.

.
Showing posts with label Kumar Dharmasena. Show all posts
Showing posts with label Kumar Dharmasena. Show all posts

Aug 22, 2023

ධර්මේ කළේ අධාර්මික දෙයක්ද? පෝන්, සෙස් පෝන් හා වීඩියෝ චැට්

 


ධර්මේ කළේ අධාර්මික දෙයක්ද?

පෝන්, සෙස් පෝන් හා වීඩියෝ චැට්

➖➖➖➖➖➖➖➖➖➖➖➖🔴


සීන් එක මෙහෙමයි... අනෙක් හැම දේම වගේම මාතලන් නම් මේකෙන් ගත්තෙත් ආතල් එකක් විතරයි.


ගොඩාක් අය කළබල වුනාට මේවා සාමාන්‍ය දේවල්... එසේ නොවේ කියලා හිතන අය තමා බොහෝම කළබල වෙලා තියෙන්නේ. මොකෝ සෙස් කියන්නෙත් බත් කනවා වගේ මිනිසුන්ගේ මූලික අවශ්‍යතාවයක්. ඉතින් යූ ටියුබ් එකෙන් උයනවා වගේම, සෙස් කරන එකත් කරනවා.


මිනිස්සුන්ගේ වං හුං සොයනෙක මිනිස් ස්වභාවයක්, ඒකට ජාතිය, ආගම, කුලය, පක්ෂ පාට, පන්තිය, ක්ලාස් එක අදාල වෙන්නෙම නෑ. මේ ගැන ලස්සන සින්දුවක් තියෙනවා ජිප්සීස් සුනිල් අයියගෙ, හිනා හිනා... පොඩ්ඩක් වෙන්න හිනා... කියලා... ඒකේ කොළඹ හතේ ළොකු නෝනලා ඕප දූප කතා කරලා හිනා වෙන හැටිත් තියෙනවා...


අපේ රටේ මිනිස්සු sex හොයලා ලෝක වාර්ථා තියනවයි කියලා අපේම උන් කින්ඩි දැම්මට... අපේ උන් ඔය ප්‍රශ්ණයේදී ලෝකේ දියුණු රටවල උන්ට වඩා සධාචාරයි. ඊයෙද කොහෙද ස්වීඩන් වලින් එලියට ආපූ ස්ත්‍රී අපචාර රැකෝඩ් එක ඒකට උදාහරණයක්. අපේ උන් වීඩියෝවක් බලලා අහිංසක වින්දනයක් ලබලා සතුටු වෙනවා. 


මේ සයිබර් සෙස් චැට් වගේම, spa කල්ට් එක නිසා අපේ රටේ දැන් ස්ත්‍රී දූෂණ වාර්ථා වෙන්නේම නැති තරම්. ඔය බහුලව වාර්ථා වෙන ළමා අපචාර වලත්, තරුණ පරපුර වැරදි කාරයෝ වෙන්නෙම නැති තරම්.


ඒවා කරන්නේ පූජකයෝ, ගුරුවරු සහ මයිනෝ හෙවත් නාකි උන්.. ඒවටත් හේතූ තියෙනවා. එකාතකින් උන්ව දේශපාලන රැස්වීම් වලට හරි ගේන එක ළොකු දෙයක්. එතකොට උන්ගේ ඊගෝ අඩු වෙනවා.


අද තියෙන්නේ එදා තිබුන ලෝකය නෙමේ. ලෝකේ තාක්ෂණිකව දියුණු වෙනකොට SEX ඉන්ඩස්ට්‍රි එක වගේම සෙස් කල්ට් එකත්... අළුත් අළුත් දේ කෙරේ යොමු වෙනවා. ලංකාවේ සෙක්ස් ඉන්ඩස්ට්‍රියක් නැති නිසා... මේවා සමහරක් අයට මැජික් වෙලා තියෙනවා.


සෙක්ස් ගේම්ස්, ලයිව් සෙස්, වීඩීයෝ චැට්, වලටම වෙන් වූ වෙබ් සයිට් ඕන තරම් තියෙනවා. පෝන් සයිට් වල පොප් අප් ඇඩ්ස් වලට එන්නෙම ඒවා. ඒ ඇරුනාම ලව් කරන වගේම, රහස් සබඳතා තියෙන... ටෙක්නොලජි දන්න හැම එකාම අතරේ මේ දේවල් සාමාන්‍යකරණය වෙලා ඉවරයි. 


ඒ නිසා වගීෂ වගේ සමාජයෙන් වහන් වෙලා පැනලා යන්න ඕන නැ. සනා වගේ මේකත් ඇඩ්වාන්ටේජ් එකක් කර ගන්නවා මිස...


මේ ගැන අවබෝධයක් තියෙන කෙල්ලෝ මේවයෙන් ෆෝන් කාඩ් එකේ ඉඳලා... ලක්ෂ කෝටී ගනන් හොයනවා. සමහර කෙල්ලෝ රටේම ජනප්‍රිය චරිත. අනික උන් ඒවා හොයන්නේ... ඔක්කොම පෙන්නලත් නෙමේ. භාගෙට පෙන්නලා. ඒකත් කලාවක්.


ලෝකය පුරා මේවා ගැන වාර්තා චිත්‍රපට මෙන්ම චිත්තරපටිත් හැදිලා බොහෝ කල්.. ෆිල්ම් එකේ රූප රාමු අතරට ඉන්බොක්ස් චැට් දාන එකත් දැන් සාමාන්‍ය දෙයක්.


එකම දේ ජනප්‍රිය කෙනෙක්ගේ මේ වගේ දෙයක් එලියට ආවම... ලෝකේ කොයි රටේ උනත් ඒවා සෙක්ස් ස්කැන්ඩල් වෙලා පෝන් සයිට් වලට ගිහිල්ලා කතා බහට ලක්වීම විතරයි. මේවා සල්ලි උල්පත්. 


ඒ නිසා මේවා ගැන දැණුවත්ව ඉඳීමත් අර සෙස් ගැන උගන්වන්න ඕන කියන ගොඩට එකතු වෙන්න අවශ්‍යමයි.


මේවා මෙහෙමයි කියලා... චැට් එකට සමහර උන් එන්නෙම විකට් පොලු පෙන්නගෙන. ඇත්තටම ඒ වගේ උන් සයිබර් ක්‍රයිම් යටතේ සිරගත කරන්න වුනත් පුලුවන්. ඒක අසහනයට වඩා නොදන්නා කම.


මේකේ භයානකම දේ පාසල් දරුවෝ වැඩිහිටියන්ගේ වික්ටිම්ස් බවට පත්වෙලා අපචාරයට ලක් වෙන්න තියෙන ඉඩ. ඒවත් නීතියෙන් ළමා අපචාර ඝණයටම වැටෙන බවත්... ඒවාත් සිර දඬුවම් ලැබිය හැකි වරදවල් බවත්.... දෙමව්පියන් මෙන්ම වැඩිහිටියන් සියල්ලෝමත් දැන ගැනීම වැදගත්.


ඉස්ධූතී නන්ඩ්‍රෙයි ටෑන්ක්ස් හොඳේ ....!!!

.