.

.
Showing posts with label Shavendra. Show all posts
Showing posts with label Shavendra. Show all posts

Jun 23, 2021

රනිලාගමනය හා මහින්දාගමනය

 

ජනතාවට විමුක්තිය ලබා දෙනවා යැයි කියනා පෙරමුණටත් එහා, ඇපත් නැති වෙන කෑමක් කෑ එකසත් ජාතික පක්ෂයේ සදාකාලික නායක රනිල් ව්ක්‍රමසිංහයානෝ පාර්ලිමේන්තුවට පැමිනීම හෙවත් රනිලාගමනය යෙදී තිබුනේ ඊයේය. අද මහින්දාගමනය සිඳුවූ පොසොන් පෝ දිනයය. මහින්දාගමනයත් සමඟ ඇරඹුන සිංහළ බෞද්ධ ශිෂ්ඨාචාරයට මුලිකත්වය ලබා දෙන ආන්ඩුවක් බලයේ සිටියදි, ලිබරල් ධනවාදියෙක් යැයි කියූ රනිල්ගේ පාර්ලිමේන්තු පැමිනීම, උන්නැහේටත් ආන්ඩුවේ සමහරුන්ටත් ඉතා සතුටුදායක කරුණක් වී ඇති අතර, සමහරුන්ට බිය උපදවන සිඳුවීමක් බවටත්, මාතලන් වැනි අයගේ හාස්‍යයටත් හේතූ වී ඇත.

ඒ කාළේ පන්තියට අලුතෙන් එකෙක් ආවම, පන්තියේ ඉන්න චන්ඩ් හෙවත් අයියලා එයාලාගේ අයියා පාට් අර අලුත් එකාට පෙන්නලා ඌ බය කරගන්නා සිරිතක් තිබුනේය. ගෝත්‍රික කැම්පස් තුල නවක වදය ලෙසින් අදටත් ක්‍රියාත්මක වන්නේ මේ ක්‍රියාන්විතයය. ඊයෙ කුර සහිත ජීවීන්ගෙන් බහුල සජිත් ප්‍රේමදාස හා ඔහුගේ මරි මෝඩ රැල පාර්ලිමේන්තුවේ නැටුවේ එහෙම නාඩගමක්‍ය. උන් රනිල්ට පෙන්නූ නාඩගම බලා, රනිල් මෙන්ම අපිත් පට්ට ආතල් එකක් ගත්තේය. දැන් උන්ට කැඳත් නෑ කියා උන්ම කියනවා තරම් සතුටක් අපිට නම් ඇත්තේ නැතිය.

සජිත්ට කෙලවීම

සජිත් ප්‍රේමදාස යනු රාජපක්ෂලාට එදීරිව ගෙන හා හැකි නායකත්වයක් නොව එකම පිස්සු විකාරයක් බව විපක්ෂ ක්‍රියාකාරිකයින්ගේ හා මාධ්‍යවේදීන්ගේ මතය වී තිබුනේ බොහෝ කළකට පෙර සිටය. එහෙත් එය ලෝකයට ඔප්පු කොට පෙන්වුයේ පෙරේදා දිනයේ කසිප්පු කාරයකුගේ ඇජෙන්ඩා එකකට නැටූ මොන්ටිසෝරී ප්‍රසංගයෙන්‍ය. එය එකම විකාරයක් බව කිවේ අප නොවේය. සජිත් ජලනි බලවේගයේ කිඹුලා ඇල රාජිත හා 43 බලකායෙ පාඨලීලාමය.

මෙතෙක් උන් කිසිම විපක්ෂ නායකයකු මාධ්‍යවේදීන්ගේ සම්ච්ඡලයට කිසිදා ලක්වූයේ නැතත්, පෙරේදා මුලු රටටම එයත් දැනගැනීමට ලැබුනේය. ආන්ඩු පක්ෂයේ අසමගිය ගැන කතා කරන ඔය සජබ ඇතුලේ හැමදාම වලි බව දන්නා උන් දන්නවාය. ඔය පක්ෂයේ ඉහළ තැන්වල ඉන්නා කීප දෙනාම අලි ඔළු මාන්නක්කාරයෝය. ඔය හාල්පාරුවෝ එජාපයේ සිටියදී රනිල් එපා කීවේ, රනිල් කිසිවකුටත් කන් දෙන්නේ නැති කිසිවකුත් ගනන් ගන්නේ නැති නායකයකු යැයි කියලාය. 

එහෙත් සජිත් යනූ පට්ට කුහක උද්දච්ඡ් මාන්නක්කාරයෙක් බව මේ වන විට රනිල්ට ගේම් ඇද්ද සියල්ලන්ටම වැටහී අවසානය. උන් පරිප්පු කන්නේ සජිත්ගෙන් විතරක් නොවේ. පක්ෂය හා සජිත් මෙන්ම හේමාත් පාලනය කරනා ජලනි ප්‍රේමදාස ආර්‍යාවගේ පුරුෂ හිංසනයටත් ලක්වන වින්දිතයෝ වී අවසානය. සියල්ලන්ම කියන්නේ මෙවන් එකෙක් නායකයා උනොත් හෙම අප හැමට සම්මා සම්බුදු සරණයි කියලාය. 

මාධ්‍යවේදීන් හා සහජීවනයක් පවත්වා ගැනීමට නොහැකි කිසිම දේශපාලුවකට ජනප්‍රිය දේශපාලකයකු විය නොහැකිය. සජිත් හා ජලනි පමණක් නොව සජිත්ගේ නැගනිය වන දුලාංජලිද ජනාධිපතිවරණ සමයේ නැටූ නාඩගම් බොහෝ අයට අමතක වූවාට, රණසිංහ ප්‍රේමදාස යුගයේ හේමා ප්‍රේමදාස මැඩම්ගේ විසූක දස්සන නාඩගම් බැලූ අපට නම් කිසිදා අමතක වන්නේ නැතිය. 

විකල්ප නායකත්වයක් නොමැති විපක්ෂය

කරුමයකට සජබේ නායකත්වයට අභියෝග ලෙස ඉන්නේද එවැනිම මාන්නක්කාරයන් පිරිසක් වීම රාජපක්ෂලාගේ වාසනාවය. පාඨලී, ෆොන්සේකා හා රාජිත කියන්නෙත් ඒ ජාතියේම බඩුය. ඔය එකෙක්ටවත් එක තැනක ඉන්නට බැරිය. කොටින්ම තම පක්ෂයේ උන් එක්කවත් ඉන්නට බැරිය. ඒ ඔවුන්ගේ අධි මාන්නය නිසාමය. මේ හේතුවෙන්ම මේ කිසිවකුත් නොවෙනා නායකත්වයක් සෙවීමේ කටයුතු ඇමරිකන් එම්බසිය, ජිනීවා මානව හිමිකම් කමිටුව, යුරෝපා සංගමය, දෙමළ ඩයස්පෝරාව, ශ්‍රී ලංකා අයිසිස් බලකාය, සමස්ත ලංකා බෝනගේන් පෙරමුණ ප්‍රමුඛ කොළඹ සිවිල් සමාජය කටයුතු ආරම්බ කර ඇත.

කවුරුන් මක්කා හිතුවත් රනිල් පාර්ලිමේන්තුවට එන්නේ මේ වැඩේටය. ඒ නිසා ඔය ආතල් ගන්නා අයගේ ආතල් ටික දිනකින්ම කුඩු වී යනු ඇත්තේය. රනිල්ගේ ආතල් එක ඒකය. රනිල්ගේ මූලික පර්මාර්තය වන්නේ සජිත්ට කෙලීමය. එය මේ වන විටත් ආරම්බ වී අවසානය. ඒ පිළිබඳව වෙනම ලියන්නට ඕනෑ මාතෘකාවකි. 

මාතලන්ට අනුව නම් රනිල් යනු අපේ කාළයේ ජීවත්වන පට්ටම ෆේල් දේශපාලුවාය. ඔය රනිල්ගේ නම ඉදිරියේ වැටෙන කිසිවක්ම රනිල්ගේ වැඩ නොව ජේ ආර්ගේ වැඩ බව දේශපාලනය දන්නා උන් දන්නවාය. ඔහු පක්ෂ නායකත්වයට පත් වීමෙන් පසු කළ කිසිවක්ම ඇත්තේ නැතිය. ලංකාවේ දැවැන්තම පක්ෂය වූ එජාපයේ එකෙක්ටවත් ඇපත් නැතිවෙන්නම කෙලියේ රනිල් වික්‍රමසිංහය. රනිල්ගේ මාමන්ඩිය මේ කරුමය දැනගෙනම ජාතික ලැයිස්තුව ඉන්ට්‍රඩියුස් කලා වෙන්නත් ඇහැකිය. 

නමුත් රනිල් සතුව එක් දක්ෂතාවයක් ඇත්තේය. ඒ මා කලින් සඳහන් කළ එයාගේ එකම විනෝදය වන දේශපාලන කෛරාටිකත්වයයි. මේ කිසිවක් සාර්ථක ඒවා නොවූවත්, රටේ කරුමයට ඒවා කීප වරක් ජයග්‍රහණය කරලාත් තියෙනවාය. ඒ වෙනුවෙන් රනිල්ගේ සහායට මා කළින් සඳහන් කළ පිරිසට අමතරව, ලාංකිය ඉහළ සමාජයේ, සිංහළ, දෙමළ, මුස්ලිම්, සිවිල් බලධාරීන් පිරිසක්ද චන්ද්‍රිකා කුමාරණතුංගද ඔහු හා එක පෙලට සිටී.

රනිල් පැමිණිමෙන් ගීනිකන වැටුන ආන්ඩුවේ මෝඩයෝ

ආන්ඩුව අවබෝධ කර ගත යුත්තේ මෙයයි. ඔවුන් විසින් මේ වන විට අභයරාමයේ නාහිමි ලොක්කා හා ඇල්ලේ වට හිමි ඩැහැගෙන අවසානය. හැමදාම ගංඟාරාමයට ගිය රනිල්, පාර්ලිමේන්තුව සිට කෙලින්ම අභයාරාමයට යන්නේ බුදුන් වඳින්නට නොවේ. ඒ තමන්ගේ වැඩ ඇමරිකාවට, ජිනීවාවලට හා යුරෝපයට පෙන්වන්නටය. රනිල්ගේ ටීම් එකට ඩොලර් ගලාගෙන එන්නේ මේ ආතල් පෙන්නුවාමය.  

ඒ නිසා රනිල්ගේ ආගමනයෙන් ගිනිකන වැටී ආතල් ගන්නා ආන්ඩුවේ උන්ට කියන්නට ඇත්තේ, ගිය සැරේ වගේම මේ සැරෙත් ඔය පිලේම එකෙක් උස්සනකම් ඔහේලාගේ ආතල් එක ඔහේලා ගන්නෙයි කියලාය. මේ වන විටත් පොද්දා ලෙස විමල් වීරවංශ ගෙන ඒමේ කටයුතු අවසන් කර ඇති බවත්, ජනාධිපතිවරණයට ආසන්න මොහොතේ ඔහු ඉදිරියට ගෙන ඒන බවටත් තොරතුරු එන්නේ ඒ අතරේය. 

වට් ඒ ග්‍රේට් ඉස්පීච්

ඊයේ රනිල් ලොක්කා මාර කතාවක් කලා යැයි කියා බොහෝ දෙනෙක් කතා උනේය. කොහොමත් තොප්පිගල කැළෑවක්ය, කිලිනොච්චි කියා මැදවච්චි යනවාය කියූ, පිරිභාහරන් හා සාම ගිවිසුම් ගසා බුද්දි අංශයේ සුපිරිම බඩු මරා දැමූ, මිලේනියම් සිටිය පාවා දුන්, GSP ගන්න හමුදාවේ උන් පාවා දුන්, අදටත් පොලීසිය හමුදාව පාවා දෙන එකෙකුට ශවේන්ද්‍ර සිල්වා දිරවන්නේ නැති වීම මහා දෙයක් නොවේ. 

මෙයාලා ආන්ඩු කරා නම් කොවිඩ් වලින් නාගන්නා හැටි, ඊයේ කදිමට ඔප්පු කලේය. ඒ කියන්නේ එයාලා බලයේ උන්නා නම් හමුදාව කොරෝනා මැඩීමේ කටයුත්තට කිසි සේත් සහභාගී නොකර ගන්නා බවට ඔහුගේ කතාවෙන් කදිමට ඔප්පු විය. එයා කියන්නේ අමාත්‍යංශ ලේකම් වරුන්ට නියෝග දීමේ අයිතියක් දෙපාර්තමේන්තු ප්‍රධානියෙක් වෙන ශවේන්ද්‍රට නැතැයි කියාය. 

සෞඛ්‍ය අංශයේ උන් වැක්සීන්කරණය හත්පොලේ ගාගත් හැටි මුලු ලෝකයම දැක්කේය. ගොම සංගමේ උන්ගේ බල්ලන්ටත් වැක්සීන් ටික ගහගත්තේය. මරණ ටික අද වෙනකන් හරියට කියා ගන්න බැරි උන් හැමදාම මිනී කන්දක් ගැන නම් කියන්නේය. මේ වසංගතයක් මැද්දේ වැඩ වර්ජනය කරපු සවුක්ක සේවකයන් උන් ලෝකයේ එකම රටත් මේ රටම වූයේය. 

ශවේන්ද්‍ර ලේඛම්වරුන්ට අණ දෙන්න ගියා කියා මේ වන තෙක් කිසිම කෙනෙක් චෝදනා නොකලාතර කොරෝනා මර්ධන ක්‍රියාන්විතයේ යෙදී සිටිනා සියළුම නිළධාරීන්ගේ ගෞරවාදරාට පත් වූ චරිතයක් බවට ශවේන්ද්‍ර මේ වන විට පත් වී අවසානය. රනිල්ලාට ඇත්තේ මේ ඉරිසියාවයි. 

රනිල් නොදන්නා දේ නම්, ශවේන්ද්‍ර සිල්වා ප්‍රධානියා වන්නේ කොරෝනා මර්ධන "ක්‍රියාකාරී" කමිටුවේ මිස, කොරෝනා මර්ධන ජනාධිපති කාර්ය සාධක බලකායේ නොවනා බවයි. එහි ප්‍රධානියා 20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් තවත් බලතල ලබාගත් ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂයි.. 

ඒ අනුව ඊයේත් රනිල් වික්‍රමසිංහ පිට පොට පටලවාගෙන උන් බව කවුරු කවුරුත් අවබෝධ කර ගැනීම ඉතා හොඳය තවත් විශේෂිත කරුණක් පමණක් ලියා තබමින් මේ පල් හෑල්ල නවතා දැමිය යුතුය. 

මහරාජාගේ පෝස්ටරේ

ඒ ගැනත් වචනයක් නොලිව්වොත් පොටෝ එක එල්ලපු එකෙන් වැඩක් ඇත්තේ නැති වෙනවාය. මෙයින් කරුණු දෙකක් මහරාජා බලාපොරොත්තු වේ..

1. සජිත් හා රනිල් සමඟි කොට, සජිත්ට රනිල් අභියෝගයක් වීම වැලැක්වීම.
2. බිලියන 400 ක් වන වෂ විස පිරි තෙල් බෙහෙත් වෙනුවෙන් කෑ ගසනා මිනීමරුවන්ගේ ගොඩට රනිල් එක් කර ගැනීම.


ඒ වගත් මෙසේය.......