.

.
Showing posts with label Nelum Yaaya. Show all posts
Showing posts with label Nelum Yaaya. Show all posts

Mar 31, 2017

නෙළුම් යායට නාවේ ඇයි ඔයා - Nelum Yaya Blog Awards



මාතලන් නෙළුම් යායට නාවේ ඇයි කියා, බොහෝ අය එක එක ක්‍රමවලින් අහනවාය. සමහරුන් නාපු එක ගැන දුක් වන අතරේ, සමරක් සතුටු වෙනවාය. මාතලන් හා "අටමා" බ්ලොග් උළෙලක සිටිය යුතුය කියා, මෙවර සම්මාණලාභී තරිඳු උඩුවරගෙදර ලියලා තිබුනේය. මාතලන් නම් කිව්වේ, බ්ලොග්, අටමාගෙවත්, උගේවත්, මගේවත් නොවන නිසා, ඕනා එකෙක් ඕනා බඩකඩිත්තුවක් කොර ගත්තාට, මගේ නම් අවුලක් ඇත්තේ නැත කියාය. අටමා සිතන්නේද එසේම විය යුතුය.

එසේම විය යුතුය කියා කීවේ, මාතලන් මේ ගැන තාම අටමාගෙන් ඒ ගැන නොවිමසු නිසාය. කිසිවක් කොරන්නට වෙලාවක් ඇත්තේ නැතිය. එහෙත් ප්‍රාණ සමානා බ්ලොග් කෙරුවාව නිසා ඇති කරගත් හිතවතුන් වෙනුවෙන්, මේ ගැන මක්කා හෝ ලියා තැබිය යුතුය කියා සිතුනේය. ඒ හේතුවෙන් මාතලන් අහනා ප්‍රශ්ණ වලට මාතලන්ම පිළිතුරු දෙනවාය..

Mar 19, 2016

එන්න යන්න නෙළුම් විලේ නෙළුම් නෙලන්න - Nelum Yaya Blog Awards 2016

 
 
දිනය, වරුෂ 2015 මාර්තු 26 වනදාය. සම්මාන උළෙල අවසාන භාහයේ පටන් ගත් මහා වරුෂාව නිසා පාරේ ටැපික් එක හෝ ගාලාය. සම්මාන උළෙල නොව ඕනම මලදානයක් අවසානයේ අනුමත් වීම එකම සිරිතක් කරගත් පිරිසක්, කොට අජියාගේ ඉස්පොට් එක සොය වාහන කට්ටක ගමන් කරමින් සිටි. ඉන් එකෙක් මාතලන්ය. ඌගේ ෆෝන් එකට එන ඇමතුමකි. "අඩෝ අන්න උඹ ටෙලිවිසොන් එකේ පෙන්නුවා...." ඒ මාතලන්ගේ බොක්කකි.. "අඩෝ... මොනාටද බං උඹ වගේ එකෙකුට සම්මාන දෙන්නේ. කරූට පිස්සුද..? ඇත්තටම මොකක්ද බං සීන් එක...?
 

Jun 17, 2015

නෙළුම් යායෙන් තලවකැළේට.... - To Thalawakele with Love



ඔබ හැමෝම දන්නවා අපේ දෙමළ සහෝදර සහෝදරියන් ජිවත් වෙනවා කියල කන්ද උඩරට. ඉංග්‍රීසින් විසින් තේ වතුවල රැකියා කිරීමට රැගෙන ආ ඔවුන් රැකියා කලේ වහලුන් වගේ.ශ්‍රී ලංකාවේ, ඇමෙරිකාවේ හෝ වෙන රටවල් වල වගේ වහල් සේවය නොතිබුණත් මේ ජනතාව ඒ තරමටම දුක් විඳිමින් අපේ සිලෝන් ටී ලෝකයට සපයන්නට තම දහඩිය හෙළුවා. ඔවුන් ජිවත් වුනේ, වෙන්නේ ඉතා පහසුකම් අඩු ලැයින් කාමර නමින් හඳුන්වන ගෙවල් පේලි වල. 

Mar 29, 2015

නෙළුම් යාය, අජියලා සහ හුජ්ජා බර - Nelum Yaaya, 3 Ajiths & Peeing


මාතලන් සිතාගෙන හිටියේ "නෙළුම් යාය සම්මාන උළෙල" මග හරින්නය. (උළෙල මගහරිනා මෙන්ද, සහභාගි වන මෙන්ද අවවාද අනුසාසනා කළ හිතවතුන්ද බොහෝය.) තෑග්ග ඉවාන්ට ගන්නය කියා පස්සෙ වෙලාවක උගෙන් ඉල්ලා ගන්නය. ඒත් වැඩේ ඕගනයිස් කළ අජියා එවනා ඊ මේල් දැක්කාම මාතලන්ගේ බොක්ක උණු උනේය. හදවත ඇන්කර් බටර් වගේ දියවෙලා ගියේය. ඒංගලන්තේ ඉඳලා ඇවිත් බ්ලොග ලියනා උන් වෙනුවෙන්ම කරනා මේ වැඩේ මග ඇරීම කිසි සේත්ම කළ නොහැක්කක් බව තෙරුන නිසාම ඌට මම එන බව කොන්ෆෝම් කලෙමි.