හමාස් නෙමේ.... ඉස්ලාම් මූලධර්මවාදයේ ආරම්බය හෙවත් තලෙයිබාන් බිහිකලෙත්... ඔසාමා බින් ලාඩන් බිහිකලෙත් ඔය බලවත් බටහිර රාජ්‍යයන්ම තමයි...
ලෝකේ තියෙන ත්‍රස්තවාදී කණ්ඩායම් වල මූලස්ථාන සියල්ලම තියෙන්නෙත් යුරෝපයේ, එංගලන්තයේ හා කැනඩාවේ...
එයාලට ළඟදීම තේරෙයි ඕවයේ ආදීනව... මොකෝ එයාලට විරුද්ධ බල කඳවුරක් දැන් බිහි වෙලා ඉවර නිසා...
ඉදින් කවදාවත් මේ වර්ගවාදය... ආගම්වාදය... කුල මල බේද, දේශසීමා අරගල... ආක්‍රමණ... මේ ලෝකෙන් තුරන් වෙන්නේ නෑ... ලෝකය පවතින තුරා ඒවත් පවතිනවා...
ඊට හේතුව තමා ප්‍රේමය වපුරන මිනිසුන්ට වඩා... වෛරය කර තබාගෙන යන ත්‍රස්තවාදීන්ට මිලේච්ඡත්වයට මිනිසුන්ගේ උපතින්ම ඇති කැමැත්ත...
මිනිසා කියන්නේ මනසින් උසස් කිව්වට... මේ පිරිස තාමත් අමු තිරිසන්නු... ඔවුන්ගේ බලය වැඩියි... පිරිස වැඩියි...
ඒ නිසා තමයි ඊශ්‍රායලයේ අහිංසක මිනිස්සු ප්‍රාණ ඇපකාරයින් ලෙස තබාගෙන අහිංසක පලස්තීන ජනතාව මිනිස් පලිහක් ලෙස තබාගෙන ඔවුන් අතරේම ඉඳගෙන හමාස් ත්‍රස්තවාදීන් ඊශ්‍රායලයට රොකට් ගහන්නේ... පලායන මිනිස්සුන්ට ඊජිප්තුවට පලා යාමට ඉඩ නොදී හමාස් ත්‍රස්තවාදීන් "රෆා" බෝඩර් ක්‍රොසින් ගේට් එක වහගෙන ඉන්නේ..
ගොඩාක් අමණයින් නොදන්නා දෙයක් තමා... පලස්තීන සම්බවයක් සහිත අරාබි ජනතාව විශාල ප්‍රතිශතයක් ඊශ්‍රායලය තුල යුදෙව්වෝ වගේම උසස් ජීවන රටාවක් සහිතව ජීවත් වෙනවා කියනෙක.. ඒ වගේම ඔවුන්ගේ නියෝජිතයින් ඊශ්‍රායල් පාර්ලිමේන්තුව වන කෙනසෙට් එකෙත් ඉන්නවය කියන එක.
ඒ බුද්ධියක් තිබුන උගත් පලස්තීන මිනිස්සු... හමාස් එකට එකතු වෙන්නේ දරිද්‍රතාවය අඩියෙම ඉන්න පලස්තීනුවෝ... ගාසා එකේ පාලනය තනිකර තියෙන්නේ උන්ට... ගාසා තීරයේ ඉන්න සියලුම පලස්තීන ජනතාව උන්ගේ ප්‍රාණ ඇපකාරයෝ...
ඒ වගේ මිලේච්ඡයින්ට තමා... මිනිස්සු මිලේච්ඡ ලෙස ඝාතනය කරලා... ඒ මළකදන් මැද්දෙ පෝඩියම් එකක් තියලා... ඩොක්ඩර්ස්ලා ලව්වා මාධ්‍ය සාකච්ඡා තියන්න පුලුවන්... උන් ඒ තරම් මිලේච්ඡයින්
ඒවා ලෝකයට පෙන්වන මාධ්‍යවේදී ත්‍රස්තවාදීන් වගේම ආයතනත් ඔවුන් සතුයි... අල්-ජසීරා කියන්නේ එවන් ආයතනයක්... කටාර් ෆන්ඩ් කියන්නේ ජිහාඩ්කරණය වෙනුවෙන් ඕන තරම් වියදම් කරන ආයතනයක්...
ඉදින් මේ හමාස් වෙනුවෙන් පෙනී ඉන්න උන්ගේ ක්‍රියා සාධාරණීකරණය කරන ඕන එකෙක් මට අනුව... අමු ත්‍රස්තවාදියෙක්...
මුන් වෙනුවෙ අඬන වැලපෙන මෙහේ ඉන්න හාල්පාරූ දේශපාලුවෝ ... අමු නෝන්ජල් පිම්පියෝ...
ඒ නිසා අපි පෙනී ඉන්නේ... ත්‍රස්තවාදීන්ට, ත්‍රස්තවාදයට, එරෙහිව තියෙන එකම වාදය වන, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්ම පමණයි..
ඒක ආරක්ෂා කර ගන්න අප ලියන කියන දේ... ත්‍රස්තවාදීන්ට... ත්‍රස්තවාදය, ආගම්වාදය, ජාතිවාදය ලෙස පෙනුනට, අපට කරන්න දෙයක් නෑ...
මොකෝ තොපේ වෛරී ත්‍රස්තවාදයට වඩා..
අපට ප්‍රේමය හා මිනිසත්කම බොහෝම වටිනවා..
.
