සුවභාවික විපත් ලෝකය මැවූවායැයි කියනා දෙවියන් වහන්සේටවත් නවත්තන්න පුළුවන් ඒවා නොවේය. ඒත් දැන් ට්රම්පට් අයියා හැර ලෝකයේ එනෙක් බලවතුන් මේ ගැන මක්කා හෝ කරන්න යනවාය. අම්මට සිරි ලංකාවේ උන් ඉන්නේ එසේ වෙනසක් කිරීමට උත්සාහ කරනා උන් එක්ක නෙමේය, නාහෙට නාහන පිස්සු යකෙක් වෙන ට්රම්පට් අයියාගේ පැත්තේය. මේ විපත් වලට හැම එකාම මහින්දටයි, සිරිසේනටයි, රනිල්ටයි එද ඉඳන් රට පාලනය කරපු උන්ගේ පලු ඇරියාට උන්ටම ඉතරක් දොස් කියලා හරියන්නේ නැතිය.
හොරෙක්, මංකොල්ලකරුවෙක්, මංපහරන්නෙක්,දේශප්රේමියෙක්.... මෙන්ම විශ්වයේ ජීවියෙක්....
.
Showing posts with label Natural Disaster. Show all posts
Showing posts with label Natural Disaster. Show all posts
Jun 3, 2017
May 29, 2017
ඟං වතුර ඩිසාස්ටර් මැනේජ්මන්ට් ඉන් මාතලන්ස් වේ - Disaster Management in Maathalan's way
වැස්ස වහින එක සිරිසේනටවත්, රනිල්ට තියා මහින්දටවත් නවත්තන්න බැරිය. ඒ වාගේම 2020 ආන්ඩුවක් පිහිටුවන්න සිටිනා රතු තරුව බලකා බලගනයේ නායක අනුර කුමාරයාටත් බැරිය. ඒ තියා නිර්මාල්ට මෙන්ම වෛද්ය සංගමයටත් බැරිය. වහින්නේ නැතෙයි කියා හංදියක් ගානේ කන පැලෙන්න පීකර් දාගෙන පිරිත් කියපු නිසා, වැස්ස වලාහක දෙයියන්ට මළ පැනලා, ඉඳා කාලා වරෙන් කියා පුක නැති වෙන්නම දෙන එක දෙනවාය.
එහෙම පුක නැතිවෙන්න දීලා 100 ක් දෙසීයක් මැරුණායින් පස්සේ සංඛ්යා ලේඛන ජනතාවට දීම සඳහා අමාත්තියන්ස හා දෙපාර්තමේන්තු කීපයක්ද පියිටුවලා තියෙනවාය. ඒවා හැඬල් කොරන්න ඩිසාස්ටර් මැනෙජ්මන්ට් සැන්ටර් කියා එකකුත්, මිනිස්ට්රියකුත් තියෙනවාය. ඒකේ ඇමතියාත් ඟං වතුරේ ගහගෙන ගොහින්ද කොහේදය. ඉතින් දන්න කියන අය, යා පකෝ යා පකෝ කියා එතුමා සොයනවාය.
May 22, 2016
කොළඹ ගංවතුර, ආපදා කළමනාකරණය හා ගරානාව - Colombo Floods, Disster Management & Govt. Fund
ලංකාවම ගං වතුරෙන් යට විය. හැමෝම දැක්කේ කොළඹ පමණක්මය. සුපුරුදු පරිදි ආන්ඩුව ගං වතුරේද නෑවේය. බුදු පිළිම නිරාවරණ, ධාතු ප්රදර්ශණ, ආළෝක පූජා, තොරණ විවෘත කිරීම් සියල්ලෙන්ම පසුව ගං වතුරෙන් ආපදාවට පත් පිරිස් බැලීමට රටේ නායකයාට සිහිවන්නට ඇත්තේ පත්තරයක් බලන්න්ට ඉස්පාසුවක් නොමැති නිසා වෙන්ටැතිය. ඒ ගැන එතුමාට දොස් කීම වැරදිය. හැම දේම එතුමාට කිරීමට නොහැකි හේතුවෙන්, ආපදා කළමණාකරනය සඳහා ඇමති කෙනෙක් පත් කොරලා වෙනම අමාත්තියන්සයක් පිහුටුවා තියෙන්නේ ඒ වෙනුවෙන්ය.
Oct 29, 2014
ජාතික ශෝක දිනයක්...! - Day of mourning...!
හපුතලේ, හල්දුම්මුල්ල,මිරියබැද්ද ප්රදේශයේ, නාය යාමකින් අතුරුදන් වූ හා මියගිය සියළුම සහෝදර ජනතාව වෙනුවෙන් අපගේ හද පිරි ශෝකය..!
මේ අපේම සහෝදර ජනතාවයි. ඔවුන් වෙනුවෙන් දිනක හෝ ශෝකි කාළයක් ප්රකාෂ කරණු ඇතයි අප උදෙක්ම බලා පොරොත්තු වෙමු.
Subscribe to:
Posts (Atom)



