.

.

May 28, 2022

අතීසාරයට අමුඩ ගසනා ගල් මූසලයන්ට අර්බුධයට විසඳුම් නැත.

 



අතිසාරය වැළදුනාට පස්සේ කක්කි යන එක අපිට කොන්ට්‍රෝල් කරන්න බැරිය. යනකොට යන්නේ වතුර වගේය. අමුඩේ ගහන්නේ තට්ටම් දෙක අතරින් තදට ඔතපු රෙදි පටියෙන් වැඩේ නවතීය කියලා හිතලාය. එතකොට වෙන්නේ ටැප් එක කැඩුනා වාගේ නොයා අමුඩේ දෙපැත්තෙන් බේරිලා හත් පොලේ ගාගන්නා එකය. 

පී බී කියන ගල් මූසලයා වාහන ආනයනය නවතා මුලු ආර්ථිකයම විනාස කළේත් මෙසේමය. ඩොලර් එකට කලෙත් ඒකමය. දැන් අමුඩේ නොව පුචත් නැතිය.

අධිකරණ ඇමති කමට දාපූ මහා ප්‍රාඥයා හා පාර්ලිමේන්තුවේ ගල් මූසලයෝ ටික කරන්නේද ඒ දෙයමය. උන් හිතන්නේ වියවස්ථාවක් ගෙනාවාම ප්‍රශ්ණය ඉවරයි කියලාය. මෙච්චර ප්‍රශ්ණ තියෙන රටේ, උන් පාර්ලිමේන්තුවේ රැස් වෙලා කරේ දෙපැත්තට මඩ ගහගන්නා එකය. 

ඉන් පස්සේ 9 වෙනිදා එකෙක් මරාගෙන, ගෙවල් ගිනිබත් වී පොලොවට සමතලා කරායින් පස්සේ මිනිස්සු හිතුවේ දැන් හෝ මුන් මේ ප්‍රශ්ණයට විසඳුම් දෙයි කියලාය. 

ඒ පාර මුන් කරේ පොලීසියේ දාන්න ඕන ඇන්ට්‍රිය මළ අඬෝවැඩියා එක්ක පාර්ලිමේන්තුවෙන් රටටම කියනා එකය. ඒ සතියේම කරේ ඒ වැඩේය.

බලාගෙන ගියාම මුන් ඔක්කෝම දේශපාලනයෙන් හම්බ කරන්න ආපු නැති රට වෙනුවෙන් සේවය කරන්න ආපු උන්‍ය. හැබයි මුන් රට හැදුවාද උන් හැදුනාද යන්න ජනතාව දැනගෙන උන්නේය.

සැලසුම් සගගතව කලා හෝ නොකලා හෝ, ඒ ගලාගියේ ජනතාව මේ කාළකන්නින්ට එරෙහිව තිබූ කෝපය බව පක්ෂ විපක්ෂ බේදයෙන් තොරව හැම එකාම පිලිගත යුතුය.

මුන් කොයි තරම් 🐄 🐄 🐄 🐄 පිරිසක්ද කියනවා නම් පාර්ලිමේන්තුව අසලටම ඇවිත් ගේම ඉල්ලද්දීත් මේ වගේ දෙයක් වෙයි කියලා හිතුවේවත්, එවන් ඇටෑක් එකක් ආවොත්, ඊට එරෙහිව කඩිනම් පියවර ගන්නේ කෙසේද කියාවත් ප්ලෑනක් නොතිබුනේ, මුන් සියල්ලෝම බලයෙන් මත් වූ උද්දච්ච මාන්නක්කාරයෝ නිසාය.

ආන්ඩුවේ උන් නොව විපක්ෂ නායකයාත් මණුවර්ණයාගෙන් පැණි බේරෙන්න නොකා බේරුනේ, PSD එකේ උන්ට පොඩි ඉවක් තිබුන නිසාය. අනුර කුමාර නම් ආවේ වැඩේ සෙට් කරලා නිසා ජාම බේරාගෙන ගියත්, ඉන් පසු එලියට යන්නේ දස මර සේනවද සමග වීම තත්වය මනාව අවබෝධ කර ගැනීමය.

දැන් තියෙන අර්බුධය ව්‍යවස්ථා අර්බුධයක් නොවේය. ව්‍යවස්ථාව වෙනස් කලා කියා මේ අර්බුධය විසදෙන්නේ නැතිය. චන්දයක් තිබ්බයි කියාද අර්බුධය විසඳෙන්නේ නැතිය. අරගල හෝ විප්ලව කරා කියා මේවා විසඳෙන්නේ නැතිය. මේවා කරන උන්ගෙන් ආර්ථික අර්බුධයට විසඳුමක් ඇහුවාම, ඒකට උත්තර නැතිය.

මහ බැංකුවේ නන්දලාල් මහත්තයාත් කුටු කුටු ගගා අර්බුධය විග්‍රහ කරනවා විනා, ඊට විසඳුම් යෝජනාවලියක් හෝ නිත්‍ය වැඩසටහනක් හෝ ටයිම් ප්ලෑන් එකක් හෝ බජට් එකක් හෝ ටාගට් එකක් කියන්නේ නැතිය.

එටාටත් තියෙන්නේ අපිට වාගෙම සුභවාදි දැක්මක් පමණමය. මීට විසඳුමල් ඇත්තේ විදෙස් ආයෝජන තුල පමණමය. ලෝකෙන් උතුම් රට කිව්වාට, මොනවද මේ රටේ නැත්තේ කියනා උන්ගෙන් අපට අහන්නට ඇත්තේ, මොනවද ඕයි මේ රටේ තියෙන්නේ කියලාය.

උන් පමණක් නොව ජනතාවද එසේමය. උන් හිතන්නේ ඝෝඨා හා රනිල් ගෙදර ගියාම ඔක්කෝම හරිය කියලාය. එහෙත් මේ රට කෑවේත් කන්නේත් දූෂිත රජ්‍ය සේවය හා එහි නිළධාරී මාෆියාව බව උන්ටත් තේරෙන්නේම නැතිය.

අපේ රටේ ඉන්නා ව්‍යාපාරික ප්‍රජාවද දේශපාලුවන් මෙන්ම පචෝරිස්ලා පිරිසක් බව දැන් ඔප්පු වී හමාරය. උන්ගෙන් 99% ක්, සේවා ආර්තිකය මඟින් අධික ලාබ උපයා පම්පෝරි බාස්ලා වූ අයය. උන් ළඟද මීට විසඳුම් නැත්තේමය.

දැන් කළ යුත්තේ ණය ප්‍රතිව්‍යූහගතකිරීමට විශේෂඥ විදෙස් සමාගමක සේවය ලබා ගත්තා සේ, මහ බැංකුවට උපදෙස් දීමටත්, විදෙස් ආයෝජන ගෙන ඒමටත්, විදෙස් ආයතන වහාම රට තුලට ගෙන විත්, ඒවායේ සේවය ලබා ගැනීමය.

මන්ද කිසිඳු ශ්‍රී ලංකිකයකුවත් මේ අර්බුධයට මේ දක්වා විසඳුම් ඉදිරිපත් කොට නොමැති නිසාය.


ඒ වගත් මෙසේය....

May 26, 2022

පෝලිමේ සිට තෙල් ලබා ගැනීමේදී

 


පෝලිමේ සිට තෙල් ලබා ගැනීමේදී
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
                                      
"මහත්වරුන්"
රෝද හතරේ වාහන සඳහා
▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️

1. ඉන්ධන පෝලිම වෙත පැමිනීමට පෙර වාහනයේ ඉන්ධන කවුලුව විවෘත කරන්න.

2. මීලඟට ඉන්නේ ඔබ බව සඳහන් කර ෆොටෝවක් සමඟ බුකි පෝස්ටුවක් දමන්න.

3. ඉන්ධන පොම්පය අසල වාහනය නවත්වන්න.

4. වාහනයේ විදුරුව පහත් කරන්න.

5. කලින් සැලසුම් කරගත් මුදල් ප්‍රමාණය සඳහන් කර මුදල හෝ කාඩ්පත පොම්පකරුට ලබා දෙන්න.

6. රියැදුරු අසුනේම සිට නියමිත ලෙස ඉන්ධන ලැබුනේද බලන්න.

7. අවශ්‍ය නම් පමණක් රිසීට් පතක් හා ක්‍රෙඩිට් කාඩ් පත ඉල්ලා ගන්න.

8. වීදුරුව පහත් කර වාහනය මදක් ඉදිරියට ගන්න.

9. ඉන්ධන ලබා ගත් බවට බුකි පෝස්ට් එකක් දමන්න.

10. පිටව යන්න.

ස්තූතියි.. 

නැවත එන්න..


නෝනාවරුන්ට
➖➖➖➖➖▪️ 

1. යන්ත්‍රය වෙත වාහනය පදවන්න

2. ඉන්ධන කවුළුව යන්ත්‍රයට ලඟාවන සේ වාහනය ඉදිරියට හෝ පසුපසට ගන්න.

3. "හෑන්ඩ් බ්‍රේක්" ඇද, වීදුරුව පහත දමන්න.

4. ඔබේ අත් බෑගය ගෙන එහි ඇති සියල්ල ඉදිරිපස අනෙත් අසුනට දමා කාඩ් පත හෝ මුදල්  සොයගන්න.

5. දුරකතන ඇමතුමට,මදක් රැදී සිටින ලෙස දන්වා පසෙකින් තබන්න.

6. පොම්පකරු සමඟ සිනහා වී ෆුල් ටෑන්ක් ගැසීමට බැරිදයි අසන්න.

7. වාහනයේ ඇන්ජිම ක්‍රියා විරහිත කරන්න.

8. පසු පස බලන වීදුරුවෙන් ඔබේ රුව බලන්න.

9. වාහනයෙන් බැස පොම්පකරු වෙතට ගොස් ඔහු සමඟ සෙල්ෆියක් ගන්න. ෆුල් ටෑන්ක් බැරිදයි නැවතත් අසන්න.

10. අවට ෆොටෝ දෙක තුනක් ගෙන ෆේස්බුක් දමන්න.

11. දැන් තෙල් ලබා ගන්නා බව මිතුරියකට කියන්න.

12. ඉන්ධන ටැංකිය නියමිත පරිදි වැසී ඇතිදැයි බලා පොම්පකරුට ස්තූතී කරන්න.

13. වාහනයට ගොඩ වී එය පනගන්වන්න.

14. ලබාගත් ඉන්ධන ප්‍රමාණය හා මුදල දිනපොතේ සඳහන් කරන්න.

15. වාහනය මදක් ඉදිරියට ගෙන තෙල් ලබා ගත් බවට සෙල්ෆියක් සමඟ පෝස්ට් එකක් අප්ඩේට් කොට මිතුරියන්ට ඒ බව පවසන්න.

16. නැවතත් කන්නාඩියෙන් ඔබේ රුව බලන්න.

17. කොන්ඩය සකසා ගන්න..

18. නැවතත් කන්නාඩියෙන් ඔබේ රුව බලන්න.

19. පසුපස වාහනයේ නලාව හඬවන්නා වෙත රුදුරු බැල්මක් හෙලන්න. 

20. පිටවන බව පවසා නැවතත් කෝල් එකක් ගන්න.

21. කිමි 2-3 වාහනය ධාවනය කරන්න.

22. හෑන්ඩ් බ්‍රේක් ලිවරය පහත දමන්න.

23. ගෙවීම් සිඳුකලේ කාඩ් පතකින් නම්, නැවත එන්න.

ස්තූතියි...!





May 21, 2022

19, 20, 21, බැසිල් හා ලෝකල් මකියාවේලීලා

 

➖➖➖➖➖➖➖➖

21 වෙනි සංශෝධනය ගෙනත් බැසිල් පාර්ලිමේන්තුවෙන් එලවනවය කියලා රඹ ටෝකක්, අභිනවයෙන් අධිකරණ හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමති ධූරයට පත් විජේදාස රාජපක්ෂ උන්නැහේ දීලා තියෙනවාය.

කොහොමත් බැසිල් පාර්ලිමේන්තු දේශපාලනය පිලිගන්න කෙනෙක් නොවන්නේය....

බැසිල් කියන්නේ නොම්මර එකේ ගේම් කාරයෙක් හා ඩීල් කාරයෙක්‍ය....

බැසිල්ට පාර්ලිමේන්තුවේ උන්නත් එකයි නැතත් එකයිය....

බැසිල්ට තියෙන්නේ මහින්ද නිසා තියෙන පොහිට්ටුවේ දේශපාලන බලයය...

ඒ පවුලේ කචල් එක දැන් මුළු ලෝකෙම දන්නවාය....

මහින්ද ගෙදර යන්නෙත්,

රනිල් අගමැති වෙන්නෙත්,

21 ගෙනත් ඝෝඨා නිශ්ක්‍රීය කරන්නෙත්,

ඒකට විජේදාස රාජපක්ෂ දාන්නෙත්,

රනිල් ක්‍රියාත්මක කරමින් ඉන්නෙත්,

බැසිල්ගේ වැඩ පිලිවෙලක් අනුව බව,

එක්කෝ විජේදාස උන්නැහේ දන්නේ නැතිය..

එහෙම නැත්නම්, ඇමතිකමකට ඕනම දෙයක් කරන බුවා...

ඒක දැනගෙන...

රටම අන්දනවාය....


(බැසිල් මේක කළු සල්ලි පාරාදිසයක් කරන්න සියල්ල සකස් කරලා තියෙද්දි ඇමරිකාව ඒක නවත්තපු හැටි ගැන වෙන වෙලාවක ලියන්නේය.)

බැසිල් ගේමේ ඉන්න එකට හොඳම සාක්ෂිය තමා නියෝජ්‍ය කතා නායක ධූරයේ හුටපටයය...

රනිල් මෙන්ම සියල්ලෝම කැමති වෙලා උන්නේ රෝහිණි කවිරත්න නිතරඟයෙන් පත් කරන්නටය....

ඒත්, එහෙම කලා නම්, ජීවිත, දේපල, නිවාස සියල්ල අහිමි වෙච්චි පෝට්ටුවේ උන් තවත් මානසිකව වැටිලා පක්ෂය කෙරේ කලකිරෙනවාය... අසරණයෝ වෙනවාය... බොහෝ අයියලා දෙකයි පනහේ හාල්පාරිවෝ වෙනවාය, තිස්සකුට්ටියා හොයා ගන්නත් නැතිය...

ඒ නිසා පෝට්ටුවේ එකෙක් දමා බැසිල් කරන්නේ.. තොපි අපිව විනාශ කරන්න හැදුවට, අපි විනාශ කරන්න එහෙම ලේසියෙන් බෑ කියන පනිවිඩය , රනිල්ටත්, සජිත්ටත්, ජෙප්පන්ටත්, පෙරට්ටන්ටත්, ටික්ටොක් සිඟිති ළමා සමාජයටත් දෙන එකය...

ඒ අතින් බැසිල් කියන්නේ රනිල්ට විමල්ට සුමන්තිරන්ට එහා මකියාවේලි කෙනෙකුන්‍ය....


කපුටු කාක්.. කාක්... කාක්... කාක්...

බැසිල්... බැසිල්... බැසිල්... බැසිල්...


.



May 17, 2022

රට ආර්ථිකමය, සමාජීයව හා දේශපාලනිකව කඩා වැටුනේ ඇයි?

 


➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

ගොඩාක් ආර්ථික විශේෂඥ බක පන්ඩිතයින්ට අමතක වූ දෙයක් තමා යුද්ධයට කොතරම් මුදලක් වැය කලාද කියනෙක.

අන්තිම කාළේ පතොරොම් ගේන්න සල්ලි තිබ්බේ නෑ කියලා මෑතකදි හෙලි වුනා. 

ඒ නිසා කොහොම හරි කරලා යුද්ධය ජයග්‍රහණයකින් නිම වීම අස්වැසිල්ලක්. නැත්නම් ඒ වියදමිනුත් සතේක වැඩක් නෑ. අද හැම එකාම ඩෙඟා නටන්නේ ඒ නිසා.

රණසිංහ ප්‍රේමදාසගේ පාලනයෙන් පස්සේ ඒ කියන්නේ 1993 පටන් 2010 දක්වා රටේ කිසිඳු සංවර්ධන ක්‍රියාවලියක් සිඳු වුනේ නෑ. එපමණක් නෙමේ සංචාරක කර්මාන්තයටත් කෙලවෙලා තිබුනේ.

ඒත් ඉකොනමි එක දිව්වේ, ව්‍යාපාරික ප්‍රාජවට හා ක්‍රියාවලියට ආන්ඩුව ඇඟිලි ගගන්න නොහියපු නිසා. මේ ආන්ඩුව නාගත්තේ ඒ වැඩෙන්. ඒවා අපි මුල ඉඳලම ලිව්වා. පයිසෙකට මායිම් කළේ නෑ.

යුද්ධයෙන් පස්සේ සුද්දයත් එක්ක ආපු කළු ආර්ථිකය නිසා සමස්ත ආර්ථිකයේ ලොකු ගෝ එකක් තිබ්බත්, රාජ්‍ය සේවය 100% වැඩි කරලා , උන්ට මෝටර් සයිකල්, ත්‍රී වීල්, බෑන්ක් ලෝන් පවා දීලා අමු පිස්සුවක් කෙලියා.

ඒක එකක්... 

අනික 2015 සිට මේ දක්වා කිසිඳු විදෙස් ආයෝජනයක් හෝ මහා පරිමාණ ව්‍යාපෘති ක්‍රියාත්මක නොවීම...

ඒ අස්සේ රනිල් රටට ඔරොත්තු නොදෙන මූසල රාජ්‍ය සේවයේ උන්ට රුපියල් 10,000 කින් පඩියත් වැඩි කළා. බඩු මිළ අඩු කලා. 

එක මෙගා වොට් එකක් පද්දතියට එකතු කලේ නෑ.

ඒ උනාට සුපර් ලක්ෂරි එපාර්ට්මන්ට්ස් ගැහුවා... ඒ වැඩි වන නිවාස වලට ජලය විදුලිය හා අනෙකුත් අවශ්‍යතාවයන් සපුරන්න මෙලෝ දෙයක් කළේ නෑ.

ඊට පස්සේ ගෝඨා ඇවිත් කෙලපු පිස්සු හැමදාම ලියපු නිසා ආයේ ලියන්නෝන නෑනේ.

ඔන්න දැන් කොළඹ වරායටත් කෙළවෙන්නයි යන්නේ. රටේ නැවතත් ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක නිසා කොළඹට එන නැව්, ඒ ගමන් බංගලාදේශයට යන්නයි යන්නේ.

මේවට වග කියන්න ඕන දේශපාලකයෝ විතරක්ම නෙමෙයි. නිළධාරී මාෆියාව මෙන්ම ජනමාධ්‍යයත් ඊට වඩා වැඩියෙන් වග කියන්න ඕන.

දැන් රට ආර්ථික වශයෙන් නෙමෙයි, දේශපාලන වශයෙනුත් අනාථයි. හමුදාව පොලීසිය අකර්මන්‍යයි. උන් නීතිය ක්‍රියාත්මක කරන්න බයයි. අධිකරණයෙන් උන්ගේ අත් ගැට ගහලා.

හමුදාවට පොලීසියට නීතිය ක්‍රියාත්මක කරන්න බැරි නම්, රජයට උන්ව ආරක්ෂා කරන්න බැරි නම්, ජනතාව නීතිය අතට ගත්තාම වෙන දේ මැයි 9  වෙනිදා මුළු ලෝකෙටම පෙන්නුවා.

ඒවයේ ආරම්බය වන, මිරිහානේ සිද්ධියට අත් අඩංගුවට ගත්ත වුන්ට අත්පොලසන් දීලා, හුරේ දාලා ඒවට අනුබල දුන්න, නීතීඥ ප්‍රජාව අද ශ්‍රක්‍රාණූ කෑ රිලව් වගේ කොහේද කියලා හොයා ගන්න නෑ.

ආන්ඩුවේ අම්බරුවොයි, ඩොන්කියොයි, පොලීසියෙන් හමුදාවෙන් ඉවත් කරන්න ඕන ඒවා, එයාලා ඉවත් කරන්න ගිහින්, බේරෙන් නාලා, ගිනි කෙළි සංදර්ශණ පෙන්නලා දැන් ගවගාලේ කඳුළු පෙරනවා.

කොහොම හරි විධායකයි, ව්‍යවස්ථාදායකයි, අධිකරණයයි, ජඩමාධ්‍යයි, ජනතාවයි සියල්ලෝම එක් වෙලා මේක නැවතත් ලේ විලක් කරන බව නම් ඒකාන්තයි.


ඒ වගත් මෙසේය..

.

May 14, 2022

මහින්දලා රනිල්ලා ටැක්ටිකල් පොලිටික්කෝ නොවේ.

 


මාතලන් මුල සිටම කීවේ, ලන්ඩනයේ හයිඩ්පාක් පිටිය මෙන්, "ගෝටාගෝගම" සැමදා තියෙන්නට ඕනා කියාය. "නයිට් ඉවෙන්ට්ස්" නැති ලංකාවේ, සංචාරක ව්‍යාපාරයට අත්‍යාවශ්‍යම අංගයක් වන, "නයිට් ලයිෆ් කල්ට්" එක ආරම්බ කළ හැකි අපූරූ ස්ථානයක් හෙයින්, මෙය වැඩි දියුණු කර, සීගිරිය මෙන් "Must Visit Place in Sri Lanka" ගොඩට එක් කර ගත යුතුය.

ඇත්තටම ඔතන පටන් ගත්තේ පොලිටික්කන් හෝ පාක්ෂිකයින් පිරිසක් නොව, දේශපාලන ලැදියාවන් තිබූ, "රැස" පත්තරේ වැඩ කළ, "මංගල මඩ බලකායේ" උන් හා විකල්ප පත්තර යැයි කියනා, එහෙත් වෙනත් දේශපාලන ඇජෙන්ඩා වලට වැඩ කරන මාජ්ජකාරයෝ සෙට් එකක්‍ය, මොවුන් වැඩි පිරිසක් මගේ හිතවතුන් නිසා මම ඒ බව හොඳින් දන්නවාය.

එතන සිටිනා පිරිසද, ඔවුන්ගේ කලාවද, අදහස්ද, ජනප්‍රිය ප්‍රධාන ධාරවෙන් වෙනස් වූ, දියුණු යැයි ඔවුන් විසින්ම හදුන්වා ගන්නා, සාම්ප්‍රදායෙන් එහා ගිය නිර්මාණයන්‍ය. කූඩාරම් ඉඳිවෙමින් ගෝටාගෝගම නිර්මාණය වෙන්නේ ඒ අනුවය. 

ඇත්තටම මොවුන් සන්නස්ගලගේ හා රුවන් ෆර්ඩිනැන්ඩස්ගේ අනුගාමිකයෝය. මා ඔවුන්ගේ අනුගාමිකයකු නොවූවද, ඔවුන්ගේ බොහෝ දේ ප්‍රියකරනා පුද්ගලයකු බැවින් මමද නිතර එහි ආ ගියෙමි.

එහිදි කතාබහ කළ සියල්ලන් සමග කීවේ, ඕවා කලා කියා කිසි දිනෙක රාජපක්ෂලා යන්නේ නැත කියාය. ඇත්තටම මෝඩ බයියන් 9 වනදා අරලිය ගහ මන්දිරයට රැස් කරවා කළ අමණ ක්‍රියාදාමය නොවන්නට, අදටත් අගමැති මහින්ද රාජපක්ෂ මිස වෙන කිසිවෙක් නොවේමය. තමන්ගේ ගේ අසල් උද්ඝෝෂණයක් කොට බස් ගිනි තබුවාම කැබිනට් මණ්ඩලයට ඉල්ලා අස්වන්න කියනා අය නායකයෝ නෙමේය.

මහින්ද රාජපක්ෂ එලවන්නට මාස ගානක් ගියත්, මේ ටික්ටොක් පරපුරට බැරි වුවද, උන්ගේ බලාපොරොත්තුව ඉටු කලේ, බේරේ වැවෙන් නා තමන්ගේම ගෙවල් ගිනි තබාගෙන මහපාරේ මියගිය මෝඩ බයියෝය.

ඒ අස්සේ ගෝටාගෝගම සංවර්ධනය කිරීමට නව අගමැති රනිල් විසින්, රුවන් විජේවර්ධනගේ හා රෝසි සේනානායකගේ නායකත්වයෙන් යුතු ග්‍රාම සංවර්ධන කමිටුවක් පත්කරලා තියෙනවාය.

එනයින් බැලූ කල මෙයින් පැහැදිලි වන්නේ, මහින්දවත් රනිල්වත් ටැක්ටිකල් පොලිටික්කෝ නොවනා බවය. මා එදා ඉඳන් කියන්නේ, මහින්ද දේශපාලනය කරන්නේ, තම PR එකෙන් හා ඇඟේ හයියෙන් බවත්, රනිල් කරන්නේ කාගේ හෝ පොතක තිබෙනා දේ බවත්‍ය.

එසේ නොවූයේ නම්, මහින්ද කිසි දිනෙක විමල් වාගේ ගුණමකු අපතයෙක් තමන්ගේ දකුණු අත කර ගන්නේ නැතිය. රනිල් කිසිදා සජිත්ට යන්න දෙන්නේ නැතිය. ඒ ගැන පසුව ලියන්නේය.

ඇත්තටම ගෝටාගෝගමට එරෙහිව මහින්දලාට හා බයියන්ට කරන්න තිබුනේ, පාර්ලිමේන්තුව ඉස්සරහා පිට්ටනියේ "ඕනෑගම" හෝ #wewantgota ගමක් දානා එකය. ඒක මීට වඩා නැගලාම යන්නත් ඉඩ තිබුනේය.

මොකෝ, ඝෝඨා ජනපති කරන්න සමස්ත ලංකා කට්ටඩියන්ගේ සංගමය මෙන්ම, රටේම ඉන්නා තක්කඩින්ගේ සංවිධානද බැහැලාම වැඩ කළ නිසාය. එහෙම නැත්නම් "කහඳගම" කියා නම් කොට, ලී කෙලි සංදර්ශණ විතරක්ම පෙන්නන්න තිබුනේය.

රනිල්ට දැන් තියෙන්නේ කොල්ලන්ට කරගන්නා ගමක් කර ගන්නට දී, ඒ ගම කන්නේ නැතිව. අළුත්කඩේ කොඩිගහ අසළ සිටිනා ප්‍රේමදාසගේ පිළිරුව අසල පිට්ටනියේ "පුතාNoගම" කියා ගමක් පටන් ගන්නා එකය. 

රනිල් කියන්නේ ඝෝඨා මෙන් නොව ලක්ෂ 71.1 මැන්ඩේට් එකක් තිබෙනා නායකයෙක් නිසා, එම ගම ඔය ස්ථානයේ කිරීමෙන් ආන්ඩුවට පාට් දානා කළු කෝට් කාරයන්ද මෙල්ල කර ගතහැකි වනු ඇත්තේය.


ඒ වගත් මෙසේය....

May 12, 2022

රනිල්ට ජේ ආර් වැහේවා !


 රනිල්ට ජේ ආර් වැහේවා !
➖➖➖➖➖➖➖➖➖

රනිල් වික්‍රමසිංහ කියන්නේ ජේ ආර් ජයවර්ධනගේ බෑනාය. ජේ ආර්ට කිව්වේ ඕල්ඩ් ෆොක්ස් කියලාය. අදටත් හැමෝම සෙල්ලම් දාන්නේ ජේ ආර්ගේ ව්‍යවස්ථාවෙන්‍ය. එක එක පැලැස්තර දැම්මත් වැඩේ යන්නේ ඒකෙන්මය.

ජේ ආර් ටත් හම්බ වුනේ ඝෝඨා කෙලියා වගේ දේශිය වලිප්පුව හැදි, සිරිමාවෝ කාලා විනාශ කළ රටක්‍ය. 5/6 ක බලයක් තිබුනත් අද මෙන්ම එදාත් ජේ ආර්ටත් කොක්ක අදින්න උන්නේ වමේ 1/4 කන්නින් හා යූනියන් හූනියන් කාරයෝය. 

77 සිට ආ සීඝ්‍ර ආර්ථික වර්ධනය දැක ඇහේ කටු ඇනුන හූනියන් කාරයෝ, මහා වැඩ වර්ජනයක් අරඹන්නේ ඒ අතරය. ඊට හේතු වූයේ පිනට කන උන්ට ඕපන් ඉකොනමි තුල ඉඩක් නොමැති වීමය. පිනට කෑම තම උරුමය කර ගත් 1/4 කන්නින්ට මෙය උහුලන්නට බැරිම විය.එහෙත් ඒවා මැඩලන්නට උන්දෑ සමත් උනේය. ඒවා මැඩලූයේ කෙසේද කියා රනිල් දැක්කේය.

ජේ ආර් ඇනගත්ත තැනක්ද ඇත. ඒ 83 කළු ජූලියයි. එය තනිකර රාජ්‍ය අනුග්‍රහයෙන් ඉතා සැලසුම් සහගතව කළ රාජ්‍ය ත්‍රස්තවාදයකි.
මේ අමණකම්ද රනිල් දැක්කේය.

ඔහු බලය අතහැර යන මොහොතේ මුළු රට එකම ගිනි ගොඩක් වී තිබුනද, මිනිසුන්ට හෝ රටට ආර්ථික අහේනියක් තිබ්බේ නැතිය.
ඒ බවත් රනිල් දන්නේය.

ඉන් පසු පැමිණි ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ රණසිංහ  ප්‍රේමදාස දකුණේ ත්‍රස්තවාදයට තිත තබා උතුරේ ත්‍රස්තවාදයෙන් නිවන් පුර වැඩියද, එතෙක් පැවති සාම්ප්‍රදායික තේ පොල් රබර් ආර්තිකය වෙනුවට ඇඟළුම් කර්මාන්තයෙන් රටේ විශාල පෙරලියක් කලේය. රනිල් ඒවාත් දැක්කේය. 

මේ සියල්ලන් සමඟ උන් රනිල්ට තම කැමැත්ත අනුව වැඩ කිරීමට කිසිදා ඉඩක් ලැබුනේ නැතිය. ඔහු අගමැති කම බාරගෙන තියෙන්නේ ඝෝඨා කිසිම අයුරකින් බලපෑම් නොකරනා බවට සහතික වීමෙන් අනතුරුවය.

ඝෝඨාටත් අපට කීමට ඇත්තේ අනුන්ගේ ගුලි කකා රට අගාදයටම ඇද දැමු ඔබ, දැන්වත් තනතුරේ ගෞරවය රැකගෙන, කරන්න බාරගත් කෙනාට බාර දී, දෙන දෙයක් කා වෙන දෙයක් බලාගෙන ඉන්නා ලෙසය.

රනිල්ට ඇත්තේ රෙඩ් කාපට් ඇතිරු සිනිදු සේද මාවතක් නම් නොවේ. සියල්ලෝම ඔහුට විරුද්ධව අවි අමෝරාගෙන අවසානය. ඒ අතර සියළුම ප්‍රධාන පෙලේ මාධ්‍යයන් හා ජඩමාජ්ජවේදීන්ද සිටීමද විශාල අවාසියක්ම වන්නේය .

මේ ලද මහගු අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන විදේශයන් හා ඇති සබඳතා ප්‍රයෝජනයට ගෙන රට ගොඩ දැමීමේ විශාල වගකීම තනිකරම ඇත්තේ ඔබ අතේය. දේශීය ආර්ථික මළදාන වලින් මේ රට ගොඩදැමිය හැකි යයි සිතන්නෝ සිටිය යුත්තේ, පාර්ලිමේන්තුවේ, පලාත් සභාවේ, නගර සභාවේ හෝ ප්‍රාදේශීයේ නොව පිස්සන් කොටුවේය.

රිගේනින් සිරි ලංකා වැඩ පිලිවල ක්‍රියාත්මක කිරිමේ අනගිතම අවස්ථාව මෙයය.

ඒ සියල්ලම අතර මේ ඔබේ ලෑස්ට් චෑන්ස් එක බවත් අනිවාර්‍යයෙන් මතක තබා ගත යුතුය.

වාසනා වේවා....!

.

May 3, 2022

අන්‍රයියගෙ පයිල් හා මංජුල පීරිස්ගේ ලියුම්

 


අන්‍රයියාගෙ පයිල් එලියට දාපූ එක දැක්කාම මට මතක් උනේ..

දෙරණේ "පාර කියන තාරුකා" ප්‍රෝග්‍රෑම් එකට එන ජෝතීර්වේදී මංජුල පීරීස්.

පොරත් හැමදාම ෂෝ එක කරන්නේ ඔය වගේම ඇනිලොප් ගොඩක් ඉස්සරහින් තියාගෙන.

දෙරණේ නිවේදකයා ඇනිලොප් එකක් ඇදලා දුන්නාම මේ යකා කේන්දර පිටපත බලලා ඒකේ තියෙන විස්තර කියනවා.

ඇත්තද බොරුද කියන්නේ කියලා අහගන්න ලියම එවපු එකා එතන නෑ. සජීවීව සසම්බන්ධ වෙලත් නෑ.

ඉතින් ඕවා පිලිගන්න එකෙක් පිලිගන්නවා, නැති උන් හිනා වෙලා ආතල් එකක් ගන්නවා.

හැමදාම කියන්නේ එකම කතන්දර ටික.

අන්‍රයියත් ෆයිල් එලියට දානවා කියලා කරපු ලබ්බක් නෑ. මේ ඔක්කොම යහපාලන කාළේ නඩු දැම්ම, අල්ලස් කොමිසමට ගෙනිච්ච, FCID එකේ තිබ්බ ෆයිල් සෙට්ටෙක.

එයාර් බස් ගණුදෙණුව, මල්වානේ ඉඩම, ජෙට් මිමිළඳිගැනීම, සිරිලිය ගිණුම, දියගම ක්‍රීඩංගණය, ඔය ඔක්කෝම පරණ කතා.

ඕන් රත්තරන් අස්සයෝ ඉන්නේ කොහේද?, ලැම්බෝගිනි ටික තියෙන්නේ කොහේද? හරියටම හොරා කාපූ ගාන කීයද? , ඒවා තියෙන්නේ කොහේද? ඒ බැංකු හෝ ආයතන කව්ද? කිව්වා නම් ඔන්න අළුත් දෙයක් වෙනවා.

අළුත් දේකට කළේ යහපාලන හොරුන්ගෙත් රෙදි ගලවපු එක. ඒකත් කරේ සජිත්ට ගහලා රනිල් බේරලා.

මලික් සමරවික්‍රමට, විජේදාස රාජපක්ෂට, ධම්මික පෙරේරට වචනයක් කිව්වේ නෑ.

ඔතන වැදගත් දේකට හෙලිවුන එකම දේ..., අධිකරණ ක්‍රියාදාමයෙදි නඩුව විසිවෙන්න කොහොමද නීතීපති දෙපාර්තමේන්තුව ජිල්බරි දාන්නේ කියලා Upul Kumarapperuma හෙලිකල කරුණු පමණමයි.

අනුර මේකට සම්බන්ධ පොලිටික්කෝ විතරක් නෙමෙයි මේකේ චේන් එකක් ඉන්නවය කියලා, රාජ්‍ය නිළධාරීන්, පොලීස් නිළධාරින්, විමර්ශන කොමිසම් නිළධාරීන්, අල්ලස් කොමිසමේ ලොක්කෝ, ව්‍යාපාරිකයින්, මාධ්‍ය ආයතන හිමිකරුවන් ගැන කිව්වට, අධිකරණය ගැන හාම් හූම් කිව්වේ නෑ.. අනික අර නිළධාරීන්ගෙවත් එක නමක් කිව්වේ නෑ.

ඒ රන්ජන්ට අත් වෙච්චි ඉරණම අත්වෙයි කියලා බයේ වෙන්නත් ඇති.

අපිට ඕවට නඩු දාන්න කියලා වැඩක් නෑ අන්‍රයියා...

ඔයා සාලිය පීරිස්ට කියලා, දැන් පඩයක් ගියත් උසාවි වටකරන නීතීඥ හමුදාව දාලා, ඉස්මනට නඩු බලවලා, හොරු ටික ඇතුලට දාලා, ලෝකේ වටේ තියෙන පොලිටික්කෝ හොරා කාපූ සල්ලි ටික ගෙනත් රට ගොඩ දාන්න.

මොකෝ එහෙම කළුකබා හමුදාවක්ම යනකොට, නීතිපති දෙපාර්තමේන්තුවේ උනුයි, නඩු අහන උත්තමයොයිත් බය වෙයි.

අධිකරණයට බලපෑම් කරා කියන්නත් බෑ නේ. ඒකෙම අය නේ..

ඔයාලා ඕය පයිල් වල තිබිච්චා 2015 ත් කිව්වා

2019 ත් කිව්වා

අදත් කියනවා

2025 ත් කියාවී

මංජුල පීරීස්ගේ පාර කියන තාරුකා වගේම තමා.


.

May 1, 2022

රට භංකොලොත් වූයේ කෙසේද?

 


By - Duminda Ratnayake

මේ කරුණු බොහොමයක් ගන්නේ Dhanusha Gihan Pathirana මෑත කාලේ ඉදිරිපත් කල අදහස් වලින්. මේ කියන කලාපය කවුරුවත් කොහෙවත් කතා කරනවා දැකලා නොතිබුණු නිසා සහ මේ කියන දේවල්වල වැදගත්කම නිසා සෑහෙන කම්පනයක් කෝපයක් සහ බියක් ඇති වෙනවා.

අපි ලංකාවේ ආර්ථික අර්බුධය ගැන කතා කරනකොට සාමාන්‍යයෙන් කතා කරේ ඩොලර් හිඟය, අයවැය පරතරය, අධි පරිභෝජනය, බදු ප්‍රතිපත්තිය, රාජ්‍ය ආයතනවල නාස්තිය සහ අකාර්යක්ෂමතාවය, දේශපාලකයන්ගේ දූෂණ වංචා ආදිය විදිහට. ඒත් කතා නොවෙන ප්‍රධාන කාරණා දෙකක් ගැන කියන්න යන්නේ.

1. Over/Under invoicing හරහා ප්‍රාග්ධනය අනීතිකව රටෙන් පිටට යාම.

Over invoicing කියන්නේ මෙහෙම එකක්. මම මොනවා හරි දෙයක් මිලදී ගන්නකොට, ඒ මිලදී ගන්න භාණ්ඩයේ වටිනාකමට වඩා වැඩි මුදලකට රිසිට් එකක් දාගන්නවා. නිකං උදාහරණයකට ගාමන්ට් ෆැක්ටරි එකක් තමන්ගේ අවශ්‍යතා සඳහා රෙදිපිලි ඉන්දියාවෙන් ගේනවා කියල හිතන්න. ඉන්දියාවෙන් මිලට ගන්න රෙදිවල සැබෑ මිල ඩොලර් මිලියන පහයි. හැබැයි මේකේ මිල ඩොලර් මිලියන හයක් කියල තමා මෙයාල රිසිට් එක දාගන්නේ. මේ කියන්නේ අතිරේක ඩොලර් මිලියනයක් රටෙන් පිටට යනවා. ඒ මොකටද? ඒ ඩොලර් මිලියනය රටෙන් පිට ෆැක්ටරි අයිතිකාරයාගේ හෝ මේ වැඩේට සම්බන්ධ කෙනෙක්ගේ ඩොලර් අකවුන්ට් එකකට තමා යන්නේ.

Under invoicing කියන්නේ මම මොනවා හරි විකුණනකොට, ඒ භාණ්ඩවල වටිනාකමකට වඩා අඩු වටිනාකමකට රිසිට් එක දැමීම. උදාහරණයකට ගාමන්ට් එකක් නිමි ඇඳුම් අපනයනය කරනකොට ඒ නිමි ඇඳුම් වල සැබෑ විකුණුම් මිල ඩොලර් මිලියන තුනක් නම්, මෙයාලා මේකට මිලදී ගන්නාගෙන් අය කරගන්නේ ඩොලර් මිලියන දෙකහමාරයි. මේ ගාණට රිසිට් එක දැම්මම, ඩොලර් මිලියන බාගයක් රට ඇතුලට එන්නේ නෑ කිසිම විටක. ඇඳුම් මිලදී ගත් කෙනාට නැවත ඒ ඇඳුම් නියම මිලට විකුනලා ඩොලර් මිලියන තුන (හෝ වැඩියෙන්) හොයාගත හැකියි.

මේ අවස්ථා දෙකේදීම මිලදී ගන්නා කෙනා සහ විකුණන කෙනා එකම පාර්ශවයක් වුනත් වෙන්න පුළුවන්. මේ අවස්ථා දෙකම කරන්න පූර්ව සාධකයක් විදිහට ඉහල උද්ධමනයක් සහ අඩු තීරුබදු පවතින්න ඕන. උදාහරණයකට රෙදිපිළි රට ඇතුලට ගේනකොට ලොකු ටැක්ස් එකක් වදිනවා නම් මේක එච්චර සාර්ථක නෑ. නමුත් මේ වැඩ සිද්ධ වෙන්නේ වෙළඳ ගිණුම හරහා අමුද්‍රව්‍ය සහ යන්ත්‍ර සූත්‍ර ගෙන්වීම් විදිහට. මේ අංශ වලට බද්ද 0% හෝ ඊට ආසන්න නිසා මේ වැඩේ කරන්න පුළුවන්. මේ දෙකම නීති විරෝධී වැඩ.

රටේ මුදල් ඒකකය දිගින් දිගට අවප්‍රමාණය වීම නිසා රුපියල් අතේ තියාගැනීම වෙනුවට ඩොලර් තියාගැනීම වඩා හොඳයි. ඒ නිසා තමන් අත ඇති ප්‍රාග්ධනය අනීතිකව රටෙන් පිටමං කිරීමේ සහ විදේශවල සංචිත කිරීමේ ක්‍රම මේවා.

මේ ආකාරයට රටෙන් එලියට ප්‍රාග්ධනය අනීතිකව දිගින් දිගට ගලායාම නිසා වෙන දේ තමයි අපේ රට එන්න එන්න දුගී වීම සහ මේ ආකාරයට ප්‍රාග්ධනය විදේශවල සංචිත කරගන්නා පිරිස බලවත් වීම. කොහොමත් මේ ආකාරයේ දේවල් කරන්න පුළුවන් ඉහලම ව්‍යාපාරික ලේයර් එකට විතරයි. මේ දේවල් කරන්න බැංකු පද්ධතියත් හවුල් අතර ඒ බැංකු වල සෑහෙන හිමිකාරිත්වයකුත් ආයේ මේ සෙට් එකටම හිමියි

මෙහෙම පිටට යන ඩොලර් කියන්නේ වෙළඳාම, ප්‍රේෂණ, ණය සහ විදේශ ආයෝජන විදිහට රට ඇතුලට ආව සල්ලි. අපේ සල්ලි තමා මේ කිහිප දෙනෙක්ගේ ලේයර් එකක් රටෙන් එලියට ගෙනිහින් තියෙන්නේ.

Global Financial Integrity කියන ආයතනය විසින් 2021 දෙසැම්බර් 16 නිකුත් කල Trade-Related Illicit Financial Flows in 134 Developing Countries 2009-2018 කියන වාර්තාවේ කියවෙන විදිහට මේ ක්‍රම හරහා 2009-18 කාලය අතරතුර ලංකාවෙන් පිටට ගිහින් තියෙන ප්‍රාග්ධනය ඩොලර් බිලියන 45ක් පමණ වෙනවා.

මේක සිද්ධ වෙන එක ගැන එක උදාහරණයක් විදිහට දෙන්නේ 2021 වසරේ මෙතරම් ආනයන තහනම් තියෙද්දිත් ඩොලර් බිලියන 20.6ක ආනයන තියෙනවා. සාමාන්‍යයෙන් ලංකාවේ ආනයන වලින් 80%ක් පමණ අමුද්‍රව්‍ය සහ යන්ත්‍ර සූත්‍ර ගෙන්වීමට යන වියදම. නමුත් මෙතරම් අමුද්‍රව්‍ය සහ යන්ත්‍ර සූත්‍ර ගෙන්නුවා නම්, එක අතකින් රට තුල විරැකියාව වැඩි වෙන්න බෑ, අනෙක් අතින් අපනයනවල කාර්මික අපනයන වැඩි වෙන්න ඕන. මේ දෙකම වෙලා නැති අතර (කාර්මික අපනයන අඩුවෙලා) ඩොලර් බිලියන 11ක පමණ අපනයන විතරයි වෙලා තියෙන්නේ. වෙනස ඩොලර් බිලියන දහයකට ආසන්නයි. මෙහෙම වෙන්නේ කොහොමද? මේ පරතරය මෙතරම් වැඩි වෙන්න පුළුවන් විදිහ තමයි ඔය උඩ පැහැදිලි කරලා තියෙන්නේ.

2. කලු සල්ලි හරහා ප්‍රාග්ධනය අහිමි වීම

2020ට කලින් ඇස්තමේන්තු කරලා තිබ්බ විදිහ අනුව රටේ විදේශ ප්‍රේෂණ (remittances) වලින් 30%ක් පමණ එන්නේ උන්ඩියල් ක්‍රම මගින්. රුපියල 203 ට ස්ථාවර කිරීම එක්ක මේ ප්‍රතිශතය වැඩි වුනු බව පැහැදිලියි. රටේ මුදල් ඇමති ප්‍රසිද්ධියේ උන්ඩියල් සහ බ්ලැක් මාකට් එක වෙනුවෙන් පෙනී ඉන්නවා. කලින් ඇස්තමේන්තුවට අනුව 2009-18 කාලය තුල ලංකාවට උන්ඩියල් ක්‍රම නිසා අහිමි වී ඇති ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් බිලියන විස්සක් විතර වෙනවා. මේ කලු සල්ලි නැවත භාවිතා වෙන්නේ මත්ද්‍රව්‍ය, ආයුධ, මිනිස් වෙළඳාම ආදී වෙළඳාම් සඳහා.

එතකොට මේ ඇස්තමේන්තු අනුව බැලුවොත් 2009-18 කාලය තුල පමණක් ලංකාවට අහිමි වී ඇති ප්‍රාග්ධනයේ ඩොලර් ප්‍රමාණය බිලියන 65ක් විතර. වසරකට ඩොලර් බිලියන 6.5ක්. අපි එච්චර ණය ගන්නෙවත් නෑ අවුරුද්දකට. අපේ මුළු ණය බර වෙන්නෙත් ඩොලර් බිලියන 55යි. ඒ නිසා අපි මේ කතා කරන්නේ කජු ඇට කොස් ඇට ගැන නෙමෙයි.

මීට අමතරව ලංකා රජය විසින් පසුගිය ජනවාරි වෙනකම් ISB ගෙවීම් කරනවා. මෙහෙම ගෙවන්නේ පැහැදිලිවම ඉදිරියට මිනිස්සුන්ට තෙල් ගේන්න, බෙහෙත් ගේන්නවත් ඩොලර් නැතිවෙන බව හොඳින් පෙනි පෙනී. ඩිෆෝල්ට් කරන්න වෙන බව දැනගෙන. මෙහෙම කරන්නෙ ඇයි කියල හැමෝම වගෙ දන්නව. මෙහෙම කරන්නෙ මිනිස්සු මැරෙන්න යන බව පෙනෙද්දී. මීට අමතරව (කාල වකවානුව දන්නේ නෑ - W.D. ලක්ෂ්මන් ඉන්න කාලේ) ලංකාවේ තිබ්බ රන් සංචිත වලින් ඩොලර් බිලියන දහතුනක රන් සංචිත රත්තරන් මිල ඉතා පහල මට්ටමකට වැටුණු වෙලාවක විකුනලා දාලා තියෙනවා. මේවා විකුණුවේ කාටද කියල දන්නේ නෑ. අන්තිමට එක සතයක් නැති වෙනකම්ම රටේ මිනිස්සු හොයපු ඩොලර් ටික එලියට ඇදලා තමා මෙයාලා IMF යන්නේ.

මේ සියල්ල තව හොයා බලන්න, පරීක්ෂා කරන්න. වැරදි ඇති නම් දැනුවත් කරන්න. අපිට අප්‍රිකාව වගේ වෙන්න ඕනේ නැත්තන්, මේ ප්‍රශ්න ගැන දැනුවත් වීමත්, ඒවා සම්බන්ධව විසඳුම් සහිත වැඩපිලිවෙලකුත් අපිට අවශ්‍යයි. ප්‍රධාන ධාරාවේ දේශපාලකයන් සියල්ලම පාහේ උඩ කිවූ ව්‍යාපාරික ලේයර් එක විසින් අල්ලාගෙන ඇති බව සහතික නිසා ඔවුන් විශ්වාස කල නොහැකියි. ඇමතිවරුන්ට උපදෙස් දෙන්න පත් කල ආර්ථික කමිටුවේ හිටියෙත් ලංකාවේ ඉහලම ව්‍යාපාරිකයන් සෙට් එකනේ. මේ කිසිවක් ගැන අපි කිසිත් නොදැන ඉන්නේ කොහොමද කියලත් ඇසිය යුතුයි.

මාතලන්ගේ එකතු කිරීම..

උන්ඩියල් සල්ලි වලින් වෙන්නේ බ්ලැක් මාකට් බිස්නස්...

ඩ්‍රග්ස්, වෙපන්ස්, හියුමන් ට්‍රැෆිකින්

ඒ කියන්නේ, මත්ද්‍රව්‍ය, ආයුධ  හා මිනිස් ජාවාරම්, මිනිස් ජවාරම් කියන්නේ වැඩිපුරම ගනිකා සේවය....

ඩොලර් එක බලෙන් ඔබාගෙන මේ අංශ තුනම පසුගිය කාළයේ ලංකාවේ සුපිරියටම ක්‍රියාත්මක උනා....

කළු සල්ලී ආර්ථිකයක් තියෙන ඕන රටක වෙන්නේ මේකයි.. මෑත ඉතිහාසයේ කාර්මික නිශ්පාදන ආර්ථිකයක් නොමැතිව ගොඩ ආපු ඔක්කෝම රටවල් ගොඩ ආවේ මේ ක්‍රමයට. 

හැබයි කරුමය කියන්නේ ඒ වැඩේවත් නිසි ලෙස කළමනාකරණය කරගෙන ගොඩ එන්න මුන්ට බැරි වෙච්ච එක.

දැන් ඒවත් නෑ.. ජෙනුවින් බිස්නසුත් නෑ..

රට සුනේ සුන්...