.

.

Oct 30, 2020

ඇදගෙන නානා සෞඛ්‍ය බලධාරියෝ


කොවිඩ් වසංගතය සමාජගත වී ඇත්දැයි තවම කියා අප තවම දන්නේ නැත. මොකෝ ඒ ගැන ඔෆීසියල් නිවේදනය තාමත් සකස් කරමින් තිබෙනවා විය හැකිය.. එය ප්‍රකාෂයට පත් කල යුත්තේ සෞඛ්‍ය බලධාරීන් මිස වෙනත් කිසිවකු නොවේ.

හමුදාව හා පොලීසිය විසින් කලේ.., සෞඛ්‍ය බලධාරීන් ගත් තීන්දු තීරණ ක්‍රියාවට නැගීම සඳහා විශේෂ සහායක් ලබා දීම පමණි. එම කාර්යය ඔවුන් විසින් අදත් ඔවුන්ට හැකි උපරිමයෙන් ක්‍රියාත්මක කරනා බවත් ඔවුනට උපහාරයක් ලෙස සඳහන් කල යුතුමය.

එහෙත් සෞඛ්‍ය බලධාරීන් කරන්නේ තමන්ගේම එකිනෙකාට දොස් පවරා ගැනීම හා මෙලෝ රහක් නැති තීන්දූ තීරණ ක්‍රියාත්මක කොට අදෙගන නාගන්න එකය. දෙවනි රැල්ලේ මුල සිටම ඇදගෙනම නා ගන්නේ ඒ නිසාය.

තත්වය කෙතරම් වර්චස් වී ඇතිදැයි කිවහොත්.., රෝහල්ගත් ආසාදිතයින් පවා නිවෙස් වලට පිටත් කිරීම්ට කටයුතු යොදනා බවටත් වාර්ථා වේ. ඒ ඊළඟ ඇදගෙන නෑමය.

පළමු අවස්ථාවේ උන් සෞඛ්‍ය අංශයේ ප්‍රධාන චරිත දැන් ඇත්තේ නැතිය. දැන් ඉන්නා උන් මෙලෝ රහක් නැතිය. කලින් සිටි පිරිස, වගකීම් තමන් වෙත පවරා ගත් අතර, දැන් ඉන්නා උන් කියන්නේ ජනතාව මීට වග කිව යුතු යැයි කියලාය…

සෞඛ්‍ය අමාත්‍යශය කියන්නේ එකකි. බෝවන රෝග පිලිබඳ ලොක්කා කියන්නේ තවත් එකකි. වෛද්‍ය සංගමය කියන්නේ තවත් එකකි. ගොම සංගමය තා මොකක්දෝ එකක් කියති. එයාලා කියන එවා කරන්න මොන්ටිකාලෝ ආන්ඩුවටත් බැරිය.

සියල්ලෝ එකිනෙකාට දොස් පවරා ගනිති. මාධ්‍ය කාරයෝ ඒවා විකුණාගෙන කති. ඒ ඒ චැනල්වලට අරක්ගත් වෛද්‍ය භූතයෝ වෙන වෙනම වෙත්…

සියල්ලෝම වීරයෝ වීමට දඟලති. ඇත්ත කියන්නේ මොකාද හා ඇත්ත මොකක්දැයි කියා මිනිස්සු පුක කස කසා කල්පනා කරති.

එහෙත් මේ අවස්ථාවේ ජනතාවට ලබා දිය යුත්තේ එක පනිවිඩයකි.

ආන්ඩුව ඊට මැදිහත්ව එක් ප්‍රකාෂකයකු පමණක් නම් කළ යුතුමය.

ප්‍රජාතන්ත්‍රවාදයත් ඕනාවට වඩා ඕනෑම නෑ කියා අප කියන්නේ මේ නිසාය. අද ඒ පරිප්පුව ප්‍රජාතන්ත්‍රවාදී රටවල් කමින් සිටී….. නිකං නොව ඉල්ලාගෙනම කමින් සිටි…

ප්‍රංශයේ බුද්ධිමත් ජනතාව විසින් පරීක්ෂා කිරීම සඳහා, එහේ ජනාධිපතිගේ මොළේ ඉල්ලන්නේ ඒ නිසාය.

එකිනෙකාට හිතෙන හිතෙනා දේ කීමේ හොඳම උදාහරණය බස්නාහිර පලාත ලොක් ඩවුන් කිරීමේ නිවේදනයයි.

සමාන්‍යයෙන් දීර්ඝ සති අන්තයක් පැමිණි විට මිනිසුන් කොළඹින් පිටත් වීම මේ මොහොතේ සිඳු වූ දෙයක් නොවේ. එය දැන් අපේ කල්ට් එකකි. සිකුරාදා දිනය නිවාඩු දිනයක් නම් බ්‍රහස්පතින්දා සවස් වන විටම කොළඹ නඟරය පාලුවට යන්නේත්.., මාතර එක්ස්ප්‍රස් වේ පිරී යන්නෙත්…, නුවර පාර බ්ලොක් වෙන්නේත් අදක ඊයෙක නොවේ.

එමෙන්ම කතරගම, නුවර එළිය හා මෑතක සිට ඇල්ල ප්‍රදේශයද එවන් සති අන්තයක ජනතාවගෙන් පිරී පවති. ඉහළම පන්තියේ පිරිස් පවා විදේශ ගත වීමට නොහැකි බැවින්.., තරු පන්තියේ හෝටල් වලට වැදීම සාමාන්‍ය දෙයකි.

එවන් තත්වයක් තුල කළ යුතුව තිබුනේ බදාදා මධ්‍යම රාත්‍රියේ සිටම බස්නාහිර පලාතෙන් පිටවීම සම්පූර්ණයෙන් අහුරා දමා බ්‍රහස්පතින්දා දිනයේ අත්‍යාවශ්‍ය භාන්ඩ මිළ දී ගැනීමට පහසුකම් සලසා සිකුරාදා සිට ඇඳිරි නීතිය දැමීමයි. මෙය ඉතා පහසුවෙන් කල හැකිව තිබූ දෙයකි.

එහෙත් කළේ කුමක්ද.. සිකුරාදා සිට වසා දමන බව පමණක් නිවේදනය කිරීමයි… සියල්ලෝම බ්‍රහස්පතින්දාම කොළඹින් පිටත් උනේ වෙනදා පුරුදු විදියටමය…

කල ගොන් කම තේරී බලධාරින්ගේ ඉහ මොළ රත් උනේ එක්ස්ප්‍රස් වේ එක හා නුවර පාරේ වාහන ටික පිරෙනා විටය…

අප රටේ සිටින්න්නේ මෙවන් සුළු දෙයක් ගැන හෝ අවබෝධයක් නැති තකතීරූ නිළධාරින් බව මෙවරත් මොනවට පසක් කළේය..

මේ වාගේ නිළධාරින් එක්ක සෞභාග්‍යයේ දැක්ම කෙසේ වෙතත්.., සිඳුවන්නේ සියල්ලෝම විහිළු කාරයන් වීම පමණමය…


ඒ වගත් මෙසේය…



Oct 28, 2020

ගුඩ් බායි පොම්පියෝ....!!!



පොම්පියෝ ඇවිත් ගියේය.. පිම්පියෝ සියල්ලම නෝන්ඩි උනේය… චීනාට තිබූ පිලිගැනීම උන්නැහේට තිබුනේ නැතිය.. මහින්ද මහත්තයා කාමරේට දාලා නෙලයි කියනා බයට, උන්නැහේ හම්බ වෙන්න ගියෙත් නැතිය.. කොහොමත් මහින්ද මහත්තයාට ඇමරිකාව ගූ බයය…

මහින්ද රාජපක්ෂ ගෙදර යවන්න ඇමරිකාව සෑහෙන වැඩ කොටසක් කලේය… ඒ සටනේ ජෙප්පන්ද උන්නේය.. ජෙප්පන්ට සල්ලි දුන්නා කියා ජෝන් කෙරී කෙලින්ම කීවේය… එයාලා 2010 දීත් ෆෝන්සේකාට අත දිගහැර වියදම් කලේය… ඒ රාජපක්ෂලා නාහෙට අහන්නේ නැති උන් නිසාය…

පිම්පියෝ සෙට්ටෙක බලාගෙන උන්නේ ඇමරිකන් ෆෝසස් ලංකාවට එනකන්ය.. ඒ ඇවිල්ලා හම්බන්තොට වරායේ ඉන්නා චීන්නුන්ට කෙලිනකන්ය.. ඒත් මේ මොහොත වන විටත් අඩු ගානේ සිල්වෙස්ටර් ඉස්ටැලෝන් හෝ ආර්නෝල්ඩ් සුභසිංහ හෝ සුපර්මෑන් හෝ කැට් වුමන් වත් ඇවිල්ලා නැතිය…

සම හරක් කියන්නේ ඕන බලහන් එහේට ගිහින් එහේ ඉඳන් මිසයිලයක් එවන්න ඉඩ තියෙනවා කියලාය…. මානසිකව ඇද වැටී සිටිනා සිහිණ ටොයියන් හා 3% ජෙප්පන්ගේ සුන්දර සිහිණයන් එසේය….…

MCC අස්සන් කොලේත් නැතිය.. අඩු ගානේ ද්වීපාර්ෂවික ගිවිසුමක් අස්සන් කල බවක්කත් නැතිය… හරියට ගෙදර යන ගමන් සීනී පන්සීයක් ගන්න සතොසට ගොඩ උනා වාගේය…

ඔතන ඔය සියල්ලටම වඩා වටිනා දෙයක් තිබෙන්නේය… ඒ වෙනද එන හැම වාහේම හම්බ වෙන්න යන සම්බන්ධන් හෝ විපක්ෂ නායකයා හමු වෙන්නට නොයාමය…

මුන්ගෙන් සත පහක වැඩක් නැති බවත්…, ඉන්නේ රාජපක්ෂලාම ඉතරක් බවත් දැන් මුළු ලෝකයම දන්නවාය.

ජෙප්පන්ගේ උද්ඝෝෂණයත් ඇමරිකාවෙම වැඩක් බව කනින් කොනින් ආරංචිය එන්නේය. ලැබුනේ ලොකු කුට්ටියක් බවත් ඒ නිසා නායක මට්ටමේ උන් පමණක්ම ඊට සහභාගී වී හොඳ හිත පෙන්වූ බවත් කනින් කොනින් වාර්ථා වුවත් ඇත්තටම සිද්ද උනෙත් ඒ දේය.

අපේ මී හරක් හිතාගෙන ඉන්නේ ඇමරිකාවේ පොම්පියෝ ඔක්කෝම වැඩ නවත්තලා ලංකාවටම ආවා කියලාය… එයා මෙහේ එන්න කලින් ඉන්දුනීසියාවට හා ඉන්දියාවට ගියේය… මෙහෙන් ගියේ මාලදිවයිනටය..

මේ එන්නේ චීනා බය කරන්නටය… චීනා උන් පයිසෙකට මායිම් කරන්නේ නැතිය… ඒ පිළිබඳ හොඳම උදාහරනය ලංකාවේ චීන තානාපති කාර්යාලයේ නිවේදනයය..

චීනයේ ණය උගුලක් ගැන කතා කලාට ලෝකයේ ලොකුම ණය කාරයා ඇමරිකාවය.. ඒ ණය ගෙවන්න තියෙන්නේ වෙන කාටත් නොව චීනයටමය.. ගෙවීමට ඇති ණය ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 1.7 කි.. ලංකාවේ මුදලින් බලන්න නම් ඕක 185 න් වඩි කලාම කාටත් ඇමරිකාවේ හෙළුව බලාගන්නට පුළුවන්ය..

ඇමරිකාව ලෝකේ වටේ තග දමාගෙන ගියාට දැන් කවුරුත් ගනන් ගන්නේ නැතිය. ඉදිරි ලෝක බලවතා, චීනය වී හමාරය. අපේ මී හරක් හිතන්නේ චීනා ආයෝජනය කරන්නේ ලංකාවේ විතරක් කියලාය. එහෙත් මේ වන විට චීනා මුලු ලෝකයම ආක්‍රමණය කරලා අවසන්ය.

පොම්පියෝ මෙහේ එන්නට කලින් දාපු සද්ද එකක්කත් මෙහේ ඇවිල්ලා දැම්මේ නැතිය. ශවේන්ද්‍රගේ එක නීතිමය කටයුත්තක් නිසා ඒ ගැන නැවත සලකා බලන බව කීවේය. MCC අස්සන කරනවාද නැද්ද කියන එක තියෙන්නේ ඔහේලාගේ අතේය කියා කීවේය. අපි චීනා වගේ ඔයාලාව ණය උගුල්වල දාන්නේ නැතයි කියා කීවේය. රාජපක්ෂලා දුන් පොරොන්දු ඉටු කරනු ඇතයි කියා බලාපොරොතුවෙන බවත් කීවේය.

එ කෙසේ වෙතත් මේ ආන්ඩුව ගැන මුලු ලෝකයම විශ්වාසය තබා ඇති බව මේ ගමනේ දුටු වඩාත්ම සිත්ගන්නා සුළු සිඳුවීමය.

මොකෝ යහපාලන පිම්පියො ඉන්නා කාලේ ට්‍රම්පට් මහත්තයා ඉන්දියාවට ඇවිත් ගියත් ලංකාවට ආවේ නැතිය. ඒ මෙහේ උන්නේ ඇමරිකන් පපට්ලා සෙට් එකක් වුවත් උන් මෙලෝ රහක් නැති හාල්පාරුවන් සෙට් එකක් බව උන් දැනගෙන උන් නිසාය.

ආන්ඩුව ඒ තත්වය සුභවාදි ලෙස ගත යුතුය. මේ වෙලාවේ අපිට සප් එක දෙන ඕන එකෙක් ඉඹලාම පිලිගත යුතුය. මන්ද අපි ඉතරක් නොව ලෝකයම දුවන්නේ රිම් එකෙන් නිසාය…


ඒ වගත් මෙසේය…


Oct 26, 2020

මාක් ඇන්ටනිගේ පිළිතුරු කතාව


ගරු කතානායක තුමනි


ඩයනා මයි ඩියර්

නොව එලිසබෙත් දුන්නත් ඕඩර්

නොකලෙමි ඝාතනය සීසර්

විමසන්න ශේක්ස්පියර්


ගරු කතානායක තුමනි


සළුව ඇද්දා ලුසියස්

පළමුව ඇන්නේ කැස්කා ලොන්ගස්

මට බෑ යන්න ගස්

හිනාවෙයි ගේයස්

සමග අයියලා දෙදෙනාම බෲටස්


ගරු කතානායක තුමනි


රෝමයේ සිටිසන්ස්

දැන් තොපි නිදහස්

කියා කෑ ගෑව බෲටස්

කලා ෆුල් වර්චස්

දොර අගුළු ලා සියළු සිටිසන්ස්


ගරු කතානායක තුමනි


ඒත් අපෙ ඩයනා මිස්

කලා මුන් ඔක්කෝම නිදහස්


ගරු කතානායක තුමනි


ගෙනාවෙමි ඔක්ටේවියස්

නම් කලෙමි ලෙස ඔගස්ටස්

මියගියත් සීසර් ජුලියස්

ඉන්නවා දැන් සීසර් ඔගස්ටස්


ගරු කතානායක තුමනි


ඩයනා කියන්නි

ඇන්නේ මමලු මාක් ඇන්ටනී

ගරු කතානායක තුමනි

මේවා නම් හරි ෆනී


- කාව්ය සිරෝමනී මාතලන් -



Oct 22, 2020

වඳ කොත්තු කන සහජීවන මඩ මාධ්‍ය බලකාය


 


20 සම්මත විය..

ඒ සහජීවන බලකායෙන් පැමිණි හකීම්ගේ 4 ක්, රිෂාඩ්ගේ 2 ක්. මනෝ ගනේෂන්ගේ 1 ක් හා සජිත් ජලනි බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් පත් වූ ඩයනා ගමගේ හෙවත් ටැලිපෝනයේ හිමිකාරිය සමඟයි.

මුස්ලිම් දේශපාලකයන් සියල්ල රාජපක්ෂලා හා එකතුවන බවට මාතලන් අනාවැකි කීවේ ඝෝඨා ජනාධිපතිවරනයට ඉදිරිපත් වීමටත් පෙර සිටය..

පැකනිල් ඩොන්කිලාගේ සහජීවන බලකාය තුල සිටිනා අති බහුතරය සුළු ජාතින්ය.. ඉනුත් වැඩි පිරිස මුස්ලිම් ජාතිකයින්ය….

මුස්ලිම් දේශපාලුවන් රාජපක්ෂ කඳවුරුට ඒ මොහොතේ එකතු නොවූයේ ගොබ්බ යහපාලනය තුල 19 ව්‍යවස්ථා සංශෝධනයෙන් ලද අසීමිත නිදහස ඔස්සේ වහාබ්වාදය කරා යන ගමනට ඔවුන් ලද උපරීම නිදහසට කෘතුගුණ දැක්වීමක් ලෙසය…

ඊට මංගල සමරවීරගේ මඩ බලකායෙන් ලැබුනේ අඟනා පිටිවහලකි….

රනිල්ට වැඩ බෑ යන්න සමාජ සම්මතයක් කර… සිහිණ ටොයිය්නගේ මනසේ පවා තැන්පත් කළේ මංගල සමරවීර හා ඔහුගේ මඩ බලකායයි..

මෙහි ප්‍රධානියා කවුරුත් දන්නා රුවන් ෆර්ඩිනැන්ඩස් වන අතර.., අද එහි න්‍යායාචාර්යවරයා වී ඇත්තේ උවිඳු කුරුකුලසූරීයයි….

රාජපක්ෂලා මුස්ලිම් ජාතිකයින්ට විරුද්ධව එක වචනයක් හෝ කතා කර ඇති තැනක් පෙන්වුවහොත්.., මාතලන් බ්ලොග් වලින් හා බුකියෙන් සමුගන්නේ ඒ මොහොතේමය…

රාජපක්ෂලා අමු ජාතිවාදින් ලෙස සමාජ ගත කලේ මංගලගේ මඩ බලකායයි…

වඳ බ්‍රා… වඳ කොත්තු… දොස්තර සාෆී හා පැලෝපීය නාල ප්‍රොපගැන්ඩා සියල්ලම ලියැවී ඇත්තේ රාජපක්ෂවාදි බයියන්ගේ සටහන් තුල නොව…, සිහිණ ටොයියන් හෙවත් අමු ගොන් බයියන්ගේ බුකි සටහන්…, බ්ලොග් කඩමාලූ… හෝ වෙබ් පඩංගු තුල බව අදටත් ඕනෑම ගොනෙකුට බලා ගන්නට පුළුවන්ය.

අළුත්ගම සීන් එක පිටිපස්සේ ඉන්නේ.., අදටත් රාජපක්ෂලා රෙද්ද අස්සේ දාගෙන හුරතල් කරනා…, අඟේ ඉඳන් කන කා, කන පතේ රෙණ, පිවිතුරු සිහල උරුමය බව ඕනෑම එකෙක් දන්නවාය…

මුන් ක්‍රියාත්මක වන්නේ කෙසේද මුන් පිටුපස සිටිනා බලවේග කවුරුන්ද යන්න බුද්ධි අංශ යොදා වහාම සොයා බැලිය යුතුය…. මන්ද දන්නා සතුරාට වඩා මිතුරු විසින් සිටිනා සතුරා අති භයානක නිසාවෙන්මය…

පානදුර නෝ ලිමිට් එක ගිනි තැබූ උස සිහිණ ජනපති අද ඉන්නේ… පැකනිල් ඩොන්කිලා සමඟය….

එහෙත් මේ කාලකන්නීන් කල විශමාචාර සියල්ල බැර වූයේ රාජපක්ෂලාගේ ගිණුමටය…

ඇත්තටම එය බැර වීමක් නොව, මංගලගේ මඩ බලකාය විසින් කල බැර කිරීම්ය…

20 න් කෙලවීමෙන් පස්සේ මඩ බලකායේ නියමුවන්… පිස්සු වැටී… මොළේ කොළොප්පම් වී…. ඔල්මොරොන්දම් වී… අඤ්ඤකොරොස් වී…. ඉන්නා බව ඉතා පැහැදිලිය….

දැන් නැවතත් ඔවුන්ගේ බුකි සටහන්.., බ්ලොග් කඩමාලු.., හා වෙබ් පඩංගු ඔස්සේ.., උන්ම පත්තු කල ප්‍රොපගැන්ඩාවා උන්ටම කැරකි ඇවිත් සිටිනා බව දැක්කාම… මාගේ උන්ඩුක පුඡ්ඡයේ කෙලවර කොක් හඬලා සිනාසීම නතර කර ගැනීමට නොහැකි තත්වයකට පත් වී ඇත…

අද උන් කියන්නේ සියළුම මුස්ලිම් සහෝදර ජනතාවා හදන්නේ වඳ කොත්තු කියලාය… විකුනන්නේ වඳ බැසියර් කියලාය…. පැලෝපීය නාල ඔවුන්ගෙන් පරෙස්සම් කර ගත යුතු බවය….

ඩයනා ගමගේ වීදී ගනිකාවකටත් අන්ත කාන්තාවක් බවට පත් කොට හමාරය…

ඇයට මෙසේ මඩ ගසන්නේ.. කාන්තාවන්ගේ නිදහස විමුක්තිය මෙන්ම කාන්තා හිංසනයන්ට විරුද්ධව පොලොවේ පස් කෑ ස්ත්‍රීවාදී මල් කුමාරවරුන් හා පත්තිනි අම්මලා වීම දෛවයේ කුරීරූ සරදම්ය….

අහෝ දුකකි ඉරකි තිතකි….

නමුත් වඩාත් ලොල් සහගත කාරනය නම් රාජපක්ෂලා ළඟ ඉන්නා සුපිරි ගොයිගම් මුස්ලමානූ ජාතිකයා.. ඊයේ මිරිකුවේ පැලෝපීය නාල නොව, සුමන්තිරන්ගේ වෘෂණ කෝෂයය… හකීම්ගේ වෘෂණ කෝෂයය… පැකනිල් ඩොන්කිලාගේ වෘෂණ කෝෂයන්ය… එපමණක් නොව මංගලගේ මඩ මාධ්‍ය මාෆියාවේ වෘෂණ කෝෂයන්ය…

ඒ වෙනින් කවුරුත් නොව අලී සබ්‍රීය….

අලී සබ්‍රිට නීතිය කියා දෙන්න ආ සුමන්තිරන්ට හා හකිම්ට… අලී සබ්‍රී දුන්නේ නැට්ට පුකේ ගසාගෙන ඉඳගන්නටය…

වියත් මගේ ඉන්නේ එවන් සුපිරි බඩුය….

ගේම දෙන්නේ හෙමීටය..

මරන්නේ කොනිත්තලාය…

ඒ මරණය වේදනාත්මකය…


ඒ වගත් මෙසේය……


Oct 20, 2020

මධුෂ් වන්දනාව හෙවත් කුඩ්ඩන් වෙනුවෙන් හඬා වැලපීම


මාතලන් පාතාලයන් හා ත්‍රස්තවාදීන් ගැන ලියන්නේ බොහෝම අඩුවෙන්ය. ඒ ඔවුන් ගැන කතාකරනා වචනයක් පවා සමාජයට කරනා අසාධාරණයක් නිසාවෙන්මය.

අපි පාතාලයන් කීවාට ලෝකයේ මොවුන් හඳුන්වන්නේ මාෆියා කන්ඩායම් ලෙසය. මදුෂ්ලා හඳුන්වන්නේ ඩ්‍රග් ලෝර්ඩ්ස්ලා ලෙසය. ගූගල් සර්ච් වලට ගොස් ෆිලෝසොෆර්ස්ලා හොයනවා වාගේම ඩ්‍රග් ලෝර්ඩ් (ඩෘග් ලොර්ඩ්) කියා ටයිප් කරාම ලෝකප්‍රකට සෙට් එක එක පෙලටම ලස්සනට ඉන්නවාය.

බොහෝ අය ස්වර්ගස්ථව ඇති අතර. ඒ කිසිවකුත් සාමාදානයේ සැතපුන අය නම් නොවේය. සියල්ලෝම පාහේ ප්‍රතිවාදින්ගෙන් හෝ පොලීසියෙන් හෝ විශේෂ හමුදාවන් මගින් හෝ නිවන් යැවූ පුද්ගලයෝය. ඩ්‍රග් ලෝර්ඩ්ස්ලාගේ ඉරණම එයයි. හේතුව මත් ද්‍රව්‍ය වෙළඳාම නීතී විරෝධි ව්‍යාපාරයක් වීමයි.

ලොව මාෆියා කන්ඩායම් සිල්ලම මුද්ල් සොයන්නේ සමාජ විරෝධි ව්‍යාපාරයන්ගෙන්ය. එය මත් ද්‍රව්‍ය, ආයුධ, ගනිකා ව්‍යාපාරය, හියුමන් ට්‍රැෆිකින් හෙවත් නව වහල් වෙළඳාම, ත්‍රස්තවාදය හා සහ සම්බන්ධව පවතින්නේය.

මාෆියා කල්ලිවලින් තොර රටක් මේ මිහිපිට ඇතයි කියා මාතලන් නම් සිතන්නේ නැතිය.

ලෝක ආර්ථිකය තුල මොවුන් උපයන ධනය හැඳිවෙන්නේ කළු සල්ලි හෙවත් බ්ලැක් මනී ලෙසය. ලොකප්‍රසිද්ධ මාෆියා නායකයා වූ පැබ්ලෝ එස්කොබා 1993 දී මිය යන විට ඔහුගේ වත්කම ඩොලර් බිලියන 30 කි. එහි වටිනාකම අද මුදලින් ඩොලර් බිලියන 60 කට ආසන්නය. මේ මුදල් නිදහසේ සැරිසරන රාජ්‍යයන් අතරේ පැනමාව ප්‍රමුඛ දකුණු ඇමරිකාණු රටවල් හා ඩුබායි රාජ්‍යයද ලෝකප්‍රසිද්ධය.

වත්මන් ඩ්‍රග් ලෝර්ඩ්ස්ලාගේ සුරක්ෂිත නවාතැන් පොල බවට පත්ව තිබෙන්නේ ඩුබායි රාජ්‍යයි. මාකදුරේ මධුෂ් ජාත්‍යන්තරයට යන්නේ එහිදීය. ඩුබායි හී පවතින මිළ අධික ජීවන රටාව තුල, අධි සුඛෝපභෝගී ජීවන රටාවක් පවත්වාගෙන යාමට ඔහු කෙතරම් ධනවතෙක් වන්නට ඇතිදැයි දන්නේ ඩුබායි ගැන දන්නා උන් පමණමය.

මාෆියා බ්ලැක් මනී වලින් දුවන රාජ්‍යයන් වාගේම, රාජ්‍ය නිළධාරින්, ආරක්ෂක අංශ මෙන්ම මාධ්‍යවේදීන්ද සිටිනා බව අප මෙහිදී අමතක නොකල යුතුය. ලංකාවේ පාතලයන්…, වීරයන් කලෝ ඔවුන්ය. මෙහි අපූර්වත්වය නම් ඔවුන්ද අවසානයේ පාතල සාමාජිකයින් වීමය. ඒ නාකොටික් නිළධාරින් නොම්මර එකේ කුඩු ජාවාරම් කාරයන් වූවා වාගේමය.

එහෙත් අපේ රටේ ප්‍රාමානික උගතුන් පවා හැසිරෙන්නේ මේ කිසිවක් නොදන්නා බබුන් ලෙසය. එක්කෝ අනෙක් කරුණු වාගේම මේ බව හොඳින් දැනගෙන නොදන්නවා වාගේ හැසිරෙන්නෝය.

ඒ තමන්ගේ දේශපාලන හෙළුව වසාගැන්මටය.

මාතලන් මේ ලිපිය ලියන්නේද මදුෂ්ගේ ඝාතනය දේශපාලනිකරණය වූ ආකාරය ගැන විමසා බැලීමටය.

එය හරි අපූරු සිඳුවීමකී. සාමාන්‍ය ජනතාවට SF ලොක්කා මෙන්ම මාකදුරේ මධුෂ්ද වීරයකු වීම ඔවුන්ගේ නොදැණුවත් කම සේ සලකා බැහැර කළ හැකිය. මන්ද ඔවුන්ට කූඹියෝ නාට්ටියේ එකාත් මාර වීරයෙක් වී ඒ වසරේ ජනප්‍රිය නලුවාද වූ නිසාය. දැන් වීරයා වී තියෙන්නේ එදිරිමුණිය…,

එහෙත් සමාජය ගැන ලෝකය ගැන මෙන්ම පාතාලය ගැනද යම් දැණීමක් ඇති වුන් කලබල වූයේ මන්ද…?

මේ කලබල වූ සියල්ලෝම යහපාලනය තුල මධුෂ්ගේ මරණය බලාපොරොත්තුවෙන් සිටි අය වීම මාර ලොල් සහගතය.

ඊට හේතුව වූයේ මධුෂ්ගේ සම්බන්ධයක් තිබූ නිරෝෂන් ප්‍රේමරත්න එවක රාජපක්ෂ කඳවුරේ සාමාජිකයකු වීමය.

ඒ කාළයේ යහපාලන සහජීවන මානුෂික පොරවල් බලාපොරොත්තු වූයේ මධුෂ්ගේ ආයුධ පෙන්වන්නට ගෙන යාම පමණක් නොවේ…, නිරෝෂන් ප්‍රේමරත්නද එසේ ගෙන යාමයි.

තවත් අපූරූ අඬෝවැඩියාවක් වන්නේ මධුෂ් මිය ගියේ රහස් ගොඩක් සමඟයි කියනා අමු ගොන් තර්කයයි.

මධුෂ් අල්ලාගෙන එන්නේ යහපාලනයෙන්ය. එකල පොලීසියේ මෙන්ම බුද්ධි අංශද පාලනය වී තිබෙන්නේ හඬපට නාමල් කාරයාගෙන් බව අද බොහෝ පැහැදිලිය. පොලිස්පති ඉඳලා තියෙන්නේ සින්දු කියන්නට හා පෙරහරේ නටන්නටය. ඌ පොලීසියේ සිඳුවූ කිසිවක්ම දන්නේ නැතිය.

ආරක්ෂක අමාත්‍යංශයේ ලේඛම්වරයාව සිට ඇත්තේ කන පැලෙන්න ආතල් දුන් නාමල් කුමාරය. එ වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යශය ඔහුට වැටුප්ද ගෙවා ඇත.

උන්ගේ යටතේ උන් අනෙක් පිස්සෝ ජිනීවා බලා පැන ගොස් අවසානය. මුන් ටික එකතු වෙලා ඒ කාළේ මධුෂ හා කංජිපානි එක්ක හතරවන තට්ටුවේ බට්ටෝ පනින්න ඇතිය. රහස් එලිකරන්න ඉඳලා තියෙනේ අදය.

88/89 කාළයේ කසිප්පු ටිකක් පෙරූ, ගංජා ටිකක් විකුණූ, හංදියේ කඩෙන් කප්පම් ගත්ත චන්ඩින් මෙන්ම…, ඇඟ විකුණු අහිංසක ගැහැණුන්…, තම දරු පැටවුන් මර හඬ දෙද්දී පාර දිගේ ඇදගෙන ගොස් ලයිට් කණුවලට ගැට ගසා වෙඩි තබා මරා දැමුවේ…. “දේශද්‍රෝහීන්ට දඬුවම මරණය” නමින් බෝඩ් එකකුත් කරේ එල්ලලාය. ඒ උන් සමාජ විරෝධීන් ලෙස හංවඩු ගසමිනි.

එහෙව් ජෙප්පෝ අද මාකඳුරේ මධුෂ් ගැන පාර්ලිමේන්තුවේ කඳුළු හලනා විට, එදා කරපු ඒවා ප්‍රශ්ණ කරන්න එකෙක් නැත්තේ, ඒදා මරන්නට වරෙන්තුව නිකුත් කල එකා අද ආන්ඩු පක්ෂයේ ඉන්නා නිසාත් විය හැකිය.

මේ සිඳුවන්නේ වෙන කිසිවක් නොවේ.

2015 යහපාලනය ගෙන ආ කඳවුරට අද නායකයකු නොමැති වීමය.

උන් ගෙනා ගැලවුම්කාරයා අද රාජපක්ෂලාගේ ඔඩොක්කු කුක්කෙක්ය. රනිල්ට ඇපත් නැත. ව්‍යවස්ථා හදාපු එකා රටෙත් නැත. අන්ත අසරණය, නන්න පෝල්ය. චක බ්ලාස්ය. කොටින්ම ඩෙඩ්ය. උන්ගේ වීරයන් සියල්ලම මැරිලාය.

ඒ නිසා පොලිස් වෙඩි පහරින් මිය ගිය මාකඳුරේ මධුෂ් නොව,

පොලිස් ජීපෙකේ හැපි මියන පර බල්ලෙක් උනත්.., හෙට දිනයේ ඔවුන්ගේ වීරයෙක් වුවහොත් අප කලබල විය යුතු නැත..

වීරයා අහිමි වී මානසිකව කඩා වැටී සිටිනා යහපාලන වියතුන් අද කුඩු කාරයන් වෙනුවෙන් හඬන්නේ ඒ නිසාය..

එවිට “ශාන්තුවරුන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටීමට වඩා බල්ලාගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටීම දේශපාලන වශයෙන් ඉදිරිගාමී වේ…!!!” යනුවෙන් සටහනක් නිර්මාල් දේවසිරිගේ ෆෙස්බුක් තාප්පේ සටහන්ව තිබෙනායුරු ඔබ සැමට දැක ගැනීමට ලැබෙනු ඇත..


ඒ වගත් මෙසේය…


Oct 19, 2020

බදුර්දීන් නාඩගම... ඉවර නැත



බදූර්දීන් අත් අඩංගුවට ගනීමේ කෝළමට, ආන්ඩුව ගෑවුනා යයි කියා මාතලන් සිතන්නේ නැතිය. මන්ද රාජ්‍ය ආරක්ෂක ඇමති මෙන්ම ආරක්ෂක ලේඛම්ද බදුර්දීන්ට සුදු හුණු ගෑවේ ඊයේ පෙරේදාය.

එහෙත් මෙය.., ආන්ඩු හිතවාදීන්ට නම් කිසිසේත් දිරෙව්වේ නැති බව සමාජ මාධ්‍යවලදි පැහැදිලිවම දකින්නට ලැබුනේය. ඊට හේතුව රිෂාඩ්ගේ සහෝදරයා නීතී විරෝධීව නිදහස් කිරීමය. 

යලිත් ඔහු අත් අඩංගුවට ගන්නවාද නොගන්නවාද කියනා එක පොලීසියේ වැඩක්ය. මන්ද ඔහු කෙලින්ම ත්‍රස්තවාදීන් හා සම්බන්ධ බව කියන්නේ යහපාලන හමුදාපති නිසාය. 

ඒ තවත් කෝළමකි.... එකම විකාරයකි... වග කියන්න ඕන කව්දැයි කියා සාක්කි දෙන්න එන පිස්සන්ගෙන්ම අසනා රස සාගරයකි....

බොහෝ විට ලංකාවෙ මෙතෙක් පැවති කොමිසම් වාර්ථා වාගේම වාර්ථාවක් තබා අතීතයට එක් විය හැකි බව කාගේත් මතයය. 

එය වෙනස් කල හැක්කේද ආන්ඩුවටම මිස වෙන කිසිවකුටත් නොවේ. 

අප දේශපාලන පොරොන්දු හා මැතිවරණ ප්‍රකාශණ කිසිසේත් විශ්වාස නොකරනා මුත්, ඒවා විශ්වාස කර චන්දය දෙන පිරිසක්ද රටේ ඉන්නා බව කාටත් වඩා හොඳින් පාලකයෝ නම් දන්නවාය. 

ලන්ඩන් වල ඉන්නා පට්ට ලිබරල් පොරවල් පැඩ් පොරොන්දු නායකයන්ගේ ඇජෙන්ඩා වලට රිංගවන්නේ මේ නිසාමය. 

කෙසේ හෝ 20 සම්මත කර ගැනීම සඳහා ඩීල් එකක් යන බවට ගිය කටකතා මේ හේතුවෙන් උඩට ආවෙය. 

ආන්ඩුවේ රෙදි ගැල උනේය. 

බදුර්දීන්ගේ මල්ලි යලිත් අත් අඩංගුඅට ගන්නෙයි කියා ආන්ඩු පක්ෂයේ 100 දෙනෙක්, පෙස්සමක් අරගෙන ගිහින් ජනාධිපති තුමාට දෙන්නේ මේ නිසාවෙන්ය. 

ඒ අස්සේ නීතිපති නියෝගයක් දෙන්නේ මල්ලි නොව අයියා අත් අඩංගුවට ගැනීමටය. 

ඒ ත්‍රස්තවාදය සම්බන්ධයෙන් නොවේ. බස් කේස් එකක් සම්බන්ධයෙන්ය. 

පාතාල නායකයෙක් වෙන පොඩි ලැසීටත් ඇප දී එලියට එන රටේ..., බදුර්දීන් එලියට එන එක ඉර හඳ වාගේ ෂුවර් කේස් එකක්ය. 

මෙයින් උනේ මල්ලි අල්ලන කේස් එක යට යන එකය. නමුත් අයියාටත් වඩා අවශ්‍ය වී තිබුනේ මල්ලිය. 

මේවා කොහෙන් කෙලවර වේදෝ කියා කියන්න්නට නම් අප දන්නේ නැතිය. 

හැබයි වැඩක් කරන්නට ආ ඝෝඨාට අංචි අදින්නට හැම එකාම පුකවල් ඉරාගෙන ගේමක් දෙන බව නම් ඉතා පැහැදිලිය.

අපට නම් කීමට ඇත්තේ එක දෙයකි. 

මේ පාලන කාළය තුල බදුර්දීන්ලා ආන්ඩුවට එකතු වුව හොත්..., හැලී යන බයි චන්ද සංඛ්‍යාව ඉතා ඉහළ අගයක් ගන්නා බවය. මන්ද මේ වනතෙක් මේ ආන්ඩුවෙන් ලැබුන ලබ්බක් නැති නිසාය.


ගැසට් හැහුවාට වෙළෙන්දෝ ඒවා පයිසෙකට මායිම් කරන්නේ නැතිය. අයියා පාට් දැමූ පාරිභෝකික අධිකාරියේ මේජර් උන්නැහේ.., ඩඩ්ලි සිරිසේන ළඟ බල්ලා මාක් වූ නිසා.., දැන් එකෙක්කත් උන්නැහේත් ගනන් ගන්නේ නැතිය....

උන්නැහේටත් කලිසමක් ඇඳන් එලියට එන්නට බැරි කමකුත් ඇතිය.. 

ඒ නිසා මේ මොහොතේ කට පුක වසාගෙන උන්නද, චන්දයක් ආපු වෙලාවට එන තීරණයන් බොහෝ අය හොල්මන් කරනා තීරණයන් විය හැකිය.

රනිල් වික්‍රමසිංහලාට වූ දේ කවුරු කවුරුත් අවබෝධ කර ගැනීම ඔවුන්ගේ අනාගත දේශපාලන ගමනේ හිත සුව පිණිසම වනු ඇතිය...

මේ රටේ ආන්ඩු වෙනස් කරන්නේ විපක්ෂ බලවේග නොව.... ආන්ඩුවලින් පරිප්පු කන ජනතාව බව කවුරු කවුරුත් අවබෝධ කර ගත යුතුය....

ඒ වගත් මෙසේය...


Oct 17, 2020

20 න් කෙලවෙන බෞද්ධ යුතෝපියාව



 

අප පිලිගැනීමට අකමැති වුවද.... ලාංකීය ථේරවාදී බුදු දහම තුලද කුහක දේශපාලනය අතු පතර විහිදා වැඩී අවසානය. 

ගමේ..., යූ ඇන් පී පන්සල් ශ්‍රී ලංකා පන්සල් කියා..., දායකයින් විසින් හැඳින්වූ පන්සල් මෙන්ම නායක හාමුදුරුවරුන්ද වැඩ සිටියත්... භික්ෂූන්ගේ දේශපාලන තුල අංඟම්පොර ඇල්ලීමට පටන් ගන්නේ 1956 දී රට අගාදයට ඇද දැමූ සඟ වෙද ගුරු ගොවි කම්කරු විප්ලවයත් සමඟය. 

එහිදි භික්ෂුන්ගේ පදයට පිටුපා ක්‍රියා කළ බන්ඩාරනායක මරා දමන්නේද..., එම බලවේගයේම භික්ෂුවක් වීම මාර ලොල් සහගතය. ආගමික සංස්ථාවට අවශ්‍ය වූයේ තමන්ගේ විධානයන්ට අනුව ක්‍රියාකරනා රූකඩ පාලකයෙකි.

බලයට පැමිනීමට ආගම විකුණාගෙන කෑ එකා..., එම බලවේගයකින්ම මිය ගියද "එම පක්ෂයට" අදාල පිරිස භික්ෂූන් දේශපාලනයෙන් ඉවත් කිරීමට ක්‍රියා නොකිරීමේ පාපය අදටද ගෙවමින් සිටී. 

චන්ද්‍රිකා බන්ඩාරණායක කුමාරණතුංග කාළයේදි..., ඇයත් ජේ ආර් මෙන්ම භික්ෂූන් දේශපාලනයෙන් ඈත් කර තැබූවද..., 

ඔවුන් නැවතත් කරලියට එන්නේ..., චන්ද්‍රිකා පාලනය තුලදීම..., මහින්ද රාජපක්ෂයන් හට ජනරංජන මනරංජන උපාසක පට්ටම් ලබා දී..., 

තමුසේ නැති උනාට අපිට එකෙක් ඉස්සරහට ඉන්නවා හලෝ..., ලෙස චන්ද්‍රිකාටද පෙන්වමිනි. එහෙත් එකම චරිත හා ගතිගුණ ඇති චන්ද්‍රිකාවෝ විස්කි මැඩම් වී බෞද්ධයන්ගේ පිලිකුලට ලක්වෙමින් චෞර රැජිණක් වන අතරේ...., මහින්ද මහත්තයා බෞද්ධයන්ගේ මහා උපාසක වන්නේ අපූරු ලෙසය.  

පුෂ්පකුමාර (රණසිංහ ප්‍රේමදාස.) තියරිය අනුව යමින් අරලිය ගහ මන්දීරයේ සෑම පෝයකම මහින්ද හා ඔහුගේ ගෝලබාලයෝ බණ අසන්නේ බයියන් යනු ඇන්දිය හැකි නොම්මර එකේ මෝඩයින් බව දන්නා නිසාවෙන්මය. 

මේවා අද සජිත් ප්‍රේමදාසත් ක්‍රියාවට නගමින් සිටින්නේ..., ටොයි සිහිණයක ජීවත්වන ඒ පක්ෂයේ අමු ගොන් බයියන්ගේ මන දොල පිරවීමට මිස වෙන කිසිවකට නොවේ.... අනේ සාධූ.... සාධූ .... සාධූ....

නැත්නම් රටක් පාලන්ය කිරීමට විධායකයක ව්‍යවස්ථාව හා අධිකරණය තිබියදි තවත් සංස්ථාවක් කුමකටද...?

කරුමය කියන්නේ මේ බලවේගය වමේ පක්ෂ තුලට පමණක් නොව විස්ස්ස විජ්ජාල පද්ධතිය තුලද බලවත් වීමය..

මේ තිර රචනයම යොදාගෙන සම්භාව්‍ය මණ්ඩලයේ චිත්‍රපටයක් ජනතාවට පෙන්වීමට ගිය කරූ ජයසූරිය අද මහළු මඩමක තනියම දිවි ගෙවන්නේ... ඇන්දීමේ කලාව හා ගරු රඟපෑම් හැමෝටම කරන්න බැරි නිසාවෙන්මය. 

එහෙත් බන්ඩා සමඟ කල සෙල්ලම් මහින්දත් එක්ක කරන්න බෑ කියා දේශපාලන සංඝ සංස්ථාව වටහා ගන්නේ...,

යුද්ධය අවසානයේ සියළු සෙන්පතියන් පරදා...., අපේ මහින්ද මහත්තයා සිරි ලංකාද්වීපයේ මහ රජානෝ ලෙස පාර්ලිමෙන්තුව ඉදිරියේ දිවුරුම් දීමෙන් අනතුරුවය. 

නියමිත දිනක් සඳහන් කරන්නේ නම්..., සරත් ෆොන්සේකා හතර ගාතයෙන් උස්සාගෙන ගොස් දඟ ගෙයි දෑමට එරෙහිව දළදා මාලිගාව ඉදිරියේ උපවාසයක් කරන්න ගිය දිනයේය.

එදා දළදා මාළිගාව ඉදිරිපිට උපවාස කිරීමට ඉදිරිපත් වූ සියල්ලන්ටම..., චීවර පස්සේ ගසාගෙන පන්සලට වඩින්නට වූයේ මහින්දගේ එක වෝනින් එකකින්ය. 

එදා පටන් ඔවුන් සියල්ලෝම මහ්න්දට "එහෙයි හාන්දුරුවනේ" කියනා තත්වයට පත් කර ගැනීම, ප්‍රභාකරන් නැති කර දැම්මාටත් වඩා විශිෂ්ඨ ජයග්‍රහණයක් බව මේ මොහොතේ නොලියා සිටිය නොහැකිය. 

ඉනික්භිතිව මහින්දාරාම නිකාය වැළඳගත් භික්ෂූන්වහන්සේලා විශාල පිරිසක් විය. 

උන් වහන්සේලාට සිව් පසයෙන් නොව පස් පසයෙන්ද සැලකු මහින්ද නරෝත්තමයානන් වහන්සේ..., බුදු හාමුදුරුවෝ ලෙසද කව්දෝ එකෙක් හැඳින් වූ සේක. 

අසපුවාසීන් හා විවිධ මාදිලියේ පුද පූජා ක්‍රම බුද්ධාගමට එකතු වී ථේරවාදී බුද්ධාගම ප්‍රයිවටයිස් වී නොම්මර එකේ බිස්නස් එකක් වන්නේ මේ කාළයේය. 

ඒ අනුව මල්වතු අස්ගිරි අමරපුර රාමාඤ්ඤ නිකායන් හා මහා නාහිමිවරුන්ගේ ශ්‍රී විභූතිය නමට පමණක් සීමා වී.... ජනතාවගේ නායකයින් බවට පත් වෙන්නේ... යුනියන් සාධුලා, අසපු සාධුලා හා පොලිටිකල් සාධුලාය. 

මෙයින් පොලිටිකල් සාධුලා වඩාත් බලවත් වන අතර... NGO භික්ෂූන්ද IRC භික්ෂූන්ද බිහිවන්නේය.... ඔවුන් ධර්මයෙන් පමණක් නොව අතින් පයින්ද දේශනා කරමින් සාසනයට විශාල මෙහෙවරක් කරන්නේය. 

මොවුන් රාජාක්ෂවරුන් නැවත් බලයට ගෙන ඒමට විශාල මෙහෙයක් කල බව බොරුවක් නොවේ. 

නමුත් කුමන හෝ හේතුවක් මත 20 ට එරෙහිව සංදේශයක් යවා ඇති පිරිස ඝෝඨාභය උපාසක මහතාගේ මාසික සංඝායනාවේ දකින්නට ලැබෙන්නේ නැතිය.. මේ වේදනාව ඒ යුතෝපියාව බිඳ වැටීමද විය හැකිය...

විශේෂයෙන් මල්වතු අස්ගිරි ගියාට..., ඇල්ලේ අසපුවට හා අභයාරාමයට නොයෑමත් එක් හේතුවක් විය හැකිය...

සමහරු බලාපොරොත්තු වන්නේ.... එදා මහින්ද සමයේ ලද වරප්‍රසාදයන්ය...

ඇත්තෙන්ම... මේ විරුද්ධ වීම ලෙස ආන්ඩුවේ කිසිවකුත් කලබල විය යුතු නැත. මේ කල දුටු කල වල ඉහ ගැනීමේ උතුම් වූත් පවිත්‍රවූත් සිහිවිල්ලෙන් කරනා ඉල්ලීම්ය...

මුන්ට 20 ලැබුනට අපිට හම්බවෙන ලබ්බක් නැති නිසා. මේ වෙලාවේ පොඩි සද්දයක් දමා මක්කා හෝ කඩා ගත්තොත් සාසනේටා නේ ආයිබන්ඩ කියනා පරම වූත් පවිත්‍ර වූත් සිතිවිල්ලක් පමණමය...

ඝෝඨාභය මැතිතුමා කල යුත්තේ දූතයන් පිටත් කොට ඔබ වහන්සේලාට මක්කාද ඕනෑ කියා අසනා එක පමණි.....

ඉන් පසු 20 ට ගහන්න එකක් නෑ... 20 තියෙන්නේ නිවන්ට පහසුම මගයි කියා කීවෝත් ඔහේලා කලබල වෙන්ට ඕනා නැතිය.... 

බොහෝ විට මහින්ද මහත්තයා බුදු වී අවසන් නිසා...

ඝෝඨාභය උපාසක මහතා මෙතේ බුදුන් විය හැකිය....


සාධූ..... සාධූ ...... සාධූ....


උත්තමං ගේන වන්දේහං - සංඝං ච තිවිධොත්තමං

සංඝො යො ඛලිතො දොසො - සංඝො ඛමතු තං මමං



නමුත් මොකක්දෝ කරුමයකට ඝෝඨාභය ජනාධිපති තුමා මොවුන් ප්‍රතික්ෂේප කරනා බවක් පෙනේ. ඒ අනුව ඔවුන් තේරුම් ගෙන ඇත්තේ තම පැවත්ම රදා පවතින්නේ මහින්ද මහත්තයා බලවත් වීම තුල බවයි.

හා අනෙකුත් නිකායන් නටබුන් බවට පත්වෙමින් 


එහෙත් මේ පිරිස ඒ ලද Sලකුම් හා දීමනා ඝෝඨාභය පාලනය යටතේ නොලැබීම මේ සියළු සංතාපයනට හේතුව වී ඇත්තේ 


Oct 15, 2020

අස්සයා හා හොරු දෙන්නා


ඕන්න එකමත් එක කාළයක එකමත් එක රටක දරුණු ඝනයේ හොරු දෙන්නෙක් උන්නා.. 

දවසක් දෙන්නා කතාකර ගත්තා අශ්වයෙක් හොරකම් කරන්න…

ඒත් ඉතින් අපි අහු උනොත්…? එක හොරෙක් ඇහුවා..

මොන පිස්සුද මේ රටේ ඉන්න තරමක් ඉන්නේ මෝඩ හරක්.. උන් අල්ලයි අපේ නැට්ට… ටීම් හයක් නෙමේ දයහක් දැම්මත් අපි ඇල්ලිලි බොරු…. උඹ බය නැතිව හිටපන්… මේ හොර කමත් අපි වැදගත් විදියට මානුෂික මුහුණුවරක් සහිතව කරමු……. අනෙක් හොරා කිව්වා…

දෙන්න එක්ක ගමයගේ ගොවිපලට ගිහින් අශ්වයා හොරකම් කරා…

හරි දැන් ඔය සෑදලය ගලවලා මගේ පිට උඩින් තියලා උඹ අශ්වයත් අරගෙන මාරු වෙයන්…

ටික වෙලාවකින් අශ්වයා අයිති ගමරාල ආවා.. කෝ යකෝ මගේ අශ්වයා…

මේ ඉන්නේ මම තමයි අශ්වයා… ඇයි ඔහේට අඳුන ගන්න බැරිය… සෑදලය කරේ දාගෙන හිටපු හොරා කිව්වා…

මම අවුරුදු ගානකට කලින් හොඳ මිනිහෙක්… දවසක් මම ලස්සන කාන්තාවක් එක්ක සංසර්ගයේ යෙදුනා… බැලින්නම් ඒකි යක්ෂනියක්… එකී මට සාප කරා තෝ අශ්වයෙක් වෙයන් කියලා… එහෙම ඉද්දි තමයි තමුසේ මාව සල්ලි දීලා අරගෙන ඇවිත් මරව මරව වැඩ ගත්තේ…. ඒත් ඒ සාපය අදින් ඉවරයි…

අනේ… මොන තරම් දුක හිතෙන කතාවක්ද…? එතකොට මම මේ වැඩ අරගෙන තියෙන්නේ මනුස්සයෙක්ගෙන්ද….? මට සමාවෙන්න…. දැන් මම මොකද කරන්න ඕන…

දැන් ඉතින් ආයේ මම මුල ඉඳලා නැගිටින්න ඕන… තමුසේ ගාව තියෙන ඔක්කොම සල්ලි ටිකයි… ගෑනිගේ කනකර ටිකයි ඔක්කෝම මට දෙනවා… එතකොට තමුසෙගේ පව් මැකෙයි…

ටික කාලේකට පස්සේ අර යකා අලුත් අශ්වයෙක් ගන්න පොලට ගියා…

හොරු දෙන්නත් වෙස් වලාගෙන…. හොරා ගත්ත අශ්වයා විකුණන්න පොලට ඇවිත් උන්නා…

හොරු දෙන්නා කියපු ගානට අශ්වයා ගත්ත ගමයා. අශ්වයත්තෙක්ක යන ගමන් අශ්වයට මෙහෙම කිව්වා…

දකින් දකින් ගෑණූ එක්ක නිදා ගන්න යනවට මේවා උඹට හොඳ පාඩම්….

අනේ යකෝ තෝ වගේ ගොනෙක් කියලා අශ්වයා හේෂාරාවය කලා…

අශ්වයන්ගේ භාෂාව තේරෙන්නේ නැති නිසා ගමයා අශ්වයත් අරගෙන ආඩම්බරෙන් ගෙදර ගියා….

හොරු දෙන්නා ආතල් එකේ සල්ලිත් අරගෙන පිට වෙලා ගියා..

ඒ යන ගමන් උන් දැක්කා…

පොලිස් කන්ඩායම් හයක් කව්දෝ දෙන්නෙක් හොයනවා…

------------------------------------------

සුද්දන්ගේ කතාවක් මගේ එකක් ලෙස අනුවර්ථනය කොට ලියා පලකලේ මාතලන් වන මා විසිනි…..

------------------------------------------

සැ: යු: මේ පොටෝ එක මේ කතාව හා කිසිඳු සම්බන්ධයක් නැත…

 




Oct 12, 2020

මහින්ද කෑ ළණු ඝෝඨාභයත් කෑ යුතු නැත.

 


20 ගැන ආන්ඩු පක්ෂයේ උන් දැනුම්වත් කිරීම සඳහා අරලිය ගහ මන්දිරයේ පැවති රැස්වීමේදී ජනාධිපති තුමා ගත් තීරණය අප අගය කළ යුතුය.

රටේ ජනතාව ඝෝඨාභය ජනාධිපති ලෙස පත්කර ගත්තේ..., විමල් වීරවංශ, ගෙවිඳු කුමාරතුංග, විදුර වික්‍රමනායක, නිමල් සිරිපාල ද සිල්වා, දයාසිරි ජයසේකර, මෛත්‍රීපාල සිරිසේන හෝ මහින්ද රාජපක්ෂගෙන්වත් පාලනය වන්නට නෙමේය.

විරුද්ධ පාක්ෂිකයින් හිට්ලර් ලෙස හැඳින්වූ, දරදඬු පාලකයකු ලෙස පෙන්වූ පුද්ගලයකු තම පාලකයා ලෙස පත් කර ගත්තේ සිරිසේන වන් පඹයකුගෙන් පාලනය වීමට නොවේ.

එමෙන්ම මහින්ද සමඟ උන් චන්ඩින්ගෙන් හා කොමිසම් වලට පත්වූ පැන්ෂන් ගිය ආන්ඩුවේ අයිස් ගැසූ කාලකන්නින්ගෙන් පාලනය වීමටද නොවේ. එමෙන්ම රාජ්‍ය නිළධාරීන්ගෙන් පාලනය වීමටද නොවේ.

මේ රට සුළුවෙන් හෝ ඉදිරියට ගිය සෑම අවස්ථාවක්ම හොඳින් නිරීක්ෂණය කල විට පෙනෙන පැහැදිලි කරුණ නම්, ඒ සෑම අවස්ථාවකම රටේ උන්නේ හිතුවක්කාරි ඒකාධිපති පාලකයකු වන බවය.

නායකත්ව මන්ඩල හෙවත් කැඳ හැලි ලංකාවට කිසිසේත්ම ගැලපෙන්නේ නැති පාලන ක්‍රමයන් බව මොනවට ඔප්පු කලේ පසුගිය පාලන සමයය.

සියල්ලන්ම හිතා ගෙන ඉඳලා තියෙන්නේ තමන් රජ්ජුරුවෝ කියලාය. නැවතත් සජිත්ට චන්දය දුන් සාමාන්‍ය ජනතාව (ලිබරල්) පවා හිතාගෙන ඉඳලා තියෙන්නේ එසේය.

ඒ ආන්ඩුවට ගුලි කැවූ මාධ්‍ය මාෆියා කාරයෝ හා අර කලින් සඳහන් කල ලිබරල් පොරවල් රට පාලනය විය යුත්තේ මෙසේය කියා පල් හෑලී ලියන්නේ තවමත් එම මානසිකත්වයේම සිටිනා නිසාය.

සජිත් ප්‍රේමදාස පෑඩ් මෑන්ලා කල එංගලන්තයේ සිටිනා උපදේශකයින් මෙන්ම විකල්ප පුවත් පත් වල තීරූ ලිපි ලියනා බයිලා චැම්පියන්ලා අට කොන බයිලා ගයමින් සිටින්නේත් ඒ නිසාය.

එයාලාගේ උපදෙස් අනුව රටට උන දේ පසුගිය පස් වසර තුල අප ඇති තරම් දුටුවේය.

ජනාධිපති උගේ වගකීම් දන්නේ නැතිය. 19 ගෙනත් සිරිසේනට අරින්න ගිය රනිල් කිසිවක්ම කරලා නැතිය.

පොලිස්පති තනතුරේ ඉඳලා තියෙන්නේ කළකිරීමෙන්ය. ආරක්ෂක ලේඛමා උගේ ජොබ් එක මොකක්ද කියාවත් දන්නේ නැතිය.

කොටින්ම විශේෂ කාර්ය බලකායේ ලොක්කාද තමන්ගේ ඩියුටිය හරියට කරලා නැතිය.

දැන් හැම එකාම නිදහසට එක එක ජාතියේ පච කියනවාය. එක පචයක් වහන්න තව පච දාහක් ලෝයර්ලා ගොතා දෙනවාය.

අවසානයේ එන නිගමනය නම්. මුන් සියල්ලෝම එකතු වී කිසිවක්ම නොකර, රාජ්‍ය ණය දෙගුණයකින් වැඩි කර, ආර්ථිකයයි, ආරක්ෂාවයි, ජන ජීවිතයයි... සියල්ලම කෑවා කියන එක පමණමය.

ඔය රැස්වීමේදි අපේ මහින්ද මහත්තයා කියලා තියෙන්නේ පක්ෂ නායකයන්ට පොඩ්ඩක් කතා කොරන්න දෙන්නෙයි කියලාය. ඒ එයාගේ හොඳහිත නිසාය. ඒත් ඔය පක්ෂ නායකයෝ හා එයාගේම රස්තියාදුකාරයෝ සෙට්ටෙක සමඟ බබා හුකුං කරන්නට ගොස්, 2015 දි තමන්ට ඇරිය බව එයාම පිලිගත්තේය.

මහින්දට මුලින්ම කෙලෙව්වේ විමල් වීරවංශය. ඒ මහින්දට හෝ බැසිල්ට ගහලා නෙමේය. පුංචිම පුංචි බන්ඩා ජයසුන්දරට ආර්ථික ඝාතකයා කියා ගහලාය. ඒ එදත් මේ වගේම කරුණු 12 ක් (කේවල් කිරීම්) ඇතුලත් පෙම් හසුනක් මහින්දට දීලාය.

හේතුව උනේ..., එයාට ඕන ඕනා ජවුසොන් නටන්නට මහා භාන්ඩාගාරයෙන් මුදල් දුන්නේ නැති එකය.

එහෙත් ඒ ගැහුවේ මහින්දට කියා.. මහින්දට තේරුනේ, මැදමුලනේ ජනේලයේ එල්ලුනායින් පස්සේය.

ඒත්, එහෙම කෙලලාත්, රාජපක්ෂලාට කෙලින්න බැරි බව දැනගත් විමල් වීරවංශ නම් තක්කඩියා කලේ නැවතත් එයාලාටම සෙට් වෙන එකය.

මෙවරත් 20 ට එරෙහිව ආන්ඩුව ඇතුලේම සිට ගේම මෙහෙය වන්නේ විමල් බව මනාවට ඔප්පු වූයේ නිමල් සිරිපාලට තක්කඩියා කියා කීමෙන්ය. ඒ කියන්නේ 20 විරුද්ධව නිමල් හා මොහු කතා කරලා තියෙනා බවය.

1994 ඉඳන් සුපිරි රාජ්‍ය යෝගයක් උදාවී මේ වනතෙක් සෑම කැබින්නටුවකම ඉන්නා නිමල් සිරිපාලල වාගේ ගල් ආඳන්ට අරින්න විමල් වාගේ හයි ඉස්පීඩ් විල්බැරෝවලට බැරි බව දැන්වත් පිලිගන්නට ඕනෑය.

කිච උනේ නිමල් නොව විමල්ය… ගලවුනේ විමල්ගේ කලිසමය…

මෙවන් දේශපාලන අපතයන් හා එක පතේ කන එක ඉතා භයානකය. මේ හදන්නේ නැවතත් රාජපක්ෂලා බ්ලැක් මේල් කිරීමටය.

20 පාස් කරන්න බැරිනම් 20 ඕනෑම නෑ කියා ජනාධිපති තුමා ඉන්නා තීරණය අප අගය කල යුත්තේ මේ නිසාමය.

ජනතාව 18 තියෙන්නේ මොනවාද? 19 තියෙන්නේ මොනවාද? 20 තියෙන්නේ මොනවාද? කියා දන්නේ නැතිය.

හැබයි එක දෙයක් දන්නවාය.

ඔය එකකින්වත් රට හැදුනේ නැති බවය.

ඊට ප්‍රධානම හේතුව වූයේ හවුල් ආන්ඩුය.

ජනතාව වෙනුවෙන් හෝ රටේ සුබ සිද්ධිය සඳහා ගන්නා තීරණවලට අකුල් හෙලන්නේ තමන්ගේ ආන්ඩුවේම ඉන්නා සුළු පක්ෂවල හාල්පාරුවෝය.

එහෙත් රාජපක්ෂලා දැන ගත යුතු දේ නම්..... මේ සියල්ලන්ම විකුණාගෙන කන්නේ රාජපක්ෂලාමයි කියනා එකය.

එනයින් බැලූ කල රාජපක්ෂලා ඉන්නේ තමන් ගැන අව තක්සේරුවකය.

රාජපක්ෂලාට 2/3 ක බලයක් ලැබුන මේ මොහොතේ… ඝෝඨාභය රාජපක්ෂ හෝ එම මානසිකත්වයෙන් එලියට විත් ජනතාව සමඟ සිට ගත යුතුය...

අප අපේ යුතුකම ඉටු කලෙමු…. ඔබ ඔබේ යුතුකම ඉටු කරන්න…

ස්තූධී…. නන්ඩ්‍රෙයි….. ටෑන්ක්ස් හොඳේ….. !!!!

Oct 11, 2020

කන පතේ රෙණ දේශපාලන පුලන්නෝ….

 
ලාංකීය පක්ෂ දේශපාලනය තුල පක්ෂයේ දරදිය අදින්නන්ට සිඳුවන දරුණු අසාධාරණයක් ගැන මාතලන් ලියන්නේ දේශපාලනය ගැන ලියන්න පටන් ගත් දා ඉඳලාය.

එහෙත් පක්ෂවලට කඹුරන උන්වත්, ඊට එදිරිව සටන් කරන්නේවත් ලියන්නේවත් නැත්තේමය. ඒ තම පක්ෂයේ චන්දවලින් ගොඩ යන සුළු පක්ෂවල හාල්පාරුවන් ගැනය.

මීට හොඳම උදාහරණය ජෙප්පන් බර ගනනන් පාර්ලිමේන්තු ආ 2004 මහ චන්දයයි.

එහිදි, එකසත් ජනතා නිදහස් පෙරමුණ හා සංධානගතවන ඔවුන් සංධානය ආසන 105ක් දිනාගන්නා විට, ජෙප්පන් එයින් ආසන 39 ක් හෙවත් 37% ක්ම දිනා ගැනීමයි. මේ එවකට සිරි ලංකා නිදහස් පාක්ෂිකයින්ගේ චන්දයි.

එහෙත් මහපොලොවේ යතාර්ථය මෙය නොවන බව අද වන විට ඉතා පැහැදිලිය.

දිනෙන් දින වල පල්ලට යන ජෙප්පන්ට අද ඉතිරිවී තිබෙන්නේ තුන පමණය. එයිනුත් එකක් සංධාන ගහන්න ගොස් කෙලවා ගත් මැඩම් කෙනෙකුට දී, පස්ස කස කසා ඉන්නා තරමට අන්ත අසරනය.

එනයින් බලනා කල මෙවර පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුවෙන් කරනා පත්වීම් ගැන සජිත් ප්‍රේමදාස ගත් නිර්භීත තීරණය අප සියල්ලන්ම අගය කළ යුතුය.

ඔහු පත් කලේ එජපයේ උන්ම පමනි. (ඩයනා පමණක් තුටු පඬුරකී)

සජිත් හා එක්වූ සුළු පක්ෂවල උන් සුපුරුදු තගරිය දමාගෙන ආවත් සජිත් උන්ව පයිසෙකට ගනන් ගත්තේ නැතිය.

එවන් කෙලින් තීරණයක් ගැනීම ඔහු වටා සිටිනා පාක්ෂිකයන්ට කල ගෞරවයකි.

මහ පක්ෂවල මේ දුර්වල ප්‍රතිපත්තිය හේතුවෙන් වාසි ලබා ගන්නේ දේශපාලන හාල්පාරුවන්ය.

තනියෙන් ඉල්ලුවොත් කන්න වෙන පරිප්පුව මුන් හොඳින්ම දන්නවාය. මේ එකෙක්වත් වැඩකාරයෝ නොවේ. එහෙත් නොම්මර එකේ වාචාලයෝ හෝ ගල් ආඳෝය. අනුන්ගේ පිට්ටනිවල බෝල ගසන්නෝය. දේශපාලන පරපුටුවෝය.

අද ආන්ඩු පක්ෂයට හිසරදයක් වී තිබෙන්නේ රෙද්ද අස්සේ දමාගත් මේ හාල් පාරුවන්ය.

තව දෙදෙනෙක් එජාපයේ පිහිටෙන් පාර්ලිමේන්තුවට පැනගත්තේය.

ඒ රාජිත හා පාඨලීය. උන් දෙදෙනාටම සජිත්ට කෙලින්න බැරි බව ඔප්පු වී තිබීම සජිත්ගේ මෙන්ම පාක්ෂිකයන්ගේද වාසනාවකි. සජිත් මේ විශඝෝර සර්පයින් කලිසම ඇතුලේ දමා නොගෙන තම ගමන යාම ඔහුගේ සුබසිද්දිය සඳහාම වන්නේය.

මේ ආන්ඩුව බලයට පත් වීමට පෙර ප්‍රථමයෙන් පැවත්වූයේ ජනාධිපතිවරණයයි.

එහෙත් ජනාධිපතිවරණයට ඝෝඨාභය ඉදිරිපත්වන්නේ, අද වඩාත් කතාබහට ලක් වී ඇති ද්විත්ව පුරවැසිභාවය විසඳාගෙන නොවේ.

අද ද්විත්ව පුරවැසිභාවය මහා ප්‍රශ්ණයක් වී තිබෙනා, විමල්, වාසු, විදුර, විජේදාස හා ගෙවිඳුලා එදා ඇමරිකන් පුරවැසියකු රටේ ජනාධිපති කර ගැනීමට පුක ඉරාගෙන දත කෑවේ රෙදි ඇඳගෙනද යකෝ කියා අහන්නට එකෙක් හෝ නැතිය.

විමල් ඔය තරම් වැඩ්ඩෙක් නම්…., මහින්දට, නාමල්ට, බැසිල්ට හා ඝෝඨාට 19 ව්‍යවස්ථාවෙන් භ්‍රහ්මදන්ඩණය පනවා තිබූ වේලාවක කරන්න තිබුනේ…..

ජනාධිපති අපේක්ෂකයා ලෙස තමන් තෝරා ගන්නා ලෙස රාජපක්ෂලාට බලකිරීමය. එසේ නැතිනම් එයා සරම් අඳින්නේ නැති නිසා ගම්මන්පිල ජනාධිපති කරනා ලෙසට බල කිරීමය.

එහෙත් මුන්ට බල්ලෙක්වත් චන්දය දෙන්නේ නැති බව මුන් හොඳින්ම දන්නවාය. විමල්ට තනියෙන් ඉල්ලුවොත් මුලු ලංකාවෙන්ම චන්ද ලක්ෂ දෙකක් ඉතර ලැබෙන්වා ඇතිය.

ගොම්මන්පිලට නම් පෙරටුගාමින් තරම්ටවත් චන්ද ලැබෙන්නේ නැතිය. එයාගේ දෙවනියා වූ රණවිරු මධු මාධව සෙන්පතියා භූමියෙන් ඉවත්කර දැම්මේ ලැයිතුවේ අන්තීමයා කර දමමිනි.

වාසු තිස්ස හා අනෙක් වමේ හාල්පාරුවන්ගේ තත්වයද එසේමය. ඒ තබා මහා පොරවල් ලෙස සිතාගෙන උන් රනිල් වික්‍රමසිංහලාට හා රවී කරුණානායකලාට සිඳු වූ දේ මේ බක පන්ඩිතයින්ටත් හොඳ පාඩම්ය.

විජේදාස රාජපක්ෂ යනු අමු වස්ථාවාදියෙකි. එයා ආදරේ කරන්නේ රටට නොව තනතුරුවලටය. රාජපක්ෂලාගේ පිලට බල්ටියක් ගැහුවේ කැබිනට් ඇමතිකමක් බලාගෙනය. මේ වාගේ හාල්පාරුවන්ට කරන්න ඕනා එලව එලවා ගහනා එකය. මේ දඟලන්නේ අනිවාර්යයෙන් ඇමතිකමක් ගන්නටය. මේ වාගේ හාල්පාරුවන්ට ඇමතිකම් දී ලබාගන්නා විස්ස පස්සේ අතුල්ලා ගන්නා එක වඩා හොඳය.

විදුර වික්‍රමනායක කියන්නේ තවත් වැඩ බැරි ටාසන් කෙනෙකි. ජීවත් වෙන්නේ කටෙන් පමණි. එයත් මනාප වැඩියෙන් ගත් නිසා කැබිනට් ඇමතිකමක් බලාපොරොත්තුවෙන් උන් කෙනෙකි. කැබිනට් ඇමතිකම් තියා අගමැතිකම් දුන්නත් මෙලෝ රහක් නැති හාල්පාරු දේශපාලුවන් වැඩිම මනාපෙන් එවනා උන්ට මේවා හොඳ පාඩම්ය. මුන් දේශපාලනයට එන්නේ දේශය බැබලවීමට නොව. දේශපාලනයෙන් බැබලීමටය.

යුතුකම නමින් සංධානයක් හදාගත් උන් ගැන යුනිකෝඩ් භාවිතා කිරීම හෝ අපරාධයකි…

මුන් සියල්ලන්ම විකුණාගෙන කන්නේ රාජපක්ෂලා හා ඔවුන්ගේ යුධ ජයග්‍රහණය පමණි. උන් කල කිසිවක්ම ඇත්තේ නැතිය.

මේ සියල්ලෝම කරන්නේ කන පතේ රෙණ එකය. 20ට අකමැති නම්…, රාජපක්ෂලා හා සහයෝගයෙන් වැඩ කල නොහැකි නම්…, එයාලා එකාධිපතියෝ වෙන්න යනවා නම්…., දෙවන පුරවැසියන් දමාගෙන රට පාවාදෙන්නට යනවා නම්… එහෙම අති භයානය පිරිසක් හා දීග කනවාට වඩා…, ඩිවෝස් වී විපක්ෂයේ අසුන් ගත්තා නම්…., අපට උනත් මුන් මාර පොරවල් නේ යකෝ කියා සිතෙන්නට ඉඩ තිබෙනවාය…

එහෙම දාලා ගිය උන් අතීතයේ උන්නද, උන්ගේ නමක් ගමක් හෝ අද වන විට ජනතාවට මතක ඇත්තේ නැතිය. ඔවුන් සෝඩා බෝතල් වීරයෝය.

මේ කරන්නේ විස්සේ පිහිටෙන් තමන්ගේ ගොඩ වැඩි කර ගැනීම හා අපිත් රාජපක්ෂලා එක්ක පවා ගේම් ඉල්ලබ පොරවල් ඩෝ කියා මුන්ට චන්දය දෙන හාල්පාරුවන්ට ආතල් එකක් දෙන එකය.

විමල් හා ඔහුගේ ගෝලයෝ කියමින් සිටින්නේ පෝට්ටුව හදා රාජපක්ෂලා යලි බලයට ගෙනාවේ එයාලා කියලාය. ඒ බව ඔප්පු කිරීමට අනගි අවස්ථාවක් මේ මොහොතේ උදා වී තිබෙනවාය.

දැන් කරන්න තියෙන්නේ…, පෙම් හසුන් ලිය ලියා, නිමල් සිරිපාලලාට තක්කඩි කිය කියා… පිස්සන් වගේ හැසිරෙන්නේ නැතිව, 20 ට චන්දය විමසන අවස්ථාවේ පොට්ටුවෙ බයියෝ ටිකත් එකතු කරගෙන 20 ට විරුද්ධව චන්දය දී…. විස්ස රාජපක්ෂලාගේ පස්ස පැත්තේ ගහලා දාන එකය.

ඒ කරලා පලාත් සභා චන්දයට තනියෙන් ඉල්ලා…,

තමන්ගේ උන් මහ ඇමතිකමට දමා… ඒවාට බලය ඉල්ලා රාජාපක්ෂලාට අරිනා එකය…

මේ කිසිවක් කිරීමට ඔය එකෙක්ටවත් බැරිය. උන් කරන්නේ මම තමුසෙට බය නෑ ඕයි කියා නහයෙන් අඬනා පොඩි උන්ගේ භූමිකාව නිරූපනය කිරීමය. මුන්ට චන්දය දෙන ගොන් බයියෝ දෙයක් සිහි තබා ගත යුතුය.

ඒ මේ වාගේ කන පතේ රෙණ උන්ට මනාප දී මුන්ගේ රැඟුම් බලනවාද කියනා එකය.

බැසිල් රාජපක්ෂලා කල යුත්තේ මින් පසුව සංධානගත නොවී…, තනියම චන්දවලට යා හැකි පරිදි ජනතාවගේ ආදරය දිනා ගත හැකි පරිදි රට කරවන එකය.

එතකොට ඩීල් දාන්න ඕන වෙන්නේ නැතිය. ජනතාව රාජපක්ෂලා රැක ගනු ඇතිය.

එජාපයේ මහා චරිත ලෙස උන් සියල්ලනම බල්ලා මාක් කල සජිත් ප්‍රේමදාස ආදර්ශයට ගෙන කටයුතු කිරීම මහ පක්ෂවල සංවිධාකයින්ට ලබා දුන් හොඳ දේශපාලනික පාඩමකි.

ඒ වගත් මෙසේය…





Oct 8, 2020

චීන මකරා ඉඹලා පිලිගත යුතුය…

 


වගා ළිං වලට වැටුන අලි ඔබ පුංචි තිරයෙන් හෝ දැකලා ඇතිය. වලේ වැටුන අලින්ට කිසි දින තනියෙන් ගොඩ එන්නට බැරිය. ගොඩ ගන්නේ මිනිසුන්ය. ඒ මාර කට්ටක් කාලාය. ගොඩඩ ගත්තායින් පස්සේ නම්, සද්දෙකුත් දමා නැට්ටත් උස්සාගෙන ආයෙත් පස්ස නොබලාම දුවනවාය.

ශ්‍රී ලාංකිකයා කියන්නේද එවන් අලි ඔලුවකින් හා අලි පුකෙන් ඉන්නා ජාතියක්ය. උන් හිතාගෙන ඉන්නේ මේ රටට ගහන්න රටක් ලොවෙත් නෑ කියලාය. එහෙත් එහෙම ෆැන්ටසියක, මනෝ ලෝකයක ජීවත් වන සියල්ලන්ගේම දූ දරුවෝ ඉන්නේ පිටරටවලය.

වඩාත්ම ලොල් සහගත තත්වය නම් ජාතිකවාදීන් ලෙස පෙනී සිටිමින්, මේ රටේ අවුරුදු කොච්චර ගනනකද ප්‍රෞඩ ඉතිහාසයක් තියෙනවාය, ඊටත් එහා ගොස් රාවණාගේ කාළේ ඉඳන් හෙළ ඉතිහාසයකුත් තියෙනවාය කියා පම්පෝරි ගසනා උන්ගේ දරුවෝ ඉන්නෙත් අමු බොරුකාරයන් ඉන්නා බටහිර රටවල වීමය.

එහෙම අලි පුකෙන් ඉන්න එකෙක් වෙන හර්ෂ ද සිල්වා නම් ගොන් අලියා ඊයේ මෙහේට එන චයිනීස් ඩෙලිගේට්ස්ලාට කොක්කක් ඇද තිබුනේය.

ඒ අනුව යමින් සිහිණ ටොයියෝ හා කෝකටත් විරුද්ධ ජවිපාවුන්ද මීට කොක්ක ඇද තිබුනේය.

ඒ අස්සේ ආන්ඩුව ඇතුලේම ඉන්නා අගමැති ෆැන්ටසියේ ෆනී බෝයිස්ලා ඇන්ඩ් ගර්ල්ස්ලා මෙන්ම යුතුකම සංවිධානයේ ෆනී බොයිස්ලා ඇන්ඩ් ගර්ල්ස්ලාද ඉන්නාවා දැක්කාම ඇති උනේ පුදුම සතුටක්ය.

මේ මී හරකුන් සියල්ලම සිතන්නේ විදෙස් ආයෝජන නැතිව මේ රට ගොඩගන්න පුලුවන් කියලාය.

මේවා පුදුම වෙන්න හේතු නෙමේය. හර්ෂලා එරාන්ලා කියන්නේ, රනිල් සජිත් වාගේම කටින් බතල හිටවන උන් මිසක් බතල ගොවියෝ නොවනා බව පසුගිය වසර කීපයේම අපූරුවට පෙන්නුවේය.

අනික එයාලා ඝෝඨාට ඇමරිකන් කාරයා කියා කින්ඩිය දැම්මා,ට එයාලා ජීවත් වන්නේ ඇමරිකන් ෆැන්ටසියකය.

MCC ගිවිසුම හරහා සිහිණ ලෝකය මහ පොලොව මත ගොඩනැගීමට ගියද අමු ගං කඹරයෙක් වෙන පොලොන්නරුවේ පඹයා හා ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සහෝදරයින්ගේ ගේම් හමුවේ හා පොහොට්ටුවේ ලෙඩ ඇදීම් හමුවේ වැඩේ අංජ බජල් වී ගියේය. (මාතලන් පෞද්ගලිකව MCC ගිවිසුමට කැමතිය.) ඇත්තටම ඊයේ පාර්ලිමේන්තුවේ ආ ඒ හඬ හර්ෂ ද සිල්වාගේ නොව ඇලේනා බී ටෙප්ලට්ස් ඇමරිකාණු තානාපති නෝනාගේය.

ඇමරිකාණු තානාපති නෝනා දුන් සම්මුඛ සාකච්ඡාවක් අපගේ චීන තානාපති විසින් විවේචනයට ලක් කලේ ඊයේ පෙරේදාය.

අනෙක් අතින් වත්මන් විපක්ෂය මීට එරෙහිවීම සර්ව සාධාරනය, ජවිපේ පවා කෙලින්ම සහොයෝගය දැක්වූ යහපාලන සමයේ එකඳු රාජතාන්ත්‍රිකයෙක් මේ රටට ආවේ නැතිය.

මහා පරිමානයේ ආයෝජන එකක්වත් ආවේත් නැතිය. ගේනා එකම එක ආයෝජනය මහා පරිමානයේ සුදු අලියකු වන ලයිට් ට්‍රේන් ව්‍යාපෘතියකි. රටේ ජනතාවගේ වාසනාවකට එය මේ ආන්ඩුව විසින් නවතා දමන ලදි.

චීන මකරාගේ මේ ගමන ගැන ඉන්දියාව මෙන්ම ඇමරිකාවද ඉන්නේ හොල්මන් වෙලාය.

මන්ද, මේ කොරෝනා වසංගතය ලොව පුරා ව්‍යාප්ත වීමෙන් පසු ලෝකයේ මුල්ම රාජතාන්ත්‍රික ගමන වීමය.

මෙහිදි ඔවුන් එන්නේ අපේ රටට පමණක් නොවේ, ඔවුන් මෙහිදි පවත්වන ඉහළ රාජතාන්ත්‍රික හමුවීම්වලින් පසුව එක්සත් අරාබි එමීර රාජ්ජයටත් (UAE) , අල්ජීරියාවටත්, සර්බියාවටත් යන්නේය.

මේ කිසිවක් අපේ මී හරක් දන්නේ නැතිය. උන් කරන්නේ කරන්නන් වාලේ හැම මළදානයට විරුද්ධව කෑ කෝ ගසනා එකය.

එජාපය ජවිපේ පමණක් නොව, රටේ ජනතාවද අලි පුකෙන් හා අලි ඔලුවෙන් උන්නද අපත් ඉන්නේ වගා ළිදක වැටිලාය. ඉන් ගොඩ ඒම අපිට කිසි දින තනියෙන් කළ නොහැකිය.

මේ ආන්ඩුවට උපදෙස් දෙන බක පන්ඩිතයින්ගේ උපදෙස් අනුව එසේ කල හැකියයි ආන්ඩුව මුලින් සිතුවද, කිසිදින තනියෙන් ගොඩ ඒමක් නොමැති බව දැන් හෝ අවබෝධ කර ගැනීම රටේ මෙන්ම ඔවුන්ගේ වාසනාවය.

ඇමරිකාව හා ඉන්දියාව වැටි තිබෙනා තත්වය හමුවේ ඔවුන්ට අපේ රටට උපකාර කිරීමේ කිසිඳු හැකියාවක් මේ මොහොතේ ඇත්තේ නැතිය. එකම පිහිට චීන මකරා පමණමය.

මෙහිදි කලින් ලබාගත් ණය ගැන සහනශීලී තත්වයක් ඇති කර ගැනීම අප රටේ මූලික පරමාර්ථය බව ලැබෙන තොරතුරු පවසයි. එමෙන්ම අළුත් ආයෝජනයන් ගැනද, දෙවනි කොරෝනා රැල්ල ගැනද සාකච්ඡා කිරීමට බලා පොරොත්තු වන බවත් ආරංචිය.

අප ළිඳක වැටී ඇති බව පරම සත්‍යයය

ගොඩ ආ යුත්තේද ළිං කටෙන්මය…

එකම පිහිට චීනා පමණමය…


ඒ වගත් මෙසේය…






Oct 7, 2020

ඉස්තාලේ කුඩු කරන නෝ මාස්ක්ලා



අස්සයා පැන ගොස් අවසානය. සියල්ලෝ ඉස්තාලය කුඩු කිරීමේ නිරතව සිටි.

ප්‍රභාකරන්ගේ විශාල ප්‍රමාණයේ පිලිරුවක් සාදා දිනපතා මල් පහන් පූජා කලත් වරදක් නැතයි සිතෙන්නේ මේ වෙලාවටය. ඒ වෙන කිසි හේතුවක් නිසා නෙමේය. 

අපේ උන්ට..., සති දෙකෙන් සියල්ල අමතක වෙන බව කී නිසාය. බොහෝ උන්ට එහෙම එකෙක් උන්නාද කියා මතකයක් ඇත්තේත් නැතිය. කොමිසම තියෙන නිසා සහරාන් නම් තාම මතකයේ තිබෙනවාය. 

දැන් කොරෝනා පැතිරුනේ කෙසේදෝ යන්න සොයා සියල්ලෝ මාරම කට්ටක් කනවාය. මුලින්ම දිවුලපිටියේ කාන්තාව ඝාතනය කර දැම්මේය. ඉන් පසු ඇඟළුම් සේවිකාවන් සියල්ල ඝාතනය කර දැම්මේය. දැන් ඒ අයට නැවත පන ලබා දී, බ්‍රැන්ඩික්ස් ආයතනය පොලොවට සමතලා කරමින් සිටී. 

මේවා මරි මෝඩ ජනතාව සමාජ මාජ්ජවල පමණක්ම කරනවා නම් ඇවුලක් නැතිය. මන්ද ඒවායේ කිසිඳු වගකීමක් ඇත්තේ නැති නිසාය. ඒ සමාජයේම කැඩපතක් වන නිසාත් එතන සියල්ලෝම නියෝජනය වන නිසාත්ය. 

එහෙත් වගකීමක් සහිත ජඩමාධ්‍ය පමණක් නොව ආන්ඩුවේ වගකිව යුතු නිළධාරීන්ද හැසිරුනේ හා ප්‍රකාෂ නිකුත් කලේ ඉතා පහත් ආකරයෙන්ය. උදාහරණයක් ලෙස PHI මහතැන පෙන්වා දිය හැකිය. 

ඔහු දිවුලපිටියෙ කාන්තාව ගැන අදහස් පලකලේ ඉතා පහත් ආකාරයටය. මෙවන් නිළධාරීන් ගැන ආන්ඩුව මීට වඩා දැඩිව ක්‍රියාත්මක විය යුතුය, නැතිනම් ඒවා සමාජගත් වෙන්නේ ආන්ඩුවේ මතයන් ලෙසය. 

ITN පුවත නිවැරදි කලද. මේ නිළධාරියා සමාව ගැනීමක් හෝ කලේ නැත. 

කොවිඩ් සවුක්ක ආරක්ෂිත ක්‍රම කිසිවක් අනුගමනය කර නැත්තේ බ්‍රැන්ඩික්ස් ආයතනය පමණමය. අනෙක් සියල්ලෙම ජීවත් වූයේ නිවැරදි සවුක්ක් ප්‍රතිපත්ති අනුවය. 

දැන් හැම එකාම බයවෙලා තියෙන්නේ, තම තමනුත් කෙලියේ පිස්සු නේදැයි කියා තමන්ගේ සිත දන්නා නිසාය.

රටේ ප්‍රධාන පුරවැසියාගේ සිට ආරක්ෂක ලේඛම් ආරක්ෂක රාජ්ජ ඇමති මෙන්ම සියල්ලෝම සිටියේ ඕවර් කොන්ෆිඩන්ස් එකේය. මතබේදයට තුඩු දුන් රිෂාඩ් හමුවේද, සියල්ලෝ සිටියේ ෆේස් මාස්ක් නොමැතිවය. පොලීසිය පාරේ උන්නේද එහෙමය. 

පාරේ යන උන්ට බලෙන් මාස්ක් දමනා නාලිකාවල උන් තරු තරඟ පැවැත්වූයේද එසේය. ටෙලි නාට්ටි කාරයන්ට සම්මාණත් දුන්නේය. මහා පොත් ප්‍රදර්ශණද තිබ්බේය. කරන්න තියෙන හැම විගඩමම කලේය. නාඩගමම නැටුවේය.

දැන් ඒ සියල්ල අමතක කොට උඩ පැන පැන තැලීමට යකඩයක් සොයමින් සිටී. 

සියල්ලෝම වැරදි කරුවෝ බව දන්නා නිසා බ්‍රැන්ඩික්ස් පිට වරද් පටවා අත සෝදාගැනීම ලේසිය. 

මීට දින කීපයකට පෙර රුසියාවෙන් පැමිණි පිරිසක එක් පුද්ගලයකු ආසාධිත යැයි පවසමින් මහා කලබලයක් ඇති උනේය. කොරන්ටයින් උන්නා නම් ඒ යක්කු මාතර සුපර් මාර්කට් ගියේ කෙසේදැයි අහන්නට එකෙක් උන්නේ නැතිය. සියල්ල පාලනයෙන් ගිලිහී ගොස් තිබින. ඒ අපේ ලාංකිකත්වයයි. 

කොටින්ම මාස්ක් එක දාගෙන යන එකා විහිලුවට ලක් උනේය. සමහර ආයතනවල අට අනුවක් රෙගුලාසි අනුව ඇතුලට ගත්තද.., ඇතුලේ උන් උන්නේ..., නෝ මාස්ක්ය.

කොටින්ම කියනවා නම් දිවුලපිටියේ කාන්තාව ගම්පහ රෝහලට ඇතුලත් වී ඇත්තේ, හුස්ම ගැනීමේ අපහසුව හේතුවෙනි. ඇය ඇතුල් වූ වෙලේ ටෙස්ට් එක කලා නම් මීට දින කීපයකට පෙර හෝ ක්‍රියාමාරග ගැනීමේ ඉඩක් තිබිනි. එහෙත් ටෙස්ට් රිසාල්ට්ස් ආවේ ඇය නිවසටද යෑමෙන් පසුය. 

රෝගය ගැන ප්‍රාමාණික දැනුමක් සහිත උන් ඉන්නා ආයතනයක් වන ඉස්පිරිතාලවල තත්වය එසේ නම්, ෆැක්ටරිවල තත්වය ගැන කුමන කතාද..?

ගාමන්ට් ෆැක්ටරි වල රැකියා ගැන වෙන්ම කතා කල යුතු මාතෘකාවකි. එහෙත් මාතලන් නම් දකින්නේ ඒ තත්වය ඇත්තේ ගාමන්ට් ඉන්ඩස්ට්‍රියේ පමණක්ම නොවේ කියාය. පෞද්ගලික අංශයේ කර්මාන්ත ශාලා සියල්ලේම තත්වය එසේය. 

පාඩු ලබන ආන්ඩුවේ කර්මාන්ත ශාලා වල මෙන් අයිස් ගැහිලි එවායේ වානාය.  මා නම් එහි වරදක් දකින්නේ නැතිය. ඕනෑම කෙනෙකුට එතන රැකියාව කිරීමට අකමැති නම් කරන්න තිබෙන්නේ ඉවත් වෙලා ගෙදරට වෙලා ඉන්න එක හෝ ආන්ඩුවේ රස්සාවක් සොයා ගන්නා එකය. 

දැන් කල යුත්තේ එකිනෙකාට චෝදනා නගමින් බෝලය පාස් කරනවාට වඩා, සැඟවුන 500 ගැන දන්නවා නම් ළඟම ඇති පොලීසියට නිව්ස් එක දෙන එකය. පිලිගැනීමට අකමැති වුවත් අකමැති වුවත්, රෝගය දීප ව්‍යාප්ත වී අවසානය. 

ගම්පහ යනු ජන ඝනත්වය වැඩිම දිස්ත්‍රික්කයයි. වැඩෙ ලේසි වෙන්නේ නැතිය. එක එකාට වරද පැටවූවා කියා කොරෝනා බෝවීම නවතින්නේ නැතිය. ඒ සඳහා තමන් ආරක්ෂා වන අතරේ රෝගී වූ සියල්ලන්ටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කල යුතුය. 

වෛර කිරීමෙන් ලැබෙනා ලබ්බක් ඇත්තේ නැතිය. වෙන්නේ ලේ කෝප වී කොරෝනාවට ශරීරය තුල සෙල්ලම් කිරීමට ඇති ඉඩ ප්‍රස්තාව වැඩි වීම පමණමය.  

අස්සයා පැන ගොස් අවසානය. ඒකේ තරහට ඉස්තාලය කුඩු කරලා හරියන්නේ නැතිය. කල යුත්තේ ඉස්තාලය පිරිසිඳු කොට අස්සයා ආයේ ඉස්තාලයට ගෙන ඒමය.


ඒ වගත් මෙසේය.....

Oct 2, 2020

නොදැන කතරගං ගොස් අතරමං වී පීචං වීම

 


දැනගෙන ගියොත් කතරගං යා හැකි බවත් නොදැන ගියොත් ගියොත් අතරමං කියා අපූරු කියමනක් අපේ ජනවහරේ තියෙනවාය. අපේ නිහතමානි චමල් රාජපක්ෂ මතිතුමාට හා කමල් ගුණරත්න මහත්තයාටත් උනේ ඒ වාගේ වැඩක්ය.  ඒ විතරක්ද? කිසිසේත් නැත... 

ඇට නම ලක්ෂයක් බයියෝද අන්ත සරණ වී අතරමං වී පුක මූට්ටු වී සිටී. 

සාමාන්‍ය බයියෝ එසේ ඇදගෙන නෑවද, අනෙක් දෙන්නාද ඇදගෙනම නෑවේ, බෙරෙන්නට බයිලා ගසන්න ගොස්ය. එක්කෝ දෙන්නාටම තිබුනේ සද්දේ වහලා ඉන්නය. මේවා මේ දේශපාලනය නොදන්නා අයගේ පටු අදහස් කියා කීවානම් හොඳටෝම ඇතිය. ඇත්තටම චමල් මහත්තයා එසේ කියුවේය. 

සමාන්නියෙන් ඔය VIP පොරවල් කිසියම් තැනකට යාමට මත්තෙන් ෆුල් චෙකප් එකක් දෙනවාය. මම හිතන්නේ චමල්ටත් වඩා කමල් ගුණරත්නට ආරක්ෂාවක් ඇතයි කියලාය. 

ඒ නිසා යම් තැනකට යාමට පෙර එන්නේ මොකාද එන්නේ නැත්තේ මොකාද කියා සොයා බැලිම්මක් කරනවා ඇතයි කියා අප සිතන්නේය. එහෙම නොකරන්නේ නම් ඉදිරියට්වත් එහෙම කරනවා නම් මේ වාගේ පීචං වෙන්න ඕනා නැතිය. 

එහෙම එකෙක් ඇවිල්ලා ඉන්නවා නම් කරන්න තියෙන්නේ.. අර මර්වින් සිල්වා කලා වාගේ සංවිධාකයින්ගේ අම්මා අමතා... හොඳ හූවක් තබා හැරිලා ගෙදර එන එකය...

සමාන්නියෙන් මෙහෙම ප්‍රකාෂ වෙනදාට එන්නේ නැති උනත්, මේ වර ආවේ බයියන් කුලප්පු වූ නිසාය. රිෂාඩ් නොව ජීවත්ව උන්නේ නම් සහරාන් උනත් බලු කුක්කෝ කර තමන් ළඟට ගන්නා එක රාජපක්ෂලාට ඉතා පහසු වැඩය. 

එහෙම ගත් දරුණු ඝණයේ ත්‍රස්තවාදියෝ අද චිචීගේ බල්ලන්ටත් වඩා කීකරුව රාජප්ක්ෂලා ළඟ ඉන්නවාය. 

දේශද්‍රෝහීන් දේශප්‍රේමීන් කිරීමටද, ජාතිකවාදීන් සහජීවනයින් කිරීමටද, වාමවාදීන් පට්ට ලබරල්වාදීන් කිරීමටද, ලිබරල් වාදින් අමු බයියන් කිරීමටද රාජපක්ෂලා තරම් සමත් පිරිසක් මේ මිහිපිට ඇතයි කියා මාතලන් නම් විශ්වාස කරන්නේ නැතිය. 

ටොයියෝ යැයි කියා අපි හිතපු පට්ට ලිබරල් පොරවල් තැරි දාර පුනක්කු ගැසට් රිවස් පොල් ටේප් බයියෝ බවට පත්කලෝ රාජපක්ෂලාම මිස වෙනින් කවුරුත් නොවේය.

කොටින්ම මහානායක හාමුදුරුවද රාජපක්ෂලාට එහෙයි හාමුදුරුවනේ කියා කියනවාය. ඒවා ලේසියෙන් ලැබෙන්නේ නැති දේවල්ය. සමාර විට බුද්ධාගමට අනුව නම් ඒ පෙර පින්ය.

තත්වය එසේ යැයි කියා එයාලාට බලය දුන් අයගේ සිතුවිලිවලට හානී කිරීම අනතුරුදායකය. 

කලින් එහෙම කරලා හොඳවයින්ම පරිප්පුවක් එයාලා කාලා තියෙනවාය. සමාර අය නැවතුනේ ජනෙල් පොලුවලය. සමාර අය ඇමරිකාවේය. සමාර අය වැලිකඩය. 

බලය ලැබුනාම පිස්සු කෙලින්නේ නැතිව, මේවාත් මතක තබාගෙන වැඩ කිරීම අනාගතයට හොඳය. 

චමල් මහත්තයාට "පටු අදහස්" කතාව පැත්තකට දමා ප්‍රකාශයක් නිකුත් කරන්න වෙන්නේ ඒ අනුවය. 

එය ඇදගෙන නාමින් සිටී බයියන්ට ලැබුන තුවායක් හෙවත් ටවල් එකකි. දැන් ඇඟපත පිසදාගෙන ලැජ්ජාවක් නැතිව පාරේ බැහලා යන්න පුළුවන්ය. 

20 ට සහාය දීමට...., රිෂාඩ් ආන්ඩුවට සහාය දේද නොදේද කියා අප දන්නේ නැතිය. 

සජිත් නම් කියන්නේ අම්මා කෙනෙක් ගෙන් ජනිත වූ අයට එහෙම රාජපක්ෂලා ගාවට යන්න බැරියෙයි කියලාය. 

මද්දුම බංඩාර පුතා නම් කියන්නේ... ආන්ඩුවේ උන් එයාලා එක්ක 20 ට විරුද්ධව චන්දේ දෙන්න ඉන්නවා කියලාය.

එතකොට උන් අම්මාලාගෙන ජනිත වූ උන් නොවේදෝ කියා අම්මලා ගැන සදාචාරාත්මක ප්‍රශ්ණයක් අපට එනවාය.

මොන සෙල්ලම් දැම්මත් ජනතාව විසින් විරුද්ධ පිලේ උන්ගේ අම්මලාට පින් අනුමෝදම් කිරීම අනිවාර්යයෙන් වෙනවාමය.  

ඒවා එසේ වූවද,  අපට නම් කීමට ඇත්තේ.... 

බයියන් විසින් දන්දිනා හාමිනේගේ ගුණ ගායනා කරනා වැඩ නොකර ඉන්නවා නම් බොහෝම හොඳයි කියලාය. 

මන්ද මෙවර බලය ලබාගැනීම සඳහා... ගමේ හංදියේ රිෂාඩ්ලාට චන්දය දී ගමට එන්න එපා කියා  බැනර් දාපු උන්.... ඒ දේ නොකර සිටින්නේ නැතයි කියා... අපට වඩා හොඳින් මහින්ද මහත්තයා දන්නා නිසාමය...

පල්හෑල්ල අවසාන කිරීමට පෙර බුකියේ වූ නිර්මාණශීලී පෝස්ට් එකක් ගැනද කිව යුතුමය. 

කව්දෝ වෙසා කොල්ලෙක් කමල් ගුණරත්නගේ පෝස්ට් එකක් විදියට දලා තිබුනේ..

අර පිටිපස්සේ කළු කන්නාඩි දෙකක් දාගේන ඉන්නේ මම.... යැයි කියාය..


ඒ වගත් මේසේය....