.

.

Apr 29, 2013

විදුලි මාෆියාව, පිරබාහරන්ටත් වඩා බලවත්ද? - Electricity Power & Man Power


හෙට මැයි පළවනදාය. කම්කරුවාගේ දිනය වගේම, කාන්තා ශෝක දිනයත් යෙදී ඇත්තේ හෙටය. (දන්නෝ දනිති) . 70-77 කාළේ මැයි පෙළපාලි බලන්න ගියා අද වගේ මතකය. මැතිනිගේ පෙළපාලියේ ගියපු දේශප්‍රේමී ජනතාව කෑ ගැහුවේ. "සීනී නැතිව තේ බොන්නම්...., මිරිස් නැතිව හොදි කන්නම්...." කියාය. ඒ මොකෝ, ඒ කාළේ ඒවා "අධි සුඛෝපභෝගී" භාන්ඩ වෙලා තිබුන නිසාය. හෙට ආන්ඩුවේ පෙලපාලියේ යන උන්, "ලයිට් නැතුව අපි ඉන්නම්....., ඒ උතුමා කියනවනම්....." කිය කියා ගියෝත් ඔහේලා එච්චර අප්ෂට් ගන්න එපාය. මොකෝ, අද බහුතරයක් ඉන්නේ දේශප්‍රේමී ජනතාව නිසාය. අනික ගෙදර ප්‍රශ්ණ ඕසෙට තිබුනත්, බත් පැකට් එකටයි, ගල් කාලටයි, මිනී මරන උනුත් ඉන්න එකේ, එහෙම කියන්නේ බොක්කෙන්ම නොවන බවත්, ඒවා බලා ආතල් ගන්න අය හිත ගත්තොත් හොඳය.

Apr 28, 2013

ගේල්ට ආච්චි වැහීම - Gayle, The Superman


මේ ළෝකේ හාස්කම් ඇති බව, බොහෝ දෙනෙක් විශ්වාස කොරන්නේ නැතිය. ඒත් එහෙම එව්වා ඇති බව සැමාත් පිලිගෙන ඇත. විශබීජ යන නිසා, අළුත්කඩේ පැත්ත පලාතේ එන්න බැරියැයි කියපු, දුමින්ද සිල්වා, කොළොන්නාවේ කුණු කන්ද පැත්තේ කුඩ්ඩෝ ගේන මල් මාලා දාගෙන යන්නේ එහෙම හාස්කම් තියෙන නිසාය. ඒත් ඉතින් ඒකට කීර්ති වර්ණකුලසූරිය වගේ ගුරාලාත්, අළුත්කඩේ වගේ දේවාලත් තියෙන්නම ඔනෑය. සචින් තෙන්දුල්කාර්ට ආච්චි වැහෙන එක ගැන, "සාමි" කෙනෙක් කිව්වේ, සචින් බැට් කරන වෙලාවට එයා සචින්ට ආවේස වෙන බවය, ආවේස වෙනවා කියන්නේත් වැහෙන එකටමය. එහෙම ආවේස වෙන අයත්, ආවේස උන් සනීප කොරන ගුරාලත්, අද ළෝකයේ ඕනෑ තරම් ඇත. අපේ නැන්දා කෙනෙක්ටද අපේ ආච්චි ආවේස වෙලා මල ගිනි විජ්ජුම්බරයක්ම උනේය.

Apr 17, 2013

ඔසප් වේදනා (වැඩිහිටියනට පමණක් නොවේ.)- Menses Pain (Not Only for Adults)


මේක ලියන්න හිතුනේ, අපේ දුකා, ඕනම දෙයක් ගැන කතා කරාම, පිරිබාහරන් සිංහල ජාතිය ගැන කියපු කතාව මතක් කරන නිසයි. ඒ කියන්නෙ ඕන දෙයක් "සති දෙකයි" කියන කතාව. දැන් විදුලි බිල වැඩි කිරීමේ වේදනාවත්, සති දෙකයි කියලා තමයි එයා කියන්නේ. ඒත් එහෙම වෙන එකක් නෑ. මැයි මාසේ බිල වැඩි වෙනවා කියන්නේ දැන් පාවිච්චි කරපුවටත් එක්කමයි කෙලින්නේ. බස් ගැමුණුත් මිළ වැඩි කරන්න ඕන නෑ කියනවා. ඒ ආදරේට නෙමෙයි, දැන් වැඩිකලොත් 7% යිලු වැඩිවෙන්නේ, ජූනී වලදි 15% ක්ම කෙලින්නයි එයාගේ ප්ලෑන් එක. මම දැක්කා කව්ද කියලා තියෙනවා ඇමරිකාවේ ආධාර අපට ඕන නැතෙයි කියලා. අපි පෙත්සමක්වත් ගහමුද ඇමරිකාවට ආධාර දෙන්නෙයි කියලා අපේ විදුලි බිල වත් ගෙවන්න.

Apr 9, 2013

පාට පාට රැලි, බෙල්ලෙ රැලි හා වැරහැලි - The Best Job in the Island


ගරිල්ලා මාකටින් ලියන්න ගත්තයින් පස්සෙ දැන් අලි පාටියත් අළුත් ව්‍යවස්ථාවක ගේන්න යෝජනා කරලාය. සෝභිත හාමුදුරුවෝත් අළුත් එකක් ගෙනල්ලාය. ඒක අළුත් එකක් කිව්වාට ගැමෆෝන් එකකටත් වඩා පරණ බයිලා තැටියක්ය. ඕක කීප සැරයක්ම ගෙනාවාට. බලේට ආවයින් පස්සෙ එහෙම තැටියක් තිබුනාදැයි කියාවත් මතක නැත. විධායකේ අහෝසි කරනවා කියා රනිල් ළොකු අයියාටත් පොරොන්දුවක් දීලා ඇවිල්ලාය. එයාට පොරොන්දු දෙන එකනම් අපේ හරක්ට පොරොන්දු දෙනවා වගේ නෙමේය. මහින්ද මහත්තයාත් ජහමනයාට දෙන දිරච්ච ලනු ඉන්දියාවට දෙන්න ගිහින් අද කඹ රෙන්න වෙලා තියෙනවාය.

Apr 1, 2013

පිනා පොලිටික්කෝ - Politics as a Job


ජෙයලලිතා නෝනා ගැන කියවන්න, ජාලේ සැරිසරන අතරේ, අපූරු පොටෝ එකක් හම්බ උනේය. ඒක රනිල්ගේ ගරිල්ලා මාකටින් ගැන මීළඟට මම ලියන්න යන කොටසට නියමාකාරයෙන්ම ගැපෙන්නේය. මම කියන්නේ කිමක්දැයි පොටෝ එක බැලුවාම ඔහේලාට තේරෙනවා ඇතිය. මේ සැරේ ලියන්න යන්නේ අපේ හතර වරම් ඡන්දෙන් පත් වෙන පිනාලා සෙට් එක ගැනය. පිනා කියන්නේ පිනට ජීවත් වෙන එකාටය. අපි ඉස්ස ඉස්සෙල්ලාම පිනා ගැන දැන ගත්තේ මුවන්පැලැස්සෙන්ය. මුවන් පැලැස්ස කියන්නේ ගුවන් විදුලි නාට්ටියක්ය.