.

.

Oct 31, 2022

ශුද්ධ වූ ජලයෙන් පව් සෝදා ගැන්ම


ශුද්ධ වූ ජලයෙන්
පව් සෝදා ගැන්ම
➖➖➖➖➖🙏➖

කන්‍යා සොයුරියන් හතර දෙනෙක් නුවර ඉඳන් කොළඹ එන අතරෙ කඩුගන්නාවේ කන්දෙන් පහළට පෙරලිලා හතර දෙනාම ස්වර්ගස්ත වෙනවා...

ස්වර්ගයේ දොරටුව ළඟ ශුද්ධෝතම සාන්ත පීතර කට්ටිය චෙක් කරලා තමා ස්වර්ගයට ගන්නේ...

බොහෝම ගරු ගාම්බීර ලෙස උගුර පාදපූ ශාන්ත පීතර .... පළවෙනියට හිටපු කන්‍යා සොයුරියගෙන් අහනවා... දේව දරුව... ඔබ කිසිම පාපයක් කරලා නැද්ද?

ඇත්තටම කරලා නෑ... ඒත් මෙහෙමයි... එක දවසක් මම ෆාදර් කෙනෙක්ගේ රන් ඩිංග හොරෙන් බැලුවා....

හ්ම්.... ඒක සුළු පාපයක්... ඔබ ශුද්ධ වූ ජලයෙන් දිය දෝතක් ගෙන, ඔබේ ඇස් දොවාගෙන ස්වර්ගයට ඇතුලු වන්න....

ඊළඟ කන්‍යා සොයුරිය ඉදිරියට එනවා...

දේව දරුව ඔබ ජීවිත කාළය තුල කිසිම පාපයක් කර තිබේද?

නැත්තෙමත් නෑ ... මෙහෙමයි... දවසක් මම ෆාදර් කෙනෙක්ගේ රන් ඩිංග අතින් අල්ල්ලා....

හ්ම්.... හ්ම්... තේරුනා... ඒක සුළු පාපයක්... ඔබ සුද්ධවූ ජලයෙන් ඔබේ දෑත් සෝදාගෙන ස්වර්ගයට ඇතුලු වන්න දේව දරුව....

මේ අස්සෙ හතර වෙනියට හිටපු කන්‍යා සොයුරිය තුන් වෙනියත් පෙරලගෙන පෝලිමේ ඉස්සරහට එනවා දැකපු සෙන්ට් පීටර්ස්...

කිමද දේව දරුව... ඔබ පෝලිමත් පැන කලින්... ඇයි මේ හදිස්සිය....

මට පුලුවන්ද ශාන්ත පීතර තුමනි අරයා පුප හේදුවට පස්සේ ශුද්ධ වූ ජලයෙන් කට හෝදන්න.....

▪️ ඉතින් ඇත්‍තටම ස්වර්ගයේ තත්වෙත් ඕකයි කියලා පාප් වහන්සේ තාම දන්නෙ නැතිව ඇති...

⭕ සුද්දන්ගේ කතාවක් මගේ එකක් වාගේ අනුවර්තනය කොට ලියා පලකලේ මාතලන් යකා වන මා විසිනි...
.
 

Oct 29, 2022

අන්‍රයියගෙ තර්කය බිඳින ලාල් හා වසන්ත...

 


අන්‍රයියගෙ තර්කය බිඳින

ලාල් හා වසන්ත...

➖➖➖➖➖🔴➖


අන්‍රයියා යන රැස්වීම්වලට අනෙක් පක්ෂවල උන්ගේ රැස්වීම්වලට එනවට වඩා එන පිරිස සාපේක්ෂව බොහෝ වැඩියි... ඒක ඇස්පනාපිට පේන ඇත්ත.


හැබයි ඒ ජනප්‍රියත්වය තියෙන්නේ අන්‍රයියා වටා කියනෙකත් පැහැදිලියි.. මොකෝ රනිල් එලවන දෙවනි අරගලේට හයිඩ් පාක් කෝනර් එකට පොලීසිය තරම් වත් සෙනඟක් ගෙන්නන්න ලාල් අයියටයි වසන්තටයි දෙන්නටම බැරි වුනා. 


ඒ කියන්නේ, එක්කෝ වෘත්තීය සමිති සංවිධානය දුර්වලයි කියනෙක. එහෙම නැත්නම් අන්‍රයියට රනිල් එලවන්න වුවමනාවක් නැතෙයි කියනෙකද කියන්න හරියට බෑ.


කොහොම හරි තුන්දෙනා ඉන්නේ මත තුනක


අන්‍රයියා ඉන්නේ යටත් විජිත සහෝදරයා කියපු විදියට 80% නෙමේ 90% වගේ තියෙන වෙලාවක. ඒ නිසා අන්‍රයියා චන්දයක් ඉල්ලනවා විතරක් නෙමෙයි, වෙන පක්ෂ එක්ක ගෲප් සෙස් කරන්නත් බෑ කියනවා.


අනික එයා කියන විදියට හැම පක්ෂයම ජෙප්පන්ට බය වෙලා දැන් ඉන්නේ. ඔක්කොම ගහන්නේ ජෙප්පන්ට. ඒ නිසා ජනතාවට තියෙන එකම බලවේගය එයාය කියනවා. ඒ කතාවත් සහගහන ඇත්ත. මැයි 9 වෙනිදා ගේම දුන්නේ ජෙප්පෝ නම්, උන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා මිසක්ක, චෝදනා කර කර ඉඳලා වැඩක් නෑ.


හැබයි ඉතින් එයා එහෙම කිව්වට, බල මණ්ඩලේ අනිත් පයිටර්ස්ලා දෙන්නට එහෙම විස්සාසයක් නෑ වගේ...


ලාල් අයියා ඉල්ලන්නේ පාර්ලිමේන්තුවෙන් පිට බලයක්. ඒ කියන්නේ දියවන්නාවෙන් රට පාලනය කිරීම නවත්තලා, පැලවත්තෙන් රට පාලනය කරන්න. එතෝට අන්‍රයියා චීනේ සී ජී පින් වගේ වෙනවා. චන්දයකින් දිනන්න බෑ කියනෙකයි ඒ කියන්නේ.


හැබයි අන්‍රයියට, යටත් විජිත සඕදරයට, අච්චර විස්සාසයක් තියෙද්දී, වසන්ත සඕදරයා අරගලයක් කරන්න ලෑස්ති වෙනවා. සමාර විට මේකේ කෙලවර, අන්‍රයියලා ටිල්වින්ලා නායකත්වයෙන් එලවීමේ තැතක් තියෙනවද දන්නෙත් නෑ.


ඒ නිසා සඕදර බල මණ්ඩලේ නැවත එකමුතුව එක් රැස්වෙලා එක මතයක් පාක්ෂිකයින්ට කියනවා නම් හොදයි නේ.. (90% වන ජනතාවට)


නැහ්නන් පාක්ෂිකයින් පුල් කොන්පියුස් නේ අප්පා....


.

Oct 23, 2022

මහා පරිනිබ්බාන සුත්‌තං - Stairway to Heaven

 


මහා පරිනිබ්බාන සුත්‌තං

Stairway to Heaven

➖➖➖➖➖🙏➖


විසල් ෂොපින් කම්ප්ලෙසෙකක

"වසා ඇත" පුවරු එල්වා ඇති රැයක...

විවර කර ඕනෑ දේ ගැනීමක

බලය සතු වෙත,

එක් දුරකතන ඇමතුමක..

හෝ වචනයක..

සොඳුරු ලළනාවක..


සමහර විට

අර්ථ දෙකක් ඇත

වචන පෙලකට..

"වසා ඇත"

තවම ඇත රැදී ... 

විවර වූ දොරක...


නැත වරම් නැගීමට 

කතකට ඉහළ මළුවට

හිස මත ධාතු වැඩුමට

එහෙත් "වසා නැත"

ගඳ කුටි, රමණයට...


"ඇතුල්වීම තහනම්"

අර්ථ දෙකක් ඇත

වචන පෙලකට 

බොහෝ විට


මග කියා දෙන අප හට

නිවනේ සැනසෙන්නට

පෙන්වා ඇත නිවන්

උතුම් වූ නිවනේම සැනසෙන්නට

නිවනද යටයි පින්වත්නි

සොඳුරු හුරුබුහුටි ළඳකට


පඩිපෙලක් ස්වර්ගෙට

ඉනිමඟක් නිවනට

වුව.....

ගත හැකිය මුදලට...


සම්ටයිම්ස් 

බිස්නස් ගිව්ස් ලොස් හිටන්

බට් ෆෝර් එවර්

නිර්වාණං පරමං සුඛං...


🔴 මෙහි "සුත්තං" යනු සූත්‍රය ලෙසද

      "සුඛං" යනු සුවය ලෙසද ගත යුතුය..


මේ අදහස ලියන්න හිතුනේ ......

තිලිනි ප්‍රියමාලීගේ සිද්ධියත් එක්කම මගේ මතකයට ආපූ, මම ඉස්සර ඉඳලම පුදුම ආස ඉන්ගිරිස් සින්දුවක් වෙන Led Zapplin ගේ Stairways to Heaven ගීයෙන් කියවෙන දේ අපේ රටේ සියල්ලන්ටම දැනගන්නට ලැබුන එක.


පන්සලේ සෙල්ලම කියන දේ ඒ කාළේ ඉඳගෙන දැනගෙන උන්නට පන්සල් වල වෙන අනෙක් සෙල්ලම් මිනිස්සු දැන ගත්තේ තිලිනි ප්‍රියමාලී සිද්දියෙන් පස්සේ..


අනෙක් රටවල් ගැන නම් දන්නේ නෑ.. ඒත් ලංකාවේ නම් සියලුම ආගමික ස්ථාන නම්බර් වන් ප්‍රොෆිට් සෙන්ටර්... හිඟන්නෝ වගේ ඉන්නේ බිස්නස් එක හරියට කරන්න දන්නේ නැති වුන්....




Oct 21, 2022

රනිල්ගෙ රිලා නැටුම්

 


රනිල්ගෙ රිලා නැටුම්

➖➖➖➖➖🔴➖➖


ඇත්තටම එහෙන කියනෙකත් හරි නැතිය. ඒත් එයැයිට කඩේ යනවා කියා මේවා නොකියාත් බැරිය. ඒ ගැන පහළින් ලියනවාය.

ඝෝඨාට කඩේ ගියා කියා, මාතලන් යකා ඝෝඨා විවේචනය නොකර සිටියේ නැතිය. උන්නැහේ කෙලිය පිස්සු හැම එකක්ම නිර්ධය ලෙස විවේචනය කළේය. රට ලොක් ඩවුන් කලොත් ආර්ථිකයට කෙලවෙලාම යන බව මුලින්ම ලිව්වේ මාතලන්ය. එය ඒ ලෙසින්ම සිඳු වුනේය .

රටේම පැවති කාර් සේල් බිස්නස් එකට කෙලිය දවසේම මාතලන් ලිව්වේ මේ යක්කු කරන්න හදන්නේ 1079-77 පෝලිම් යුගයට රට ගෙනියන එක මිසක් වෙන මක්කත් නොවේ කියලාය. හිතූ කාළයටත් කලින් එයත් ඒ ආකාරයෙන්ම සිඳු වුනේය.

ගෝල්ෆේස් අසල උද්ඝෝෂණ පෙලපාලි යන කොටම මාතලන් ලීවේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මෙය නොවේය. දැන් ගෙදර යන්න ලෑස්ති වුනොත් හොඳයි කියලාය. මාතලන්ද අරගලය බලන්න කීප සැරයක්ම ගියේ, රට බංකොලොත් කොට විනාශ කළ මේ කුන්ඩලවාතේ තව දුරටත් උන්නොත්, වෙන එකෙකුට ගොඩගන්නවත් රටක් ඉතුරු කරන්නේ නැති නිසාමය.

ඉන් පසු ආ රනිල්ට වෙලා තියෙන්නේ ඊටත් එහා කෙලියක්‍ය. මේ ඉන්නේ අප දන්නා රනිල් නෙමේය. 

එයා දැන්, අහිගුංඨකයෝ නටවන්න ගෙනයන රිලවෙක් වගේය. ටිකක් ලෙවෙල් එකට කියනවා නම්, එයාට වෙලා තියෙන්නේ, ඔය සත්තු වතුවල සෙල්ලම් පෙන්නන ඩොල්ෆින්ලාට, සීල්ලාට, චිම්පන්සියන්ට, කුරුල්ලන්ට වෙච්චි දේය.

එයාලා එක එකා දෙන කොමාන්ඩ් එකට ඒ සෙල්ලම් පෙන්නන්නේ, සෙල්ලම පෙන්නූ පසු මක්කා හෝ කන්නට ලැබෙනා නිසාය. හැබයි බලාගෙන ඉන්න උන් හිතන්නේ මේවා උන් මාර කැමැත්තෙන් කරනවා කියලාය. ඒ නිසා උන් පට්ට චියර් එකක් දෙනවාය. 

22 ක සම්මත වූවාට දෙන චියර් එකත් ඒ වගේය. 

රනිලුත් දැන් ඒ රිලව් වාගේමය. එයා නටන්නේ IMF හා ධනුෂ්ක රාමනායක කියනා විදියටය. ධනුෂ්ක රාමනායක කියනා විදියට නටනා එක වාසි සහගතය. ඒ අනුව දැන් රනිල් රඟන්නේ, මහින්ද රාජපක්ෂ චරිතයය. මට විශාල බයක් තියෙන්නේ රනිල් කොයි වෙලේ හෝ පොඩි එකෙක් වඩා ගනීදෝ කියලාය.

කෙනෙකුට IMF එක කියන විදියට නටන්නේ නැතිව වෙන මක්කා කරන්නදෝයි කියා තර්කයක් ගෙන එන්නට පුලුවන්‍ය. ඒ මොකෝ ඒකෙන් දෙනවයි කියන සත පහ දෙනකන්, අනෙක් උන්ගේ පුණ්‍යාධාර කිසිවක් නොලැබෙන්නේය කියන පචය සමාජගතකර අවසාන නිසාය. ඒ සත පහෙන් පුප කහ ගන්නත් බැරිය.

අපේ රටේ උන් මෙච්චරම මෝඩද කියා හිතා ගන්නවත් බැරිය.

මේවා ආර්ථිකය හා ලෝකය ගැන නොදන්නා මී ගවයන් කර තබාගෙන ගියාට, අද ලෝකයේ පවතින ආර්ථික මොඩල් හා IMF ආධාර දීම ප්‍රතික්ෂේප කළ මාලදිවයින අද ඉන්නා තත්වය දන්නා උන්ට පට්ට ජෝක් විතරමය.

කට්ටිය දැන්, අර සත පහ දෙසැම්බර් වල ලැබෙයි කියා කට පුප ඇරගෙන බලාගෙන ඉන්නවාය. මේ රිලා නැටුම් සියල්ලම නටන්නේ ඒකටය.

රනිල්ට ඕනා නන්දලාල් එලවා අර්ජුන මහේන්ද්‍රන් ගේන්නය. ඒත් IMF එක ඊට ඉඩ දෙන්නේ නැතිය. රනිල්ට ඕනා 22 ක්ද නැතිය. එහෙත් IMF  එකටයි, ජිනීවා වලටයි, ඇමරිකාවටයි ඒක ඕනෑය. දැන් ඒකෙන් ස්වාධීන කොමිෂන් සභා නැවත සක්‍රීය කරලාය. 

අනිවාර්‍යයෙන් ඕවාට පත් කරන ලිස්ට් එක එවන්නේත් ලංකාව බංකොලොත් ලෙස නම් කල නන්දලාල් වීරසිංහගේ බොස්ලා නොවේ නම් මාතලන් ආයේ ෆේස්බුක් එන්නේ නැතිය. ජාත්‍යන්තරය රනිල්ට අරින්නේ කොමිෂන් වලින්ය. අරගලේ උන් නැවත කොළඹ වටලන්නේ උන් සමඟය.

කපුටාට කෙලියා කියා ආතල් ගන්නා සියල්ලන්ගේ දත කට පූට්ටූ වී. හොක්ක බිම ඇනී, පුප නැති වෙන්නේ එදාටය. රනිල්ටත් එලෝ පොල් පේන්නේ එදාටය.

ඇමරිකන් කපුටා ඉන්දියාවෙන් ක්‍රෙඩිට් ලයින් එකත් අරගෙන, අදානී හා අරාබි සුල්තාන්ලා ගෙනත් කරන්න ගියේ මේ රට කළු සල්ලි පාරාදීසයක් කරනා එකය.

එහෙම නැතිව, රුසියාවේ යුරෝපේ බැග් පැකර්ස්ලා හා හෝටල් කාමරේ ඉස්තිරික්කෙන් රොටි පුච්චන් කන ඉන්දියන් කාරයින්ට ඇල්ලේ "නයින් ආර්ච්" පෙන්නලා මේ රට ගොඩගන්න හිතනවා නම්,

ඒ හැම එකාම ඒ සුද්දෝ එක්ක IMF සිහිණයේ ආතල් ගත්තාට කිසි අවුලක් ඇත්තේම නැතිය.


ඒ වගත් මෙසේය...

.


Oct 20, 2022

ඩලස් අලහප්පෙරුම නම් රංගන වේදියා..

 



ඩලස් අලහප්පෙරුම නම් 

රංගන වේදියා..

➖➖➖➖➖➖➖💀➖

ඩලස් අලහප්පෙරුම කියන්නේ සුපිරි පත්තර කාරයෙක්.. ඒ ඉස්සර.. එයා දේශපාලනයට එන්නේ කවිකොල කාරයෝ හිටන් දේශපාලනයට ගෙනාපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්..

හැබයි මාතර යුව රජු වෙච්චි මංගල සමරවීරගෙන්, මහින්දගෙ මිනිහෙක් වෙච්චි ඩලස් කැපෙනවා. ඇත්තටම කපනවා. මංගල කියන්නේ මාතරට විශාල සේවයක් කරපු රස්සාවල් දීපූ ලිබරල් දේශපාලුවෙක්. 

ඉතින් එහෙම වැඩක් කරපු මිනිහත් සෙකන්ඩ් වෙන ගානට මේ මෙලෝ රහක් නැති ඩලස් ජනප්‍රිය වෙනවා. ඒ අපේ ජනතාවගේ මෝඩකම. කොහොම හරි චන්ද්‍රිකගේ කාළේ රෙවෙන්නම කැපුන ඩලස්, ඇමරිකා යනවා. 

ඒ ගියපු ඩලස් ආයේ ලංකාවට ගෙනත්, මංගලත් කපලා, කැබිනට් ඇමති කමකුත් දෙන්නේ මහින්ද මහත්තයා. ඒත්, ඩලස් කියන්නේ රටට තියා ගමටවත් මෙලෝ දෙයක් කරපු කෙනෙක් නෙමෙයි. දෙයක් කරගෙන තියෙන්නේ තමන්ට විතරයි. 

පොරගෙ මහ ගේ තියෙන රදම්පල දන්දෙනිය පාරේ මිනිස්සු අදටත් ගමන් යන්නේ ලොරි භාගේ. හැබයි පොරගෙ රදම්පල මහ ගේ ඉස්සරහ නම්, කොළඹ 7 නිදහස් චතුරශ්‍රය වගේ සුපිරියටම හදාගෙන තියෙනවා.

පොරයි විමලුයි එකතුවෙලා ඝෝඨා අන්දගෙන පෝට්ටුවේ බලය අල්ලන්න තමයි මුලින්ම ප්ලෑන් කළේ. මේවා මාට්ටු වෙච්චි බැසිල් කරන්නේ විමල්ගෙ පුපට පයින් ගහලා එලවීම. 

ඊළඟට පොර පෝට්ටුව ඇතුලේ ඉඳන් සිරිසේනත් අල්ලගෙන ගේම ගහන්නේ මීළඟ චන්දයට රාජපක්ෂලාට එරෙහිව පොද්දා ලෙස එන්න. ඒ වැඩේටත් කෙලවෙනවා.

ඊළඟට තමන්ගේ මල්ලිට චන්දේ දෙනවා කියලා හිතාන ඩල්ස්ට මනාපයක් දෙන්නෙයි කියපු මහින්දට අගමැතිකමෙන් අස්වෙන්නෙයි කියන්නේ ඝෝඨාගෙන් අගමැතිකම ගන්න.

මේ කුමණ්ත්‍රණය කරපු සෙට්ටෙක් තමා ඝෝඨාට කෙලවිලා ගියයින් පස්සෙ කෙලින්ම ජනාධිපති වෙන්න සජිත් එක්ක ඩීල් එක දාන්නේ.

හැබයි සජිත් කියන්නේ ගල් ආඳෙක්. පොර දන්නවා අනිවාර්‍යයෙන් දිනන්නේ රනිල් කියලා. ඒ නිසා පොර මේ බලපෙරේතයා ඉස්සරහට දාලා, තමන්ගෙ විලි ලැජ්ජාව ඩලස්ගෙ අමුඩෙන් වහගන්නවා.

ඊට පස්සේ සජිත් නෙමේ මේ දේශපාලන අපතයා පයිසෙකට ගනන් ගන්නේ. දැන් සදා සොත්ති භවන්තුතේ වෙන්න අනාථ වෙලා ඉන්න, පොරයි පොරගේ හාල්පාරුවෝ සෙට්ටෙකයි ජෙප්පන්ට සෙට් වෙන්න යන්නේ. 

මම හිතන්නේ නෑ, බුකි ජෙප්පෝ මේ වාහේ කරේ තියාගෙන ගියාට, පක්ෂේ බල මණ්ඩලේ මහ උන්වත්, ජජබෙ මහ උන්වත් මේ වගේ අපතයෙක් දාගෙන නායි කියලා.

මට මතක විදියට සන්නද කොහෙද, ඩලස් ගැන හරි අපූරු කතාවක් කියනවා. ප්‍රදීපා ධර්මදාස කියන්නේ මේ රටේ අග්‍රගන්‍ය කලාකාරියක් වෙන්න හිටපු මල්ටි ටැලන්ටඩ් කළා කාරියක්. ඩලස් කියන පත්තර කාරයා මේ කෙල්ල බැඳගත්තයින් පස්සේ මෙයාගේ කළා ගමන එහෙම්මම නවත්තලා දානවා. මොකෝ පොර දන්නවා ප්‍රදීපා ෆීල්ඩ් එකේ ඉදිරියට ගියා නම්, පොරට වඩා ජනප්‍රිය කෙනෙක් වෙනවා කියලා.

ඉතින් එහෙම මිනිහෙක් රෙද්ද අස්සේ දාගෙන, හැම තැනම මුට්ටිය දාලා බලන මේ බල පෙරේතයට ජෙප්පෝ කීයටවත් මාට්ටු වෙන එකක් නෑ.

මේ වගේ ගුණමකු දේශපාලන අපතයන් දේශපාලනයෙන් අතු ගාලාම දන්න ඕන, ඒ වෙන කිසි දෙයක් නිසා නෙමෙයි. මේ වගේ බොරුකාරයන්ට වඩා, හොරුන් කියන උන් මිනිස්සුන්ට මක්කා හෝ කරලා තියෙන නිසා. උන් මිනිස්සු එක්ක ඇත්තටම ඉන්න නිසා.

ෆොටෝ එකේ ඉන්නේ ඇත්ත ඩලස් හා විමල්..

මයික් ඉස්සරහට එන්නේ ඩලස් අලහප්පෙරුම නම් ප්‍රබුද්ධ කෘතහස්ත රංඟවේදීයා.


.

Oct 13, 2022

Badu Gaseema නිර්මාල් දේවසිරි වැනි පින් පඩි කාරයන්ට අහිතකර විය හැක.

 


Badu Gaseema
නිර්මාල් දේවසිරි වැනි
පින් පඩි කාරයන්ට
අහිතකර විය හැක.
➖➖➖➖➖➖➖

නිර්මාල් දේවසිරිට මා පෙම් කරණා හේතුන් දෙකක් ඇත්තේය. පළමුව ඔහුට විවේචන විඳ දරාගැනීමේ හා අන්මත ඉවසීමේ ශක්තිය ඉහළින්ම ඇති ප්‍රාමාණික බුද්ධිමතෙකු වීමයි.

දෙවනි කාරණය වන්නේ, ඔහු ඔහුට අවංක වීමයි. නිර්මාල් කිසිවක් හංඟා ගසන්නේ නැත. ඔහුගේ අදහස් අවංකව කිසි ලෝබකමක් නැතිව බුකියේ බෙදාහරින අතර, අනෙක් වාමාශික වටපඩයන් මෙන්, වඳුරු කුණුහබ්බ හා කුණුහබ්බ දෙසා නොබෑමත්, දායක සභා නඩත්තු නොකිරීමත්‍ය.

සමහර අම්බරු වාමාශික වටපඩයන් ඔහු වෙනුවෙන් ජනේලෙන් දෙන්න ආවද, ඔහු කිසි විටෙකත් ඒ වටපඩයන් එන්කරේජ් කරන්නේ නැතිය.

රජයේ නව බදු ප්‍රතිපත්තියේ හොඳ පැත්තක් මෙන්ම නරක පැත්තක්ද ඇති අතර, අද කතා කරන්නේ හොඳ පැත්ත පමණි. ඊට දිය හැකි හොඳම උදාහරණය අද දින නිර්මාල්ගේ බුකි පොස්ටුවයි. මුලින්ම  අප එය කියවාගෙන සිටිමු.

🔴▪️// මේ බදු ප්‍රතිසංස්කරණවලට මා මුළුමනින්ම පක්ෂවන්නේ එයින් භාණ්ඩාගාරයෙන් ලබන සාපේක්ෂ ඉහළ වැටුප් මත පමණක් යැපෙන මා ද අයත් පංතියට කෙළවෙන නිසාය.

ඒ අය පසුගිය කාලයේ බැංකු ණය රැගෙන විශාල ගෙවල් සාදා විශාල වාහන මිලදී ගෙන තම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් විශාල වශයෙන් මුදල් වියදම් කරමින් හොද මධ්‍යම පංතික ජීවිතයක් ගෙවීම ආරම්භ කළේය.

දැන් ඒ අයගේ වැඩුපෙන් 50000ක් 75000ක් අතර කොටසක් මාසිකව අහිමි වනු ඇත. එය මේ කණ්ඩායමට මරු පහරක් වන ඇත ඒ අයගෙන් කොටසක් අහසින් පොළවට වැටෙනු ඇත. යමක් කමක් කළ හැකි පිරිස පොළවෙන් අහසට (ගුවන්ගත වී පිටරට) යනු ඇත. මෙය දැවැන්ත සමාජ විප්ලවයකට මං පාදනු නියතය. // ▪️🔴

මේ රටේ ආර්ථික අර්බුධයට ප්‍රධානම හේතුව ඉහළ වැටුප්, වරප්‍රසාද හා දීමනා ලබා දෙමින් නඩත්තු කරනා, මූසල 1/4 කන්නි රාජ්‍ය සේවය බව දැන් හැම එකාම පිලිගෙන අවසානය.

රට ආර්ථික වශයෙන් ඇඳ වැටීමට හේතුව, දේශපාලුවන් බව කියමින්, ලේසියට පහඩුවට තම මන්දබුද්ධික භාවය හේතුවෙන්  මුව හමට තඩි බාන්නා  සේ දේශපාලුවන්ට තඩි බෑවද, මේ රට සෑම අතින්ම විනාශ කර දැමු තවත් විශාල පිරිසක් සිටිනා බව බොහෝ උන් කියන්නේ නැතිය.

ඒ අතර රාජ්‍ය නිළධාරීන්, විශ්වවිද්‍යාල ආචාර්‍ය මහාචාර්‍යවරු, අධිකරණය හා නීතිය මෙන්ම ජනමාධ්‍යයන්ද ඊටත් වැඩියෙන් වගකිව යුතු බව මාතලන්ගේ මතයයි.

ප්‍රධාන වශයෙන් අපරාධකරුවන් ඇප පිට නිදහස ලබා නැවතත් සමාජයට එකතු වීමත්, සොරකම් හ වංචාවන්ට ලක්වූවන්ට ලබා දෙන විහිළු සහගත දඬුවම් හා දඩයනුත් රටේ පරිහානියට බලපානා බව මගේ මතයයි.

විශේෂයෙන් මේ රටේ අර්ථිකයේ පරිපාලනය හා තීන්දූ තීරණ බාරව සිටිනා මහ බැංකුවේ නිළධාරින්, ඝෝඨාභය රාජපක්ෂ රවටමින් රට කාබාසිනියා කොට පාර්ලිමේන්තුවටවත් නොදන්වා, රට බංකොලොත් රටක් බවට ප්‍රකාෂයට පත් කිරීම ඊට හොඳම උදාහරණයයි.

ඇත්ත වශයෙන්ම මේ නිළධාරීන්ට එරෙහිව පාර්ලිමේන්තුව කටයුතු කල යුතු වුවද, උන් සියල්ලෝම ඊට එරෙහිව කට පුප හොල්ලන්නේ නැතිය. රටේ ආර්ථිකය පිළිබඳ මෙන්ම මූල්‍ය ප්‍රතිපත්ති ගැන තීන්දූ තීරණ ගත යුත්තේ මහ බැංකුව නොව පාර්ලිමේන්තුව බව මුන් සියල්ලන්ටම අමතකව ඇත.

රට භංකොලොත් වූවා කියා මහ බැංකුවේ වැටුප් දීමනා හෝ වරප්‍රසාද මේ දක්වා කිසිවක් කපාහැර නැති අතර ඒ සියල්ල ඒ ආකාරයෙන්ම තවමත් භුක්ති විඳිමින් සිටී.

රනිල් වික්‍රමසිංහ පැමිණීමට පෙර ඒවා භුක්ති වින්දේ මුදල් අච්චු ගසමිනි. මුදල් අච්චු ගසන විට මුදලේ වටිනාකම අඩු වීම හා උද්ධමනය වැඩි වීම උන්ගේ ප්‍රශ්ණ නොවේ. එහෙත් අමණ විපක්ෂය පලු ඇරියේ බැසිල් රාජපක්ෂගේය.

බැසිල් එහෙම ඕඩර් දෙනවා නම්, ඔය නිළධාරින් ඉන්නේ ඒවා නවත්තන්නටය. අනෙක් කරුණ, විපක්ෂ දේශපාලන ගොබ්බයන් මක්කා කීවත්, මේ නිළධාරින් එකෙක්වත් ඒවා දේශපාලන බලපෑම් බව අද වෙනතෙක් ප්‍රසිද්ධියේ කියා නැත්තේ ඇයි දැයි කියා එකෙක්වත් අසන්නේ නැතිය.

එවන් රාජ්‍ය සේවය අඩු කිරීමට, කිසිම යෝජනාවක් හෝ ක්‍රියාමාර්ගයක් මහ බැංකුවේ ආර්ථික පන්ඩිතයින් විසින් මේ වන තෙක් ඉදිරිපත් කර නැත. ඒ උන්ද ඉන්නේ ආන්ඩුවේ හූනියන් කාරයන්ගේ මානසිකත්වයේම වන හේතුවෙන්ම මිස වෙන කිසිඳු හේතුවක් නිසා නොවේ. උන් සියල්ලෝද රාජ්‍ය සේවකයෝමය.

රාජ්‍ය සේවකයින්ටද බදු ගෙවන යෝජනාව රනිල් විසින් ගෙනාවේ ඊට පිලියම් ලෙසය. දැන් මෙතෙක් කලක් අයිස් ගසමින් උන් 1/4 කන්නි රාජ්‍ය සේවකයින්ටද පෞද්ගලික අංශයේ උන් මෙන්ම බදු ගෙවීමට සිදුවනු ඇත්තේය.

ඇත්ත වශයෙන්ම මා ජනපති වූවා නම් කරන්නේ රාජ්‍ය සේවකයින්ගේ බදු ප්‍රතිශතය පෞද්ගලික අංශයේ උන්ගේ මෙන් දෙගුණයක් කරනා එකය. මන්ද යත් උන් කරනා සේවය, සේවා කාළය මෙන්ම සේවයේ ගුණාත්මක භාවයද පෞද්ගලික අංශයේ උන්ට වඩා බොහෝ පහත මට්ටමක තිබෙනා නිසාය.

දැන් උන් ගන්නා පින් පඩියට පව් නැත කියා උන්ටත් මදක් හෝ සැනසිය හැකිය...


ඒ වගත් මෙසේය....

Oct 12, 2022

චන්ද ඉල්ලන හිඟන්නට කඩිනම් චන්දයක් ලබා දිය යුතුය.

 


චන්ද ඉල්ලන හිඟන්නට

කඩිනම් චන්දයක් ලබා දිය යුතුය.

➖➖➖➖➖➖➖➖➖➖⭕➖


පොඩි පොඩි පක්ෂ හඳාගෙන මහ පක්ෂ හා සංධානගතවන ඕනම එකෙකුට මාතලන් කියන්නේ දේශපාලන හිඟන්නෝ කියලාය.

තමන්ගේ පක්ෂයට අතින් කයිට් කරගෙන, ඉක පුරාගෙන, පෙරුම් පුරාගෙන වැඩ කරන උන් කපා දමා, අර හිඟන්නන්ට නොමිනේෂන් දෙන මහ පක්ෂවල නායකයින්ට මාතලන් එදා සිටම කියන්නේ දේශපාලන බූතයි හාරුවෝ කියලාය.

මේ වැඩෙන් නොම්මර එකටම ඇරගත්ත උන්නැහේ මහින්ද රාජපක්ෂය. හිඟන සෙට්ටෙක මේ සැරේ උන්නැහේට ඇරිය ඇරිල්ලෙන්වත් උන්නැහේ පාඩමක් ඉඟෙන ගත්තාදැයි කියන්නට අප දන්නේ නැතිය. තමන්ට නොමිනේෂන් දුන් එකාට ගෙදර යන්නෙයි කියන්න තරම් උන් ගුණමකුවෝ වීය.

මුලින්ම මහින්දට හා පෝට්ටු බයියන්ට ඇරියේ නැගී එන ගායකයකු වන විමල් වීරවංශ උන්නැහේය. විමල් තනියෙන් ඉල්ලුවත් චන්ද ලක්ෂයක පමණ බේස් එකක් ඇතත්, පොරගේ නැට්ටේ එල්ලී දිවියලෝකේ යන්න ගිය ගම්මන්පිල හා වාසූට චන්ද 1000 ක් ගන්න පුලුවන් නම්, ඒක ගිනස් පොතේ ලියවෙන වාර්ථාවක් වනු ඇත්තේය. අනෙක් උන් මිනිස්සු  දන්නේත් නැති හිඟන හාල්පාරුවෝය.

ආතක් පාතක් නැතිව හිඳ, මහින්දගේම හිත හොඳ කම නිසාම නොමිනේෂන් ලැබුන කෙලෙහිගුණ නොදත් පොලොන්නරු පොලොවෙන් මතු වූ පොළොන් හිඟන්නා, ‍රාජපක්ෂලාට උකුසු ප්‍රහාර එල්ල කරන්න ගියත්, කපුටා කොටපු කෙටිල්ලට පොරට ඉතිරි වූයේ ඔල්මොරොන්දම් උකුස්සා හා රිලවෙක් පමණි.

ඊළඟට මහින්දට ඇරියේ මාතර කාළගෝලයා හෙවත් ඩලස් කොට්ටෝරුවාය. රටේ ජනාධිපති කමට ඉල්ලපු එකා තම ගමටවත් වැඩක් කරපු නැති එකෙක්‍ය. අදටත් ඒ ගමේ උන් ටවුමට එන්නේ ලොරි භාගේ නැගලාය.

පොරගේ නැට්ටේ එල්ලි අගමැති වෙන්න ගිය ජී ඇල් පීරිස් කියන්නේ නොම්මර එකේ අපතයෙකි. අනෙක් වියත්තු ගැන යුනිකෝඩ් නාස්ති කරන එකත් අපරාධයකි. ඕකුන් එකෙකුටවත් චන්ද 100 ක් ලැබුනොත් ලෝක විනාශය වුවත් සිඳු වීමට ඉඩ ඇත්තේය. උන්ට නොමිනේෂන් දෙන උන්ගේ මොළේ ඉස්කෑන් කර ගන්නවා නම් බොහෝ හොඳය.

දැන් චන්දයක් ඉල්ලන්නේ මේ හාල්පාරුවෝ පිරිසය, තාම ඩෝප් නිසා විමල් වීරවංශ ඊයේ රැස්වීමට ආවේ නැතිය. මේ හිඟන සෙට්ටෙකට අමතරව උන්නේ 43 බ්‍රිගේඩ් එකේ කමඩාන් පාඨලී පමණි. මනෝ ගනේෂන් ඕන තැනක ඉන්න පොරකි.

ඔය එකෙකුටවත්, සජිත්ගෙන් කිසි දිනෙක නොමිනේෂන් ලැබෙන්නේ නැතිය. මොකෝ සජිත් කියන්නේ රණසිංහ ප්‍රේමදාසගේ පුතාය. රනිල් ප්‍රමුඛ පින්නවල අනාථාගාරේ අනාථ අලින්ට පිහිටට ඉන්නේ පෝට්ටු බයියෝ නිසා එයාලා එක්ක යන්නත් බැරිය.

උන්ට රෙද්දක් ඇඳගෙන පොහොට්ටුවේ ලිස්ට් එකට එන්නත් බැරි අතර, පෝට්ටු බයියන්ට රෙද්දක් ඇඳගෙන අරුන් ආයේ දාගන්නත් පුපේ අමාරුවක් ඇතයි කියා මාතලන් හිතන්නේ නැතිය. එමෙන්ම නාමල් රාජපක්ෂ, අප්පච්චි කෑ පරිප්පු හා කළ 🐄 වැඩ කරන්න යයි කියා හිතන්නේත් නැතිය.

ඒ නිසා දැන් පෝට්ටු බයියෝ කළ යුත්තේ වහාම චන්දයක් තියැන්නයි කියා රනිල්ට බල කිරීමය. එවිට පෝට්ටු බයියන්ගේ නැවත නැගිටීමේ වැඩ සටහනට වටිනා කමක්ද එකතුවන අතර,

රංගේ බංඩාරලාගේ කටවල් වැසී, මේ දේශපාලන හිඟන්නන්ට අත්වන ඉරණමද උන්ටම බලා ගැන්මට ලැබෙනු ඇත්තේය.

එමෙන්ම ජාත්‍යන්තරයට හා අපේ උන්ටද, රටේ ජනමතය ගැන වැටහීමක් ලැබෙනු ඇත්තේය.


ඒ වගත් මෙසේය.....

.

Oct 11, 2022

බොරුවෙන් රට වැනසේවී, ඔබටත් පව් පලදේවී.

 


මහ බැංකුවේ ලොක්කා කියන්නේ දැන් ආර්ථිකේ හොඳයි කියලාය. ඒ උනාට ඉන්ධන නැවකට ගෙවා ගන්න සල්ලි නැතිව දවස් ගානක් තිස්සේ අවුට් හාබර් එකේ පාක් කරලා තියෙනවාය. ඒ කියන්නේ මහ බැංකුවේ මහ එකා මහ දවල් ඇදබාන්නේ මහ බොරුය.

ලංකාවට එන ඇරොප්ලේන් වලට මෙහේ ගහන්න ගුවන් යාන තෙල් නැතිවත්, උන් කොහෙන් හෝ ගහගෙන මෙහේ එනවාය. සුද්දෝ හෙවත් ටුටුවරිස්ට්ලා පෝලිමේ එනකොට අරගල කාරයන්ටයි, වාමාංශික ලිබ්බන්ටයි, සජිත් ප්‍රේමදාසටයි කිරි පණු ගාය තද වෙනවාය.

උන්ට අවශ්‍ය වන්නේ මේ රට වැටුන වලෙන් ගොඩ ගැන්මට නොව, කාබාසිනියා කර දැමීමටය. ඒ නිසා නැවතත් ගෝල්ෆේස් එනවාය. මේවා ආරම්බයේදීම නවතා නොදැමුවහොත් සිඳුවන දෙය අමුතුවෙන් කියන්නට ලියන්නට ඕනෑ නැතිය.

අලුත්ම ෂෝ එක උද්ඝෝෂණ කාරයන්ගේ ලැක්චර්ස් පොලීසියටත්, පොලීසියේ ලැක්චර් උද්ඝෝෂණ කරනා මූසලයන්ටත් පවත්වන එකය. මේ විකාර නැතිව පෙලපාලි යන උන්ට බැටන් චාර්ජ් එක දුන්නාම වියදමත් අඩුය. කඳුළු ගෑස් වලින් ඇතිවන පීඩා ඇති වන්නේත් නැතිය. එමෙන්ම මේවාට  හැමදාම එන උන් ත්‍රස්තවාදය යටතේ අත් අඩංගුවට ගත යුතුය.

රට ගොඩ ගැන්මට රනිල්ට හැර වෙනත් කිසිඳු දේශපාලයකුට තබා මහ බැංකුවේ එකෙකුටවත් දැක්මක් හෝ වැඩපිලිවලක් නොමැති බව අවිවාදිතය. ඒ තබා අර්බුධය කුමක්දැයි කියන්නටවත්, අර්බුධයට හේතුව කුමක්දැයි කියන්නටවත් එකෙකුට හෝ අවබෝධයක් නොමැති බවත් අවිවාදිතය.

මේ රට ගොඩගැන්මට කප්පරක් ආයතන සමිති සමාගම් හෝ පුද්ගලයින් අවශ්‍ය නොවනා බව මාතලන්ගේ මතයයි. රණසිංහ ප්‍රේමදාස පන්නයේ හෝ මහින්ද රාජපක්ෂ මොඩලයේ එකාධිපතියකුට එය ඉතා පහසුවෙන් කළ හැකි බව මාතලන්ගේ මතයයි. 

ඔවුන් දෙදෙනාම මේ ආර්ථිකයට එක් කළ දායදයන්, විනාශයන්ට වඩා වැඩි බව මගේ මතයයි. 2008/09 ලෝක ආර්ථික අවපාතයක් යටතේ යුද්ධයකුත් සමඟ රට ගෙනගිය ආකාරයත්, යුද්ධයෙන් පසු අප මැදි ආදායම් රටක් බවට පරිවර්තනය වූ බවත් බොරු නොවේ. 

කරුමය වූයේ යහපාලන ආන්ඩුව මඟින් ඒ සියල්ල නවතා දැමීමත්, කිසිඳු මහා පරිමාණ යෝජනා ක්‍රමයක් ආරම්බ නෝකිරීමත්‍ය. ඒ ගැන අනන්තවත් ලියා ඇති නිසා නැවත ලියන්නට යන්නේ නැතිය. පෝට් සිටිය නවතා දැමීමත්, හබන්තොට වරාය චීනාට විකුණා දැමීම ඔවුන්ගේ ආර්ථික දැණුම කුමක්ද කියා ලෝකයටම පෙන්නුම් කළේය. ඒවාට මුල් වූයේද සිරිසේනගේ තීරණ වලට වඩා රනිල්ගේ තීරණයන්මය. ඒ දේශපාලන කුහක කම හේතුවෙන් රට විනාශ කිරීමේ ආරම්බයය.

වත්මන් ආර්ථික ගැටළුව ගැන අවබෝධයක් වත්මනෙහි රනිල්ට තිබුනද, ඒවාට විසඳුම් යෝජනා ඉදිරිපත් කර තිබුනද, ඒවා ක්‍රියාත්මක කිරීම පසෙක තිබියදි, පෙර පරිදිම කරන්නට යන්නේ, බයිලා ගසමින් කල් මැරීම බව කනගාටුවෙන් වුවත් කිව යුතුමය.

රටේ ප්‍රධානම ප්‍රශ්ණය ආර්ථික බංකොලොත්භාවයව තිබියදි, ඔහු දැන් කතා කරන්නේ 22 වන ව්‍යවස්ථාව, චන්ද ක්‍රමය, කොමිසන් සභා, ජන සභා වැනි වඳුරු කුණුහබ්බය. මේවා කරා කියා මිනිස්සුන්ගේ බඩ පිරෙන්නේ නැතිය.

ඔය කියන බඩකඩුත්තු ඔක්කෝම මේ රටේ නොතිබුන දෑ නොවේ. රට බංකොලොත් වූයේ ඔය සියල්ලම තිබියදි බව හැම එකාටම අමතකව ඇත. උන්ද රනිල් දෙන මේ දිරච්ච ලණු වල එල්ලෙමින් කල් මරමින් ආතල් එකේම සිටී. ඒ අතරේ රට හැදීම පසෙක තබා රනිල් කරන්නේ පක්ෂය හදන එකය.

ඒ අතින් මේ මළ සමයන් සියල්ල ප්‍රතික්ෂේප කරනා සජිත් ප්‍රේමදාසටත්, ජෙප්පන්ටත් අපේ ගෞරවය හිමි විය යුතු අතර, පාර්ලිමේන්තුවේ පෝට්ටු බයියන්ද කළ යුත්තේ, 22 පරාජය කර දැමීමය.

ඉන් පසු රනිල්ට බලකර කියා සිටිය යුත්තේ, බයිලා සමඟ මළ සමයන් නැටීම නවතා දමා  ආර්ථිකය ගොඩ ගැනීමට කටයුතු කරනා ලෙසය. 

අවම වශයෙන් රට ගොඩගැන්මට මෙතෙක් ගෙන ආ ඉතා පහසුවෙන් ක්‍රියාත්මක කළ හැකි, ඩයනා ගමගේ ගෙන ආ සරළ යෝජනා හෝ මහ පොළොවේ පැල කිරීමට රනිල් අසමත් වීම ඉතා අවාසනාවන්ත තත්වයකි.

අඩුම ගනනේ දැන් පෝලිමේ පැමිණෙන සංචාරකයන් හා දේශීය සංචාරකයින් වෙනුවෙන් නිශාචර ඉකොනමියක් ඇති කිරීම සඳහා, බාර් රාත්‍රී 12 දක්වාත්, රෙස්ටුරන්ට් පාන්දර 2- 3 දක්වාත් විවෘත කර තැබිය යුතුය. තවද ගල් බෝතලයට හා බියර් වලට ගහනා හෙන ගහනා බදු අඩු කළ යුතුමය.

එමෙන්ම ගංජා වගාව මෙන්ම ගංජා පානයද නීතී ගත කළ යුතුය. ටුබෑකෝ කොම්පැනිය හෙවත් දුම්කොල සමාගමට කියා සිටිය යුත්තේ ගංජා සිගරට්ටුවක් හඳුන්වා එය අපනයනය කිරීමද ආරම්බ කළ යුතු බවය. මන්ද ගංජා වලින් පිලිකා ඇති නොවනා නිසාය. ඒ ලැබෙන බදු මුදල් වලින් ආන්ඩුවේ උන්ගේ පඩි නඩි පවා ගෙවිය හැකි වන්නේය.

සතයක් හෝ වැය නොවී, කිසිවකුටත් ණය නොවී පහසුවෙන් ක්‍රියාත්මක කළ හැකි මෙවන් දේ හෝ නොකර වැල් බයිලා ගසමින් කල් මැරීමෙන් සිඳුවන්නේ සාගතයක් වෙත රට ගෙනයාම බව නොකියා සිටිය නොහැකිය. එවිට ව්‍යවස්ථාව හෝ ජන සභාව කෑවාට බඩ පිරෙන්නේ නැතිය.





Oct 7, 2022

ආදරෙයි සුදු මැණික බොක්ක පැලෙන්න...

 


ඇත්තටම සුදු මැණික මට ඔයාට තියෙන ආදරේ ලියලා දෙන්න වාලච්චනේ කරදයි පැක්ටේරියේ හදන කරදාසිත් මදි පැටියෝ. 

ඔයාගේ චරිතේ අල්ලලා මම නවකතාවක් ලියන්න පටන් ගත්තා ටික කලකට කලින්, ඒකේ කොටස් කීපයක් ලියලා වැඩේ නැවතුනා. ඒක අගය කරපු කීප දෙනා අතරේ Chanuka Waththegama ත් උන්නා. දැන් ඒක ලියන්න ඕන නෑ. හැමෝම දැනගෙන ඉවරයි වස්තුව.

අම්මපා හා බොරුද? ඔයා කරපු ව්‍යාපාරයේ මම කිසිම වරදක් දකින්නේ නෑ. ඇත්තටම පිටරට ඇදී යන සල්ලි මෙහේම රෝල් කරපු එක පට්ට වැඩක්. හැබයි ඔයා ඒවා පිටරට ගෙනිච්චද නැද්ද කියන්න දන්නේ නෑ මගෙ සත්තරන්. එහෙම කරා නම් ඒක වැරදියි. එහෙම ඉන්වෙස්ට් කරලා ප්‍රොෆිට් එක මෙහේ ගෙනාවා නම් අපි තරහා නෑ. හැබයි කොතනක හෝ අවුලක් වුනා නේ මැණික.

ඔයා කරපු ව්‍යාපාරය වැරදියි නම් දේශීය බැංකු කරන ව්‍යාපාරත්, ස්විස් බැංකුත්, පැනමා, සී ෂෙල්ස්, ඩුබායි, සිංගප්පූර්, හොං කොං වගේම දැන් බ්‍රිටිෂ් වර්ජින් අයිලන්ඩ්ස් වල කරන ආර්ථික මොඩල් ඔක්කොමත් වැරදියි.

අපේ හාල්පාරුවෝ කාල් මාක්ස්ගේ ප්‍රාග්ධනය කියන මෙලෝ රහකට නැති රෙද්දක් ගැන මරා ගනිද්දී, ඔයා මේ ලෝකේ තියෙන මොඩර්න්ම ඉකොනමිය මෙහේ ඇප්ලයි කරලා, අති සාර්ථකව කරගෙන ගිහින් තියෙනවා සුදු මැණික. දැන් මුළු ලෝකෙම දුවන්නේ මේ ආර්ථික මොඩල් එකෙන්. ඕකට අනුගත වෙන්න බැරි රටවලට කෙලවෙලාම යනවා. ඉර නොබසින අධිරාජ්ජෙටත් IMF එක වෝනින් දීලා තියෙන්නේ.

ඒ තමා කළු සල්ලි ආර්ථිකය. 

පැනමා පේපර්ස්වලින්, පැන්ඩෝරා පේපර්ස්වලින්, නම් එලියට ආවේ, ලෝකේ බලවත්ම පුද්ගලයන්ගේ, ඒ වගේම මෙහේ ගෝල්ඩන් කී එකෙනුයි, දැන්, සුදු මැණිකගෙ කේස් එකෙනුයි එලියට ඇවිත් තියෙන්නේ, ලංකාවේ මහා පොරවල් ලෙස පෙනී ඉන්න උන්ගේ නම් ගම්.

සුදු මැණික මම ඔයාට උන්ඩුකපුච්ඡයෙන්ම ආදරේ, ඔයා දඬුවම් මුදලාලි වගේ, සෝමා එදිරිසිංහ වගේ, කොතලාවල වගේ, සක්විති වගේ පොඩි මිනිහගෙ අර්ථසාධකේට, ෆන්ඩ් එකට අරින්නේ නැතිව, කළු සල්ලි කාරයොත් එක්කම ගේම ගගපු නිසා. ඒ අතින් ඔයා ග්‍රේට් මගේ වස්තුව. මොකෝ මහා සාගරෙන් දිය දෝතක් ගත්තට මහා සාගරේ අමුතුවෙන් හඬා වැලපෙන්නේ නෑ. මහ මුහුදට ලැජ්ජා හිතුනොත් මිසක්කා.

ලංකාවේ බ්ලැක් මනී මාර්කට් එක අනාදිමත් කාළයක ඉඳන් තිබුනත්, ඕපන් ඉකොනමි එකෙන් හැඳුන ලුම්පන් ධනපති පන්තියට ඒක ඔෆීෂියල් කරේ, ඒ කාළේ ලාංකීය ආර්ථිකයට නවීන දේ එකතු කරපු කොතලාවලම තමයි. ඒ ගෝල්ඩන් කී එකෙන්. ඒකේ ගෙවපු පොලිය වැඩියි. කරපු ඉන්වෙස්ට්මන්ට් ගොඩාක් කලේ පිටරට, ඉතින් රෝල ලස්සනටම කරගෙන ගියා.

ඇත්තටම ගෝල්ඩන් කී වත්, දඩුවම් මුදලාලිවත් වැටුනේ නෑ. වැට්ටුවා. ඒක කාගේ ගේමක්ද කියලා හැම එකාම දන්නවා. කොතලාවල වගේ බිස්නස් කාරයෙක්ට ඇරලා අද ඒ සෙට්ටකම විඳවනවා. කරුමෙට රටටත් විඳින්න වෙලා තියෙනවා. ගෝල්ඩන් කී එක හරියට කරගෙන යන්න දුන්නා නම්. අද මෙහෙත් බ්ලැක් මනී පාරාදීසයක්. අපේ ගොබ්බයන්ට එච්චර මොළයක් තාම නෑ මගෙ මැණික. 

මොළේ පෑදෙන්න වලක වැටෙන්න ඕනය කිව්වට සුදූ, වලේ වැටිලත් අපේ උන්ට ගොඩ එන්න මොළේ පෑදිලා නෑ. උන්ට ගොඩ එන්න කිසිම ප්ලෑන් එකකුත් නෑ. තියෙන ඒවට කෙල කෙල මහ බැංකුවේ මහ එකා පාඩු පිට පාඩු ලබන ආයතනවල පිං පඩි ගෙව ගෙව ඒවා නඩත්තු කරගෙන යනවා. ඒවා රීස්ට්‍රක්චරින් හරි විකුණලා දාන්න හරි මෙලෝ වැඩ පිලිවලක් පොරට නෑ. බන්ධුල ගුණවර්ධන වගේම පොත්වල තියෙන තියරි කියෝනවා, ටයි කෝට් දාලා ඇවිත් මයික් ඉස්සරහට වෙලා.

ඔයාට කෙලවුනේ හෝ කෙලෙව්වේ ගෝල්ඩන් කී එකට දීපූ ගේමක් වගේම ගේම් එකක් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි මැණික. නැතුව ඔයා ගේමක් දුන්නා නම් මෙහෙම මාට්ටු වෙන්න දෙන්නේ නෑ නේ. 

ඒත් සුදූ පොඩි සැකයක් එන්නේ ඔයාගේ බිස්නස් ට්‍රික්ස් හෙවත් බිස්නස් ස්ට්‍රැටර්ජිය නිසා. ඒවා නම් ක්ලැසික් ගේම්. හැබයි ඉතින් එහෙම පිම්පියෝ හා VVIP ගනිකාවන් නඩත්තු කරපු එකත් ඉස්තරන් සත්තරන්. එහෙම නැතිව ඔය බිස්නස් කරන්න බෑ. ඒක වෙනම කතා කරන්න ඕන ටොපික් එකක්. අපේ ඩයනා මැඩම්ගේ නිශාචර සමාජය, තඩි ප්‍රියන්තගෙ කොලපාට සමාජය, ඒවා තමයි සුදු මැණික අපෙත් සිහිණ.

මට  ඔක්කෝටම වඩා ඔයාට පුදුම ආදරයක් ඇති වුනේ, මෙච්චර කල් රාජපක්ෂලා හොරුයි කියාපු සාධු සමාජයේ උන් හරි හම්බ කරලා තියෙන්නේ කොහොමද කියලා රටට පෙන්නපු එකට. මුන් ගහන්නේ සම්මා ගැහිලි කියලා පෙන්නපු එකට. විප්ලව කරන්න යන උන් සුපිරි ව්‍යාපාරිකයෝ කියලා පෙන්නුවට, විහාර මහා දේවිලා සල්ලිවලට එයාලගෙ පූසන්ට වටිනාකමක් එකතු කරපු හැටි පෙන්නුවට, උන් මිනිස්සු බ්ලැක් මේල් කරන හැටි පෙන්නුවට, සිස්ටම් චේන්ජ් කරන්න ගියපු හැම එකාම, නම්බර් වන් බ්ලැක් මනී වලින් ජීවත් වෙන උන් කියලා පෙන්නුවට.

ඔයාට මහ ලොකු දෙයක් කරන්න මේ රටේ නීතියට බෑ. ඒ ගැන වැඩියේ ලියන්න බෑ. ඒ ගැන ලියන්න ගියොත් මට ඇතුලේ ගිහින් නවතින්න වෙන්නේ සුදූ. අනික මගේ ප්‍රජා අයිතියටත් කෙලවෙලාම යනවා සුදු මැණික. ඊට පස්සෙ මේ වගේ ලව් ලෙටර් එකක්වත් ලියන්න බැරි වෙනවා.

ඔය පොඩි පොඩි වැටීම් තිබුනට ඒවට සැලෙන්න එපා. අනික මේක හොරකමක් නෙමේ නේ, රටක්ම බංකොලොත් වෙච්චි වෙලේ, ව්‍යාපාරයක් බේරෙන්න විදියක් නෑ නේ රත්තරන්. අපේ උන්ට සති දෙකෙන් ඔක්කොම අමතකයි...

අනික නාගනන්ද වගේ සර්ව සාධාරන එකෙක් ඔයා වෙනුවෙන් උසාවිය කොර කරයි....

ඔයාට බුදු සරණයි සුදු මැණික..!!!

බුදුන් සරණ ගිය කෙනෙකුට කවදාවත් වරදින්නේ නෑ මගෙ රත්තරන්...

Oct 5, 2022

පාර්ලිමේන්තුවේ ත්‍රස්තවාදී නියෝජනය

 


පේරාදෙණිය විෂ විජ්ජාලයේ ගෙම්බා කැන්ටිමේ මිලේච්ඡ නවකවද සීන් එක, වින්දිත පාර්ෂවය විසින් වීඩියෝ ගතකර සමාජ මාධ්‍ය තුල පලවීමෙන් පසු, වහතු නාලිකාවල ප්‍රවෘත්ති වලද ප්‍රචාරය වූවත්, සමාජයේ ඒ පිළිබඳ කතිකාවක් ඇති නොවුනේ, මෙයත් වාර්ෂිකව නොකඩවා නොවරදවා පැවැත්වෙන බයිලාවක් වී ඇති නිසාය.

විෂ විජ්ජාලේ ආචාර්‍ය මහාචාර්‍යවරු සුපුරුදු පරිදි වැඩේ සැටල් කර පැය දෙකක් යන්නටත් මත්තෙන් ඊටත් වඩා දරුණු ප්‍රහාරයක් එල්ල වුවත්, ශුක්‍රාණූ කෑ රිලවුන් සේ කට පුප වසාගෙන උන්නේ, ආචාර්‍ය මහාචාර්‍ය වරුන්ගේ ආධිපත්‍යයද පවත්වාගෙන යනු ලබන්නේ, මේ මිලේච්ඡ ශිෂ්‍ය සංවිධාන වල සාදර අනුග්‍රහයෙන්ම නිසාය.

එහෙත් වෙනදා මෙන් නොව මෙවර උන්ටද කෙල වී ඇති නිසා, ප්‍රශ්ණය පාර්ලිමේන්තුව දක්වාම පැමිණිලා තියෙනවාය. පෙරාදෙනිය අන්තරේ මහ එකා කෙලින්ම මරණීය තර්ජන එල්ල කර ඇතත්, එයත් මාධ්‍යට සැර බාල කර පැවසීමට තරම් උන් අරුන්ට බයය. ඔය මොන බයිලා ගැහුවත්, මෙවරත් එකෙක් දෙන්නෙක් මරා දමා ඔය වැඩේ ඔතනින් යට යනවාමය.

ඒ  මන්ද යත්, විෂ විජ්ජාලවල පොරවල් වී ඇති ආචාර්‍ය මහාචාර්‍ය වරුන් සියල්ලම මේ මිලේච්ඡයින් මෙහෙයවන දේශපාලන පක්ෂ දෙකේ සමාජිකයින් වීම නිසාය. උන් සියල්ලෝම සමාජයෙ පහළ ස්ථරවලින් පැමිණි හීනමානකාරයෝ නිසාය. උන් හිතන්නේ උපාධිය තරම් ලොකු දෙයක් මේ ලෝකේ ඇත්තේ නැතයි කියලාය. ඒ නිසා ඕක උන් ඇතුලෙන්ම සෙටල් කර ගන්නවාය.

මිලේච්ඡයින් විෂ විජ්ජාල තුල නවකවදය ජයටම කරගෙන යද්දි, මුන්ගේ ආශීර්වාදය, සාදර අනුග්‍රහය මෙන්ම සහයෝගයද ඔවුන්ට ලබා දෙන්නේ සමාජයේ වෙනත් මාතෘකාවන් ගැන කතා බහක් ඇතිකරමිනි. අතීතය හොඳින් නිරීක්ෂණය කළහොත් හැමදාම සිඳු වී ඇත්තේ එයමය.

මෙවර නවක වදය යට ගසන්නේ Thamalu Malitha Piyadigama කාල් මාක්ස්ගේ දස් කැපිටාල් කියෙව්වේ කොහොමද කියලාය. 

මේ මිලේච්ඡයින්ට සම්පූර්ණ දේශපාලන රැකවරණය සපයන්නේ පෙරටුගාමී පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ බව මොන්ටිසෝරී යන එකෙක් වුවද දන්නා කාරනයක්‍ය. එහෙත් සැමදාම උන් කියන්නේ... අනේ අපි ඕවට නෑ.... ඕවා කැත වැඩ... ඕවා දැන්වත් නවත්තන්න ඕන කියලාය.. ඒ සමාජයේ අනුකම්පාව දිනා ගැන්මටය. 

එහෙත් සමාජයේ ඉන්නා සාමාන්‍ය මිනිසුන් මුන්ගේ කෙප්ප ගිලින්නේ නැති බව චන්ද ප්‍රතිඵල වලින් සැමදාම දුටුවත්, කැම්පස් අම්බරුවන් අරුන්ගේ ලණු කා, උන්ගේ කාඩරයට එක් වීමද සැමදාම සිඳුවේ. පාර දිගේ උද්ඝෝෂණ වලට පෙලපාලිවට දක්කාගෙන එන්නේ මේ අම්බරුවන් පිරිසය.

ජෙප්පෝ හා පෙරට්ටෝ මේ ත්‍රස්තවාදී මිලේච්ඡයින්ට නායකත්වය දුන්නද, එය ප්‍රසිද්දියේ ප්‍රකාෂ කිරීමට තරම් කොන්දක් උන්ට ඇත්තේ නැතිය. දැන් මේ ත්‍රස්තවාදී මිලේච්ඡයින්ට නායකත්වය දීමට එකෙක් නොව දෙදෙනෙක්ම ඉදිරිපත්ව සිටී.

ඒ සජිත් ප්‍රේමදාස හා සරත් ෆොන්සේකා වෙල් විදානේය. දෙන්නා අතර නායකත්වට වෙනම තරඟයකි.

ඊයේ අධිකරණ නියෝග අනුව තංගල්ල බන්ධනාගාරයේ රඳවා සිටිනා මිලේච්ඡ ත්‍රස්තවාදින් තිදෙනෙක් ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්නට ගොස් සජිත් නම් ගොබ්බ නායකයා හත් පොලේම ගාගත්තේය. 

පෝට්ටු බයි නියෝජිතයෝ පොරගේ රෙදි ගලවා කටේ ඔබා කට උත්තර නැති වෙන්නටම දුන්නේය.

අනිකා හෙවත් වෙල් විදානේ, දැන් අන්තරේ නායකත්වය රැගෙන ඇත. පොර මින් පෙර සිඳු වූ සෑම කඩාකප්පල්කාරී ක්‍රියාවකදීම, ඒ සෑම ස්ථානයටම පැමිණ, වාහනයක් තුල සිට ඊට නායකත්වය දුන් බවට මේ වන විට තොරතුරු ලැබෙමින් පවති. ඝෝඨා එලවා දැමීමේ දින එම මෙහෙයුමටද නායකත්වය දී ඇත්තේ මොහු බවට බුද්ධි අංශ වෙත කරුණු වාර්ථා වී ඇත.

ඒවා පසෙක තිබියේවා, පෙරේදා කැළණිය විෂ විජ්ජාලේ රැලියකට එක් වෙමින් මොහු ප්‍රසිද්ධියේම ප්‍රකාෂ කළේ කැරැල්ලක් තුලින් මේ පාලනය පෙරලා දැමිය යුතු බවය. එපමණක් නොව එහි රාජකාරි කළ පොලිස් නිළධාරීන්ටද තර්ජනය කලේ ආවම බලා ගමු කියලාය.

මා දන්නා පරිදි පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම දේශපාලුවෙක්ම රටේ නීතිය හා සාමය ආරක්ෂා කරන බවටත්, ව්‍යවස්ථාව සුරකින බවටත්, පොරොන්දුවක් ලබා දෙන්නේය.

එය එසේ නම්, මේ කලවැද්දා දැන් කරමින් ක්‍රියා කරමින් සිටින්නේ ඒ සියල්ලට එරෙහිව ත්‍රස්තවාදයෙන් බලය ලබා ගැනීමටය. ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් මෙවන් ත්‍රස්තවාදීන්ට පිස්සු කෙලීමට දෙන්න ගියහොත් වෙන්නේ රට නැවතත් අරාජිකත්වයක් කරා ගෙන යෑමය.

මෙවන් ත්‍රස්තවාදින් පාර්ලිමේන්තුවෙන් එලවා නොදැමුවහොත්, මුන් පාර්ලිමේන්තුවට නැවතත් බෝම්බ ගසනා දිනය හෝ එය 🔥 තබනා දිනය වැඩි ඈතක නොවනු ඇත.  

ඕනෑවට වඩා ප්‍රජාතන්ත්‍රවාදය භුක්ති විදින්නට දී බටර් නැතුවම ඇරගත් ඝෝඨා සේ, පාර්ලිමේන්තුවේ උන්ටත් ඊට එහා පරිප්පවක් කන්නට වෙන දිනයද වැඩි ඈතක නොවේ.


ඒ වගත් මෙසේය...

Oct 3, 2022

ඇඩම් ස්මිත්ගෙන් කොපි කර, අපේ උන් ඇට පිටින් ගසා ආතල් ගන්නා, මාක්ස්ගේ දාස් කැපිටල්.




ඇඩම් ස්මිත්ගෙන් කොපි කර,

අපේ උන් ඇට පිටින් ගසා ආතල් ගන්නා,

මාක්ස්ගේ දාස් කැපිටල්.

➖➖➖➖➖➖➖➖▪️▪️

By - Rohan Cooray

 ගොඩක් උන් කල්පනා කරන්නෙ නෑ...ඇඩම් ස්මිත්ගෙ wealth of nations කියන ආර්ථික දේශපාලන විග්‍රහය නැත්නම් ....කාල් මාක්ස් das capital අවුරුදු 150 කට විතර පස්සේ ලියන්නෙත් නෑ කියලා ....පල්ලිය සහ ප්‍රභුන් කිහිප දෙනෙක්ගෙ පාලනයෙ තිබුන ආර්ථිකය ඇඩම් ස්මිත් නිදහස් කරගෙන ඒක මිනිස්සුන්ට දුන්නම මාක්ස් ඇවිත් ඒක කම්කරැවන්ට දුන්න.

Workers ability, division of labor and machine කියන ඇඩම් ස්මිත්ගෙ දේශපාලන ආර්ථික narration එක මාක්ස් කියවල තියෙන්නෙ තමන්ගෙ කාලෙට සාපේක්ෂව මිසක් 18 වන සියවසේ හිටපු ඇඩම් ස්මිත්ගෙ කාලයට සාපේක්ෂව නෙවි කියලා ගොඩක් උන් අමතක කරනවා.

Wealth of nation and Das Capital කියන්නේ කොහොමත් political economics narrative එකක්නෙ... Financial economics නෙවිනේ. Adam smith කරපු narration එක කාල් මාක්ස් පැහැදිලි කරන්නෙ දේශපාලනිකව නේ.

ඇඩම් ස්මිත් මුලිකවම පැහැදිලි කරන්නෙ 

1) පුද්ගල අභිමතාර්ථ සමාජීය අවශ්‍යතා සපුරාලියයුතු බව, 

2) මේ පුද්ගල අභිමතාර්ථ සෑමවිටම මෙහෙයවන්නෙ නොපෙනෙන වෙළෙඳපොළ ඉල්ලුම සහ සැපයුම විසින් කියනඑක සහ එමඟින් ආර්ථික දියුනුව සහ සෞභාග්‍යය ලඟාකරගත හැකිබව;

3)  ශ්‍රම විභේදනය සහ පුද්ගල අභිමතාර්ථ අතර අන්තර් යැපිමක් සිදුවනබව එමඟින් වෙලඳ්පොල යාන්ත්‍රනය පණගැන්වෙනබව;

4) ඉල්ලුම සහ සැපයුම් කියන වෙළෙඳපොළ යාන්ත්‍රනය සඳහා රාජ්‍ය මැදිහත් වීම සිදුනොවියයුතු බව එය නිදහසේ පැවත්වීමෙන් පුද්ගල අභිමතාර්ථ සාක්ශාත් වීමෙන් සමාජීය අවශ්‍යතා සාක්ශාත් වෙනබව;

5) රාජ්‍ය මැදිහත්වීම සිදුකලයුතු වන්නෙ රටේ ආරක්ෂාව, නිතිය ක්‍රියාත්මක කිරිම සහ පොදු සේවා ක්‍රියාත්මක කිරිම සඳහා පමනක්බවත් (අධ්‍යාපන සහ සෞඛ්‍ය....)

මේ දවස්වල NPP එක වැඩිපුරම කියන්නෙත් ඔයවගෙ කතාවක් නේද?.

ඔව්. NPP එක wealth of Nation එකේ පිටු ඉරාගෙන ගිහින් මොනාද බයිලයක් කියවනව...

ඇත්තටම ඇඩම් ස්මිත්ගෙ බලවත්ම උපකල්පනය වගේම යථාර්ථය තමයි අපේ පුද්ගල අභිමතාර්ථ පවත්වාගෙන ‍යන්න නම් අපිට සමාජීය අවශ්‍යතා සමඟ බද්ධවෙන්න වෙනව කියන එක. ස්මිත් මේක 18 වන් සියවසෙ උදාහරණයක් අරගෙන පැහැදිලි කරනවා... 

ඔහු කියනව...ඔබ පාන් හදන බේකරි හිමියෙක් නම් ඔබට ඔබගෙ ඇඳුම් අවශ්‍යතා සඳහා tailor කෙනෙක්ගෙ සේවාවත් අවශ්‍ය වෙනව කියන එක. මොකද ඔබ ඇඳුම් මැසිම පිලිබඳ විශේඥයෙක් නොවන නිසා.  මං ඔන්න ඔය කාරනය නිසා තමයි ස ගෙ කාලෙදි පෝච්චියෙ ඇට පැලකරන්න අකමැති වුනෙ.

මාක්ස් division of labor කියවල තියෙන්නෙ trade union කාරයෙක් විදියටද කොහෙද. 

පොරට එක්කො ස්මිත්ගෙ division of labor කියන එක තේරිල නෑ. නැත්නම් ඕනෑකමින් එහි ඇත්ත කතාව නොකියා ඉන්නව..මාක්ස් ඕක පැහැදිලි කරන්න හදන්නෙ ඉංදියාවෙ තිබුන කුලවාදයත් එක්ක කියලා මට නම් හිතෙන්නෙ....එතනදි තමයි ස්මිත්ගෙ original ideology එක වෙනස් වෙන්නෙ.

ස්මිත් තව කියනවා thrift එක එහෙම නැත්නම් ණය දිමෙ/ගැනිමෙ අනයොන්‍ය උපකාරකිරිම, මහන්සි වී වැඩකිරිම සහ එමඟින් සෞභාග්‍යය සහ පුද්ගල අභිමතාර්ථ ලඟා කරගැනීම ගැන. ලංකාවෙත් thrift society තිබුනනෙ...එහි හරය අරගෙන තමයි ඔය "සමූහ ගොවිපොලවල් විදියට මාක්ස් කතාකරේ...

ස්මිත්ගෙ බොහොම ජනප්‍රිය උදාහරණයක් තමයි...මස් කඩේ කරන මනුස්සය මස් විකුණන්නෙ සමාජ සේවයක් ලෙස නොව, කිසියම් ලාබයක් ලැබිමේ චේතනාවෙන් සහ එම ව්‍යාපාරය දිගටම පවත්වාගෙන ‍යාමෙ අභිප්‍රායෙන් කියන එක. එතනදි පාරිභෝගිකයන් කිසියම් මිලකට ඒක මිලදි ගන්නව නමුත් එය සමාජීය අවශ්‍යතා වලට සහ බැඳීම්වලට හානිවෙනව නම්, අන්න එතනදි රාජ්‍ය මැදිහත් වෙලා එය නියාමනය කරන්න ඕනෙ කියන එක. ඒ කියන්නේ මස් සඳහා සතුන් මැරිම, එම මස්වල ගුනාත්මක් බව, අපද්‍රව්‍ය බැහැර කිරිම, අසීමිත මිල පාලනය වගේ කරැනුවලට රජයට මැදිහත්විය හැකියි කියන එක.

අනිත් උදාහරණය තමයි ස්කොට්ලන්තයේ වයින් නිශ්පාදනය. ඔහු කියන්නේ ස්කොට්ලන්තයේ මිදි වයින් හදන එකට වඩා ලාබයි ස්කොට්ලන්තයට ප්‍රංශයෙන් වයින් මිලදි ගන්න එක. මොකද ස්කොට්ලන්තයේ කාලගුණයට ඔබින්නෙ කොට්න් නිශ්පාදනය මිස මිදි වගාව නෙවි කියන එක. මොකද මිදි වයින් හදන්න ස්කොට්ලන්තයට මිදි වගාකරන්න යන වියදම ප්‍රංශයෙ මිදි වගාකරන්න යන වියදමට වඩා අධිකයි. මේ කියන්නේ competitive advantage නැත්නම් තරඟකාරි සාපේක්ෂ වාසිය...

මේ දේවල් කිව්වෙ ඇඩම් ස්මිත් මීට වසර 246 කට පමණ පෙර කියන එක අමතක කරන්නත් එපා...එවිට කාර්මික විප්ලවයෙ එලිපත්තෙ තමයි යුරෝපය සහ ඇමරිකාව හිටියෙ...මාක්ස් කිව්වෙ කාර්මික විප්ලවය තදින්ම ක්‍රියාත්මක වෙන අවධියක. ඔහු කතාකරේ labor exploitation ගැන ස්මිත්ගෙ division of labor කියන සංකල්පය ඔස්සෙ ඔහු සිටින වටපිටාවෙන් .

මොකද කුලය කියන්නේ උපතින්ම එනදෙයක් කියලා මාක්ස්ට අමතකවෙලා..නමුත් ස්මිත් කිව්වෙ කුලයක් ගැන නෙවි..ඔහු කිව්වෙ කෙනෙකුට හැකියාව තියෙනව නම් ඔහුට කිසියම් භාන්ඩයක් පුද්ගල අභිමතාර්ථය සඳහා නිශ්පාදනය කරලා ඒකෙ අතිරික්තය වෙළෙඳපොළට නිකුත් කිරිමෙන් ඔහුටත් සමාජයටත් ඉන් ප්‍රථිපලදායක බව.


ඇත්තටම ලංකාව වගේ යටත්විජිත රටවල පැවති කුලය අනුව සිදුවු රාජකාරි ක්‍රමයට පවා influence වුනෙ 1776 ඇඩම් ස්මිත්ගෙ කියවීම...සහ යුරෝපයෙ ඇතිවුන කාර්මික විප්ලවයෙ ආරම්භක අවධිය...කෝල්බෲක් කැමරන් ප්‍රතිසංස්කරණ ඉදිරිපත් වෙන්නෙම ලංකාවෙ තිබුන division of labor based on caste කියන එක නැති කරන්න. මේව ලොකු සාකච්ඡා..පොඩ්ඩක් කෙටියෙන් කිව්වෙ 😊 ඒවා නැති වුනේ නැත්නම් මං තාම බිලි කොක්කක් ගහං මාලු බාන්න මුදු යනවා 🤣