.

.

Apr 27, 2020

රණවිරුගාය හා ගොබ්බ මාධ්‍ය




නාවික හමුදාවේ විශාල පිරිසකට කොරෝනා වැළදීම හේතුවෙන් සියල්ලෝම කලබලයට පත්ව ඇත....

මේ හේතුවෙන්....

රණවිරුවන් මිනීමරුවන් ලෙස හැදින්වූ උන්ට රණවිරුගාය ඉස්මුරුත්තාවටම වැළදී ඇති අතර....

රණවිරුගාය වැළදී උන් පිරිස... අන්ත අසරණව... 119 කෝල් කරමින් සිටිනවාය....

ඒ අව් අස්සේ.....

මෙතරම් පිරිසකට රෝගය වැළඳීම.... අංක 205 කුඩු කාරයාට බැරකොට සියල්ලෝ අත පිසදා ගැනීමේ මාජ්ජ මෙහෙයුමක් මෙන්ම....

වගකිව යුතු උන්ගේ හැසිරීමක්ද පැහැදිලිව පේනවාය....

කොහේ හෝ වැරදුන බව ඇත්තය.... ඇත්ත සඟවා බයිලා ගැසීමෙන් ඵලක් නැත්තේය...

කොරෝනා මැඩලීමට පූර්වාදර්ශ ඇත්තේ නැතිය.... ඉගෙන ගන්නට වෙන්නේ වැඩේ රන් කරනා ගමන් හා නාගන්නා අතරමේය...

වලවල් වල වැටිම මොලවල් වලට ඉතා හොදය...
එවිට ඒ වලේ නොවැටි ගමන යා හැකිය....

මුල සිටම ජඩමාජ්ජ හැසිරුනේ... පුකේ පැස්ටෝල් ගෑ බල්ලන් මෙන්ය.... මාජ්ජ සදාචාරේ තබා මිනිසුන්ට කතා කිරීමේ සදාචාරයවත් උන්ට තිබ්බේ නැතිය...

හිඟන මෝජෝ බූරුවෝ පොලිස්පතිගේ කැරැට්ටරේට ආරුඩ වූවෝය... රට උන්ටම යන සේයක් පැහැදිලිවම පෙනුනෝය..

රෝගින්ගෙ නොව... රෝගීන් යැයි සැකකරනා උන්ගේ කක්කුස්සියේ ගූ බෙට්ටත් උන්ට නිව්ස් එකක් උනේය... රෝගීන්ගේ පෞද්ගලිකත්වය උලුප්පමින් උන් කුඩු කාරයෝ කලෝය...

එංගලන්තේ ඔටුන්න හිමි චාල්ස්ට මෙන්ම.... අගමැති අංකල් ජොන්සන්ටද  කොරෝනා අසාදනය වූ බව මේ හිඟන්නෝ දන්නේ නැතිය....

ඉදින් නේවී කාරයාත් කුඩු කාරයෙක් උනේය...... ඔවුන්ගේ පෞද්ගලිකත්වය නැතිකරමින්... අඹු දරුවන්... නිවාස පමණක් නොව කක්කුස්සියද පෙන්නුවේ ඔවුන්මය....

අප මේ මළ විකාරවලට මුල සිටම විරුද්ධ වූයෙමු....

දැන් කල වරදෙන් ගොඩ ඒමට මෙලෝ රහක් නැති කොරෝනා ගී නවතා.... රණවිරු ගී ගැයීමේ වැඩ පිලිවලක් දැන් ආරම්බ කර ඇත....

ඒවායෙන් කල ඩැමේජ් එක නැති වෙන්නේ නැතිය... දැන් ත්‍රිවිධ හමුදාවම කාස කාරයෝය... මේවා පටන් ගත්තේත් ආන්ඩුවේම බූරුවෝය... ඒ හැඳල නිරෝධායන මධ්‍යස්ථානයට විරුද්ධව මෝඩ ජනතාව උසි ගැන්වීමෙන්ය....

ටී වී ඉදිරියේ සෙලබෙරටිලා වෙන්නට තම රැකියාවේ ගෞරවය පවා බල්ලාට දමමින්... හිඟන ටෝක් ෂෝ වල මෙන් .... තමන්ගේ පෞද්ගලික ජීවිතයේ විස්තර පවා හෙලිකොට... රැකියාවටද කෙල ගන්න ගිය පොලිස් ලොක්කෝ... අද පාඩමක් උගෙන ඇති බව පෙනේ....

මේ මාධ්‍ය විගඩම් දැන් හෝ නැවතිය යුතුය....

නැතිනම් මුන් හෙට අනිද්දා වන විට...

අනිල් ජාසිංහගේ බටු මෝජුව...

ශවේන්ද්‍ර සිල්වාගේ ටොයිලට් එක මෙන්ම

සෞඛ්‍ය ඇමතිනිය....

ඇඳුම් මාරු කරනා හැටිද පෙන්වීමට ඉඩ තියෙනවාය....

ඒ වගත් මෙසේය....

Apr 24, 2020

හූල් ෆූල් හා නූල් සූත්තර




මෙතෙක් කලක් උබුජ සමාජයේ හා විසිල් ගහන ඇන් ජී ඕ සමාජයේ වීරයා පමණක් නොව... රජුන් තනන ඇකඩමික් පඬියන්ගේ මීළග පොදු අපේක්ෂකයාද වූ මහින්ද දේශප්‍රියයානෝ.... 

ඒ උතුම් දනන්ගේ පරම හතුරා වී අවසානය....

දැන් ප්‍රහාරය දෙන්නේ වට කරලාය...

ඒ අස්සේ චන්ද එපා කියා උසාවි යන කොමිසමේ කලිසම් කෝට් ටයි අඳින හූල් දැන් ඔවුන්ගේ මුනි තුමාය... හකීම් හා සුමන්තිරන් අගසව්වෝ වෙත්....

ඉතා කලකිරීමට පත්වැ ඇති හූල් උතුමෝ.... ඩේලි මිරර් පත්තරේට ප්‍රකාශයක් දෙමින් පවසා සිටින්නේ....

මෙවන් තනතුරු වලින් මට ඇති කමෙක් නැත්... 

රාජ කාරියට රථ හා සේනාවෝ නොවෙත්...

ඉන්ධන දීමනාවන්ද රාජකාරි ගමන් බිමන් සඳහා නොසෑහේමයි.....

සේවකයින් අපට ප්‍රිය නොවේ.... උන් මහින්ද සමාගමය ප්‍රිය කරන්නො වෙත්....

යැයි කියා එකම මළ අඬෝවැඩියාවක්මැය....


මට නම් කියන්න තියෙන්නේ මහින්ද නියම ලීඩර් කෙනෙක් කියලාය.... 
ඒක හූල්ගේ ප්‍රකාශයෙන් ඉතා පැහැදිලිය....

ඕවාට නාහෙන් අඬ අඬා සිටිමෙන් ඇති සුගතියක් නැත්තේමයි.....

මේ ලෝක සම්මත සොලියුසොන් තුනෙන් එකක් අනුගමනය කිරීමෙන් අඬෝවැඩියාව නිමා කර ගත හැක...

1. ඉහත සඳහන් කල සමාජ කන්ඩායම් හා ඉන්ගිරිස් පුවත්පත් හා ජාත්ත්‍යන්තරේ සමග එක්ව මේ වගේ කැම්පේන් එකක් කර.... පෙස්සන් ගසා... ලෙඩ ඇද....  සේවකයෝ කොටවා.... මහින්ද එලවා.... සභාපති වීම..

2. ඉල්ලා අස්වීම

3. දෙන දෙයක් කා වෙන දේ බලාගෙන සිටීම...

මේ වගේ පර්සනැලටියක් නැති හාල්පාරුවෙක් කොමිසමට දාපු උන්ටයි ගහන්න ඕන...

මේක තනිකර පර්සනැලටි ඉෂූ එකක්...



Apr 23, 2020

ඒ කාළේ මගුල් මේස සැරසූ බිත්තර සලාදේ.....




මේ පින්තූරේ දැක්ක ගමන් කතා කොරන්න යන්නේ මක්කා ගැනද කියා දන්න උන් දන්නවාය....

තනමල්විල කොල්ලෙක් බලන වෙලේ... ඉස්සර අපිත් මඟුල් කෑවා නේ යකෝ කියා මතකෙට ඉබේම එනවාය....

මගුල් ගෙදෙට්ට මුලු ගමේම දායකත්වය ලැබෙනවාය.... ඔවා අස්සේ වෙන වෙන මංගල්ලත් සෙට් වෙනවාය....

මගුල් කෑම කියන්නේ මංගල්ලේ හොදම අවස්ථාවය... දවස් ගනන් බඩ විරේක කොට ඉස්මුරුත්තාවට එනකන් කා බී ඇවිත් අඩු පාඩූ කියනා එක අපේ සිරිතය....

මගුල් ගෙදරට වඩා හොදට ඇට්ටොන් ගෙදර මේසේ සැරසෙන්නේ ඇටෑක් සෝ එකටය... උන් හැන් බේකන් චීස් පුඩින් දුන්නත් ඒවායේත් ඇද කිව්වේ නැහ්නන් උන් හිංගලයෝ නෙමේය...

අද වාගේ පිඟානත් උස්සගෙන හිඟන්නෝ වගේ ඉන්න ඕනා උනේ නැතිය... මනමාලිගේ අම්මා හෙවත් මනමාල මහතාගේ නැන්දම්මා... වතුර වීදුරු ට්‍රේ එකක් අල්ලගෙන ගියේය... මුලින්ම අල්ලන්නේ අළුත් නෑ සෙට්ටෙකටය... ඉතින් කස්ටියට තියෙන්නේ කෑම මේසේ ඈදි ගන්නා එකය.... කෑම මඩුව ටිකක් දිගය... අඩුම 30-40 කට ඇදබාන්න ඉඩ තියෙනවාය.. ආර්ථික තත්වය අනුව මේසයේ දිග වැඩි උනේය... ඊට පස්සේ තියෙන්නේ හිතේ හැටියට ඇදලා අරින එකය.... කට්ටියක් ඉවර උනාම තා සෙට්ටෙකක් ඈදී ගන්නවාය...

අලුතෙන් යන සෙට්ටෙකට... වැදලා බහින නඩේ කට්ටිය අරක හොදයි මේක හොදයි කියනවාය... මගුල් මේසේ කෑම බීම සමාජ තත්වය අනුව වෙනස් වෙනවාය.... ව්‍යාජන වැඩි වෙන තරමට පවුලේ තත්වය රැකෙනවාය...

එදා ගමේ උන් කුකුල් මස් ව්‍යාංජනේ කෑවේ මගුල් ගෙදරකදීය... විශේෂ කෑම වර්ග වූයේ... කජු මාළූ...  ග්‍රීන්පීස් මාළූ... කටලස්... එළුමස් ඉස්ටු වගේ ඒවාය....

ඌරූ මස් හරක් මස් හැමදාම කෑ නිසා... හරකාට හා ඌරාට මඟුල් මේසෙට එන්න බැරි උනත්... කාමරේක ඉතා රහසිගතව කරගෙන ගිය වෙනත් රාජකාරියක් සඳහා සහභාගී වීමේ වාසනාව හිමි විය....

මගුල් ගේ දවසට කලින් බැද්ද පැත්තෙන් ඩෝං සද්දයක් ආවේ නම්... අර රහසිගත රැස්සීමට වයිල්ඩ් බෝද සහභාගී උනේය..

මගුල් මේසේ ඩැකරේසොන් එකට.. අයිස් කාවින්... වැජිටබල් කාවින් තිබ්බේ නැතිය..

ඒකට තිබුනේ... සලාද කොල උඩ නිවන් ගිය රෝස්ට් කුකුලෙක් දෙන්නෙක් හා  එග් සැලඩ් එකය... කෑවත් නොකෑවත් හැමෝම මේකෙන් එකක් බෙදා ගත්තේ... එහි තිබූ අලංකාර බව නිසාමය...

ඕනම මගුල් ගෙදරක අනිවාර්‍යයෙන් මේසය සැරසුවේ බිත්තර සලාදේය... බිත්තර සලාදේ කිව්වාට ඕකේ තිබුනේ එක බිත්තර පෙත්තය....

බොහෝ විට බිත්තර පෙත්ත තිබ්බේ උඩය.. සමහර තැන්වල බිත්තර පෙත්තට උඩින් කැරට් පෙත්තක්ද තිබුනේය...

ඕක හදන පිඟානේ හෝ දීසියේ යටම තිබුනේ සලාද කොලය... ඊට උඩින් පිපිඤ්ඤා පෙත්තකි... ඊට පස්සෙ පිලිවලින්.. බීට් පෙත්තක්... අල පෙත්තක්.. තක්කාලි පෙත්තක් හා ඉන් පසු බිත්තර පෙත්තක් තබා... ලුණු කුඩු හා ගම්මිරිස් ඉස තිබුනේය....

මගුල් ගෙදරට එන ඔක්කෝටම නැතත් ආරාධිතයින්ට සෑහෙන ලෙස මේවා රෙඩි කොට වෙලාසනම ලෑස්ති කොට තිබුනේ... ඕක නැත්නම් කාපු මංගල්ලයක් නැති නිසාය....

සමහර විට හැම එකාම මේවා නොකෑවත්... බෙදාගත්තේ...  තිබුන ලස්සන නිසාම වෙන්නට ඕනෑය... හැබයි ඕකේ ඇති ගුණවත්ම කොටස වූ සලාද කොලේ හැම එකාම ඉතුරු කළේ...

ඒක ඒ කාළේ ෆුඩ් කල්ට් එකක් නොවුන නිසා වෙන්ඩැතිය....

මම නම් පොඩි කාළේ කලේ.... බිත්තර පෙත්ත ඇර අනික් ඔක්කොම අහල පහළ උන්ට දී...... උන්ගේ බිත්තර පෙත්ත ඉල්ලා ගන්නා එකය...

ඒ වගත් මෙසේය....

Apr 18, 2020

කැප්ටන් ටොම් මුවර්



කව්ද මේ කැප්ටන් ටොම්....

විශේෂයෙන් එංගලන්තෙත්... බටහිර රටවලත් කොරෝනා වලටත් වඩා ජනප්‍රියම පුද්ගලයා....

විලියම් කුමාරයා පටන් ගත්ත කොරෝනා අරමුදලට පවුම් 1000 ක් එකතු කරන්න ටොම් මුත්තා එයාගේ වත්ත වටේ රවුම් 100 ක් වෝකර් එකේ සපෝට් එකෙන් ඇවිදිනවා කියලා පොඩි පබ්ලිසිටි එකක් දීලා වැඩේ පටන් ගන්නේ....

ඒ එයාගේ සෙන්චරි බර්ත් ඩේ එක දවසේ රවුම් 100 නිමාකරනවා කියලා...

වැඩේ පටන් ගත්තා විතරයි මුලු ලෝකෙන්ම ආධාර ගලාගෙන එන්න පටන් ගත්තා.... ලෝකේ ප්‍රසිද්ධ සැලබරිටිලා හෝ ගලා ආධාර එව්වා....

මුත්තා වැඩේ කොම්ප්ලීට් කරන කොට... අරමුදල පවුම් මිලියන 23 ක්... අද වෙනකොට පවුමක් රුපියල් 240 ක් විතර.... එතකොට ගාන හදලා බලාගන්නකෝ..... මොකෝ ඕක මම කියන්න ගියොත්... අර රෝසී සේනනායකට වෙච්චි දේ වෙනවා....

දැන් කැප්ටන් මුත්තා කොච්චර ජනප්‍රියද කියනවා නම් මේ කොරෝනා මැද්දේ සුද්දෝ පෙත්සමක් අස්සන් කොරනවා එලිසබත් හාමුට දෙන්න....

ඒ කැප්‍ටන් මුත්තට නයිට් නම්බු නාමයක් දෙන්නෙයි කියලා...

එතකොට එයා..

සර් කැප්ටන් ටොම් මුවර් වෙනවා...


බොත්තම් එබීම හා ඇට දෙක නැතිවීම




මම හිතන්නේ ලංකාවේ යාං හෑලී වැඩියෙන්ම හැදුනේ රණසිංහ ප්‍රේමදාසට.... ඒ කියන්නේ ඔය සජිත් ප්‍රේමදාසගේ තාත්තට.....

උන්නැහෙත් ඒ කාළේ ඔය වගේම ගොන් කතා කියන්න රුසියා...

ඔය සජියගෙ... බොත්තමක් එබුවම ඇටෙන්ඩන් එන කතාවයි..... සනීපාරක්ෂ තුවා හෙවත්.... පෑඩ්ස් හෙවත්.... පැණි අමුඩ නොමිළේ දීමේ කතාවත්.... කිව්වාම හොද යාං හෑල්ලක් මතක් උනත් ඒක ලියන්න වෙලාවක් තිබ්බේ නෑ..... අනික ... හරියට මතකයක් තිබුනෙත් නෑ...

පස්සෙ ඉස්සර බ්ලොග් ලියපු... දැන් මගේ බුකි මිතුරු ඉන්දික උපසාන්තගෙනුත් අහපු විදියට මේකයි කතන්දරේ.....

ඔය ප්‍රේමේ ජනාධිපති උන වෙලාවේ...සිරාට වගේම ලෝකේ හෙන පිලිගැනීමක් තිබ්බා... හේතුව ... සමාජයේ පහළම තැන ඉඳලා රටේ ඉහළම තනතුරට පත්වීමේ හේතුවෙන්....

කොටින්ම ජෝඩුවට ... චාල්ස් ඩයනා මගුලට පවා ආරාධනා ලැබුනා.... එතකොට පොර අගමැති....

ඉතින් ජනාධිපති උනාම ඇමරිකාවේ ජනාධිපති රේගන් මහත්තයාගෙන් ආරාධනාවක් ආවා ධවල මන්දිරේ ඩිනරෙකකට....

කවදා කාපූ ටකරන්ද කියලා නොදන්න අපේ මෑන්..... තිබුන ජාති හැම එකම කෙලලා ඇරියා ඉස්මුරුත්තාවට එනකම්.....

ටික වෙලාවකින් බඩ නිකං කරකවලා වගේ එනකොට..... බැරිම තැන ලොක්කා රේගන්ගෙන් ඇහුවා.... කොයිබෙයි ටොයිලට් එක කියලා.....

රේගන් අඟිල්ල දික්කරපු ගමන් ලොක්කා කඩාගෙන ගිහින් දොර ඇරියා...

හප්පට බොල වහපු කොමඩ්ඩෙකක් තියෙනවා.... අනේ දෙයියෝ බැලුවා වගේ ළඟට ගියා විතරයි පියන ඉස්සුනා.....

ලෝකේ තියෙන ලොකුම බර සැහැල්ලු කර ගත්ත ලොක්කට තරු පෙනුනේ......

 පුක හෝදගන්න බිඩේත් නෑ... බිඩේ ෂවරුත් නෑ... ටොයිලට් පේපරුත් නෑ... හිටගෙන හරි හෝදගන්න ටැප්පෙකක් සින්ක් එකක්කත් නෑ කියලා දැක්කම....

ඒත් සයිඩ්ඩෙකක තියෙනවා ස්විච් බෝඩ් එකක් වගේ එකක්... ඒකේ බොත්තම් හෝ ගාලා.... ඒක හෙමීට බැලුවාම වතුර මලක් වගේ බොත්තම එබුවා...

අම්මට හුටු දාපුවා ෆ්ලෂ් වෙලා... වතුර පාරක් විද්දා පුකට කෙලින්ම උන්ඩුක පුච්ඡ්‍යටම යන්න.... පොරට මාර ජොලි....

ඒකේ දෙපෑත්තේ තියෙනවා එකතු කිරීමේ ළකුණ තියෙන එකකුයි.... අඩු කිරීමේ ළකුණ තියෙන එකකුයි... ඒ දෙකත් ඔබලා ආතල් එකක් ගත්තා...

තේ කෝප්පේ වගේ එක එබුවාම උණ වතුර පාරක් ඇවිත් පුකත් පොඩ්ඩක් පිච්චුනා... ඒ පාර අයිස් කැට තිබුන බටන් එක ඔබලා යාන්තන් ෂේප් උනා....

ඒ පාර ටවල් එක තියෙන බටන් එක එබුවාම.... ටිෂූ එක එක්ක හැන්ඩ්ල් එකක් ඇවිත් පුක පිහදාගෙන ගියා... ඒකේ කිචියට ආයේ දෙපාරක් විතර ඔබද්දි පොර කල්පනා කරා යනකොට මෙයින් එකක් ලංකාවට ගෙනිහින් ජංගම විදියට හදාගන්නෝන කියලා....

ඔක්කෝම කරලා නැගිටින්න කලින්.... මිස් වෙච්චි බටන් එකකුත් තියෙනවා නේ යකෝ කියලා පොර ඒක දිහාත් බැලුවා.... ස්පොන්ජ් කෑල්ලක් තමා ඇදලා තියෙන්නේ බටන් එකේ...

ඕන පුකක් ප්‍රීතී වෙසක් කියලා... ඒකත් එබුවා.... එක පාරට අතක් ඇවිත් මොකක්ද උනා වගේ දැණුනම පොර අත දාලා බැලුවා...

හුටා ඇට දෙකම නෑ....

මේකට ගේම අදින්න ඕන කියලා එලියට ඇවිත් සරම හදන ගමන්.... ආයේ නිකමට දොර දිහා බැලුවා....

බැලින්නම් මේ යකා කලබලේ රිංගලා තියෙන්නේ ලේඩීස් ටොයිලට්ටෙකට....

අර බොත්තම සැනටරි පෑඩ් එක ගලවන බොත්තම....


Apr 13, 2020

මයිල් ඇන්ඩ් ඉස්මයිල් (13+)



මේරී නෝනගෙන් බේරෙන්නම බැරි තැන ඩේවිඩ් මහත්තයා ගෙදර වැඩට කෙල්ලෙක් ගෙනාවා....

කෙල්ල බොහෝම හැඩයි... කොන්ඩෙත් දිගම දිගයි... මේරී නොනට පොඩි ජෙලස් එකක් ආවත්... ගෙදර දොරේ වැඩ ටික කම්මැලි නැතිව කරන නිසා... එච්චර අවුලක් නැති උනත්... කෙල්ල දිහයි.... ඩේවිඩ් දිහයි කොයි වේලේත් විමසිල්ලෙන් ඉන්නත්මේ…… මේරි නෝනා නෙමෙයි අමතක කලේ හෙම.....

කොහොමද බං උඹට ඔච්චර ලස්සන දිග කොන්ඩයක් තියෙන්නේ... මොකක්ද උඹ දාන ෂැම්පු එක... කොන්ඩිෂනරුත් දානවද.... හැමදාම එකම ස්ටැයිල් නැතුව.... වෙන  ස්ටයිල් එකක් මං උඹට දාලා දෙන්නද....

අනේ මොන ඉස්ටැයිල්ද නෝනා.... මට උපන්දා ඉදලා එක කෙස් ගහක් නෑ.....

හෑ මොකක් කිව්වා.... එතකොට අතන....

හතරට පහට ඇඹරිලා අත් දෙකෙන්ම ගවුමටත් උඩින් එතන වහගත්ත කෙල්ල... බොහෝම හෙමීට....

අනේ කාටත් කියන්නෙ නෑ නේ නෝනා...  එතනත් නෑ මේ ඇත්තමයි කියන්නේ... කිව්වා....

ගෑණුන්ට පුලුවන්ය රහසක් රකින්න... ඩේවිඩ් මහත්තයා ගෙදර ආපූ ගමන් මේරි නෝනා තා ටිකක් අතිනුත් දාලා කතන්දරේ කිව්වා...

කරපු ගොන්කම තේරුනේ ඩේවිඩ් මහත්තයා ගෙනාපු යෝජනාවෙන්....

අනේ ඕයි මටත් ආසයි බලන්න... අපි මෙහෙම කරමු... ඕකි ඇත්තමද කියන්නේ බලන්න... තමුසෙ කියනවා හෙට හවසට අපේ කාමරේට ඇවිත් පෙන්නන්න කියලා..... මම ජනෙල් රෙද්දට මුවා වෙලා ඉන්නම්.....

ඔන්න ඉතින් ඊළඟ දවසේ ඩේවිඩ් මහත්තයා මේරී නෝනට කිව්වා.... හරි මං කාමරේට යන්නම්.. තමුසෙ කෙල්ලට කාමරේට එන්න කියනවා කියලා... කියපු ඩේවිඩ් මහත්තයා කලබලේට කෑම මෙසේ පුටුවත් පෙරලගෙන කාමරේට දිව්වා..

කෙල්ල කාමරේට ඇවිත් ඇදුම ගලවලා පෙන්නුවා...

අනේ නෝනා අපේ ගෙදර අම්මා ඇරුනම එක කෙල්ලෙක්කත් නෑ නේ... මම මගේ ජීවිතේට දැකලා නෑ... කෙස් තියෙනෙකක්... නෝනා පොඩ්ඩක් නෝනගෙ එකත් මට පෙන්නන්නකෝ.. මාත් කාටවත් කියන්නේ නෑ....

දැන් ඉතින් මක්කා කරන්නද.... මේරී නෝනත් ඇඳුම් එකිනෙක ගලවලා එයාගේ ස්ත්‍රී නිමිත්තත් පෙන්නුවා....

අරකි....  ඒකිට මගේ එක පෙන්නන්න කියපු වෙලාවේ.... මට මාර ලැජ්ජා හිතුනා අනේ....එදා රෑම මේරී නෝනා ඩේවිඩ් මහත්තයට කිව්වා...

තමුසෙ මේ මගුලක් කියෝනවා... තමුසේ හිතනවද තමුසෙට විතරයි ලැජ්ජාව කියලා....

එහා ගෙදර සිල්වයි.... ඉස්සරහා ගෙදර පෙරේරයි... ඊට එහා පැත්තේ ජෝනුයි මදිවට ඒ වෙලේ උන්ගේ ගෙදර ඇවිත් උන්න ඉස්මයිල් කියලා යාලුවෙකුත් උන්නා ජනෙල් රෙද්ද අස්සේ.....

හුදී ජන පහන් සංවේගය උදෙසා
සුද්දන්ගේ එකක් අපේ එකක් ලෙස
අනුවර්ථනය කොට ලියා පලකලේ......

© මහාචාර්‍ය මාතලන් වන මා විසින්...


Apr 12, 2020

සැබෑ නොවනා සමාජවාදී සිහිණය




සමාජවාදය හා ධනවාදය යනු යල් පිනූ ඉකොනොමි මොඩල් දෙකක්ය...

එකකින් කියන්නේ.... ජනතාව හෙවත් පුරවැසියා  ව්‍යවසාකයින් හෙවත් නිශ්පාදකයින් හා ආනයන අපනයන... තොග හා සිල්ලර වෙළදුන් වී .... ලාභය උපයාගත යුතු අතර...

අනෙකෙන් කියන්නේ.. සියලු ව්‍යවසායකත්වය  හා ලාභය රාජ්‍යය සතුවනාතර.. රාජ්‍ය විසින් දෙන දෙයක් කා වෙන දේ බලා සිටිනා එකටය....

1977 දී ජේ ආර් පප්පා ලංකාවට හදුන්වා දුන් සිංගප්පූරූවේ මොඩලය හෙවත් විව්‍ෘත ආර්ථිකේ හෙවත් ඕපන් ඉකොනොමියෙන් කියන්නේ.. සියළුම ආකාරයේ ව්‍යවසායකත්වයන් පුරවැසියාට පමණක් නොව පරවැසියාට හෙවත් ෆොරිනට්ස්ලාටද ඕපන් බවය....

ලෝකය වේගවත් සමාජීය ආර්ථික මෙන්ම තාක්ෂණ දියුණුවක් ඇති වූයේ මේ ක්‍රමය නිසාය... මොකා මොන බයිලා ගැහුවත් අදත් හැම එකාම ඒ සිස්ටම් එක ලංකාවේ ඇදගෙන ගියේ ඒ සිස්ටම් එකටමය...

අපේ ඔලමොට්ටල දේශපාලූ කාළකන්නින්ගේ ජාතිවාදය හා ත්‍රස්තවාදය නොවන්නට ලංකාවද සිංගප්පූරුවක් බවට පත් වී අවසානය....

එහෙත් මේ සියල්ල අතීතයය.... දැන් මේවා ගැන කතා කිරීමෙන් කිසිම දෙයක් බඩට වැටෙන්නේ නැතිය....

කොරෝනා මේ සියල්ලටම කෙලලා ඇරියේය... ඇමරිකාවේ පමණක් රැකියා අහිමි වූ පිරිස මිලියන දෙකකට ආසන්න වෙමින් පවති....

අපේ රටේ තත්වය දැනගත හැකි වනුයේ රට නැවතත් විව්‍ෘත වූ දිනකය...

ආන්ඩුව ගත්තේ හොදම තීරණය විය හැකි මුත්.... ආනයන මත යැපුන රටක් ලෙස මේ ගත් ක්‍රියාමාර්ගයෙහි ඵල විපාක කොරෝනාවලටත් වඩා හානිදායක බව මාතලන්ගේ මතයයි....

අපේ අය සමාජවාදී රාජ්‍යයක සිහිණයක් දැකීමට මේ මොහොතේ රට පාලනය වන ආකාරය ප්‍රධානම හේතුව වී ඇත...

ඒ ඇර තවත් හේතුන්ද වේ.. ඒ අතර...

* ආර් ප්‍රේමදාස හඳුන්වා දුන් සුබ සාධන දීමනාව.. (ජනසවිය හෙවත් සමුර්ධිය)
* නිදහස් හා යල්පිනූ අධ්‍යාපන ක්‍රමය..
* නිදහස් සෞඛ්‍ය සේවාව..

මේ සියල්ල රාජ්‍යය විසින් ලබා දීමෙන් වන්නේ උපතින්ම කම්මැලි ජාතීන් වන ලාංකිකයින් අමු කාළකන්නීන් වීම පමනි.... (එහෙයින් මේ සියල්ල පෞද්ගලීකරණය කරන්නෙයි කියා මාතලන් කියන්නේද නැත...  නිදහස් සෞඛ්‍ය සේවයක් නොමැති ඇමරිකාව ඇදගෙන නානා ආකාරය දකිනා කිසිවකු... එවැනි මෝඩ කතාද මින්මතු නොකියනවාද නොඅනුමානය.. අවශ්‍ය වන්නේ සම්මිශ්‍රණයක්ය....)

ඒ කෙසේ වෙතත්... නැවත ගොඩ ඒමට නම් රට ගමන් කළ යුත්තේ මේ එකඳු ක්‍රමයකටවත් නොව...

නිදහස් වෙළඳ පොල ආර්ථික ක්‍රමයකට හෙවත් ලිබරල් මාර්කට් ඉකොනොමියකටය....

එහිදි.... කම්කරුවාද නිශ්පාදන හා ලාබය ඉපැයිමේ කොටස්කරුවකු බවට පත්වේ.... ඔහුගේ ශ්‍රමයට ලැබෙනා වැටුපට අමතරව ඔහු ව්‍යාපාරයේ කොටස් කරුවකුද වේ... එවිට ලාබයෙන් කොටසක්ද අමතර ආදායමක් සේ ලැබේ.. නැතිනම් සියලු ලාභය හිමිවන්නේ ප්‍රාග්ධණ හිමියාට පමණි.. එයද අසාධාරණය... එමෙන්ම කම්කරුවාගේ අදහස්ද ව්‍යාපාරයේ දියුණුවට එක්කල හැකිය....

ජපානයේ හා කොරියාවේ ජන ජීවිතය උසස් බවට පත් වීමේ රහස මෙයයි....

එහිදි දැනට රාජ්‍ය සතුව පවත්නා ව්‍යාපාර වුවද.... අයිතිය රජය සතුව තබාගෙන කළමණාකරනය පෞද්ගලික අංශයට ලබා දීමෙන් ... ඒවායේ ඇති මහා පරිමාන හොරකම්... දූෂණ... අලාභය හා අකාර්‍යක්ෂමතාවයන් සියල්ල.... ඉබේම අහෝසි වනවා ඇත...

සමාජවාදී ක්‍රමයට පවත්වාගෙන ගිය සියලුම රාජ්‍ය ආයතන හා සේවාවන් පට්ට ෆේල් බව මේ මොහොතේ ඔප්පු කර අවසානය....

එපමනක් නොව පාර්ලිමේන්තු නියෝජනයන්ද මෙලෝ රහක් නැති කාළකන්නින් පිරිසක් බවද ඔප්පු කොට අවසානය....

බලය විමධ්‍යගත කිරීමට ඉන්දියාව බලෙන් එල්ලූ පලාත් සභා තනිකර සුදු අලියෙක් බවත්... ඒවා මහ උන්ගේ දරුවන්ගේ මොන්ටිසෝරි බවත් ඔප්පුකර අවසානය

ඒ අනුව සමාජවාදී සිහිණය පුස්සක්ම වනු අතර....

රාජ්‍යයේ අධීක්ෂණය යටතේ.... ලිබරල් වෙළඳපොල ආර්ථික ක්‍රමයකට යාම වඩාත්ම සුදුසු ක්‍රමය බව සදහන් කරමින්....

මේ පල් හෑල්ලද මෙතනින් නවතා දමනවාය... 

Apr 8, 2020

වෙන්ටිලේටරයේ පියා




වෙන්ටිලේටරයේ පියා
ෆොරස්ට් මෝර්ටන් බර්ඩ්
Forrest Morton Bird (1921 – 2015)

දැන් අපේ බටහිර පෙත්තප්පු ජොස්තරලට කොවිඩ් වලට වඩා තියෙන ප්‍රශ්ණය තමයි කැඳ හැලියයි දුම් මුට්ටියයි...

ඒකට හේතුව කැඳ හට්ටි දුම් මුට්ටි කාරයෝ වෙන්ටිලේටරේ ඉල්ල්පු එක...

පැනඩොල් සැට්ටෙක කියන්නේ වෙන්ටිලේටරේ උන්ගෙය කියලා....

රෝගය් වැළඳුන ප්‍රථම රෝගියා ඉතා පැහැදිලිව කිව්වා.... බටහිර බෙහෙතුත් වැටෙන ගමන්... තමන්ට වෙදකම් කරපු දොස්තර මහත්තයම ගෙදරින් හදාගෙන ආපු කැඳ එකක් දුන්නය... ඒ දුන්නේ තමන්ට ආහාර ගිලීමේ අපහසුතාවයකුත්... අහාර රුචියත් නැති හින්දය කියලා....

එතකොට බටහිර ඖෂදත් සමඟ.... මේ කැඳ එක හා වෙනිවැල්ගැට පානයත් තමන්ගේ ප්‍රතිශක්තිකරණය වැඩි කරන්න හේතූ උනාය...

ඒ වගේම ගෙදර අයටත්... දෙහි කොල අල්ලන්නත්... අර කැඳ හා වෙනිවැල්ගැට පානයත් දිගටම ගන්නෙයි කියලා ඒ වෛද්‍යතුමාම කිව්වය .... ඒ නිසා එයාලත් රෝගය වැළඳීමෙන් බේරුනය කියලා....

අමතක නොකලම යුතු කාරනය තමයි... ඔහුගේ ප්‍රතිශක්තිකරණය ඉහළ තත්වයක තියෙන නිසා... අනෙක් රෝගීන්ටත් ඔහු ලේ දන් දුන්න එක... දැන් බටහිර රටවලත් ඒ වැඩේ පටන් අරගෙන.....

මේ ෆොරස්ට් බර්ඩ් මහත්තයා ගැන කියවන්න කලින් මාතලන් හිතුවේ..... වෙන්ටිලේටරේ හොයාගත්තේ ලංකාවේ වකුගඩු ඇඹරිලා පුක ඉරාගන්න හදන ජොස්තරලය කියලා....

බලාගෙන ගියාම මුන් කටපාඩම් කරන බටහිර වයිජ්ජ විජ්ජාව වගේම.... ඒක හොයාගෙන තියෙන්නෙත් එරොප්පේ සුදු මහත්තයෙක්....

උන්නැහේ 2015 මිය යනකොට ඇමරිකානු පුරවැසියෙක් ලබන්න ඕන ඔක්කෝම සම්මාණ ලබලා ඉවරයි....

ඒ අතරේ 2008 ශ්‍රේෂ්ඨ පුරවැසි සම්මාණයත්, 2009 බරක් ඔබාමගෙන් නව නිශ්පාදන හා තාක්ෂණය වෙනුවෙන් පිරිනමන ජාතික සම්මාණයත් දිනා ගන්නවා....

වෙන්ටිලේටරය සොයා ගැනෙන්නේ..... ඔහු ඇමරිකාණු ගුවන් හමුදා ගුවන් නියමුවකු ලෙස සේවය කරද්දි..... ඉහළ අහසෙදි එතෙක් පැවති ඔක්සිජන් සප්ලයි මැෂින් එකෙන් වැඩේ හරියට නොකෙරුනු නිසා....

ඒ කියන්නේ.... මේක අද හුස්ම ගැනීමේ අපහසුතා ඇති රෝගින්ට සැනසුම ගෙන දුන්නත්...... මුලින් හදලා තියෙන්නේ පයිලට්ලට....

ඉතින් ඒ පයිලට්ලට හදපු මැෂින් එකට තමයි අපේ ගොන් ඩොකාලා පේටන්ට් ලියා ගන්න හදන්නේ.....

කොවිඩ් වලින් ගොඩ එන්න මේ වගේ සිල්ලර විහිළු කරන්නේ නැතිව....

කෙක්කෙන් බැරිනම් කොක්කෙන් හරි රට ගොඩ ගන්න එකයි මේ මොහොතේ විය යුත්තේ.....


Apr 7, 2020

කොරෝනා හා කාස කාරයෝ...




කොරෝනා හා කාසේ...

Tuberculosis (TB) කියන රෝගයට අපේ උන් කියන්නේ කාසේ කියලා....

රෝගය හැදුන ඕන එකෙක් සමාජය හඳුන්වන්නේ කාස කාරයා නැත්නම් කාස කාරී කියලා....

මට හොදට මතකයි.. අපි පොඩි කාළේ තොරණ හංදියේ තිබුන ආසිරි කඩේට උන දේ...

ඔය කඩේ කොයි වෙලේ බැලුවත් සෙනඟ... වරාගොඩ පාරේ උන්න සාමාන්‍ය මනුස්සයගෙ ඉඳලා... නුවර පාරේ ප්‍රභා ස්ටෝර්ස් එකට ගියපු... ඒ කාළේ පොෂ් පීපල්ස් පවා.... එළවළු ගත්තේ මේ කඩෙන්...

එක පාරටම කඩේ ගෝලයා වෙච්චි ප්‍රේමසිරි මුදලාලිගෙ කැෂියර් කෑල්ලට ඇවිත්.... මුදලාලී පේන්න නැතිව ගියා.... අහන අයට කිව්වේ ගමේ ගියා කියලා...

ඒ උනාට රොයිටර් හා AFP ප්‍රවෘත්ති සේවයේ වැඩ කරපු ගමේ උන් මේක කීයටවත් විශ්වාස කලේ නෑ...මොකෝ මුදලාලී රෙන්නවත් කැෂියර් එකෙන් නැගිට්ටේ නැති බව මුලු කැළණියම දන්නවා....

පස්සේ ගමේ අයට ආවා ඒ සුභ ආරංචිය..... මුදලාලිට කාසේ.... ඉඳලා තියෙන්නේ වැලිසර ලය රෝහලේ...

අනේ බලාගෙන ඉද්දි කඩේ බංකොලොත් උනා... මුදලාලි කාස කාරයා උනා....

අදටත් රටේම මේ තත්වය ඕකයි... මාතලන් ඕක හොදටම දන්නේ අපේ තාත්තටත් මේක හැදුනා... හැබයි ඔය බොරැල්ලේ තියෙන... අද හැමෝම කතාවෙන වසංගත රෝග විද්‍යා අශයේ උන්න විශේෂඥ වෛද්‍යවරු නිසා එයා බේරුනා..

ඒකේ විශේෂත්වය කියන්නේ.... චැනල් කරපු හැම එකාම බලාපොරොත්තු අත අරින්න කියපු ලෙඩා තමයි තවත් අවුරුදු 10 ක් කිසිම ලෙඩක් නැතිව ඔතනින් ගොඩ දම්මේ... ලෙඩේ හැදෙන කොට තාත්තට වයස 83 ක්.... එයාගේ පෙනහළු හොදටම විනාශ වෙලා තිබුනේ... එකම එක ඉස්පැසොලිස්ට් කෙනෙක් චැනල් කරපු ගාන එවෙලෙම සාක්කුවෙන් දුන්නා.... අනිත් අයට අමතක වෙන්න ඇති....

ඉතින් ඔතනට නිතර ආගිය කෙනෙක් හැටියටත්.. ඔය උඩින් කිව්ව එක්ස්පීරියන්ස් එක නිසත් .... මේ රෝගය ගැන සමාජයේ තාමත් තියෙන්නේ ඒ කාළේ තිබුන මතයමයි කියලා මම හොදින් දන්නවා...

කීප දවසක් PHI ලා බෙහෙත් හරියට නොබී හැංගිලා ඉන්න උන් අල්ලගෙන එනවා... ගොඩක් කොළඹ වතු වල අය... මේ රෝගින් ගැන උන් වාර්ථාවක් එක්ක හොද පසු විපරමෙන් ඉන්නේ... ඉතින් PHI ලා ගෙදරකට ආපු ගමන් අර ගෙදර උන් ඔක්කොම කාස කාරයෝ.... ආස්සරේ ඉවරයි... හැදිච්ච එකත් මෙන්ටලි වැටෙන්නේ එකසිය ගානට....

සමහර ලෙඩ්ඩු ගෙවල්වල උන් අරගෙන එන්නේ මරන්න ගෙනියන හරක් හා දෙනුන් වගේ... මාස්ක් දාන්න කිව්වට දාන්නේ නැ.... කොන් වෙන්න ආස නෑ....

ඉතින්... මේ ටී වී වලින් මැරෙණ හැටි පුච්චන හැටි හැංගෙන හැටි... මාරුවෙන හැටි.. වගේම ... ලෙඩේ නම් ඉස්පිරිතාලෙටත් එන්න එපා කිව්වාම.... බයවෙන අහන්න දෙයක්ද....

මුන් මිනීමරුවෝ වගේ සෙට්ටෙකක් කරලා ඉවරයි...

ලෙඩේට බේත් නැතෙයි කිව්වාම තත්වේ තවත් දරුණුයි....

ඉතින් සෙට්ටෙකක් කෝමත් මැරෙණ එක නේ කියලා මැක්සා ආතල් ගන්නවා... අනික් උන් ඕනවටත් වඩා බය වෙලා... තොයිල් නටන සැයිස් එකට පත්වෙලා තියෙනවා....

ඇඳිරි නීතියත් දාලා හමුදාවත් දැම්මයින්..... දැන්  උන් ටෙරාලා ගානට වැටිලා තියෙන්නේ...

දැන් මොකා මක්කා කිව්වත් රෝගය වැළඳුන උන් හොයන්න වෙන්නෙත්.... උන්ට බෙහෙත් කරන්න වෙන්නෙත්.... ත්‍රස්තවාදී හොයලා පුනරුත්තාපනේ කරනවා වගේ තමයි....

වෙන සොලියුෂන් එකක් නෑ.....

හැබයි මාධ්‍ය නිසිලෙස මේ ගැන අවධානයක් යොමු කරා නම්...

මිනිස්සුන්ගේ මනස් හදනෙක.....

තාමත් එච්චර අමාරු නෑ.....

ඒත් උනුත් පාරේ රඟන්නේ ගොබ්බ පොලිස් කාරයගෙ චරිතේ....

මේක ආදරෙන් කියලා දෙන්න එකෙක්වත් නෑ...

එහෙම ගෞරවයක් තියෙන මනුස්සයෙක් රටෙත් නෑ.......

දේශපාලන නායකයොත් උන්ගේ පොලිටිකල් ගේම ගහනවා මිසක්......

ජනතාවගෙන් ආයාචනයක් දැණුම්වත් කිරීමක් කරන්නේ නෑ.....

ජොස්තරලා කැඳ කෝප්පේයි හුමාලෙයි නානවා....

ඊයේ ලොක්කා කියපු කතා ටික නිසා.... බයියොවත් පොඩ්ඩක් සැටල් උනොත් හොඳා

ඒ වගත් මෙසේය......

Apr 2, 2020

කොරෝනා සෑම අතින්ම මාරාන්තිකයි....!!!




නිකං දාර්ශනික ටෝක්. පඬි ටෝක් දීලා වැඩක් නෑ..

එක එකා එක්ක මරාගෙනත් වැඩක් නෑ..

අමු ගොබ්බ ගොන් කතා කියලත් වැඩක් නෑ...

ගහ මරාගෙනත් වැඩක් නෑ.....

පිරිත් කියලා, යාඤ්ඤා තියලා, කන්නලව් කරලා, යාග හෝම තියලත් වැඩක් නෑ...

කොරෝනා ඔය මොකාටවත් බයත් නෑ...

වැක්සීන් එකකට බය උනොත් මිස.. ඔය බොරුවලට කොහොමත් බය නෑ...

ලොක් ඩවුන්, ඇඳිරි නීතිත් ඉස්සරහට වැඩක් වෙන්නේ නෑ....

මාස්ක් එකක් දාගෙන... තිබ්බ සිස්ටම් වලටම යන්න වෙනවා.. (චීනය, කොරියාව වගේ)

නැහ්නන් මිනිස්සු මැරෙන්නේ, රස්සාවල් නැතුව.... කන්න නැතිව...

ඒ එක්කම වැක්සීන් එකක් හොයා ගන්න වෙනවා...

ඔය අපේ ඩොකාලටත් පිටරටින් දෙන උපදෙස් ටික අපිට කියනවට වඩා හොදයි....

ඒ වගේ දේකට යොමු වෙන එක....

අරවා කියන්න රේඩියෝ ටී වී චැනල් තියෙනවා.... මොකෝ ඔය සංගම්වලින් හොයා ගත්ත අලුත් දෙයක් හරි බෙහෙතක් හරි තියෙයි....

මෙච්චර කල් ලෝකේ දිව්වේ බොරුවෙන් බව අපූරුවට පේනවා....

ඇමරිකන් වෝ ෂිප් එකේ ලොක්කගෙ කතාවෙන් ඒක අපිට හොදට තේරෙනවා...

පොර කියන්නේ යුද්ධයක් නැතිව උන්ට නිකන් මැරෙන්න බෑලූ... දැන් තියෙන්නේ කොරෝනා පොසිටිව් නම් පුකට වෙඩි තියාගෙන මැරෙණ එක...

ලෝක බලවත්තු හිතුවේ නෑ... උන් කවදාවත් ලෙඩ වෙයි කියලා... උන් මැරෙයි කියලා...

ඔය රටවල් කට්ටියම එකතුවෙලා මරපු මිනිස්සු ගානට වඩා මිනිසුන් ප්‍රමාණයක්.... කොරෝනා තනියෙන් මරණවා....

දැන් තමයි උන්ට වෙන්ටලයිසර් නිශ්පාදනය කරන්න මතක් වෙලා තියෙන්නේ...
උන්ගේ රජවරු පාලකයෝ එකා දෙන්නා චුත වෙනකොට තමා මිනිස් ජීවිතයක වටිනාකම දැනිලා තියේන්නේ...
බැලස්ටික් මිසයිලෙකට වඩා... ෆේස් මාස්ක් එකක් වටින බව තේරිලා තියෙන්නේ...
අඟහරුවල අයිස් හොයනවට වඩා මිනිස් ජීවිතයක වටිනාකම තේරිලා තියෙන්නේ....

මිනිස්සුන්ට අවශ්‍ය දේ මොනවද අනවශ්‍ය දේ මොනවද කියලා තේරිලා තියෙන්නේ...

අපේ රටේ උනත් රාජ්‍ය සේවය නිකන් පුරවලා...
මැරීගෙන වැඩ කරන කම්කරුවගෙ.... පෞද්ගලික ව්‍යවසායකයගෙ... ස්වයං රැකියාවක් කරන එකාගේ.... පිට රට ගිහින් කඹුරන එකාගේ සල්ලි වලින්....
උන්ට කන්න දීලා කර ගත්ත මුදල් නාස්තිය....

ඉස්සරහටවත් නවතිනවා නම් ලොකු දෙයක්...

ඔය ආන්ඩුව කරන්න හදන වගා සංග්‍රාමවලට දන්න ඕන ඕකුන්..
එහෙම නැතුව අනිත් මිනිස්සු නෙමේ..

මේ මොහොතෙවත් උන් උන්ගේ යුතුකම නිසි ලෙස කරන්නේ නෑ...
උජාරුව එහෙම්මමයි... මහන්තත්තකම එහෙම්මමයි...
උන් දන්නෙ නෑ රුපියල් 5000 ක් ගන්න එන අහිංසක එකාම වගේ...
උනුත් ගන්නේ පිං පඩි කියලා...
මොකෝ ඕකුන් හරියට වැඩ කරා නම්...
මේ රට මෙහෙම තියේවිය..
ගෙවන පඩියට ඕකුන් මරවලා වැඩ ගන්න ඕන....

අනික උන්ගේ අඩු පාඩු කිව්වොත්..
කියන එකා අල්ලලා කූඩූ කරන්න යන්නේ...

මේවට නම් ඉතින් පුකෙන්ම තමා හිනා වෙන්න වෙන්නේ....

ලෝකෙටම චීනය කොරියාව අනුගමනය කරන්න වෙන්නේ... නැහ්නන් ඉතින්... අලුත්ම සිස්ටම් එකකට යන්න වෙන්නේ...

ඒවා ඉතින් ආන්ඩුවල තීරණ....

අපි එතකන් පුලුවන් තරම් ඇත්වෙලා ඉමු...

එච්චරයි....

කොරෝනා හැම අතින්ම මාරාන්තිකයි...

ප්‍රවේශම් වෙන්න...!!!

තේරුනාද මන්දා........ 😁😁😁