.

.
Showing posts with label Economy Crisis. Show all posts
Showing posts with label Economy Crisis. Show all posts

Jul 13, 2026

ආර්ථිකය පිළිබඳව ආන්ඩුවේ පම්පෝරි පසුපස ඇති ඇත්ත කතාව.



ආර්ථිකය පිළිබඳව ආන්ඩුවේ පම්පෝරි පසුපස ඇති ඇත්ත කතාව.

➖➖➖➖➖➖➖➖➖▪️▪️⭕▪️▪️

සුදු කරපටි වෘත්තිකයින්ටද ආර්ථිකේ ගැන මොලෝ අලබෝලයක අවබෝධයක් නැති, ඒ කියන්නේ ආර්ථික සාක්ෂරතාවයක් නොමැති රටක ආන්ඩුව....

අධිවේගී මාර්ග ආන්ඩුවෙන් හදනවා යැයි යැයි පම්පෝරි ගැසීම, වසරේ මුල් මාස පහේ අය වැය අතිරික්තයක් ඇතැයි යැයි යැයි පම්පෝරි ගැසීම.... අපිට නම් තවත් එකම එක  ජනතාව ගොනාට ඇන්දවීමක්ම විතරමය....

එහෙත් ඇත්ත කතාව මොකක්ද කියා මහබැංකු දත්ත අනුවම මෙසේ වන්නේය.....

2025 සහ 2026 වර්ෂයන් තුළ ශ්‍රී ලංකා රජය ලබාගෙන ඇති දේශීය හා විදේශීය ණය පිළිබඳ නවතම සහ නිල දත්ත වාර්තා මෙසේ සංස්ලේෂණය කර දැක්විය හැකිය.

1. සමස්ත රාජ්‍ය ණය තත්ත්වය (Global Public Debt Overview)

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය (PDMO) සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත වලට අනුව මධ්‍යම රජයේ මුළු ණය ප්‍රමාණය පහත පරිදි වේ:

• 2025 වසර අවසානය වන විට මුළු ණය: රුපියල් බිලියන 31,109 කි (මෙය 2024 වසරට වඩා 5.1% ක ඉහළ යාමකි). රාජ්‍ය සංස්ථා ණයද ඇතුළත් කළ විට එය රුපියල් බිලියන 32,195 ක් දක්වා ඉහළ යයි.

• 2026 පළමු කාර්තුව (Q1) වන විට මුළු මහජන ණය: ඇමරිකානු ඩොලර් මිලියන 98,965 කි (රජයේ සහ රාජ්‍ය අනුදත් ආයතන වල මුළු එකතුව). 

2. දේශීය ණය ලබාගැනීම් (Domestic Borrowings)

2025 සහ 2026 වර්ෂයන් තුළ රජය සිය මූල්‍ය අවශ්‍යතා සඳහා දේශීය මූලාශ්‍ර මත වැඩි වශයෙන් විශ්වාසය තබා ඇත. 

• 2025 වසරේ දේශීය ණය: රජයේ සමස්ත ණය අවශ්‍යතාවලින් විශාල ප්‍රමාණයක් දේශීය බැංකු සහ බැංකු නොවන අංශ මඟින් ලබාගෙන ඇත. 2025 අයවැය මඟින් රුපියල් ට්‍රිලියන 2.125 ක දේශීය ණය ලබාගැනීමට අපේක්ෂා කෙරුණු අතර, එය භාණ්ඩාගාර බිල්පත් (T-bills) සහ භාණ්ඩාගාර බැඳුම්කර (T-bonds) නිකුත් කිරීම මඟින් සපුරාගෙන ඇත. 

• 2026 පළමු කාර්තුවේ (Q1) තත්ත්වය: 2026 වසරේ මුල් මාස කිහිපය තුළ රජය විසින් සිදුකළ සමස්ත ණය පියවීම් හා නැවත ලබාගැනීම් වලින් වැඩි කොටසක් (ඩොලර් බිලියන 7.56 කට සමාන අගයක්) දේශීය ණය කළමනාකරණය හා සම්බන්ධ විය. 

3. විදේශීය ආයතන මඟින් ලබාගත් ණය (External Debt & Disbursements)

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ඇති කරගත් එකඟතා සහ විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය මධ්‍යයේ නව විදේශීය ණය ලබාගැනීම සීමා සහිතව සිදු කෙරිණි. 

2026 මාර්තු අවසානය වන විට සමස්ත මධ්‍යම රජයේ විදේශ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 37,468 ක් (ඩොලර් බිලියන 37.4) ලෙස සටහන් වේ. 

🔸2025 - 2026 කාල සීමාව තුළ විදේශීය වශයෙන් මුදල් ලැබුණු ප්‍රධාන ආයතන සහ රටවල්: 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF)Extended Fund Facility (EFF) සහන යටතේ සහ 2025 අගභාගයේ ඇතිවූ ආර්ථික පීඩන කළමනාකරණය සඳහා හදිසි මූල්‍යකරණ ලෙස (Emergency Financing) ඩොලර් මිලියන 206 ක් ලබා දීම.

ලෝක බැංකුව (World Bank)පවතින ව්‍යාපෘති ප්‍රතිව්‍යුහගත කරමින් (Repurposed) ඩොලර් මිලියන 120 ක මුදලක් අයවැය සහයෝගීතාව සඳහා මුදා හැරීම.

ආසියානු සංවර්ධන බැංකුව (ADB)විදේශ ණය ගලාඒම් වලින් 11% කට වඩා වැඩි ප්‍රමාණයක් ව්‍යාපෘති සහ අයවැය සහන (Budget Support) ලෙස ලබා දීම.

ඉන්දියාව (Bilateral)ද්විපාර්ශ්වික ආධාර සහ හදිසි ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 450 ක මූල්‍ය පහසුකම් ප්‍රකාශයට පත් කිරීම.


ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ (PDMO) නිල වාර්තාවලට අනුව, 2025 වසරේ රජයේ භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර (සුරැකුම්පත්) ප්‍රාථමික වෙළෙඳපොළ නිකුත් කිරීම්වල සමස්ත දළ වටිනාකම රුපියල් ට්‍රිලියන 7.7 ක් (Rs 7.7 trillion) වේ.

2026 වසර සඳහා අනුමත වාර්ෂික අයවැය ලේඛනවලට අනුව රජයේ සමස්ත දේශීය ණය ගැනීමේ අවශ්‍යතාව (Gross Financing Need) රුපියල් බිලියන 3,740 ක් (රුපියල් ට්‍රිලියන 3.74) ලෙස ඇස්තමේන්තු කර ඇත.

🔶 භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර නිකුත් කිරීම් පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු පහත පරිදි වේ:

2025 වර්ෂයේ නිකුත් කිරීම් සහ වගකීම්

• සමස්ත ප්‍රාථමික නිකුතුව: 2025 වසර තුළ භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර නිකුත් කිරීම් සියල්ල එකතුව රුපියල් ට්‍රිලියන 7.7 ක් වූ අතර, එය 2024 වසරේ වාර්තා වූ රුපියල් ට්‍රිලියන 10.5 ට සාපේක්ෂව කැපී පෙනෙන අඩුවීමකි.

• භාණ්ඩාගාර බිල්පත් (T-Bills) ශේෂය: 2025 වසර අවසානය වන විට (දෙසැම්බර් 31) වෙළෙඳපොළේ ඉතිරිව පැවති සමස්ත භාණ්ඩාගාර බිල්පත්වල වටිනාකම රුපියල් ට්‍රිලියන 4.1 සිට රුපියල් ට්‍රිලියන 3.1 දක්වා අඩු විය.

• භාණ්ඩාගාර බැඳුම්කර (T-Bonds) ශේෂය: 2025 සැප්තැම්බර් අවසාන දත්ත අනුව හිඟ භාණ්ඩාගාර බැඳුම්කරවල සමස්ත වටිනාකම රුපියල් බිලියන 15,214 ක් (රුපියල් ට්‍රිලියන 15.2) ලෙස සටහන්ව තිබිණි.

🔶 2026 වර්ෂයේ අපේක්ෂිත සහ දැනට ලබාගෙන ඇති මුදල් (ජූලි 2026 දක්වා)

• 2026 සමස්ත ණය ගැනීමේ සැලසුම: වසරේ මුළු රාජ්‍ය මූල්‍ය අවශ්‍යතා පියවා ගැනීම සඳහා රුපියල් බිලියන 3,740 ක නව දේශීය ණය ලබා ගැනීමට සැලසුම් කර ඇත.

• කල් පිරෙන බිල්පත් ප්‍රතිමූල්‍යකරණය (Refinancing): 2026 වසර තුළ කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත් නැවත පියවීම (Refinancing) සඳහා රුපියල් බිලියන 3,100 ක මුදලක් අවශ්‍ය වන අතර, ඒ වෙනුවෙන් සතිපතා රුපියල් බිලියන 70 සිට 130 දක්වා වූ වටිනාකම්වලින් යුත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි අඛණ්ඩව පවත්වාගෙන යනු ලැබේ.

• පළමු කාර්තුව තුළ සිදුකළ ගනුදෙනු (Q1 2026): 2026 වසරේ පළමු මාස තුන තුළ පමණක් රජය විසින් දේශීය මූල්‍ය වෙළෙඳපොළ සහ බැංකු පද්ධතිය හරහා ඇමරිකානු ඩොලර් බිලියන 7.56 කට (ආසන්න වශයෙන් රුපියල් ට්‍රිලියන 2.3 ක්) සමාන දේශීය ණය සුරැකුම්පත් ප්‍රතිමූල්‍යකරණය සහ රෝල්ඕවර් (Rollover) කිරීම් සිදුකර ඇත.

මෙම මුදල් ප්‍රමාණයන්ගෙන් වැඩි කොටසක් පවතින ණය කල් පිරෙන විට ඒවා පියවීම (Rollover/Refinancing) සඳහා යොදා ගන්නා අතර,

ඉතිරිය රජයේ දෛනික අයවැය හිඟය පියවා ගැනීමට සහ ප්‍රාග්ධන වියදම් සඳහා උපයෝගී කර ගනී.

⭕ ඇත්ත වශයෙන්ම කරන්නේ භාන්ඩාගාර බිල්පත් හා සුරැකුම්පත් නිකුත් කරමින් ණය අරගෙන ණය ගෙවනා එක මිස වෙන මළදානයක් නොවේ....

⭕ අයවැයේ අතිරික්තයක් ඇති වී අත්තේ අමාත්‍යංශවලට වෙන්කල මුදල් වලින් මෙලෝ ලබ්බක් නොකරන නිසාවෙන් මිස වෙන ආශ්චර්‍යයකින් නොවේ...

උන්ට කරන්නට මෙලෝ ප්‍රොජෙක්ට් එකක් ඇත්තේ නැත... ඉතින් වෙන්කල මුදල එසේම එකවුන්ට්ස් වල තියෙනවාය.

ඒ ඇරෙන්න ජනතාවට කිසිම සහනයක් නොදි කන පැලෙන්න බදු ගහනවාය.... මිනිස්සු බදු ගෙවා ඉන්පසු ජීවත් වීමට නොහැකි නිසා එල්ලී මැරෙණවාය. අර කොරියන් කොල්ලා මැරිලා තියෙන්නේ එසේය..

මෙච්චර සල්ලි තියෙන ආන්ඩුව වී ගොවියන්ගේ අස්වැන්නෙන් මිළදි ගන්නේ 2% කි.... 😁

ඒකත් කිලෝ 2500 ක උපරිමයකට යටත්වය..... 😁

Apr 9, 2025

තුප්පහි දේශපාලනයට කනේ පාරක්

 


තුප්පහි දේශපාලනයට කනේ පාරක් හා

Rising Namal in Rising Bharath 

➖➖➖➖➖➖➖➖➖🔸🔶🔸➖➖


මෝදිගේ ලංකාවේ සංචාරය තුළදී මහින්ද රාජපක්ෂ මුණ ගැසීමට අවස්ථාවක් ඉල්ලූ මුත්, ආණ්ඩුව ඊට ඉඩ දුන්නේ නැතිය.... සාමාන්‍යයෙන් රාත්‍රී භෝජන සංග්‍රහයට හිටපු ජනාධිපතිවරුන්ට ආරාධනය කරන මුත්, මේ ගං කබර ගෝත්‍රික හැත්ත ඒ මිනිස්සුන්ට ආරාධනය කළේත් නැතිය....


මේ ගොබ්බ හැතිකරේ හිතාගෙන ඉන්නේ.... ඒ මිනිස්සුන්ට අවශ්‍ය නම් මෝධිව හම්බවෙන්න බැරිය කියලාය.... ඔවුන්ට ඇති පිළිගැනීම මුන්ට තාම ඇත්තේ නැතිය.....


මුං මෝදිම දළදාව වඳින්න සෙට් කරත්... මෝදි ගියේ අනුරාධපුරේ සිරිමා බෝධිය වඳින්නටය.... ඒ යන ගමන් ආදම්ගේ පාලම බලාගෙන යන්නටය.... ඒ හේතුවෙන් මුන්ට ගැසට් එකක් ගසා මෙහෙයුම් කුළුණක් හෝ නැති අනුරාධපුර එයාපෝට් එක international කරන්නට සිදු වුණේය...


ඒ ගිහින් පුබ්බම් පාලම ඕපන් කරලා... ඉන්දියාව සහ ලංකාව අතර තියෙන දුර තවත් අඩු කළේය... ලංකාවේ කොතරම් දේශපාලනඥයෝ හිටියත් Ricing Bharath හෙවත් නැගිටින භාරතය නම් සමුළුවට ආරාධනා කලේ නාමල් රාජපක්ෂටය....


 ඒක අනුර හා ආණ්ඩුවෙන් බක පණ්ඩිතයන්ට දුන් හොඳ කනේ පහරක්ය.....


එහිදී පල්කි ෂර්මා හා තිබුණ වැඩසටහනේදී නාමල් හොඳට ස්කෝර් කළේය.... මේ මොහොතේ අපිට ඇති එකම පිහිට ඉන්දියාව බව නාමල් නොකියා කීවේය.... 


ඒ කතා බහේදී නාමල්ගේ දේශපාලන පරිණතභාවය අගයට පෙන්නුම් කළේය.... ඔහු පවතින ආණ්ඩුවට හෝ කිසිවකුටත් චෝදනා නොකළේය... ජවිපේ ගෝත්‍රික දේශපාලනඥයන් තුළ නැත්තේත් ඒ ගතියය....


මෝදි ආදම්ගේ පාලම උඩින් ගියේ ඇයි කියන එක මගේ වීඩියෝ එකේ තියෙනවාය.... කැමති කෙනෙකුට ඒක බලන්නට පුළුවන්ය.... ඉන්දියාවේ ඇති වැදගත්කම මම ඒකෙදි කතා කරනවාය...


කැමති කෙනෙකුට වීඩියෝව මෙතනින් බලන්නට පුළුවන්ය


ඒ වගත් මෙසේය.....


.

Dec 26, 2024

රනිල්ගේ මඟම ගියොත් වරදින්නේ නැත.... (EPF ඉතිහාසයේ ලද විශාලම ලාබය වාර්තා කරයි)



 

රනිල්ගේ මඟම ගියොත්

වරදින්නේ නැත....

(EPF ඉතිහාසයේ ලද විශාලම 

ලාබය වාර්තා කරයි)

➖➖➖➖➖➖➖⭕➖


පරදින බව දැන දැනත් මාතලන් කඩේ ගියේ රනිල්ටය. ඒ වෙන කිසිඳු හේතුවක් නිසා නොව, ආර්ථික වශයෙන් බංකොලොත් වූ රාජ්‍යයන් මෙන්ම ඉන් ගොඩ ආ රාජ්‍යයන් පිළිබඳවත් යම් කිසි දැණීමක් තිබූ නිසාය.


මෙතරම් ඉක්මනින් අර්බුධයෙන් ගොඩ ආ රටක් එම රටවල් අතර තිබුනේ නැතිය. උද්ධමනය 75% ට ගිය රටක්, ඉතා සුළු කළෙකින් එය තනි ඉලක්කමක් දක්වා ගෙන ආවේ රනිල් උන්නැහේ හා ටීම් එකය. ආර්ථිකය හා ලෝකය පිළිබඳ ප්‍රාමාණික දැණීමක් ඇතැයි කියූ හර්ෂ ද සිල්වා සහ පාඨලී පවා කීවේ ඩොලර් එක 500 - 600 ට යාවී කියලාය.


ණය ප්‍රතිව්‍යුහගතකරණය තුල දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට යාමේදි, ජවිපේ ගොබ්බයන් නොව ඉහත නම් සඳගන් ආන්ඩු විරෝධී ආර්ථික උස්තාද්ලාද.... සමස්ත බැංකු පද්දතියම කඩා වැටෙනවා යැයි යැයි කියූ අනාවැකිද බොරු කරමින්.... 


දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු වූ පසුගිය (2023) වසර තුළ සේවක අර්ථසාධක අරමුදල (EPF) විසින් රුපියල් බිලියන 467.2ක දැවැන්ත ලාභයක් වාර්තා කර තිබෙනාතර, එය එතෙක් මෙතෙක් එම අරමුදල විසින් ඉතිහාසයේ ලබා ඇති විශාලතම ලාභයද වී තිබෙන්නේය.


එමෙන්ම ජනාධිපති සහෝදරයා විසින් මැතිවරණයට පෙර පැවසු ක්‍රියාමාර්ගවලට යන්නේ නැතිව.... රනිල් ගිය මගේම යමින් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් සමඟ එකඟතාවයට අත්සන් කිරීමෙන්.... ජාත්‍යන්තර ශ්‍රේණිගතකිරීම් වලදී යම්කිසි සාධනීය මට්ටමක් උදාකර ගැන්ම මෙන්ම, කොටස් වෙළඳ පොලේ වර්ධනයද රනිලොමික්ස් මිස අනුරොමික්ස් නොවනා බවත් වටහා ගත යුතුය. ක්‍රෙඩිට් එක මොකා ගත්තත් මේවා රටක් වශයෙන් ලත් විශාල ජයග්‍රහණයන්මය.


රනිල්ගේ මේ ජයග්‍රහණය පිළිබඳව ඇමරිකාණූ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යා ආසියානූ කලාපය බාර නියෝජ්‍ය ලේකම් "ඩොනල්ඩ් ලූ"... රනිල් බලයේ සිටියදීම දුන් සහතිකය මෙන්ම, අනුර සඕදරයා ජනපති වීමෙන් පසු නැවත පැමිණීමද පෙන්වන්නේ රනිල්ගේ මඟ හැර වෙන මඟක් නොමැති බව අවවාදයක් ලෙස දෙන්නට ඇති බවය.


කොහොමත් ඇමරිකාව හා ඉන්දියාවේ සහාය නොමැතිව අපට ගමනක් නොමැති බව අනුර කුමාර මෙන්ම 88/89 ඉන්දියානු විරෝධීව 60,000 ක් නිවන් යැවූ ජවිපේ ගොබ්බයන් විසින් අවබෝධ කර ගැන්ම සියල්ලටම වඩා ලත් ජයග්‍රහණයක්මය.


එබැවින් ආන්ඩුවේ මැති ඇමති කවටයන් මෙන්ම අමු ගොබ්බයින් මක්කා කීවත්... රනිල් සමඟ රට ගොඩ දැමූ නිළධාරීන් හා ජාත්‍යන්තර මූල්‍ය අර්මුදලේ (IMF) මඟ පෙන්වීම් හා නිර්දේශ යටතේ ගමන් කළහොත් ආර්ථිකයේ අවුලක් නොවනා බවත් ඉතා පැහැදිලිය.


ආන්ඩුවට බිස්නස් කිරීමට නොහැකි බවත්, ඔවුන්ට ටෙන්ඩර් පටිපාටි මෙන්ම AR හා FR පිළිබඳ කිසිඳු අවබෝධයක් නොමැති බව, ආන්ඩුව සහල් ආනයනය  කරන්නට යාමෙනුත්, ධීවර ඇමති හා නියෝජ්‍ය ඇමති සිටියදි එම අමාත්‍යශයේ ගැටලු විසඳීමට වටගලයා යෑමෙනුත්, බුවා අමුම අමු හාල්පාරුවෙක් බව පාස්පෝට් කන්තෝරුවෙන් ඔප්පු වීමෙනුත්...


හඳුනා.. හද්දා පරණ මැෂින් පිරි වාලච්චනේ කඩදාසි කම්හලේ උන්ගේ ලණු ගිලිනා බව පෙන්වීමෙනුත්, අගමතිනියගේ අධ්‍යාපන අමාත්‍යාංශයේ හා ආන්ඩුකාරවරුන්ගේ නියෝග ඉරා විසිකර දැමීමට ජවිපේ ගුරු සංගමයේ හූනියන් කාරයා ක්‍රියා කිරිමෙනුත්, ආන්ඩුවේ ආර්ථිකය පිළිබඳ ඉන්නා ලොකුම මහාචාර්යවරයා ආර්ථිකය පිළිබඳ ඉගෙන ගනිමින් සිටිනවා යැයි කීමෙනුත් ඉතා පැහැදිලිව පෙනී යන හෙයින්....


තාමත් ඉන්නේ විපක්ෂයේ යැයි සිතමින් පැරණි බයිලා ගසමින් නෝන්ඩි නොවී... ඉක්මන් වැරදි තීරණවලට ගොස් හත්පොලේ ගාගෙන නාගන්නේ නැතිව....


තමන් කිසිත් නොදන්නා බව නිහතමානීව පිළිගත් මහාචාර්‍යවරයා සේ.... කිසිවක්ම නොකර තම තමන්ගේ අමාත්‍යංශ පිළිබඳව අවම තරමින් මාස 6 ක් වත් අධ්‍යයනයක නිරත වීම වඩාත් හොඳ බව නම් කිව යුතුමය.


ආර්ථිකය ජනාගේ අනුදැනුම මත... මහ බැංකුව, මුදල් අමාත්‍යංශය හා ව්‍යාපාරිකයින් විසින් බලාගනු ඇත්තේය.


ස්වස්ති සිද්ධම්....!!!


#මාතලන් 

.

Jun 27, 2024

අසුභවාදීන්ගේ සුභවාදී ප්‍රාර්ථනා....

 



අසුභවාදීන්ගේ
සුභවාදී ප්‍රාර්ථනා....
➖➖➖➖➖➖➖⭕

🔶 ආර්ථිකය ගැන මළ පොතේ අකුරක් නොදන්න ගොබ්බසේනලා කියන්නේ... ඇමරිකන් ඩොලර් බිලියන 80 ක්ව තිබූ ණය දැන් ඇ.ඩො.බි. 100 ක් වෙලාය කියලාය.

🔶 ගිණුම් වාර්තාවල ඇතුලත් නොවී මේ බංකොලොත් රටට ඇ.ඩො.බි. 20 ක් ආයෙත් ණයට ගන්න පුලුවන් උනා නම්, රනිල්...., රාජපක්ෂලාටත් එහා වැඩ කරුවෙක්මය.

🔶 ආතල්ම කරුණ නම්, මේ වදකහ ගොබ්බයෝ හිතන්නේ, ඇමරිකානු ඩොලර් බිලියන් වලින් කියන නිසා, මේ ඩොලර් බිලියන 80 ම ෆොරින් ඩෙබ්ට්ස් හෙවත් විදේශ ණය කියලාය.

🔶 එහෙත් ඇත්තම කරුණ නම් ගැටලුවකට ඇත්තේ, ද්වීපාර්ෂවික හා ද්වීපාර්ෂවික ණය ඇ.ඩො.බි. 10 ක් සහ වානිජ් ණය හෙවත් ජාත්‍යන්තර බැඳුම්කර හෙවත් මචංලාගෙන් ලබා ගත් ඇ.ඩො.බි. 15 කට ආසන්න ප්‍රමාණයක් සඳහාය.

🔶 ඊට හේතුව, මේ බංකොලොත්භාවය අස්සේත් රජය විසින් බහුපාර්ෂවික ණය ගෙවමින් සිටිනා බැවිනි. රනිල් සුභ ආරංචිය ගෙන ආවේ ද්වීපාර්ෂවික ණය හිමියන් හා ඇතිකරගත් එකඟතාවය ගැනය.

🔶 ආන්ඩු විරෝධී අමන වදකහ ගොබ්බයන් මක්කා කීවද, එය වසර දෙකක් තුල අත්පත් කරගත් විශේෂ ජයග්‍රහණයක් බව IMF සංවිධානය පිලිගෙන අවසානය.

🔶 ලංකාවේ ආර්ථිකය ගැන තව්සන් ටොක් ඉෂූ කරනා දේශපාලුවන් අතරින් ඒ පිලිබදව යම් කිසි දැණීමක් ඇත්තේ, හර්ෂ ද සිල්වාට හා පාඨලීට පමණි. ජේ වී පී එකේ ඉන්නේ ලෝකල් කැම්පස් ඩිග්‍රී ලබාගත් ඉටිකොල ඩිග්‍රි කාරයෝය.

🔶 එයින් හර්ෂ ද සිල්වා හිතාගෙන ඉන්නේ... IMF එක හොයාගත්තේ බුවා කියලාය. 1950 පටන් ගත්ත IMF එකෙන් අපි ලෝන් දාන්නේ 1965 ඉඳලාය. එතකොට හර්ෂ බුවා අප්පගෙ ඇටෙත් නැතිය. අනික මීට කලින් 16 වතාවක් IMF එකට ගියේ... උන්නැහේට හෝ උන්නැහේගේ ආච්චිට කියලා වෙන්නට ඇතිය.

රටට කෙලවෙන තෙක් බලා සිටිනා මේ වදකහ ගොබ්බයින්...

🔴 මුලින්ම කිව්වේ IMF ලෝන් එක ලැබෙන්නේ නැහැ කියලාය. හැබයි ලැබුනේය.

🔴 ඊළඟට කිව්වේ 2 වන වාරිකේ ලැබෙන්නේ නෑ කියලාය. ඒකත් ලැබුනේය.

🔴 ඊට පස්සේ සපත කර කීවේ... තුන නම් කීයටවත් හම්බ වෙන්නේ නෑ කියලාය. හැබයි එහෙම කියනා උන්ට තුනත් නැති බව පෙන්වමින් තෙවන වාරිකයත් ලැබුනේය.

🔴 රෙද්දේම රෙවීමෙන් ඉනික්බිති කිව්වේ. ලැබෙන්නේ ඔච්චරම තමා. චීනෙවත්, පැරිස් ක්ලබ් එකවත් නෙගෝෂේට් කොරගන්න සංසාරේ බැරිය කියලාය. දැන් ඒකත් කරගෙන සතිංඤ්ඤා දමා කිරිබත්ද කා අහවරය.

😁 දැන් මුන් කියන්නේ දරුණුම ගේම තියෙන්නේ මචංලාගෙන් ගත්ත ණයත් එක්කය. උන් ඒවාට නඩු දාන්න යනවාය කියලාය. සමහර විට ඒ නඩුවල ලීගල් ඇඩ්වයිසර් හර්ෂ ද සිල්වා හා හඳුන්නෙත්ති හාදයා වෙන්න ඇතිය.

👍 රනිල් හා ෂෙහාන්, ඒකත් ගොඩ දා ගත්ත දවසට මුන්ට නඩුවක් බලාගන්න වෙන්නේ... අළුත්කඩේට ගොස් නොව, තලවතුගොඩ පැත්තේ හෝ ජුලියානා එක පැත්තේ ගිහිල්ලාය.

ඒ වගත් මෙසේය.......

Apr 28, 2024

වාහන ආනයනය රටේ ආර්ථිකය ගොඩනගනු ඇත.


 

වාහන ආනයනය

රටේ ආර්ථිකය ගොඩනගනු ඇත.

➖➖➖➖➖➖➖➖➖➖➖➖⭕


දේශීය ව්‍යවසායකයින් හෙවත් ආන්ට්‍රපෙනූවර්ලා වෙනුවෙන් මෑතක පැවති උත්සවයකදි... ජනාධිපති ලොක්කා අපූරූ ප්‍රකාශයක්  කළේය. ඒ... මේ රට ගොඩගන්නට සිස්ටම් එකක් තමන් ළඟ නැති බවත්, එය කළ හැක්කේ මෙරට ව්‍යාපාරිකයින්ට පමණක්ම බවත්ය.


ඇත්තටම වැටුන ආර්ථිකය ගොඩ ගත්තේ ඔවුන්මය. රටෙන් 1/3 එකක ත්‍රස්තවාදයක් මෙන්ම, අගනුවර මහ බැංකුවට බොම්බ ප්‍රහාර එල්ල වෙද්දීත්, රටේ ආර්ථිකය මයිනස් යද්දිත්, සහනාධාර සමඟ මේ රට ඇදගෙන ගියේ ඔවුන්මය.


එබැවින්... ගොබ්බ ගෝටා VAT එක අඩු කලාටත් වඩා... මේ රටේ ආර්ථිකයට කෙළවන්නේ... වාහන ආනයනය අත්-හිටවීමෙන් බව... අප ඒ ගොබ්බ අමණ තකතීරූ  තීරණය ගත් දිනයේම ලියා තැබුවේය. 


ඕනෑම රටක, ආර්ථිකය හැසිරෙන ක්‍රමයක්, සිස්ටම් එකක්, රටාවක් ඇත්තේය. ඒ රටාවට බධා ඇති කළ විට, සමස්ත සිස්ටම් එකම කඩා වැටෙන බව එදා අප එදා ලීවාක් මෙන්ම, රටම බංකොලොත් වී... ගොබ්බයාට පණ බේරාගන්නට රටින් පැන යන්නට වුනේ, තිබුන සිස්ටම් එක කුඩු පට්ටම් කොට ලොවෙත් නැති දේශීය ආර්ථික ක්‍රමයක් හදන්න ගිහිල්ලාය. 


අපේ රටේ ජීවන වියදම මේ තරම් වැඩි වීමට ප්‍රධානතම හේතුව... රටකට ඔරොත්තු නොදෙන රාජ්‍ය සේවය හා  පාඩු ලබන රාජ්‍ය ආයතන දිගටම නඩත්තු කිරීමය.  ඒකට දුප්පතාගේ සීනී ටිකට, පාන් පිටි ටිකට බදු ගහනවාය. කටුනායක තියෙන්නේ කොහේද කියලාවත් නොදන්නා උන් ශ්‍රී ලංකන් ෆ්ලයිට් වල යනවාය. මේ ගහනා බදු වලින් විශාල ප්‍රමානයක දායකත්වය දැරුවේ.... රථවාහන ආනයනය මත ගහනා බද්දෙන් ය. 


අපේ රටේ මෝටර් සයිකලයක් හෝ වීල්ලෙකක් මිලදී ගන්නා සල්ලිවලින් ඉන්දියාවේ මෝටර් සයිකල් එකක්  හෝ ත්‍රී වීල් දෙකක් ගන්නට පුලුවනිය. ඒ කියන්නේ අපේ එකා ඉන්දියාවේ එකාට වඩා දෙගුණයක් හම්බ කරලාය. ත්‍රී වීලර් හා සාමාන්‍ය වාහන වල තත්වයද එසේමය. 


අධි සුඛෝපභෝගි නම් 300% - 400% ක බද්දක් ගැහුවේය. කොටින්ම පාර්ලිමේන්තු එන දේශපාලුවන්ට හා රට කන රාජ්‍ය නිළධාරින්ට දුන් වාහන පර්මිට් එක විකුණා... උන්ද ගොඩ ගියේ..

ඒවා වැඩිම මිළකට මිළදී ගැන්මට තරම් ආර්ථික ශක්තියක් සහිත ව්‍යාපාරික ප්‍රජාවක් රටේ සිටී නිසාය. කෝටි 7-8 වාහන වීල් වගේම පාර පුරා යන්නේ ඒ නිසාය.


ලංකාවේ ආර්ථිකයේ දැති රෝද ගොඩාක් ඇත්තේ නැතිය. ඇත්තේ එක රෝදයක් විතරය. ඒ පෞද්ගලික අංශයේ ව්‍යාපාර හා ව්‍යාපාරිකයින්ය. මෙහි ප්‍රධානම දැති රෝදය වූයේ වාහන වෙළඳාමය.  


ඕනෑම ආර්ථිකයක ප්‍රධානම අංශයන් වන, නිශ්පාදන, කෘෂිකාර්මික හා සේවා යන අංශයන් තුනම දුවන්නට නම්... රථවාහන අත්‍යාවශ්‍යම වන බව මේ ගොබ්බ තකතීරූ තීරණය ගත් වුන් නොදන්නා බව අප ලිව්වේ එදාමය.


එමෙන්ම රටේ කෘෂිකර්මය හා කර්මාන්ත සංවර්ධනයට කියා බැංකුවලට ලබා දෙන අඩු පොලී මුදල් සියල්ල... බැංකු විසින් ලබා දෙන්නේ නිවාස ණය, පෞද්ගලික ණය හා වාහන ලීසිං සඳහාය. ඒ.... ණය මුදලට පොලු වැටෙන්නේ නැතිව එය නැවත ලබාගැනීමේ හැකියාව ඇති නිසාත්, වැඩි පොලියට දීමෙන්... බැංකුවේ ලාබය දෙගුණ තෙගුණ වන නිසාත්‍ය. පන් ගොයියන්‍ට දී ඉල්ලගෙන කනවාට වඩා එය රිස්ක් ෆ්‍රීය.


ලංකාවේ සමස්ථ ආර්ථිකය මෙන්ම දේශීය හා විදේශීය වෙළඳාමද බැඳී තිබුනේ, වාහන ඉම්පෝට් බිස්නස් එක මතය. වාහනයක් දෙකක් ආනයනය කොට හොඳ ජීව්න තත්වයක් පවත්වාගෙන ගිය උන්ද අනන්ත බිහි වුනේය. රටේ අස්සක් මුල්ලක් නෑර කාර් සේල් බිහි වුනේය. කටුගස්තොට, කුරුණෑගල, නුගේගොඩ, විජේරාම, හොරණ පාර ජපානය මෙන් බැබලුනේය. ඒ කිසිවක් ගැන නොසිතු අමන හැත්ත කලේ... එක රැයින් මේ සියල්ල නවතා දැමීමය. මුන් හිතුවේ රටේ ආර්ථිකය... අත් කරත්ත, බර කරත්ත හා ෆුට් සයිකල්වලින් ඇදගෙන යන්න පුලුවන් කියලාය. 


එය බෙල්ල කැපුවා වගේ කපපු ගමන් රටේ ඇති වූයේ පට්ට ෆේක් ඉකොනමියක් හෙවත් සම්පූර්ණයෙන්ම විකෘති ආර්ථිකයක්‍ ය.  රටේ පැවති වාහන වල මිළ 200% - 300% කින් වැඩි වී, වාහන කොටස් වල මිළද එසේම කෘතිමව වැඩි වූ අතර... ඊට සාපේක්ෂව හාල් කිලෝ එකේ සිට බිත්තරේ දක්වා මිළ අහස උසට ගියේය. ඒවා ගන්න සල්ලි නැති නිසා කොන්ඩෙ කපන එකස් උගේ චාර්ජ් එකත් වැඩි කළේය.


රටේ තියෙන ඩොලර් සංච්තේ බේරාගන්න කරපු මේ තකතීරූ වැඩෙන් අන්තීමට තෙල් ටික ගේන්නවත් ඩොලර් නැති වූවා පමණක් නොව, ඩොලර් එක ජම්බෝ ජෙට්ටෙක වගේ ඉහළ ගියේය. ඒත් උන්ට ඒ පිළිබඳ කිසිඳු හැඟීමක් හෝ අවබෝධයක් නොවූයේ මුන් තියරි කාරයෝ මිස ප්‍රැක්ටිකල් බිස්නස් කාරයෝ නොවුනු නිසාමය.


වාහන, සෙල් ෆොන්, වොෂින් මැෂින්, විදුලි ගෘහ උපකරණ කියන්නේ තවදුරටත් සුඛෝපභෝගි භාන්ඩ නොව අත්‍යාවශ්‍ය භාන්ඩ වී හමාරය. මේවා නොදන්නා විපක්ෂ අමන ගොබ්බ අම්බ තකතීරුවෝ....


තව දුරටත් දේශීය ආර්ථිකයන් ගැන සම්පාකාර සිස්ටම් ගැන පාරම්බාන්නේ... ඇස්පනාපිට සිඳු වූ ව්‍යසනය ගැන කිසිඳු අවබෝධයක් ඇත්තේ නැති නිසාමය. කොටින්ම උන් භාන්ඩ මිළ හා උද්ධමනය අතර වෙනස හෝ නොදන්නා උපාධිදාරී තකතීරූ වඳ කහ ගොබ්බයෝය.


මෙවන් අමනයින්ට බලය ලබා දී නැවතත් පරිප්පු කනවාද, එසේ නැත්නම් ආර්ථිකය හැසිරෙන්නේ කෙසේද කියා අවබෝධයක් ඇති එකා එක්ක ඉදිරියට යනවාද කියනෙක ජනතාවට බාර තීන්දුවක්මය.


ඒ වගත් මෙසේය....

.

Apr 2, 2024

බිත්තර මාෆියාවට කෙලවීම, ලෝකල් බිත්තරේ 36 ට පැමිණීම හා රුපියල් 15 ට දෙන අනුරගේ බිත්තරේ

 


බිත්තර මාෆියාවට කෙලවීම,

ලෝකල් බිත්තරේ 36 ට පැමිණීම හා

රුපියල් 15 ට දෙන අනුරගේ බිත්තරේ

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖⭕


ඊයේ පෙරේදා පාඨළී චම්පික රණවක පාර්ලිමේන්තුවේදී අපූරූ හෙලිදරව්වක් කලේය.. මේකෙන්... මුදල් ඇමතිලගෙ, වෙළඳ ඈමතිගෙ, රේගුවේ, ඉන්කම්ටැස්සෙකේ වගේම පාරිභෝගික අධිකාරියේ උන්ගෙත් රෙදි ගැලවිලාම ගියේය.


ඒ..... බී ළූණූ, හාල්මැස්සෝ, කරවල සහ මුං ඇට ලංකාවට ගෙනත් විකුණලා තියෙන්නේ තුන් ගුණයක් ලාභ (300%) තියාගෙනෙයි කියලාය. මේක පාර්භෝගීකයා අමු අමුවේ සූරාගෙන කෑමක්ය. මේ ලාභය වෙළෙන්දා තනියෙන් භුක්ති විඳින්නේ නැතිය. ඈමතිවරුන්ට වගේම... අමාත්‍යංශ හා අදාල ආයතනවල නිළධාරීන්ද සම්මා ආජිවයෙන් මෙව්වා බෙදා හදා ගන්නවාය.


හොඳම උදාහරණය කෙහෙළිය සහ අමාත්‍යාංශයේ ඉහළ නිළධාරින් වැලිකඩ ගියේකය. ඒ යැව්වේ නිකන් නෙමේය. විවිධ සංවිධාන හා ජනතාව නොකඩවා කළ පැමිණිලි සහ උද්ඝෝෂණ හේතුවෙන්ය.... විශේෂයෙන් මේ වගේ ව්‍යසනයක් පවතින වෙලාවක ගසා කෑම හරි ලේසිය. 


මම නම් කියන්නේ පාඨලීලා කරන්න ඕනා... ඕක හැන්සාඩ් ගත කරන එක නෙමේය. මේ පඩත්තලයින්ට එරෙහිව අධිකරණයට ගිහින් මුන්ව හිරේ යවනෙකය. ඒවා නිකන්ම ජනප්‍රසාදය හිමි වෙන වැඩය.


බිත්තර ප්‍රශ්ණයටත් රනිල් මැදිහත් නොවන්න... මාෆියාව කිව්වා වගේ අද වෙන කොට බිත්තර කන්න  වෙන්නේ රුපියල් 100 ටය. රනිල් මැදිහත් නොවන්නට, අර ඉන්දියන් බිත්තර වලට ලෙඩේ ඇද්ද පඩත්තල පර ගෑණී වගේ... මුන් ඔක්කොම මාෆියාවේ ජරාව කාලා සද්දෙ වහලා ඉන්නවාය.


රුපියල අවප්‍රමාණය වීමයි එක්ක උද්ධමනය 70% - 80% ට යන අතරේ... රුපියල් 15 ට 20 ට බිත්තරේ දෙන්න බෑ කියලා මාෆියාව හා බිත්තර ගොයියා කියපු කතාව  සහතික ඇත්තය. එකක්... ඒ මිනිස්සුත් අනික් බඩු භාණ්ඩ ගන්න ඕනෙකය. අනික නිශ්පාදන පිරිවැයය.


හැබයි 60 - 70 ට ගාන උස්සලා මාෆියාව කළේ වැහි නැති හෙණ පාත්වෙන වැඩක්ය. ඒ කාළෙත් උන් බිත්තර ගොයියගෙන් බිත්තරේ ගත්තේ 25 -:28 ටය. 65 -70 ට වික්කේ ඒකය.. 100% වඩා ලාභයක් කෙලින්ම මාෆියාවටය.


මාතලන් එදත් තර්ක කළේ... උපරිම ලාභයත් එක්කම බිත්තරේ 35 ට දෙන්න පුලුවන් කියලාය.  හැබයි මේ මාෆියාවෙන් ජීවත් වෙන මූසල පක්ෂ විපක්ෂ දේශපාලුවෝ විශාල පිරිසකුත් ඉන්නවා‍ය. ඒ අතරේ ජෙප්පොත් ඉන්නවාය. අපි ලිව්වේ ඉන්දියාවෙන් ගෙනත් 30 ට දෙන්න පුලුවන්‍ය කියලාය. එදා හැම එකාම මට හිනා වුනේය.


රනිල් ඉන්දියාවෙන් බිත්තර ගේන්න තීරණය කළේ ඒ අතරේය. ඒකට කෙලින්න මාෆියාව කළේ අර මොකක්ද ආයතනයේ පඩත්තල ගෑණිත් අල්ලගෙන දාන්න පුලුවන් ලෙඩ ඔක්කෝම දැමීමය. ඉන්දියාවේ කිකිලියන්ට උණක් තිබෙනවා යැයි කිව්වේය. ගෙනා බිත්තර වරායේ කුණු වෙන්න ඇරියේය. මේවාට ජෙප්පෝ කටක් නම් ඇරියේ නැතිය.


අන්තීමට ඒ හොර ගෑණිගේ ඇපෲවල් එක ගන්න ඒ හැතිරිය කැබිනට් එකට ගෙන්නන්න වුනේය. රනිල් අසමෝදගම් දුන්නේය. එතනින් ඒ කිකිළියගේ උණ රෝගය නිට්ටාවටම සුව වුනෙය. මිනිස්සුන්ට ඉන්දියන් බිත්තරේ රුපියල් 35 ට ලැබුනේ ඉන් පස්සේය.


බිත්තර මාෆියාවේ බිත්තර කෑවේ සුපර් මාර්කට් ක්‍රව්ඩ් එක විතරය. සාමාන්‍ය ජනතාව සතොසට ගිහින්... සිත් සතොසින් බිත්තර අරගෙන... බෝ සතුටින් ඔම්ලට් දාලා කෑවාය. දැන්... බිස්නස් එකට කෙලවෙච්චි මාෆියාවට මේ අවුරුදු කටේ උන්ගේ බිත්තරේ 36 ට දෙන්න වුනේය... මාර පව් නේදය....


දැන් ඒකට ජෙප්පන්ටයි... ජෙප්පෝ ගෙනත් කෙලත් නැතිව ඇරගන්න ඉන්න උන්ටයි... ජුවල් ගිහින් 15 ට බිත්තර ඉල්ලනවාය. උන්ට කියන්න තියෙන්නේ.... අනුර කුමාරයා බලේට ආවම... රුපියල් 15 ක් පක්ෂ අරමුදලට දාලා.... අනුරගේ බිත්තරේ කටේ දාගනින් කියලා.


ආන් එහෙම සහෝදරයෙක්ගේ බිත්තරේ කටේ දාගන්න ගිය... එක මිටට දර මිටි බඳින්න ගිය සඕදරියක්... ආදරේ දෝරේ ගලලා .... කෙලින්ම ස්වර්ගෙටම ඇරලා තිබුනේය....


බිත්තරේ කතාව නිමීය....

.

Mar 30, 2024

උද්ධමනය අඩු වීම දැනෙන්නේ නෑ කියන්නේ ඇයි


 

උද්ධමනය අඩු වීම

දැනෙන්නේ නෑ කියන්නේ ඇයි

➖➖➖➖➖➖➖➖➖⭕➖


ඔන්නොහේ එක පාරක් මේ සැරේ ජෙප්පන්ටත් දීලා බලනවා..... උඹත් දි‍යන්... ඔයත් දෙන්න... මහත්තයත් දෙන්න... සේරූත් දෙන්න කියන උන්ගෙන්.... මම අහන්නේ ඇයි එහෙම දෙන්න ඕන කියලා....


එතකොට උන් කියන ප්‍රධානම දේ තමා.... බඩු මිළ වැඩි වෙච්චි එකට... රනිලා මොකුත් කරන්නේ නෑ... අපිට ආයෙත් 250 ට කොත්තුයි.. 15 ට බිත්තරෙයි... ඉස්සර තිබුන ගනන් වලට ලයිට් බිල්, වතුර බිල්, ගෑස් ඕනෙයි කියනෙක...


ඒක ඉතින් අනුර කුමාර, සජිත් තියා, දිලිත්, ධම්මික හෝ විජේදාස ආවත් කරන්න බෑ කිව්වම උන් කියන්නේ.... නෑ පුලුවන් කියලා...


එතකොට මම අහන්නේ.... එහෙම දෙනවා කියලා එකෙක්වත් කියලා තියෙනවද කියලා...


ඕන් එතකොට කියනවා.... අම්මපා.... එකෙක්වත් එහෙම කියන්නේ නෑ නේ ඕයි.... කියලා....


ඊට පස්සේ මම අහන්නේ.... ජෙප්පෝ නෙමේ පාඨලීලා පවා කියපු ඒවා මතකද කියලා...


▪️පාන් ගේන්න විල්බැරෝවේ සල්ලි ගෙනියන්න වෙනේක

▪️ඩොලර් එක 600 ට යනේක

▪️මාස 3 කින් බැංකු පද්දතියම කඩා වැටෙනක

▪️ආහාර හිඟයක් ඇති වෙන එක

▪️ඖෂධ නැතිව ඉස්පිරිතාල වැහෙනෙක

▪️ජොස්තරලා මිසීලා ඔක්කෝම රට රට වලට ගිහින්... බේත් ගන්න එකෙක් නැති වෙනේක

▪️සංචාරකයෙක් එහෙම රටකට එන්නේ නැතෙයි කියනෙක...

▪️IMF ලෝන් ලැබෙන්නේ නෑ කියනෙක


හැබයි මොකෑ වුනේ....?

මේ ඔක්කොම පට්ට පල් බොරු වුනා.... ඇත්තටම ඒක ඉබේ වුනේ නෑ.... 

රනිල් විසින්... ඒ සියල්ලම බොරු කළා....


උද්ධමනය අඩු වෙච්චි එක... 

ආර්ථික විජ්ජාවේ ABC වත් නොදන්න සාමාන්‍ය ජහමනයට  නොදැනෙන්නේ මේකයි....


රනිල් බාර ගත්තේ මැරෙන්න යන පිලිකා රෝගියෙක් කියලා හිතන්නකෝ...

පිළිකාව කියන්නේ ඔඩු දුවන අති භයානක එකක් නේ... 

ඩොක්ටර් රනිල්ටත් මේක එක පාරට නවත්තන්න බැරි වුනා... 

එයා ඒකට ඖෂධ දුන්න... පිළිකාව සහිත ශරීර කොටස් ඉවත් කළා... 

බෙහෙත් දුන්නා විතරක් නෙමේ.... 

බාල ඖෂධ ගෙනාපු සෙට්ටෙකම හිරෙත් දැම්මා...

දැන් පිළිකාව ඔඩු දුවනෙක නැවතිලා තියෙන්නේ....


ඒ කියන්නේ බඩු මිළ ... අර විල්බැරෝ අරන් ගිහින් බඩු ගේන්න වෙයි කිව්ව තරමට... බඩු මිළ වැඩි වෙන්නෙ නෑ... 

රුපියල  ඩොලර් එක ඉස්සරහා බාල්දු වෙන්නේ නෑ... 

හැබයි උද්ධමනය වැඩි උනා නම් බඩු මිළ තව තව වැඩි වෙලා... 

ඔක්කොම හිඟන්නෝ වෙනවා...


ඩොලර් එකේ බාල්දුවීම දරා ගන්න බැරි වෙච්චි... ලංකාවට ඩොලර් එවන්න එපා කියපු... අමු කුහක හඳුනා ... ඒක දරාගන්න බැරිව ප්‍රසිද්ධියේම කිව්වේ... මෙහෙම ඩොලර් එක බාල්දු වෙන්න ගියොත්... ඇමරිකාව ඇවිත් අපිට බෝම්බ දමවී කියලා....


හැබයි දැන් ඉතින් .... ඩොක්ටර් රනිල් ඉවත් කළ ශරීර කොටස් ලෙඩාගේ ඇඟේ නෑ... දැන් ලෙඩා නිට්ටාවටම සනීපද.... ඒක කියන්න බෑ.... 


ඒත්.... ඒ ඔඩු දුවනෙක නවත්තපු ඩොකා හරි නෑ කියලා.... දැන් තොපි ලෙඩාව උස්සගෙන යන්න යන්නේ පිළිකාව... දෙළුම් පොවලා... දේශීය වෙදකමෙන් සනීප කරන්නම් කියන තඹුත්තේගම ගොඩ වෙදෙක් ගාවට..... 


එයාලත් තොපි වගේම... GDP, IMF, BOP, BOT, FDI, උද්ධමනය, විදෙස් සංචිත, බැඳුම්කර, ගෙවුම් ශේෂය, ප්‍රාථමික ගිණුම, සවරින් බොන්ඩ් තියා.... ජේම්ස් බොන්ඩ්වත් දන්නේ නැති... අනුන් දෙන ජොකාත් ඇඳගෙන කටින් බතල හිටවගෙන යන උන්....


උන්ට පුලුවන්ද බං ආර්ථිකය ගොඩගන්න....

කෝ ඒකට වැඩපිලිවලක් ...

කොහේද එහෙම එකක් කියන්නේ...


මේක සජිත් හා අනික් වෙන්ට ජනපතිලටත් මෙසේම අදාලයි....


මේ ඔක්කොම ඇහුවත් උන් කියන්නේ...

ජෙප්පන්ටම තමයි දෙන්නේ..

තෝ පුලාන් දෙයක් කරපන්..... කියලා...


එතකොට මම කියන්නේ...


මම මක්කවත් කරන්න ඕන නෑ වාහේ... 

උන් ඇවිත්.... බටර් කෙල නැතිව හැමදාම කරයි කියලා...


විශේෂ -


හැබයි ඉතින් උද්ධමනය අඩු වෙලා තියෙද්දිත්, රුපියල ශක්තිමත් වෙලා තියෙද්දිත්... සමහර බඩු මිළ තවදුරටත් වැඩි වීම නම්.... ආන්ඩුවේ වැරද්දක්...


මේ ගැන හොයලා බලලා වැඩේ කරන්න ඕන වෙළඳ ඇමතියා.... ඒවා පැත්තක තියලා... නාමලක් පුබුදුවන්න සාටක පස්සේ දුවන එක ගැන... ඩොක්ටර් රනිල් විශේෂයෙන් හොයා බැලුවොත් නම් හොඳයි.


ඔය වැඩේ චාමර සම්පත්ට දුන්නා නම් සුපිරියටම කරයි.....

.

Mar 22, 2024

IMF නිළධාරීන්ද හොල්මන් කළ ආන්ඩුවේ ජයග්‍රහණය


 

IMF නිළධාරීන්ද හොල්මන් කළ

ආන්ඩුවේ ජයග්‍රහණය

➖➖➖➖➖➖➖⭕


රට ආර්ථික අර්බුධයකට ලක් වූ අවස්ථාවේ.... එයින් පැනගිය ගොබ්බ දේශපාලුවන් වන.... අනුර කුමාර ප්‍රමුඛ ජේවිපී බලකායද....,  සජිත් ප්‍රමුඛ ගොඩහෑවාගේ ලණු කන මැටි මෝල් කණ්ඩායමද..., ජනාධිපති ලේකම් කාර්‍යාල රැස්වීමෙන්ද පැන ගියේ.... හේතු දෙකක් මතය...


පළමු එක....

කිසිඳු වැඩපිලිවලක් නොමැති නිසා නන්න පෝල් වූ බැරි කමය... ඩොලර් එක 600 ට යන බවත්... පාන් ගේන්න විල්බැරෝවේ සල්ලි ගෙනියන්න වෙන බවත් කීවේ ඒ නිසාය...


දෙවැන්න ....

උන් මේ රටට හා ජනතාවට කිසිඳු ඇල්මක් ආදරයක් නොමැති බල පෙරේතයන් පමණක්ම වීමය...


උන්ට ඕනා ජනාධිපති වී ඒ ආතල් ගන්නටය... මැති ඇමති ආතල් ගන්නටය....


සරළවම කියන්නේ නම්....උන්ට ඕනා මේ රට IMF ආධාර හා අධීක්ෂණය යටතේ ඉදිරියට යාම නොව...., රට හා ජනතාවට අම්මට හැමිනිලා කෙලවෙලාම යනේකය. 


රටක් දියුණු කරනවාට වඩා.... ඒකට... අම්මට හැමන්නලාම දමන එක මාර ලේසියි කියා පෙන්නුවේ ගෝටා, පී බී හෙවත් ආර්ථික ඝාතකයා හා උන්ට දිරච්ච ළණු දුන් මහ බැංකුවේ හාල්පාරු වෘත්තියවේදියෝය. ඒ සඳහා උන්ට ගත වූයේ අවුරුදු 3 ක් වැනි ඉතා කෙටි කාළයක්ය.


ලෝකය ගලා යන අර්ථ ක්‍රමයෙන් මිදී.... ගූ පෝර යෙදූ සංවෘත දේශිය ආර්ථිකයකින් රට ගොඩ ගන්නට ගොස් වෙච්චි සන්තෑසිය... මේ රටේ ගොබ්බයන්ට මෙතරම් ඉක්මනට අමතක වීම... මාර ලොල් සහගතය.


දැන් ඔය මොකා මොන බයිලා ගැහුවත්..., බලයට එන ඕනෑම එකෙක්ට රට පාලනය කරන්න වෙන්නේ IMF එකේ පදයටය. ඊට එකඟ නොවන්නේ නම්.... මේ රට  ආයේ ගල් යුගයටම යනේක නවත්තන්න.... ඒ මොකාටවත් හැකි වන්නේත් නැතිය.


දැන් IMF පමණක් නොව ජාත්‍යන්තර මූල්‍ය ආයතන, රක්ෂණ ආයතන ඉතරක් නොව ආර්ථික විශේෂඥයින් පවා හොල්මන් වෙලා ඉන්නේ..... රනිල් හා පිරිස මේ තරම් කෙටි කාළයකින් අම්මට සිරි ලංකාව ගොඩ ගැනීම ගැනය.


IMF නිලධාරීන් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඊයේ කියා සිටියේ.... 

▪️ උද්ධමනය සීමා කිරීම, 

▪️සංචිත සමුච්චය සහතික කිරීම සහ 

▪️රාජ්‍ය මූල්‍ය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන්.... ආන්ඩුව "ප්‍රශංසනීය ප්‍රතිඵල" පෙන්වා තියෙනවා කියලාය.


එමෙන්ම ආර්ථිකය ගොඩ ගැන්මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදී... තමන්ගේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමේදී “ඉතා විශිෂ්ඨ ප්‍රගතියක් අත්කර ගැනීම” සම්බන්ධයෙන්.... ශ්‍රී ලංකා බලධාරීන්ට ඔවුන් ප්‍රශංසා කිරිමටද අමතක කළේ නැතිය.


ඒ අනුව ආර්ථිකය ගැන අවබෝධයක් ඇති උන් කියන්නේ.... 

▪️වසර හයක් දක්වා ණය ගෙවීම් අත්හිටුවීමක් සහ 

▪️ආපසු ගෙවීමේ කාලය තුළ පොලී අනුපාත අඩු කර ගැන්මක්.... බොහෝ විට ඉතාමත් ඉක්මනින් ලැබෙනු ඇති බවය.


එවන් තත්වයක් අත්කර ගත් ජනාධිපතිවරයකු හා තරුණ කණ්ඩායමක් සිටියදී.... ආර්ථිකය ගැන මෙලෝ අලබෝලයක් නොදන්නා.... සුබසාධනවාදී ස්වදේශිය ආර්ථිකයකින් රට ගොඩ ගන්නවා යැයි කියන දර ලිපේ උයන ගල් වැද්දන් හා වමේ හිඟන්නන් රජ කරන්නට යන උන් ගැන.... ලියන්නට වදන් ඇත්තේ නැතිය.

.

.

ඒ වගත් මෙසේය.....

.

Sep 3, 2023

මහ බැංකු අධිපති වැඩ්ඩෙක්ද?

 


මහ බැංකු අධිපති වැඩ්ඩෙක්ද?

➖➖➖➖➖➖➖➖➖➖⭕


එයා ගත්ත ඔක්කොම තීරණ හරි කියන්නේ නෑ..


නමුත්... IMF එකේ යෝජනා අපිට ගැලපෙන විදියට ක්‍රියාත්මක කිරීමේදී ඔහු ගත් තීරණ හේතුවෙන්... 

උද්ධමනය අඩු වීම වගේම... 

දේශීය ව්‍යාපාරික ප්‍රජාව හා බැංකු පද්දතිය ආරක්ෂා කර ගනිමින්... 

දේශීය ණය ප්‍රසස්තිකරණය තුල ඔහු ගත් තීන්දූ තීරණ.. 

විපක්ෂයේ හාල්පාරුවන් මෙන්ම ළිං මැඩි ආර්ථික උස්තාද්ලාත් කොර වෙන්නම ගත්තු තීරණ..


මෙහිදි ... බය නැතිව රජයේ සේවකයින්ද බදු ගෙවීමට යටත් කිරීමෙන් ආදායම වැඩි කර ගැන්ම මෙන්ම... 

ජනතාවට එතරම් නොදැනෙන ආකාරයට සේවක අර්ථසාධකේ පොලිය ඉතා සුළු ප්‍රමාණයකින් අඩු කිරීම හා.... 

කොටස් වෙළඳපොල මෙන්ම බාන්ඩාගාර හා බැඳුම්කර ව්‍යාපාරයට බලපෑම් එල්ල නොකිරීමත් අගය කළ යුතුමයි. 


මොකෝ මේ රට මෙහෙම හරි දුවන්නේ සේවා ආර්ථිකයකින් නිසා...


▪️ඒකෙන් සල්ලි අච්චු ගහන වැඩේ අඩු වෙලා ගියා. 

▪️ඒ වගේම බංගලාදේශයෙන් ගත් ණයත් ගෙවනවා..

▪️සංචිතවල වැඩි වීමකුත් තියෙනවා...

▪️රාජ්‍ය වියදමෙන්, වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීමේ ප්‍රතිශතය 20% කින් වගේ අඩු වෙලා තියෙනවා...

▪️ඉන්ධන සලාකේ අහෝසි වෙලා තියෙනවා..

▪️උද්ධමනය තනි ඉලක්කමකට ගෙනත් තියෙනවා...


අනික විල්බැරෝවල සල්ලි ගෙනියන්න වෙයි කිව්ව ආර්ථික උස්තාද්ලා හිටපු රටක්.. 

තෙල් ටික බාගන්න සල්ලි නැතිව හාබර් එක වටේ කැරකි කැරලි තිබ්බ නැව් වලට දඩත් එක්කම ගෙවපු රටක්...

උද්ධමනය 75% කින් ඉහළ ගිය රටක්...

මේ තරමින් හෝ ගොඩ ගැන්ම අගය කළ යුතුමයි..


එමෙන්ම කළ වැරදි අවබෝධ කරගෙන මේ තීන්දූ තීරණ ක්‍රියාත්මක කරන්න පුලුවන්... ඊට උපරිම සහාය ලබා දෙන... ආර්ථිකය ගැන යම් හෝ අවබෝධයක් සහිත නායකයකු රටේ සිටීමත් ජනතාවගේ වාසනාවක්.


මොකෝ ... එයාට මෙන්ම මහ බැංකු අධිපතිටත් අභියෝග කරන දේශපාලන නායකයෝ ආර්ථිකය ගැන අබ මල් රේණුවක මොළයක් නැති ළිං මැඩි ගෝත්‍රික හාල්පාරුවෝ නිසා...


උන් ඇවිත් කරයි ලබ්බ...


.

Sep 1, 2023

සුදු අලි පෙරහරේ යහතින් යද්දී හීලෑ අලි ගැන වොරි වී හඬා වැලපෙමු..

 


සුදු  අලි පෙරහරේ යහතින් යද්දී

හීලෑ අලි ගැන වොරි වී හඬා වැලපෙමු..

➖➖➖➖➖➖➖➖➖➖➖➖💀➖


ඉන්ධන මිළ තව දුරටත් වැඩි වනු ඇත.

ඒක සක්කරයට තබා මහින්ද මගත්තයාගේ පුත්‍රයා ආවත් නවත්තන්න බැරි ලෝක සත්‍යයන්‍ය.


ඉන්ධන මිළ ගැන අනාවැකි ගෙනන ආර්ථික උස්තාද්ලා හා එම ආයතන පවසන්නේ, ලබන අවුරුද්දේ ඉන්ධන මිළ තව දුරටත් වැඩිවෙයි කියලාය.


ඒ අනුව තව කොම්පැනි 100 ක් ආවත් අපිට බඩු බනිස්‍ වෙනවාය. ඒ අස්සේ ඔපෙක් එකේ උන් කතා වෙන්නේ තෙල් සැපයුම සීමා කිරීමටය. ඒ උන්ගේ යහපතට හා උන්ගේ අනාගතේ ගැන හිතලාය. මේවා තේරුම් අරගෙන උන්නාම චතුරංග අබේසිංහ වගේ බබෙක් වෙන්නේ නැතිව, පැතුම් කර්නර් වගේ දෙයක් තේරුම් ගත හැකි එකෙක් වගේ පීචන් නොවී ඉන්නට පුලුවන් වෙනවාය.


අපේ උන්ට මෙහෙව් දේට ප්ලෑන් ඇත්තේ නැතිය. මීළඟට ලොකුම ප්‍රශ්ණය වෙන්නේ පානිය ජලයය. තියෙන වතුර ටිකත් වී වවන්න, හිඟන පන් ගොයියන්ට පූජා කොට, කෂ්ටිය වැස්ස වලාහක එනකන් බලාගෙන ඉන්නවාය. ඒ අස්සේ පන් ගොයියන්ට වන්දිත් පූජා කර, අස්වැසුමත් දන් දෙනවාය.


ඇත්තම රටේ ප්‍රශ්ණය වෙන සුදු අලි ගැන වගේ වගක් නැතිව, රැඩිකල් හිකනල්ලු වගේම රනිල් ලොක්කාගෙත් ලොකුම ප්‍රශ්ණය වෙලා තියෙන්නේ හීලෑ අලියෝය. ජනතාවටත් දැන් සුදු අලි නඩත්තු කිරීම අවුලක් වෙලා නැත්තේය.


උන් කියන්නේත් ඒවායේ ඉන්න උන්ට වැඩි පඩි දෙන්නෙයි කියලාය. 


ජොස්තරලාට ටැක්ස් ගහන්න එපා කියලාය..


පන් ගොයියන්ට නියං සහනාධාර දෙන්නෙයි කියලාය..


මහපොළ වැඩි කරන්නෙයි කියලාය..


EPF/ ETF පොලියට අත තියන්නෙපා කියලාය..


ඔක්කෝගෙම පඩි වැඩි කරන්නෙයි කියලාය..


බේත් මිළ අඩු කරන්නෙයි කියලාය..


බස් ගාස්තු අඩු කරන්නෙයි කියලාය..


ඉන්ධන, ගෑස් හා බඩු මිළ 2019 ගානට දියව් කියලාය..


ඒ කරලා උන් කියන්නේ රට මේ තරමින් හෝ ඇදගෙන යන ව්‍යාපාරිකයින්ට හා සමාගම් වලට හමන්නවන්නෙයි කියලාය....


එව්වා කරන්න ආන්ඩුවට තියා විපක්ෂයටත් වේලාවක් ඇත්තේ නැතිය. උන් කරන්නේ හත් පොලේ ගාගෙන නානා විශ්වාසභංග ගේන එක හා එන්තරාවාසි යව යවා උන්ට මේ ලබ්බේ තොවිලේ නටන්න බලේ දෙන්නෙයි කියලාය. 


හැබයි බලේ අරගෙන කරන්නේ කොහොමෙයි කියලා උන් කියන්නේ නැතිය. ඒ පිළිබඳ වැඩපිලිවක් ඇත්තේත් නැතිය. උනුත් කරන්නේ චිත්‍රපටි විචාරකයෝ වගේ විකාර කිය කියා රට වටේ යනේකය. මෝකා ආවත් ඔය සුදු අලින්ට මෙන්ම දේශපාලකයින්ට කප්පම් ගෙවනා වෙළඳ මාෆියාවන්ට කෙලින්නේ නැතිය. 


උදයංග වීරතුංග කියන්නේ ධම්මික පෙරේරා වැඩිම කප්පම් ගෙවන්නේ ජෙප්පන්ටයි කියලාය. හැබයි ජෙප්පෝ ඒවාට එන්තරාවාසි නොයවන්නේ, වැඩේ ඇත්ත නිසාය. කප්පම් වසන්ත ඒවායේ හූනියන් කරන්නේ කිසි අවුලක් නැතිවය.


මේ රටට අරක්ගත් වෙළඳ මාෆියාවන් තබා, ගිනි මද්දහනේ දෙනෝදාහක් ඉදිරියේ මිනී මරා පැන යන, පාතාල මාෆියාව මැඩ පවත්තන්නවත් පොලිස් ඇමතියාට හා හාල්පාරු පොලීසියට බැරි වී තිබෙනවාය. උන්, කොටුවේ ඉට්ටේසම ඉස්සරහා හැමදාම පොලිස් කෝලම් පෙන්නනවාය.


(බිත්තර මාෆියාවට කෙලියාට, කුකුල් මස් මාෆියාවට අත තියන්න බයය. තණකොල හා කුණු මිළ වැඩි නොවී, බීෆ් හා පෝක් වැඩි වුනේ කෙසේද කියා zoom එකෙන් හෝ මොකෙක් හරි පැහැදිලි කරනවා නම් මාතලන් බොහෝ මනාපයිය)


මාතලන් නම් කියන්නේ දැන් මේක IMF එකට හෝ ජූලී චන්ග් නෝනාට හෝ මෝදී අයියාට සින්නකරම ලියා දෙනවා නම් අහවරෙයි කියලාය. මොකෝ මේ රටේ උන්ට මේක හදන්න බැරි බවත්, කරන්න බැරි බවත්, හදන්න හෝ කරන්න එකෙක් අනාගතේ හෝ නැති බවත් දැන් ඔප්පු වී හමාරය.


ඒ වගත් මෙසේය.


.

Aug 17, 2023

ලාංකීය හිඟන වෘත්තිකයෝ

 



ලාංකීය හිඟන වෘත්තිකයෝ

➖➖➖➖➖➖➖➖➖🔴▪️


මෑතක් වන තෙක් ලංකාවේ වෘත්තිකයින් (විශේෂයෙන් රාජ්‍ය සේවයේ හිඟන්නෝ) උන්නේ ප්‍රභූ පිරිසක් ලෙසය. (ප්‍රභූ බුරුසුවා පන්තිය). ඒ උන්ට තිබූ විශේෂ වරප්‍රසාදයක් වූ ටැක්ස් ෆ්‍රී බෙනිෆිට් එක නිසාය.


එයාලාත් ගෝල්පේස් ඇවිත් ඉල්ලුවේ ගොබ්බසේන රාජපක්ෂ එලවා දමා සිස්ටම් චේන්ජ් කරන්නෙයි කියලාය. ඉතින් ඊට පස්සේ එයාලා පත් කර ගත්ත එකා කරන්න උත්සාහ කරමින් සිටින්නේ එයය.


දැන් උන්ට ඩියුටි ෆ්‍රී ෆැසිලිටීස් ඇත්තේ නැතිය. උනුත් අනිත් උන් මෙන් බදු ගෙවන්න ඕනෑය. වෙනස්වීම් දරාගත නොහැකි ජාතියකට මෙවන් වෙනසක් දරාගැන්ම කොහොමත් අමාරුය. හැබයි රට ගොඩ ගන්න නම් සියල්ලන්ටම කට්ටක් කන්නම වෙනවාය. මෙයාලා කියන්නේ, සියල්ල නොමිළේ ලබාගත් අපට, ඉදිරියටත් සහනාධාර, ආධාර, උපකාර, උපහාර, දීපියව් කියලාය.


ඊයේ හෝ පෙරේදා ශ්‍රී ලංකා වානිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව කියා සිටියේ... කිසිම දේශපාලකයෙක් මේ මොහොතේ ජනප්‍රිය දේශපාලනයට යමින් මේ සිඳුවන දේවල් කඩාකප්පල් නොකල යුතු අතර, ලාබෙට ඉන්ධන, නොමිළේ පෝර, සැමට සමෘධි, පඩි වැඩිකිරීම් වැනි දෙකයි පනහේ බොරු පොරොන්දු ජනතාවට ලබා දී බලය ලබාගෙන පච වෙනවාට වඩා... මේ අමිහිරි සත්‍යයයෙන් ගොඩ ඒමට හැකි දේ කරන්නෙයි කියලාය.


ඊයේ මහින්දානන්ද අළුත්ගමගේ කිව්වේ... බදු එකතු කරන තැන්වල ඉන්නා හොරුන් නිසා, මේ වසරේ ඇස්තමේන්තු කළ බඳු ආදායමෙන් මේ වන තෙක් අය කරගෙන ඇත්තේ 38% පමණක් කියලාය. මෙහිදි අමතක නොකළ යුතු කාරනේ නම්, මේ ආදායම් එකතු කරන්නට ඉන්නේත්, ඉහළ වෘත්තිකයින්මය කියාය. උන් බදු එකතු නොකලාට උන්ගේ කුට්ටිය කඩාගෙන ඉවරය.


බදු එකතු කරනා ප්‍රධානම ආයතන වන, කස්ටම්මෙක, ඇක්සයිස් ඩිපාර්ට්මන්ට් එක හා ඉන්කම් ටැක්ස් ඩිපාර්ට්මන්ට් එක කියන්නේ සුපිරි හොර ගුහාවන්ය. එකතු කරන එකටත් ෂොට් එක දෙන්නේ මුන්මය. ඒ නිසා අපරාදේ කියන්නේ... ටැක්ස් ගහපු එක, උන්ට පඩේකටවත් ගානක් නැතිය.


මේවා වෙනස් කරන්න මේ ආන්ඩුවද මේ වන තෙක් කරපු ලබ්බකුත් නැතිය. සද්දෙට පඩ ඇරියාට කිසි ගඳක් එන්නේම නැතිය. ආන්ඩුවේ පාඩු ලබන ආයතන මිලදී ගැනීමට තබා... නිකන් දුන්නත් ගන්න එකෙක් එන්නේ නැතිය. ඒ, මේවායේ සිටිනා පින්බතාලා, හූනියන් හා කම්කරු නීතී රීතී නිසාමය. එව්වා එක්ක ඒ ආයතන ගොඩ ගැනීම බොරු බව ආයෝජකයෝ නොව ට්‍රැෆික් හිඟන්නෝත් දන්නවාය.


ආර්ථිකය ගැන දැනීමක් දැක්මක් ඇති උන් කියනාකාරයට, මේ ආකාරයට රට ගොඩ ගන්න නම් තා අවුරුදු පහකටවත් බැරිය. 


75% කින් පමණ ඉහල ගිය ජීවන වියදම තාමත් එසේමය. එය තනි ඉලල්ලමකට ආවා යැයි කීවාට, ජහ මනයාගේ ආදායම වැඩි වුනේ නැතිය. ආදායම වැඩි නොවන්නේ නම්, උද්ධමනය  මයිනස් (-) අගයක් වෙන්න ඕනාය.

ඒ නිසා සියල්ලන්ටම සිඳු වී තිබෙන්නේ බිල් ටික ගෙවා දමා දත් මිටි කන්නටය. 


රාජ්‍ය සේවයට සේවකයින් බඳවා ගන්නේ නැතෙයි කීවාට, පාඩුවට උඩ යන ශ්‍රී ලන්කට් එකට ගුවන් සේවිකාවෝ ගන්නවාය. මෙව්වාට කියන්නේ වඳුරු කුණුහබ්බ කියලාය.

මේ දේවල් හාල්පාරු ලේමන්ලා වෙන අපටත් තේරෙනවා නම්, වෘත්තිකයිනන්ට තේරෙන්නේ නැත්තේ ඇයි කියා මාතලන්ට නම් තේරෙන්නේ නැතිය. වෘත්තිකයෝ කතා කළ යුත්තේ විරුද්ධ විය යුත්තේ මේවාටය.


එක්කෝ මුන් මේවා දැනගෙන පරණ ටැක්ස් ෆ්‍රී ෆැසිලිටි එන්ජෝයි කරමින් ප්‍රභූ බුරුසුවා පන්තියේ සැප පහසුකම් විඳින්න ඉල්ලනවාය. නැතිනම් මුන් විශයානුබද්ද දැණීමක් පමණක් ඇති අමු ළිං මැඩි ගෝත්‍රික ගං කබරයෝය.


මාතලන්ට නම් උන්ට කීමට ඇත්තේ, සියල්ලට විරුද්ධව කැෑ ගසනා මහපොල හිඟන්නෝ මෙන් නොවී, අස්වැසුම හා සමෘධි සහනාධාර ඉල්ලා පාරේ කෑ ගසනා අසරණ හිඟන්නෝ මෙන් නොවී, සැමදා සියල්ල නොමිළේ ඉල්ලනා හිඟන වී ගොවියෝ මෙන් නොවී, ටයි එකේ හා අත් දිග කමීසයේ ගෞරවයවත් ඉතිරි කර, මේ රටින් චුත වෙයල්ලා කියලාය. මොකෝ ඔය කටුත් කාගෙන රට වෙනුවෙන් සේවය කරන්නට කැමති 45% ක් පමණ ඉන්නා නිසාය.


නැත්නම් පීචං වෙන්නේ තොපි විතරක් නොව අර මිනිසුන්ද කැපවීමෙන් කරනා මහ ළොකු රැකියාවන් හෙවත් වෘත්තීන්මය.


එ වගත් මෙසේය...


.

Mar 26, 2023

පැස්ටෝල් ගැසීමට ගොස් සංස්ථා ෂෙඩ්වල ගෑස් බැලූ යුගයට තිත.




 පැස්ටෝල් ගැසීමට ගොස් 

සංස්ථා ෂෙඩ්වල ගෑස් බැලූ යුගයට තිත.

➖➖➖➖➖➖➖➖➖➖➖➖🔴➖

.

නුදුරේදීම IOC පැස්ටෝල් ෂෙඩ් වලටත් වඩා සුපිරි පන්තියේ ෂෙඩ් වලින්, තරඟකාරී මිළ ගනන් යටතේ තෙල් ගසාගැන්මට අපට වාසනාව ලැබෙනවා ඇත.


ඒ දැනට පවතින ඉන්දියාවේ IOC වලට අමතරව, චීනයේ Synopec, ඇමරිකාවේ Shell හා ඔස්ට්‍රේලියාවේ United යන සමාගම් ලංකාවේ තෙල් බෙදාහැරිමේ කටයුතු වලට එකතු වන බැවිනි.


සංස්ථාව විසින් භාන්ඩාගාරයෙන් ඩොලර් ගෙන ගෙන්වනු ලබන ඉන්ධන විකුණා ලැබෙන රුපියල් තවමත් භාන්ඩාගාරයට නොලැබෙන අතර, නැවත ගෙන්වීමට භාන්ඩාගාරයෙන් ඩොලර් ඉල්ලා සිටීම තව දුරටත් සිඳුවේ. ඊට හේතුව වන්නේ සංස්ථාවේ වියදම් වලට, උපයන මුදල් සියල්ල වියදම් වීමයි. එනම් ඇත්තේ බ්‍රේක් ඊවන් එකක් පමණි.


එහෙත් ඉන්ධන පිරවුම් හල් 250 ක් පවත්වාගෙන යන ඉන්දියන් IOC සමාගම පසුගිය කාර්තුවේ පමණක් ලබා ඇති ලාබය, රුපියල් බිලියන 9 කි. මීට හේතුව සංස්ථාවේ ඔරොත්තු නොදෙන සේවක පිරිස පමණක්ම නොවේ.


සංස්ථාව සතුව පවතින ඉන්ධන හල් 1300 ක් පමණ වූ ප්‍රමාණයෙන් මේ ආයතන තුනට, එක් ආයතනයකට 150 ක් වශයෙන්, 450 ක් ඔවුනට ලැබෙන අතර, පළමු වසරේදී එකඳු ඩොලරයක් හෝ රටෙන් පිට කළ නොහැකිවා පමණක් නොව ඉන්ධන හල් සියල්ලම නවීකරණය කරනු ලබන්නේ ඔවුන්ගේ වියදමෙනි.


එමෙන්ම Synopec සමාගම පිරිපහඳු කිරීමේ අංගනයක් හම්බන්තොට ඉඳිකිරීමටත්, Shell සමාගම ලංකාවේ ගෑස් නිධි ඩ්‍රිල් කිරීමේ ආයෝජනයන්ටත් මේ වන විට කැමැත්ත පලකර සාකච්ඡා ආරම්බ කර අවසානය.


පට්ටම වැඩේ කියන්නේ, ඉන්දියන් IOC සමාගමේ හා ඉන්දියාවේ එකාධිකාරියක් වීමට ගිය ලංකාවේ ඉන්ධන වෙළඳාම, ලෝක බලවතුන් වන ඇමරිකාව හා චීනය අතර බෙදාහැරීමට රනිල් වික්‍රමසිංහ සමත් වීමය.


දැනට පවතින ගෝලීය දේශපාලනය අනුව මෙය අපට ඉතා වාසි සහගත වන්නේ, මොවුන් අතර අනිවාර්‍යය තරඟයක් ඇතිවන නිසාමය.


එහෙත් හාල් මෝල් කාරයෝ වගේ, බිත්තර මාෆියාව වගේ, මුන් ඔක්කෝම ලංකාවේදී.... නහී වේරෙන වේරානී.... කියා එකට එකතු වී අපට ඇරියත්, ලෝක සාමය උදාකළ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ නොබෙල් තෑග්ග ලබන දිනයේ සතිඤ්ඤා දමා ආඩම්බර වීමට හැකි වාතාවරණයක් ඇති වන්නේය.


ඒ වගත් මෙසේය.....

.

Mar 9, 2023

N M පෙරේරා, IMF, IFC හා අනේ මෙහෙම තන්හාවක්

 



N M පෙරේරා, IMF, IFC හා

අනේ මෙහෙම තන්හාවක්

➖➖➖➖-➖➖➖🔴➖


ඔය ඝෝඨා මේ රට ආර්ථික වශයෙන් බංකොලොත් කලා වගේම, 1970 - 77 හත් අවුරුදු සාපය කාළෙත්, රුපියලට අම්මට හැමිනිලාම ගියා.


මිනිස්සු බැංකු විශ්වාස කලෙත් නෑ. ඒ කාළේ තිබ්බෙත් ආන්ඩුවේ බැංකු විතරයි. පෞද්ගලික බැංකු තිබ්බත් නොතිබ්බ ගානයි. සාමාන්‍ය ජනතාව බැංකු එක්ක ගණුදෙණු කලෙත් නෑ. කරපු උනුත් සල්ලි හංගා ගත්තා. මුට්ටි කාසි කිව්වේ ඒවටද කියන්න නම් මම හරියට දන්නෙ නෑ.


දැන් ආන්ඩුවට සල්ලි නෑ. ඇන් ඇම් කියන්නේ ජේ ආර් වගේම ගල් ආඳෙක්. පොර කලේ... තවත් මාසයකින් පැරණි රුපියල් 100 නෝට්ටුව අවලංගු නෝට්ටුවක් බවත්, වහාම ඒවා බැංකුවල තැන්පත් කරන ලෙසත් දැන්විම.


මිනිස්සු පෝලිමේ ඇවිත් බැංකුවල සල්ලි දැම්මා. සමහර උන් රුපියල් 100 ඒවා රුපියල් 50 ට ගත්තා. ඒ වගේ සත්ගුණවත් මිනිස්සු අද වගේම එදත් උන්නා.


මේ වෙමින් පවතින්නේ ඊට වෙනස් දෙයක්.


ඇත්තටම ආන්ඩුවට ඩොලර් නැති උනාට, මිනිස්සු ළඟ ඩොලර් තිබුනා. හැබයි ආනයන තහනම් දාලා මිනිස්සුන්ගේ බිස්නස් වලට කෙලලා රට කාබාසීනියා කලාම ඩොලර් එකේ මිළ ඉහළ යන බව දන්න නිසා, ආන්ඩුව කොච්චර සෙල්ලම් දැම්මත් ඒ ඩොලර් හොල්ලන්නවත් බැරි වුනා. අපි මේ ගැන අනන්ත ලිව්වා.


ඒ අස්සේ තමා IMF පත්තු වෙන්න යන බව තේරුන IFC (International Financial Corporation) එකෙන්, ඩො:මි: 400 ක් ප්‍රයිවට් බෑන්ක්ස් වලට ලැබෙන්නේ. ඒකට තා හේතුවක් තිබුනා. 


ඒ මීට මාස දෙක තුනකට කලින් ආනයන භාන්ඩ රාශියකට තිබූ තහනම ඉවත්වීම හේතුවෙන් ආයෙත් බජාර් එකේ බිස්නස් ටිකක් ඕ කේ වීම. මේ ගොබ්බයෝ කාර් සේල් වලට කෙලියා වගේ රට පුරාම තියෙන බියුටි සැලෝන් වලටත් කෙලින්න ගියේ. ඒවයෙන් ජීවත් වෙච්චි උන් රජයට බරක් නෙමේ නේ.


මිනිස්සුන්ගේ පරිභෝජන රටාවට දොස් කියපු උන්ටම මේ රට දුවන්නේ ඒ නිසා බව දැන් තේරිලා. ආන්ඩුවේ පින් පඩි ගන්න උන්ට ටැක්ස් වැදිලා කෙලවෙලා ගියාට, මේ රටේ මහන්සිවෙලා හරි හම්බ කරන මිනිස්සු උපයන දෙයින් තමා, උනුත් පින්පඩි අරගෙන ආතල් ගත්තේ.


ඕන් අද ඩොලර් රුපියල් වලට මාරු කරගන්න මිනිස්සු බැංකුවල පිරිලා. මෙ බොහෝ දෙනෙක් පිටරට ගිහින් හම්බ කරගෙන ආපු උන්.


කෙලවෙලාම ගියේ උන්ඩියල් කාරයින්ට. උනුත් බැංකු පෝලිමේ කියලයි ආරංචිය.


බුදු පුතෙකුන් පිඞු සිඟා වැඩිය හොත්

දෙන්නට වේ යැයි සැක සිතලා

මහ ඉසුරෙක් උඩු මහලේ සැඟවී

පැණි කොමු පිස කෑවේලූ

අනේ මෙහෙම තණ්හාවක්, 

අනේ මෙහෙම ආශාවක්

මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්...


.

Mar 8, 2023

IMF සහනය සියල්ලට තෛලය වන්නේද?


 IMF සහනය

සියල්ලට තෛලය වන්නේද?

➖➖➖➖➖➖➖➖🔴➖


පරගලයෙන් ගිනිකන වැටුන උන් මුලින්ම කිව්වේ, මේ ආන්ඩුවට හා රනිල් රාජපක්ෂට IMF එකෙන් මෙලෝ දෙයක් දෙන්නේ නෑ කියලාය. එහෙත් මේ මාසය තුලදීම හෝ නුදුරු දිනකදි එම සහණ ණය මුදල ලැබීම ආරම්බ වනු ඇත්තේය.


දැන් පරගල අපතයන් පාරට බැස උද්ඝෝෂණ කරමින් වලිකන්නේ, එය නවතා දමා, රට තවදුරටත් කාබාසිනියා කර දැමීමටය. මේ උද්ඝෝෂණ හා වැඩ වර්ජන කරනා සියල්ලන්ටම සංග්‍රහ කල යුත්තේ ත්‍රස්තවාදීන් සේ සලකාය.


IMF එක ලැබුනාම සියල්ල එයින් ගොඩ යන්නේය යන අමන සිතුවිල්ලක් ආර්ථිකය ගැන මෙලෝ අලබෝලයක් නොදන්නා උන්ට ඇති විය හැකි වුවත්, ආර්ථිකය ගැන දන්නා උන්ට එහෙව් ගොබ්බ සිතිවිලි ඇති වන්නේ නැතිය.


දැන් මේ දෙස බලා සිටීමට නොහැකිව අර්ශෂ් තද වූ, වැඩිපුර ඩොලර් 500 න්, ත්‍රිකුණාමලයෙන් හා දේශීය ආර්ථිකයකින් රට ගොඩ දැමීමට බලා සිටිනා ආර්ථික උස්තාද්ලා කියන්නේ, තව තවත් ණය අරගෙන, රට තවත් ආමාරුවේ දාන්න යනවාය කියලාය.


රට මේ ලෙස විනාශ වූයේ ඝෝඨා විසින් එහෙම දේශීය ආර්ථිකයක් හදන්න ගිහිල්ලාය. එහෙව් බඩකඩුත්තුවක් මේ රටේ කරන්න බැරි බව මේ වෘෂභයින්ට අත්දැකීමෙන් හෝ තේරුම් ගැන්මට මොළය කළඳක් ඇත්තේ නැතිය.


මේ රටේ කාර්මික හෝ කෘෂිකාර්මික නිශ්පාදන කරනවාට වඩා කළ යුත්තේ ඩුබායි, සිංගප්පූරුව මෙන් සේවා ආර්ථිකයකට යාමය. ඊට හේතුව වන්නේ, අපේ නිශ්පාදන පිරිවැය ඉතා ඉහළ විමත්, නිශ්පාදන අමුද්‍රව්‍ය නොමැති වීමත්‍ය.


හොඳම උදාහරණය බිත්තරයය. 


100% බද්දක් ගසා ඉන්දියාවෙන් ගෙනත් ලාබයකුත් තබාගෙන රුපියල් 35 කට පාරිභෝගිකයාට ලබා දිය හැකි බිත්තරයට, අද අපි රුපියල් 55-60 ක් ගෙවමින් සිටිමු.


 පුද්ගලයින් හතර පස් දෙනෙකුගේ මාෆියාවක් හා උන්ගෙන් කප්පම් ගන්නා දේශපාලන පක්ශයක් මෙන්ම, උන්ගෙන් අල්ලස් ගන්නා රාජ්‍ය නිළධාරින් වෙනුවෙන්, බිත්තර වෙනුවට පරිප්පු කන්නේ කුමකටද?


මේ IMF ණය ගැන ඇති අනියම් බියද අමු ප්‍රොපගැන්ඩාවකි. අපි 16 වතාවක් ණය ලබගෙන ඇතයි කීවත්, ඒ 16 වතාවේම ලබාගෙන ඇති මුලු මුදලේ එකතුව ඩොලර් බිලියන 3.6 කි. 


තව දුරටත් ඔවුන්ට ගෙවීමට ඇත්තේ යහපාලන සමයේ ලබා ගත් ඩොලර් මිලියන 700 ක් පමණකි.


යුද්ධයෙන් පස්සෙ රාජපක්ෂලා ලබාගත් වැඩිම   ණට මුදල වූ ඩොලර් බිලියන 1.65 ක මුදලද ගෙවා අවසානය.


(IMF දත්ත එක් ඡායාරූපයක් තුල විස්තරාත්මකව එල්ලා ඇත.)




කෙසේ වෙතත් මේ මොහොතේ මහ බැංකුව ස්වාධීන ආයතනයක් කිරීමට ගෙන එන යෝජනාව මාතලන්ට අනුව නම් කොමිසම් සභා වලට එහා විකාරයක්මය. කළ යුත්තේ, රට ආර්ථික වශයෙන් ගොඩ එන තෙක් හෝ දිගටම, ඉන්දියාව කලාක් මෙන්, IMF නියෝජිතයින්ගේ අධීක්ෂණයට යටත් කිරීමය.


ඊට හේතුව වන්නේ, ඩොලරය ශක්තිමත් වී රට නැවත යතා තත්වයට පත් වෙමින් තිබෙන්නේ නන්දලාල් වීරසිංහගේ හෝ රනිල් වික්‍රමසිංහගේ දස්කමක් නිසාවෙන් නොව, ඒ දෙදෙනා විසින් ක්‍රියාත්මක කළ IMF යෝජනා හේතුවෙන් වීම නිසාය.


රනිල්ට හා නන්දලාල්ට අපේ ප්‍රණාමය හිමි විය යුත්තේ, කිසිවකුටත් බිය නොවි ඒ යෝජනා ඒ ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට තරම් කොන්දක් තිබීමේ හේතුවෙන්මය.


ඒ වගත් මෙසේය....


.

Mar 4, 2023

ඩොලරය සීඝ්‍රයෙන් පහළ යාම පාලනයට මහ බැංකුව මැදිහත් වූයේ ඇයි?

 


ඩොලරය සීඝ්‍රයෙන් පහළ යාම පාලනයට

මහ බැංකුව මැදිහත් වූයේ ඇයි?

➖➖➖➖➖➖➖➖➖➖⭕➖


(මාතලන්ගෙන් අති සරළ ඉකොනමික්ස්)

.

දැන් නන්දලාල් වීරසිංහ කියනවා ඩොලර් එක තවත් පහළට යන්න දෙන්නේ නැතිව නවත්තනවලු..


ඇත්තටම මහ බැංකුව මේක නැවැත්තුවේ නැත්නම්, ඩොලර් එක අර ඝෝඨා කියන ටයිල් බාස් එනකොට තිබුන ගානටම යන්න ඉඩ තියෙනවා..


මේ රට බංකොලොත් වෙන්න ප්‍රධාන හේතුව වුනේ ආනයන අපනයන වෙළඳාම මත දුවපු රටක,එක අංශයක්, එනම් ආනයන.. ඒ කියන්නේ පිටරටින් බඩු ගෙන එක, එකපාරටම නවත්තලා දාපු එක.


එහෙන නැවැත්තුවේ.... ටයිල් බාස් එකපාරටම යනවා 1970 -77 සංවෘත ආර්ථික ක්‍රමයට. ඒ කියන්නේ කාර් එක පවා මෙහේ හදනවා, ඇපල් මෙහේ හදනවා, හැම් බේකන් චීස් බටර් මෙහේ හදනවා.. හැබයි මේ පන් ගොකයට ඒ සඳහා කිසි වැඩපිලිවෙලක් තිබ්බේ නෑ.


පාදෙනියයි, පීබීයයි, රතනයයි, දිලිතයයි, ගොඩහෑවයි දුන්න ළණුව අඹරගෙනම කෑවා. ඌ දන්න ඉකොනමියක් තියෙයිය. ඕකට හරියට වෙඩි තියන්නවත් පුලුවන්ද මන්දා.


මූ කෘෂිකර්මාන්තයෙන් රට ගොඩගන්න යන්නේ කාබනික පෝර දාලා. ඒවා හොඳ වැඩ. ඒ කියලා රසායනික පෝරයි කෘමිනාශකයි ගේනෙකත් එක පාරම නවත්තනවා. හැබයි වවන්න පෝරත් නෑ මැස්සන්ට ගහන්න බේතුත් නෑ. මූ රෙණ ගොම දාන්නත් බෑ.


එතකොට සමහර මිනිස්සු ස්වයං රැකියාවක් ලෙස කරලා හොඳට කාලා බීලා ජීවත් වෙච්චී..., වාහනයක් ගෙනත් විකුණන, දීපව්‍යාප්ත බිස්නස් එකක් වෙච්චි, කාර් සේල් එක සම්පූර්ණයෙන්ම නවත්තලා දානවා. මුන් දන්නේ නෑ ඒකත් එක්කයි සමස්ත බිස්නස් ජාලයම සම්බන්ධ වෙලා තිබ්බේ කියලා.


මූ මේවා පී බී කියන ආර්ථික ඝාතකයා එක්ක එකතුවෙලා කරන්නේ, ඒ මදිවට, උන් තීරණය කරණවා මින් පස්සේ ණය ගන්නේ නෑ කියලා.


මේ මූසලයෝ දෙන්නා දන්නේ නෑ, අද මුලු ලෝකයම දුවන්නේ රෝලෙන් කියලා. හැබයි උන්ට ඒ තීරණය ගන්න ඊට හේතුවකුත් තිබුනා. ඊට කලින් උන්න ආන්ඩුවේ ගොබ්බයෝ ණය අරගෙන මෙලෝ මඟුලක් නොකර, කරපු එකම දේ කන බොන එක විතරක් නිසා.


ඒක නිකං අර වඳුරෝ ගෙවල් හදන්නේ නෑ වගේ කේස් එකක්. උන් වැස්ස නැති කාළෙට කකා බිබි හැමිනිලා ආතල් අරන්, වැස්ස කාලෙට හාල්පාරුවෝ වගේ තෙමි තෙමී ඉන්නවා. දැක්කාම දුකේ බෑ.


එතන අමු ගොබ්බ තීරණ එකක් නෙමේ දෙකක්ම ගන්නවා. ඒ ආනයන වෙළදාම තහනම හා ණය නොගැනීමේ තීරණය. ඒකෙන් රටේ බිස්නස් ජාලය සම්පූර්ණයෙන්ම වැටෙනවා. ණය ගෙවන්න නෙමේ, ඉන්ධන, ගෑස්, බෙහෙත් ගේන්නවත් සල්ලි නැති වෙනවා. 


හේතුව ණයක් එන්නෙත් නෑ. වාහනවලට හා රටින් ගේන බඩුවලට ගහපු කන පැලෙන බදු ආදායම එන්නෙත් නෑ. භාන්ඩාගාරේ හිස් වෙනවා. ආන්ඩුවේ හිඟන්නන්ට පඩි ගෙවන්නවත් සල්ලි නෑ. ඒ පාර සල්ලි අලුතෙන් අච්චු ගහනවා. ඒකෙන් රුපියලේ වටිනාකමක් නැතුව ගිහින් රුපියල බාල්දු වෙනවා. 


ඒ කියන්නේ රුපියල හරියට ඔය ඩෙනිම් වගේ වෙනවා. ඉස්සර ඩෙනිමක් හොයා ගන්න තිබ්බේ නැතත්, දැන් බාල ඒවා හරි හිඟන්නොත් ගහනවා. ඉස්සර සුදු කෑල්ලක් දකින්න කොළඹ හෝ නුවර යන්න වුනාට, දැන් සිරිපුරත් සුදු කෑලී ඉන්නවා වගේ.


ඒ කරලා විදෙස් සංචිත රැස්කරන්න පෞද්ගලික බැංකුවල තියෙන ඩොලර් ටික ඔක්කොම මහ බැංකුවට ගන්නවා.


එතකොට මොකද වෙන්නේ. මිනිස්සුන්ට ගෙන්නන්න පුලුවන් බඩුවක් හරි රටින් ගෙන්නගන්න ප්‍රයිවට් බැන්කුවලත් ඩොලර් නෑ. "එල් සී" ඕපන් කරන්න බෑ. ඒ කියන්නේ ණයවර ලිපි. අජ්ජාපනේ සඳහා පිටරට ගිහින් ඉන්න දරුවෙකුට සල්ලි ටිකක් යවා ගන්න විදියක් නෑ.


ඔන්න දැන් මහ බැංකුවේ ගොබ්සන්ස්ලට තේරෙනවා මෙහෙම හිරකරගෙන උන්නොත් මැරෙන්නයි වෙන්නේ කියලා. පෞද්ගලික බැංකුවලට එන ඩොලර් ප්‍රමාණය බලෙන් ගත්තු කොටස කෙමෙන් කෙමෙන් අඩු කරනවා.


දැන් බිස්නස් කාරයන්ට බිස්නස් කරන්න බඩු ගෙන්න ගන්න ණයවර ලිපි ඕපන් කර ගන්න ඩොලර් තියෙනවා. දරුවන්ට රට යවන්න ඩොලර් තියෙනවා. පොඩි බිස්නස් එකක් කරන එකෙකුට රට අරගෙන යන්න ඩොලර් තියෙනවා. කොටින්ම ක්‍රෙඩ්ට් කාඩ් එකේ වියදම් කරන්න පුලුවන් ප්‍රමාණයත් වැඩි වෙලා. 


එතකොට දැන් ඒ ඩොලර් එක්ක ගණුදෙණු වෙන්නේ මිනිස්සු ගාව තිබුන මුදල්. ඒවා මිනිස්සු හරිහම්බ කරගත්ත මුදල් මිසක් අච්චු ගගපුවා නෙමෙයි. එතකොට දැන් නියම මුදල් සංසරණයක් සිද්ද වෙනවා. ආර්ථිකය සුපුරුදු පැවති තත්වයට කෙමෙන් කෙමෙන් එනවා.


දැන් මහබැංකුවේ ගොබ්සන්ලා මෙහෙම සල්ලි අච්චු ගහ ගහා ගත්ත ඩොලර් ගැනීමේ ප්‍රතිශතය 25% දක්වා අඩු කරලා තියෙනවා . ඒ කියන්නේ 75% නියම ගණුදෙණු වලට යොමු වෙනවා.


හරි නම් මහබැංකුව කරන්න ඕන බිස්නස් වලට කෙලින්නේ නැතිව පැත්තකට වෙලා ඉන්න එක.


මේ රට හිඟන රටක් නෙමෙයි. මිනිස්සු ජපනගෙ වාහනේ මෙහේ පාරට දැම්මේ 200% - 300% බදු ගෙවලා. ත්‍රී විලර් එක මෝටර් සයිකලේ ගත්තෙත්, භාන්ඩාගාරයට පත බදු ගෙවලා. ඇපල් ඉඳලා, හැම් බේකන් චීස් බටර් උඩින් පුඩින්,  කිරි පිටි, හාල්මැස්සගෙ ඉඳලා කෑවේ බිව්වේ හෙන ගහන බදු ගෙවලා.


මෙහේ ගල් බෝතලයක් බොන ගානෙන් වෙන රටක හොඳ ජොනි වෝකර් විස්කි එකක් ගහන්න පුලුවන්. ඒ තරම් සහගහන බදු ගහලත් තොපි මේ රට බංකොලොත් කරේ, පාඩු ලබන රාජ්‍ය ආයතනයි, ඒවයෙ කම්බා හොරුයි,  අරක්ගත් මාෆියාවලුයි මේන්ටේන් කරන්න ගිහිල්ලා.


දැන්වත් මිනිස්සුන්ට බිස්නස් කරන්න දීලා, පැත්තකට වෙලා හිටහල්ලා. උන් උඹලටත් කන්න දෙයි.


ඉස්ධූතී නන්ඩ්‍රෙයි ටෑන්ක්ස් හොඳේ ......!!!


.

Mar 1, 2023

රාජ්‍ය අංශයේ බැංකුවල අවසානය හා අරගලයෙන් පුප චූන් වූවන්ගේ හංස ගීතය.


 රාජ්‍ය අංශයේ බැංකුවල අවසානය හා අරගලයෙන් පුප චූන් වූවන්ගේ හංස ගීතය.

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖🔴➖


ඕනවට වඩා පිම්බෙන්න ගිය ගෙම්බෙක්ට අවසානයේ සිඳු වූ කතන්දරේ දැන් ඉන්නා ගේම් ඔෆ් ත්‍රෝන් ජැනරේසොන් එක දන්නේ නැතිය. උසේන් බෝල්ට් ගැන දන්නා උන්, හාවා සහ ඉබ්බාගේ රේස් එක දැකලා නැතිය. 


රට සිංගප්පූරුවක් කරන්නැයි කියනා උන් සිංගප්පූරුව ගොඩ නැගුනේ කෙසේද, අද එරට ඉන්නා නායකයා කාගේ කව්දැයි කියා දන්නේත් නැතිය. දේශීය ආර්ථිකයකින් රට හදන්නෙයි කියනා උන්, ඉන්දියාව, චීනය නොව බංගලාදේශය, ආර්ථික වශයෙන් ශක්තිමත් වූයේ කෙසේද කියාත් දන්නේ නැතිය.


දොස්තර වයිට් හැම ලෙඩටම ප්‍රෙඩ්නසලෝන් කුඩු කර දුන්නා සේ, රෝන්ග් ජැනරේෂන් නොව  නොමිනිස්ට් (කොමිනිස්ට්) මයින්නට පවා හැම ප්‍රශ්ණයට ඇති එකම විසඳුම ආන්ඩුවට තඟ දමනා අරගල බඩකඩුත්තුවය. ආන්ඩුවට වෝනින් ලෙස දෙන්නේ.. අඩෝ තොපි දැනගන් අපි ඊළඟ අරගලේ ගේනවා කියලයා.


පුප චූන් වූ හාවෝ මීටර් 100 රේස් දුවද්දි, රනිල් රාජපක්ෂ දුවන්නේ මැරතන් එකකුත් නොව බාධක දිවීමේ තරඟයක්ය. අපේ රටේ මෙවන් බාධක දිවීමේ ධාවනපත නැති නිසා, ජාත්‍යන්තරය තියා ඉන්දියාවවත් නොදන්නා ගං කබර අමු ළිං මැඩි ගෝත්‍රික හිකනල් හැත්ත, ඒවා දැකලා තියා අහලාවත් නැතිය. උන් මීටර් 100 දුවන උසේන් බෝල්ට් දැනගෙන උන්නාට, ඩිකැත්ලන් (Decathlon) ලෝක චැම්පියන් කෙවින් මේයර් ගැන අහලාත් නැතිය.


ඩිකැත්ලන් කියන්නේ ජවන හා පිටිය තරඟ රාශියකින් හෙබි තරඟ ඉසව්වක්ය, ඔලිම්පික් ඉතිහාසයේ නියම චැම්පියන් වූයේ ඔහුය. ඒ කාළයේ  ග්‍රීසියේ එය හැදින්වූයේ පෙන්ටැත්ලන් කියලාය. (Pentathlon) දැන් කාන්තාවන්ටද එම ඉසව්ව පැවැත්වෙනවාය. ඒ මැඩල් එක ගන්න ඕල්රවුන්ඩ් පර්ෆෝමන්ස් පෙන්නන්න ඕනෑය. 


ඊට, මීටර් 100, මීටර් 400, මීටර් 1500, මීටර් 110 කඩුලු පැන දිවීම, දුර පැනීම, උස පැනීම, රිටි පැනීම, හෙල්ල විසි කිරීම, යගුලිය විසි කිරීම හා කවපෙත්ත විසිකිරීමද ඇතුලත්‍ය. 


රනිල් කියන්නේත්, මහින්ද කියන්නේත්, ජේ ආර් හා ප්‍රේමදාසලා මෙන්ම මීටර් 100 චැම්පියන්ලා නොවේය. එයාලා නායකත්වයට එන්නේ මැරතන් එකක් දුවලා අහවර වෙලාය. ඒ දුවනාතරේ එයාලා ඔටෝමැටිකලි ඩිකැත්ලන් චැම්පියන්ලා වී අහවරය.


ඒ නිසා එයාලා ළඟ ඕන ලෙඩකට බෙහෙත් තියෙනවාය. 


අරගලයෙන් ගිනිකන වැටී, හූනියන් කාරයන්ගේ ළණු අඹරා ගිල,  රාජ්‍ය අංශයේ බැංකු වසා ඒවායේ වීරයෝ ගෙදරට වී හැමිනෙන අතරේ, රනිල් විශේෂ කැබිනට් රැස්වීමක් පවත්වා තීරණය කර ඇත්තේ, සියළුම රාජ්‍ය ආයතන වහාම පෞද්ගලික අංශයේ බැංකුවල ගිණුම් විවෘත කළ යුතු බවය. 


දැනටමත් ඛනිජ තෙල් නීතීගත සංස්ථාව සිය එදිනෙදා ආදායම් හා වියදම් සඳහා කොමර්ෂල් බැංකුවේ ගිණුම් විවෘත කර ගණුදෙනු කරගෙන යන බව බොහෝ උන් දන්නේත් නැතිය.


එහිදී ඔවුන් පෙන්වා දී ඇත්තේ, හූනියන් කාරයෝ දිගටම බැංකු වැසුවහොත්, ඉන්ධන ගෑස්, අත්‍යාවශ්‍ය ආහාර හා බෙහෙත් ගෙන්වීමට ණයවර ලිපි ලබා ගැනීමට බාදා විය හැකි බැවින්, වහාම මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය සහිතව පෞද්ගලික අංශයේ බැංකුවල ගිණුම් ආරම්බ කරන ලෙසය.


දැන් ඉන්නේ හිටපු එකා මෙන් අමු තන් ගොකතීරූ මොරිමාඩ, නෝන්ජල්, පීචං නායකයකු නොව, අවුරුද ගානක් කට්ට කා ලබා ගැනීමට නොහැකි වූ තනතුර, ස්වීප් එකකින් ලද නායකයෙක් බව සියල්ලෝම දැනගන්නවා නම් බොහෝම හොඳය. අනික් එක එයා මොන සෙල්ලම් දැම්මත්, සියල්ල සිඳුවන්නේ අපේ ජූලී චන්ග් සුදු නෝනාගේ හිතේ මනාපයටය.


අවුරුදු 75 ක මෑත ඉතිහාසයේ රාජ්‍ය ෆේල් වූයේ එක් අවස්ථාවක පමණය. ඒ ඝෝඨා වගේ මෙලෝ අලබෝලයක් නොදත් ටයිල් බාස් කෙනෙක් හා ආරක්ෂක මීමුන් රැලක් නිසාත්ය, දැන් ඉන්නේ එහෙම එකෙක් නොව ජේ ආර් හා ප්‍රේමේගේ ගෝලයෙක් හා මහින්දගේ කල්‍යාණ මිත්‍රයෙක් බවත් හැමෝම සිහි තබා ගැන්ම තම ශරීර සවුක්කයට මෙන්ම ගෙදර උන්ගේ බඩේ බත් වලටත් ඉතා හිතකරය.


ඒ වගත් මෙසේය......


.

Jan 26, 2023

කළු අඳින වෘත්තිකයින්ට සිම්පල් සොලියුෂන්

 


කළු අඳින වෘත්තිකයින්ට

සිම්පල් සොලියුෂන්

➖➖➖➖➖😭➖


අපේ ආච්චි මට පොඩි කාළයේ කියා දුන්නේ සමහර පව් වල ප්‍රතිවිපාක මේ ආත්මේම පලදෙනවාය කියලාය.


රට ආර්ථික වසයෙන් වැටුන වෙලේ ආචාර්‍ය මහාචාර්‍ය බක පන්ඩිත ප්‍රාමාණික සිවිල් බුවාලා රටේ සාමාන්‍ය ජනතාවට චෝදනා එල්ල කරමින් අමුතු ඉකොනමික් බණක් දේශණා කළ සේක....


උන් කිව්වේ ජේ ආර් ගෙනා විවෘත ආර්ථිකය හා යුද්ධයෙන් පසු රාජපක්ෂලා ගෙනා අධිපරිභෝජනවාදී බ්‍රැන්ඩඩ් බැසිලොමික්ස් නිසා ආර්ථිකයට කෙලවී අම්මාට හැමිනී රට බංකොලොත් බාවයට පත්වූ බවය...


එහෙම කියන කොට අපි හිතුවේ... මේ බක පන්ඩිත සියල්ල දත් පුපේ දත්ලා ඒ වගේ දේවලට අහු වුනේ නැති වෙන්ට ඇති කියලාය...


බලාගෙන ගියාම රටේ ජනතාවට එහෙම පිස්සුවක් නැති වුනාට... එහෙම ලයිෆ් ඉස්ටැයිල් ගෙවලා තියෙන්නේ මේ උපාධිධාරී සියල්ල දත් ආර්ථික විජ්ජා වෘත්තිකයින් යැයි කියා තමන්ම තමන්ව හඳුන්වා ගන්නා බක පන්ඩිතයන්මය....


පට්ටම ආතල්ලෙක කියන්නේ රටට මෙලෝ දෙයක් නොකරණ වැහි නැති හෙණ ගසනා වැටුප් හා දීමනා ලබා ගන්නා මහ බැංකුවේ මහා කා: කන්නින්ටද ඒ පරිප්පුව හොඳම එකෙන් කන්නට වෙච්චි එකය...


තමන් මහන්සී වී හරි හම්බ කර ගත් දෙයින් අර ලයිෆ් ඉස්ටැයිල් එන්ජෝයි කරන අතරේ... රාජ්ජ සේවයේ පින්පඩි කෑ, ආචාර්‍ය මහාචාර්‍ය හා උපාධිධාරීන් නඩත්තු කිරීමට බදුද ගෙවපු උන් වාගේම... මේ කා: කන්නි හිඟන්නෝද කර ඇත්තේ අර ලයිෆ් ඉස්ටැයිල් ගෙවනා එකය. 


එයිට හපන් ආතල් එක වන්නේ... ණය පිට ණයවෙමින් මෙළෝ රහක් නැති වැඩ කරනවා කියා මයිනාට නිවන් සුව පැතු.. කපුටාට හෝන් ගෑසූ... පී බීට ආර්ථික ඝාතකයා කියූ.. කබරාල දන්නා ආර්ථික විජ්ජා කළමණාකරණයක් නැතැයි කියූ මේ බක පණ්ඩිතයින් ආර්ථිකේ නියමෙටම කළමණාකරණය කරලා... දැන් රෙන්න පුකේ ගූත් නැතිව කළු ඇඳගෙන පාරට බැහැපු එකය...


ලදරන් ඉන්දියන් කාර් වෙනුවට යුරොපියන් හයි බ්‍රෑන්ඩඩ් කාර්ද, ගල් අරක්කු වෙනුවට ටිකීලා විස්කි ජින් බ්‍රැන්ඩිද, විශ්‍රාම ශාලා හා නිවාඩු නිකේතන වෙනුවට තරු තුනේ හෝටල්ද, දරුවන්ට, තමන්ට නොමිළේ සිප් සතර ලබා දුන් මෙරට විස්ස විජ්ජාල වෙනුවට නොරට විස්ස විජ්ජාලද, ටොමියා වෙනුවට ගෝල්ඩන්‍ රිට්‍රීවර්ද, පූසා වෙනුවට බූල් බූල් පර්සියන් කැට්ද, කුස්සි වෙනුවට පෑන්ට්‍රිද, ඒකට ඉලෙක්ට්‍රොන්ක් ගැජඩ්ද, ඇටෑච් බාත් රූම් සමඟ ලක්සිරි විලාස්ද  පරිභෝජනය කරමින් පඩ ෂෝ දැමූ උන්ට... දැන් කන්න බොන්න ඉතිරි කර ගත්ත එකට, ටැක්ස් එකෙනුන් කෙලියාම... සදා සොත්ති භවන්තුතේ වෙන එකත් ඇත්තය.


දැන් මේ බුද්ධිමතුන්ට කරන්නට අත්තේ ආන්ඩුව ගත් ඔප්සොන්මය. මේවා කැමති ආකාරයෙන් ක්‍රියාත්මක කොට රට දුවනවා වාගේ යාන්තම් දුවා ගන්නට බැරි වෙන එකකුත් නැතිය.


▪️තමා බංකොලොත් බවටත්, අම්මට හැමිනිලා, රෙන්න පුකේ ගූත් නැති බවටත් කොමන් ලියුමක් ලියා, බැංකුවලට, ලීසිං කොම්පැනි වලට, ෆිනෑන්ස් කොම්පැනි වලට, ක්‍රෙඩිට් කාඩ් වලට, ගමේ පොලී මුදලාලිට ලියා යැවිය යුතුය. (අහල පහල උන්ට කියන්න ඕනා නැතිය. උන් දැන් ඉන්නේ පුල් පන් එකේය)


▪️ණය ප්‍රතිව්‍යූහගතකිරීමට හෝ කපා හැරීමට හැකිදැයි කියා අදාල ආයතන කළමණාකාරිත්වය සමඟ ද්වීපාර්ෂවික සාකාච්ඡා ආරම්බ කළ යුතුය. (උන්ටත් කෙළවෙලා තියෙන එක මෙතනදි අදාල වෙන්නේ නැතිය )


▪️අධි පරිභෝජනය සඳහා ගත් බඩු භාන්ඩ, යාන වාහන නිවාස විකුණා දමා නිර්මාල් දේවසිරි මෙන් ජනාතවට ජීවත් විය යුත්තේ මෙසේ යැයි කියා උපදෙස් දුන්... ඔවුන් ගත කරන අල්පේච්ඡ ජීවිතයට මාරු විය යුතුය.


▪️එසේ නැත්නම් සියල්ල විකුණා දමා බුද්ධිය ගලන ගඟට පැන මේ ජරා නරා වලෙන් එතෙර විය යුතුය.. (ඒ රටවල මෙහෙම අසාධාරණ බදු ගහන්නේ නැතිය. හැම එකාටම ගහන්නේ 40% ක ඉතර ආදායම් බද්දක්‍ය)


▪️ඒ යන අතරේ... අනියම් සබඳතා පැවතියේ නම්, ඒවා දිගටම නඩත්තු කිරීම මහාචාර්‍ය මාතලන් වෙත පැවරිය යුතුය. (විශාල පිරිසක් මා සමඟ එකතුව එම සේවය ලබා දීමට දැනටමත් ඉදිරිපත්ව සිටී)


දේශපාලූවන් මෙන්ම පින්පඩි කමින් රටට කෙලවූ තොපිට ඔහොම වෙලා මදිය.


අපේ ආච්චි කියා දුන් බොහෝ දෑ මේස් දෙකෙන්ම දැකීමට තරම් පුණ්‍යවන්ත භූමියක ඉපදුන ආතල් එක ගනිමින් උපදින ආත්මයක් ආත්මයක්ම පාසා මේ දිවයිනේම උපදින්නට පෙරුම් පුරනා මා...


ඔබේ හිතවත්...


මහාචාර්‍ය මාතලන්


ස්වස්ථි සිද්ධම් .....!!!

.

Dec 28, 2022

චතුරංගලාගේ හා පැතුම් කර්නල්ලාගේ ඉකො කොමික්ස්

 


චතුරංගලාගේ හා පැතුම් කර්නල්ලාගේ

ඉකො කොමික්ස්

➖➖➖➖➖😁▪️


අරගලයෙන් පස්සෙ මතු වෙච්චි අලුත් දේශපාලන චරිත වලින් මම ප්‍රියකරන දෙන්නෙක් තමයි චතුරංග අබේසිංහ හා පැතුම් කර්නර්.. 


කවුරු මොනවා කිව්වත් දෙන්නටම පැහැදිලි දේශපාලන අනාගතයක් තියෙනවා හැබයි ඉන්න තැන් වල ඉඳලා නම් නෙමෙයි... මොකද දෙන්නම කරන්නේ ජනතා දේශපාලනයක් නෙමෙයි. තියරි දේශපාලනයක්. 


එහෙම ක්‍රමයක පාලන බලය ගන්න නම්, එක්කෝ හරිනි වගේ ජාතික ලැයිස්තුවකින් එන්න ඕන, එහෙම නැත්නම් මහ පක්ෂ දෙකෙන් එකක එල්ලෙන්න ඕන.


දෙන්නගෙම හොඳ වගේම නරකත්, ගත යුතු දේත්, නොගත යුතු දේත් තියෙනවා. වඩාත් වැදගත් දේ, ඉන්න දේශපාලුවන්ට වඩා දැණුම අතින් ගොඩාක් ඉදිරියෙන් ඉන්න එක. 


මේ දෙන්නම නිදහස් අධ්‍යාපනය තුලින් බිහි වූ චරිත. නමුත් දෙන්නම කියනවා අධ්‍යාපන සිස්ටම් එක වැරදියිලූ. එහෙනම් කොහොමද මේ දෙන්නා ගොඩ ගියේ. ඒ කියන්නේ සිස්ටම් එකේ වැරද්දක් නෙමෙයි නේ. වැරද්ද තියෙන්නේ මිනිස්සුන්ගේ. නමුත් මෙයාලා ඒක මිනිස්සුන්ට කියන්නේ නෑ. වරද පටවන්නේ දේශපාලුවන්ට විතරයි. එතන තියෙන්නේ වෛරය හා ඉරිසියාව පමණමයි.


අනෙක් කාරනය දෙන්නම තාම ඉන්නේ කොහේ හරි කාගේ හෝ තියරියක එල්ලිලා. බොරු දත්ත මත රැදිලා. කම්පැරිසන් හෙවත් සංසන්දනය කිරීම් වල. අපේ රටේ දත්ත නෙමේ, මේ ලෝකේ සියළුම දත්ත අමු බොරු.


ඇත්ත වශයෙන්ම ගත්තොත් ඉන්දියාවේ තරම් හිඟන්නෝ නූගත්තු මෙහේ නෑ. බංගලාදේශය මාර දියුණුයි කිව්වට ඒක මිහිපිට අපායක්. චීනය කොච්චර දියුණු උනත්, මේ විඳින මාධ්‍ය නිදහස බින්දුවක්වත් නෑ. 


ඇත්තටම ගත්තොත් ඔය ඔක්කොම රටවල් වලට වඩා මේ රටේ මිනිස්සු පොහොසත්, සතුටින් ඉන්නේ. නිදහස් ජීවිත ගත කරන්නෙ. පසුගිය සති අන්තයේ වන් ගෝල්ෆේස් විතරක් නෙමෙයි ශ්‍රී පාදය නුවරඑළියත් ජනතාවගෙන් පිරී ඉතිරී ගියා. එතන සෑම පන්තියකටම අයිති මිනිස්සු උන්නා. මන්දපෝෂණ කියන්නේ අමු ප්‍රොපගැන්ඩා. දැන් ඒවට ඉස්සර වගේ පැවැත්මක් නෑ. පටන් ගත් තැනම පච වෙලා චොර වෙලා යනවා. මංගලගෙ ඒවා වගේ පැවැත්මක් නෑ.


චතුරංගගේ නායකයෝ ලෝකේ වටේ සවාරි යනවා, පැතුම් කර්නර් වෙසක් එකට කළු වෙසක් කූඩූ එල්ලලා පාර්ලිමේන්තුව ගිනි තියන්න ගියාට, හැමෝටම මෙරි ක්‍රිස්මස් කියලා ඉන්ගිරිසියෙන්ම දාලා තිබුනා. මෙරි වෙන්නේ නෑ නේ ප්‍රශ්ණ තියේ නම්.


අපේ රටේ මිනිස්සු ජපන් වාහනයකට ජපනා වගේ 300% ගෙවනවා. ඉන්දියාවේ එකකට 200% ක් ගෙවනවා. එයාර් ලංකා වගේ පාඩු ලබන සුදු අලියෙක් උඩ යන්නේ, තනිකර ජනතාවගෙ සල්ලි වලින්, ආන්ඩුවේ අයිස් ගහන උන්ට සැප දෙන්නේ මුට්ට කරගහන එකාගෙත් කන බොන දේට ගහන බද්දෙන්.


මේ දෙන්නට නෙමේ, එකෙක්ටවත් රට වැටෙන්න හේතුව තාම තේරිලා නෑ. ඉතින් සොලියුසොන් එක ලෙස ඉදිරිපත් කරන්නේ වැල් බයිලා.


මේ රටට කෙලවෙන්න හේතු වුනේ රටේ ආර්ථිකයට ඔරොත්තු නොදෙන රාජ්‍ය සේවය හා සුබසාධන ක්‍රම මගින් ඇති කල හිඟන මානසිකත්වය.


මහපොලො නොදුන්නා කියලා ඊට කලින් මේ රටේ උපාධිධාරීන් බිහි වුනේ නැද්ද? 


ජනසවිය දෙන්න කලින් මේ රටේ මිනිස්සු නොකා නොබී මැරුනද? 


නොමිළේ පෙලපොත් දෙන්න කලින් දරුවෝ ඉගෙන ගත්තේ නැද්ද? 


නිළ ඇඳුම් දෙන්න කලින් දරුවෝ පාසල් ආවේ හෙළුවෙන්ද? 


ගම් උදා ගෙවල් දෙනකම් මිනිස්සු උන්නේ ගස් ගල් යටද?


කරුමේ කියන්නේ මේ ඔක්කොම කරුම මේ රටේ ජනතාව මත පැටෙව්වේ, ඕපන් ඉකොනමි හඳුන්වා දීපූ උන්ම වෙච්චි එක. ඒ තමන්ගේ චන්ද ගොඩ වැඩි කර ගන්න. දැන් මේවා දිගටම මේන්ටේන් කරන්න ඕන කියන්නේ පිනට කන දයාසාන්තලා ඉතරක් නෙමේ, නන්දලාල්ලා, ප්‍රේමදාසලත් ඒ අස්සේ සිටීම ජාතික කරුමයක්. ව්‍යසනයක්.


රටට කෙලවෙනකන් බලාගෙන ඉන්න උන්ට පේන්නේ ආරක්ෂාවට වෙන් කරන මුදල විතරයි. ඒත් ඉහත සඳහන් කරන වියදම්වල එකතුව හා ඉන් රටට අත් වූ දෙයක් තියෙනවද කියලා එකෙක් ළඟවත් දත්ත ඇත්තේ නෑ.


ඒවා ගැන හොයන්න ඕනත් නෑ. ඒ තුලින් ඇති කරලා තියෙන හිඟන මානසිකත්වය, යැපුම් මානසිකත්වය ගැන එකෙක්ට වගේ වගක් නෑ. ඒ ඩැමේජ් එක නෙගටව් මයින්ඩ්ස් ලේසියෙන් හදන්නත් බෑ.


නන්දලාල් කබ්‍රාල්ට එහා ගිහින් සල්ලි අච්චු ගහන්නේ මේ දන්සල මේන්ටේන් කරන්න. ලෝකේ දන්සල් දෙන රට අපේ රට විතරක් නෙමේ. හැබයි මෙහෙම දන්සැල් දෙන රටක් නම්, තුන් ලෝකෙම ඇත්තේ නෑ කියන කතාව නම් සහතික ඇත්ත.


මේවත් මේන්ටේන් කරගෙන ආර්ථික වශයෙන් නැගී සිටින්න පුලුවන් එකම එක ඉකොනමි සිස්ටම් එකකින් විතරයි. අපි පෙනී ඉන්නේ ඒ ඉකොනමි එක වෙනුවෙන් විතරයි.


.

Dec 1, 2022

රනිල්ට තනියෙන් ආර්ථිකය ගොඩගත හැකිද?

 



රනිල්ට තනියෙන්

ආර්ථිකය ගොඩගත හැකිද?

➖➖➖➖➖➖➖➖⭕➖

.

මින් පෙර පැවති අයවැය විවාද වලදි කතාකරන වඳුරු කුණුහබ්බ වෙනුවට, මේ දවස්වල අයවැය විවාදයේදී ධර්ම දේශනා මෙන්ම අර්ථික ප්‍රතිපත්ති ගැනත් කතා වෙනවා. ඒක හොඳ දෙයක්..


ඊට හේතුව ජනාධිපති පාර්ලිමේන්තුවට පැමිනීම, කොහොමත් රනිල් කියන්නෙ වෙස්ට් මිනිස්ටර් ක්‍රමය පිලිගන්න කෙනෙක්. එකිනෙකාට මඩ ගසා ගැනීම් වෙනුවට, රනිල් මක්කා හරි කරන්න ට්‍රයි කරන බවක් පේනවා.


කලින් මේ වගේ මුදල් ඇමති කෙනෙක් උන්නේ රොනී ද මැල් මහත්තයගෙ කාළේ. රොනී ද මැල් මහත්තයා ජේ ආර් ලොක්කගෙ ආන්ඩුවේ මුදල් ඇමති. උන්නැහේට පට්ට ඇමති මණ්ඩලයක්, උපදේශකයින් වගේම, පක්ෂයේ තනතුරුවලත් සුපිරි බඩු සෙට්ටෙකක්ම උන්නා. රනිල් මෙතරම් බහුශ්‍රතයෙක් වෙන්නේ ඒ අයත් එක්ක හැදිලා වැඩිලා, දැකලා විඳලා ලැබුන ඇක්ස්පීරියන්ස් එකෙන් හෙවත් පරිචයෙන්.


හැබයි ජේ ආර් කලා වගේ විප්ලවයක් රනිල්ට කරන්න පුලුවන් වෙයිද? ඒකට ටීම් එකක් ඉන්නවද? තනියෙන් සියල්ල කල හැකි වෙයිද?


දැන් රනිල්ට ඉන්නේ පෝට්ටු බයි ඇමතිවරු. එයාලා රනිල්ට පක්ෂයි වගේ පෙන්නුවට, රනිල් ක්‍රියාත්මක කරන්න යන්නේ බයියන්ට අරහං ප්‍රතිපත්ති. ඒක නිකන් දැලිපිහියෙන් කිරි කනවා වගේ වැඩක්.


බලය බෙදීම හා අජ්ජාපනය පෞද්ගලීකරණය කියන්නේ බයියන්ට වහ කඳුරු සබ්ජෙක්ට් දෙකක්. මහින්ද මහත්තයා පාර්ලිමේන්තුවේදී නැගිටලම බලය බෙදිල්ලට කැමතියි කිව්වට, එයාගේ කැමැත්ත බයියන්ට අදාල නෑ. බයියන්ගේ මුදුන් මල් කඩ මහින්ද දෙයියා උනාට, ප්‍රධාන කපුරාල බැසිල් ලොක්කා.


ඉතින් මේ දේවල් කරන්න නම් රනිල් බැසිල් සුසංයෝගයක් අනිවාර්‍යයි. මොකෝ මැදමුලන දේවාලේ රාජපක්ෂලාගේ වුනාට, දියවඩන නිළමේ ඇවිල්ලා රනිල්. පෝට්ටු බයියන්ගේ අනාගතේ මේ මොහොතේ තියෙන්නේ රනිල්ගේ අතේ. ඒ වගේම රනිල්ගේ අනාගතේ තියෙන්නෙත් දේවාලේ රැකුනොත් ඉතරමයි.


රනිල් ගන්න තීන්දූ තීරණවල එෆෙක්ට් එක පෝට්ටු බයින්ගේ චන්ද වලට කෙලින්ම බලපානවා. මහින්ද නැගිට්ටන්න හැදුවට, ඒ වැඩේ කෙලවර වුනේ, අමාරුවෙන් ඇවිදින මහත්තයගෙ පුකත් බිම ඇනලා. වෙන්නේ ඕකයි කියලා අපි නම් කලින්ම කිව්වා.


දැන් දෙපිරසටම තියෙන්නේ යටිකූට්ටු රස්තවාදී ගේම් වලට නොයා රාජ්‍ය නිළධාරීන්  සෙට්ටෙක මාරු කරලා හරි,


රනිල්ගේ "සෝෂල් මාකට් ඉකොනමි" හෙවත් "රනිලොමික්ස්" සහ බැසිල්ගේ "බ්ලැක් ඉකොනමි" හෙවත් "බැසිලොමික්ස්" මුහු වූ හයිබ්‍රිඩ් ඉකොනමි සිස්ටම් එකකින් ආර්ථිකය ගොඩ දාන එක විතරමයි.


නැත්නම් දෙගොල්ලටම හුප්පෙ තමයි....

මොකෝ මිනිස්සුන්ට මහින්ද මහත්තයා පෙන්නලා ආයේ චන්ද ගැනිලි බොරු කියලා එයාලම පෙන්නුවා.


ඒ වගත් මෙසේය....

.

Oct 13, 2022

Badu Gaseema නිර්මාල් දේවසිරි වැනි පින් පඩි කාරයන්ට අහිතකර විය හැක.

 


Badu Gaseema
නිර්මාල් දේවසිරි වැනි
පින් පඩි කාරයන්ට
අහිතකර විය හැක.
➖➖➖➖➖➖➖

නිර්මාල් දේවසිරිට මා පෙම් කරණා හේතුන් දෙකක් ඇත්තේය. පළමුව ඔහුට විවේචන විඳ දරාගැනීමේ හා අන්මත ඉවසීමේ ශක්තිය ඉහළින්ම ඇති ප්‍රාමාණික බුද්ධිමතෙකු වීමයි.

දෙවනි කාරණය වන්නේ, ඔහු ඔහුට අවංක වීමයි. නිර්මාල් කිසිවක් හංඟා ගසන්නේ නැත. ඔහුගේ අදහස් අවංකව කිසි ලෝබකමක් නැතිව බුකියේ බෙදාහරින අතර, අනෙක් වාමාශික වටපඩයන් මෙන්, වඳුරු කුණුහබ්බ හා කුණුහබ්බ දෙසා නොබෑමත්, දායක සභා නඩත්තු නොකිරීමත්‍ය.

සමහර අම්බරු වාමාශික වටපඩයන් ඔහු වෙනුවෙන් ජනේලෙන් දෙන්න ආවද, ඔහු කිසි විටෙකත් ඒ වටපඩයන් එන්කරේජ් කරන්නේ නැතිය.

රජයේ නව බදු ප්‍රතිපත්තියේ හොඳ පැත්තක් මෙන්ම නරක පැත්තක්ද ඇති අතර, අද කතා කරන්නේ හොඳ පැත්ත පමණි. ඊට දිය හැකි හොඳම උදාහරණය අද දින නිර්මාල්ගේ බුකි පොස්ටුවයි. මුලින්ම  අප එය කියවාගෙන සිටිමු.

🔴▪️// මේ බදු ප්‍රතිසංස්කරණවලට මා මුළුමනින්ම පක්ෂවන්නේ එයින් භාණ්ඩාගාරයෙන් ලබන සාපේක්ෂ ඉහළ වැටුප් මත පමණක් යැපෙන මා ද අයත් පංතියට කෙළවෙන නිසාය.

ඒ අය පසුගිය කාලයේ බැංකු ණය රැගෙන විශාල ගෙවල් සාදා විශාල වාහන මිලදී ගෙන තම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් විශාල වශයෙන් මුදල් වියදම් කරමින් හොද මධ්‍යම පංතික ජීවිතයක් ගෙවීම ආරම්භ කළේය.

දැන් ඒ අයගේ වැඩුපෙන් 50000ක් 75000ක් අතර කොටසක් මාසිකව අහිමි වනු ඇත. එය මේ කණ්ඩායමට මරු පහරක් වන ඇත ඒ අයගෙන් කොටසක් අහසින් පොළවට වැටෙනු ඇත. යමක් කමක් කළ හැකි පිරිස පොළවෙන් අහසට (ගුවන්ගත වී පිටරට) යනු ඇත. මෙය දැවැන්ත සමාජ විප්ලවයකට මං පාදනු නියතය. // ▪️🔴

මේ රටේ ආර්ථික අර්බුධයට ප්‍රධානම හේතුව ඉහළ වැටුප්, වරප්‍රසාද හා දීමනා ලබා දෙමින් නඩත්තු කරනා, මූසල 1/4 කන්නි රාජ්‍ය සේවය බව දැන් හැම එකාම පිලිගෙන අවසානය.

රට ආර්ථික වශයෙන් ඇඳ වැටීමට හේතුව, දේශපාලුවන් බව කියමින්, ලේසියට පහඩුවට තම මන්දබුද්ධික භාවය හේතුවෙන්  මුව හමට තඩි බාන්නා  සේ දේශපාලුවන්ට තඩි බෑවද, මේ රට සෑම අතින්ම විනාශ කර දැමු තවත් විශාල පිරිසක් සිටිනා බව බොහෝ උන් කියන්නේ නැතිය.

ඒ අතර රාජ්‍ය නිළධාරීන්, විශ්වවිද්‍යාල ආචාර්‍ය මහාචාර්‍යවරු, අධිකරණය හා නීතිය මෙන්ම ජනමාධ්‍යයන්ද ඊටත් වැඩියෙන් වගකිව යුතු බව මාතලන්ගේ මතයයි.

ප්‍රධාන වශයෙන් අපරාධකරුවන් ඇප පිට නිදහස ලබා නැවතත් සමාජයට එකතු වීමත්, සොරකම් හ වංචාවන්ට ලක්වූවන්ට ලබා දෙන විහිළු සහගත දඬුවම් හා දඩයනුත් රටේ පරිහානියට බලපානා බව මගේ මතයයි.

විශේෂයෙන් මේ රටේ අර්ථිකයේ පරිපාලනය හා තීන්දූ තීරණ බාරව සිටිනා මහ බැංකුවේ නිළධාරින්, ඝෝඨාභය රාජපක්ෂ රවටමින් රට කාබාසිනියා කොට පාර්ලිමේන්තුවටවත් නොදන්වා, රට බංකොලොත් රටක් බවට ප්‍රකාෂයට පත් කිරීම ඊට හොඳම උදාහරණයයි.

ඇත්ත වශයෙන්ම මේ නිළධාරීන්ට එරෙහිව පාර්ලිමේන්තුව කටයුතු කල යුතු වුවද, උන් සියල්ලෝම ඊට එරෙහිව කට පුප හොල්ලන්නේ නැතිය. රටේ ආර්ථිකය පිළිබඳ මෙන්ම මූල්‍ය ප්‍රතිපත්ති ගැන තීන්දූ තීරණ ගත යුත්තේ මහ බැංකුව නොව පාර්ලිමේන්තුව බව මුන් සියල්ලන්ටම අමතකව ඇත.

රට භංකොලොත් වූවා කියා මහ බැංකුවේ වැටුප් දීමනා හෝ වරප්‍රසාද මේ දක්වා කිසිවක් කපාහැර නැති අතර ඒ සියල්ල ඒ ආකාරයෙන්ම තවමත් භුක්ති විඳිමින් සිටී.

රනිල් වික්‍රමසිංහ පැමිණීමට පෙර ඒවා භුක්ති වින්දේ මුදල් අච්චු ගසමිනි. මුදල් අච්චු ගසන විට මුදලේ වටිනාකම අඩු වීම හා උද්ධමනය වැඩි වීම උන්ගේ ප්‍රශ්ණ නොවේ. එහෙත් අමණ විපක්ෂය පලු ඇරියේ බැසිල් රාජපක්ෂගේය.

බැසිල් එහෙම ඕඩර් දෙනවා නම්, ඔය නිළධාරින් ඉන්නේ ඒවා නවත්තන්නටය. අනෙක් කරුණ, විපක්ෂ දේශපාලන ගොබ්බයන් මක්කා කීවත්, මේ නිළධාරින් එකෙක්වත් ඒවා දේශපාලන බලපෑම් බව අද වෙනතෙක් ප්‍රසිද්ධියේ කියා නැත්තේ ඇයි දැයි කියා එකෙක්වත් අසන්නේ නැතිය.

එවන් රාජ්‍ය සේවය අඩු කිරීමට, කිසිම යෝජනාවක් හෝ ක්‍රියාමාර්ගයක් මහ බැංකුවේ ආර්ථික පන්ඩිතයින් විසින් මේ වන තෙක් ඉදිරිපත් කර නැත. ඒ උන්ද ඉන්නේ ආන්ඩුවේ හූනියන් කාරයන්ගේ මානසිකත්වයේම වන හේතුවෙන්ම මිස වෙන කිසිඳු හේතුවක් නිසා නොවේ. උන් සියල්ලෝද රාජ්‍ය සේවකයෝමය.

රාජ්‍ය සේවකයින්ටද බදු ගෙවන යෝජනාව රනිල් විසින් ගෙනාවේ ඊට පිලියම් ලෙසය. දැන් මෙතෙක් කලක් අයිස් ගසමින් උන් 1/4 කන්නි රාජ්‍ය සේවකයින්ටද පෞද්ගලික අංශයේ උන් මෙන්ම බදු ගෙවීමට සිදුවනු ඇත්තේය.

ඇත්ත වශයෙන්ම මා ජනපති වූවා නම් කරන්නේ රාජ්‍ය සේවකයින්ගේ බදු ප්‍රතිශතය පෞද්ගලික අංශයේ උන්ගේ මෙන් දෙගුණයක් කරනා එකය. මන්ද යත් උන් කරනා සේවය, සේවා කාළය මෙන්ම සේවයේ ගුණාත්මක භාවයද පෞද්ගලික අංශයේ උන්ට වඩා බොහෝ පහත මට්ටමක තිබෙනා නිසාය.

දැන් උන් ගන්නා පින් පඩියට පව් නැත කියා උන්ටත් මදක් හෝ සැනසිය හැකිය...


ඒ වගත් මෙසේය....