.

.

Nov 21, 2022

සාරිය වෙනුවට මිනිහගෙ කමිසය ඇඳීම

 


සාරිය වෙනුවට
මිනිහගෙ කමිසය ඇඳීම
➖➖➖➖➖➖😁➖▪️

මෑතක සිට ගැරහුම් ලැබ ගන්............ නේ
සැහැල්ලු ඇඳුමකි රී ප්ලෙස් වන්......... නේ
නේක දනා එහි අගේ කියන්................ නේ
සාධු සාධු සා රිය නමදින්..................... නේ

ජංගිය බැසියර් මුලින් අඳින්................ නේ
යට සායක් ඉන වටේ රැඳෙන්.............. නේ
ඉන් පසු හැට් ටේ හක්ක දාන්............. නේ
හංසයෝ කොහොමෙයි බ්‍රීත් කරන්..... නේ

මේ ලෙස සැරසී ජෝගී නටන්............. නේ
කැඩපත කැඩපත ඇත්ත කියන්........ නේ
ලෝකෙම ලස්සන කව්ද කියන්.......... නේ
මළ කෝලං කැඩපත පවසන්............. නේ

ඇද මත තිබු සාරිය අර ගන්.............. නේ
කෙලවර ගෙන යට සායේ ඔබන්....... නේ
වටයක් කැරකි රැලි සාදන්................. නේ
බුරිය යටින් පූසටයි ඔබන්................. නේ

ආයෙත් එක රවුමක් කැරකෙන්........ නේ
යලිත් රැලි තබා පොට සාදන්............ නේ
ඒ පොට තණ බිම් වසමින් යන්........ .නේ
ඉහළට ගොස් කර මතයි රැදෙන්...... නේ

හැඩයක් නැත ඔය ලෙස එය ඇන්ද...... ට
දැණුයි අගය බොල හරනල් කට්ට........ ට
අන්තිම එක පිටි පස්සෙන් හැට්ටෙ....... ට
මල පනිනවා බං අම්මපා නැට්ට........... ට

සුර ලෝව සිට බට සුර අඟනක්....... දෝ
බොලිවුඩ් තිරයේ පුර අඟනක්......... දෝ
මිහිබට පුරඟන ගෙට වැඩියා.......... දෝ
රෑ වෙනකන් රන්දික ඉවසා.............. දෝ

දඹදිව් තලයෙන් වැඩි ඒ සාරි............... ය
කැන්ඩියන් ළමයි අඳින්නේ ඔසරි........  ය
පාත්තයෝ ඇඳගෙන යති ඉන්දි........... ය
පේන්නේ නැත්නම් මොකටද ඉඟටි..... ය

හෑන්ලූම් ලිනන් කොට්න්ද මනිපු........... රි
ජෝජට් බර ණසි කාන්ච්යේ පු............... රි
ෂිෆෝන් සැටින් සිලික් දැක්කම සුමිහි.... රි
දිය ඇලි වාගේ නිතඹෙන් පෙරි පෙ......... රි

සෙක්සිම ඇඳුමකි ඇන්ඳම ලෙසට....... ම
රෝසිලා නිරපමා හෙම ඇන්ද.............. ම
හිරුණිකා දුවයි අරගෙන පන්ද............ ම
පොලීසියත් කොර හංසයෝ දැක්ක...... ම

නෙක නෙක අයුරින් ඇඳි ඒ සාරි........ ය
ජෝසප්පුවාට පේන්න බැරි වි............ ය
මොකටද බං උඹ ඇද්දේ ගෝරි.......... ය
මෙලෝ රහක් නෑ ගලවලා සාරි......... ය

සාරිය වෙනුවට ඇඳුමක් සැහැල්............ ලු
ඇඳගෙන ඇවිදින් අරගල වහල්...........  ලු
මිනිහගෙ කමීසේ හොයන්න නැහැල්.... ලු
වාගෙයි කම්බියෙ එල්ලුනු වවුල්........... ලු

එකෙක් උන්නේ නෑ ගින්දර වා........ ගේ
අරගලේ වගේම ගැලවෙයි වා........ ගේ
ජොකත් ගලවලා ජෝසප් පුවා....... ගේ
එල්ලයි ජංගිය එල්ලුවා වා............. ගේ

සැහැල්ලු කිව්වම ගලවා සාරි.......... ය
ඇඳගෙන ආවේ මිනිහගෙ කමිස..... ය
වස් වැදි තරමට වෙන දැන් හානි..... ය
පුදුමයි නාවේ ඇඳගෙන නයිටි......... ය

-  කාව්ව සිරෝමනී මාතලන් -

#කුප්පකවි
.


Nov 20, 2022

ගෞරවනීය කිතු දහමේ පරිහානිය

 


මාතලන් යකා  කැළණියේ.. වරාගොඩ පාරේ.. එහෙ කැතලික්ස්ලා වැහි වැහැලා.. ලංසිත් සෑහන හිටියා.. බොහෝම වැදගත් තැන්පත් ජොලිෆුල් මිනිස්සු... 


ඉරිදා දවසට  උදේට හවසට මඟුල් ගෙදර වගේ... ඇඳලා සැන් පවුඩර් දාලා යන කතෝලික දේව දූතියෝ බලන්න අපිත් පල්ලිය ගාවට යනවා...


ඊට පස්සේ ගිටාර් බොංගෝ එක්ක බෝතලේකට සෙට් වෙනවා... ඒක පට්ටම දියුණු කල්ට් එකක්... ඒ සෙට් එකේ ගොඩක් උන්, උන්ගේ කල්ට් එකට ගැලපෙන රටවලට සංක්‍රමණය වුනා...


කොල්ලෝ සෙට් එකත් එක්ක නත්තල් දාට, දෙසැම්බර් 31 රෑට, අපිත් පල්ලි යනවා. දන්න නොදන්න හැම එකාටම විෂ් කරනවා. (නොදන්න උන් නැති තරම්. ඒක එකම කොමියුනිටි එකක්) ඔය පාටි ගැනිල්ල කෙලවර වෙන්නේ ජනවාරි මාසේ සතියක් විතර ගිහිල්ලා.. ක්‍රිස්මස් කේක්, කැරෝල්ස් වගේම ගවලෙනත් අමතක නොවන සුන්දර මතකයන්...


අපේ පැත්තේ තමයි කීර්තිමත් පියනමක් වෙච්චී... පන්සලේ පියතුමා කියලා රටම ආදරේ කළ ගරු මර්සලීන් ජයකොඩි පියතුමා උන්නෙත්. නමෝ මරියනේ කියන ලතා ඇන්ටිත් වරාගොඩ... 


අපේ පැත්තේ විශේෂයක් නෙමේ, රටේම කතෝලික ප්‍රජාව ඒ වගේ. බිෂොප්ලට ෆාදර්ස්ලට සිස්ටර්ස්ලට බය පක්ෂ්පාතී මාර ගෞරවයක් තිබ්බා. (ජීවන්ත වගේ වැද්දොත් එක්ක පාරවල් ගානේ රස්තියාදු වෙන පාදිලියොයි, සුදු ලෝගූ හා කුරුස එල්ලගෙන මහ රෑත් පාරවල් වල ළඟින හිඟන ගෑණුයි උන්නේ නෑ. ගංජා කාරයෝ ලන්කට් ගහන් කුරුසෙ කරේ තියන් ගියේ නෑ )


දේශපාලනික වශයෙන් එයාලා එජාපයට බරයි. වත්තල ඉඳලා මුහුදුකරයම තනි අලි. හැබයි ප්‍රසිද්ධියේ නෙමේ. ඒ පැත්තේ පල්ලිවල මංගල්ල වලට රටේ හැමෝම වගේ ආවා. ඉස්සර පල්ලියක මංගල්ලේ කියන්නේ තනිකර කානිවල් එකක්. මඩු වන්දනාවට, බෞද්ධයොත් ගියා. බෞද්ධයින් මඩු මෑණියෝ, ශාන්ත අන්තෝනී පියතුමා වන්දනා කලා.


මේ තිබ්බ ගෞරවය හා අන්‍යෝනය සංස්කෘතික බැඳීම් නැතිකර ගත්තේ උතුරේ හා දකුණේ පූජකයෝ. ඒ ත්‍රස්තවාදයට එලිපිට උදව් කරලා, පිටරටින් එන ඩොලර් ළඟ දෙවියන් වහන්සේ හා ජීසස් සෙකන්ඩ් උනා. උන් පූජකයෝ නෙමේ ජූජකයෝ. ඒකෙන් අනෙක් ජන ප්‍රජාවන් හා තිබුන සහෝදරත්වය නැති කර ගත්තා.


කාදිනල් මැල්කම් කියන්නේ ශ්‍රී ලාංකීය කතෝලික ජනතාව විනාශ කරන්න ආපූ සාතන්ගේ අවතාරයක්. පොර අතනින් ඉස්සරහට ගිහින් ගරු මර්සලීන් ජයකොඩි පියතුමාගේ ස්ලෝගන් එක වෙච්චි, " මගේ ආගම කතෝලික, සංස්කෘතිය බෞද්ධ..." කියන දේම අරගෙන, ඒක අමු අමුවේ අපචාරයේ යෙදුවා. කෙලින්ම දේශපාලනය කලා.


එතෙක් කිසිම දවසක පල්ලිය එලිපිට දේශපාලනය කළේ නෑ. එයා පල්ලිය ඇතුලට දේශපාලනය ගෙනැත් අර සාමකාමී සුහඳශීලී ජනතාව ලාංකීය තුප්පහි මජර දේශපාලනයේ වහලුන් කළා. මැයි 9 වෙනිදා පල්ලියේ සීණූ හඬවා මදාවී රැස් කරන්නෙත්, නිවාස දේපල 🔥 තියන්න ලෝගූ පිටින් යන්නෙත් ඒයාගේ දේව ධර්මයේ ප්‍රතිපලයක් ලෙස.


දැන් බුද්ධාගමට වෙච්චි දේ කතෝලික දහමටත් වෙලා තියෙනවා.. ජූජකයෝ මජර දේශපාලනයෙ එල්ලී පාස්කු ප්‍රහාර වන්දනාවේ යෙදෙමින් වෛරයම වපුරද්දි, පාස්ටර්වරුන් ජීසස් හා දෙවියන් වහන්සේගේ බල මහිමය ජනතාවට පෙන්වමින්, ආගම විකුණාගෙන කමින්, ආදරය ගෞරවය දිනාගනිමින් සිටිනවා.


ලෝකය වෙනස් විය යුතුයි...

ඉදිරියට යා යුතුයි..

එහෙත් පැවති ගුණ දම් රැකෙමින්..


ආගම් වල මහ උන් වපුරන්නේ වෛරයම පමණ නම්... අප කුමක් කරමුද...?


🙏 දෙවියන් වහන්සේ අපට දී ඇති ප්‍රේමය අපි දැනගෙන විශ්වාස කළෙමු. දෙවියන් යනු ආදරයයි; ප්‍රේමයෙන් වාසය කරන්නා දෙවියන් වහන්සේ තුළත්, දෙවියන් වහන්සේ ඔහු තුළත් වාසය කරයි.


ආමේන්....🙏


⭕ පින්තූරේ තියෙන්නේ අති සුන්දර තේ වත්තේ පල්ලිය...

.

Nov 18, 2022

රනිල්ගේ අවසානය ළඟදීම අධ්‍යක්ෂනය - නන්දලාල් වීරසිංහ නිශ්පාදනය - සැන්ට්‍රල් බෑන්ක්

 


රනිල්ගේ අවසානය ළඟදීම
අධ්‍යක්ෂනය - නන්දලාල් වීරසිංහ
නිශ්පාදනය - සැන්ට්‍රල් බෑන්ක්
➖➖➖➖➖➖➖➖➖💀▪️

වජිර අබේවර්ධන විසින් පාර්ලිමේන්තුවේදී,
බංකොලොත් ආරච්චිලාගේ නන්දලාල් වීරසිංහගේ රෙදි ගැලවීම, සුභවාදී ලකුණකි.

මූසලයා හා ඉහළ පුටුවල සියළුම නිළධාරින් ඉවත් කොට, 

IMF නියෝජිතයකු එම තනතුරට වහාම පත් කළ යුතුය. අනිවාර්‍යයෙන් ඔහු විදෙශිකයකු විය යුතුය. ඒ සඳහා නීතී අවශ්‍ය නම් පාර්ලිමේන්තුවෙන් ඒවා ගෙන ආ යුතුය.

එසේ නොමැතිනම්, මාලදිවයින් හිටපු ජනපති හා නෝර්වේ සෝල්හයිම් මෙන්, විදෙස් ආර්ථික පන්ඩිත් කෙනෙක් වහාම ජානාධිපති උපදේශකයකු ලෙස පත් කර ගත යුතුය.

රජයේ මුදල් ප්‍රතිපත්ති තීරණය කළ යුත්තේ පාර්ලිමේන්තුව මිස මහ බැංකුව නොවන බව පාර්ලිමේන්තුවේ ඉන්නා අම්බරුවන්ට කියා දිය යුතුය.

මේ ආකාරයට සල්ලි අච්චු ගසමින්, රාජ්‍ය සේවය පවත්වාගෙන යාමෙන්, රට සිම්බාබ්වේ වන දින වැඩි ඈතක නොවේ.

මෙය අවබෝධ කොටගෙන ඇත්තේ පාඨලී පමණි. 

අයවැයේ ආදායමට වඩා වියදම දෙගුණයකි.
එය ලබා ගැන්මට යන්නේ දේශීය කර්මාන්තකරුවන්ගේ හා සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරකයින්ගේ වෘෂණ කෝෂ දෙකද අල්ලා මිරිකීමෙනි.

රනිල් විනාශය ළඟාකරනු ඇත්තේ මහ බැංකුව විසිනි. එය සියුම් උත්ප්‍රාසයක් ගෙනෙනා දෛවපෝගත සිඳු වීමක්ද වනු ඇත.

මහ බැංකුවේ සිටින්නේ දේශපාලුවන්ටත් වඩා සොරකම් කළ කම්බා හොර නිළධාරීන් පිරිසකි.

ආර්ථිකය නිසි ලෙස නියාමනය කලේ නම්, මහ බැංකුවේ සිට පයින් යා හැකි දුරකින් පිහිටි කොටස් වෙළඳ පොළ පවතින ගොඩනැගිල්ලේ සිට, තිලිණි ප්‍රියමාලීලා කළු සල්ලි වලින් බූරුවා ගහන්නේ නැත. ෆිනෑන්ස් කොම්පැනි බංකොලොත් වන්නේද නැත.

කඩා වැටුනු ෆිනෑන්ස් කොම්පැණි ගරහා මහ බැංකුවේ උන් ගසා කෑ මුදල රුපියල් බිලියන ගනනක් බවද ඊයේ පාර්ලිමේන්තුවේදී හෙලි විය.

මේවා ගැන සොයන්නේ මොකාද?
කතා කරන්නේ මොකාද?
පරීක්ෂණ කරන්නේ මොකාද?
විගනනය කරන්නේ මොකාද?

සියල්ල රාජපක්ෂ ගිණුමට බැර කොට..
මහ බැංකුවේ උන් මහ දවාලේ හොරා කා රට බංකොලොත් කලේ එසේය.

විගනකාධිපති කෝප් කමිටුවේ
බයිලා ගසති.

අනේ තොපේ විගනනේ
ගහ ගනියව් රෝල් කරලා අධෝ මාර්ගය කොනේ....

.

Nov 17, 2022

හැපි බර්ත් ඩේ ලොක්කා

 


හැපි බර්ත් ඩේ ලොක්කා

➖➖➖➖➖➖⭕➖

.

මාතලන් යකා එදා ඉඳම්ම ඔයාට කියන්නේ ලොක්කාය කියලා. 


ඒ බජාර්කාරයෝ ඔහේ අමතන්නෙ එහෙම නිසා.


හැබයි ඔහේගේ ආරම්බය මහින්ද "අයියා."


අයියා කියලා බජාර් එකේ කියන්නෙත් මහින්ද මහත්තයා කියනෙක.


වැඩිහිටි සහෝදාරයටත් එහෙම කියනවා.


අයියා කියලා චන්ඩින්ටත් කියනවා.


ඔහේ මැදමුලනේ අයියා වෙලා 

ගිරුවාපත්තුවේ අයියා වෙලා 

ශ්‍රිලනීපේ අයියා වෙලා 

පාර්ලිමේන්තුවෙත් අයියා වෙලා 

වම්මුන්ගෙත් අයියා වෙලා

ජෙප්පන්ගෙත් අයියා වෙලා 

අන්තීමේදි රටේම අයියා වෙලා 

පිරිභාහරන්ට ගේම දේනවා.


බයි ලීඩර් වෙන ඔහේට, 

මාතලන් බොක්කෙන්ම ආදරේ මේන් මේ අයියා පාර්ට් එකට විතරයි හරිය...


ඇඹිලිපිටියේ සුද්දන්ට දීපූ ගේම මට නම් ලංකාවට නිදහස ලැබුනටත් වඩා, ප්‍රභායි විජේවීරයි වැලිගම්පිටි ඇරියටත් වඩා වටිනවා.. අම්මපා... බොරු නෙමේ... හා නැද්ද මන්කි යන්නේ...


අපේ රනිල් IMF සුද්දෝ ගාව තාම ඇඹරෙනවා.

ඒ අස්සේ නන්දලාල් වීරසිංහ කියලා එකෙක් ප්‍රභාට කරන්න බැරි වෙච්චි දේ, එක බුලට් එකක් පත්තු නොකර, 

ඔම්බදු පත්තු වෙන්නම කරනවා.

ඌ රට බංකොලොත් නෙමේ සෙත්තපෝච්චි කරලම දායි වගේ..


ඔන්න ඔය සුද්දට ඇරපු හේතුව විතරයි මට ඔහේට රෙස්පෙක්ට් එකක් තියෙන එකම හේතුව. මොකෝ රස්තවාදී නායකයා ප්‍රභාය කිව්වට ගේමේ උන්න මහමොළකාරයෝ ඕකුන්..


ඉතින් ඔහේ මහ රජානෝ වෙනවා.

ප්‍රසස්ති ගැයෙනවා, 

රටම උත්සවශ්‍රීයෙන් පිච්චුම කෙලිනවා.

ආ කිරිබතුත් කෑවා..

ඔහේට අරින්න ආපු කළවැද්දා හතර ගාතෙන් උස්සගෙන ගිගින් කූඩූ කරනවා.

ඌ නම් ජරා සතෙක්. 

ඌ ආවා නම් හෙම  2019 ආපු එකාට එහා ගිහින් රටම බුල්ස් අයි දාලා නවතින්නේ.

අපිට දන ගහගෙන පාරේ ඉන්න වෙන්නේ.. ආමි එකෙන් ඇවිත් ඇරලා යනකන්..

දැන් පොර වැද්දෙක් කරේ තියන් යනවා..

මූ යුද්දේ කරා කියලා හිතන ගොබ්බසේනාත් රටේ ඉන්නවා...

හිනා යනවා නේ ලොක්කෝ පුපෙන්ම...


ඊට පස්සේ ඔහෙයි, පවුලේ අයයි, මදාවියි එකතුවෙලා තනිකර කෙලියේ බුල්, 

බලේ වැඩි උනාම මොලේ අවුල් වෙලා, ලෝකල් ගඩාෆී, ලෝකල් සදාම් හුසේන් වෙන්න ගියේ.


වටේම උන්නේ අපතයෝ. මදාවී.

උන් ඔක්කොම දැන් ඔහේගේ රෙදි ගලවන ගුණමකුවෝ. 


මාලිගාවට ගාඩ්ලා එක්ක පත ගේට්ටුවක් නොදා, සැලුන් දොරක් දාගෙන, වේස මඩුවක් දැම්ම නිසා, හැම වේසාවම ඇවිත් බඩ පිරෙන්න කාලා, බටර් නැතුවම ඇරියෙ...


ඕකුන් 2015 ඇරලත් ඔහේට රිදුනේ නෑ.

ආයේ ගෙනත් බටර් දීලම ඇරගෙන ඉන්නේ.


දැන්වත් ආයේ නැගිටලා, වැස්ලීන් දාගෙන ඇරගන්නේ නැතිව, දරු මුණුබුරු කැළ බලාගෙන බණක් භාවනාවක් කරගෙන, නාමල්ට බැටන් එක දීලා රෙස්ට් එකේ ඉන්න.


එයාට එයාගේ ගමන තනියෙන් යන්න දෙන්න.

මොකෝ ඔහේටත් පවුලෙම උන් ඇරියා මිසක්, ජනාධිපති වෙනකන් ඔය එකෙක්වත් උන්නේ නෑ නේ. 


ඔහේ රටට පෙන්නන්නේ, ඔහේ නැත්නම් නාමල්ට බෑ කියන දේ. පෙර වැරදි හදාගෙන එයාට එයාගේ ගමන යන්න දෙන්න.


මොකෝ රටේ ජනතාවට ආයේ මහින්ද කෙනෙක්වත්, ඝෝඨාභය කෙනෙක්වත් ඕන නෑ. ඔහේලා දැක්කත් අරහං..


සාපලත් ත්‍රස්තවාදය නිමා කලාට බොහෝම ස්තූතියි....


ඇ/ටෙ/ත් හිටපු නැති මේස කොල්ලන්ටයි, කෙල්ලන්ටයි, ටයිගර්ස්ලගෙන් කන රස්තවාදින්ටයි ඒවා අමතක උනාට, 


යාලු හිත මිත්‍රාදීන්, ඥාතීන් අහිමි වෙච්චි යුගය, 

හැමදාම රට වටේ මළගෙවල් වලට ගිය යුගය,

අන්තිමට ගෑණි මිනිහයි වෙනම ගමන් ගිය යුගය, 

පොඩි උන්ගේ ගාඩ් එකට ඉස්කෝලේ සිකුරුටි කම් කරපු යුගය, 

ළඟ ඉන්න නොදන්න එකාත් සුවිසයිඩ් බෝම්බ කාරයෙක්, කාරියක් කියලා හිතපු යුගය,

ටෙරාලා කුරුම්බැට්ටි වලින් ඇවිත් කොළඹට කෙලිද්දි ඇඳන් යටට වෙලා මරණ බයේ හිටි යුගය, 

පරයන්ට අමතක උනාට,

මට නම් ඒ භීෂණ යුගය අමතක වෙන්නේ නෑ.


උන් ඔහේට මයිනා කිව්වට,

අපි එහෙම ඔහේ අමතන්න තරම් අවජාතක පරයෝ නෙමෙයි.

.


සුභ උපන් දිනයක් වේවා.... ලොක්කා..!!!!


.

Nov 11, 2022

සියළු ගැටළුවට හේතුව බලය ප්‍රභූ පාලනයෙන් ගිලිහීමය..


➖➖➖➖➖➖➖➖🙄➖

ධනුෂ්ක ගුණතිලක සිද්ධිය අලලා එයට හේතූ වූ කරුණු ගැඹුරින් සාකාච්ඡා වන ලිපි කිහිපයක්ම කියවූවේය.

වාමාංශික වාම ගොබ්සන්ලා සුපුරුදු ලෙසම මැක්කාගේ කතාව ලියමින් සාප කරන්නේ ජේ ආර් ගේ විවෘත ආර්ථිකයටය. ඊට සාධාරන හේතුවක්ද තියෙන්නේය. ඒ ජේ ආර් ගේ විවෘත ආර්ථිකයත් සමඟ ගම්වල උන් බන්ඩලා මැනිකෙලාද, ජීවීතේ කියන්නේ සම්පාකාරේ උම්බලකඩ කෑල්ලයි බොම්බිලි කරෝලයි නොවනා බව වටහා ගත් නිසාය.

අද වමක් නැත. ඇත්තේ මොන්ගල් වමකි. උන් දිනපතා වම වම කියා වමනය කරමින්, පිනට කකා බිබී රමණය කරමින් දිවයින පුරා හා ලෝකය පුරා අමනයන් රැලකට සුරංගනා කතා කියමින්, ධනවාදී ක්ලයිමැක්ස් එකම ලබා ගනිමින් සිටින්නේය. 

වෙනස ඇත්තේ කුලයේ හා පන්තියේ පමණමය. ඉහළ සමාජයට අයත් වුවත්, එහි ප්‍රධාන චරිත රඟ පෑමට අවස්ථාව නොලැබෙන චරිත දෙක තුනක් අතීතයේ පරිදිම අඩු කුල ව්‍යාපාරයේ ගරු රඟපෑම් කරමින් සිටින්නේය. 1971/72 මෙන්ම 88/89 කාළයේද එවන් පිරිසක් වමේ පක්ෂ තුල මෙන්ම විප්ලව තුලද සිටියේය.

මාතලන්ගේ අදහස නම් ක්‍රිකට් වලින් පමණක්ම නොව, අපේ රට සෑම අතින්ම ගරා වැටීමකට ලක් වීමට ප්‍රධානම හේතුව, 56 අපතයන් ඉදිරියට එමින්, ප්‍රභූ සමාජය සියළු මර්මස්ථාන වලින් ඈත් වීම බවය. බොහෝ උන් සියළු දේපල විකුණා දමා රට හැර ගොසිනි. අනෙක් උන් නිහඬව තම ව්‍යාපාර හා රැකියාවල යෙදෙමින් නිහඬව සිටී.

සුද්දා රටින් යන විට රට බාර දී ගියේ කළු සුද්දන්ටය යන්න කවුරුත් දන්නා කතාවකි. මේ කළු සුද්දන් කියා කියුවේ ප්‍රභූ සමාජයටයි. ඔවුන් සුද්දන්ගේ ජීවන රටාව හා සිතුවිලි වලුන් සුද්දන්ම වූ පිටින් පමණක් කාල වර්ණ වූ පිරිසය. කරුමය ඇරඹෙන්නේ ප්‍රභූ සමාජයේම එකෙක් වූ බන්ඩා, බල පෙරේත කම හමුවේ සඟ වෙද ගුරු ගොවි කම්කරු හෙවත්, පංච මහා බලවේග මහා කරුමය මේ රටේ ස්ථාපිත කිරීමය.

මේ සියළු කොටස් අයත් වනුයේ සුද්දා හා මුසු වීමට නොහැකි වූ සමාජයේ පහළම ගෝත්‍රික ස්ථරයටය. බන්ඩාගෙන් පසු එහි බලය සිරිමාට හා දුවට ලැබුනද ඔවුන්ද පාලනය වන්නේ අර ධනවාදීන් බංග කොට සමාජවාදයක් බිහිකල යුතුයැයි යන සුරංගනා කතා තොරණ ප්‍රදර්ශනය කරනා වම්මුන්‍ය.

චන්ද්‍රිකා පාලනය යටතේ වාමාශිංක නෂ්ඨාවශේෂ වල නායකයින් එකා දෙන්නා මෙන්ම ජෙප්පන්ගේ 39 ක්ද 40 ක්ද එන්නේත්, 2005 ගිරිවාපත්තුවේ නොව පාර්ලිමේන්තුවෙත් චොප්පෙ අයියා වූ මහින්ද ජෙප්පන් හා ගිවිසුමකට යන්නේත්, යුද්ධය කළේ උන් කියා පාරම් බාන්නේත්, විමල් වීරවංශගෙන් එහා උපදේශකයෙක් මහින්දට නැතිවන්නේත් ඒ අනුවය.

මේ බව තේරුම් ගන්නා මහින්ද මුන් හලා දමා ඊළඟට සෙට් වෙන්නේ ඊට වඩා කරුමක්කාර සමාජ ස්ථරයක් සමඟය. ඒ ජේ ආර් බිහි කෙරූ නාගරික හා ලුම්පන් පන්තිය සමඟ වන අතර, උන් උන්ගේ බලය මෙහෙයවන්නේ පාතාලය හරහාය.

ඒ දේශපාලනයේ කතාව වනාතර, ක්‍රිකට් තුලද සිඳු වූයේ එයමය, රාජකීය, සාන්ත තෝමස්, ට්‍රිනිට්, සෙන්ට් පීටර්ස්, සෙන්‍ට් ජෝෂප් වැනි ප්‍රභූ පාසල් වලින් බිහිව තිබූ ක්‍රිකට් කණ්ඩායමට බන්ධුල වර්ණපුරලා එන්නේත්, ඔවුන් මුදල් වෙනුවෙන් දකුණු අප්‍රිකාවේ ගොස් රටේ කීර්තිය කා දමන්නේත්.

ඉන් අනතුරුව පොට්ට චාන්ස් එකකින් 96 වර්ල්ඩ් කප් දිනනා කෝච්චියේ ක්‍රිකට් ගහන්නට ආ අර්ජුන බුකි කාරයෙක් වූ තිලංග සමඟ එක්ව ක්‍රිකට් ක්‍රීඩාව තමන්ගේ බූදලයක් කර ගනිමින් පභූ පන්තිය කපා දමන්නේත් එලෙසින්මය.

මහ බැංකුවේ උන් කීර්තිමත් නිළධාරින්ගෙන් අනුතුරුව ජයවර්ධනගෙන් පටන් ගෙන රට බංකොලොත් බව ප්‍රකාෂ කරන්නේ තංගල්ලෙන් ආ නන්දලාල් වීරසිංහලය. අමාත්‍යාංශ තුලද, රාජ්‍ය නිළධාරීවාදයේද, සියළුම ඉහළ යැයි සැලකෙන වෘත්තීන් තුලද, රාජ්‍ය සේවයේද, ව්‍යාපාර ක්ෂේත්‍රයේද, සෑම සියළු අංශයක් තුලම ඇත්තේ අර කලින් සඳහන් කළ සමාජ ස්ථරයන් තුලින් පැමිණි පිසාචයින්‍ය.

එදා වියත්මඟ යැයි කියා රට විනාශ කළ ඝෝඨා සමඟ පැමිණ, අද ඩලස් නම් මඩ පත්තරකාරයා හා එක්ව සිටිනා පිරිසද මේ ස්ථරයන්ගෙම පැමිණි බයිලා චැම්පියන්ලාම පිරිසකි. දැන් උන් සියල්ල පසෙක තබා අනෙක් පක්ෂවලට ජැක් එකක් ගහනා හැටි සොයති. ඒ අස්සේ චන්න ජයසුමනගේ කාළයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිඳු වූ මහා වංචා එලියට පැමිනෙමින් තිබේ.

ප්‍රභූ පන්තියේ චර්‍යා රටාව හා චින්තනයට අනුව වැඩ කටයුතු කරනා දේශපාලන පක්ෂයකට තා දුරටත් ඉතිරිව ඇත්තේ එජාපයම පමණි. එහෙත් රංගෙ බංඩාර වැනි අපතයන් ඒ පක්ෂයට කරනා හානිය අනෙකුත් උන්ට නොපෙනීම පක්ෂයේ කරුමයකි.

මේ රට එවන් පිසාචයින්ගේ රාජධානියක්ව ඇති බැවින්, අපේ ජීවිත කාළය තුලදී මේ රට ගොඩ යනු ඇතයි මාතලන් නම් තව දුරටත් කිසි සේත්ම විශ්වාස කරන්නේ නැතිය. සුළු හෝ බලාපොරොත්තුවක් තබා ගත හැක්කේ රනිල් වික්‍රමසිංහ යටතේ පමණි.

ඉන් එහා නායකත්වයක් පවතින දේශපාලන සංස්කෘතිය තුල මේ මොහොතේ නොමැති බවද කනගාටුවෙන් වුවත් ලියා තැබිය යුතුය.

ධනුෂ්ක ගුණතිලකලා වැනි අපතයන් සමාජයේ සෑම ස්ථරයකම තම ප්ලේස් එක තහවුරු කරගෙන අවසන් අතර, උන් ග්‍රෝත්‍රිකයින්ගේ වීරයන්ද වී අවසානය.


ඒ වගත් මෙසේය......



න් 





Nov 10, 2022

රෝන්ග් ජෙනරේසොන්ට එදිරිව ඕල්ඩ් ජෙනරේසොන්

 


රෝන්ග් ජෙනරේසොන්ට එදිරිව

ඕල්ඩ් ජෙනරේසොන්

➖➖➖➖➖😁➖

.

දකුණු පලාතේ ටුවරිසම් ඒරියා එකක කෝටිපති වයසක මුත්තා කෙනෙක්ට විශාල ඉඩමකුත් එක්ක මහා පත වලව්වක් තියෙනවා. මේකේ නැති දෙයක් නෑ. උද්‍යාන, පොකුණු, පොඩි ගොල්ෆ් කෝට් එකක් වගේම විශාල ජලාශයකුත් තියෙනවා මුත්තා ස්විම් එකක් එහෙම දාන්නේ මේකේ... වත්තේ සීමා මායිම් නෑ වගේම මුත්තගෙ වලත්ත කමෙත් සීමාවක් නෑ.. මිනිහා තනිකඩයා...


එක්තරා මාසයක... 9 වැනි දිනෙක... මුත්තා වලව්වේ ආලින්දයේ ටැබ් එකක ඩේටින් සයිට් එකක සැරිසරමින්නාතරේ මුරකාරයා කලබලයෙන් ...


ස.....ර්.... ස....ර්..... ආන් අරෙහෙ පොන්ඩ් එකේ කෙල්ලෝ වගයක්.... ඇඳුම් ඔක්කෝම ගලෝලා... නිර්වර්ස්තරෙන් පොන්ඩ් එකට බැහැලා...


උන්ව එලවන්න හැදුවට යන්නේ නෑ... මේවා උන්ගේ මුත්තලාගෙන් කොල්ලාකාපු දේය... ජනතාවගේ දේය ... උන්ටත් ඒවා අයිතිය... උන්ගේ අරගලේ කරන්නේ ඒකටය කියලා... තෝ හාමුලට කඹුරන වහල්ලුය ... ඩෝන්ට් ට්‍රයි ටු මෙසප් විත් ද රෝන්ග් ජෙනරේෂන්  කියලා මාව එලෙව්වා ස...ර්......


හහ්... එව්වා කොහෙද මාත්තෙක්ක.... උගෙ අම්මගෙ ජෙනරේෂන් ... වරකො යන්න මාත්තෙක්ක ඕකුන්ගේ අම්මලට හමන්නලා ගන්න.. ආවා මාත් එක්ක හැමිනෙන්න...


මුත්තා පොන්ඩ් එක දිහාට එනවා දැකපු කෙල්ලන්ගෙන්... කැම්පස් ලුක්කෙක තියෙන කෙල්ලෙක් හඬ අවදි කලා....


ආ නාකී වලත්තයා තෝ ආවද මෙතන කෙල්ලෝ හෙළුවෙන් නානෝ බලන්න... දැන් ඉතින් මොකා ආවත් තොපි දෙන්නා මෙතනින් යනකන් අපි ගොඩ එන්නේ නෑ.. වනචරයා ආස ඇති නේ ගෑණූ හෙලිවැල්ලෙන් නානෝ බලන්න... ගැට බලන්න....


අනේ පලයන්‍ ගොබ්බ කෙල්ලනේ යන්න.. මට තොපේ නෑමයි... හෙලුවැල්ලයි.... ලොට තනුයි බලන්නෝන නෑ... මම මේ ආවේ ඕකේ ඉන්න කිඹුලන්ට කෑම දෙන්න....


⭕ මොරාල් ඔප් ද ඉස්ටෝරී..


නාකී මයිනන්ගේ නුවන එක්ස්පීරියන්ස් හා වලත්ත කම ළඟ රෝන්ග් ජෙනරේෂන් එක හුජ්ජා කොල්ලෝ හා කෙල්ලෝය...


▪️සුද්දන්ගේ එකක් අපේ එකක් වගේ අනුවර්තනය කොට ලියා පල කලේ මහාචාර්‍ය මාතලන් යකා වන මා විසිනි.


.

Nov 2, 2022

කොළඹ වට කරන්නට විත් මැද කොළඹින් පීචං වූ ප්‍රේමදාස..

 


කොළඹ වට කරන්නට විත්

මැද කොළඹින් පීචං වූ ප්‍රේමදාස..

➖➖➖➖➖➖➖➖➖😭➖➖


රණසිංහ ප්‍රේමදාස කියන්නේ සමාජයේ පහළම පන්තියේ සිට පැමිණ, රටේ විධායක ජනාධිපති ලෙස පත් වූ "පොරක්‍ය". ප්‍රේමදාසට ජනාධිපති වීමට පෙර, පාර්ලිමේන්තුවේ හෝ සප් එකට කණ්ඩායමක් උන්නේ නැතිය. සප් එකට උන්නේ මැද කොළඹ ජනතාව හා වතු ආශ්‍රිත ජනතාවය.

ප්‍රේමදාසට පොඩි මිනිස්සුන්ගේ නායකයා කියා කිව්වේ ඒ නිසාය. 1988/89 භීෂණ යුගයේ ඔහු ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගන්නේ මේ පීඩිත පන්තියේ පිරිසගේ බලය පෙන්වා දැමූ තගරිය හේතුවෙනි.

එසේ බලයට පත් වූ ළොකු ප්‍රේමේ වෙනත් දේශපලුවන් මෙන් පොඩි මිනිහා අමතක කළේ නැතිය. ඔහු කොළඹ නාගරික ජනතාවගේ පමණක් නොව රටේම පොඩි මිනිහාගේ නායකයා වුනේය.

එහෙත් සජිත් ප්‍රේමදාස මුලින්ම අමතක කළේ මැද කොළඹය. මේ දුප්පත් පීඩිත ජනතාව සමඟ ගැටෙන්නට ඔහු අකමැති වූයේය. මැද කොළඹ සුචරිතය පාලුවට ගියේය. එහි වෙසන ජනතාවද ඔහු ප්‍රතික්ෂේප කලේය. එයාට තිබෙන කැලෑ පිස්සුව නිසා එයා තෝරාගත්තේ යාලට කිට්ටුව ප්‍රදේශයය. 

සජිත් ප්‍රේමදාසට දේශපාලන උපදෙස් දෙන්නේ මොකාදැයි කියා අප දන්නේ නැතිය. සමහර විට තිබෙනා උද්දච්ඡ කමට එහෙම උන් නැතිවත් ඇතිය. එහෙම දෙනවා නම් ඌ හෝ උන්, අමු අම්බරුවන් විය යුතුය. 

ලංකාවේ මීළඟ ජනාධිපති වෙන්න ඉන්න එකා යුනියන් කාරයෙක්ගේ උද්ඝෝෂණයක එක් චරිතයක් කරන්නට තරම් අමණයන් රැලක් හෝ එකෙක්, උපදේශකයින් ලෙස සිටින්නේ නම්, එය පක්ෂය නගාසිටුවීමක් නොව පක්ෂය විනාශ කිරීමක් විතරමය.

එහෙත් පියානෝ හෙවත් රණසිංහ ප්‍රේමදාස උපදේශකවරුන්  ලෙස පත්කර ගත්තේද සුපිරි බඩුය. පාස්කරලිංගම්, සුසිල් සිරිවර්ධන, දයාන් ජයතිලක වැනි බුලට් බඩුය. ඔවුන් මහ ප්‍රේමේට මේ වාගේ ලණු දුන්නේ නැතිය. අනික කලින් කී පරිදි, ඔහු ජනාධිපති වන තෙක් ඔහු වටා කණ්ඩායමක් උන්නේ නැතිය. ජේ ආර්ගේ මිනිසුන්ගෙන් ඔහු හා එකතු වූයේ රන්ජන් විජේරත්න පමණි. 

ඊයේ ඇත්තටම සිඳු වූයේ උද්ඝෝෂණයක් නොව සජිත් පච කිරීමේ කුමණ්ත්‍රණයකි. සජිත් ඒ ළණුව නියමෙටම කෑවේය. සජබයේ ප්‍රභලයකු වූ පාඨලී සජබයෙන් ගැලවී ගියේය. පාඨලී මෙන්ම ෆොන්සේකාද සිටින්නේ පොදු අපේක්ෂක සිහිණයකය. 

අරගලයෙන් පසු දේශපාලන මැර බලය රාජපක්ෂ බයියන්ගෙන් ගිලිහී පෙරටුගාමීන් ලබාගෙන අහවරය. පෙරටුගාමීන් හා කිසිවකුට හෝ බබා හුකුං දේශපාලනය තවදුරටත් කරගෙන යා නොහැක. 

මේ බව මුලින්ම අවබෝධ කරගන්නේ සරත් ෆොන්සේකාය. පක්ෂයක් ලෙස අවබෝධ කරගෙන ඇත්තේ  ජවිපේ පමණි. තමන්ගේම පිරිසක් බැවින් ඒ අවබෝධය ඔවුන්ට ඇත. එමෙන්ම මේ අවබෝධය ලද තවත් පිරිසක්ද වේ. ඒ ජඩමාජ්ජවේදීන්ය. 

මුලු රටේම චන්ද 8000 ක් වත් නැතිව මහ රෑ කුකුලන් කෙටවීමේ වැඩසටහන් වලට අන්තරේ උන්, පුබුදු ජාගොඩ, දුමින්ද නාගමුව වැනි පෙරට්ටෝ ඇවිත් තගරිය දමන්නේ ඒ නිසාය.

මේ විකාර සිඳුවන්නේත් මේ රටේම විතරය. පෙරටුගාමීන්ට තබා 3%  ක් ඇති ජෙප්පන්ටත් වෙන රටක නම් මාධ්‍යයක් පැත්ත පලාතේ ගන්නේ නැතිය. එය ශ්‍රී ලාංකීය මාධ්‍ය ක්ෂේත්‍රයේ භංකොලොත්භාවය හා අරුන්ගේ දක්ෂතාවයය.

එහෙත් අනෙකුත් පක්ෂවල න්‍යායාචාර්‍යවරුන්ට හෝ හූනියන් සංගම්වල නායකයින්ටවත් මෙය අවබෝධ වී තිබුනේ නැත. ඊයේ සජිත්ලා දයාසිරිලා ජෝසප්පුවාලා මයික් ටයිසන්ලා වෙන්නට ගොස්, පෙරට්ටන්ගෙන් නොකවුට් වෙන්නම කා හූ හඬ මැද්දෙ ඇම්බියුලන්ස් වලින් ගාඩ් දමාගෙන ගෙනියන්නේ ඒ නිසාමය.

එහෙත් වැඩේ ඕගනයිස් කළ ෆොන්සේකා හෙමීට මාරු වූයේ ඇයි කියා සෙවීමටවත් මොළයක් සජිත්ට හා ඔහුගේ සුකිරි බටිල්ලන්ටත්, ට්විටර් ජෝකර්ලස්ටත් නැති බව බොහෝ පැහැදිලිය. 

ප්‍රේමදාසලගේ බලකොටුව වූ මැඳ කොළඹදීම ප්‍රේමදාසලා පීචං වූයේ එසේය..


ඒ වගත් මෙසේය.....

.