ගාසා තීරය, නන්දිකඩාල්, මායිම් ගම්මාන හා
මහින්ද රාජපක්ෂ වෛරය...
➖➖➖➖➖➖➖➖➖🔴
සෙට් එකක් ඉන්නවා නේ මයිනා මැරෙනකන් බලාගෙන ඉන්න...
උන්ට කියන්න තියෙන්නේ එයා නැත්නම් උඹලා අද මැරිලා කියලා...
එහෙම බලාගෙන ඉන්න වැඩිහිටි පිරිස ඇවිල්ලා සිහළ ප්‍රෝ එල්ටීටීඊ ප්‍රජාව.. මුන් හොඳ ඇන්ජියෝ කාරයෝ... අදටත් ජීවත් වෙන්නේ දෙමළ ඩයස්පෝරා සල්ලි වලින්.. යුද්ධය තනියෙන් කරා කියලා හිතන පැඩි ෆීල්ඩ් මාෂලුත් අද උන්ගේ පැත්තේ...
උන්ට එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ට කෙලිය රාජපක්ෂලා .... කොහොමත් අරහන්...
අනෙක් පිරිස... එල්ටීටීඊ ත්‍රස්තවාදීන් ගැන මෙළෝ අලබෝලයක් නොදන්න Z ජෙනරේෂන් එක කියන ඩිජිටල් යුගයේ චූටී බබාලා...
උන් ඉස්කෝලේ ගියේ ඉපදුනේ... අම්මලා තාත්තලා ඉස්කෝල ගාඩ් කරපු කාළේ... අම්මයි තාත්තයි වෙන වෙනම වැඩට ගිය කාළේ... හැම හන්දියක් ගානෙම චෙක්පොයින්ට් තිබ්බ කාළේ... අයිඩෙන්ටි කාඩ් එක නැතිව ළඟ කඩේටවත් යන්න බැරි කාළේ...
උන් ඒ කාළේ වෙච්චි දේ දන්නේ නැත්නම් දැන් ඊශ්‍රායලයේ සිද්ද වෙන දේ ගැන බලාගෙන උන්නාම හරි...
ගාසා තීරය වෙන් කරලා තියෙන ආරක්ෂිත වැටත් කඩාගෙන.... ඊශ්‍රායලය ඇතුලට ඇවිත්.... කුඩා හමුදා කඳවුරු, පොලීසී හා ගම්මාන වලට පහර දීලා.... පොඩි කෙල්ලො කොල්ලෝ රේප් කරලා.... පොඩි දරුවන්ගේ හිස ගසා දාලා.... ගෙයින් ගෙට ගිහින් කරපූ මිලේච්ඡ ඝාතනම තමයි... මෙහේ එල්ටීටීඊ ත්‍රස්තවාදීනුත් මායිම් ගම්මානවලට කඳවුරු වලට පැනලා කරේ...
ඒ පාර තමා.... අද ඔය ගම්බට්ටෝ කියල ගරහන.... සිවිල් ආරක්ෂක හමුදාව හෙවත්, ග්‍රාමාරක්ෂක හමුදාවක් පටන් ගත්තේ ....
එහේ වගේම මෙහෙත්.... පොලිසියේ අය අත් අඩංගුවට අරගෙන 600 ක් කුරීරූ විදියට ඝාතනය කලා.. ඒ විදියෙම ගේමක් ගිනි දවාලේ කොළඹ රාජගිරියේ හන්දියෙත් කළා... මේවා අර ඩිජිටල් බේබී හීරෝස්ලා දන්නේ නෑ...
එදාම අර ඊශ්‍රායලයේ පැවති සංගීත ප්‍රසංගයකට උඩින් ඇවිත් ගැහුවා වගේම තමා.... අවසානයේදී කුරුම්බා ඇට්ටි මැෂින් වලින් ඇවිත් කොළඹට ගුවන් ප්‍රහාරත් එල්ල කළේ... ටාගට් එක වැරදිලා ගුවන් හමුදා මෙහෙයුම් මධ්‍යස්ථානේ බේරුනයින් යුද්ධය ඉවර උනාට... ඒකට වැදුනා නම් යුද්ධය තව කාලයක් ඇදෙනවා....
මේවත් අර Z ජෙනරේෂන් බේබිලා දන්නේ නෑ...
ඊට පස්සේ තමා ඔය අද ගාසා එකේ උන් කන පරිප්පුවම උතුරේ අහිංසක දෙමළ ජනතාවට කන්න වුනේ... එයාලට සරණාගතයෝ වගේ ගම් බිම් අත් හැරලා යන්න වුනා නන්දිකඩාල් බිම් තීරුවට... හමාස් කාරයෝ වගේම ප්‍රභාකරනුත් අර මිනිස්සු අස්සට රිංගලා... ඒ අය මිනිස් පලිහක් විදියට පාවිච්චි කලා...
හැබයි අන්තීමේදි එයාට නිවන් යන්න වුනා...
අපේ රට දූපතක් නිසා වැඩේ තාවකාලිකව එතනින් ඉවර වුනා... හොරකම් මැරකම් චෝදනා සියල්ල පසෙක තිබියදී... ඒකේ ගෞරවය මහින්දටයි හමුදාවටයි දෙන්න ඕන... මොකෝ ලෝකේ කොහේවත් පරිපූර්ණ මිනිස්සු නෑ...
එහෙම වුනේ නැත්නම්.... අපිට වෙන්නේ ගෝල්ෆේස් එකෙන් මුහුදට පනින්න...
විශේෂ ▪️
අපේ රටේ එල්ටීටීඊ ත්‍රස්තවාදය එතනින් තාවකාලිකව නැවතුනාට... ඊශ්‍රායලයේ යන වැඩේ ඉක්මනට ඉවර වෙයි කියලා මාතලන් හිතන්නේ නෑ... ඒවා පස්සෙ ලියන්නම්..
.







