.

.
Showing posts with label Justice. Show all posts
Showing posts with label Justice. Show all posts

Apr 29, 2024

පාතාලයට පෙම් බඳින සංගම්


 

පාතාලයට පෙම් බඳින සංගම්

➖➖➖➖➖➖➖➖➖☠️💀☠️


පාතාලේ මැඩලීමට "යුක්තිය" මෙහෙයුම පටන් ගත්දා සිට... නීතීඥ සංගමේ මෙන්ම ත්‍රස්තවාදී ප්‍රේමීන්ගේද අර්ෂශ් රෝගය උත්සන්න වුනේය. ඒ ඇයි කියා ගෝනෑම ඔනෙකුට තේරෙනවාය. ඩුබායි සිට අල්ලාගෙන ආ ඉන්ටර්නැෂනල් මාෆියා කාරයා වෙනුවෙන් උසාවියේ පෙනී සිටින්නේ නීතීඥ සංගමයේ හිටපු සභාපතිවරයාය. ඉතින් උන්ගේ පුපේ කිරි පනුවෝ නටනා එක අහන්නට දෙයක් නෙමේය.


ලංකාවේ පාතාලේ අති බහුතරය ඉන්නේ ඇප පිට එලියේය. එය 95% ක් තරම් යැයි සමීක්ෂණවලින් හෙලි වී අවසානය. එහෙම උන් එලියේ ඉන්නට ඇප අරගෙන දෙන්නේ.... මුන්නැහේලාය. ගාන කඩාගන්නේ මිලියන් ගනන් වලින්‍ය. ඉතින් උන් නිවන් ඇරියොත්... මුන්ගේ බඩේ බත් නැතිය. උනුත් කොරිඩෝ ලෝයර්ස්ලා ගානට වැටෙනවාය.


පාතලයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයකුටත් ගේම දුන්න බව මුන්ට අමතකය. විනිසුරුවන්ට පොලිස් ස්කොඩ් බයික් දෙන්න වුනේ එදා සිටය. පොට්ට නවුෆර් ඒ කාළේ උන්න අගවිනිසුරුගේ පාටි වලට අත දිග හැර වියදම් කළ බව ලිව්වේ වික්ටර් අයිවන් උන්නැහේය. ඒවාට දියවන්නාවේ වාහන ඇතුලේ පෙම් කෙලිය අගවිනිසුරුට උත්තර නැති වුනේය.


ඉදින් එහෙම තැනකින් පොට්ට නව්ෆර්ට එගේන්ස්ට් තීන්දුවක් ආවාම... තීන්දුව දුන් එකාට ගේම දෙනේක සාධාරණයි කියා පොට්ට නවුෆර්ට හිතෙන්නට ඇතිය. 


පාතාලය හා ලෝයර්ලා අතර ප්‍රේමය ගැන කීර්තී රත්නායක.. චමුදිතගේ වැඩසටහන් තුල නම් ගම් සමඟ හෙලිදරව් කර අවසානය. ඇප පිට එලියට ගත් කංජිපානී ඉම්‍ රාන්.... එලියට ආවේ කින්ඩියට හිනාවෙමින්‍ ය. ඌ එහෙම හිනා වුනේ ලංකාවේ නීතියටය. ඊට පහුවදාම ඌ ආයෙත් රටෙන් පැන්නේය. ඒ අපේ ලෝයර්ලාගේ කෙලිය.


ටිරාන් අලස් මිනිස්සුන්ට වෙඩි තියන්නෙයි කියා කීවේ නැතිය. උන්නැහේ කිව්වේ අපරාධ කර පැන යන උන්ට සාධාරණයි කියා නිවැරදිවම තීරණය කලොත් පමණක්... අතේ ඇති ආයුධය පාවිච්චි කරන්නෙයි කියලාය. ඒ එහෙම ගේම් දීලා මාරුවෙන උන් ලුහුබැඳ ගොස් ෂොට් එක දෙන පොලිස් බයික් ඉස්කොඩ් එකක් පටන් ගත් දිනයේය. 


ඒක පටන් ගත්තේ අපරාධකරුවන්ට ෂොට් එක දෙන්නට මිස... උන් පසුපස්සේ එලවා අල්ලාගෙන බයික් එකේ දාගෙන ගොස්... නීතීඥ සංගමයට බාරදී හොඳ ලෝයර් කෙනෙක් අල්ලා දෙන්නට නෙමේය. එහෙම කරන උන්ද පොලීසියේ අදටත් සිටින බව ලෝකයම දැක්කේ...  අරක්කටා සීයයිඩීයෙන් පනින්නට හැදූ ඔපරේෂන් එකේදීය.


ඇත්තටම උන්ට ජනතාවගේ බදු මුදල් වලින්.... බයික්, වෙපන්, යුනිෆෝම් හා පඩි නඩි දීමනා දීලා තියෙන්නේ පාතලය මඩින්නට මිසක්... කලින් කියපු දේවලට හෝ පාතාලයේ ගේම් වලට කුලියට දී ගානක් කපාගන්න නෙමේය. 


අපේ නීතීඥ සංගමය ක්‍රියාකරන්නේ රටේ නීතීය අනුව නොව.... උන්ගේ නිතියට අනුව බව අරගල කාළයේදී ලෝකයටම පෙන්නුවේය. නුවන් බෝපගේ කියන එකා කිව්වේ... මින් පස්සේ රටේ නීතිය කියන්නේ උගේ නීතියය කියලාය. 


නලීන් හේවගේ කියන්නා වගේ... ඒ.. උන් පුරුදු වැඩේය. උන්ගේ ත්‍රස්තවාදී සමයේ ස්ත්‍රී දූෂකයින්, කසිප්පු කාරයින් නිවන් ඇරියේ  නුවන් බෝපගේලා කියනා නීතිය අනුව කැන්ගරු උසාවියේ නඩු අහලාය.  තව ටිකෙන් උන් අරගලය හරහා  නීත්‍යානූකූලව පත් වූ රටේ ජනාධිපති නිවන් අරින්නේත් උන්ගේ නීතියට අනුවය.


ගංගොඩවිල උසාවියේ විනිසුරුවන්ට බලපෑම් කොට උසාවියේ අත්පොලසන් දි විසිල් ගසා ආරම්බ කළ නීතීඥ සංගමයේ චන්ඩි පාට්... ඔවුන් දැන් එල්ල කරන්නේ රටේ නීතියටය. ඔවුන්ට අවශ්‍යව ඇත්තේ... මානව හිමිකම් රැකීම නොව... පාතාලය රැකීමටය. ඒ උන්ගේ බඩේ බත් වැටෙන්නේ පාතාලේ රැකුනොත් නිසාය. 


ටිරාන් අලස් මෙන්ම, රනිල් වික්‍රමසිංහද මුන්ව පයිසෙකට මායිම් නොකරනා බවට, අපට ඉරහඳ මෙන් විශ්වාසය.


ඒ වගත් මෙසේය....


.

Jan 12, 2023

හොඳම තීන්දුව දීමට වසර 75 ක් ගතවිය.

 


හොඳම තීන්දුව දීමට 

වසර 75 ක් ගතවිය.

➖➖➖➖➖➖🔴➖


සුද්දා අපෙන් නිදහස් වී, ලබන පෙබරවාරියට වසර 75 ක් ලබන්නේය. එහෙත් අපි තවමත් සුද්දන් වීමට ට්‍රයි කරමින් සිටින්නේය. මෙහෙම වැද්දන් පිරිසකගෙන් ගැලවීම සමරන්න ඕන සුද්දන් වුවත්, රෙන්න පුපේ ගූත් නැතිව ඉන්නා කළු සුද්දෝ කෝටී ගානක් වියදම් කරමින් මේ වසරේත් ගෝල්පේස් එකේ ආතල් එකක් ගන්නවාය. හූණූ බිජුවක් සයිස් මේ ලබ්බේ තොවිලෙට ජාතික ගීත් දෙකක්ම තියෙනවාය. අරාබී භාෂාවෙන් තවත් එකක් හදා ගත්තා නම් සංහිදියාව පුප දිගේම බේරෙනවාය.


සුද්දෝ අපට දායද කර ගිය මසුරන් වටිනා දේ අතර, සර්ව ජන චන්ද බලය, අධිකරණ ක්‍රමය හා රාජ්‍ය සේවයද තියෙනවාය. එහෙත් මේ සියල්ලම දැන් තියෙන්නේ අඤ්ඤකොරොස් වෙලාය. ඇත්තටම අඤ්ඤකොරොස් වෙලා නෙමේ කරලාය. 


ඒ වැඩේ කරන්නේ ව්‍යවස්ථාව වෙනස් කරලාය. කරන්න බැරි සයිස් එකක් පේනවා නම් කරන්නේ, සල්ලි සමඟ ස්ත්‍රී නිමිති විසි කරන එකය. එහෙම පැච් දම දමා ඇදගෙන යන ව්‍යවස්තාවේ පැච් දාන්නට ඉඩ නැති සයිස් එකටම පැච් 22 ක් දමා අවසාන නිසා, දැන් අලුත්ම එකක් ගේන්න යනවාය. රට හොම්බෙන්‍ යනවාය. 


මෙතනදී සර්ව ජන චන්ද බලයට කෙලවුනේ කෙසේද කියා කෙනෙක් අහන්න ඉඩ තියෙනවාය. අපි චන්දෙ දෙන එකා අපේ චන්ද ටික සල්ලි වලට විකුණලා එහ පැත්තට ගියාම, ඒක සර්ව ජන චන්ද බලේ අඤ්ඤකොරොස් කිරීම නොව, අමු අමුවේ උගේ සරම උස්සා අපට පුප පෙන්නීම නොවේදෝ කියා දැන් ඔහේලාට වැටහෙනවා ඇතිය.


ඒ ආකරයට අඤ්ඤකොරොස් වී ජනතා විශ්වාසය බිඳ වැටී තිබූ අධිකරණයෙන් ඊයේ දිනයේදී හිටපු ජනපතිවරයාට, දේශපාලන පත්වීම්වලට හා රාජ්‍ය නිලධාරින්ට දුන් තීන්දුව ඉතිහාසගතවන තීන්දුවක්ම වන්නේය.


පාස්කූ ප්‍රහාරය යනු ලේසියෙන්ම වලක්වා ගත හැකිව තිබූ මිලේච්ඡ ප්‍රහාරයකි. බුකියේ නම් ලිව්වොත් බ්ලොක් වන සාධු මේ ගැන කීප විටක්ම වෝනින් දුන්නේය. එහෙත් හැම එකාම කලේ වට කරගෙන උන්නාන්සේට කෙලිනා එකය. අවසානයේ උන්න්නාන්සේගේ අනාවැකි ටක්කෙටම සපල වෙමින්, බෝම්බ වැලැක්ම පුපුරා ගියේය.


සහරාන්ගේ සියලු ක්‍රියා පිලිබඳ නිවැරදිම තොරතුරු සියල්ල ලැබී තිබියදී උන් අත් අඩංගුවට නොගත්තේ, ඒ ජාතියේම දේශපාලුවන්  විසින් සිරිසේනයාට හා පොලීසියේ උන් වෙත කරන ලද බලපෑම් නිසා බව කොමිසමේදී හෙලි වූවාට, අධිකරණයට ඒ බව අමතක වූ බවක්ද පෙනෙන්නේය.


පට්ට ජෝක් එක කියන්නේ..., පරගලයේදී එහෙම උන්ගෙන් බුරියානී කාපු උන් තවමත් බෝම්බ තියන්නෙයි කියපු එකා කව්දැයි කියා හොයනා එකය. හැම මල ඉලව්වම රාජපක්ෂලාගේ ඇඟේ ගහන්නට ගිය උන්ට මේ දිනවල කෙලවෙන්නේ පෝලිමේය.


රාජපක්ෂලා කිරෙන් නාවා සුද්ද පවිත්‍ර කොට නිර්මල දේශපාලුවන් ලෙස බෞතීස්ම කර සුපිරිසිඳු දේශපාලුවන් කිරිමේ රුදාවක් අපට නැතත්, උපදින හැම දරුවාම රාජපක්ෂලාගේ කර උප්පැන්න සහතික දීමේ පිස්සුවකුත් අපට නැත්තේය.


සිරිසේනත් වහෙන් ඔරෝ නැතුව මේවා දෙස බලාගෙන උන්නේ, එයාට කිසි අවුලක් නැති වෙයි කියලාය. ඌ කිව්වේ මං මොකටද මේවට වග කියන්නේ කියලාය. එහෙත් එවකට රටේ විධායක ජනාධිපති මෙන්ම ආරක්ෂක ඇමතිත් ඌ බව මේ වසලයාට අමතක උනේය.


හේමසිරි හා පූජිත එලියට දාපු නඩුකාරයන්ගේද කන හරහා දෙමින්, දේශපාලුවන්ගේ හා නිළධාරින්ගේ වගකීම් හා වගවීම් පැහැරහරිම නිර්ධය ලෙස විවේචනය කරමින් ලබා දුන් මේ ඉතිහාසගතවන නඩු තීන්දුව දෙන්නට තිබුනේ මීට බොහෝ කලකට පෙරය. 


මෙම නඩු කටයුත්ත විශේෂිත එකක් සේ සලකා එසේ ලබා දුන්නේ වී නම්, අධිකරණයේ ගෞරවය මීටත් වඩා වැඩි වන බවත් ලියා තැබිය යුතුමය. එමෙන්ම මේවා ප්‍රසංසා කරමින් මල් වඩම් දෙන්නට නොයන්නේ අධිකරණයෙන් මිනිස්සු බලාපොරොත්තු වන්නේ යුක්තිය නිසාමය.


එමෙන්ම ජනතාවට පච කෙලිමින් රට බංකොලොත් කළ මහ බැකුවේ නිළධාරින්ට හා දේශපාලුවන්ටද මෙලෙසම නීතිය ක්‍රියාත්මක වී දඩුවම් ලැබෙනා තෙක් ජනතාව බල සිටිනා බවත් අධිකරණය දැණුම්වත් විය යුතුය.


⭕ පින්තූරය - අද ලංකාදීප පත්තරේ මුල් පිටුවෙනි.

.

Oct 6, 2021

ඖෂධ මාෆියාවේ දත්ත මැකීමෙන් රටට පෙන්වන නීතිඥ සංගමයේ නිරුවත.

 


(මාතලන්ගේ හිතවත්, මේ රටේ යුක්තිය සාධාරණය ඉල්ලනා අවංක අබ්බගාත් "මහත්වරුන්" මේ වෙනුවෙන් මා හා උරණ විය යුතු නැත)


මේ රට පක්ෂ විපක්ෂ බේදයකින් තොරව හොරුන්ගේ මිනීමරුවන්ගේ හා මාෆියාකාරයන්ගේ පාරාදීසයක් වීමට වග කිව යුත්තේ දේශපාලුවන් පමණක්ම නොවේය.


ඒ හා සමානවම හෝ ඊටත් වැඩියෙන් අපේ රටේ නීතිය හා අධිකරණයද, ජඩමාධ්‍යද, ‍රාජ්‍ය නිළධාරී මාෆියාවද හරි හරියට වගකිව යුතු බව ලියන්නේ, මාතලන්, වික්ටර් අයිවන් හා අජිත් පැරකුම් ජයසිංහ  පමණක් වීම ඉතා කනගාටුදායකය.


පාතාලයේ මහ උන් මෙන්ම මිනීමරුවෝද, ත්‍රස්තවාදීන්ද, එලියේ ඉන්නේ හොරෙන් නොව, අම්මට සිරි ලංකාවේ නීතියේ හා අධිකරණයේ ආශීර්වාදය අනුව ඇප මත නිදහස්ව නීත්‍යානුකූලවය.


පාස්කු ප්‍රහාරය වෙනුවෙන් ඇතුලේ ඉන්නා අබ්බගාත් ටෙරා එලියට දාන්න යැයි කියනා නීතීඥ්ඥ සංගමයද හෑම එකෙක්මද මට අනුව නම් ටෙරාලාමය.


ලෝකයේ දියුණු යැයි සම්මත රටවල මෙවන් අපරාධයකරුවන් සඳහා නීතීඥ්ඥයින් ඉදිරිපත්වන්නේ නැති අතර, බොහෝ විට ඉදිරිපත් වන්නේ කොරිඩෝ ලෝයර්ලා හෝ රජයේ නීතීඥ්ඥයෙක්‍ය.


එහෙත් අප වැනි මාෆියාවලින් රන් වෙන රටවල අති විශාල අයකිරීම් යටතේ කුප්‍රකට අබ්බගාත්ලා ඉදිරිපත්වීම දැන් සාමාන්‍ය තත්වයක් වී තිබීම ඉතාම කනගාටුදායකය.


වඩාත්ම ලොල් සහගත කාරනය නම්..., මෙහේ සිඳුවන හැම මළහත්තිලව්වකටම...., "දියුණු රටවල් වල නම් එහෙම නෑ අනේ...පනේ... තනේ... වැනේ..." කියනා ලිබරල් හිකනල්ලුන්ද නීතියේ ඇති ශික්ෂා පද උලුප්පා පෙන්වමින් මේවා සාධාරණීකරණය කරනා එකය.


දත්ත මැකූ මාෆියා කාරයන් වෙනුවෙන් කලින් සඳහන් කල කුප්‍රකට අබ්බගාත් කෙනෙක් ඉදිරිපත් වූවා නම්, අනේ සංසාරේ කියා අපටද හිත සනසාගත හැකි වුවත්, නීතීඥ්ඥ සංගමයේ මහ එකාම මාෆියා චෝදනා එකෙක් වෙනුවෙන් පෙනී සිටීම රටේ නීතියේ ඇති විකාර තත්වය මොනවට කියා පාන්නේය.


නීතීඥ්ඥ සංගමයේ මහ එකාත්, ඊයේ අල්ලස් හා දූෂණ කොමිසමට පැමිනිලි දාන්න ගිය උන්ගේත් කොන්ෆිල්ක්ට් ඔෆ් පොලිටිකල් ඉන්ටරෙස්ට් කොහොමද කියලා ඕන එකෙක් දන්නවාය.


ලැජ්ජාවට කරුණ නම් මාෆියා කාරයන් වෙනුවෙන් ඉදිරිපත් වීම හෝ එය වැරදීමකින් සිඳු වූවක් යැයි කීම නොවේය. මේ 21 වන සියවසේ "රජය සතු දත්ත" මකා දැමීම රාජ්‍ය දේපලවලට හානී කිරීමක් නොවනා බවට ගෙන එන තර්කයය.


එක්කෝ මුන් අඩු ගානේ සයිබර් ක්‍රයිම් ගැන අහලාවත් නැති උන් වෙන්න ඕනෑය.


මෙතෙක් රජයේ පාර්ෂවයටද දත්ත මකා දැමීම ගැන චෝදනා එල්ල වූවත්. දැන් වැඩේ කරේ මොකාද කියනා එක ඉතා පැහැදිලිය. 


එහෙත් රජය වෙනුවෙන් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරීස් කියා සිටියේ....


ඖෂධ වල නියම ප්‍රමිතිය පිළිබඳ කරුණු අඩංගු ලේඛන 1,100,000 (දත්ත එකොළොස් ලක්ෂයක් )  කට අධික ප්‍රමාණයකට ගේම දීම අත්වැරදීමකින් සිඳු නොවූවක් බවත්, එය ඉතා සැලසුම් සහගතව කරනා ලද උසාවියේ නඩු ෆයිල් වලට ගිනි තැබීමක් හා සමාන වන බවය.


සාමාන්‍යයෙන් මෙවන් මාෆියා කාරයන් හා නඩුහබ කීමේදී..., බොහෝවිට රාජ්‍යා අංශය පරාජයට පත්වීම සිරිතක් ලෙස පැවතියද, 


එය උඩු යටිකුරු කරමින් අධිකරණයට හා නීතීපති දෙපාර්තමේන්තුවට ගෞරවයක් අත්කර දුන් දප්පුල ද ලිවේරා මෙන් කටයුතු කිරීමට දිලීප පීරිස්ටත් ධෛර්යය ශක්තිය ලැබේවා යන්න මේ රටේ යුක්තිය හා සාධාරණය පතනා හැම එකාගේම බලාපොරොත්තුව විය යුත්තේය.


කරපු එකා මොකාද කියා ජනතාවට හෙලිකිරීම, උත්තරීතර යැයි කියනා අධිකරණයේ වගකීමය ..


ඒ වගත් මෙසේය....


.

May 12, 2018

චේතිය පාලනයේ අලුත්ම බොරුව - විශේෂ අධිකරණ




යහපාලන විගඩමේ ක්ලයිමැක්ස් එක ඉවර වෙලා, දැන් මේ යන්නේ, එහෙ මෙහෙ වැටිච්ච දියර වගේ ඒවා පිහිදාගන්න කාලයය. ඒ පිහිදානා වැඩෙත් හරියට කර ගන්න බැරිය. මුන් ආවේ යහපාලනය කියලා එකක් අරගෙනය. ලක්ෂ 62 ක් මුන්ගේ ඒ මුසාවට අහු උනේය. අද ඒ එකෙක්කත් හොයා ගන්නට අමාරුය. ඒකට අයිසින් එකක් දැම්මේ "ලිච්චවී පාලනය" කියලාය. දැන් නම් අපට කියන්න තියෙන්නේ මේක "ලෙච්චමි පාලනය" කියලාය. සාමාන්‍යයෙන් ලෙච්චමිලා කියන්නේ එදිනෙදා ඔහේ ජීවත් වී, පඩි දවසට ආතල් එකක් අරන් මැරිලා යන අම්මන්ඩිලාය. මේ පජාත ආන්ඩුව ඊටත් අන්තය. 

Sep 10, 2017

ලලිත් හා අනූෂ හා උගෙ අම්මාගේ නීතිය - Pray for Real Justice





දෙන්නගේ සිල් රෙදි කේස් එක ගැන මක්කත්ම ලියන්න නැත්තේ ඇයි කියලා බෝ දෙනෙක් අහනවාය. බුකියේ කෙටි සටහනක් තබා මා කියූවේ, මේ තීන්දුව පිළිබඳව මෙන්ම, මේ දෙදෙනා ගැනද මාතලන් අවංකවම කනගාටු වෙනවා කියලාය. මා මේ ප්‍රශ්ණය දෙස බලන්නේ ලලිත් හා අනූෂගේ සපත්තුවට බැහැලාය. 

Aug 23, 2017

අළුත්කඩේ ඩීල් මාළු කඩෙන් කෙලවර වීම - Deal or No Deal


Cartoon by Susil (Web Buwa)

සම හරක්ට පින ඵල දෙන්නේ නිකං ස්වීප් ටිකට ඇදෙනවා වාගේය. සිරිසේන උන්නැහේට මෙන්ම ඩීල්දාසට ලැබුනේ එහෙම පිනා චෑන්ස් එකක්ය. බඹරේ වැල්ලේ ගැහුවත් කැරකෙන කාළ එනවා වාගෙම, කලාවට වැඩේ කලේ නැත්නම් ඊට පස්සෙ ඔළුව කැරකෙන්න පටන් ගන්නවාය. ඩීල්දාස උන්නැහේට ලැබුනේ ඒ දෙකටම වඩා ඉබ්බා දියේ දැම්මා වාගේ චෑන්ස් එකක්ය. තනිකර ඩීල් ගේම් යන ආයතනයකට ඩීල් කාරයෙක්ම දැම්මා කියන්නේ ඉතින් ඒ යකා සංසාරයටම ගොඩ යන කේස් එකක්ය. 

Nov 19, 2016

අධිකරණ ඇමති සිහිණෙන් ඇවිදීම - Sleepwalking Towards Justice



ලංකාවේ අධිකරණ ඇමතිවරයා අත ගහන හැම වැඩේම අඤ්ඤකොරොස් වෙලා, හත් පොලේ ගාගෙන, අකුල ගන්නා බව අප කවුරුත් දන්නවාය. එයා මහා ප්‍රාඥ්ඥයෙක්ද මොකෙකද කියලා කියන්නෙත් එයාමය. අපි නම් ලෝයර්ලාට කියන්නේ ගල් ආඳෝ කියලාය. සමහර උන් නම් කියන්නේ ඩීල් කාරයෝ කියලාය. ලංකාවේ අධිකරණ ක්‍රමය ගැන දන්නා ඕනම එකෙක් ඒ කියනා කාරනය ඇත්තයි කියලාත් දන්නවාය. මොකෑ කියනවා නම්, ඒ වාගේ ඩීල් කාරයෙක් බලවපු නඩුවකින්, දුමින්ද සිල්වාට මරණ දඬුවම හිමි වීම, මිනිසුන් හොල්මන්ද බේරේ කොරනා තීන්දුවක් වීම නිසාය.  

Aug 15, 2016

නීතියට ඇඟිලි නොගසනු...!!! - Please obey the law !



ආන්ඩුව පත් කිරීමට ක්‍රියාකාරිව සහභාගී වූවන් මෙන්ම, එහෙන් මෙහෙන් සප් එකෙක් දී ටොයියන් බවට පත් වූ පිරිසද ආන්ඩුව විවේචනය කිරීම, වහල් බයියන්ගේ අමන්දානන්දයට හේතු වී ඇති බව පෙනෙන්නේය. මහින්ද මහත්තයාගේ අන්තේවාසිකයින් සිතන්නේ නැවත් ඡන්දයකට ගියහොත් අ(හ)වුල් ආන්ඩුව කෙරේ කලකිරි ඇති ටොයියන්ගේ බහුතරයක්ද නැවත් මහින්ද මහත්තයාට ඡන්දය දෙනු ඇත කියාය. එහෙත් සත්‍යය එය නොවේ. අවුල් ආන්ඩුවට ඡන්දය ප්‍රකාෂ කළ පිරිස ආන්ඩුවේ පිස්සු කෙලීම් හමුවේ කලකිරී ඇති මුත්, ඒ එකෙක්වත් නැවත මහින්ද මහත්තයාට බලය දී මේ රට ලේ විලක් කිරීමට කිසිසේත්ම තම ඡන්දය භාවිතා කරන්නේ නැති බව, මහින්ද මහත්තයා ඉල්ලගෙන කෑවා සේම ඉස්තිරය.

Mar 16, 2016

රෙද්ද ගලවලා ගනින් බං.... - It is not Money Laundering

 
අලි හොරුන් ඇපේ මත,
මහ දවල් රහත් වෙයි .
රජ පැටවු ගෙදර යයි.
පොලීසිය නෝ කතා.
මීඩීයා කිරි සිනා...

Jan 25, 2016

නපුංසක රටක් - Country without law and order


  
අපි බොහෝ දෙනෙක් කියන්න ඕනා දේ, නානසාර මහ රහතන් වහන්සේ හෝමාගම උසාවියේදී දේශනා කොරලාය. එහෙම දේශනා කොරලා තියෙන්නේ විත්තිය වෙනුවෙන් අති විසේස දේශනාවක් කොරලාය. උන් වහන්සෙ නඩු කාරයාගේ මූණටම දෙසා වදාරා ඇත්තේ, මේ රටේ තියෙන්නේ නපුංසක ආන්ඩුවක්ය. ඒකේ ඉන්නේ නපුංසක නිළධාරින්ය කියලාය. එහෙම දෙසලා එක්නැලිගොඩ නෝනාටත් පාට් එකක් දමා, උන් වහන්සේ ආරාමයට වැඩියෝය. කේස් එක යන්නේ ඉන් පස්සේය.
 

Oct 2, 2015

කොන්ඩයා මෙන්ම පොලිස්පතිද එල්ලා මැරිය යුතුය - Justice should not only be done but should manifestly



සේයාගේ ඛේදවාචකය මැකී යාමටත් මත්තෙන් නැවතත් කොටකෙතන වෙත පඩත්තල ජනමාද්දියවේදින් කෙල පෙරාගෙන මිනී මස් කන්නට දුවමින් සිටී. දැන් මෙය ධර්මද්දීපයක් නොව නොම්මර එකේ මිනී කන්නන්නේ දේශයක් වී ඇත. මිනී කන්නන්ගේ දේශයකටත් වඩා, මළමිනී කන්නන්ගේ දේශයක් යැයි කීවොත් වඩාත් නිවැරදිය.

May 13, 2015

හොරු සුරකින Law දෙවඟන..



ඇත්ත කියන්න..!
ඔයා තවමත්,
බලනවා නේද හොරෙන්...,
හීනියට...?

තාරාදිය අභයාරාමෙට 
කඩුව කටුගෙට 
මාංචූ
අත් දෙකට...!

නොදැම්මොත්
අබ සරණයි
නීතියට...!!!

-x-



Mar 31, 2015

ෆුල් ෆේස් හා පිස්සු පොලිස් (23+) - Full Face & Crazy Police

 
පෝස්ට් එක දිග වැඩි මාගලකි.. අවසානය දක්වා ඉවසීමෙන් කියවන්න..

අම්මට සිරි ලංකාව කියන රටේ තියෙන්නේ පට්ට පොලීසියක්ය. හිටපු පොලිස් පති කුඩු කාරයෝ එක්ක පට්ට ආතල් ගත්තා කියන්නෙත් පොලෝසියමය. එයාල බොහෝ වෙලාවට කරන්නේ එයාලාගේ රාජකාරිය වෙන නීති විරෝධි දේවල් අල්ලන එක වෙනුවට එයාලා ඒ ගේම් වෙල නිරත් වෙන එකය. දැන් අපිට සිඳු වෙලා තියෙන්නේ එයාලාව තව කාට හෝ අල්ලා දෙන එකය. කරුමේ කියන්නේ අල්ලලා දෙන්න එකෙක් නැති වීමය.

Feb 23, 2015

ශෂී වීරවංශ අත් අඩංගුවට ගැනීම හෙලා දකිමු...!!! - Is justice equal for all...?


හෙඩින් එක දැක්ක ගමන්, සම හරක්ට මෙය ජෝක් එකක් කියා හිතන්නට පුළුවන්ය. තවෙකෙකුට, මාතලන්ගේ මොළේ දරුණු ලේසම මඤ්ඤං වෙලාදෝ කියා හිතෙන්නත් පුළුවන්ය. ඒත් මාතලන් නියම ලෙස හඳුනා ගත් කිසිවකුටත්, මේ හෙඩිම පුදුම සහගත දෙයක් නොවන්නේය. මේ ලියන්නේ, "කොළඹ ගමයා" ලියන, අජිත් කියන්නාක් මෙන්ම, ශෂීගේ දරු දෙදෙනාගේ සංවේදී ඡායාරුපය දැකීමෙන් නොවේ. මේ ලියන්නේ, සියල්ලන්ම දැනගත යුතු, ලාංකිය දේශපාළණයේද, ජරාජීර්ණ වූ පොලීසියෙද, තුප්පහි නීතියේද නිරුවත පෙන්වීමටය. යහ පාළණ ලෙසද, ආශ්චර්යයන් ලෙසද, එක එක ක්‍රමයට එන සෙප්පඩ විජ්ජාවන් තුල තිබෙනා, මජර කාළකන්නි ක්‍රමය පෙන්වා දීමටය.

Feb 15, 2015

කුඩ්ඩන්ට බය පොලිස් දෙපාර්තමේන්තුව - Cops & Drug Dealers


වෙලේ සුදාගේ අම්මා..., වෙලේ සුදා බබා කාළේ, නලවපු ගීතය, එකෙක් බුකියේ ලියලා තිබුනාය.. "රස කර ගී ගයන "වෙලේ."... සැනසෙන්න නැලවෙන්න "සුදෝ"..." ඒ ගීතයය. මුන් නම් පට්ට ටැලන්ට් බුවාලාය.

මේ ආන්ඩුවේ හොරු ඇල්ලිම, අපි පොඩි කාළේ හොරා පොලිස් කොලා වාගේය. ඔන්න කට්ටියක් හොරු වෙනවාය. කට්ටියක් පොලිස් වෙනවාය. පොලිස් කාරයෝ උණ බට තුවක්කුවේ දාපු තෙත පත්තර කොල බුලට් වලින්, හොරුන්ට වෙඩි තියනවාය. සමහර උන් ගාව සෙල්ලම් පිස්තෝලත් තිබුනේය. ඒවාට දාන වෙඩි බෙහෙත් රොල් වගේකුත් තිබුනේය. රෝල ඉවර උනා කියා වෙඩි තැබිල්ල නතර වන්නේත් නැතිය. ඊට පස්සේ කටින් වෙඩි තියනවාය.

Nov 8, 2014

මහින්දට බැරිද..? - Yes, He Can



ඉස්සර පාර පුරා පෝස්ටර් ගැහුවේ සිංහල සෝ වලය. එයිට පස්සේ, මේ මනාප අමනාප ක්‍රමේ ආපු නිසා, දිස්ත්‍රික්කෙන් ඉල්ලන හැම එකාගේම මූනත්තහඩුව, අහුවෙන අහුවෙන හැම තැනම පාප්ප උලා කෙලලා ඇරියේය. ගෙදරටත් වඩා තාප්පෙට වියදම් කරපු උන් "දැන්වීම් ඇලවීම් තහනම්" කියා තාප්පේ ගහන්න ගත්තේ ඊට පස්සේය. ඒ කාලේ එක රැයින් මුළු රට පුරාම ගහලා රැකෝඩ් එකක් තිබ්බ පෝස්ටරේ උනේ, "මේ කව්ද? මොකක්ද කරන්නේ ?" කියනා පෝස්ටරේයය.

Oct 4, 2014

බට්ටිලාගේ කතාව - "Batti"..!!!


මේ පිළිබඳව ළිපියක් ලිව්වත්, හිතට මදි.. ඒ තරම් තුඡ්ච කාළකන්නි මිනිස්සු පිරුණ දේශයක් මේක. අනික ළිපිය ලිවීමෙන් පසු සිඳුවන ගරු රඟපෑම්, සිත් ගන්නා සුළුයි. කට කොනට සිනාවක් ගෙන එයි. පොලීසියට විත් පැමිණිල්ලක් කරන්න කියා ආරාධනා කරනා විට, තුන් කොනින් සිනා පහල වෙයි. කපුගේ ගේ අමරසිරි ගේ ගී අසා, අනේ අපොයි කියා හඬන වැලපෙන, ශෝක වන, ජාතියේ දූ පුතුන්ගේ සළු පිලි උනා දමා, නියම නිරුවත සමාජයට පෙන්වූ බට්ටියේ. උඹේ සටනට අපේ ආචාරය..

Mar 11, 2014

අළුගෝසුවාගේ අස්වීමේ ළිපිය... - Hangman's Resignation


රාජකාරියට වාර්ථා කර නොමැති අළුගෝසූවා විසින්, බන්ධනාගාර කොමසාරිස් වෙත යොමු කල අස්වීමේ ළිපියේ පිටපතක් මා වෙත ලැබී ඇත. පහත් පළවන්නේ ඒම ළිපියයි..