.

.
Showing posts with label Ganja. Show all posts
Showing posts with label Ganja. Show all posts

Oct 11, 2022

බොරුවෙන් රට වැනසේවී, ඔබටත් පව් පලදේවී.

 


මහ බැංකුවේ ලොක්කා කියන්නේ දැන් ආර්ථිකේ හොඳයි කියලාය. ඒ උනාට ඉන්ධන නැවකට ගෙවා ගන්න සල්ලි නැතිව දවස් ගානක් තිස්සේ අවුට් හාබර් එකේ පාක් කරලා තියෙනවාය. ඒ කියන්නේ මහ බැංකුවේ මහ එකා මහ දවල් ඇදබාන්නේ මහ බොරුය.

ලංකාවට එන ඇරොප්ලේන් වලට මෙහේ ගහන්න ගුවන් යාන තෙල් නැතිවත්, උන් කොහෙන් හෝ ගහගෙන මෙහේ එනවාය. සුද්දෝ හෙවත් ටුටුවරිස්ට්ලා පෝලිමේ එනකොට අරගල කාරයන්ටයි, වාමාංශික ලිබ්බන්ටයි, සජිත් ප්‍රේමදාසටයි කිරි පණු ගාය තද වෙනවාය.

උන්ට අවශ්‍ය වන්නේ මේ රට වැටුන වලෙන් ගොඩ ගැන්මට නොව, කාබාසිනියා කර දැමීමටය. ඒ නිසා නැවතත් ගෝල්ෆේස් එනවාය. මේවා ආරම්බයේදීම නවතා නොදැමුවහොත් සිඳුවන දෙය අමුතුවෙන් කියන්නට ලියන්නට ඕනෑ නැතිය.

අලුත්ම ෂෝ එක උද්ඝෝෂණ කාරයන්ගේ ලැක්චර්ස් පොලීසියටත්, පොලීසියේ ලැක්චර් උද්ඝෝෂණ කරනා මූසලයන්ටත් පවත්වන එකය. මේ විකාර නැතිව පෙලපාලි යන උන්ට බැටන් චාර්ජ් එක දුන්නාම වියදමත් අඩුය. කඳුළු ගෑස් වලින් ඇතිවන පීඩා ඇති වන්නේත් නැතිය. එමෙන්ම මේවාට  හැමදාම එන උන් ත්‍රස්තවාදය යටතේ අත් අඩංගුවට ගත යුතුය.

රට ගොඩ ගැන්මට රනිල්ට හැර වෙනත් කිසිඳු දේශපාලයකුට තබා මහ බැංකුවේ එකෙකුටවත් දැක්මක් හෝ වැඩපිලිවලක් නොමැති බව අවිවාදිතය. ඒ තබා අර්බුධය කුමක්දැයි කියන්නටවත්, අර්බුධයට හේතුව කුමක්දැයි කියන්නටවත් එකෙකුට හෝ අවබෝධයක් නොමැති බවත් අවිවාදිතය.

මේ රට ගොඩගැන්මට කප්පරක් ආයතන සමිති සමාගම් හෝ පුද්ගලයින් අවශ්‍ය නොවනා බව මාතලන්ගේ මතයයි. රණසිංහ ප්‍රේමදාස පන්නයේ හෝ මහින්ද රාජපක්ෂ මොඩලයේ එකාධිපතියකුට එය ඉතා පහසුවෙන් කළ හැකි බව මාතලන්ගේ මතයයි. 

ඔවුන් දෙදෙනාම මේ ආර්ථිකයට එක් කළ දායදයන්, විනාශයන්ට වඩා වැඩි බව මගේ මතයයි. 2008/09 ලෝක ආර්ථික අවපාතයක් යටතේ යුද්ධයකුත් සමඟ රට ගෙනගිය ආකාරයත්, යුද්ධයෙන් පසු අප මැදි ආදායම් රටක් බවට පරිවර්තනය වූ බවත් බොරු නොවේ. 

කරුමය වූයේ යහපාලන ආන්ඩුව මඟින් ඒ සියල්ල නවතා දැමීමත්, කිසිඳු මහා පරිමාණ යෝජනා ක්‍රමයක් ආරම්බ නෝකිරීමත්‍ය. ඒ ගැන අනන්තවත් ලියා ඇති නිසා නැවත ලියන්නට යන්නේ නැතිය. පෝට් සිටිය නවතා දැමීමත්, හබන්තොට වරාය චීනාට විකුණා දැමීම ඔවුන්ගේ ආර්ථික දැණුම කුමක්ද කියා ලෝකයටම පෙන්නුම් කළේය. ඒවාට මුල් වූයේද සිරිසේනගේ තීරණ වලට වඩා රනිල්ගේ තීරණයන්මය. ඒ දේශපාලන කුහක කම හේතුවෙන් රට විනාශ කිරීමේ ආරම්බයය.

වත්මන් ආර්ථික ගැටළුව ගැන අවබෝධයක් වත්මනෙහි රනිල්ට තිබුනද, ඒවාට විසඳුම් යෝජනා ඉදිරිපත් කර තිබුනද, ඒවා ක්‍රියාත්මක කිරීම පසෙක තිබියදි, පෙර පරිදිම කරන්නට යන්නේ, බයිලා ගසමින් කල් මැරීම බව කනගාටුවෙන් වුවත් කිව යුතුමය.

රටේ ප්‍රධානම ප්‍රශ්ණය ආර්ථික බංකොලොත්භාවයව තිබියදි, ඔහු දැන් කතා කරන්නේ 22 වන ව්‍යවස්ථාව, චන්ද ක්‍රමය, කොමිසන් සභා, ජන සභා වැනි වඳුරු කුණුහබ්බය. මේවා කරා කියා මිනිස්සුන්ගේ බඩ පිරෙන්නේ නැතිය.

ඔය කියන බඩකඩුත්තු ඔක්කෝම මේ රටේ නොතිබුන දෑ නොවේ. රට බංකොලොත් වූයේ ඔය සියල්ලම තිබියදි බව හැම එකාටම අමතකව ඇත. උන්ද රනිල් දෙන මේ දිරච්ච ලණු වල එල්ලෙමින් කල් මරමින් ආතල් එකේම සිටී. ඒ අතරේ රට හැදීම පසෙක තබා රනිල් කරන්නේ පක්ෂය හදන එකය.

ඒ අතින් මේ මළ සමයන් සියල්ල ප්‍රතික්ෂේප කරනා සජිත් ප්‍රේමදාසටත්, ජෙප්පන්ටත් අපේ ගෞරවය හිමි විය යුතු අතර, පාර්ලිමේන්තුවේ පෝට්ටු බයියන්ද කළ යුත්තේ, 22 පරාජය කර දැමීමය.

ඉන් පසු රනිල්ට බලකර කියා සිටිය යුත්තේ, බයිලා සමඟ මළ සමයන් නැටීම නවතා දමා  ආර්ථිකය ගොඩ ගැනීමට කටයුතු කරනා ලෙසය. 

අවම වශයෙන් රට ගොඩගැන්මට මෙතෙක් ගෙන ආ ඉතා පහසුවෙන් ක්‍රියාත්මක කළ හැකි, ඩයනා ගමගේ ගෙන ආ සරළ යෝජනා හෝ මහ පොළොවේ පැල කිරීමට රනිල් අසමත් වීම ඉතා අවාසනාවන්ත තත්වයකි.

අඩුම ගනනේ දැන් පෝලිමේ පැමිණෙන සංචාරකයන් හා දේශීය සංචාරකයින් වෙනුවෙන් නිශාචර ඉකොනමියක් ඇති කිරීම සඳහා, බාර් රාත්‍රී 12 දක්වාත්, රෙස්ටුරන්ට් පාන්දර 2- 3 දක්වාත් විවෘත කර තැබිය යුතුය. තවද ගල් බෝතලයට හා බියර් වලට ගහනා හෙන ගහනා බදු අඩු කළ යුතුමය.

එමෙන්ම ගංජා වගාව මෙන්ම ගංජා පානයද නීතී ගත කළ යුතුය. ටුබෑකෝ කොම්පැනිය හෙවත් දුම්කොල සමාගමට කියා සිටිය යුත්තේ ගංජා සිගරට්ටුවක් හඳුන්වා එය අපනයනය කිරීමද ආරම්බ කළ යුතු බවය. මන්ද ගංජා වලින් පිලිකා ඇති නොවනා නිසාය. ඒ ලැබෙන බදු මුදල් වලින් ආන්ඩුවේ උන්ගේ පඩි නඩි පවා ගෙවිය හැකි වන්නේය.

සතයක් හෝ වැය නොවී, කිසිවකුටත් ණය නොවී පහසුවෙන් ක්‍රියාත්මක කළ හැකි මෙවන් දේ හෝ නොකර වැල් බයිලා ගසමින් කල් මැරීමෙන් සිඳුවන්නේ සාගතයක් වෙත රට ගෙනයාම බව නොකියා සිටිය නොහැකිය. එවිට ව්‍යවස්ථාව හෝ ජන සභාව කෑවාට බඩ පිරෙන්නේ නැතිය.





Jun 17, 2016

ගංජා වලට බය අප්ඩෙට් නැති ලෝකල් ඩොකාලා - Local Docs with Delusional disorder


Confession of a Doctor Who Drank Cannabis Oil: “I Had Cancer, Cannabis Oil Brought My Life Back”

මුලින්ම පැහැදිලිව සඳහන් කල යුතුව ඇත්තේ, මෙම ළිපිය සියළුම වෛද්‍යවරුන්ට අදාල වන්නක් නොවනා බවය. 

මාතලන් ගංජා වැවීම පිළිබඳව ළිපියක් ලියන්න උන්නේ බොහෝ කලෙකට පෙරය. එය ඉස්මතු වූයේ, ලාල් කාන්ත සහෝදරයා ඒ ගැන ප්‍රසිද්දියේ කල ප්‍රකාශයක් නිසාමය. ඔහු කීවේද, මාතලන් ලීවේද, ගංජා ගහන්න කියා නොවේය. එය ආදායම් මාර්ගයක් කර ගන්නා එක ගැනය. මාතලන් විශේෂයෙන් ලිව්වේ, ඉතිහාසයේ පටන් අද වන තෙක් රජවරුන් යැයි ගොනාට අන්දා, අමු හිඟන්නන් පිරිසක් ලෙස ජීවත් වන වී ගොවියන්ට, එයින් ගොඩ ඒමේ වගාවක් ලෙස මෙය හඳුන්වා දිය නොහැක්කේ මන්ද කියනා කාරනයයි.

Jun 11, 2016

වී වෙනුවට ගංජා වවමු...! - Lets plant Ganja instead of Rice Cultivation

 
මාතලන් මේ කතන්දරේ ලියන්න උන්නේ, බොහෝ කලෙක පටන්ය. ඒත් අපි වගේ හාල්පාරුවෙක් මේවා කිව්වාට ගනන් ගන්නෙ නැති නිසා, ඉවසීමෙන් බලාගෙන උන්නේ, ටිකක් පරසිද්ද එකෙක් මේ ගැන හඬක් නගනා තෙක්ය. මේ ගැන ඉස්සෙල්ලාම හඬක් නැගුවේ රාජිත සේනාරත්න උන්නැහේය. එයා කිව්වේ දේශිය වෙදකමට අවශ්‍ය කරන ගංජා වවන්න පටන් ගන්න ඕනා කියාය. ඒත් ඊයේ මේ ගැන කතා කොලේ, මාතලන්ගේ හිත් ගත් විප්ලව කාරයෙක්ය. ඒ ලාල් කාන්ත සහෝදරයාය. උන්නැහේ "ත්‍රෛලෝක විජය පත්‍ර" නොහොත් ගංජා ගැනත් කතාවක් පවත්වමින් අපූරූ කතාවකුත් කිව්වේය.