.

.
Showing posts with label Bandaranayake. Show all posts
Showing posts with label Bandaranayake. Show all posts

Aug 15, 2025

රත්වත්තේ, ලොවිනා හා ගල්කිස්සේ තෝමස් මේට්ලන්ඩ්

 


රත්වත්තේ, ලොවිනා හා
ගල්කිස්සේ තෝමස් මේට්ලන්ඩ්
➖➖➖➖➖➖➖➖➖➖⭕➖

මාතලන් කියවා ඇති ඉතිහාසය ඇතුලේ.... රත්වත්තේ කෙනෙක් හමුවන්නේ... තෝමස් මේට්ලන්ඩ් ආන්ඩුකාරවරයා සමයේය. ආන්ඩුකාරවරයා කියන්නේ සුද්දාගේ කාලයේ ලංකාවේ පාලකයාටය. එහෙත් තෝමස් මේට්ලන්ඩ් උන්නෑහේ යටතේ ලංකාව සම්පූර්ණයෙන්ම සුද්දාට නතුවී නොතිබුණේය.

මේටලන්ඩ් සුදු මහත්තයා අවිවාහකයෙකි... එයාගේ මාළිගය වූයේ අද ගල්කිස්සේ හෝටලය නමින් ප්‍රසිද්ධ මවුන්ට් ලැවීනියා හොටේල් එකය. ඕල් සිලෝන් ටුවර්ස් දුවන ආතරයියා සුද්දෝ අරගෙන දිව්වෙත් එතන සිටය. මේට්ලන්ඩ් සුදු මහත්තයාගේ ක්‍රෂ් එක වූයේ ලොවිනාය. මොහාන් රාජ් මඩවල ලොවිනා නමින් ලිව්වේ ඒ ආදර අන්දරයය.

ලොවිනාගේ මව සිංහල වූ අතර.... පියා පුරුතුගීසිකාරයෙක් විය.  H R ජෝතිපාලට අනුව...රටවල් අල්ලන්නට ප්‍රසිද්ධියක් ඉසිලූ පුරුතුගීසිකාරයන්ට ලොබිනාගේ අම්මා අල්ලන එක එච්චර අමාරු වෙන්නට නැතුව ඇතිය. සංසේචනය කොක්ටේල් එකක් වූ නිසා.... ලොවිනා පට්ට කෑල්ලක් වෙන්න ඇතිය. ඉතින් එහෙම කෑල්ලකට අග්‍රාණ්ඩුකාරවරයා අහුවෙන එක ලොකු දේකුත් නෙමේය. උන්නැහේ ලොවිනා එක්ක සෙට් වෙන්න යන්න....., ලොවිනාගේ නිවස සහ අග්‍රාණ්ඩුකාරවරයාගේ මාළිගාව අතර උමගක් තනා තිබුණු බව ප්‍රකටය.

ගල්කිස්ස මවුන්ට් ලැවීනියා වෙන්නේ ඒ හේතුවෙන්‍ය කියා ජනවහරේ එනවාය. මේවා බොරු වෙන්නටත් බැරිය. අශෝක හඳගමගේ අල්බරෝදා චිත්තරපටියේ තිබෙන්නෙත් මෙවන් කතාවක්ය. ඒ ලෝකප්‍රකටට කවියකු වූ..... ලංකාවේ සුළු කාලයක් ජීවත් වූ... නෙරුදාගේ හා සක්කිලි සම්භවයක් සහිත සුරූපී කතකගේ ප්‍රේම වෘත්තාන්තයක්ය. අල්බරෝදා කියන්නේ හිමිදිරියටය. ලයනල් වෙන්ට්ඩ්ගේ නිවසට අල්බරෝදා කියා නම දමන්නේ නෙරුදාය.

මේටලන්ඩ් ආණ්ඩුකාරතුමා ලංකාවේ මුහුදුබඩ පළාත්වල ආණ්ඩුකාරවරයා වශයෙන් පත්වෙන්නේ..... ක්‍රිස්තු වර්ෂ 1805 ජූලි මස 19 වැනි දිනය. ඔය අළුත්කඩේ, ගාල්ල, තිරිකුණාමලය, යාපනය, මඩකලපුව, පුත්තලම හා හලාවත ඇති දිස්ත්‍රික් නඩු ශාලා පිහිටෙව්වේ උන්නැහේය.

මේ කාලයේ උඩරට මහ රජුගේ පාලනය අඤ්ඤකොරොස් වී තිබුණේය. සක්කෝරලයේ කැරැල්ල ඇතිවන්නේ ඒ කාලයේය. රජතුමාගේ දෙවන අධිකාරම් ධුරයේ කටයුතු කළ මීගස්තැන්නේ මිය පරලොව යන්නේ 1806 දීය.

මේ කාලයේ දෙමළ සම්භවයක් සහිත රජ්ජුරුවෝ එක්ක රදළයෝ උන්නේ අමනාපයෙන්ය. මීගස්තැන්නේ හා ඇහැළේපොළ දෙදෙනාම කුමන්ත්‍රණකරුවෝ බව දැනගෙන උන්  රජතුමා, තමන් හා අවුලෙන් ඉන්නා රදලයින්ගේ සිත් දිනා ගැනීම පිණිස.... ඇහැලේපොළොව දෙවෙනි අධිකාරම් ධුරයට පත් කළේය..... එහෙත් මොල්ලිගොඩ යටතේ පැවති සත් කෝරලය.... ඇහැළේපොළගේ තනි භුක්තියට විඳින්නට නොදී.... එයා ඇහැලේපොළ හා මොල්ලිගොඩ අතරේ බෙදා දෙන ලදී. එහෙත් කැරැල්ල නැවතුනේ නැතිය.

මේ අතර තමාටත් තම තමන්ගේ බෑනා වන රත්වත්තේටත් සත් කෝරලය බාර දෙන බවට රජ්ජුරුවෝ පොරොන්දු කරවා ගත් පිළිමතලාවේ කැරැල්ල පරාජය කළේය. ඒ අනුව සත්කෝරලයේ ඉහල කොටස පිළිමතලාවේටත් පහළ කොටස රත්වත්තේටත් පවරා දෙන ලදී.

එහෙත් තමන්ට මැඩ පැවැත්විය නොහැකි කැරැල්ල..... පිළිමතලාවේ මැඩ පැවැත්වූයේ ඔහුද මීට සම්බන්ධ බවට සැකකළ රජ්ජුරුවෝ.... පිළිමතලාවේට හා රත්වත්තේටද.... ඔවුන්ගේ යටත් වැසියන්ටද ඉතා කෲර ලෙස සැලකුවේය.

මේ අතරේ නැවතත් සිංහලයින්ට රාජ්‍ය පවරා ගැනීමේ කූඨ කුමන්ත්‍රණයක යෙදී වුන් පිළිමතලාව..... උන්නැහේගේ පුත්‍රයා හට රජතුමාගේ අවජාතක මිනිබිරියක් සරණ පාවාදීමේ යෝජනාවක් ගෙන ආවේය.

වැඩේ බනිස් වෙන්නට යන බව දැන දැනගත් රජ්ජුරුවෝ රාජසභාව කැඳවා.... රාජසභාවේ ඒකමතික කැමැත්තෙන් සියලු රාජකාරී වලින් ඉවත් කොට කුමන්ත්‍රණකරුවකු ලෙස නම් කළේ දේශබන්දු තෙන්නකෝන්ට කලා වගේය.

පිළිම තලාවේ ගේම අත ඇරියේ නැත. රජතුමාගේ ආරක්ෂක සේනාවේ උන්.... ජා සම්භවයක් සහිත ඔපිසර් කෙනෙකුට අල්ලස් දී නැවත කැරැල්ලක් ඇති කලත්.... රජතුමා කැරැල්ල මැඩ පැවැත්වූයේය. මෙයින් කෝපයට පත් රජතුමා පිළිම තලව්වේමෙන්ම රත් වත්තේ දිසාපතිතැනදී තවත් බොහෝ රදලවරුන්දමරා දැම්මේය.

ඇහැලේපොළ මහාධිකාරම් ධූරයට පත්වන්නේ මෙයින් පසුවය.

කෙසේ හෝ.... ලෝකෙන් උතුම් රට මුලුමනින්ම යටත් විජිතයක් වීමෙනික්බිති.... සුද්දා විසින් රදළයන් විසින් එතෙක් කරගෙන රාජකාරීන් ඔවුන්ට තවදුරටත් දිගටම කරගෙන යාමට ඉඩ සැලසූ මුත්.... පසුකාලීනව සාමාන්‍ය ජනතාවගෙන් ලැබුණු අටෝරාශියක් පැමිණිලි හමුවේ.... ඔවුන්ගේ රාජකාරිය වැටුපට පමණක් සීමා කළේය.

නැතිනම් රදළවරුන් කරේ සාමාන්‍ය ජනතාව හා මුස්ලිම් වෙළඳ ප්‍රජාව පීඩාවට පත් කරමින් බදු එකතු කරනවා කියා කප්පම් ගැනීමය.... ඒ... හරියට අද පාතාලය වගේය. රත්වත්තේලාගේ ලේ හා ජාන තුල ඒ ජන්ම ගති තාමත් තිබුණා වන්නට පුළුවන්ය.

කෙසේ හෝ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියද රත්වත්ත පරම්පරාවේ කෙනෙක් වන අතර, සබරගමුවේ මහවලතැන්නේ උපන් කුළ කාන්තාවක් වුනේය. ඇය ද්‍රවිඩ සම්බවයක් සහිත හොරගොල්ල වලව්වේ සොලමන් රිජ්වේ ඩයස් බන්ඩාරනායක හා සරණ බන්දනයට එලැබුනු අතර, ලොව ප්‍රතම අග්‍රාමාත්‍යතුමියද විය. ඔවුනගේ දියණියක වූ චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරතුංග ලංකාවේ ප්‍රතම ජනාධිපතිනිය වූ අතර. අනුරුද්ධ රත්වත්තේ ඇයගේ නියෝජ්‍ය ආරක්ෂක ඇමති වුනේය.

හමුදාවට අත් වූ අන්ත පරාජයන් මෙන්ම ජීවිත හානී සිඳුවූයේ ජනරාල් ධූරයක් තමා විසින් තමාටම ලබා ගත් උන්නැහේගේ කාළයේ වූ අතර. ලොහාන් රත්වත්තේ උන්නැහේගේ පුත්‍රයෙක් විය. උන්නැහේගේ කැරැට්ටුව ගැන බුකියේ ඕසේට ඇති නිසා මාගේ පල්හෑල්ල මින් නවතා දමනවාය.

ඒ වගත් මෙසේය..........

Jun 20, 2023

මුළු රටම කාබාසීනියා කර දැමූ.... බන්ඩාරනායකගේ සිස්ටම් චේන්ජ්ජෙක

 



මුළු රටම කාබාසීනියා කර දැමූ....

බන්ඩාරනායකගේ සිස්ටම් චේන්ජ්ජෙක

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖🔴▪️


ගැරැප්පුවෙන් ආප්ප කෑ, සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බන්ඩාරණායක හාමුගේ දියණියක් වන, හොරගොල්ල නීලපෙරුමාල් පන්ඩාරනායගම් පරම්පරාවේ අභිමානවත් දෙටු   එතනහාමී සුනේත්‍රා බන්ඩාරනායක තම පියානන් කළ අමනකම් ගැන ප්‍රසිද්ධියේ සමාව ගැනීම, ගස් ගෙඩ් කඩමින් සිට නිදහස් අජ්ජාපනේ පිහිටෙන් සීත කාමරවල හෝ සීත රටවල සිට, මසකට වරක් පොල් කඩනා උන්ගේ පුපේ ඉත්තෑවන් දුවා ඌයියා වීමට බලපා තිබෙනා බව පේනවාය.


මාතලන් මේ කණ්ඩායමට අයත් නොවන්නේ අපේ අප්පා මුත්තලා, ව්‍යවසායිකයින් වී ගොඩ ඇවිල්ලා තියෙන්නේ සුද්දා නිදහස දෙන්නටත් පෙර නිසාය. එහෙත් බන්ඩා කළ අමනකම් වල වින්දිතයින් වන්නට අපටද සිඳු වූ වේදනාව අපටද තියෙන්නේය. 


අප අජ්ජාපනය ලැබුවේ සුද්දාගේ කාළයේ ආරම්බ වූ මිෂනාරී පාසලක වුවද, ඒවා රජයට පවරා ගැනීමෙන් පසු ඒවායේ ඉන්ගිරිසියෙන් ඉගැන්වීමට කෙලවිලාම ගොස් තිබුනේය.

අපි හයේ පන්තියේ සිටියදි, එලකියුෂන් හා වෙස්ටර්න් මියුසික් කියා සුද්දාගෙන් ඉතිරි වූ නෂ්ඨාවශේෂ සබ්ජෙක්ට් දෙකක් තිබුනද, හතේ පන්තියේදී ඒවාටද නිවන් සුව අත් වූයේය.


“මොකක්ද ක්‍රිස් මේ කරන්න යන්නේ? අපට ගහකින් ගෙඩියක් කඩාගන්න කොල්ලෙක් නැතිකරන්නද යන්නේ ” කියා කිව්වේ මොකා වුනත් ඒ ප්‍රකාෂය කරපු එකා අමු වසලයෙක් බවට කිසි තර්කයක් ඇත්තේ නැතිය. 


කන්නන්ගර උන්නැහේ නිදහස් අජ්ජාපනය සඳහා මධ්‍ය මහා විජ්ජාල පටන් ගත්තාට ඉන්ගිරිසියෙන් අජ්ජාපනය ලබා දීම නතර කළේ නැතිය. මධ්‍ය මහා විජ්ජාලේ උන් සිංහළ සාහිත්‍යය හා බුද්ධාගම ඉගෙන ගත්තේත් ඉන්ගිරිසියෙන්මය.


අපේ කලාව, සඟිස්කෘතිය හා ආගම පිළිබඳ උන් ගිහි පැවිදි පොරවල් සියල්ලෝම ඉන්ගිරිසි ඇක්ස්පර්ට්ලා හෙවත් ද්වීභාෂා පරමේෂ්වරලා වූයේය. 


සමහරුන් ලියා තිබ්බේ රාජ්‍ය භාෂාව සිංහළ කිරීමේ යෝජනා මුලින්ම ගෙනාවේ එජාපයේ උන් යැයි කියාය. කොහොමත් වමේ අපතයන් හැර සෑම ජන කොඨ්ඨාශයක්ම නියෝජනය කල එජාපයට ඕක ගෙන එන්නට සිඳු වන්නේ නැති බව තේරුම් ගත් බන්ඩා එජාපයෙන් යන්නේ මේ අදහසත් මංකොල්ල කාගෙනය.


බන් ගොන්ඩා වන්දනා කරනා ප්‍රශස්ති පන්ඩිතයින් බොහෝමයක් ලියා තිබුනේ ඉන්ගිරිසියෙන් කතා කිරීම ගැන පමණි. එහෙත් ඉන්ගිරිසි අජ්ජාපනය තුල තිබූ සුද්දාගේ හැදියාව හා සඟිස්කුරුතිය උන්ට අමතකව තිබිනි. 


විශේෂයෙන් රාජ්‍ය සේවය හා දේශපාලනය තුල තිබූ මහත්මා කම්වලට හා සුද්දා වගේ වැඩ කරනා විදියට කෙලවෙලාම ගොස් එය නරා වලක් වූයේ, ඔය ගස් බන්ඩාගේ පිස්සුව නිසාමය. හින්ගල පමණක් දන්නා ගස් බන්ඩලාගේ දරුවෝ රාජ්‍ය සේවයට පැමිණ උන්ගේ හීනමානය කවර් කරගත්තේද උන්ගේ පන්තියෙන්මය. ඊටාමතරව ඉහළ පන්තියට ඊර්ෂ්‍යා කරමින් වෛර බැන්දෝය.


විස්ස විජ්ජාල උන්ගේ රුදුරු ග්‍රහණයට ලක් වුනේය... උන් ආචාර්‍ය මහාචාර්‍ය පට්ටම් ලැබීමෙන් පසු නවක වදයට ලයිසන් දී එවන් මිලේච්ඡයින්ගේ බොඩිගාඩ්ලා හා න්‍යායාචාර්‍යවරුන්ගේ රජ දහනක් විය. සමාජ විරෝධීන්ගේ මූලස්ථාන විය.


රටේ සෑම පන්තියකටම අයත් වුන් සමඟ එකම පන්තියේ සිටී පාසලකට ගිය අප, සුද්දාගේ මිෂනාරී අජ්ජාපනය අදත් ලබාදෙන සැන් තෝමස්, ට්‍රිනිටි වැනි පාසල් වලින් ආ උන්ගේ හැදියාවන් හා ක්ලාස් එක පැහැදිලිවම දුටුවෝය.


56 ගස් බන්ඩාගේ විකාරයෙන් පස්සේ අපේ රටේ එතෙක් තිබූ ෂේක්ස්පියර්ගේ ඉන්ගිරිස් හා ඉන්ගිරිසි සාහිත්‍යයට හැමිනිලාම ගොස් පඩත්තල රුසියන් සාහිත්‍යයක් බින්න බහින්නේ රටේ කරුමයටය. සුද්දා අරක්කු බෙදුවා වගේ ඒවා සිංහලට පරිවර්තනය කොට නොමිළේම බෙදාහැරියේය.


එමෙන්ම මහ රැජිණගේ අධිරාජ්‍යයේ ඉන්ගිරිසියෙන් උගත් සුද්දන්ගේ හැදියාවන් තිබූ වමේ නායකයින් නැත්තටම නැතිවී ගොස්, වමේ දේශපාලනයත් ග්‍රාමීය ගෝත්‍රික ළිං මැඩි ගස් බන්ඩලා අතට යන්නේය. වමේ දේශපාලනය තුල රෝහණ විජේවීර, විමල් වීරවංශ, නලීන් හේවගේ වැනි වාචාල ගෝත්‍රික මිලේච්ඡයින් බඩ පිණුම් ගසන්නේ අර හිඟන්නන්ගේ ඔල්වරසන් මැද්දේය.


උතුරේ හා දකුණේ ඒ පන්තිවලට අයත් උන්, ත්‍රස්තවාදයෙන් රට මිලේච්ඡයින්ගේ රඟමඩලක් කරන්නේත්..බන්ඩාගේ පස්සෙන් ගිය එකෙක්ගේ පුතෙක් උන්ට කෙලවා මහරජා වෙන්නේත් ඒ අනුවය.


සමහරු ලියලා තිබ්බේ මේ රටට කෙළවූයේ රටේ ආදායමට වඩා වියදම වැඩි වූ නිසා මිස, ඉන්ගිරිසියෙන් අජ්ජාපනේ දුන්නේ නැති නිසා නෙමේය කියලාය. 


එහෙත් උන්දැලාට අමතක වෙච්චි කාරනේ නම්, එසේ වීමට හේතූ වූයේ, මේ රටේ රාජ්ජ සේවය බන්ඩාරනායක වහලුන්ගෙන් පුරවා, රාජ්‍ය සේවය සාපයක් කළේ... ගස් බන්ඩාගේ ගෝලයන් විසින්ම බවය.


බන්ඩාගේ ඒ අමන ක්‍රියාව නිසා, රටේ සමස්ත සිස්ටම් එකම කඩා වැටී රට භංකොලොත් රටක් බවට ප්‍රකාෂ කළේත් බන්ඩාගේ පස්සෙන් ගිය බන් ගොන්ඩෙක්ගේ පුතෙක් බවත් දැන් ඉන්න ගොන් බන්ඩලා අවබෝධ කර ගත යුතුමය. උන්නැහේ විශ්වයෙන් එහාට රට ගෙනියන්නේ ගියේ වසර හතක් වමේ අපතයින් හා එක්ව රට විනාශ කළ හත් අවුරුදු සාපේ මැතඩ් එකෙන්‍ය.


වාසනාවකට අදින් වසර 10 - 12 කින් පසුව හෝ ඉන්ගිරිසි දන්නා පරම්පරාවක් බිහි කිරීමට වත්මන් රජය මුල පුරා ඇත. එමෙන්ම ඉන්ගිරිසි පමණක් නොව, සුද්දා සිතන පතන විදියේ පරම්පරාවක් ඇති කිරීමට නම්, රුසියානූ සාහිත්‍යය නොව, බටහිර සාහිත්‍යය විෂයන් තුලට ඇතුලත් කිරීමටත්, අජ්ජාපන බලධාරීන් ක්‍රියා කළ යුතුය. එමෙන්ම කසි කබල් සාම්ප්‍රදායික සබ්ජෙක්ට්ස් වෙනුවට, එමෙන්ම  STEAM ඇඩියුකේසොන් මොඩලය වහාම ඉස්තාපිත කළ යුතුමය.


එවිට රනිල්ගේ කුරුඳුවත්තේ ලෝකල් සුද්දන්ගේ 2.50 ඉන්ගිරිස් නොව, සජිත් ප්‍රේමදාසගේ, "ටු චේන්ජ් දී ඩ්‍රොකෝනියන් ඔටෝකැක්ටික් ඔතෝරිටේරියන් පවර් කන්සොන්ට්‍රේසොන්... මේජර් ට්‍රෙෂ් දැට් හෑව් බීන් කොන්කොක්ඩට්..." කියා ඉන්ගිරිසියෙන් සුද්දන්ට ටෝක්ස් එක දී ... සුද්දන්ටත් බඩ යන්නට දෙන්න පුලුවන් වෙනවාය කියා මේ පල් හෑල්ල මෙතනින් නවතා දමනවාය..


ටෑන්ක්ස් හොඳේ...

සී යූ ලේටර්.. ඇලිගේටර්...

හව් ඉස් මයි ඉන්ග්‍රිස් ඈ.....

.