මාතලන් බයියෙක් නොවුනද, 69 ලක්ෂයේ සාමාජිකයෙක් වන්නේය.. මේ 69 ලක්ෂයේ සිටිනා සියල්ලන්ම බයියන් යැයි කෙනෙකු සිතන්නේ නම්, ඔහු ලාංකීය දේශපාලනය පිළිබඳ මෙලෝ මලහත්තිලව්වක් නොදන්නා අඳබාලයකු විය යුතුය. මේ රටේ ආන්ඩු පෙරලන්නේ ඒ ඒ පක්ෂවලට කඹුරනා වහලුන් නොව මාතලන් වැනි මධ්‍යස්ත මතධාරීන්ය.
කෙනෙකු අප කිසිම ප්‍රතිපත්තියක් නැති අවස්ථාවාදීන් ලෙස හැඳින්වූවද, අපට නම් කීමට ඇත්තේ, දිනෙන් දින වෙනස් වන ලෝකය සමඟ වෙනස් විය නොහැකි සත්වයින් දේශපාලනික වශයෙන් පරාජයට පත් වී වියරු වටුන උන්මත්තකයින් පිරිසක් බවට පත්වනා බවය. මධ්‍යස්ථ මතධරීන් සැමදා ජයග්රාහකින්ය.
මාතලන් විශ්වාස කරන්නේ ලිබරල්වාදය, නිදහස් වෙළඳපොල ආර්ථිකය හා ලෝකයම එකම ගමක් යන සංකල්පයන්ය. එය වඩාත් හොඳින් ක්‍රියාත්මක කළ හැකි එකම කණ්ඩායම රාජපක්ෂ කඳවුර වන බව අද වාමාංශික දේශපාලන උස්තාද්ලා පවා පිලිගෙන අහවරය.
රාජපක්ෂලාගේ අනාගතය පවතින්නේ මෙන්න මේ කියනා මධ්‍යස්ත මතධාරීන්ගේ ලැදියාව මතය. මන්ද පොහොට්ටුවාදීන්ගේ චන්දය ඔවුනට සැමදා ලැබෙන නිසාය. මෙම මධ්‍යස්ත මතධාරීන් රාජපක්ෂලාට චන්දය ප්‍රකාෂ කරනුයේ අසාර්ථක පස් වසරක කාළකන්නි පාලනයක් එලවා දැමීම මූලික පරමාර්තය කරගෙනය. ඊට අමතරව සීඝ්‍ර ආර්ථික වර්ධනයක් හා සංවර්ධන ක්‍රියාදාමයක් බලාපොරොත්තුවෙන්ය.
එහිදි ඔවුන් බලාපොරොත්තු වූ ආකර්ෂණීය නායකත්වය රාජපක්ෂ කඳවුර වෙතින් ඔවුනට ලැබෙන්නේය. ඒ වසර 30 ක් ඇදි ඇදී ගිය යුද්ධයට විප්ලවීය තීරණ ගෙන සංග්‍රාමීය නායකත්වය සැලසූ නිර්භීත නායකයාය. ඒ ගෝඨාභය රාජපක්ෂ නම් අති සාර්ථක ආරක්ෂක ලේකම්වරයාය. කොළඹ ලෝකයේ ලස්සනම නගරය බවට පත් කල වැඩ කරුවාය. කිසිවකුටත් යටත් නොවී තීන්දූ තීරණ ගන්නා නිර්භීත නායකයාය.
මෙහිදි අප බලාපොරොත්තු වූ අපේක්ෂාවන් මෙන්ම, ජනප්‍රිය දේශපාලන පොරොන්දු මත බලාපොරොත්තු තබා සිටිනා පොහොට්ටු පාක්ෂිකයින්ගේ අපේක්ෂාවන් ගැනද අවධානය යොමු විය යුතුය. ඔවුන්ගේ අපේක්ෂා අතර බඩු මිළ අඩු කිරීම, පාස්කු ප්‍රහාරයේ වගකිවයුතු අයට දඬුවම් දීම, මහ බැංකු හොරුන්ට දඬුවම් ලබාදීම යන ඒවා මූලික කරුණු වන්නේය.
එහෙත් ආන්ඩුව ඒ 69 ලක්ෂයක් වූ ජනතාවගේ අභිලාෂයන් තේරුම් ගෙන තිබේද? කනගාටුවෙන් වුවත් කිව යුතුව ඇත්තේ මේ කිසිවක්ම අද දක්වා ඉටු වී නැති බවය. යුද්ධයේදී හා නාගරික සංවර්ධනයේදී වැඩ පෙන්වූ ඝෝඨාභය අද ඇත්තේ නැති බවය. ඒ නිර්භීත තීන්දූ තීරණ අද කිසිවක්ම අද නොගන්නා බවය. සුළු ප්‍රශ්ණ පවා ඔඩු දුවමින් ඇදෙන්නට තබා අවුල් ජාලයක් හා විහිළුවක් බවට පත්වනා බවක්ය..
දුන් ජනප්‍රිය දෙශ්පාලන පොරොන්දු ඉටුකොට නොමැති ආන්ඩුව දැන් තවත් ටොපියක් බයියන්ට හපන්නට දී ඇත. ඒ යහපාලන සමනලයින්ගේ ප්‍රජා අයිතියට කෙලින්නට යාමය. මේවා කතාවට පමණක් සීමා වුවහොත් නෝන්ඩි වන්නේ වෙනින් කවුරුත් නොව රාජපක්ෂලාමය.
20 වන ව්‍යවස්ථා සංශෝධනය, නැගෙනහිර ජැටිය යන කරුණු දෙකේදීම ආන්ඩුව අභ්‍යන්තර ගැටලුවලට මුහුණ පෑ අතර අද දිනය වන විට එය වඩාත් උග්‍ර තත්වයකට පත් වී ඇති බව බොරුවක් නොවේ. මෙය රාජපක්ෂලාගේ අභිමානයට කිසිසේත්ම හිතකර වාතාවරණයක් නම් නොවේ. ඔවුන් මතක තබා ගත යුතු දෙය නම් 2015 දී ඔවුන්ට බලය අහිමි වන්නේ විමල් වීරවංශ විසින් ගෙන ආ ආර්ථික ඝාතන අභ්‍යන්තරය කුමන්ත්‍රණය මගින්ම බවය.
මෙම කල්ලිය විසින් රාජපක්ෂ කඳවුරු කිහිපයකට කැඩී ඇති බවට මතයක් ගොඩ නගා අවසානය. ඒ අනුව, වියත්මග හා ඝෝඨාභය එක පිලකි. බැසිල් හා නවක පොහොට්ටු මන්ත්‍රීවරුන් තවත් කල්ලියකි. මහින්ද නාමල් හා ඒ දෙදෙනාගේ බැතිබර දායකයින් තවත් පිලකි. ඊට අමතරව ආන්ඩුව තුල විපක්ෂ බලවේගයකි. කලින් පක්ෂ 10 ක් වූ එම කඳවුර දැන් පක්ෂ 12 ක් බවටත් තව තව පිරිස් ඔවුන් හා එකතු වන බවටත් බත් කන හරකෙක් වන මංගොනාපිල පවසති.
විපක්ෂයේ කාර්යභාරය ඉටුකිරීමට ආන්ඩු පක්ෂයක් වුවමනා නැත. යහපාලන ආන්ඩුවටද සිඳු වූයේ මේ කරුමයය. පඹයාගේ හාල්පාරුවෝ රනිල්ගේ විප්ලවීය තීරණ සියල්ලටම හරස් කැපුවේය. අවසානයේ රනිල් වෙනුවට මහින්ද ගෙනවිත්, තමාගේ නොව මහින්දගෙත් හත් පොලේ ගා නෝන්ඩි කර එලවා දැමුවේය. එවන් කාළකන්නි, මහින්දලා ලැජ්ජා නැතිව ආයෙත් රෙද්ද අස්සේ දාගත්තේය. අද ඒ පඹ උකුස්සා හා පඹ රැලද ගෙමට බැස ඇත.
මේ කල්ලිවාදී ගෝත්රවාදී ගැටුම් විපක්ෂයේ අමානන්දයට හේතු වූවද පාක්ෂිකයන්ගේ මෙන්ම ආන්ඩු හිතවාදින්ගේ පිලිකුලට බඳුන් වී අවසානය. ජනතාව කළකිරී අවසානය. වහාම මේ ගැටුම් නිරාකරනය කර නොගන්නේ නම්, ආන්ඩුවේ ජනප්‍රියතාවය වේගයෙන් ගිලිහී යන බව කනගාටුවෙන් උවත් ලියා තැබිය යුතුමය. නිරාකරණය කර ගත්තද මේ පඩත්තලයින් පිරිස සිඳුකල හානිය සුළුපටු නොවන බවද සඳහන් කල යුතුය.
රාජපක්ෂලා බලයට ගෙන එන්නේ හා ඔවුනගේ බලය රඳා පවතින්නේ සිංහල බෞද්ධ ජනපදනම මතය යන්න රහසක් නොවේ. දැන් දැන් එම පිරිසද ආන්ඩු විරෝධීන් බවට පත් වී අවසානය. ඔවුනගේ පඬු පැහැ ප්‍රජාව දැන් වෙනත් නායකත්වයක් වටා රොඳ බඳිමින් සිටි. ඒ අනුව බලන කල එම බලවේගයේ සහාය ඔවුනට ලැබෙන අවසාන අවස්ථාව මෙය බවට පත් වීමට බොහෝ සෙයින් ඉඩ ඇති බවක්ද පෙනේ.
මේ සියල්ලන්ම රඟන්නේ මහින්ද රාජපක්ෂ නම් මහා චරිතයේ ප්‍රතිභාව වටාය. කිසිවකු හෝ මහින්ද රාජපක්ෂ බලයේ ඉන්නේ තමන් නිසා යැයි කියන්නේද, ඌ එක්කෝ පිස්සකු විය යුතුය, එසේ නොමැති අමු කුහක ගුණමකුවකු විය යුතුය. ඒ අනුව මාතලන්ගේ නිගමනය නම්, මහින්ද දේශපාලන නායකත්වයද, බැසිල් පරිපාලනයද කරනාතරේ, ජනාධිපති තුමා තීන්දූ තීරණ ගත යුතු බවය.
ආන්ඩුව කරන දෙයක් හෝ කැපි නොපෙනීමට ප්‍රධානතම හේතුව ලෙස මා දකින්නේ මහින්ද නම් ඒ ප්රතිභාවය ජනතාවගෙන් දුරස් වීමයි. අනිවාර්යයෙන් මහින්ද මහත්තයා නැවතත් සක්‍රීය දේශපාලනයට පැමිණිය යුතුය. විශේෂයෙන් වත්මන් ජනපති ගෝඨාභය දේශපාලනයේ ඉදිරි ගමනක් නොයන බවට ඉඟි කොට ඇති නිසාත්, දේශපාලන චරිතයක් වීමට ඇති අකමැත්ත මතත්, මහින්ද මහතා නිහඬව සිටීමත්, රාජපක්ෂලාගේ ප්‍රතිභාවට කරන්නේ විශාල හානියකි. එක එක හාල්පාරුවන් වීරයාගේ මේන් රෝල් එක මෙන්ම එකවිට දුෂ්ඨයාටත් රඟපාමින් හීරෝලා වන්න යන්නේ මේ හේතුවෙනි.
එමෙන්ම ආර්ථිකය මෙන්ම විදෙස් ප්‍රතිපත්තිය වෙනුවෙන් මෙතක් ගනු ලැබූ තීන්දු තීරණයන්ද ආන්ඩුවේ ප්‍රතිරූපය නැංවීමට කිසිසේත්ම ඉවහල් උනේ නැතිය. පැමිනි විගසම ලබා දුන් බදු සහන කිසිවක් ජනතාවට ලබුනේ නැති අතර, එහි වාසිය ගියේ ව්‍යාපාරික ප්‍රජාවටය. හාල් වලට හමුදාවේ ඩේටා බේස් චන්ඩි දමා ගැසට් ගැහුවත්, ජයගත්තේ හාල් මුදලාලිලාය.
ඩොලරය පාලනය කරමින් තිබෙන්නේ බලහත්කාරයෙන්ය. මුදල් අච්චු ගැසීම නිශ්පාදන ආර්ථිකයක් ඇති රටකට ඔරොත්තු දිය හැකි වුවද අවන් ආර්ථිකයක් නොමැති අප වැනි රටක් ඒ තිරණය මඟින් තව දුරටත් ආර්ථික වශයෙන් හිර කර දමනු ඇත. මේ යෝජනා ගෙන ආ උන්ටම දැන් දැන් ඒවා වැටහෙමින් පැවතියද විලි ලැජ්ජාව නිසා අකුලා ගන්නේ නැතිය. එහිදි අප බලාපොරොත්තු වූ නිදහස් වෙළඳ පොල ආර්ථිකයට වදින්නේ මරු පහරකි. මේ සෙල්ලමෙන් ආර්ථිකයට වෙන්නේ කොටස් වෙළඳ පොළට සිඳු වූ දේ මිස වෙන කිසිවක් නොවේ. බොරුව කිසිදා ජය ගන්නේ නැත. බලෙන් ගිල්වා තබා ඇති රබර් බෝලය ළඟදීම වතුර මත පාවෙනු ඇත.
බැසිල් හෝ කාගේ හෝ තීන්දුවකට අනුව ඩඩ්ලි හා මුදලාලිලා 4 දෙනෙක්ගේ මනදොල සපුරනවාද එසේ නොමැති නම් 69 ලක්ෂයට සාධාරන මිළකට හාල් ටිකක් ලබා දෙනවාද යන්න බාස්මති කන රාජපක්ෂලාට බාරය. මන්ද රටට වඩා බඩ ළොකු නිසාය. සමාන්‍ය ජනතාවට ජීවත් වීමට අපහසු තරමට බඩු මිළ ඉහළ බව ආන්ඩුවත් පිලිග්නිමින් සිටි. එහෙත් දෙනවා යැයි කියූ සහන කිසිවක් මේ වන විට ජනතාවට ලැබී නැත්තේය. ජාත්‍යාලයට වඩා බඩගින්න ලොකු බව 2015 ජනෙල් පොල්ලේ එල්ලුන අයට අමතකව ඇත්නම් අපිට කියන්න වෙන්නේ සොරි ඩොට් කොම් කියලාය.
ආනයන නීතී රීතී නිසා ඒ මත පදනම් වූ වෙළඳාම් සියල්ලම නන්නපෝල්ය. උන්ගෙන් ඇහුවාම අම්මමෝ නැතිව බනින්නේ රාජපක්ෂලාට නෙමේය. රාජපක්ෂලා බලයට ගේනා අපටත් නෙමේය. අපේ අම්මලාටය. සම හරක් දන්දිනා හාමිනේටත් බනිනවාය. ඇත්තට ඒ අම්මලා ගැන අපිට හරි කනගාටුය.
ජැටිය නිසා ඉන්දියාව තරහා කර ගත්තේය. ආන්ඩුව බිස්නස් කරන්නට සැරසෙන්නේය. මේවා 1970-77 ත් අතර ක්‍රියාත්මක කොට සිරි ලංකා නිදහස් පක්ෂය ආසන 8 ට බස්සා ජේ ආර්ට 5/6 ක බලය ලබා දුන් අමු ගොන් තකතීරූ තින්දුය. ලෝකය එකම ගම්මානයකි. දියුණු වූ රාජ්‍යයන් සියල්ල දියුණු වී ඇත්තේ තනිවම නොවේ. ජාත්‍යන්තරය හා එක් වීමෙනි.
එක රටක් මත යැපෙන්නට යාමත් මෝඩ ක්‍රියාවකි. ජිනීවා වලින් කොකු පිට කොකු එන්නේ හේතුවක් නැතිව නොවේ. එවායින් කල හැකි ලබ්බක් නැති වුවද, ජාත්‍යන්තරයෙන් කොන්වීම නම් අනිවාර්යයෙන් සිඳු වේ. ආර්ථිකයේ අති බහුතර කොටස විදෙස් රටවල් හා පවතින භාන්ඩ හා සේවා මත යැපෙන රටක්, මේ තීන්දූ තීරණ ගත යුත්තේ ඉතා පරිස්සමටය.
ඒ අනුව අපට කීමට ඇත්තේ, ආන්ඩුවට සහ සම්බන්ධ පිරිස්ද, 69 ලක්ෂයක් වූ ජනතාවද ඉතා කළකිරීමෙන් ඉන්නා බවය. මන්ද මේ බොහෝ දෙනෙකුට නොතේරෙන කරුණ නම්, වසරකින් දෙකකින් ගොඩ ගිය රටවල් ලෝකයේ තිබුනේ නැති බවය. අඩු ගානේ මේ සරළ සත්‍යය හෝ තේරුම් කර දෙන්නට එකෙක් ආන්ඩුවේ ඇත්තේ නැතිය.
අප නම් ආන්ඩුව කෙරේ තවමත් බලාපොරොත්තුවේ දෑස් දල්වා ගෙන සිටින්නේය. එහෙත් සියල්ලෝ එසේ නැතිය. කළකිරුන පිරිස් නැවත් ගෙන ඒම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ..
ඒ වගත් මෙසේය...