.

.

Apr 29, 2023

පොල්දූව පාළම මත රැඳෙන, වැල් පාලමේ ආරක්ෂාව...




පොල්දූව පාළම මත රැඳෙන,

වැල් පාලමේ ආරක්ෂාව...

➖➖➖➖➖➖➖➖💀➖


රනිල් මේ යන්නේ සේද මාවතක නොව උණහපුලුවන් ගිය වැල් පාලමක බව කිව්වේ උන්නැහේමය. උන්නැහේ යන්නේ තනියමත් නෙමේය. වඩාගෙන යන්නේ ලක් මවය. ඒ කියන්නේ බැලන්ස් නැතිව ගියහොත් කෙලවෙන්නේ රනිල්ට ඉතරක් නෙමේය ලක් මාතාවටත් බඩු බනිස්මය. 


ඒ බව තේරුම් ගත් හැම එකාම සද්දෙ වහලා වගේ උන්නාට, යටින් යන ගේම් බොහෝය. උන්නැහේට සප් එක දෙනවා යැයි කියන පෝට්ටුවේද එහෙම ගේම් තියෙන බව පැහැදිලිවම පෙනෙන්නේ, කලින් ලැබූ 134 ක් දැන් උන්නැහේට නොමැති නිසාමය.


දැන් උන් කකුල් මාට්ටු දාන්නේ, රනිල්ට නෙමේය. වැල් පාලමටය. පාළමේ වැල් වලට ගේම දුන්නාම ඔක්කෝටම බඩු බනිස් වෙනවාය. උන්ට ඕනෑ රට ගොඩගැල්ලක්කත් පක්ෂය ගොඩගැනිල්ලකත් නැතිය. උන් කෙල හලමින් සිටින්නේ අගමැතිකමට හා කැබිනට් ඇමතිකම් වලටය. 9 වෙනිදා අම්මට හැමිනිලාම ගිය පාක්ෂිකයින් ගැන උන්ට වගේ වගක් නැතිය. පාක්ෂිකයින්ටද කිසි අවුලක් නැති බවකුත් පේනවාය.


මේ රටේ හිටපු ජනාධිපතිවරයා නිවන් යවන්න ගොස් නූලෙන් බේරුනේ, රටේ ආරක්ෂක ලේකමෙක්, ත්‍රිවිධ හමුදාවටම අණ දෙන මාන්ඩලික ප්‍රධානියෙක්, හමුදා හා රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානීන්, ත්‍රස්ත විමර්ශන ඒකක යන සියල්ලම තිබියදීය. 


එක්කෝ.... 


▪️මේ කිසිවක්, මුන් දැනගෙන උන්නේ නැතිය.


▪️එහෙම නැත්නම්, පාස්කු ප්‍රහාරය මෙන් දැනගෙන සද්ද බද්ද නැතිව උන්නේය. 


▪️එහෙමත් නැත්නම්, විමල් කියනවා වාගේ වැඩේට මුන්ගේ සප් එකත් තිබිලා තියෙනවාය.


පොල්දූව පාලමේ පත ඇණ 48 කින් 33 ගැලෙව්වා කියන්නේ, හරි නම් මුන් ඔක්කෝම එලවා දැමිය යුතු සිද්ධියකි. එය පැය 24 පුරාම ආරක්ෂාව සපයන අධි ආරක්ෂිත කලාපයකි. CCTV සෑම තැනමය. උදේට එතන ට්‍රැෆික් කොන්ට්‍රෝල් කරන්න නැත්තේ පොලිස්පති විතරමය. පොලීසියේ ලොක්කෝ ඔක්කොම ගවගාලට යන හාල්පාරුවන්ට සැලූට් ගහන්නට පෝලිමේය. මුලින්ම එලවා දැමිය යුත්තේ අදාල ප්‍රදේශයේ පොලීසියේ මහ එකාය.


මාන්ඩලික ප්‍රධානියා ඉන්නේ ඒ අසලමය. පාළමට ගාඩ් නැති වුනාට උන්නැහේගේ ගෙදරට එකසිය ගානට ගාඩ් එක තියෙනවාය. මෑතක ගවගාල රැස්වෙන දිනයන්හි හන්දියක් හන්දියක් ගානේ ආයුධ සන්නද්ධ හමුදාවද යොදා තිබින. එහෙත් කාගේ හෝ අමන තීරණ මත දැන් ඒවා සිඳුවන්නේ නැතිය.


මේ සියල්ලෝම මෙන්ම ගවගාලේ 225 සිතන්නේ එයාලා ආරක්ෂා වුනාම ඇතෙයි කියලාය. එහෙත් ත්‍රස්තවාදය රජ වුවහොත් පරිප්පු කන්නේ අහිංසක පාක්ෂිකයා විතරක්ම නොවනා බව අමරකීර්තී අතුකෝරාල සහ ඝෝඨාභය ලෝකයටම පෙන්වූයේය.


රනිල් හා ආන්ඩුව මතක තබා ගත යුතු දෙය නම්, අරගල ත්‍රස්තවාදීන් වැඩේ අත් හැර දමා නැති බවය. ගෝල්ෆේස් එකේ අරගලයක් නැති වුනාට, අරගලයේ නියමුවන් තාමත් වැඩේ අත් හැරලා නැති බව, ආන්ඩුවට හා ආරක්ෂකාංශවලට නොපෙනුනාට, හූණූ පුපක මොළයක් තියෙන ඕන එකෙකුට පේනවාය. පෙලපාලි, පිකටින්, උද්ඝෝෂණ, ජනරංජන වැඩ වර්ජන පේන්නට නැති වුනාට, ත්‍රස්තවාදින් වැඩේ යටින් ගෙනයනවාය.


පෙර මෙන් නොව දැන් එය උතුරේ මෙන්ම දකුණේද එකම පිරිසක් විසින් මෙහෙයවනු ලබමින් සිටී. එය ඉතා භයානක තත්වයකි. 


එබැවින් රාජ්‍ය ආරක්ෂාව උපරිමයෙන්ම ක්‍රියාත්මක කළ යුතු අතර, ඒ සඳහා දැන් සිටිනා උන් පට්ට ෆේල් බව මේ වන විට සිඳුවෙමින් පවතින ක්‍රියාවන් හා සිද්ධි තුලින් ඔප්පු කර හමාරය.


එබැවින් රට ආර්ථික වශයෙන් ගොඩ ගැනීමට පෙර, ජාතික හා රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ගොඩ නගා ගත යුතුය. ත්‍රස්තවාදයට සුළු හෝ ඉඩකඩක් ලබාදිය යුතුම නැත්තේය.


ඒ වගත් මෙසේය.....


.

Apr 27, 2023

රාජපක්ෂලා තුරන් කිරීමේ කුමන්ත්‍රණයේ දේශීය නියෝජිතයින් වූ.... විමල්, දිලිත්, උදය, වාසූ, ජී ඇල් හා ඩලස්ලාගේ කතා වස්තුව




 රාජපක්ෂලා තුරන් කිරීමේ කුමන්ත්‍රණයේ

දේශීය නියෝජිතයින් වූ....

විමල්, දිලිත්, උදය, වාසූ, ජී ඇල් හා ඩලස්ලාගේ කතා වස්තුව

➖➖➖➖➖➖➖➖➖🔴


අසත්පුරුෂයින්ට හෙවත් අපතයින්ට උදව් කරන්න ගියාම අමාරුවේ වැටෙන්නේ උදව් කරන්න ගිය එකාමය. ඒ බව අපේ පැරණි කවියෝ කියා ඇත්තේ මෙසේය.


කොතරම් ගුණ කළත්, දුදනෝ නොවෙති යහපත්....

කිරි දියෙන් දෙවියත්, අඟුරු සුදුවෙන කලෙක් නම් නැත්.....


රාජපක්ෂලාට 2015 කෙලවෙන්නේ, 2012 දී ආර්ථික ඝාතකයෙක් ගැන කියා විමල්ලා කේස් ඇද්ද දවසේ ඉඳලාය. රාජපක්ෂලා හොරු කියා කිව්වේ මහින්ද විසින් තමන්ගේ උන් එලවා රෙද්ද අස්සේ දාගත් මෙහෙව් එවුන්මය. එය දැන් කිසි ලෙසකින් හෝ බිඳිය නොහැකි ප්‍රොපගැන්ඩාවකි.


එහෙත් 2015 දී රාජපක්ෂ පවුලට හා රටේ සියළුම පවුල්වලට අම්මටම හැමිනීමෙන් අනතුරුව, මහින්දගේ සමීපතමයින් විසින් ඕගනයිස් කළ මහින්ද සුළඟ තමන් වෙත පවරා ගත් විමල්, උදය හා වාසු යන අපතයින් නැවතත් රෙද්ද අස්සේ දාගත්තේ මහින්දමය.


ඉන් අනතුරුව මහින්ද හිතවාදීන් විසින් බැසිල් ඇමරිකාවේ සිට නැවත මෙරටට ගෙන්වා ගෙන, පොහොට්ටුව පිහිටුවීම හේතුවෙන් රාජපක්ෂලා විකුණාගෙන කෑම තාවකාලිකව එතනින් අවසන් වුවත්, මේ අපතයින් ගේම අත් හැරියේ නැත. 


කිසි දිනෙක තමන්ට තනිව බලය ලබාගත නොහැකි බව හොඳින්ම දන්නා මේ අපතයින් කළේ, සභාගයක් ගසා නැවත මහින්ද රාජපක්ෂ රැස් වලල්ල යටට පැමිණීමය. රාජපක්ෂලාගේ දේශපාලන දැණීමේ තරම නැවතත් පෙන්වමින්, ඝෝඨාගේ වියත්මගද පැත්තකට විසිකර දමමින්, ජොනී, රත්තරන්, මහින්දානන්ද වැනී දක්ෂ කතිකයින් රාශියක් සිටියදි, නැවතත් ඝෝඨාගේ චන්ද කැම්පේන් එක තුල මේන් කතිකයා වූයේ විමල්මය.


එහෙත් එයාට ඕන ඕන සෙල්ලම් බැසිල්ලා හා පී බී ලා එක්ක දාන්න බැරි බව තේරුම් ගත් විමල් කුමන්ත්‍රණය පටන් ගන්නේ, ආන්ඩුව පත් වූ විගසමය. මෙහි න්‍යායාචාර්‍යවරයා වන්නේ දිලිත්‍ ජයවීරය. දිලිත් හා විමල්ලාගේ මුල්ම ප්ලෑන් එක වනුයේ ඝෝඨා හා එක්ව අනෙක් රාජපක්ෂවරුන් සියල්ල හලා දමා, 2025 ඝෝඨා ජනපති හා විමලේ අගමැති කිරීමය. මේ සඳහා පොහොට්ටුවේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් කිහිප දෙනෙක්ද බා ගැනීමට කුමන්ත්‍රණ කරුවන් සමත් වන්නේය. 


එතැන් පටන් පොහොට්ටුවේ ගුණමකුවන් එක එකා බා ගැනීම ආරම්බ වූ අතර, කෙලෙහි ගුණ නොදත් අපතයෝ ඒ පිලට සෙට් වුනේය. අවසානයේ ඩලස්ද එලියට ගන්නා මේ අපතයින්ගේ ප්ලෑන් එක වනුයේ, මහින්ද එලවා දමා ඩලස් අගමැති කිරීමය. 


මේ සියල්ල සිඳුවනුයේ විමල් කියනා රාජපක්ෂවරුන් සමූලඝාතනය කිරීමේ, සරත් - ශවේන්ද්‍ර ප්‍රමුඛ ඇමරිකානූ කුමන්ත්‍රණය හා ගෝල්පේස් කානිවල් එක යන අතරේමය. 


ඒ අනුව, විමල් දැන් බබා වෙන්නට ගියත්, එයාලාත් කරේ ඒ කුමන්ත්‍රණයේම ප්‍රභල කොටස් කරුවන් වීමය. එවන් සමූලඝාතන කුමන්ත්‍රණයක් පැහැදිලිවම තිබූ බවත්, එහෙත් කුමක් හෝ පෙර පිනකට රාජපක්ෂ පවුලේ කිසිවකු හෝ තම ගොඳුරු කර ගැන්මට ඔවුන්ට නොහැකි වූ බවත්, මැයි 9 වනදා සිද්දියෙන් පසු මයිනා යනකන් බලා සිටින්නට වීමෙන් ඉතා පැහැදිලිය. 


කුමන්ත්‍රණය ජයගත්තේ නම්, රාජපක්ෂලාට අත්වන්නේ අමරකීර්ති අතුකෝරාලට අත් වූ ඉරණමම බවත්, ශිරන්තිලාට, ලිමිණිලාට ටට්‍යායානාලට අත්වන ඉරණම සිතාගත නොහැකි තරම් බවත්, මානවවාදීන් විසින් එදා මෙන්ම පසු දින කීපයේම බුකිය පුරාම පෙන්වූවේය.


ඊට දින කිහිපයකට පෙර, විපක්ෂයේ සිටිනා, නම සඳහන් කලකොත් බුකියේ බ්ලොක් වන ජාතියට අයත්, මන්ත්‍රීවරුන් පිරිසක් ආන්ඩුවට ගෙනවිත් ආන්ඩු පක්ෂය ශක්තිමත් කිරීමට ක්‍රියාකල ක්‍රියාකල මහින්ද හිතවාදී ප්‍රභල ඇමතිවරුන්ගේ තනතුරු අහිමි වී යන්නේ දිලිත් හා ඝෝඨා වයින් බීමේ දිනයෙන් අනතුරුවය. දිනය ටක්කෙටම අවශ්‍ය නම් ශාන්ත බන්ඩාර ආන්ඩුවට එක් වූ දිනට පසු දිනයේය.


ඉන් පසු ඒ මහින්දවාදීන්ගේ සැලසුම් සියල්ල ව්‍යර්තවනාතර, මහින්ද හැර රාජපක්ෂ හිතවාදීන් සියල්ලෝම ඝෝඨා ආන්ඩුවෙන් එලියට විසි වන්නේය. අරලියගහ මන්දිරේ පිස්සුවට පෙර සිටම මහින්ද රාජපක්ෂට අග්‍රාමාත්‍යධූරයෙන් ඉවත් වන්නට කියන්නේ වෙනින් කවුරුවත් නොව ඩලස් අලහප්පෙරුමය.


රනිල්ගේ ගේ ගිනි තැබීමෙන් අනතුරුව, රනිල්ටද අග්‍රාමාත්‍යධූරයෙන් ඉවත් වෙන්නට යැයි කියන්නේ, පාර්ලිමේන්තුවේ කමිටු අංක 2 කේ රැස්වන විමල් වීරවංශගේ හා දිලිත්ගේ ගෝලයන් වන,  ජී ඇල්ලා, ඩලස්ලා වනාතර, ශවේන්ද්‍ර සිල්වාත් ඒ රැස්වීමට ආවේ කෙසේදැයි කියා විමල්ගේ පොතේ ලියා තිබුනා නම්, කොතරම් වටිනවාදැයි කියා දිලිත් ජයවීරට උනත් හිතෙන්නට ඇතිය.


කෙසේ හෝ මේ දෙගොල්ලන්ගේම ප්ලෑන් හෙවත් සැලසුම් සියල්ල රාජපක්ෂලාට හා රනිල්ලාට ලැබුනේ කෙසේදැයි කියා එයාලා නොදන්නවා වුනාට, අප නම් දන්නා බවත් මේ මොහොතේ ලියා තැබිය යුතුමය.


මෙවන් ඩබල් ඒජන්ට්ලා ගැන ඊයේ හොඳම කතාව ඊයේ කිව්වේ අපේ ටිල්වින් සිල්වා සහෝදරයාය. ටිල්වින් කිව්වේ වෙන කවුරුන් හෝ ලියපු පොතකට විමල් නම දාගත්ත බවත්, මින් පෙර ටිල්වින්ගේ ලිපි ඇතුලත් පොතක් ගසා උසාවීයෙන් ඒ පොත තහනම් කළ බවත්‍ය.


ඇත්තටම මේ පොත විමල්වත් කියවා නැති බවත්, එහෙම කියෙව්වා නම්, විමල් මේ පොත කිසිදා එලිදකවන්නේ නැති බවත් හෙලිකොප්පරේ උඩ යනවා වාගේ බුදු ෂුවර්මය.


.

Apr 25, 2023

විමල්ගේ පොත හා පල්මානික්කම්ගේ හර්තාලය




විමල්ගේ පොත හා

පල්මානික්කම්ගේ හර්තාලය

➖➖➖➖➖➖➖➖➖➖🔴


මහින්දගෙන් ගැලවුනයින් පස්සේ කවුරුත් විමල්ව පයිසෙකට මායිම් කරන්නේ නෑ...


මේ පොතේ වැඩේට එච්චර ප්‍රචාරයක් ලැබුනෙත් නෑ... උක්තේ බලවේගෙද මක්කද එක චොර වෙලාම ගියා.. ඊයේ උස්සවේට උන් එකෙක්වත් නැති සයිස්සෙකක් පෙනුනේ... වාසු නම් යාන්තමට දැක්කා.. කොහොමත් රනිල්, විමල්, පාඨලී, ෆොන්සේකා කියන්නේ මිනිස්සු එක්ක පෑහෙන්න බැරි, කිසි කැරිස්මා එකක් නැති, අලි  ඔලුවෙන් ඉන්න දේශපාලුවෝ... ඉතින් එයාලා කවදත් අනාතයි.. රනිල්ට වගේ පෙර පිනක් ඵල දුන්නොත් හැර...


ඉතින් විමල්ගේ හෙලිකොප්පරේ උඩ යන්නත් කලින් කඩාගෙන වැටුනා... පිරිසක් සුචරිතේට වැටිලා. සජබෙටයි සජිත්ටයි සියළු දෙවි දේවතාවුන්ගේ පිහිටයි..


කොහොමත් විමල් කියන්නෙ බටහිර බලවේග හා ඇමරිකා ෆෝබියාවෙන් පෙලෙන රෝගියෙක්.. ඒ ජාතියේම රෝගීන් පිරිසක් තමා උස්සවයෙත් උන්නේ..


පූර්ණ අනුග්‍රහය චීනාගෙන් කියලා හරි පැහැදිලියි..


හැබයි විමල් එතන කියන කතාව සහතික ඇත්ත. ඇමරිකාවයි ඉන්දියවයි ජූලී චන්ග් නෝනා හරහා කරන්න ගියේ රාජපක්ෂලා සමූල ඝාතනය කරලා, රනිලුත් එලවලා රට අරාජික කරලා කතානායක වගේ කෙනෙක් යටතේ රූකඩ පාලනයක් ගෙනියන්න. 


රනිල්ගේ ගේ ගිනි තියලා ඊට පස්සේ රනිල්ට අස්වෙන්න කියලා හමුදා මූලස්ථානයේදී ෂවේන්ද්‍රත් කියපු බවට කටකතා තියෙනවා. එතනදි ඊට විරුද්ධ වෙලා තියෙන්නේ කමල් ගුණරත්න... මේවයේ ඇත්ත නැත්ත දන්නේ උන්දලම තමා.


කෙසේ වෙතත් මේ කුමන්ත්‍රණය වලක්වන්න රනිල් සමත් වෙනවා. ඊට හේතුව ලෙස මාතලන් නම් දකින්නේ රනිල්ට ඉන්දියාවේ හා ඇමරිකාවේ ඉහළම රාජ්‍යතන්ත්‍රිකයින් හා තිබුන සබඳතා.


ඒ හේතුවෙන් කතානායක විසින් ඝෝඨට මාලදිවයිනට යවපු ලියුම් දෙකෙන් ඝෝඨා අත්සන් කරන්නේ එයා තනතුරෙන් ඉවත්වීමේ ලිපිය විතරයි. රනිල් ඉවත් කරන්න කියන ලිපිය ඝෝඨා අත්සන් කරන්නේ නෑ.


ඊට පස්සේ රනිල් ජනපති වෙනවා. ජූලී චන්ග්ගේ හා ඉන්දීය තානාපති ගෝපාල්  බාග්ලේගේ රාජ්‍යට මැදිහත්වීමේ ගරු රඟපෑම් නැති වෙලාම යනවා.


ඉතින් විමල් ඊයේ පෙන්නුවේ රනිල් කොහොම වැඩ්ඩෙක්ද කියන එක හා රනිල් මේ ගේම ගෙනියන්නේ කොච්චර අමාරුවෙන්ද කියන එක.


කවුරු හරි හිතනවා නම් මේ කුමන්ත්‍රණ දැන් ඉවරයි කියලා.. එයාලා හරි පව්... ඊයේ මුලු උතුරු නැගෙනහිරම හර්තාල් කරන්න තරම් මේ බලවේග තවමත් ශක්තිමත්..


එහෙම තියෙද්දි ගොබ්බ දේශපාලුවෝ ඇමතිකම්වලට නහින්න යනවා...


රට තාමත් අවදානමේ... රනිල් තාම වැල් පාලමේ... පාලම ඕසෙට පැද්දෙනවා..


හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට...


.

Apr 22, 2023

ඔය ඉතින්... වැඩේ කෑවා නේ..




 ඔය ඉතින්... වැඩේ කෑවා නේ..

➖➖➖➖➖➖➖➖➖🔴➖


අද කාළේ ඉන්න කෙල්ලන්ගෙ ගැන හොඳින්ම දන්න, හනිමූන් ඇවිත් ඉන්න මනමාලිගෙන්... කොල්ලා අහනවා මෙහෙම....


ඔයා කොල්ලෝ කී දෙනෙක් එක්ක වගේ මෙහෙම ඉඳලා තියෙනවද...?  කෙල්ල නෙමේ කිසිම ප්‍රතිචාරයක් දැක්වූවේ....


අවුලක් නෑ.. මට කියම්නකෝ ඔයා කී දෙනෙක් එක්ක හිටියද කියලා...ආයෙමත් කොල්ලා ඇහුවා...


ඒත් බිරිඳ නෝ කතා... සීලිම දිහා බලාගත්ත ගමන්....


අනේ සොරී... මට ඔයාගේ අතීතේ හාරාවුස්සලා රිද්දන්න ඕන නෑ... අනික ඉතින් අපි දෙන්නා දැන් එක්කෙනෙක් නේ... අපි අතරේ රහස් තියෙන්න බෑ නේ... නේද...


කෙල්ල තාමත් එහෙම්මමයි... නෝ කතා... ඉස්ටිල් ලුකින් ඇට් ද සිවිලිම....


හරි.... හරී.... ඕකට අවුල් යන්න ඕන නෑ සුදූ.. කියපු කොල්ලා වැඩේ අතෑරියා....


කෙල්ල තාම එහෙම්මමයි.... කොල්ලා තුවාය ගලවලා විසි කරලා පැන්න කෙල්ල උඩට.... බදාගත්තා කෙල්ලව... පටන් ගත්තා කිසින්ග්...

ෆෝ ප්ලේ හෙවත් කෑමට පෙර ප්‍රේමාලිංගන....


කෙල්ලගෙත් මූණ කට වෙනස් උනා... සිවිලිම වෙනුවට කෙලින්ම බැලුවා කොල්ලගෙ මූණ දිහා.... ඒ ඇස් කේන්තියෙන්... තල්ලු කරා අරූ හතර ගාතෙන්ම.... ෆුල් ඩම් එක දාලා... අරූ ඇඳෙනුත් බිම....


මූසලයා... ඔහොම්මමයි.... දැන් මම ආයේ මුල ඉඳන් ගනන් කරන්නෙපාය.... මළ වදේ...


▪️සුද්දන්ගේ එකක් මගේ එකක් වගේ හුදී ජන පාන් සංවේගය උදෙසා අනුවර්තනය කොට ලියා පලකලේ මාතලන් වන මා විසිනි.


.

Apr 21, 2023

මහමොළකරු දෙවියන්වහන්සේ විසින් හෝ සොයා ගන්නේ නැත....

 



මහමොළකරු

දෙවියන්වහන්සේ විසින් හෝ

සොයා ගන්නේ නැත....

➖➖➖➖➖➖➖⛪➖


කතොලික පල්ලිය කවදාවත් රටෙ ආරක්ෂාව  වෙනුවෙන් පෙනී සිටි ආයතනයක් නොවේ. එහි ඉතිහාසයද ඊට සාක්ෂි දරයි.


නිදහසේ සිට ඔවුන් ක්‍රියාකලේ රටේ ජාතික ආරක්ෂාව දියාරු කර, රටේ ජාතිකත්වයේ බලය හීන කිරීමටයි...


උතුරේ ත්‍රස්තවාදීන් වෙනුවෙන් කෙලින්ම පෙනී සිටී  කතෝලික පල්ලිය, 2015 සිට රටේ ආරක්ෂන යාන්ත්‍රණය දියාරු කිරීමේ යහපාලන ක්‍රියාවලියට ඔවුන් ක්‍රියාකර්‍රිවත් මතවාදිවත් සහය දුනි... 


සරදමකට මෙන් එහි අතුරු පලයක් ලෙස පාස්කු ප්‍රහාරයෙන් ඔවුන්ට ලොකු පීඩාවකට පත් වුවත්, එයත් ඔවුන් යොදාගත්තෙ තම දෙශපාලන අභිමතාර්තයන් වෙනුවෙන් එම මළමිනී යොදාගෙන රටෙ දෙශපාලන අදිකාරියට බලපැම් කිරීමට මිසක්....


ප්‍රමුඛ හෙතුව වු, රටෙ ජාතික ආරක්ෂාව  නැවත ශක්තිමත් කිරීමට නොවේ..


අදටත් ඔවුන් නව ත්‍රස්ත පනතට සෘජුවම විරුද්ධ වන අතර.. ඔවුන්ම බලයට රැගෙන ආ ඝෝඨභය ධුරයෙන් පහකල පසු.. කතෝලික පල්ලියේ චීවරධාරියා ලවා ප්‍රකාෂ කලේ.. දැන් සිහල බෞද්ධ බලවේගය අවසන් බවයි..


මේ ඔවුන්ගේ ශුද්ධ වූ පරමාර්ථයයි.


ඔවුන් සැබැවට මියගිය වුන් වෙනුවෙන් පෙනී සිටින්නේ නම්, ඔවුන්ගෙ ප්‍රමුඛ කාර්යය විය යුතුව තිබුනේ නැවැත එවැනි දෙයක් සිදු නොවන ලෙස රටෙ ජාතික ආරක්ෂාව සක්තිමත් කිරීම වෙනුවෙන් යෝජනා ඉදිරිපත් කිරීමය.


කවුරුන් හෝ පාස්කු ප්‍රහාරයෙ වින්දිතයින් පටු දෙශපාලන අවශ්‍යතා වෙනුවෙන් යොදා ගත්තේ නම්, ඒ කතෝලික පල්ලිය මිස වෙනකෙකු නොවේ.


දැන් එය ඔවුන් ලාංකිය දේශපාලනයේ බලපෙරලි වෙනුවෙන් නිර්ලැජ්ජිත ලෙස යොදාගෙන ඇති අතර. ඒ බව තේරුම් ගත නොහැකිව එහි ගොඳුරු බවට පත්ව ඇති සජිත් හා අනුර වැනි බලලෝභී දේශපාලුවන් ගැන අප අනුකම්පා කල යුතුය.


වතුකරයේ චන්ද විකුණාගෙන ජීවත්වන තොන්ඩමන්ලා මෙන්, කතෝලික පල්ලියද මෙය හිඟන්නාගේ තුවාලය කරගෙන අවසානය.


සජිත් හෝ අනුර විසින් පරීක්ෂණ පවත්වා මහමොළකරු මොහු යැයි තවත් කෙනෙකුන් නම් කලත්, කතෝලික පල්ලිය එය ප්‍රතික්ෂේප කරමින් තව දුරටත් පාස්කු ප්‍රහාරය විකුණාගෙන කෑම දිගටම කරනු ඇත.


සිරිසේන හා වගකිව යුතු නිළධාරීන්ට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවද ප්‍රතික්ෂේප කරනා පල්ලිය තවමත් මහමොළකරුවකු සොයමින් සිටී.


මන්ද මෙය ඒ දඩ මුදල් ප්‍රමාංනයට වඩා මුදල් ආධාර ගලනා උල්පතක් වී අවසාන බැවිනි..


ආ... මේන්.....


▪️ කමල් සමරවීර  ගේ මූලික අදහස දීර්ගව ලියූවේ මාතලන් වන මා විසිනි...


.

Apr 19, 2023

වෙල්කම් ටු හෙවන් ලුවී වැන්ඩස්ට්‍රාට්න්

 




 වෙල්කම් ටු හෙවන්

ලුවී වැන්ඩස්ට්‍රාට්න්

➖➖➖➖➖➖❤️


එන එන එක බැලුමට පෝලිම්වල         වේටින්

වෛරය ඇගේ බැලුවම අත හා              ඩේටින්

නිවනේ ගිහින් පල නෑ වැන්ඩ්‍රස්               ටාට්න්

නොමිළේ ටිකට් එක සුරලොව ඩෝ          ඕපන්


©® කාව්ව සිරෝමනී මාතලන්


#කුප්පකවි 

.


Apr 10, 2023

නන්දලාල් IMF පිල්ලියක්ද?


 නන්දලාල් IMF පිල්ලියක්ද?

➖➖➖➖➖➖➖➖🔴➖

.

නන්දලාල්ගේ කල්ක්‍රියාවන් පිළිබඳව මෙතෙක් කලක් කටේ කෙල බිදක් නොහෙලූ අනුර කුමාර දිසානායක, දැන් නන්දලාල්ට කොක්ක ඇඳිම ආරම්බ කරලා තියෙනවාය. එයා කියන්නේ නන්දේ IMF ගේම් කාරයෙක්‍ය කියලාය. අපි නම් ඕවා කිව්වේ නන්දේ ආපු දාමය.


අන්‍රයියා මෙසේ කීමට හේතු වූයේ ඇයි?


මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳ අබ මල් රේණුවක දැණීමක් නැති පුංචි මොළයක් සහිත පුංචිහේවා උන්නැහේ, තම තනි මතයට පලාත් පාලන චන්දය ප්‍රකාෂයට පත් කලේ, IMF සහනය අපට ලැබේදෝ නොලැබේදෝ යන අන්ව්ස්වාසබල් සමයකය.


ඒ සමයේ රටේ සමාන්‍ය ජනතාව තබා බිස්නස් කොමියුනිටි එකටවත් කිසිඳු බලාපොරොත්තුවක් තිබ්බේ නැතිය. චීනා එකඟ කර ගැනිම කිසිසේත් කළ නොහැකි බව සියල්ලෝම මෙන්ම නන්දලාල්ද විශ්වාස කළේය. බොහෝ විට මේ පිටුපස චීනයද ඉන්නට ඇත්තේය. 


ඒ කාලයේ නන්දලාල්ද උන්නේ ජේවීපී රැල්ලේ පිහිනමින්‍ය. ඒ ජේවීපී ආන්ඩුවක් ආවත් තමන්ගේ තනතුර රැක ගන්නටය.  නන්දලාල් නොව බිස්නස් කොමියුනිටි එක නොව, ආර්ථික උස්තාද්ලා කියන අඩ්වකාටාලත් උන්නේ ඒ රැල්ලේය. 


පෙතිසතේ 3% සිට 80% ටම නැගලා තිබ්බේය. ආර්ථිකය ගැන මෙලෝ අලබෝලයක් නොදන්නා ජෙප්පන්ටද, නන්දලාල් කෙරේ තිබුනේ මාර ලව් එකක්‍ය. ඒ කාළේ එයාලා හිතුවේ නන්දලාලුත් චීනාගේ ප්ලාන්ට් එකක් කියලා නිසාය.


එහෙත් ඉන්දියාව හා රනිල් ගැසූ ගේමෙන් නන්දලාල් ඉතරක් නොව ඇමරිකාව හා චීනයද  කොර වෙලාම ගියේය. ඒ මුදල් ඒකකය එකම මුදල් ඒකකයක් බවට පත් කිරීමේ යෝජනාවය. සියල්ලෝම නැටි පුපේ ගසා ගත්තේ ඉන් පසුවය. පහුවදාම චීනා කිව්වේ ණය ප්‍රතිව්‍යූහගතකිරීමට තම පූර්ණ සහාය ලබා දෙන බවය. ඒ බව ඔවුන් ලිඛිතවම IMF වෙත ඉදිරිපත් කළේ පැය 48 ක් ගතවීමටත් පෙරය.


මේ සියල්ල දේශපාලනයේ පරිනත ගේම් කාරයෙක් වූ රනිල්ගේ වැඩ මිස, වෙන කවුරුන් හෝ සිහිනයෙන්වත් සිතූ දේ නොවේය. 


ජේවීපී නන්දලාල් ප්‍රේමය ඉතා අවාසනාවන්ත ලෙස දෙදරා ගියේ IMF සහනය දින කීපයක් තුල ලැබීම පමණක් නිසා නොවේය. IMF සුද්දන්ගෙන් ප්‍රශ්ණ අහපු රැල්ලේ පිහිනමින් සිටී ජඩමාජ්ජවේදින්ට IMF සුද්දෝ කිව්වේ, පලාත් පාලන චන්ද තියන එක තමුසෙලාගේ වැඩක් මිස අපේ වැඩක් නෙමේ කියලාය.


රනිල් හා ගේමෙන් සිටි නන්දලාල් උන්නැහේද අලියා පිටේ නඟින්නේ ඉන් අනතුරුවය. වෙනදා ආන්ඩුවට එගේන්ස්ට් එකට, තවුසන් ටෝක්ස් ඉෂූ කරපු උන්නැහේ, දැන් තනිකරම ඉන්නේ රනිල්ගේ සාක්කුවේය. ඒත් ගවනර් කෝට්ටෙක බේරාගන්නටය. ඒ අස්සේ IMF දේශීය නියෝජිතයාත් ඊයේ නොකියා කිව්වේ සියල්ලන්ටම දැන් තියෙන එකම සරණ රනිල් හා එක්වීම පමණමයි කියලාය.


ඉතින්...  ප්‍රේම සබඳතා බිඳ වැටුනාම ඔහොම වෙනවාය. දැන් අන්‍රයියාගේ ලව් එකට නන්දේ බූට්ටෙක තියලා අහවරය. ඉතින් මෙහෙම වියෝ ගී ගැයෙනා එක විශේෂයක් නොවේය.


වත්මනේ නම් මෙවන් ශෝකාන්තයන්, සප්‍රයිස් කරන්න ඇස් පියා ගන්නෙයි කියා, පිහිගෙන් බෙල්ලට කෙලලා අරින සයිස් එකට ඇවිල්ලා තියෙනවාය.


පෙරදා මහ රෑ මා සිහිළැල් උර මඬලේ

මුහුණ හොවා ගෙන ළසොවින් වැළපුන

ඔබේ විඩාපත් නෙතින් ගලා ගිය

කදුළක කැළලක් ඉතිරි වෙලා

පෙරදා මහ රෑ මා සිහිළැල් උර මඩලේ


ඔබහට පෙම් කළ යුගය නිමා කර

වෙන් වී යන්නට දවස පැමිණ ඇත

සමාව දෙන් මට සෙනෙහෙ සිතින්.....


කියා .... සුනිල් සඕදරයා ලියා

නන්දා සඕදරී කිව්වේ ඒ නිසාමය....


දන් ඒක කියන්නේ අන්‍රයියාය.....


ඒ වගත් මෙසේය......


.

Apr 7, 2023

කෙසෙල් කොලේ බත්

 



කෙසෙල් කොලේ බත් 

➖➖➖➖➖➖➖🔴


එකලේ කෑම ආ රඹ කැන් කොලේ .........එතී

ඇතුලේ තිබෙන දේවල් රස වැඩියි ........නිතී

කිතුලේ නැගී අම රසයද පෙරා ...........බොතී

පතුලේ පවා ලෙව කාගෙන උලා ............කතී


©® කාව්ව සිරෝමනී මාතලන් 


#මාතලන් 


Apr 4, 2023

බන්ඩි ගොයම




 බන්ඩි ගොයම

➖➖➖➖🔴


නොමිළෙම බන්ඩි පොහොරත් ලැබෙනවා....ඇතී

කෙමිකල් කාබනික ලෙස ඇති වෙනසකුත්...නැතී

අත් ගුණ නැතොත් කෙත් වතු සරු නොවන.....ගතී

පෙර කළ සිටම ලීව්වයි පඬි වරුන්................රතී


©® කාව්ව සිරෝමනී මාතලන් 


#කුප්පකවි 

.



Apr 3, 2023

මිදි යුෂ

 



දාසිය මට මධු බඳුනක් ගෙන එව..

- සුභ සහ යස -

➖➖➖➖➖➖➖➖➖➖➖🔴➖


දැක්මෙන් වුවත් පල බර මිදි වැල්.......... පවනේ

පෙඟෙමින් ගලන පැණියෙන් උක්දඬු ..නැගුනේ

පැහැයෙන් ධවල තොල් පෙති මත නිය .රැඳුනේ

දිවඟින් රසය විඳිනෙමි මධු පිරි ...............බඳුනේ


©® කාව්ව සිරෝමනී මාතලන්


#කුප්පකවි 

.